යුරෝපා සංගමය සහ පුවත්පත් නිදහස
The European Union and freedom of the press
ජනවාරි 1 දා හංගේරියාව හය මසකට යුරෝපා සංගමයේ සභාපතිත්වය දිනා ගත්තේ ය.
රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආන්ඩුවේ පාලනයට යටත් කරමින් සහ පුවත්පත් නිදහස සැබවින් ම මුලිනුපුටා දමමින් එදින ම හංගේරියාව තුල නව නීතියක් බලාත්මක විය. මෙම සිදුවීම් දෙක එකිනෙකට සම්පාත වීම සැලකිය යුතු කරුනකි. යුරෝපය පුරා ප්‍රකාශන නිදහස සහ පොදුවේ ප්රජාතන්ත්රවාදය කුඩු පට්ටම් කෙරෙමින් පවතී.
මාධ්‍ය මත බලය පෑමේ දී දක්ෂිනාංශික හංගේරියානු ආන්ඩුව කිසි ම කල් යල් බැලීමක් කර නැත. අලුතින් නිර්මානය කෙරුනු මාධ්‍ය මන්ඩලය ටිලෝස් රේඩියෝ නම් කුඩා, වාම-ලිබරල් ගුවන් විදුලි සම්පේ්රෂනායතනයට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කලේ නීතිය බලාත්මක වුනු වහා ම ය. ඊට චෝදනා එල්ල වූයේ මාස හතරකට කලින් අයිස්-ටී නම් රැප් ගායකයාගේ ගීතයක් විකාශනය කර තිබීම සම්බන්ධයෙනි. රැප් ගායකයාගේ ඇමරිකානු ග්‍රාම්‍ය ව්‍යවහාරය අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙන්නේ හංගේරියානුවන් ඉතා සුලු සංඛ්‍යාවකට පමනක් බැවින්, ලමයින් කෙරෙහි ඉන් ඇති විය හැකි යැයි කියැවුනු හානිකර බලපෑම විදහා දැක්වීම සඳහා මාධ්‍ය මන්ඩලය මතභේදයට ලක් වුනු වචන පෙලෙහි හංගේරියානු පරිවර්තනයක් ද ඒ සමග ම ප්‍රසිද්ධ කලේ ය.
මාධ්‍ය මන්ඩලය මීලඟට ඉලක්ක කර ගැනීමට නියමිතව තිබුනේ ආර්ටීඑල් ක්ලබ් නම් රූපවාහිනී නාලිකාව යි. මෙම සම්පේ්රෂනායතනය ද සාපේක්ෂ වශයෙන් ලිබරල් සහ ආන්ඩුව පිලිබඳව විවේචනාත්මක යැයි සැලකේ. ඊට චෝදනා එල්ල වී ඇත්තේ "දකුනුදිග හංගේරියානු ගම්මානයක දී එක් සොහොයුරෙකු තවත් සොහොයුරෙකු ක්‍රෑර ලෙස ඝාතනය කිරීම” පිලිබඳව වාර්තා කිරීමේ දී පල කල "උද්වේගකාරිත්වය” සම්බන්ධයෙනි. එය ප්‍රචාරය කල ලේ පැල්ලම් සහිත ගුදිරියක සේයාරුව "තරුනයන්ට පමනක් නො ව වැඩිහිටියන්ට ද හානිකර” වනු ඇතැයි කියනු ලැබින.
සිදුවීම් දෙක පෙන්නුම් කරන්නේ සැබවින් ම ඕනෑ ම ව්‍යාජයක් පදනම් කර ගනිමින් මාධ්‍ය ආයතන ප්‍රකාශයන් නිහඬ කිරීමට නව නීතියෙන් ආන්ඩුවට පූර්න නිදහසක් ලැබෙන බව යි. ඉලක්ක කර ගත් මාධ්‍ය ආයතනවලට එරෙහිව පියවර ගනු පිනිස "ප්රචන්ඩත්වය උත්කර්ෂයට නැංවීම,” "තරුනයන් අවදානමට පත් කිරීම” සහ "අශ්ලීල කෘති” යනාදි සදාචාරාත්මක චෝදනා මාධ්‍ය මන්ඩලය ඉදිරිපත් කරන නමුත්, රොමාවරුන්ට, යුදෙව්වන්ට, සමලිංගිකයන්ට සහ "කොමියුනිස්ට්වාදීන්ට” එරෙහිව වෛරී සහගත ආක්‍රෝෂ පරිභව යොදා ගනිමින් දෛනිකව සාමාජීය වාතාවරනයට විෂ පොවන ආන්ඩුවට හිතපක්ෂපාතී සම්පේ්රෂනායතන එම දඬුවම්වලට බිය විය යුතු නො වේ.
ටිලෝස් රේඩියෝ ගුවන් විදුලියට හෝ ආර්ටීඑල් ක්ලබ් රූපවාහිනී නාලිකාවට මේ තාක් කිසි ම දඬුවමක් පනවා නැති නමුත් ඒවායේ බලපත්‍ර අවලංගු කිරීමට හෝ ඉතා දරුනු දඩ මුදල් අය කර ඒවා බංකොලොත් කිරීමට මාධ්‍ය මන්ඩලයට බලය ඇත. මන්ඩලය සමන්විත වන්නේ පාලක පක්ෂය වන ෆිඩෙස්හි සාමාජිකයන්ගෙන් පමනකි. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ අගමැති වික්ටර් ඕර්බන්ගේ දිගු කාලීන හිතවතියක වන ඇනා මාරියා සලායි ය.
නව මාධ්‍ය නීතිය පිලිබඳව මාස ගනනාවක් තිස්සේ මතභේද පැවතී ඇත ද යුරෝපා සංගමය තුල පවා යම් හුදෙකලා විවේචනාත්මක හඬවල් නැගී ඇත ද යුරෝපා සංගම් ගිවිසුම්වලට අනුකූල වන බව සහතික කිරීමේ වගකීම දරා සිටින යුරෝපා කොමිසම හංගේරියාව තුල පුවත්පත් නිදහස වැනසීම කෙරෙහි මේ දක්වා ප්‍රතිචාර දක්වා ඇත්තේ බයාදු ආකාරයකිනි.
මාධ්‍ය මන්ඩලයේ සංයුතිය යුරෝපා සංගමය තුල බලපවත්වන නියමයන්ට අනුරූප ද යන්න පිලිබඳව උත්සුකතාව පල කරමින් නත්තල ආසන්නයේ විදුලි සංදේශ සහ මාධ්‍ය කොමසාරිස් නීලී ක්රොඒස් හංගේරියානු ආන්ඩුවට ලිපියක් යැවී ය. එහෙත් නව නීතිය තොරතුරු සහ ප්‍රකාශන නිදහස සහතික කරන යුරෝපා සංගම් මූලික අයිතිවාසිකම් ප්රඥප්තියට අනුකූල ද යන්න විභාග කර බැලීම ඇය මේ දක්වා ම ප්‍රතික්ෂේප කර ඇත.
යුරෝපා සංගමයේ මෙම බියගුලු ප්‍රතිචාරයට හේතු ගනනාවක් පවතී. පලමු වැන්න නම්, හංගේරියාවේ යුරෝපා සංගම් සභාපතිත්වය ප්‍රශ්නයට බඳුන් කිරීම කෙසේ හෝ මග හැරීමට ඊට වුවමනා වී තිබෙන්නේ ය යන්න යි. මූල්‍ය සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුල පැතිර ගිය කටුක ගැටුම් සලකා බලන විට හංගේරියාවේ සභාපතිත්වයට අභියෝග කිරීම නො වැලැක්විය හැකි ලෙස ම නව අර්බුදයකට මුල පුරනු ඇත.
කෙසේ වුව ද, වඩා මූලික කරුන නම් හංගේරියාව අසමසම උදාහරනයක් නොවන්නේ ය යන්න යි. හංගේරියාව, ග්‍රීසිය, අයර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ වෙනත් බොහෝ රටවල් තුල දී යුරෝපා සංගමය නියම කල පටි තද කිරීමේ වැඩ පිලිවෙලවල් ප්රජාතන්ත්රවාදී අයිතීන් සමග ගැලපිය නොහැකි ය.
බොහෝ යුරෝපා රටවල් තුල දී පුවත්පත් නිදහස යනු අවලංගු නීතියකට ම සමාන ය. ඉතාලියේ දී පෞද්ගලික මාධ්‍ය ආයතන සියල්ල ම පාහේ අයිතිව සිටින්නේ සහ පාලනය කරන්නේ සිල්වියෝ බර්ලූස්කෝනි ය; එමෙන් ම, ආන්ඩුවේ ප්‍රධානියා ලෙස රාජ්‍ය සම්පේ්රෂනායතන පාලනය කරන්නේ ද ඔහු ය. ස්පාඤ්ඤයේ දී ද වසර ආරම්භයේ පටන් විශාලතම රූපවාහිනී සම්පේ්රෂනායතනයව තිබෙන්නේ බර්ලූස්කෝනිගේ මීඩියාසෙට් සමාගම යි.
ප්රන්සයේ දී බලපෑම් සහගත පුවත්පත් ප්‍රකාශකයන් සමග නිකොලස් සර්කොසි සමීප සම්බන්ධතා පවත්වා ගෙන යයි; එමෙන් ම, ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය මාධ්‍යවලට මුකවාඩම් බඳින්නේ ද ඔහු ය. විවේචනාත්මක පුවත්පත් කලාවේදීන්ගේ රැකියා අහිමි වීමට ඔහු පෞද්ගලිකව ම සම්බන්ධ ය. හංගේරියානු අගමැති ඕර්බන්ට අනුව බර්ලූස්කෝනි සහ සර්කොසි සලකනු ලබන්නේ ආදර්ශ දේශපාලන භූමිකා ලෙස ය.
අනෙක් රටවල දී ආන්ඩුවේ ප්‍රතිපත්තිය නියම කරන්නෝ මූල්‍යමය වශයෙන් බලසම්පන්න මාධ්යාධිපතීහු ය. බි්රතාන්යයේ දී ටෝනි බ්ලෙයාර්ගේ පටන් මේ දක්වා කිසි ම අගමැතිවරයෙකු "මර්ඩොක්” අධිරාජ්‍යයේ කැමැත්තට පිටින් යන්නට නිර්භීත වී නැත.
හංගේරියාවේ දී මාධ්‍ය දර්ශන පථයේ ආධිපත්‍යය දරන්නේ ජර්මානු සමාගම් ය. දක්ෂිනාංශික ඇක්සෙල් ස්ප්රින්ගර් සමාගම රට තුල සිටින විශාලතම පුවත්පත් ප්‍රකාශකයා ය. සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දක්ෂිනාංශයට සමීප ජර්මනියේ ඩබ්ලිව්ඒඉසෙඩ් සමාගම සහ ප්‍රෝ සීබෙන් , සැට් 1 සහ ආර්ටීඑල් රූපවාහිනී මධ්‍යස්ථාන හංගේරියාව තුල බලගතු ලෙස නියෝජනය වේ. ඒවා සියල්ල ම සිය විවේචනවල දී නව මාධ්‍ය නීතිය පිලිබඳව මවිත කරනසුලු සංවර බවක් පල කිරීම සැලකිය යුතු කරුනකි.
පුවත්පත් නිදහස අහෝසි කිරීමට දැක්වූ ප්‍රතිචාරයට වඩා බෙහෙවින් කර්කශ ලෙස යුරෝපා කොමිසම හංගේරියානු ආන්ඩුව ගත් වෙනත් පියවරකට ප්‍රතිචාර දක්වා ඇත. පසු ගිය වසරේ සරත් ඍතුවේ දී ඕර්බන් ආන්ඩුව අයවැය හිඟය අඩු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ම වෙලඳ, මූල්‍ය, විදුලි සංදේශ සහ බලශක්ති ක්ෂේත්රවල විශාල සංගතවලට අර්බුද බද්දක් පැනවූයේ ය. මෙය හංගේරියාව තුල බහුල ලෙස ආයෝජනය කර තිබුනු සහ වසර ගනනාවක් තිස්සේ බදු විරාමවලින් සහ සහනාධාරවලින් ප්රතිලාභ ලබා තිබුනු ජර්මානු, නෙදර්ලන්ත සහ ඕස්ටි්රයානු සංගත මූලස්ථාන තුල ප්රකෝපකාරී කැලඹීමකට මුල පිරුවේ ය.
දෙසැම්බර් මස මැද දී ඩොයිෂ් ටෙලිකොම්, අලියන්ස් රක්ෂන සමාගම, ඊ. ඕඑන්, ආර්ඩබ්ලිව්ඊ සහ ඊඑන්බීඩබ්ලිව් බලශක්ති සමාගම් සහ රෙවි සිල්ලර සමාගම ඇතුලු සමාගම් 13ක ප්‍රධානීහු "තෝරා ගත් අංශවල සහ විදේශීය සමාගම්වල පිහිටෙන්” අයවැය තුලනය කිරීමට දරන ප්රයත්නය පිලිබඳව අවලාද නගමින් යුරෝපා සංගමය වෙත සැර පරුෂ වචනවලින් ලියූ ලිපියක් යැවූහ. හංගේරියානු ආන්ඩුව "අනාගත ආයෝජන සම්බන්ධයෙන් පවතින විශ්වාසයේ සියලූ පදනම්” වනසමින් සිටින්නේ යැයි ලිපිය ප්‍රකාශ කලේ ය.
යුරෝපා සංගම් කොමිසම වහා ම ප්‍රතිචාර දැක්වී ය. සිය ස්ථාවරය සාධාරනීකරනය කරන ලෙස එය ඒ වන විටත් ඔක්තෝබරයේ දී-නව බද්ද නිවේදනය කොට දෙදිනකට පසුව-හංගේරියානු ආන්ඩුවෙන් ඉල්ලා තිබින. සංගත විධායකයන්ගෙන් ලැබුනු ලිපියට ප්‍රතිචාර දක්වමින් එය දෙසැම්බරයේ දී නිල පරීක්ෂනයක් ආරම්භ කලේ ය.
ජර්මානු ආන්ඩුව ද වහා වැඩට බැස්සේ ය. නිදහස් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ආර්ථික කටයුතු ඇමති රේනර් බෘඩර්ලි මේ සම්බන්ධයෙන් සිය "උත්සුකතාව” පල කලේ ය. මූලිකව ම විදේශීය සමාගම්වලට බලපාන වියදම් "ප්‍රධාන කොට ම ගැටලු සහගත යැ”යි ඔහු අනතුරු ඇඟවූයේ ය.
දක්ෂිනාංශික ජනතාවාදී සහ ජාතිකවාදී උද්ඝෝෂනයක් පදනම් කර ගෙන බලයට පැමිනි ඕර්බන් ආන්ඩුව මූලිකව ම විදේශීය සංගතවලින් කෙරෙන මෙම බදු අය කිරීම තම දේශපාලන පදනම සමහම් කර ගැනීමට යොදා ගනිමින් සිටී. එය සිටින්නේ අතිමහත් ආර්ථික පීඩනයක් යටතේ ය. ඊලඟ මාසයේ දී ආන්ඩුව අයවැය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කල යුතු ම ය. ජාත්‍යන්තර මූල්‍ය වෙලඳ පොලවල් ඒත්තු නොගැන්වුව හොත් ශ්‍රේනිගත කරන ආයතන නය ලබා ගැනීමට රටට ඇති සුදුසුකම "අබලි” තත්ත්වයට පිරිහෙලනු ඇත. බුඩාපෙස්ට් ආර්ථිකඥයෙකු වන ජියෝර්ජි බාර්ටා තත්ත්වය හකුලුවා දක්වමින් කියා සිටියේ "අප දැන් ඉන්නේ අගාධයට පියවරක් මෙහායින්” බව යි.
ජාතිකවාදී පුරසාරම් දෙඩුව ද ඔර්බන් තන්ත්රය මුලුමනින් ම රැඳී සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙලඳ පොලවල් මත ය. හංගේරියාව තුල සිදු වන සමස්ත ආයෝජනයෙන් සියයට 80ක් ම ලැබෙන්නේ යුරෝපා සංගමයෙනි, හතරෙන් එකක් තනිකර ම ජර්මනියෙනි.
පුවත්පත් නිදහස අහෝසි කිරීම සහ අනෙක් ආඥාදායක වැඩ පිලිවෙලවල් සමගින් එය සැරසෙමින් සිටින්නේ තම පටි තද කිරීමේ වැඩ සටහන කම්කරු පන්තියේ කර මත පැටවීමට ය. මේ බව දන්නා යුරෝපා කොමිසම සහ යුරෝපා ආන්ඩු මහජන විරුද්ධත්වය මර්දනය කරන ඕනෑ ම වැඩ පිලිවෙලකට සහ සියලූ වැඩ පිලිවෙලවලට නිහඬව සහාය දෙයි.
හංගේරියාව තුල පවතින සාමාජීය තත්ත්වය දැනට මත් විපත්තිකර ය. මෑත අධ්‍යයනයකින් සොයා ගැනුනේ රට තුල සිටින මිලියන 10ක ස්වදේශිකයන්ගෙන් මිලියන 1කට වැඩි ගනනකට තම විදුලි බල, ගෑස් සහ තාපන බිල් පත් කලට වේලාවට ගෙවා ගත නොහැකි බව යි. තෙමසක හිඟ මුදල් සහිත තත්ත්වයට පත් වුව හොත් ඔවුහු එම පහසුකම් කපා හැරීමට මුහුන දෙති.
පුවත්පත් නිදහස වැනි ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීම කම්කරු පන්තියේ සාමාජීය අයිතීන් ආරක්ෂා කිරීමෙන් වෙන් කල නොහැකි ය. මෙය ඉල්ලා සිටින්නේ සංගතවල සහ බැංකුවල ආඥාදායකත්වයට එරෙහිව විප්ලවවාදී සමාජවාදී ක්‍රියා මාර්ගයක් පදනම් කර ගත් යුරෝපා කම්කරු පන්තියේ පොදු අරගලයකි.
පීටර් ෂ්වාර්ස්
Follow us on