ශ්‍රී ලංකා කොටස් වෙලඳපොල අර්බුද ග්රස්තව පල්ලම් බසියි
By Saman Gunadasa, 23 December 2011
පසුගිය වසරේ හා මෙම වසර මුලදී කොලඹ කොටස් වෙලඳපොල (සීඑස්ඊ) ආසියාවේ විශිෂ්ටතම ප්‍රතිඵල පෙන්වමින් තිබෙන්නේ යයි හුරේ දමනු ලැබීය. එය, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ”ශක්තිමත්භාවය” පිලිබඳව ද ලෝක ආර්ථික අර්බුදයෙන් විනිර්මුක්තවීම පිලිබඳව ද දර්ශකයක් වසයෙන් ආන්ඩුව හා මහබැංකුව පුරසාරම් දෙඩුවෝය. ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදයක තතු යටතේ, ලංකාවේ ආර්ථිකයේ අස්ථාවරත්වය විදහා දක්වමින් දැන් එය තියුනු ලෙස පල්ලම් බැස ඇත. ලංකාවේ කොටස් වෙලඳපොල දැන් ආසියාවේ 11වන ස්ථානයට පහත වැටී තිබේ.
26 වසරක දීර්ඝ යුද්ධය නිමා කරමින් 2009 මැයි මාසයේදී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කිරීමෙන් අනතුරුව ඇතැම් ආර්ථික කි‍්‍රයාකාරකම් වැඩි වී ගිය අතර සමපේක්ෂන ප්රාග්ධනය, විශේෂයෙන්ම රට තුලින්, සීඑස්ඊ වෙතට ගලා ආවේ ය. සමස්ත කොටස් මිල දර්ශකය (ඒඑස්පීඅයි) 2008 වසරේ 1500ක මට්මටමේ සිට 2011 පෙබරවාරි වනවිට 7812ක කූටයට ලං විය. කෙසේ වෙතත්, අනවරත පහල යාමකින් එය දෙසැම්බර් 19 වන දින වන විට 5861ක මට්ටමට වැටින. මෙම වසරේ කොටස් මිල පහත වැටීමේ දල අගය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 11.7ක ප්‍රතිශතයක් ගත්තේ ය.
කොටස් වෙලඳපොල බුබුල පුපුරා යාමේ හැකියාව පිලිබඳ මාධ්‍යවල දැන් නිරතුරුව වාර්තා හා ලිපි පල වෙමින් තිබේ. සීඑස්ඊයේ තියුනු කඩා වැටීමක් පිලිබඳ සාකච්ඡා කරමින් දි අයිලන්ඩ් පත්‍රයේ ආර්ථික විශ්ලේශක ආර්.එම්.බී සේනානායක මෙසේ ලීවේය: ”ඓතිහාසිකව ගත් කල වෙලඳපොලක පුපුරායාමක් සැමවිටම බුබුලකින් පැන නැගෙන අතර වලාකුලු රලු නම් නොඑසේ ව බුබුලූ විශාල නම්, වර්ෂාව දැඩි ය.”
බංග්ලාදේශයේ සිදු වූ අයුරු කොටස් වෙලඳපොල පිපිරීමක් ශ්‍රී ලංකාවට ද විඳින්නට සිදුවනු ඇතැයි අනාවැකි පල කරන විශ්ලේශකයන් ගැන සන්ඩේ ටයිම්ස් පුවත්පත අවධානය යොමු කර තිබින. ජනවාරි මාසයේදී බංග්ලාදේශ කොටස් වෙලඳපොල කඩා වැටීම සිදුවූයේ බොහෝ ආයෝජකයන්ට, විශේෂයෙන්ම කුඩා කොටස් හිමියන්ට ව්‍යසනයන් ගෙන එමිනි. ආයෝජනකරුවන් බැංකුවලින් සාපේක්ෂව අඩු පොලී මත නය ගෙන කොටස්වල ආයෝජනය කර තිබිනි. ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම ද නය වෙලඳපොල සිඳී යෑම ද නිසා බංග්ලාදේශ බිඳ වැටීම පුපුරා ගියේ ය.
සීඑස්ඊ හි අර්බුදය එය රඳා පවතින බිඳෙන සුලු පදනම් අනාවරනය කරයි. වසර 2009 සිට සීඑස්ඊහි විදෙස් ආයෝජන පෙන්නුම් කලේ මුදල් ගලා එනවාට වඩා ඉන් මුදල් පිටතට ඇද ගැනීමත් සමග එය පහත වැටීමේ ප්රවනතාවකි. දැන්, නය පැහැරහැරීමේ තර්ජනයත් සමග එක දිගට ඇදෙන යුරෝපයේ රාජ්‍ය නය අර්බුදය හා මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු රටවල දිග් ගැස්සුනු දේශපාලන පිපිරීම්වල තතු යටතේ ලංකාවේ කොටස් වෙලඳපොල අර්බුදය ද වඩාත් ගැඹුරු වෙමින් පවතී.
විදේශ ආයෝජකයින් 2011 වර්ෂය තුල මේ දක්වා ශුද්ධ වසයෙන් රුපියල් බිලියන 18ක් වටිනා කොටස් විකුනා දමා තිබෙන අතර, 2010 වර්ෂයේදී විකුනා දමා ඇති කොටස්වල වටිනාකම රුපියල් බිලියන 26කි. එලඹෙන තත්වය සමග තව තවත් විදේශ ආයෝජන කොටස් වෙලඳපොලෙන් පලා යනු ඇතැයි අනාවැකි පල වී තිබේ. ”විශාල ප්‍රාග්ධන කොටස් මත කෙරුනු විදේශ ආයෝජන විකුනා දැමීම හා වර්ෂාවසාන කොටස් විකිනීමේ පීඩනය නිසා වෙලඳපොල පහත වැටුනු" බව නම හෙලි නොකල කොටස් වෙලෙන්දෙක් පුවත් පතකට ප්‍රකාශ කලේය.
විදේශ ආයෝජන පහල යන අතරේ ආන්ඩුව හා බැංකු සාපේක්ෂව අඩු පොලී රේට්ටු මත නය ලබා ගනිමින් කොටස් වෙලඳපොලේ ආයෝජනය කිරීමට සමපේක්ෂකයින්ට පහසුකම් සැලසුවේ ය. එසේ වූයේ ප්‍රධාන දේශීය ආයෝජකයින්ට කර්මාන්තවල අයෝජනය කරනාවට වඩා කොටස් වෙලඳපොලෙහි සමපේක්ෂනය කිරීම වඩාත් ලාභදායී වූ බැවිනි.
නයවලින් දිවෙන කොටස් වෙලඳපොලේ ඉහල වර්ධනය ආන්ඩුව විසින් යොදාගනු ලැබුනේ ආර්ථිකය යටින් වැඩෙන අස්ථාවරත්වය සැඟවීමටයි. ආර්ථිකය සෞඛ්‍ය සම්පන්නව ඇතැයි හුවාදක්වමින් විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා කොටස් වෙලඳපොලේ පිම්බීම යොදා ගැනුනේ ය. එහෙත් මෙම මෙහෙයුමෙන් වාසි ලැබුනේ ඉතා තුනී දූෂිත ස්ථරයක් ධනවත් කිරීමටත් දුසිමක් පමන ප්රකෝටිපතියන් පිරිසක් නිර්මානය කිරීමටත් ය. කොටස් වෙලඳපොලෙන් ධනවත් වූ බිලියනපතියන් ලෙස මාධ්‍යයන්හි අවධාරනය කෙරෙන සමහර පුද්ගල නම් අතර ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන, නිමල් පෙරේරා හා ඉන්ද්‍රා සිල්වා යන අය වෙති.
මහ බැංකුව විසින් විශ්‍රාම අරමුදලේ -- සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ -- ඉතිරිකිරීම් වසයෙන් පැවැති රුපියල් බිලියන ගනනක් කොටස් වෙලඳපොලට මුදා හැර එය එසේ තවදුරටත් පිම්බීමට යොදාගත්තේ ය. නමුත් ඉන් සිදුව ඇත්තේ කම්කරුවන් අමාරුවෙන් උපයාගත් මුදල් දහනශීලී වෙලඳපොලට නිරාවරනය කිරීම යි.
නය සපයාගත හැකිවූ නිසා කොටස් වෙලඳපොලේ සූදු කෙලීමට ඔවුන්ට පහසුකම ලැබුනි. ඉතා බලගතු පුද්ගලයින් ගනනාවක් ”අභ්‍යන්තර වෙලඳාම” (තමන්ගේ මෙහෙයුම් සඳහා සමාගම්වල අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම) හරහා වාසි ඩැහැ ගත්තෝය. මෙම සූදු කෙලියේ ප්රතිමල්ලවයන් කීප දෙනෙකු විසින් පැමිනිලි කරන ලදුව ප්‍රධාන මුල්යකරුවන් විසින් කර ඇති උපාමාරු පිලිබඳව විමර්ශනය කිරීමට කොලඹ කොටස් වෙලඳපොල පාලනය කරන අධිකාරිය වන සුරැුකුම් හා විනිමය කොමිසමට (එස්ඊසී) බල කෙරුනි. එහෙත් ආන්ඩුව මෙම කොමිසමේ ඉහල නිලධාරීන් තනතුරුවලින් පහකිරීමට ක්‍රියා කලේ ය.
”මූලධර්ම හා හෘද සාක්ෂිය මත” යැයි කියමින් දෙසැම්බර් 1 දින එස්ඊසී සභාපතිනිය වූ ඉන්ද්‍රානි සුගතදාස ඇගේ නිලයෙන් ඉල්ලා අස් වූයේ ඒ පිලිබඳව පැහැදිලි කිරීමකින් පවා තොරව ය. එහි අධ්යක්ෂ ජනරාල් මලික් කාදර් ඊට සති කීපයකට පෙර මෙම පැමිනිලි නිසා ම කැබිනට් මන්ඩලය විසින් ඉවත් කර තිබුනි.
”ඔවුහු අභ්‍යන්තර වෙලඳාම, වෙලඳපොල උපාමාරු හා වංචා පිලිබඳ ලද චෝදනාවන් විමර්ෂනය කරමින් සිටින විට ප්‍රබල ආයෝජකයින් ගේ බලපෑමට ලක්වූ බැව්” එල්බී ඕ වාර්තා කලේ ය. එවිට ඔවුහු (ආයෝජකයෝ) ”රෙගුලාසි අධික ලෙස යෙදවීමට” කි‍්‍රයා කිරීම පිලිබඳව චෝදනා කරමින් අරමුදල් ඉවත් කරගන්නා බවට තර්ජනය කලෝය. එවැනි මුදල් ඉවත් කරගැනීමක් කොටස් මිලගනන්වල තියුනු කඩා වැටීමක් ඇවිලවිය හැකිව පැවැතින. තත්වය පැහැදිලි කරමින් සන්ඩේ ටයිම්ස් සඳහන් කලේ නය බුබුල පුපුරායෑමේ අනතුර ඉස්මත්තේ තිබිය දී බලගතු සුලු කොටසක් විසින් කොටස් වෙලඳපොල පාලනය කෙරෙන බවයි.
”රුපියල් බිලියනකට අධික ප්‍රමානයක් (කොටස් වෙලඳපොලේ) ආයෝජකයන් වෙත නය වසයෙන් ලබා දී තිබුන බව එස්ඊසීය විසින් සොයාගෙන තිබූ බව හා බංග්ලාදේශ ආකාරයේ කඩාවැටීමක් පිලිබඳව එය බිය පල කර තිබූ බවද” විශ්ලේශකයෙකයෙකුගෙන් උපුටා දක්වමින් ටයිම්ස් වාර්තාව සඳහන් කලේ ය. බංග්ලාදේශ කඩා වැටීම සිදුවූයේ එය නය මතින් දුවවන්නක් වීම සහ ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් බව විශ්ලේශකයෝ සඳහන් කරති.
නොවැම්බර් 28 දින සුගතදාසගේ ඉල්ලා අස්වීමට දින කීපයකට පෙරාතුව, බලගතු ආයෝජකයන් විසින් පිටුබලය ලැබූ ප්‍රබල තැරැව්කරුවන්වන්ගේ කන්ඩායමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ අතර ඔවුන්ගේ ඉල්ලීම් සලකා බැලීමට ජනාධිපති පොරොන්දු විය. රාජපක්ෂ ද ඇතුලූ ආන්ඩුවේ ඉහල කොටස් හා මෙකී බලවත් සමපේක්ෂකයන් අතර ඇති සබඳතාව මෙයින් පෙන්නුම් කෙරෙයි.
කෙසේවෙතත්, අතිශයින් අස්ථාවර තත්වයට ප්‍රධාන හේතුව වන්නේ ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම යි. ගෝලීයව හා ශ්‍රී ලංකාව තුල වේගයෙන් වැඩෙන අවිනිශ්චිතතාව හේතුවෙන් කොටස් වෙලඳපොලෙන් විදෙස් ආයෝජකයෝ ඉවත් වෙමින් සිටිති. මෑතදී අයවැයෙන් සිදු කල රුපියල අවප්රමාන කිරීමෙන් අනතුරුව විදෙස් ආයෝජකයන් සිය කොටස් අත්හැර දමන්ට පටන් ගත් බවත් රොයිටර් වාර්තා කලේය.
ආන්ඩුව රුපියල සියයට 3කින් අවප්රමානය කිරීමක් ප්‍රකාශයට පත් කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) පීඩනය යටතේ ය. රුපියල අවප්රමාන කරන ලෙස ඉල්ලමින් එය තමන්ගේ ඩොලර් බිලියන 2.6ක නය මුදලේ අවසන් වාරික දෙක ප්රදානය කිරීම අත්හිටුවා තිබිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රුපියල අවප්රමානයට බලපෑම් කලේ ශ්‍රී ලංකාව තවත් ගෙවුම් ශේෂ අර්බුදයක් තුලට තල්ලුවෙමින් සිටින තත්ත්වයක් තුලය.
ශ්‍රී ලංකාවේ ආනයන වියදම ඉහල යාම ගෙවුම් ශේෂය මත බලවත් පීඩනයක් යොදා ඇත. පසුගිය වසරේ මුල් මාස අටට සාපේක්ෂව මේ අවුරුද්දේ මුල් මාස අට තුල ශ්‍රී ලංකාවේ වෙලඳ හිඟය සියයට 93කින් ඉහල ගියේ ය. මේ වසරේ මුලු වෙලඳ හිඟය ඩොලර් බිලියන 9ක් වනු ඇතයි ගනන් බලා තිබේ.
අයවැය තුලින් රුපියල අවප්රමානය කිරීමේ නිවේදනය කල තැන් පටන් ශී‍්‍ර ලංකාවේ මහ බැංකුව රුපියලේ විනිමය අගය වත්මන් මට්ටමේ ම රඳවා ගැනීම සඳහා ඩොලර් බිලියන 1.1ක් වැය කර ඇත්තේ, ගෙවුම් ශේෂ අර්බුදයක් තවත් සමීප කරවමිනි. මහ බැංකුව එලෙස විනිමය වෙලඳපොලේ මැදිහත් වූයේ රුපියල්වලින් අගය දක්වා ඇති රාජ්‍ය බැඳුම්කර හා කොටස් වෙලඳපොල ඇතුලු ප්‍රාග්ධන වෙලඳපොලේ විදෙස් ආයෝජනයන්ගේ වටිනාකම රැක දීම සඳහා ය. සමපේක්ෂනයෙන් මුදල් තොග හම්බකරගැනීමට වෙලඳ පොලට බැස සිටින මෙම ආයෝජකයෝ බැඳුම්කරවල අගය වැටෙතැයි කනස්සලු වී සිටිති.
සාමාන්‍ය මහජනයාගේ ඉපැයීම් තැරව්කරුවන් හරහා කොටස් වෙලඳපොලේ ආයෝජනය කිරීමට පෙලඹවීමට ආන්ඩුව හා මහබැංකුව කි‍්‍රයා කරමින් සිටී. වැඩෙන අස්ථායිතාවයේ තරම කෙතෙක් ද යත් කොටස් වෙලඳපොල බිඳ වැටීමකින් එවන් සුලු අයෝජකයන්ගේ කොටස්වල අගය අතු ගෑවී යනු ඇතැයි පෙන්වා දෙමින් ඇතැම් විශ්ලේෂකයන් සඳහන් කර ඇත්තේ ආන්ඩුව ඔවුන් ”ඝාතකාගාරයකට” දක්කා ගෙන යන බවයි.
එල්ආර් ග්ලෝබල් ලංකා ආයතනයේ කලමනාකරන අධ්යක්ෂ චන්න සිල්වා මෑතකදී පැවැති සම්මේලනයක දී මෙම ප්රපංචය විස්තර කලේය: ”මිනිසුන්ට කොටස් වෙලඳපොල කුමක් දැයි කිසිදු අදහසක් නැති තත්වයක දී එම ක්ෂේත්රයට ඔවුන් පෙලඹවීමට එස්ඊසීයට ඇති අයිතිය කුමක්දැයි ඇතැමුන් මගෙන් විමසුවා: ඔබ ඔවුන් ඝාතකාගාරයට දක්කනවාද?”
නොවැම්බර් 9 දින ආන්ඩුව ”ඌන කි‍්‍රයාකාරි ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත ” සම්මත කරගැනීමත් සමග ම කොටස් වෙලඳපොල වැටීම ගැඹුරු වී තිබේ. මෙම නීතිය විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ප්‍රධාන ව්‍යාපාරික මුල්‍ය සම්පාදකයන්ගේ දේපල පවරා ගැනීමට ගෙන ආ අතරේ මෙය අනෙකුත් ව්‍යාපාරවලට ද බලපාන හිතුවක්කාරී පියවරක් වසයෙන් ව්‍යාපාරික මන්ඩල සිය විරුද්ධත්වය පල කලහ.
ෆිට්ච් හා මූඞී වැනි ආයෝජන කිරීමේ හැකියාව පිලිබඳ රේට්ටුව නිර්නය කරන සමාගම් මෙම පනතින් ආයෝජකයන් අවිනිශ්චිතතාවට ඇද දමා ඇතැයි අනතුරු අඟවමින් ලංකාවේ ආයෝජන කිරීමේ හැකියාවේ රේට්ටුව අගයන් තුනකින් පහල දැමී ය.
දෙසැම්බර් 19 වෙනි දින මහ බැංකුව වානිජ බැංකුවලට කොටස් වෙලද පොලේ ගනුදෙනු සඳහා නය දිය හැකි සීමාව සියයට 5 සිට 7.5 දක්වා ඉහල දැමීය. මෙම සීමාව ඉහල දැමීම කොටස් බ්‍රෝකර්වරුන් විසින් රාජපක්ෂට ඉදිරිපත් කර තිබූ ඉල්ලීම්වලින් එකකි. වැඩෙමින් පවත්නා අවදානම් සහගත කොන්දේසි යටතේ සීඑස්ඊ සමපේක්ෂකයන්ට වඩ වඩාත් නය සම්පාදනය කිරීමට බැංකුවලට හැකියාව තිබේ ය යන්න මෙහි අර්ථය යි. කොටස් වල ආයෝජනය කරන්නන්ට වඩ වඩාත් නය සම්පාදනය කිරීම මගින් කොටස් මිල වැටීම වලක්වා ගැනීමට මහ බැංකුව මංමුලා සහගත ලෙස වෑයම් කරයි. එවැනි පියවරයන් කොටස් වෙලඳපොලේ අස්ථාවරත්වය වඩාත් ගැඹුරු කරනවා පමනි.
ලෝක ආර්ථික කඩා වැටීමේ බලපෑමෙන් දුරස් වීමක් නොව සිදුව තිබෙන්නේ ශ්‍රී ලංකාව ඉන් තදබල ලෙස බැට කෑමයි. එවැනි අර්බුදයක් තුල දී සමපේක්ෂකයන් වෙතට නිදහස් කල විශ්‍රාමික අරමුදල් අතුගෑවී යනු ඇතිවා පමනක් නොව, වැඩ කරන ජනතාවගේ හා ගම්බද දුගීන්ගේ රැකියා, වැටුප් හා සොච්චම් සුභසාධන වියදම් මත රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාර විනාශකාරී ලෙස උත්සන්න වනු ඇත.
Follow us on