මූල්‍යමය ඇපදීම බාර ගන්නා ලෙස පෘතුගාලයට බල කෙරේ
Portugal under mounting pressure to accept financial bailout
By Paul Mitchell, 15 January 2011
ජාත්‍යාන්තර මූල්‍යමය ඇපදීම බාරගන්නට පෘතුගාලය වැඩෙන පීඩනයක අද්දර සිටී.
යුරෝ බිලියන 50 - 100 ඇස්තමේන්තු කර ඇති යුරෝපා සංගමයේ-ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නය පැකේජය ලබාගන්නා ලෙසට ජර්මනිය, ප්‍රංශය සහ අනෙකුත් යුරෝපා කලාපීය රටවල් පෘතුගාලයට බලකරමින් සිටින බව සති අන්තය පුරාම මාධ්‍යවල පලවිය.
දෙසැම්බරයේදී අයර්ලන්තය තොප්පිය අතැතිව යුස-ජාමූඅ වෙත යෑමට පෙර පැවති තත්වයට සමාන වූ ජවනිකාවක් පෘතුගාලය සමගත් රඟ දැක්වෙමින් පවතී. යුරෝ බිලියන 70 ක් පසුකාලීනව ලබාගැනීමට පෙර සති ගනනාවක්් පුරා, රටට පිටතින් නය ලබාගැනීමක් කලයුතුව ඇති බවට පැවති වාර්තා අයර්ලන්ත රජයත් ඉහල යුස නිලධාරීනුත් ප්රතික්ෂෙප කලහ.
අයර්ලන්තයේදී මෙන්ම, ඇපදීම යනු මහජන සේවා, වැටුප් හා රැකියාවල දැවැන්ත කප්පාදු කිරීම් සහ බදු ඉහල දැමීම් කරා ගිය සමාජවාදී පක්ෂ (පීඑස්) රජය මගින් ක්‍රියාත්මක කෙරුනු වැඩපිලිවෙලට වඩා අතිශයින්ම දරුනු වන වියදම් කපාහැරීම් හා කප්පාදු වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කරන සහ පෘතුගාල ආර්ථිකය ජාත්‍යාන්තර මූල්‍ය ආයතනවල සෘජු පාලනයට මග පෑදෙන ක්රියාමාර්ගයකි. කම්කරු පංතියේ ජීවන තත්වයන් මත දැවැන්ත ප්‍රහාර එල්ල වුන සහ ගැඹුරු මන්දාවධමනවලට 1977 දී සහ 1983 දී මග පෑදුන ජාමූඅ ලේ මැදිහත්වීම ගැන පෘතුගාලයට අත්දැකීම් තිබේ. නමුත් වර්තමාන ප්‍රහාරවල පරිමානයන් හා සැසඳීමේදී ඒවා ඉතා බාල තත්වයන්ය. ස්වෛරී නය සම්බන්ධව ජාමූඅ 2010 වාර්තාව සැලසුම් කර ඇති දේ සම්බන්ධව වන ඉඟියක, ඊලග වසර 20 ඇතුලත පෘතුගාලයේ මහජන වියදම්වල කිසිඳු ඉහලයාමක් සිදුනොවිය යුතු බව පැවසේ.
මේ වසරේදී අයවැය හිඟය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 4.6 ක් දක්වා කපාහරින්නට පීඑස් රජය බලාපොරොත්තු වන අතර ගිය වසරේ එය ඇස්තමේන්තු ගත සියයට 7.3 ක් ද 2012 දී සියයට 3 ක් ද වේ. කෙසේවුවද, තම අයවැය හිඟය පියවාගන්නට යුරෝ බිලියන 20 ක් පමන නයට ගැනීමට තවමත් රටට සිදුවන අතර පෙර නයද ගෙවා දැමිය යුතුව ඇත.
ඇත්තටම, මූල්‍යමය වෙලඳපොල තුල වෙන්දේසියේදී රාජ්‍ය බැදුම්කර මාර්ගයෙන් විකිනෙන පෘතුගාල ස්වෛරී නයෙහි එකම මිලදීගන්නා යුරෝපා මහ බැංකුව (යුමබැ) වන නිසා අනියම් ඇපදීමක් දැනටමත් සිදුවෙමින් පවතී. පෘතුගාල ස්වෛරී නය මත පොලී අනුපාත වාරිකය ගිය වසර තුල ඇත්තටම දෙගුනයක් වන සියයට 7 ක්ව පැවති අතර මෙය අයර්ලන්තයට තම ඇපදීමේ මුදලට ගෙවීමට ඇති සියයට 6 ට වඩා වැඩිය. සැසඳීමේදී ජර්මනිය ගෙවනු ලබන්නේ සියයට 3 කි. මේ සතියේදී, දස අවුරුදු පෘතුගාල බැඳුම්කර සඳහා වූ යුරෝ බිලියන 1 ක වඩා සිදුවුනු වෙන්දේසිවීම, වෙලඳපොල සහ මාධ්‍ය විසින් විශාල ජයග්‍රනයක් ලෙස උදම් ඇනූ අතර ඇපදීමක් සඳහා කැමතිකරවා ගන්නට පෘතුගාලය මත පැටවූ පීඩනය එමගින් ලිහිල් වන බවට ප්‍රකාශ කෙරින. යථාර්තයක් ලෙසට, ගිය වසරේ නොවැම්බරයේ අවසන් විකිනීමේදී තිබූ අනුපාතයට වඩා බිඳකින් අඩුවුන සියයට 6.7 ක අනුපාතයකට බැඳුම්කර අලෙවි කෙරින. සිව්-වාර්ෂික නය මත අනුපාතය, සත්‍ය ලෙසටම, සියයට 4 සිට සියයට 5.4 දක්වා ඉහල නැගින.
පොලී අනුපාත ඉහලයාම, පසුගිය දින කීපය පුරාම ඇපදීමක් සඳහා පෘතුගාලයට බලකෙරෙන සමපේක්ෂතා ඉහල නංවා තිබේ. යුස තානාපතිවරයෙක් ඒඑෆ්පී වෙත පැවසූවේ, ”පෘතුගාලය මතට බොහෝ පීඩනයක් එල්ල වී ඇත. පෘතුගාලය සැලසුම් කර ඇතිවාට වඩා වැඩි අයවැය ඉතිරියක් ලබාගැනීම සෑම යුරෝපීය රටකටම අවශ්‍යව ඇති අතර පෘතුගාලය බාහිර ආධාර ඉල්ලා සිටිය යුතු බව බොහෝ රටවල හැඟීමයි.” වෙනත් නිලධාරියෙක් පැවසූවේ, ”මම හිතනවා අප යුස-ජාමූඅ මැදිහත්වීමකට ලඟාවෙමින් සිටින බව.” ඇපදීමක් අනිවාර්ය බව මූල්‍ය විශ්ලේෂකයෙක් සමපෙක්ෂතා ගොනු කලේය. ”වෙලඳපොල ප්රසාරනය දිගටම පැවතුනහොත් ඇපදීමකින් ගැලවීමට පෘතුගාලයට සුලු අවස්ථාවක් තිබේ.” පැරීසියේ බාක්ලේස් ප්‍රාග්ධන පර්යේෂනායතනයේ අධ්යක්ෂ ලෝරන්ස් බූන් පැවසීය. ඩොයිෂ් බැංකුවේ ආර්ථික විශේෂඥයෝ වන ගිලෙස් මොයෙක් සහ මාර්කෝ ස්ටි්රන්ගා ”වැඩි ප්‍රමාදයක් නොවී ඉක්මනින්ම පෘතුගාලයට බාහිර උදව් සඳහා ආයාචනා කිරීම හේතුසහගත” වන බවට එකතු කලහ.
ඇපදීමක් සඳහා කතාබහක් සිදුවන බවට වන වාර්තා පෘතුගාල, ස්පාඤ්ඤ, ජර්මානු සහ යුරෝපීය කොම්සම් රාජ්‍ය නායකයෝ ප්රතික්ෂෙප කලහ. ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කලේ, ”අප කවදාවත් රටකට මේ දේවල් කලයුතු යැයි බල කරන්නේ නැති අතරම අප ඒ දෙවල් කරන්නෙත් නෑ.” ඔවුනට උදව් අවශ්‍යදැයි යුරෝපීය රටවල්ම තීරනය කල යුතුයැයි ඇය ඊට එකතු කලාය.
කෙසේවුවද, ගිය සතියේදී මෙම කාරනය සාකච්ඡා කරන්නට ජර්මානු මුදල් ඇමති වොල්ෆ්ගන්ග් ෂෝබ්ල් සහ ප්‍රංශ මුදල් ඇමති කි්රස්ටීන් ලගාඩ් මුන ගැසුන බවට වාර්තා යෝජනා කරයි. ”නය අර්බුදයට වඩා පරිපූර්න ප්‍රතිචාරයක්” සාකච්ඡා කිරීමට ලබන සතියේ රැස්වන යුරෝපා කලාපීය මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමේදී එම කාරනය බරපතලව විදහා දැක්වෙන බවට සැකයක් නැත. වැඩි කප්පාදු පිලිවෙත්, තද බැංකු පීඩන පරීක්ෂන, ශ්‍රම වෙලඳපොලෙහි සහ විශ්‍රාම ක්‍රමවල ව්‍යූහාත්මක ප්රතිසංස්කරන සහ ”යුරෝපා කලාපීය ආර්ථික පාලනයේ ප්රතිසංස්කරන සම්පූර්න කිරීම” වැඩසටහනට ඇතුලත් වේ.
යුරෝපීය මූල්‍ය ස්ථාවරත්ව පහසුකම (ඊඑෆ්එස්එෆ්) යුරෝ බිලියන 440 ක ප්‍රමානයකට වැඩිකිරීමේ උත්සාහයන් දරනු ඇත. යුරෝපීය කොම්සමේ සභාපති ජොසෙ මැනුවල් බරාසෝ පැවසූවේ, ”මූල්‍යකරන ධාරිතාව ශක්තිමත් කල යුතුය. ක්‍රියාකාරකම්වල විෂය පථය . . . . . පුලුල් කල යුතුය.” යනුවෙනි.
”අවබෝධය ඇතිවන්නේ පෙරපරිස්සම් වැඩපිලිවෙලිනි . . . . නමුත් අප එය ඒ හෝ බී රට වෙනුවෙන් පාවිච්චි කරන බවට කිසිලෙසකත් අර්ථ දක්වන්නේ නැත.” බරාසෝ ඊට එකතු කලේය.
පෘතුගාල අගමැති ජොසේ සොක්රටීස් ප්‍රකාශ කලේ, ”අපට අවශ්‍ය නොවන නිසා පෘතුගාලය මූල්‍ය සහයෝගය ඉල්ලීමට යන්නේ නැත . . . . . වෙලඳපොලෙහි නය ඉහල නැංවීමට අවශ්‍ය තත්වයන් අප සතුව පවතී.”
”දූෂමාන ආරංචි සහ සමපේක්ෂන පෘතුගාලයට විරුද්ධ සහ යුරෝ මුදල් ඒකකයට විරුද්ධ සමපේක්ෂකයින්ට පමනක් උදව්වනු ඇත.” ඔහු එකතු කලේය.
පෘතුගාලයේ අයවැය හිඟය දදේනි යෙන් සියයට 7.3 ක්වන රජයේ ඉලක්කයට ”පැහැදිලිවම අඩු” අගයකට පහල යන බවත් එයට රටෙහි නය නඩත්තු කිරීම දිගටම කරගෙන යන්නට හැකියාව ඇති බවත් සොක්රටීස් පැවසීය. මූලික අනාවැකියකට අනුව සියයට 0.7 ට සංසන්දනය කරන විට ගිය වසරෙහි ආර්ථික වර්ධනය සියයට 1.3 කට ඇස්තමේන්තු කල බවට ඔහු එකතු කලේය. ”මේ ලෙසට හිඟය කපාහැරීම සහ වර්ධනය ආසන්නව දෙගුනයක් වීම ඕනෑම රටකට සැලකිය යුතු සාධන මට්ටමක් බවට සැලකිය යුතුයි.” ඔහු පැවසීය.
ස්පාඤ්ඤ මුදල් ඇමතිනී එලීනා සල්ගාදු අවධාරනය කලේ, ”පෘතුගාලයට කිසිදු බාහිර ආධාර අවශ්‍ය නොවනු ඇත . . . . . එය තමන්ගේ ඉලක්ක සපුරා ගන්නා නිසා පෘතුගාලයට කිසිදු ඇපදීමක් අවශ්‍ය නොවන බව මම හිතනවා. එහි ව්‍යුහාත්මක දුර්වලතා තිබුනත් ඔවුන් අවශ්‍ය ප්රතිසංස්කරන ක්‍රියාත්මක කරමින් සිටී.”
ස්පාඤ්ඤය විශේෂිතවම අවදානම් සහගත වන්නේ එය පෘතුගාලයේ විශාලතම වෙලඳ කොටස්කරු වීමත් පෘතුගාල නය වලින් යුරෝ බිලියන 70 කට වඩා ස්පාඤ්ඤ බැංකු සපයා ඇති බැවින් දැවැන්තම නයදෙන්නාද නිසාය. ස්පාඤ්ඤයද ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී ඇති අතර යුරෝ මුදල් ඒකකයේ සහ යුරෝපා කොමිසමෙහි පැවැත්මට තර්ජනය කෙරෙන තවත් ඇපදීමක් සඳහා පෝලිමෙහි ඊලගට සිටින්නේද ස්පාඤ්ඤයයි. ග්‍රීසිය, අයර්ලන්තය සහ පෘතුගාලය එකිනෙකා සියයට 2 බැගින් යුරෝපා කලාපයේ ආර්ථිකයට දායක වන අතර සියයට 10 ක ආසන්න දායකත්වයක් ලබාදෙමින් ස්පාඤ්ඤය හතරවැනි විශාලතම ආර්ථිකයට උරුමකම් කියයි. පෘතුගාලය මෙන්ම ස්පාඤ්ඤයද මේ සතියේදී බැඳුම්කර වෙන්දේසියක් පවත්වනු ඇත.
ගෝල්ඩ්මන් සැක්ස් හි ඉහල යුරෝපීය ආර්ථික විශේෂඥයෙක් වන එරික් නීල්සන්ට අනුව, ”ප්‍රතිපල එහිම යමක් නොකරන නමුත් (පොලී අනුපාත) නැවතත් ඉහලට පාවී යෑමක් සිදුවුවහොත් මෙම රටවල් දෙක සඳහා තෝරාගැනීමේ පැකේජ නිවේදනය කිරීම සඳහා අපි විශ්වාස ලෙසටම එක් පියවරක් ලංවී සිටිමු.”
පෘතුගාලය තවත් මන්දාධමනයකට ඇද වැටෙමින් පවතින බවට සාක්ෂි දැනටමත් පැහැදිලිව පෙනේ. කප්පාදු වැඩපිලිවෙල ආර්ථිකයට තද බලපෑමක් කල බව පෘතුගාල බැංකුව මේ සතියේ පැවසීය. දැනට මාස තුනකට ඉහතදී අනාවැකි පලකල ලබන වසරේ ශුණ්‍ය වර්ධනය සියයට 1.3 ක පහල යෑමකට නැවත සකස් කෙරින. අවුරුදු 3 ක් ඇතුලත පෘතුගාලය එහි දෙවැනි මන්දාවධමනයට ගමන් කරයි. වැටුප් කපාහැරීම්, බදු ඉහල දැමීම් සහ විරැකියාවේ ඉහල යාම මේ වසරේ දේශීය ඉල්ලුම සියයට 3.6 කින්ද ආයෝජන සියයට 6.8 කින්ද පහල යන බව බැංකුව පැවසීය. 2011 දී අපනයනවල සියයට 5.9 ක වර්ධනයක් තවමත් බලාපොරොත්තු වන නමුත් එය 2010 දී සියයට 9 ක ඉහල යාම හා සැසඳීමේදී පහල අගයක් ගනී.
වර්ධනය ප්රචාරනයට සහ රැකියා උත්පාදනයට වැඩපිලිවෙලක් සොයා නොගතහොත් අයවැය කපාහැරීම් නිෂ්පල වනු ඇති බවට පෘතුගාල බැංකු අධිපති සහ යුරෝපා මහ බැංකු පාලක සභාවේ සාමාජික කාලෝස් කොස්තා අනතුරු ඇඟවීය. ”පෘතුගාල ආර්ථිකය නැවත තිරසාර වර්ධනයක් සහිත මාවතක් කරා එලඹීමට අවශ්‍ය ක්‍රමවේදයක් නොමැතිව අයවැය ඒකාබද්ධකිරීමට සහ බාහිර අසමතුලිතතාවයන් අවමකිරීමට සීමාවුුන ක්‍රමවේදයක් තාවකාලික ප්රතිචාරයකි. එය නවතින-ආරම්භවන ක්රමවේදයක ජවනිකාවක් මවයි.” ඔහු පැවසීය. පෘතුගාල සමාගම් බොහෝ සේ නය ගැතිබවේ ගිලී ඇති බවත් ඒවා ”ස්වයං-මූල්‍යකරනය සහ තමන්ගේම ප්රාග්ධනය ශක්තිිමත් කිරීමට යොමු විය යුතු” බවත් ඔහු පැවසීය. එනම් තවදුරටත් කප්පාදුවන ශ්‍රම වියදම් සහ විශ්‍රාම වැඩසටහන් ඊට ඇතුලත් වේ.
ස්පාඤ්ඤ ජාතික සංඛ්‍යාලේඛන ආයතනයෙහි (අයිඑස් ඊ) මෑතකාලීන සංඛ්‍යා කම්කරුවන් මුහුනදෙන දරුනු තත්වයන් පෙන්නුම් කරයි. දුප්පතුන් සහ පොහොසතුන් අතර අත් දැවැන්ත පරතර ඇති යුරෝපා සංගමයේ රටවල් අතර පෘතුගාලය සිටී. අයිඑස් ඊ ට අනුව, ජනගහනයෙන් පහෙන් එකක් දිවිගෙවන්නේ මසකට යුරෝ 360 ක එනම් වසරකට යුරෝ 4,320 ට වඩා අඩු ආදායමකිනි. විශ්රාමිකයන්ගෙන් සියයට 85 කට ආසන්න සංඛ්‍යාවක් යුරෝ 360 ට වඩා අඩු ආදායමක් ලබයි. අවුරුදු 16 සිට 34 දක්වා වූ තරුන ජනගහනයෙන් තුනෙන් එකක්, තමන්ගේ වැටුපෙන් පමනක් ජීවත් වන්නේ නම්, දුගීභාවයේ ගිලී සිටී.
විරැකියාව සියයට 11 කි. මිලියනයක් පමනවන පූර්න රැකියාලාභීන්ගෙන් තුනෙන් එකක මාසික අඩුම වේතනය වන යුරෝ 475 ට වඩා අඩු ආදායමක් ලබයි. එනම් නියම තත්වයන් යටතේදී, ආඥාදායකත්වය බිඳවැටුනු 1974 දීට වඩා එය සියයට 15 කින් අඩුය. කම්කරුවන්ගෙන් සියයට 40 ට ආසන්න ගනනක් ”අඩමාන” අර්ධකාලීන හෝ තාවකාලික රැකියාවල නිරතව සිටින අතර පූර්නකාලීන කම්කරුවන්ට වඩා සියයට 40 කට අඩු ආදායමක් උපයයි.
තමන්ගේ වියදම් පියවාගන්නට නොහැකි අසරන පවුල්වලින් උදව් ඉල්ලා ලැබෙන ආයාචනා වල සැලකිය යුතු ඉහලයාමක්, පුන්යාතන වාර්තා කරන අතර ඒ සමගම තමන්හට ලැබෙන ආධාර අඩු වී ඇති බවද පවසයි.
පසුගිය නොවැම්බරයේදී, පැවැත් වූ වැඩ වර්ජනය පෘතුගාලය ඇන හිටියේය. පීඑස් රජයේ අයවැය සහ කප්පාදු වැඩපිලිිවෙලට විරෝධය පල කරන්නට රජයේ සහ පුද්ගලික අංශයේ මිලියන ගනනක කම්කරුවෝ වැඩ නැවැත්වූහ. කම්කරුවන්ට සටන් කරන්නට උවමනා බව වර්ජනය මගින් ප්‍රකාශ කෙරින. කෙසේවුවද, ඔවුහු පීඑස් රජයට පමනක් නොව පෘතුගාල කම්කරු පංතිය මත තම ප්රහාරයන්ට අනුකම්පා නොදක්වන්නට පීඑස් රජයට උපරිම බලය යොදවන, දක්ෂිනාංශික සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයට, එක්සත් ජනපදයට සහ යුරෝපා රජයන්ට, ජාමූඅ ට, බැඳුම්කර වෙලඳපොලට සහ අනෙකුත් ගෝලීය මූල්‍ය ආයතනයන්ට සහ මාධ්‍යයට මුහුන දෙති.
කම්කරු පංතියට එරෙහි බලවේගවලට කොමියුනිස්ට් පක්ෂය විසින් නායකත්වය දෙන පෘතුගාල කම්කරුවන්ගේ මහා ෆෙඩරේෂනය (සීජීටීපී) සහ පීඑස් නායකත්වය ලද කම්කරු මහා සංගමය (යූජීටී) විසින් ආධාර සහ අනුබල සැපයේ. ඔවුහු, රජය සහ හාම්පුතුන් සමග කම්කරුවන්ගෙන් සොරාකන්නට කුමන්ත්රනය කරන අතරේ, කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ජාතික පරිමාන විරෝධය මැකීයන්නට නොවැම්බර් ක්‍රියාදාමය පෙල ගැසුවෝය. 2006 දී පොරොන්දුවුනු අල්ප යුරෝ 25 වාර්ෂික අවම වැටුප් වැඩිකිරීම මෙම මාසයේ නියමිතව තිබුන නමුත් වසර අගදී ඉතිරිය ”කල්පනා කර බලන්නට” පොරොන්දු දෙමින්, වෘත්තීය සමිති යුරෝ 10 ක වැඩිකිරීමට එකඟ වූහ.
වෘත්තීය සමිතිවලට බාරදී සිටියහොත්, සමාජ සහනාධාරවල ඉතිරි වූ සොච්චමත් විනාශ කෙරෙනු ඇති අතර කම්කරු පන්තිය තව දුරටත් දුගීභාවයට ඇද දමනු ඇත.
Follow us on