ශ්‍රී ලංකාව හා ඔස්ටේ්රලියාව තුල ගංවතුර අර්බුදය
The flood crises in Sri Lanka and Australia
එක ම කලාපීය ලා නිනා කාලගුන රටාව මගින් ශ්‍රී ලංකාව හා ඔස්ටේ්රලියාව තුල ජනනය කෙරුනු උග්‍ර ගංවතුර තත්වය රටවල් දෙකට ම අතිශය විනාශකාරී ප්‍රතිඵල ඇති කර තිබේ. ශ්‍රී ලංකාවෙහි ධාරානිපාත වර්ෂාව මගින් මුලපුරනු ලැබූ ගංවතුරින් විශේෂයෙන් නැගෙනහිර පලාතේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්ක තුල මිලියනයකට අධික ජනකායක් බලපෑමට ලක් ව සිටිති. ඔස්ටේ්රලියාව තුල විශේෂයෙන් ඊසාන දිග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සහ එහි අගනුවර වන බි්රස්බේන් හි දහස් ගනනකගේ නිවෙස් ජලයෙන් යට විය.
පලමු බැල්මෙහි දී මේ වාතාවරන බෙහෙවින් වෙනස් සේ පෙනී යයි. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පසුගාමී රටක් වන අතර සියවස් කාලක වාර්ගික යුද්ධයකින් ද, 2004 දෙසැම්බරයේ දී විනාශකාරී සුනාමියකින් ද පීඩා විඳි අතර මූලික යටිතල පහසුකම් හිඟ ය. ඔස්ටේ්රලියාව යනු විශාල නූතන පහසුකම් සහිත හා දියුනු තාක්ෂනයට ප්‍රවේශය ඇති සංවර්ධිත ආර්ථිකයකි.
කෙසේ වතුදු ප්රමුඛ, එහෙත් පෙරදැකිය හැකි, පීඩාකාරී කාලගුනික සංසිද්ධීන්හිදී සාමාන්‍ය ජනතාවට කල්තබා අනතුරු ඇඟවීමටත් ඔවුන් ආරක්ෂා කිරීමටත් රටවල් දෙකේ ම ආන්ඩු අත්‍යන්තයෙන් අසමත් බව ඔප්පු කොට තිබේ. මෙවැනි පරිමාවකින් හා ශක්තියකින් යුත් ස්වාභාවික බලවේග සම්පූර්නයෙන් පාලනය කල නොහැකි වුව ද ඒවායේ සමාජීය හා ආර්ථික බලපෑම බොහෝ සෙයින් සංකීර්න වන්නේ ඉඩම් කලමනාකරනය, නගර සැලසුම්, ජල සම්පාදනය හා හදිසි සේවා ඇතුලු ජීවිතයෙහි සෑම පැතිකඩක් ම සමාගම් ලාභයෙහි අනසකට යට කරලීම මගිනි.
තීරනාත්මක පොදු ලක්ෂන පවතී. ආන්ඩවල වියදම් කපාහැරීම, දුර්වල හෝ ඛාදනය වෙමින් පවතින යටිතලය, මූලික සේවා පුද්ගලිකකරනය හෝ වානිජකරනය, ලාභය අරමුනු කරගත් ඉඩම් හා දේපොල සංවර්ධනය, ප්‍රමානවත් මට්ටමේ නොමැති හදිසි සේවා හා නිල සහන සේවාවන්ගේ සහ ගංවතුරට ගොදුරු වූවන්ට ලැබෙන වන්දිවල ශෝකජනක තත්වය. මේවා හුදෙක් උපේක්ෂාවේ හෝ නොතකා හැරීමේ ප්‍රතිඵල නො ව ව්‍යාපාරික ප්රභූවේ ශුභසිද්ධිය වෙනුවෙන් ගනු ලැබූ නිශ්චිත තීරන කෙරෙන් ගලා එන දෑ ය.
විපතට පත් වූවන් වැඩි දෙනෙකුගේ අන්ත දරිද්‍රතාව, මූලික වලක්වාගැනීමේ ක්‍රම හා යටිතල පහසුකම්වල අඩුව, හා අනුක්රමයෙන් බලයට පැමිනි ආන්ඩු විසින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට(එල්ටීටීඊ) එරෙහි වර්ගවාදී යුද්ධය තුලට දැවැන්ත පරිමානයෙන් සම්පත් හරවා යැවීම හේතු කොට ගෙන ශ්‍රී ලංකාව තුල සමාජීය ප්‍රතිවිපාක වඩාත් ප්‍රකට ව පෙනෙනසුලු ය. සිය නිවාස අත හැර හරි හැටි සූදානම් නොකෙරුනු ඉවත් කිරීමේ කඳවුරු තුල ජීවත් කිරීමට බල කෙරුනු 350, 000 ක ජනතාවගෙන් වැඩි දෙනෙක් 25 අවුරුදු යුද්ධයෙහි දී සහ 2004 සුනාමියෙහි දී ද අවතැන් වූහ. මේ දීන කඳවුරුවලින් සමහරක් ද ජනතාවට නැවත පලා යාමට සිදු කරමින් ජලගැල්මට ලක් විය. දුර්වල ලෙස නඩත්තු කෙරුනු ජලාශවල ඉවුරු බිඳී ගියේ ගොවි බිම් ජලයෙන් යට කරමිනි. නිල වශයෙන් වාර්තා කෙරුනු මරන 23න් වැඩි කොටසක් බොහෝ විට වන විනාශයත් ඉඩම් හිඟය හා නිසි රාජ්‍ය සැලසුම්කරනයකින් තොර වීම නිසා කඳු බෑවුම්වල නිවාස ඉදි කිරීමත් හේතු කොට ගෙන හටගත් නායයාම්වල ප්‍රතිඵල යි. ආන්ඩුවේ ආපදා සැලැස්ම මූලික වශයෙන් සමන්විත වනුයේ වසර දෙකකට හෝ තුනකට ප්‍රථම ඉවක් බවක් නැතිව එල්ටීටීඊ මර්මස්ථානවලට ෂෙල් ප්‍රහාර එල්ල කරමින්, දෙමල සිවිල් වැසියන් දහස් ගනන් නොවේ නම් සියගනන් ඝාතනය කරමින් එය රැඳී උන් ප්‍රදේශ කරා නැවතත් හමුදාව පිටත් කර හැරීමෙනි.
එහෙත් දෙසැම්බරය මැද ගංවතුර අර්බුදය ආරම්භ වූ තැන් පටන් ඔස්ටේ්රලියාවෙහි සිදු වූ දෙය වඩාත් එලිදරවු කරන සුලු ය. දියුනු තාක්ෂනය හා සන්නිවේදන මාර්ග තිබිය දීත් සාමාන්‍ය ජනතාව නිසි අනතුරු ඇඟවීමකින් තොර ව, ස්වේච්ඡා සේවකයින්ගෙන් හැරුනු විට ඉතා සුලු සහායක් පමනක් ලබමින් ස්වාභාවික බලවේගවලට මුහුන දීමට අතහැර දමනු ලැබ සිටියහ. රටේ තුන්වැනි විශාලතම පුරවරය ද, මිලියන දෙකකට අධික ජනගහනයක් වෙසෙන ප්‍රධාන අගනගරයක් ද වන බි්රස්බේන් හි ගංගාශ්රිත උපනාගරික ප්‍රදේශවල විශාල ප්‍රමානයක් ජලයෙන් යට විය. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පුරාත් වෙනත් ඇතැම් ප්‍රාන්තවලත් අගනගර, නගර හා කුඩා ප්‍රජාවන් එක්කෝ ජලයෙන් යට විය, නැතහොත් ගංවතුර නිසා දින ගනනාවක් තිස්සේ බාහිර ලෝකයෙන් හුදෙකලා කෙරිනි. ප්‍රධාන පතල්, කම්හල්, මාර්ග, දුම්රිය මාර්ග, වරාය හා ගුවන්තොටුපල අඩපන වූයේ දැවැන්ත ආර්ථික හා සමාජීය හානියක් ඇති කරමිනි.
මිනිසුන් සැඩ පහර මගින් ගසාගෙන ගිය අවස්ථා, නැතහොත් වාහන හෝ නිවාස වහල මත සිට අසරන ව උදව් ඉල්ලා කෑගසන අවස්ථා, නැතහොත් අන්තිම මිනිත්තුවේ දී බඩුබාහිරාදිය ද සහිත ව නිවෙස් අතහැර දැමීමට බල කෙරුනු අවස්ථා ආදී බියකරු සිදුවීම් හටගෙන තිබිනි. වසර ගනනාවක් තිස්සේ ආන්ඩුව උපරිම ජල ගැලීම්වලට ඔරොත්තු දිය නොහැකි වේලි, ගංවතුර අවදානම පවතින ප්‍රදේශවල පරීක්ෂා නොකෙරුනු දේපොල සංවර්ධනය, ගංවතුර නිවාරන වැඩසටහන් කපා හැරීම පිලිබඳ කාලගුන විද්‍යාඥයින්ගේත් ඉංජිනේරුවන්ගේත් අනතුරු ඇඟවීම් නොතකා හැර ඇති බවට සාක්ෂි මතු ව අවුත් තිබේ. ඇලවේලි, ජල සම්පාදනය හා ගංවතුර නිවාරනය පිලිබඳ වගකිව යුතු ගිනිකොන දිග ක්වීන්ස්ලන්ත ඒජන්සිය මුදල් උපයන සංස්ථාවක් බවට පරිවර්තනය කිරීම ද ඇතුලු ව ආයෝජකයින්ගේ ලාභ ඉහල නැංවීමේ අවශ්‍යතාව, තීරන මත ආධිපත්‍යය දැරී ය.
මොන ම වෛෂයික මිම්මකට අනුව වුව ද මෙය ආන්ඩුවේ සහ වත්මන් ආර්ථික පද්ධතියේ ස්මාරකීය අසමර්ථ්යයක් පෙන්නුම් කරයි. ගංවතුර තව මත් රටේ විවිධ පැතිවල පවතින අතර හාරමාසික වර්ෂා සමය අවසන් වනතුරු තවදුරටත් ගංවතුර හටගැනීමේ ඉඩ තිබේ. ජනතාව සිය ජීවිත යලි ගොඩනගාගැනීමට වෑයම් කරන අතර සමාජීය හා ආර්ථික පිරිවැය අතිදැවැන්ත වනු ඇත. බොහෝ රක්ෂන ආයතන එක්කෝ එම සේවාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම නිසා, නැතහොත් මිල අධික අතිරේක තේරීමක් හැටියට එය ලබා දෙන නිසා නිවාස හා කුඩා ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් ගංවතුර රක්ෂනයෙන් ආවරනය වී නැත. ආන්ඩුවේ ප්‍රතිපාදනවල තුච්ඡ ස්වභාවය හේතු කොට ගෙන ශ්‍රී ලංකාව තුල සේ ම බොහෝ දෙනා තමන්ගේ ම සම්පත් මත හා මිතුරන්, ඥාතීන් හා ස්වේච්ඡා සේවකයින්ගේ ත්‍යාගශීලීත්වය මත රඳා පවතිමින් යලි නැගී සිටීමට ප්රයත්න දරනු ඇත.
අගමැති ජුලියා ගිලාර්ඩ්ගේ ලේබර් ආන්ඩුව, මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් සිය ශ්‍රී ලාංකික ප්‍රතිමූර්තිය සේ ම, නිවේදය කර ඇත්තේ ඕනෑම ප්රතිසංස්කරන වියදමක් ආන්ඩුවේ වෙනත් වියදම් කපාදැමීම මගින් පියවාගත යුතු බව යි. පශ්චාත් 2008 අයවැය හිගය 2013 වන විට පියවාගැනීම සඳහා වූ ස්වකීය පොරොන්දුව මේ තත්වය තිබිය දී පවා ඉටු කෙරෙනු ඇති බවත්, "දැඩි තේරීම්” සිදු කෙරෙනු ඇති බවට අනතුරු අඟවමින් ගිලාර්ඩ් අවධාරනය කොට තිබේ. රාජපක්ෂ කැප ව සිටින්නේ 2012 වන විට 2009 වසරේ අයවැය හිඟය අඩකින් කපා දැමීම සඳහා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කැඳවුම ඉටු කරනු පිනිස ය. රටවල් දෙකෙහි ම "ජාතික එක්සත් බව” හා "එක් ව ඇදගෙන යාම” පිලිබඳ සියලු නිල කතාබහ මගින් අදහස් වන්නේ ගංවතුර අර්බුදයෙහි බර කෙලින් ම වැඩ කරන ජනතාවගේ පිට මත පැටවීම ය.
මේ ගැටලු මොන ම අන්දමකින් හෝ ශ්‍රී ලංකාවට හා ඔස්ටේ්රලියාවට සීමා වූ ඒවා නො වේ. ඉදිකිරීම් නිසියාකාර ව පාලනය කිරීමට ආන්ඩුව අසමත් ව ඇති ගිනිකොන දිග බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ අසබඩ කඳුකර ප්‍රදේශවල ගංවතුර හා නායයාම්වලින් මේ සතිය තුල 500කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත. 2010 වසරේ ගංවතුර හා භූමිකම්පාවලින් පසු පාකිස්තානයේ සහ හයිටියේ මිලියන ගනනක් වූ අනාථ ජනතාව තව මත් නිරපරාදේ සහනාධාර හා ප්රතිසංස්කරන සහාය ලැබෙන තුරු බලා සිටිති.
මේ වනාහි මහජනතාවට අතිශය ප්‍රාථමික ආරක්ෂාවන් හා සේවා සම්පාදනය කිරීමෙහි ලා එන්න එන්න ම අසමත් වෙමින් සිටින ජරාජීර්න ආර්ථික හා සමාජ පර්යායක රෝග ලක්ෂන යි. 2008 ගෝලීය මුල්‍ය දිය වීමට හේතුභූත වූ බැංකු සහ මුල්‍ය ආයතන බේල් අවුට් කිරීමෙන් අනතුරු ව ශ්‍රී ලංකාව හා ඔස්ටේ්රලියාව ද ඇතුලු ලොව වටා ආන්ඩු දැන් තත්වය වඩාත් නරක අතට හැරවීමට පමනක් සමත් කප්පාදු කිරීමේ පියවර ක්‍රියාවට නගමින් සිටී. මානව වර්ගයාට පෙරට ගමන් කිරීමේ මගක් පාදාගනු වස්, සීමාන්තික ස්වාභාවික සංසිද්ධීන්ගේ හානිකර බලපෑම නිවාරනය හා කලමනාකරනය සඳහා දැනට ලබාගත හැකි සියලු විද්‍යාත්මක හා තාක්ෂනික සම්පත්වලින් සන්නද්ධ වූ, තාර්කික ව සැලසුම් කෙරුනු, ප්‍රජාතාන්ත්‍රික හා සමානතා රේඛා ඔස්සේ සමාජය සම්පූර්නයෙන් ප්රතිනිර්මානය කිරීම සඳහා ගෝලීය ව සම්බන්ධීකරනය කෙරුනු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සමත් නව විප්ලවවාදී සමාජවාදී නායකත්වයක් අවශ්‍ය ව තිබේ.
මයික් හෙඩ්
Follow us on