එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා දකුනු චීන මුහුද අලලාගත් අර්බුදය
US imperialism and the South China Sea crisis
නැගෙනහිර ආසියාව තුල චීනයේ වැඩෙන මූලෝපායික හා මිලිටරි බලපෑමට හරස් කැපීම සඳහා ඔබාමා පරිපාලනයට පවතින ආක්රමනකාරී තල්ලුව දකුනු චීන මුහුද පෘථිවිගෝලයේ වඩාත් ම භයානක ගිනිසිලු වලින් එකක් බවට පත්වීමේ අන්තරාය මතු කරයි.
අර්බුදයට ලක්ව ඇති මුහුදු කලාපය මුල්කරගෙන වොෂින්ටනය ප්රකෝපකාරී ප්‍රකාශ මාලාවක් ම කර ඇත. ඒවායින් නවතම එක වන්නේ ඉන්දුනීසියාවේ පැවති ගිනිකොනදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ (ආසියාන්) කලාපීය රැස්වීමක දී පසුගිය 20දා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කල කතාවකි. එක්සත් ජනපදය "පැසිෆික් ජාතියක් හා නිත්‍ය පදිංචිය සහිත බලයක්” බවත් එරටට "ආසියාවේ නාවික කටයුතු වලට විවෘතව ප්‍රවේශ වීමේ ජාතික අවශ්‍යතාවක්” ඇති බවත් ඇය ප්‍රකාශ කලා ය.
මෙය පසුගිය වසරේ වියට්නාමයේ පැවති ආසියාන් කලාපීය සමුලුවේ දී එක්සත් ජනපදයට දකුනු චීන මුහුදේ "ජාතික අවශ්‍යතාවක්” පවතින බව හා එය "ආසියාවේ ලැගුම් ගැනීම සඳහා පෙරලා පැමින ඇත” යනුවෙන් ඇය කල ප්‍රකාශ ප්රතිරාවය කරයි. ක්ලින්ටන්ගේ අදහස් "චීනයට එරෙහි සැබෑ ප්‍රහාරයක්” යයි චීන විදේශ ඇමති යෑං ජියේචි කීවේ ය.
ක්ලින්ටන්ගේ නවතම අදහස් දැක්වීම් එක්සත් ජනපද නිලධාරීන් කරන ලද දැවෙන ප්‍රකාශ ගනනාවකට පසුව සිදුවිය. එක්සත් ජනපද සෙනට් සභාව පසුගිය මාසයේ "දකුනු චීන මුහුදේ ජාත්‍යන්තර සාගර නාවික හිමිකම් හා ගුවන් අවකාශයේ නිදහසට උපකාරී වන එක්සත් ජනපද සන්නද්ධ හමුදා කි‍්‍රයාන්විතයන් දිගට ම කරගෙන යාමට” පිටුබලය දෙන යෝජනාවක් ඒකමතිකව සම්මත කලේ ය. බීජිනයේ පිලිවෙත් "එක්සත් ජනපදයේ තීරනාත්මක ජාතික අවශ්‍යතාවන් අන්තරායේ හෙලනු ඇතැ”යි අනතුරු අඟවමින් ජූලි 14 දා ජෝන් මැකේන් හා ජෝන් කෙරී යන සෙනට් සභිකයෝ චීනයේ ප්‍රධාන විදෙස් පිලිවෙත් නිලධාරී දායි බින්ගුවෝ වෙත ලියා දැන්වූහ.
චීන හා පිලිපීන නාවික යාත්‍රාවල ගැටුම් ද ඇතුලු දකුනු චීන මුහුද ආශ්‍රිතව මේ වසරේ ඇතිවූ සිද්ධි මාලාව "පෙරලා ආසියාට පැමිනීමට” ඔබාමා පරිපාලනය ගෙනයන ආක්රමනකාරී තල්ලුවේ ඍජු ප්‍රතිඵලය යි. මුලින් ප්‍රාදේශීය මතභේද ලෙස පැවති චීනය, වියට්නාමය හා පිලිපීනය අතර දීර්ඝකාලීන දේශසීමා ගැටුම්වල ගින්නට වොෂින්ටනය තෙල් වක්කරමින් සිටී. එය කලාපයේ ද එක්සත් ජනපදයේ ද වැඩකරන ජනයාගේ ජීවන තත්ත්වයන්ට වලකැපීම තුලින් නිසැකව ම පියවාගනු ඇති ආයුධ තරගයක් ගිනිකොන දිග ආසියාව තුල අවුලුවමින් සිටී.
දකුනු චීන මුහුද සතුව පොහොසත් තෙල් හා ගෑස් මූලාශ්‍ර ද ලෝකයේ වඩාත් භූ-මූලෝපායික ලෙස වැදගත් නාවික මාර්ග කිහිපයක් ද පවතී.
විදෙස් බලශක්ති මූලාශ්‍ර මත බීජිනයේ රඳා පැවැත්ම වේගයෙන් ඉහල නඟිමින් තිබේ. 2009 වසරට වඩා සියයට 17.5ක් වැඩියෙන් තෙල් ටොන් මිලියන 239ක් පසුගිය වසරේ ආනයනය කල එය දකුනු චීන මුහුද දේශීය නිෂ්පාදනයේ නව විභවීය මූලාශ්‍රයක් ලෙස සලකයි. චීනයේ ආන්ඩුවට අයත් ඩේලි ටයිම්ස් පුවත්පතේ මෑත පලවූ ලිපියක් දකුනු චීන මුහුද "දෙවන පර්සියානු බොක්ක” ලෙස විස්තර කලේ ය.
දකුනු චීන මුහුද චීනයේ බලශක්ති ආනයනයන්ගේ මූලික සැපයුම් මාර්ගයක් ද වේ. මැද පෙරදිග හා අපි‍්‍රකාවෙන් චීනයට ගෙන එන සමස්ත තෙල්වලින් සියයට 80ක් පමන ඉන්දියානු සාගරය ඔස්සේ එන්නේ මලක්කා සමුද්‍රසන්ධිය හරහා දකුනු චීන මුහුදට ඇතුල් වෙමිනි. මෙම නාවික මාර්ගය මූලික මූලෝපායික පේ්රරනීය ලක්ෂ්‍යයක් බවට පත් කරමින් ජපානය හා දකුනු කොරියාව ඇතුලු අනෙකුත් ආසියානු ආර්ථිකයන් ද දකුනු චීන මුහුද හරහා දෛනිකව කෙරෙන තෙල් ප්‍රවාහනය මත රැඳී සිටියි.
වොෂින්ටනය, 1945 පටන් ඉන්දියන් සාගරය හා මලක්කා සමුද්‍රසන්ධිය ද ඇතුලු ලෝකයේ වඩාත් ම තීරනාත්මක මුහුදු මාර්ග මත ආධිපත්‍යය දරා ඇත. මෙම තත්ත්වය තවදුරටත් බීජිනයට දැරිය නො හැක. චීනයට තර්ජනයක් වන පරිදි ඉන්දියානු සාගරය තුල බලශක්ති ප්‍රවාහනය අවහිර කිරීම පිලිබඳව එක්සත් ජනපද හා යුරෝපීය පාලක කොටස් තුල කෙරීගෙන යන සාකච්ඡා පිලිබඳව චීන පාලන තන්ත්රය ද බෙහෙවින් සවිඥානික ය.
චීන භූමි ප්‍රදේශයට සමීපව පිහිටා ඇති හා එරටට ආරක්ෂා කරගැනීමට පහසු දකුනු චීන මුහුදේ තෙල් සම්පත් මේ ආකාරයෙන් චීනයට වැඩි වටිනාකමක් අත්කර දෙයි. තම වෙලඳ මාර්ග හා ජාත්‍යන්තර ආයෝජන ආරක්ෂා කිරීමේ හැකියාව සහිත සාගර නාවික බලකායක් වර්ධනය කිරීමට එරට කි‍්‍රයා කරයි. චීන වෙරලේ සිට එරට මූලෝපායඥයන් චීනයේ "පලමු දූපත් දම්වැල” ලෙස හඳුන්වන ප්‍රදේශය දක්වා මුහුද ආරක්ෂා කිරීම එහි ප්‍රමුඛතාවන් අතරට ගැනේ. මෙම කලාපය උතුරින් කහ මුහුද හා නැගෙනහිර චීන මුහුද ද, නැගෙනහිරින් තායිවාන සමුද්‍රසන්ධිය හා දකුනෙන් දකුනු චීන මුහුද ද අලලා ගනී.
මෙය දෙවන ලෝක යුද්ධය අවසානයේ පටන් චීනයේ නැගෙනහිර වෙරල තීරය දක්වා සමස්ත පැසිෆික් සාගරය පාලනය කිරීමේ ක්‍රම අත්හදා බලා තිබෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග චීනය ගැටුමකට ඇද දමයි. බුෂ් ජනාධිපතිගේ අවසන් වසරවල විදෙස් පිලිවෙත් සංස්ථාපිතයේ වැදගත් කොටස් මැද පෙරදිගට උවමනාවට වඩා අවධානයක් දෙමින් චීනයට හා නැගෙනහිර ආසියාවට වැඩි අවධානයක් නො දීම පිලිබඳව පරිපාලනය තියුනු ලෙස විවේචනය කලේය. ඔබාමා පරිපාලනය මෙම පිලිවෙතේ නිශ්චිත මාරුවක් සලකුනු කරන පැසිෆික් කලාපය තුල 1945න් පශ්චාත් සමයේ පැවතුනු ක්‍රමය පවත්වාගෙන යාමේ අධිෂ්ටානය පිලිබිඹු කරමින් එක්සත් ජනපදය "පෙරලා ආසියාවට පැමින ඇතැ” යි යලි යලිත් ප්ර්රකාශ කරයි.
ඇමරිකානු ධනවාදයේ පිරිහීම හා ගෝලීය ආර්ථික අර්බුදය පිපිරී යාම කලාපය තුල ආර්ථික පදනම්වලට වලකපමින් ගෝලීය බලතුලනය මාරුකිරීමට තර්ජනය කරයි. එක්සත් ජනපදය මූල්‍ය කඩාවැටීමෙන් හටගත් ගෝලීය ආර්ථික බිඳවැටීමේ මධ්‍යස්ථානය වන අතර එම අර්බුදය ආර්ථික වර්ධනයේ පූර්ව කාලපරිච්ඡේදයට යටින් පැවති පරස්පරයන් හෙලි දරවු කර ඇත. ඩොලර් බිලියන සියගනනක භාන්ඩාගාර බැඳුම්කර මිලට ගැනීම හරහා ගලා එන චීන නය අධි සූරාකෑමට ලක්වන ආසියානු කම්කරුවන් නිපදවන මිලෙන් අඩු පාරිභෝගික භාන්ඩ මිලට ගැනීම පිනිස ඇමරිකානු පාරිභෝගිකයනට අවශ්‍ය මුදල් සම්පාදනය කිරීමට යොදා ගැනීම ද මීට අයත් විය.
මෙම කොන්දේසි තුල තම මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තම මිලිටරි සුපිරි බලය මත වොෂින්ටනය අන් කවරදාටත් වඩා විවෘතව රැඳී ගනී. දකුනු චීන මුහුදේ අර්බුදයට මැදිව සිටින සෑම ආන්ඩුවක් ම සමාජ හා ආර්ථික අර්බුදයෙන් පැනනංවන පන්ති ප්රතිරෝධයන් ප්රතිගාමී ජාතිකවාදී මාවත් ඔස්සේ අපසරනය කිරීමට උත්සුකවන තතු තුල මෙය වඩාත් සාහසික ය.
දකුනු චීන මුහුදේ පවතින තත්ත්වය අන්තරායකාරීය. ලෝකයේ වඩාත් ම කාර්ය බහුල නාවික ගමන් මාර්ගයක ගැඹුරුවන මිලිටරි එදිරිවාදිකම් පැනනැඟී ඇති අතර ප්රතිමල්ල රටවල නාවික හමුදාවන් අතර සම්බන්ධීකරනයක් සහිත සන්නිවේදනයක් නොමැත. කලාපයේ ඇතිවිය හැකි හදිසි අනතුරක්, වරදවා තේරුම්ගැනීමක් හෝ ප්රකෝපකරනයක් එක්සත් ජනපදය හා චීනය අතර පූර්න පරිමාන යුද්ධයක් දක්වා තීව්ර වියහැකි ගැටුමක් පැනනැංවීමේ ගනන්නැති ශක්‍යතා සහිත වෙඩි බෙහෙත් පෙට්ටියකි මෙය.
ජාත්‍යන්තර කම්කරු පන්තිය අර්බුදයට තමන්ගේම ස්වාධීන විසඳුමක් සහිතව මැදිහත් විය යුතුය චීනයේ හා ගිනිකොනදිග ආසියාවේ වැඩකරන ජනතාවට ගැටුම්කාරී භූමිභාගයන් පිලිබඳව තමන්ගේ ආන්ඩු ඉදිරිපත් කරන හිමිකම් පෑම සමඟ කිසිදු බැඳීමක් ඇත්තේ නැත. කර්තව්‍යය වන්නේ එක්සත් ජනපදය හා ලෝක අධිරාජ්‍යවාදයට- ලාභ සූරාකෑමේ පද්ධතියට හා ලෝකය විනාශකාරී ලෙස එදිරිවාදී ජාතික රාජ්‍යයන්ට බෙදීමට එරෙහිව ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තාර්කිකව සැලසුම් කල හා ප්රජාතන්ත්රීයව පාලනය කෙරෙන ලෝක ආර්ථිකයක් වෙනුවෙන් අරගලයට ඒකාබද්ධ කිරීමයි. මේ සඳහා චීනයේ මාවෝවාදී පාලක පැලැන්තියට වියට්නාමයේ ස්ටැලින්වාදී තන්ත්රයට හා ෆිලිපීනයේ ජාතික ධනේශ්වරයට එරෙහි අශමනීය අරගලයක් ඉල්ලා සිටියි.
පැට්රික් ඕ’කොනර්
Follow us on