ලිබියා යුද්ධය: අධිරාජ්‍යවාදී ප්රතිමල්ලවතාවේ නව පුපුරායාම
The war on Libya: a new eruption of imperialist rivalry
1930 ගනන්වල දෙවන ලෝක යුද්ධයට පෙරාතු සමයෙන් මෙපිට අන්කවරදාකවත් ලිබියා යුද්ධයේ දී තරම් ප්රතිමල්ලව අධිරාජ්‍යවාදී බලයන්ගේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා විවෘතව ලුහුබඳිනු ලැබ නැත.
ඔවුහු සියල්ලෝ ම ලිබියානු සිවිල් වැසියන්ගේ ජීවිත පිලිබඳ "මානවවාදී තැකීම” හා ඊනියා "ආරක්ෂා කිරීමේ වගකීම” ප්‍රකාශ කරති. එහෙත් මානවවාදී දුහුල් සලුවට ඔවුන්ගේ නිරුවත් මකුලු දත් සැඟවිය නො හැක.
දැන් හෙලිදරවු වී ඇති පරිදි එක්සත් ජාතීන්ගේ 1973වන යෝජනාව සම්මත වීමට බොහෝ පෙර ලිබියාව තුල සීඅයිඒ කි‍්‍රයාකාරීන් කි‍්‍රයාවේ යෙදවූ එක්සත් ජනපදය, ප්‍රහාරය දියත් කිරීමේ ආරම්භක්තවය ගත්තේ ප්රන්සයට හා බි්රතාන්යයට ඉඩ නොදෙමිනි එම රටවල් තමන්ගේ පැත්තෙන්, 1956 සූවස් ඇල අරබයා තමන් මුහුන දුන් මූලෝපායික පසුබෑම ආපසු හැරවීම සඳහා ඇමරිකාවේ ආර්ථික දුර්වලත්වය අවස්ථාව සපයන බවට ගනන් බැලුවාට සැක නැත.
එක්සත් ජනපදය තවත් ප්රතිමල්ලවයෙක් ගැන සිතේ තබාගෙන සිටී. අප්‍රිකාව හා චීනය අතර ආර්ථික සබඳතා කොතරම් වේගයෙන් වර්ධනය වුවත් (මෙම දෙපාර්ශවය අතර වෙලඳාම 2010 දී සියයට 40කටත් වැඩියෙන් ඉහල ගියේ ය), එමෙන් ම චීන මුදල් හා අයෝජන කවර දේශපාලන බලපෑමක් ඇති කලත්, මිලිටරි මැදිහත් වීම හා "තන්ත්රය වෙනස් කිරීම" හරහා සිය අවශ්‍යතා තහවුරු කිරීමට ඇමරිකානු මිලිටරිවාදය සමත් ය යන්න බීජිං වෙත ප්‍රදර්ශනය කිරීමේ අටියෙන් එය පසුවේ.
යුරෝපීය බලයන් අතර ද බෙදීම් පවතී. ආරම්භක එක්සත් ජනපද ප්‍රහාරවලින් පසු කි‍්‍රයාන්විතයේ පාලනය ගතයුත්තේ කවුරුන් ද යන්න අරබයා පැවති ගැටුම පාර්ශවික වසයෙන් පේ‍්‍රරනය කරන ලද්දේ නැටෝව එය භාරගත්තේ නැත්නම් බි්රතාන්යය හා ප්රන්සය, ලිබියාවේ "නව" වටිනා තෙල් සම්පත්වලට ප්‍රවේශ වීමෙන් තමන් වලක්වතැයි ඉතාලියට තිබුනු සාංකාව විසිනි.
20වන ශතවර්ෂය ආරම්භය වනවිට ප්රන්සය ද සමග එක්ව අපි‍්‍රකා මහාද්වීපය කැබලිවලට බෙදාගෙන තිබුනු බි්රතාන්යය ලිබියාවෙන් බොහෝ ඔබ්බට ඇස යොමයි. විදේශ ලේකම් විලියම් හේග් නොබෝදා ලන්ඩනයේ පැවති සමුලුවක දී "ලෝකය තුල අපගේ තත්ත්වය හා බලපෑම ගොඩනැගීමට හා අපගේ ආර්ථිකයට සහයෝගය දීමට බි්රතාන්යයට පරමාදර්ශී විදේශ පිලිවෙතක් තිබෙනවා" යයි කීවේ "අපි‍්‍රකානු ජාතීන්" බි්රතාන්යයේ අවශ්‍යතාවල මූලෝපායික වපසරියක් යයි කියමිනි. 21වන සියවසේ පූර්ව භාගයේ වඩාත් ම වැදගත් වර්ධනයන් ලෙස "2008 මූල්‍ය අර්බුදයට හා සැප්තැම්බර් 11ට තිබුනු තැන උතුරු අපි‍්‍රකාවේ හා මැද පෙරදිග මෑත සිදුවීම් මගින් දැනට ම ඉක්මවා යමින්" තිබේ යයි හේග් කල සැඳහුම් මගින් එම රාජ්‍යවල අර්ථභාරය පෙන්නුම් කරන ලදී.
අධිරාජ්‍යවාදී මැරකමේ කුදුමහත් පිපිරී යාම හා විවෘත ගැටුම් හා ප්රතිමල්ලවතා ඉස්මතු වීම හුදෙක් ක්ෂනික ගනන් බැලීම්වල ප්‍රතිඵලය නො වේ. අවසාන විග්රහයේ දී එය වනාහි දෙවන ලෝක යුද්ධාවසානයේ පටන් මහා බලයන් අතර ස්ථාපිත කරන ලද දේශපාලන සබඳතා බිඳ දමමින් තිබෙන ලෝක ආර්ථිකයේ භූ තැටිවල යෝධ චලනයන්ගේ දේශපාලන ප්රකාශනය යි.
ඇති වී තිබෙන ආර්ථික පරිවර්තනයන්ගේ වපසරිය ලෝක නිෂ්පාදනයේ මෑත සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරනු ලැබීය. ඒවා පෙන්නුම් කල පරිදි චීනය 2010 දී ලෝකයේ ප්‍රධාන නිෂ්පාදනය දරන රට ලෙස එක්සත් ජනපදය ඉක්මවා ගියේ ගෝලීය නිෂ්පාදනයෙන් එක්සත් ජනපදයේ සියයට 19.4ට සාපේක්ෂව සියයට 19.8ක් වාර්තා කරමිනි. ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පසුව ආර්ථික වර්ධනයේ ගතික දශක තුනකට පසු එක්සත් ජනපදය 1895 දී ඉහල ම නිෂ්පාදකයාගේ තැන ගත් අතර ඊට පසුව එලැඹි වසර 100හි ආර්ථික කුනාටු හරහා එම තත්ත්වය පවත්වා ගත්තේ යුද්ධය අවසන් වනවිට ලෝකයේ සමස්ත නිෂ්පාදනයෙන් සියයට 50ට ආසන්න ප්‍රමානයට පවා නැගෙමිනි.
විශේෂයෙන් ම පසුගිය දශකය පුරා චීනයේ ක්ෂනික නැගීම එක්සත් ජනපදය පැත්තෙන් දැනට මත් වැඩෙන සතුරුභාවයක් අවුලුවා ඇත.
එසේ වුවද එක ම අර්ථභාරී වෙනස එක්සත් ජනපද-චීන සම්බන්ධතාව නො වේ. 2000 වසරේ දී බටහිර යුරෝපය, එක්සත් ජනපදය හා ජපානය යන කාර්මික ලෝකයේ ප්‍රධාන රටවල් නිෂ්පාදනයෙන් සියයට 72කට වගකීවේ ය. මෙය 1990 පැවති සියයට 80 මට්ටමෙන් පල්ලම් බැසීමක් වුවත් තවමත් ගුනාත්මක වෙනසක් නො වී ය. එය වර්ධනය වීමට තිබුනේ ඊ ලඟ දශකය තුලයි.
2010 දී මෙම රටවල් ලෝක නිෂ්පාදනයෙන් අඩකට යන්තම් වැඩි ප්‍රමානයකට වගකීවේ ය. නිෂ්පාදයේ මාරුව ඊනියා බි‍්‍රක් රටවල් එනම් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය දෙසට විය. 2000 දී එම රටවල් ගෝලීය නිෂ්පාදනයෙන් සියයට 11කට වග කීවේ ය. පසුගිය වසරේ එය දෙගුනයකටත් වැඩියෙන් සියයට 27ක් දක්වා නැගුනි.
මෙම සංඛ්‍යා ලිබියාවට එරෙහි මිලිටරි මැදිහත් වීම බලාත්මක කල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ 1973වන යෝජනාව අරබයා වූ බෙදීම්වල මූලාශ්‍රයට අවධානය කැඳවයි. යෝජනාව 10ට බිංදුවක් ලෙස සම්මත වූයේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය යන බි‍්‍රක් රටවල් හා ජර්මනිය ඡන්දය දීමෙන් වැලකී සිටිද්දී ය.
යුරෝපය තුල පශ්චාත් යුද දේශපාලනය පදනම් වූයේ ප්රන්සය හා ජර්මනිය අතර සහයෝගය මත ය. දැන් ලෝක යුද්ධ දෙකක ප්රතිමල්ලවයන් නො එකඟව ඇත්තේ නැගීඑන බි‍්‍රක් බලයන් පැරනි ධනේශ්වර බලයන්ගෙන් අපසරනය වෙද්දී ය. ඇත්ත වසයෙන් ම මෙම බෙදීම අනාගත කටයුතුවල දී එකඟතා නො වලක්වන නමුත් එය පෙන්නුම් කරන්නේ 20වන ශතවර්ෂයේ ඉතිහාසය ප්‍රදර්ශනය කරන පරිදි නො වැලැක්විය හැකි ලෙස අන්තර්-අධිරාජ්‍යවාදී යුද්ධයන්ට ඇද දැමෙන වැඩෙන භූ-දේශපාලනික ආතතීන් ය.
ගෝලීය ආර්ථිකයේ ප්රගාඪ වෙනස්කම් හා එමගින් නිෂ්පන්නිත භූ-දේශපාලනික ආතතීහු යලිත් වරක් ලෙනින් අධිරාජ්‍යවාදය, ධනපතික්රමයේ ඉහල ම අවධිය යන සිය කෘතිය තුල කල විශ්ලේෂනයේ පෙරදැක්ම ඉස්මතු කොට දක්වයි.
1916 දී පලමු ලෝක යුද්ධයේ ගැඹුරු අවධියේ ප්‍රකාශයට පත්කල අධිරාජ්‍යවාදය, අධිරාජ්‍යවාදී යුද්ධය මගින් ශිෂ්ටාචාරයට එල්ල කල තර්ජනය අවසන් කිරීමේ එක ම විධිය ලෙස සමාජවාදය ඓතිහාසික අවශ්‍යතාවක් බවට පත්ව ඇතැයි විස්තර කලේ ය. ලෙනින් ලියමින් සිටියේ ජර්මානු සමාජ ප්රජාතන්ත්රවාදී නායක කාල් කවුට්ස්කිගේ න්‍යායන්ට ඍජුව විරුද්ධව ය. යුද්ධයේ දී "තමන්ගේ ම" ආන්ඩුවට සහයෝගය දීමට ජර්මානු සමාජ ප්රජාතන්ත්රවාදයට න්‍යායික තර්කනය සපයා දුන් කවුට්ස්කි යුද්ධය ධනවාදයෙන් ඓන්ද්‍රීයව ම පැනනගින්නේ නැතැයි කියා සිටියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස අධිරාජ්‍යවාදී බලයෝ එය වැලැක්වීම සඳහා සිය කටයුතු පාලනය කරගැනීමට සමත් වනු ඇත.
එහෙත් එවැනි "ආන්තික-අධිරාජ්‍යවාදයක" තත්ත්වයක් කිසිදා ස්ථීර නො වනු ඇතැයි ලෙනින් විස්තර කලේ ධනවාදයේ අසමාන ඓතිහාසික වර්ධනය නිසා එක් අවස්ථාවක දී අධිරාජ්‍යවාදී බලයන් අතර ඇති කරගන්නා ඕනෑම එකඟතාවක් ඊලඟ අවස්ථාවේ අනිවාර්යයෙන් ම බිඳ වැටීමට නියමිත නිසා ය. පූර්ව ආර්ථික සමතුලිතතාවේ මෙම බිඳවැටීම යටත් විජිත, බලපෑම් කලාප, සම්පත් හා වෙලඳපොලවල් ද නව ලෝක යුද්ධයක් ද සඳහා වන නව දේශපාලන හා මිලිටරි අරගලයට ධාවනය සකස් කරනු ඇත.
ලෝක ධනවාදයේ ඉතිහාසයේ වඩාත් ම ප්රගාඪ ගෝලීය ආර්ථික වෙනස්කම් මධ්‍යයේ අපි පලමු ලෝක යුද්ධය පුපුරායාමේ 100වන සංවත්සරයට එලැඹෙද්දී ලෙනින්ගේ විශ්ලේෂනය අන් කවරදාටත් වඩා අදාල ය. ලිබියාවට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රහාරය හා එයට අභිපේ‍්‍රරනය සපයා ඇති අධිරාජ්‍යවාදී උවමනාවන් අධිරාජ්‍යවාදී යුද්ධය යලි ඓතිහාසික න්‍යාය පත්‍රයට ගෙනැවිත් ඇතැයි යන්න පෙන්නුම් කරයි. මෙම බිහිසුනු තර්ජනයට මුහුන දීමට කම්කරු පන්තියට හැකිවන්නේ එය 20වන ශතවර්ෂයේ යෝධ අත්දැකීම්වල දේශපාලන හා මූලෝපායික පාඩම්වලින් දේශපාලනිකව යලි-සන්නද්ධ වන සහ එය ලෝක සමාජවාදී විප්ලවයේ කි‍්‍රයාමාර්ගය සඳහා අරගලය සියතට ගන්නා ප්‍රමානයට ය.
නික් බීම්ස්
Follow us on