ශී‍්‍ර ලංකාව: මහාචාර්ය සුචරිත ගම්ලත් වෘත්තීය සමිති නිලධරයේ සේවයට කැඳවයි
By W.A. Sunil, 22 December 2011
ලංකාවේ ප්රමුඛ වෘත්තීය සමිතියක් වන ලංකා බැංකු සේවක සංගමය (ලංබැසේස) විසින් වෘත්තීය සමිති සාමාජිකයන් සඳහා මාසිකව පවත්වනු ලබන ඊනියා "අධ්‍යාපනික හා පුහුනු” වැඩ සටහනේ කොටසක් ලෙස දෙසැම්බර් 3 වෙනි සෙනසුරාදා සංගමයේ මූලස්ථානයේ පැවති වැඩමුලුවේ ප්‍රධාන දේශකයා ලෙස කැඳවා තිබුනේ අවස්ථාවාදීන්ට හා ධනපති කන්ඩායම්වලට සුදුහුනු ගෑමේ කාර්යය භාරගෙන සිටින මහාචාර්ය සුචරිත ගම්ලත් ය. ජ්‍යෙෂ්ට හා කනිෂ්ට සමිති නිලධරයන් ඇතුලූ 30 දෙනෙකු සමන්විත වූ "වැඩ මුලුව” තුල දී ඔහු එම කාර්යභාරය මනාව ඉටු කලේ ය.
ලංබැසේස රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතුවක් වන වෘත්තීය සමිති මහ සම්මේලනයේ (වෘසමස) හවුල්කාරයෙකි. පසුගිය වසර කීපය තුල විශේෂයෙන් ම 2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත් වීමෙන් පසු වැටුප්, රැකියා හා සේවා කොන්දේසිවලට එල්ල වූ ප්‍රහාරවලට එරෙහිව රාජ්‍ය හා පුද්ගලික අංශයේ පැනනැගි අරගල දුර්මුඛ කර විසුරුවා ලීම සම්බන්ධයෙන් ඍජුව ම වගකිව යුතු එක් සමිති පෙරමුනකි වෘසමසය.
මෙම පාවාදීම් හේතු කොට ගෙන සිය සාමාජිකයන් අතර ද පොදුවේ කම්කරු පන්තිය අතර ද තමන් කෙරෙහි ගැඹුරු වන අතෘප්තියකට හා කලකිරීමකට වෘසමසය ට සම්බන්ධ සමිති නිලධරය මුහුන දී සිටිති. ලංබැසේස සභාපති අමරපාල ගමගේ වැඩමුලුවේ ආරම්භක කතාවේ දී සඳහන් කලේ ලංබැසේස ද ඇතුලුව වෘත්තීය සමිති "එදිනෙදා වේල පිරිමහ ගන්න තැනට” ඇදවැටී ඇති බවයි. මෙම සමිතිවල ප්‍රධාන ම සාපරාධී කි්රයාවක් වූයේ දෙමල ජනයා මැඩීමටත් කම්කරු පන්තිය බෙදා ඔවුන් මත ප්‍රහාර උග්රකිරීමටත් රාජපක්ෂ ආන්ඩුව එල්ටීටීඊයට එරෙහිව යලි ඇරඹූ යුද්ධයට කරබදු වී සිය සමිති සාමාජිකයන් ද ඊට යට කිරීමට කි‍්‍රයාත්මක වීමයි.
ගම්ලත් කැඳවගෙන තිබුනේ සාමාජිකයන් අතර අප්‍රසාදයට පත්ව පාරාජිකා වූ වෘත්තීය සමිති නායකයන්ට හා සමිතිවලට ආවරනයක් සපයා දීම සඳහා ය. ගම්ලත්ට නියමිත මාතෘකාව වූයේ "වර්තමානයේ වෘත්තීය සමිති ඉදිරියේ ඇති අභියෝගය” යන්නයි.
ගම්ලත්ගේ දේශනයට පුරෝකථනය සම්පාදනය කෙරුනේ මෑත පැවති ශ්‍රී ලංකා ටෙලිකොම් හා සෙලාන් බැංකු සේවකයන්ගේ අරගලයන්ගේ "අත්දැකීම්” පිලිබඳ කථා දෙකකිනි.
තොරතුරු හා සියලු සේවක සංගමයේ සභාපති ජී. බී. ගුරුසිංහ සහ ලංබැසේස සෙලාන් බැංකු ශාකාවේ සභාපති මහින්ද ජයවීර විසින් මෙම පුරෝකථන ඉදිරිපත් කරන ලදී. එකී අරගල "ජයග්රහනයන්” ගෙන් අවසන් කෙරුන මෑත අරගල දෙකක් යයි ඔවුහු බොරුවක් දෙසාබෑහ. එහෙත්, ඇත්ත නම් මෙම අරගල දෙකම අවසන් කෙරුනේ සේවක ඉල්ලීම් සඳහා අපේක්ෂිත විසඳුම් නොලබා අදාල ආයතන කලමනාකරනයන් සමග ඇති කර ගත් සේවකයන්ට අවාසිදායක ගිවිසුම් අත්සන් කිරීමෙනි.
නියමිතව තිබු ආකාරයට ගම්ලත් දේශනයෙන් කල යුතුව තිබුනේ මෙම අරගල දෙක පිලිබඳ සමාලෝචනයක් ලෙස ය. එහෙත් ගම්ලත් ඒ පිලිබඳව වචනයක්වත් කතා නොකර "පොදුවේ” වෘත්තීය සමිතිවල කාර්ය භාරය ගැන කතාවක් කලේ ය. එමගින් ගම්ලත් වෘත්තීය සමිති සිදු කල පාවාදීම නිහඬව අනුමත කිරීම යි.
මුල සිට අග දක්වා ම වෘත්තීය සමිති හා මාක්ස්වාදය ගැන පූච්චානම් කතාවක් කල ගම්ලත් "වෘත්තීය සමිති නායකයන් කම්කරුවන්ගේ අතපය බඳින සාමුහික ගිවිසුම් ධනපතියන් සමග ගහන බව හා ධනපති ක්‍රමය පිලිගෙන ධනපතියන් සමග කේවෙල් කිරීමේ උපකරන ලෙස ක්‍රියා කරන බවත්” ඒ තත්වයෙන් ගොඩ ඒම සඳහා "කම්කරුවන් මාක්ස්වාදය උගත යුතු බවත්” කියා සිටියේ ය.
ගෝලීයකරනය හා වර්තමාන ලෝක ධනේශ්වර අර්බුදය තුල වෘත්තීය සමිතිවල හා සමිති නායකයන්ගේ සිදු වී තිබෙන ප්රතිගාමී පරිවර්තනය ගැන හෝ කම්කරු පන්තිය මුහුන දී සිටින තීරනාත්මක මුලෝපායාත්මක හා ඉදිරිදර්ශනාත්මක ප්‍රශ්න ගැන හෝ සඳහනක්වත් කිරීමට ගම්ලත්ට නොහැකි ය. ගම්ලත් මාක්ස්වාදයට සතුරු ය. ඔහු ඒ පිලිබඳ කනින් කොනින් දන්නා දෙය යොදා ගන්නේ අවස්ථාවාදීන්ට වෙස් මුහුනු සැපයීමේ සාස්ත්‍රයක් ලෙස ය. මාක්ස්වාදය, ලෝක ධනවාදය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ විද්‍යාත්මක න්‍යාය යි. එම සටන අද දින සිදුවන්නේ කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හරහා ය. එහි ලංකා ශාඛාව සමාජවාදී සමානතා පක්ෂය යි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කම්කරු පන්තියට හා අවසේස පීඩිත ජනයාට එල්ල කරන ප්‍රහාර ගැන වචනයක් වත් ඔහු කතා නො කලේ ය.
එසේ වුයේ ඔහු ඒ ගැන කිසිවක් නොදන්නා නිසා ම නොවේ; පාරාජිකා වී ඇති වෘත්තීය සමිතිවලට හා ඒවායේ නායකයන්ට දේශපාලන ආවරනයක් සැපයීම හා වෘත්තීය සමිති හා ඒවායේ නායකයන් පිරිපහදු කොට කම්කරු පන්තියේ අයිතීන් සඳහා පෙනී සිටින සංවිධාන බවට තිරිහන් කරගත හැකි යයි කම්කරු පන්තිය තුල මුලාවක් ඇති කිරීම ඔහුගේ දේශනයේ මුඛ්‍ය අරමුන වූ හෙයිනි.
ගම්ලත් මේ කාර්යයෙහි ලා ලෙනින් හා ලෙනින්ගේ "කල යුත්තේ කුමක් ද” මාහැඟි කෘතිය යොදා ගැනීමේ දුෂ්ප්රයත්නයක නිරත විය.
"ලෙනින්ගේ කලයුත්තේ කුමක් ද කෘතියේ ඔහු යෝජනා කලේ විප්ලවවාදී විඥානය කම්කරු පන්තිය තුලට පිටින් කා වැද්දිය යුතුයි කියල. එනම් ධනපති ක්‍රමය අහෝසි කල යුතුයි කියන විඥානය ධනපති නිෂ්පාදන චක්‍රයට පිටින් ගෙන යා යුතුයි කියන එක. පිට කියන්නේ විප්ලවවාදී පක්ෂය” යැයි ගම්ලත් එහි දී පැවසුවේ ය.
ලෙනින් මෙම කල යුත්තේ කුමක් ද කෘතිය සම්පාදනය කලේ ජර්මානු සංශෝධනවාදී එඩුවාර්ඞ් බර්න්ස්ටයින්ගේ රුසියානු අනුගාමිකයන් වූ ආර්ථිකවාදීන් ට එරෙහිව ය. එහි දී ලෙනින්ගේ අද්යාශය වූයේ කම්කරු පන්තියේ සාංසිද්ධික අරගල මගින් එහි ඓතිහාසික විප්ලවාදී කාර්ය භාරය වන සමාජවාදය සාක්ෂාත් කල නො හැකි බව අවධාරනය කරමින් බෝල්ශෙවික් පක්ෂයේ අවශ්‍ය තාවය තහවුරු කිරීම මිස පාරාජික වෘත්තීය සමිතිවලට හා සමිති නායකයන් ට ආවරනය සැපයීම නො වේ.
කම්කරු පන්තියේ සාංසිද්ධික ව්‍යාපාරය යනු වෘත්තීය සමිති වාදය බවත් වෘත්තීය සමිතිවාදය යනු කම්කරුවන් ධනපති පන්තියේ වහලුන් බවට පත්කිරීම බවත් ලෙනින් ඉතා සුපහැදිලිව එහිදී පෙන්වා දුන්නේ ය. කම්කරු පන්තියේ විඥානය වර්ධනය කිරීමේ දී පටු අර්ථිකවාදයට හා වෘත්තීය සමිතිවාදයට එරෙහිව කම්කරුවන් දේශපාලනිකව ධනේශ්වර ආර්ථිකයේ දේශපාලනයේ හා සමාජ සම්බන්ධතාවල සෑම පැතිකඩක් ගැන ම සිය අවබෝධය වර්ධනය කර ගැනීමේ අත්‍යාවශ්‍යතාවය ලෙනින් මෙසේ අවධාරනය කලේ ය.
"දුෂ්කර තත්වයට පත්වන පන්තිය කුමක් ද යන්න නොතකා, දුෂ්ඨත්වය, පීඩනය, හිංසනය හා අක්රමිකතාවය පිලිබඳ සෑම අවස්ථාවක දී ම, කි‍්‍රයාත්මක වීමට කම්කරුවන් පුහුනු කරන්නේ නම් මිස, එමෙන් ම, වෙනත් කිසිම දෘෂ්ටි කෝනයකින් නොව, සමාජප‍්‍රජාතන්ත‍්‍රවාදී දෘෂ්ටිකෝනයෙන් (ලෙනින් මින් අදහස් කලේ මාක්ස්වාදී දෘෂ්ටි කෝනයයි) කි‍්‍රයාත්මක වීමට ඔවුන් පුහුනු කරන්නේ නම් මිස, කම්කරු පන්ති විඥානය දේශපාලන විඥානයක් බවට පත් විය නොහැක. අන් සෑම සමාජ පන්තියක ම ජීවිතය කෙරෙහි දක්නට ලැබෙන, බුද්ධිමය, ආචාර-විචාරමය හා දේශපාලනමය වූ සියලු දේත්, සහිතව ද, නියත හා විශේෂයෙන් ම කාලීන දේශපාලන කරුනු තුලින් හා සිදුවීම් තුලින් ද, එම පන්ති ගැන නිරීක්ෂනය කිරීමට කම්කරුවන් උගතහොත් මිස, ජනගහනයේ සියලුම පන්තිවල, ස්ථරවල හා කන්ඩායම්වල, ජීවිතයේ සියලුම අංශ විෂයෙහි, ද්‍රව්‍යවාදී විඥානය හා ද්‍රව්‍යවාදී තක්සේරුව කි‍්‍රයාත්මක කිරීමට කම්කරුවන් උගතහොත් මිස, වැඩ කරන ජනතාවගේ විඥානය, නියම පන්ති විඥානයක් බවට පත් වන්නේ නැත.” (ලෙනින්: තෝරාගත් කෘති වෙලුම් දොලහ, වෙලුම 1, ප්‍රගති ප්‍රකාශක, 1979; පි.187.)
ලෙනින් සඳහන් කරන "විශේෂයෙන් ම කාලීන දේශපාලන කරුනු තුලින් හා සිදුවීම් තුලින්” එනම්, වර්තමානයෙහි ලෝක ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිකම්පනය මගින් ශ්‍රී ලංකාව තුල වර්ධනය වන ආර්ථික දේශපාලන අර්බුදය ගැන පෘතුල අවබෝධයක් හා එමගින් කම්කරු පන්තිය ඉදිරියේ ඉස්මතු කර ඇති බරපතල අන්තරායන් පිලිබඳ අවබෝධයකින් තොරව කම්කරු පන්තියට තමන්ගේ එකදු ආර්ථික හෝ ප්රජාතන්ත්රීය අයිතියක් දීනා ගැනීමට හෝ රැක ගැනීමට හැකියාවක් නැත.
ලෝක ආර්ථික අර්බුදයේ මුලුබර ම කම්කරු පන්තිය මතට කඩා පාත් කිරීම සඳහා ලෝකයේ සෑම පාලක පන්තියක් ම පෙර නොවූ විරු කප්පාදු පිලිවෙත් කම්කරු පන්තිය මත කඩා පාත් කරමින් සිටින අතර ඊට එරෙහිව පැන නගින අරගල මැඩීම සඳහා මිලිටරි-පොලිස් විධික්රමයන් යොදා ගනිමින් කම්කරු පන්තියට එරෙහිව රාජ්‍ය මර්දනය වඩ වඩා ඉස්මත්තට ගනිමින් සිටි රාජ පක්ෂ ආන්ඩුව යටතේ ලංකාව තුල සිදු කෙරෙන්නේ එය යි.
මෙම තතු තුල කම්කරු පන්තිය ඉදිරියේ ඇති තීරනාත්මක කර්තව්‍ය වන්නේ පාලක පන්තියේ පොලිස් රාජ්‍ය ආඥාදායකත්වයක මුලෝපායට එරෙහිව ධනපති පන්ති පාලනය කම්කරු ගොවි ආන්ඩුවකින් විස්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තර සමජවාදය සඳහා ඉදිරිදර්ශනය මත පාදක වූ කි‍්‍රයාමාර්ගයකින් සන්නද්ධ වීම ය.
එහෙත් හරියට ම ලෙනින්ගේ කාලයේ ආර්ථිකවාදීන් මෙන් ම ගම්ලත් බැකිම දෙන සමිති නායකයන් ද ඇතුලුව සමස්තයක් ලෙස සමිති නිලධරය කම්කරු පන්තිය තුල එවන් දේශපාලනික මැදිහත් වීමකට පරම වසයෙන් ම හතුරු ය. වෘත්තීය සමිතිවලට "දේශපාලනය එපා” යන ප්රතිගාමී සටන් පාඨය පෙරට දමාගෙන සිටින ලංබැසේස හා වෘසමස නායකයෝ අරගලය සඳහා "දේශපාලනයෙන් තොර එකමුතුවේ” නමින් කම්කරුවන් ධනේශ්වර දේශපාලනය ට යටත් කර තැබීමට කැප වී සිටිති.
ගම්ලත් ට පුරෝකථනය සැපයු මෑත ටෙලිකොම් කම්කරු අරගලයේදී ටෙලිකොම් කම්කරුවන් හා ඒ වන විට වැටුප් ඉල්ලීම් මත අරගලයට එලඹ සිටි ලංකා විදුලි බල මන්ඩලයේ කම්කරුවන් මුහුන දී සිටි තීරනාත්මක දේශපාලන ප්‍රශ්න කෙරහි කම්කරුවන්ගේ අවධානය යොමු කල සමාජවාදී සමානතා පක්ෂයේ පත්‍රිකාව අගෝස්තු 5 දින විහාර මහා දේවී උද්‍යානයේ පැවති ටෙලිකොම් සමිති පෙරමුන විසින් කැඳවා තිබු රැස්වීමේ දී කම්කරුවන් අතර බෙදා හැරීමට සමිති නිලධරය දැඩි ලෙස විරුද්ධ වූවා පමනක් නොව පත්‍රිකාව බෙදාහරිමින් සිටි සසප සාමාජිකයන්ට එරෙහිව ප්රකෝපකරනයක් නිර්මානය කිරීමට ද උත්සාහ කලේ ය.
කම්කරු පන්තිය ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව දේශපාලන ක්රියාමාර්ගයකින් සන්නද්ධ කිරීමට එරෙහි වෘත්තීය සමිති නිලධරයේ විරුද්ධත්වය හුදෙක් ඒ හෝ මේ නායකයා සම්බන්ධ කාරනාවක් නො වේ; එය ගෝලීයකරනය වූ ලෝක ධනවාදය තුල කම්කරු පන්තික සංවිධානයක් ලෙස පවතින වෘත්තීය සමිතිවල ම ඇති වී තිබෙන පරිහානියේ ප්‍රතිපලයකි.
වෘත්තීය සමිති තව දුරටත් කම්කරු පන්තියේ කවර හෝ අයිතියක් ආරක්ෂා කරන හෝ ඒ සඳහා සටන් කරන සංවිධාන නොවේ, ඒවා ඍජුවම ජාත්‍යන්තර ප්රාග්ධනයේ හා ධනේශ්වර රාජ්‍යයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන බවට පරිවර්තනය වී ඇත. කම්කරු පන්තිය සඳහා සහන දිනා දෙන සංවිධානයක සිට ධනපති රාජ්‍යය හා ධනපති හාම්පුතුන් සඳහා සහන කම්කරු පන්තියෙන් උදුරා දෙන සංවිධානයක් බවට පරිවර්තනය වී තිබේ. වෘත්තීය සමිති මෙම පරිහානියේ මූලය නම් ඒවා ධනපති ප්රාග්ධනයට ද ජාතික රාජ්‍යයට ද ගැට ගැසුනු සංවිධාන වීම ය.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හා පුද්ගලීකරනය කිරීම ඇතුලු වෙලඳපොල ගැති ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දැමීමේදී හා ලෝක ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තිය තුලින් පැන නැගුන සෑම විරුද්ධත්වයක් ම යටපත් කිරීමේ දී වෘත්තීය සමිති ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය හා ඉටුකරමින් පවතී. අන් සියල්ලටමත් වඩා මෙම කි‍්‍රයා කලාපය විශදව පෙන්නුම් කෙරුනේ කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමට ද මැඩලීමට ද යොදාගත්, එල්ටීටීඊයට එරෙහි යුද්ධයට අනුගතවීම හා සහාය දීමයි. ලෝක ආර්ථික අර්බුදයේ බර පාලක පන්තීන් විසින් කම්කරු පන්තිය මත පැටවීමේ දී වෘත්තීය සමිතිවල මෙම ප්රතිගාමී භූමිකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ අත්දැකීම පොදු එකකි.
එහෙයින් කම්කරු පන්තිය ඉදිරියේ දැන් ඇත්තේ වෘත්තීය සමිතිවල ග්රහනයෙන් මිදුන තම අයිතීන් සඳහා සටන් වදින ක්‍රියාකාරී කමිටු හා වැඩපොල කමිටු ඇතුලු නව සංවිධාන ගොඩ නගා ගැනීම ය. අන් සියල්ලටමත් වඩා තීරනාත්මක වන්නේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයකින් කම්කරු පන්තිය සන්නද්ධ වීම ය. ඒ සඳහා ශ්‍රී ලංකාව තුල සටන් කරන එකම පක්ෂය සසප පමනි. ජාත්‍යන්තරව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂයෝ ය.
සසපයේ මෙම ඓතිහාසික විප්ලවවාදී අරගලය වසන් කරමින් ගම්ලත් සිය දේශනයේ දී ලංකාවේ කිසිදු විප්ලවවාදී පක්ෂයක් නැතැයි දැන දැනම මුසාවක් ඇද බෑවේ ය. ගම්ලත් සසප පෙරගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හිටපු සාමාජිකයෙකි. ඔහු පක්ෂයේ විරුද්ධත්වය නොතකා මහාචාර්ය සරච්චන්ද්‍ර අභිනන්දනය කිරීමේ උත්සවයක දී ප්රතිගාමී එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ ඇමතියකු වූ වි.ජ.මු. ලොකුබංඩාර සමග එක වේදිකාවකට නැගීම නිසා 1989 ජූනි මාසයේ පක්ෂයෙන් නෙරපනු ලැබූ භ්රෂ්ටයෙකි. කම්කරු පන්තියට වින කැටීම සඳහා වෘත්තීය සමිතිවලට මෙන්ම ධනේශ්වර රාජ්‍යයට එවන් ප්රතිගාමීන්ගේ සේවය මේ මොහොතෙහි අත්‍යවශ්‍ය ය.
Follow us on