ක්ලින්ටන්ගේ ඉන්දියානු සංචාරය: එක්සත් ජනපදයේ ගෝලීය මූලෝපායට නව දිල්ලිය ඒකාග්ර කර ගැනීමේ ආක්රමනශීලී ප්රයත්නයක්
By Deepal Jayasekera, 2 August 2011
වොෂිංටනය සිය ගෝලීය මූලෝපායික පරිශ්රමයට, විශේෂයෙන් ම ආසියානු කලාපය තුල එම පරිශ්රමයට, නව දිල්ලිය ඒකාග්ර කර ගැනීමට කි‍්‍රයා කරන ආක්රමනශීලී ආකාරය එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මෑත ඉන්දියානු සංචාරය මගින් පෙන්නුම් කෙරුනි. ඇගේ සංචාරය, චීනය ද ඇතුලු, රටවල් ගනනාවක් අලලා ගත් වඩා පුලුල් ආසියානු සංචාරයක කොටසක් විය. සිය ප්‍රධාන මූලෝපායික ප්‍රතිවාදියා වන චීනයේ වැඩෙන දේශපාලනික, මිලිටරි හා ආර්ථික ආනුභාවයට එරෙහි ප්රතිභාරයක් ලෙස ඉන්දියාව වර්ධනය කරගැනීම එක්සත් ජනපදයේ එල්ලයයි. ක්ලින්ටන්ගේ සංචාරය සිදු වූයේ, දකුනු චීන මුහුද අරබයා ඔවුන්ගේ මතභේද තුල වර්තමානයේ දක්නට ලැබෙන, ගැඹුරු වන එක්සත් ජනපද-චීන ආතතීන්ගේ සන්දර්භය තුලය.
ජුලි 18 දා නව දිල්ලියට ලඟා වූ ක්ලින්ටන් පසු දින ඉන්දියානු විදේශ ඇමති එස්.එම්. කි‍්‍රෂ්නා සමග එක්සත් ජනපද-ඉන්දියානු මූලෝපායික සාකච්ඡාවේ මුලසුන දැරූ අතර පසුව අගමැති මන්මෝහන් සිං, පාලක කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි සහ තවත් නායකයන් හා ඉහල නිලධාරින් හමු වූවාය. ඇය හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) ප්‍රධානියක වන, ලෝක් සභාවේ විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් ද හමු විය.
ක්ලින්ටන් දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි වෙත ගොස් මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ද හමු වීම අර්ථභාරීය. මෙය වනාහි ඉහල පෙලේ එක්සත් ජනපද නිලධාරියකු එහි සංචාරයක යෙදුනු ප්‍රථම වතාවයි. ඉන්දියානු අගනුවර පැවති ඇගේ විවිධ හමුවීම්වල වැදගත් කම කුමක් වුවත්, ආසියාව තුල සිය භූ-දේශපාලනික අවශ්‍යතා අනුව යාමේ දී වොෂිංටනය ඉන්දියාවෙන් බලාපොරොත්තු වන්නේ මොනවා ද යන්න පැහැදිලි කිරීමට, ක්ලින්ටන්, චෙන්නායිහි පැවැත්වූ සිය ප්‍රසිද්ධ දේශනයක් යොදා ගත්තාය.
එක්සත් ජනපදයේ භූ-දේශපාලනික ගනන්බැලීම්වලට සම්බන්ධිතව ආසියාවේ වැදගත්කම අවධාරනය කරමින් ඇය මෙසේ පැවසුවාය: "විසි එක් වන සියවසේ ඉතිහාසයෙන් බොහොමයක් ලියනු ලබන්නේ ආසියාවේ දී බවට අපි අවබෝධ කරගෙන සිටින්නෙමු.” ඔබාමා පාලනාධිකාරය බලයට පත් වීමෙන් පසුව, වොෂිංටනය, වැඩි සංචාරයන් ද සහිතව, ආසියාව තුලට සිය අවධානය වඩාත් කේන්ද්‍රගත කර තිබෙන්නේ, බෙයිජිං තන්ත්රයට අභියෝග කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙනය. චීනය ජපානය අභිබවමින් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති අතර ආසියාව තුල ද ලෝකයේ සෙසු ප්‍රදේශවල ද මූලෝපායික හා ආර්ථික සබඳතා ගොඩනගා ගනිමින් ද සිටී.
ඉන්දියාවට හා එක්සත් ජනපදයට ඇතැයි කියනු ලබන පොදු අවශ්‍යතා නව දිල්ලියට මතක් කිරීමට ක්ලින්ටන් උත්සාහ කලාය: "භූගෝලීය තතු මගින් අපට ලැබී ඇති අතිමහත් ආශිර්වාදය නිසාම එක්සත් ජනපදය නිරතුරුවම පැසිෆික් බලයක් ලෙස පැවතී ඇත. ඉන්දියානු සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා සාගර කලාපය මධ්‍යයේ පිහිටමින්, ඉන්දියාව, එම සාගර මාවතේ ආරක්ෂකයකු ලෙස අප සමග සිටී.” එක්සත් ජනපදය පැසිෆික් කලාපය තුල සිය මැදිහත්වීම් උත්සන්න කර තිබේ. විශේෂයෙන් ම දකුනු චීන මුහුද අරබයා බෙයිජිං සමග වියට්නාමයට හා පිලිපීනයට පවතින මතභේද තුල මෑත දී වියට්නාමයට හා පිලිපීනයට පක්ෂව වොෂිංටනය කල මැදිහත්වීම් එයට නිදසුනකි. එය එක්සත් ජනපදය හා චීනය අතර ආතතීන් උත්සන්න වීමට තුඩු දී තිබේ.
ක්ලින්ටන් මෙසේ ද පැවසුවාය: "ආසියාවේ මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව හඬ නැගීමේ වගකීමක් ඉන්දියාවට පවතිනු ඇත.” නිදසුනක් ලෙස "බුරුම ආන්ඩුව ප්රජාතන්ත්ර කි‍්‍රයාදාමයන් අනුගමනය නොකරන” බවට පැමිනිලි කරමින් ඇය මෙසේ අවධාරනය කලාය: "ඉන්දියාව එහි සාධනීය වෙනස්කම් හැඩගැන්වීම පිනිස උදව් කල යුතුය.”
චීනයට එරෙහි ස්වකීය අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි බුරුම තන්ත්රයේ වෙනස්කම් සඳහා බල කිරීමේ ලීවරයක් ලෙස බුරුම ජුන්ටාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් එක්සත් ජනපදය විසින් යොදා ගැනෙයි. චීනය බුරුම ජුන්ටාවට ආර්ථික හා දේශපාලනික සහයෝගය දෙන අතර එයට හිලව් වසයෙන් තෙල් හා ගෑස් සම්පත්වලට ප්‍රවිෂ්ට වීමේ ද මිලිටරි කඳවුරු ලෙස භාවිතා කල හැකි ස්ථානවල ද රූපාකාරයෙන් වැදගත් ආර්ථික හා මූලෝපායික සහන ලබා ගෙන තිබේ.
වසර ගනනාවක් තිස්සේ ජුන්ටාවට එරෙහිව බුරුම විපක්ෂ නායිකා අවුං සාන් සු කීට පක්ෂව සිටි නව දිල්ලිය, තමන් ජුන්ටාව වෙතින් දුරස්ථ වීම තමන් අභිබවා බුරුමය තුල බෙයිජිං තන්ත්රයේ ආනුභාවය ශක්තිමත් කිරීමට තව දුරටත් තුඩු දී ඇති බව වටහා ගැනීමෙන් පසුව, ජුන්ටාව සමග හාද වීම දෙසට සිය පිලිවෙත මාරු කර තිබේ. "සාධනීය වෙනස්කම් හැඩගැන්වීම” ඉල්ලා සිටින කල, ක්ලින්ටන් තථ්‍ය වසයෙන් අදහස් කරන්නේ, ජුන්ටාවට අත දිගු කරනවා වෙනුවට එයට එරෙහි තම ව්‍යායාමයට ඉන්දියාව සහයෝගය දිය යුතු බවයි.
අග්නිදිග ආසියාව තුල සිය ආනුභාවය පතුරුවාලීමේ පිලිවෙතක් වන ඉන්දියාවේ "නැගෙනහිර දෙස බැලීමේ” පිිලිවෙතට සැඳහුම් කරමින් ක්ලින්ටන් මෙසේ පැවසුවාය: "හුදෙක් නැගෙනහිර දෙස බැලීමට පමනක් නොව නැගෙනහිර කි‍්‍රයාකාරී වන ලෙස ද අපි ඉන්දියාව දිරිගන්වමු.” සිය හවුල්කරුවකු ලෙස එම කලාපය තුල ඉන්දියාව වඩා කි‍්‍රයාකාරී මැදිහත්වීමක් කිරීම වොෂිංටනයට අවශ්‍යය. ඉන්දියාව ආකර්ෂනය කරගැනීමේ කොටසක් ලෙස වොෂිංටනය, නොවැම්බරයේ දී හවායි දේශයේ දී එක්සත් ජනපදයේ සත්කාරත්වයෙන් පවත්වනු ලබන වාර්ෂික ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සංවිධානයේ (ඇපෙක්) සමුලුවට නිරීක්ෂකයකු ලෙස සහභාගි වන ලෙස ඉන්දියාවට ආරාධනා කර ඇත.
ක්ලින්ටන් චෙන්නායි තෝරාගැනීම ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ තන්ත්රයට කල පැහැදිලි සංඥාවකි. දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩුවේ යුද්ධයේ අවසන් මාස කිිහිපය තුල සිදු වු යුද අපරාධ පිලිබඳ කාරනය, චීනය සමග සබඳතා වර්ධනය කරගනිමින් සිටින රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව, වොෂිංටනය නැවතනැවතත් මතු කර තිබේ. ජයලලිතා සමග පැවති ඇගේ හමුවේ දී සාකච්ඡා කල කාරනා අතර ශී‍්‍ර ලංකාව ද විය.
එම හමුවට පසුව නිකුත් කෙරුනු ඒකාබද්ධ නිවේදනය මෙසේ සටහන් කලේය: "ක්ලින්ටන් තමිල්නාඩු මහ ඇමතිනිගේ උත්සුකතා බෙදා හදා ගත් අතර අවුල්ජාලය දිගහැරීමේ ද ශී‍්‍ර ලංකාවේ දෙමල ජනයාට ස්වකීය නිවාස කරා ආපසු යාමේ හැකියාව ඇති කිරීමේ ද සමහර නව්‍ය හා නිර්මානාත්මක අදහස් පිලිබඳව බැරෑරුම් ලෙස සිතා බැලීමෙහි එක්සත් ජනපද ආන්ඩුව යෙදී සිටී.”
ඇගේ දේශනය තුල දී ඇය මෙසේ ද සඳහන් කලාය: "ඉන්දියාවේ විවිධාංගී හා ප්රජාතන්ත්ර පද්ධතිය ශී‍්‍ර ලංකාවට ආදර්ශයක් ලෙස පවතී.” මෙම අදහස් මගින් අවධාරනය කෙරෙන්නේ, දෙමල ප්රභූව සමග යම් ආකාරයක බලය බෙදා ගැනීමේ සැකැස්මක් සඳහා සිංහල ආධිපත්‍යය සහිත රාජපක්ෂ තන්ත්රය මත එක්සත් ජනපදය යොදන පීඩනයයි. එක්සත් ජනපදයට හෝ ඉන්දියාවට ශී‍්‍ර ලංකාවේ දෙමල ජනයාගේ ප්රජාතන්ත්ර අයිතීන් පිලිබඳව කිසිදු තැකීමක් නැත. ඔවුහු එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට සහයෝගය දී තිබේ.
ක්ලින්ටන් චෙන්නායිහි සංචාරය කල දිනයේ දී ම, වෝල් ස්ටී්රට් ජර්නල්, එක්සත් ජනපද චින්තන පර්ෂදයක් වන ඇමරිකන් එන්ටර්ප්රයිස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නේවාසික සාමාජික සදානන්ද් දුමේ විසින් ශී‍්‍ර ලංකාවට ඉන්දියාවේ බලගතු මැදිහත්වීමක් ඉල්ලා සිටිමින් ලියන ලද, තීරු ලිපියක් පල කලේය. "ඉන්දියාවේ ශී‍්‍ර ලංකා ගැටලුව" යන මැයෙන් යුක්ත එම ලිපිය, "ප්‍රධාන බලවතකු ලෙස බැරෑරුම්ව ගැනීමට නම්, ඉන්දියාව තමන්ගේ ම පිලිකන්න තුල තමන්ට ආනුභාවයක් ඇති බව පෙන්විය යුතු” යයි සඳහන් කලේය. "අත්තනෝමතික පාලනයක් දෙසට ශී‍්‍ර ලංකාව ශීඝ්‍රයෙන් රූටා යාම පාලනය කරගැනීමට, සුලුතර දෙමල ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හෝ නැගෙන චීන ආනුභාවය වලක්වාලීමට නව දිල්ලිය අපොහොසත්ව ඇතැ”යි පැමිනිලි කල එය මෙසේ ප්‍රශ්න කලේය: "සරලව ගත හොත්, තමන්ගේ ම පිලිකන්න තුල එයට ආනුභාවයක් නැති තතු තුල ලෝක කරලියේ වැඩි බලයක් පෙන්වීමට ඉන්දියාව බලාපොරොත්තු වන්නේ කෙසේ ද?”
ක්ලින්ටන්ගේ චෙන්නායි සංචාරයේ ඇඟවුම් පිලිබඳව කොලඹ ප්රභූව තුල පවත්නා චකිතයන් ප්‍රකාශයට පත් කරමින්, සන්ඩේ ටයිම්ස් පුවත්පත ජුලි 24 දා "එක්සත් ජනපදය තමිල්නාඩුව සමග සමීප මූලෝපායික සබඳතා ගොඩනගාගනී” යන මැයෙන් දේශපාලන තීරු ලිපියක් පල කලේය. එය "ක්ලින්ටන්ගේ චෙන්නායි සංචාරයේ අනතුරුදායක සංඥා දැකීමට” අපොහොසත් වී ඇතැයි ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයට බැන වැදුනේය.
සමස්ත කලාපය තුල ඉන්දියාවේ මැදිහත්වීම ඉහල දැමීමක් ක්ලින්ටන්ට අවශ්‍යය. බංග්ලාදේශය, නේපාලය හා මාලදිවයින තුල ඉන්දියාවේ කි‍්‍රයා කලාපය අවධාරනය කරමින්, ඇය මෙසේ පැවසුවාය: "බල ශක්ති ඌනතාවන්, ජල සම්පත් බෙදාගැනීම හෝ ත්රස්තවාදයට එරෙහිව සටන් වැදීම වේවා, කලාපීය ගැටලුවලට කලාපීය විසඳුම් අවශ්‍ය කෙරෙනු ඇත. ඉන්දියාවේ කි‍්‍රයාකලාපය වැදගත් වන්නේ එහි දී ය.” ඇය මෙසේ ද අවධාරනය කලාය: "මෙය වනාහි පිටතට හැරීම වෙනුවට ඇතුලතට හැරිය යුතු කාලයක් නොවේ.”
ක්ලින්ටන් චෙන්නායි තෝරාගැනීමේ දී එක්සත් ජනපදයේ ආර්ථික අවශ්‍යතා ද කි‍්‍රයාකලාපයක් ඉටු කර තිබේ. ඉන්දියාවේ "වඩාත්ම කාර්මීකරනයට ලක් වූ හා අධ්‍යාපනික වූ ප්‍රාන්තයක්” ලෙස ඇය තමිල්නාඩුව නම් කලාය. මහ ඇමතිනි ජයලලිතා සමග ඇය කාර්මික ආයෝජන ගැන සාකච්ඡා කලාය. තමිල්නාඩුව ඉන්දියාවේ සෘජු විදේශ ආයෝජන ගලනයේ තෙවන ස්ථානය දරයි. වානිජය හා කර්මාන්ත මන්ඩල සම්මේලයේ (ඇසෝචැම්) වාර්තාවකට අනුව, තමිල්නාඩුව 2009 මුදල් වර්ෂය තුල සෘජු විදේශ ආයෝජනවල වේගවත්ම වර්ධනය වාර්තා කලේය. එනම් සියයට 734කි. එක්සත් ජනපදයේ ෆෝබ්ස් සඟරාව පල කල ඊලඟ දශකයේ ලෝකයේ වේගයෙන් ම වැඩෙන නගර ලැයිස්තුවට චෙන්නායි ද ඇතුලත් විය.
ඇෆ්ඝනිස්ථානයෙන් සිය හමුදා ආංශිකව ඉවත් කර ගැනීම පිලිබඳ එක්සත් ජනපදයේ ප්‍රකාශිත සැලසුම් ගැන නව දිල්ලියට පවතින උත්සුකතා සංසිඳුවීමේ ප්රයත්නයක ද ඇය යෙදුනාය. එම සැලසුම් වනාහි, ඇෆ්ඝනිස්ථානයේ එක්සත් ජනපද කොල්ලකාරී අවශ්‍යතාවන්ට සේවය කරනු පිනිස වත්මන් එක්සත් ජනපද රූකඩ තන්ත්රය සමග එකට වැඩ කිරීමට තලිබාන් ව්‍යාපාරයේ සමහර කොටස් එරට දේශපාලන සංස්ථාපිතයට ඒකාග්ර කර ගැනීමේ වැඩකටයුතුවල කොටසකි. ක්ලින්ටන් මෙසේ පැහැදිලි කලාය: "හමුදා ඉවත් කරගැනීම ඉවත්වීමක් නොවේ. අපි ඇෆ්ෆනිස්ථානයේ ජනතාව සමග දිගටම වැඩ කරන්නෙමු.” එක්සත් ජනපද හමුදා ශක්තිය පහල දැමීම මෙන් ම ඇෆ්ඝනිස්ථාන තන්ත්රයට තලිබාන් ව්‍යාපාරයේ හිටපු කොටස් ඒකාග්ර කරගැනීම ද නව දිල්ලියේ අවශ්‍යතාවන්ට වල කපමින් සිය ප්‍රතිවාදියා වන පකිස්ථානයේ ආනුභාවය එරට තුල ඉහල දමනු ඇතැයි ඉන්දියාව සිතයි. එමෙන් ම එය ඉන්දියානු විරෝධී මුස්ලිම් මූලධර්මවාදී කන්ඩායම්, විශේෂයෙන් ම කාශ්මීරය තුල ඉන්දියානු මිලිටරියට එරෙහිව සටන් වදින කන්ඩායම්, ශක්තිමත් කරනු ඇති බවට ද ඉන්දියාවට උත්සුකතා පවතී.
නව දිල්ලියේ දී ඇය පැවැත්වූ සාකච්ඡුා තුල දී, ක්ලින්ටන්, එක්සත් ජනපද-ඉන්දියානු සිවිල් න්‍යෂ්ටික ගිවිසුම කි‍්‍රයාවට දමනු පිනිස එක්සත් ජනපද අවශ්‍යතා සමග ගැලපෙන පරිදි ඉන්දියාවේ න්‍යෂ්ටික වගකීම් පනත සංශෝධනය කරන ලෙස ද ඉන්දියානු නායකයන්ට බලපෑම් කර තිබේ. එම ගිවිසුම, න්‍යෂ්ටික ඉන්ධන, තාක්ෂනය හා ප්රතිකි්රයක ඇතුලු උපකරන සපයමින්, ඉන්දියාව තුල සිවිල් න්‍යෂ්ටික ව්‍යාපෘති, මූලිකව ම බල ශක්ති උත්පාදන ව්‍යාපෘති, සඳහා එක්වීමේ අවස්ථාව එක්සත් ජනපද සමාගම්වලට ලබා දෙනු ඇත. කෙසේවෙතත්, ජෙනරල් ඉලෙක්ටි්රක් හා වෙස්ටිංහවුස් වැනි එක්සත් ජනපද සමාගම්, පසුගිය වසරේ ඉන්දියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද න්‍යෂ්ටික වගකීම් පනතට එරෙහිව පැමිනිලි කරන්නේ, එය ඉන්දියානු න්‍යෂ්ටික බලාගාරවල යම් අනතුරක් සිදු වුව හොත් වන්දි ගෙවීම සම්බන්ධයෙන් විදේශ සමාගම් මත වැඩි වගකීමක් පවරන බව කියාපාමිනි.
"ඉන්දියාව සම්මත කරන වගකීම් පනත ප්රඥප්තිය යටතේ පවත්නා ජාත්‍යන්තර අවශ්‍යතා සමග නීත්‍යානුකුලව ගැලපෙන බව සහතික කරනු පිනිස ජාත්‍යන්තර පරමානු බල ඒජන්සිය (අයිඒඊඒ) සමග ඒකාබද්ධව වැඩ කිරීමක් අපි දිරිගන්වන්නෙමු.” යයි ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවක දී ක්ලින්ටන් පැවසුවාය.
"පූර්න සිවිල් න්‍යෂ්ටික සහයෝගිතාව” සඳහා වසර අවසානය වන විට න්‍යෂ්ටික හානිය පිලිබඳ පරිපූරක වන්දි ප්රඥප්තිය (සීඑස්සී) අනුමත කල යුතු යයි ද ක්ලින්ටන් ඉන්දියාවට බල කලාය. සීඑස්සී, න්‍යෂ්ටික බලාගාර පවත්වා ගෙන යන සමාගම් මත වැටෙන වගකීම සීමා කරමින්, න්‍යෂ්ටික අනතුරකට ගොදුරු වූවන් සඳහා වන්දි ගෙවීම පිනිස ජාත්‍යන්තර අරමුදලක් සම්පාදනය කරයි. ඉන්දියාව පසුගිය නොවැම්බරයේ දී, එනම් බරක් ඔබාමාගේ සංචාරයට දින කිහිපයකට පෙර, මෙම ප්රඥප්තියට අත්සන් තබා ඇතත් එය තවමත් පාර්ලිමේන්තුව මගින් අනුමත කල යුතුව ඇත. සිවිල් න්‍යෂ්ටික ගිවිසුම එක්සත් ජනපද-ඉන්දියානු මූලෝපායික හවුලේ ප්‍රධාන කොටසක් ලෙස දෙපාර්ශ්වය විසින්ම සලකනු ලැබේ. එහි පූර්න කි‍්‍රයාකාරිත්වය වොෂිංටනයේ අවශ්‍යතා සමග ගැලපෙයි.
බීජේපී නායිකා සුෂ්මා ස්වරාජ් සමග ක්ලින්ටන් පැවැත්වූ හමුවේ අර්ථභාරය පවතින්නේ ද න්‍යෂ්ටික වගකීම් පනත සංශෝධනය කරන ලෙස ද නව-ලිබරල්වාදී ආර්ථික ප්රතිසංස්කරන පිලිවෙත් කි‍්‍රයාවට දැමීම ඉක්මන් කරන ලෙස ද නව දිල්ලිය මත එක්සත් ජනපදය යොදන පීඩනයේ සන්දර්භය තුල ය. ඇය ක්ලින්ටන් සමග "ඉතා හොද හමුවක් පැවත්වූ” බව ස්වරාජ් පැවසුවත් එහි දී සාකච්ඡා වූයේ මොනවාද යන වග එලිදරව් කෙරී නැත. පාර්ලිමේන්තුවේ දී න්‍යෂ්ටික වගකීම් පනත සංශෝධනය කිරීමට බීජේපීය විරුද්ධ වීමට ඉඩ තිබේ. එමෙන්ම ලෝක් සභාවේ විපක්ෂ නායිකා ලෙස ස්වරාජ් එවන් විරුද්ධත්වයකට නායකත්වය දෙනු ඇත. ඇය සමග ක්ලින්ටන් පැවැත්වු හමුවේ එල්ලය වූයේ, කොංග්රස් නායකත්වයෙන් යුක්ත ආන්ඩුව න්‍යෂ්ටික වගකීම් පනත සංශෝධනය කිරීමට දරන කිසියම් උත්සාහයකට තමන් දක්වන විරුද්ධත්වයේ සැර බාල කරන ලෙස බීජේපීය පොලඹවා ගැනීමය.
පකිස්ථානය තුල පාදක ඉන්දියානු විරෝධී මුස්ලිම් මූලධර්මවාදී කන්ඩායම්වලට එරෙහි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ඉස්ලාමාබාද් ආන්ඩුවට දිගටම බලපෑම් දැමීමේ නව දිල්ලියේ වැඩපිලිවෙලට ද ක්ලින්ටන් සහන ප්රදානය කලාය. 2008 නොවැම්බර් 26 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු අය යුක්තිය හමුවට ගෙන ඒමට පකිස්ථානයට "විශේෂ වගකීමක්” ඇතැයි සිය ප්රවෘත්ති සාකච්ඡාවේ දී පැවසූ ඇය, එක්සත් ජනපදය "කිසිදු ස්ථානයක ත්රස්තවාදීන් සඳහා ආරක්ෂක පාරාදීසයන් පැවතීම” නොඉවසන බවද අවධාරනය කලාය. පකිස්ථානය තුල එම ඉන්දියානු විරෝධී ත්‍රස්ත කන්ඩායම්වල කඳවුරු පවතින බවට දිගටම පැමිනිලි කර ඇති ඉන්දියාව, ඒවාට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ඉස්ලාමාබාද් ආන්ඩුවට බල කර සිටී. කෙසේවෙතත්, නව දිල්ලිය පැමිනිලි කරන පරිදි, එම ත්‍රස්ත කන්ඩායම් හා පකිස්ථානයේ රාජ්‍ය ඒජන්සි අතර පවතින කිසිදු සබඳතාවක් පිලිබඳව ක්ලින්ටන් සඳහන් කලේ නැත.
ක්ලින්ටන් සංචාරය පිලිබඳව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ ජුලි 19 දා පල වූ කතුවැකියක් "ඉන්දියාව හා එක්සත් ජනපදය අතර සබඳතාවන්ගේ පැහැදිලි හා ප්‍රකට යම් අවිනිශ්චිත සහගත සංඥාවක් පවතින” බව නිරීක්ෂනය කරමින් ම "එක්සත් ජනපදයට වඩා වැඩි බරකින් හා ධාරිතාවකින් යුක්තව, සෑම ක්ෂේත්රයක් තුල ම (ඉන්දියාවට) සහාය දීමට සමත් වෙනත් රටක් නැති” බව අවධාරනය කරයි. ජුලි 21 දා ටයිම්ස් ඔෆ් ඉන්දියා කතුවැකියක් "එක්සත් ජනපදයට කල හැකි පරිදි ප්රාග්ධනයට හා තාක්ෂනයට ප්‍රවිෂ්ට වීමේ හැකියාව ඉන්දියාවට ලබා දීම වෙනත් කිසිවෙකුට කල නොහැකි” බව ද "මෙම වැදගත් සබඳතාව ක්රමනාකූල වේගයකින් සෑම වසරක් පාසාම වැඩි දියුනු වන” බව ද සටහන් කරගනී.
ක්ලින්ටන්ගේ සංචාරයෙන් පැහැදිලි වූ තවත් මූලික කරුනක් වූයේ එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා වැඩෙන අතරම ඔවුනතර යම් ආතති සහගත තත්වයක් ද පවතින බවයි. එය වනාහි වොෂිංටනයේ හා නව දිල්ලියේ මූලෝපායික අවශ්‍යතා අතර යම් පොදුවේ පෑහෙන කොටසක් මෙන් ම එකිනෙකා හා ගැටෙන කොටසක් ද තිබීමයි. කෙසේවෙතත්, ගෝලීය බලයක් බවට පත්වීමේ සිය අභිලාෂයන් සාක්ෂාත් කරගනු වස් බොහෝසෙයින් එක්සත් ජනපදය සමග තමන් වර්ධනය කරගන්නා මූලෝපායික සබඳතා මත වාරු විය යුතු ය යන්න සමස්තයක් ලෙස ඉන්දියානු පාලක ප්රභූවේ අදහසයි.
Follow us on