"ඓතිහාසික විදග්ධභාවයේ මූලික ප්රමිතීන් සපුරා ලීමට අසමත්වූ කෘතියක්”
ඇමරිකානු ඓතිහාසික විමර්ෂනය රොබට් සර්විස්ගේ ලියොන් ට්‍රොට්ස්කි චරිතාපදානය අපකීර්තියට පත් කරයි
“A book that fails to meet the basic standards of historical scholarship”
The American Historical Review discredits Robert Service’s biography of Leon Trotsky
එක්සත් ජනපදයේ පැරනිතම හා වඩාත් කීර්තිමත් ශාස්ත්රාලික සඟරාවන් අතරට ගැනෙන ,American Historical Review(ඇමරිකානු ඓතිහාසික විමර්ෂන) සිය 2011 ජූනි කලාපයෙහි කෘතීන් දෙකක් පිලිබඳව විවේචනාත්මක විමසුමක් පලකොට තිබේ: බි්රතාන්ය ඉතිහාසඥ රොබට් සර්විස් විසින් රචිත හෙලා දැකීමේ චරිතාපදානයක් වන Trotsky‘ට්‍රොට්ස්කි’ හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඬලයේ ද සභාපති වන ඩේවිඩ් නෝර්ත් විසින් රචිත In Defense of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා) යන කෘතීන් දෙකය. ඒ ඒකාබද්ධ විමර්ෂනයේ කතුවරයා වන ඉතිහාසඥ බර්ට්‍රන්ඩ් පැටිනෝඩි සැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා ජාත්‍යන්තර සබඳතා පිලිබඳ කතිකාචාර්ය වරයෙකු හා හූවර් ආයතනයේ සාමාජිකයෙකි. එසේම ඔහු 2009දී හාපර් කොලින්ස් විසින් ප්‍රකාශයට පත්කරන ලද Trotsky: Downfall of a Revolutionary (ට්‍රොට්ස්කි: විප්ලවවාදියෙකුගේ වැටීම) යන කෘතියේ ද කතුවරයාය.
සර්විස්ගේ චරිතාපදානය 2009 වසරේදී ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ප්‍රකාශයට පත්විය. ට්‍රොට්ස්කිට එල්ල කල එහි අතොරක් නැති ප්‍රහාර එක් විමසුමක දී මෙම චරිතාපදානය ට්‍රොට්ස්කිගේ "දෙවන ඝාතනය” ලෙස විස්තර කල ප්රතිගාමී බි්රතාන්ය මාධ්‍යයේ ප්‍රශංසාව සර්විස්ට හිමිකර දුන්නේය. කතුවරයා එවන් පහත් පෙලේ ප්රශංසාවන් දිරිමත් නොකිරීමට කිසිවක් නොකලේය. 2009 ඔක්තෝබරයේ ලන්ඩන්හි දී පොත පලකිරීමේ අවස්ථාවේ දී සර්විස් මෙසේ පැවසීය: "ආදි කොලූවෙකු වූ ට්‍රොට්ස්කිට තවමත් ජීවිතය හිමිව තිබියේ වී නමුත් අයිස් පොරොව නිට්ඨාවටම ඔහුගේ ජීවිතය අවසන් කර දැමීමට අසමත් වී නම් මා එයට සමත්වූ බව මම විශ්වාස කරමි.”
නෝර්ත්ගේ ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා කෘතිය 2010 වසරේදී මේරිං බුක්ස් විසින් පලකරන ලදී. පොතේ සැලකිය යුතු කොටසක් කැපකර ඇත්තේ සර්විස්ගේ චරිතාපදානය සවිස්තරාත්මක ලෙස ඛන්ඩනය කිරීම සඳහා ය.
සිය විමර්ෂනාත්මක රචනයේ දී පැටිනෝඩි සර්විස්ගේ ‘ට්‍රොට්ස්කි’ හෙලිදරව් කිරීමේ ඓතිහාසික නිරවද්‍යතාවය හා එම සන්දර්භය තුල චරිතාපදානයට නෝර්ත් එල්ල කරන ප්‍රහාරයේ වලංඟු භාවය පිලිබඳ සමාලෝචනයක් කිරීමට අතගැසීය.
ආරවුල පිලිබඳ පැටිනෝඩිගේ පරීක්ෂනයේ ප්‍රතිපලය වී ඇත්තේ සර්විස්ගේ චරිතාපදානය නිරනුමානයෙන් හෙලා දැකීමක් හා නෝර්ත්ගේ විවේචනය නිශ්චිතව අනුමත කිරීමකි.
ගද්‍යයක් පිලිබඳව පොදුවේ ප්‍රවේශම් සහගත හා හික්මීමක් ඇතිව කෙරෙන විවේචන ගැන හුරු පුරුදු ශාස්ත්රාලික සඟරා කියවීමේ පරිචයක් ඇති අය චරිතාපදායකයෙක් හා ඉතිහාසඥයෙක් ලෙස සර්විස් පිලිබඳව කෙරෙන පැටිනෝඩිගේ නිර්දය හා සෘජු අගැයීමෙන් තිගැස්සෙනු ඇත.
සර්විස්ගේ චරිතාපදානයෙහි අරමුන සාරාංශගත කරමින් පැටිනෝඩි මෙසේ සඳහන් කරයි: "ට්‍රොට්ස්කි ඓතිහාසික චරිතයක් හා මිනිසෙකු වශයෙන් ද තරයේ අපකීර්තියට පත්කිරීම සඳහා ඔහු (සර්විස්) ක්‍රියාත්මක වූ බවක් පෙනී යයි. ඔහුට අනුව ට්‍රොට්ස්කි හුදෙක් උද්ධච්ඡ තමා ගැන අධි තක්සේරුවකින් යුත් ආත්මාර්තකාමී අයෙක් පමනක් නොවේ: ඔහු ජන ඝාතකයෙක් හා ත්‍රස්තවාදියෙකි, නොසැලකිලිමත් හා නිරනුකම්පික පුතෙකි, ස්වාමි පුරුෂයෙකි, පියෙකි, සහෝදරයෙකි. රුසියානු විප්ලවය තුල සිය භූමිකාව පිලිබඳ වාර්තාව මුසාකරනය කල හා ඔහුගේ චරිතාපදායක අයිසැක් ඩොයිස්චර් විසින් සදොස් ලෙස කල වංචාවක් වන පරම්පරා ගනනාවක පාඨකයින් මුලා කර තිබෙන ලේඛන සැකසූ අයෙක් ද වෙයි. ට්‍රොට්ස්කි සමතලා කිරීමේ ඔහුගේ ආශාව තුල සර්විස් ඓතිහාසික වාර්තාව පිලිබඳ නානා ප්‍රකාර විකෘති කිරීම් හා සමස්ත ව්යවසායේම බුද්ධිමය ඒකාග්ර භාවය ප්‍රශ්නයට බඳුන් කරන කරුනු කාරනා පිලිබඳ නිරවද්‍ය භාවයේ අමූලික වැරදි සිදුකර ඇත.”
පැටිනෝඩි මෙසේ ද පවසයි:
"ඩේවිඩ් නෝර්ත් වෙත පිවිසෙන කල ඇමරිකානු ට්‍රොට්ස්කිවාදියෙකු වන ඔහුගේ කෘතිය සර්විස්ගේ වෙලුම හා ඉයන් තැචර් හා ජෙෆ්රි ස්වේන් විසින් රචිත ට්‍රොට්ස්කි පිලිබඳ පූර්ව චරිතාපදානයන් පිලිබඳ ඔහුගේ අදහස් ඇතුලත් රචනාවල එකතුවකි. (ඔහු 2009 මා රචනා කල ට්‍රොට්ස්කි: විප්ලවවාදියෙකුගේ වැටීම නම් කෘතිය ගැන සඳහන් නොකරයි) නොර්ත්ගේ ට්‍රොට්ස්කිවාදය ගැන සලකන කල සර්විස්ට එරෙහි ඔහුගේ සටහන් තුල අතිශයෝක්ති පිලිබඳව ඔහු සාධාරන සැක පල කරයි. එහෙත් නොර්ත්ගේ කෘතිය පිලිබඳ ප්‍රවේශම් සහගත හැදෑරීමක දී පෙන්නුම් කරන්නේ සර්විස් පිලිබඳ ඔහුගේ විවේචන ට්‍රොට්ස්කි ගැන විශේෂඥයෙකුවූ බරුක් නේ පෑස් ඔහුගේ කෘතියේ පිට කවරයෙහි සටහන් කෙරෙන ප්‍රකාශකගේ සටහනෙහි සඳහන් ‘සවිස්තරාත්මක සුපරික්ෂාකාරී මනාව තර්ක කල හා විනාශකාරී’ කියමනට හරියටම ගැලපෙන්නේය.” නොර්ත්ගේ විවේචනයෙහි ප්‍රධාන හුයපටවලින් පසුව පැටිනෝඩිගේ විමසුම දිග හැරෙන විට සර්විස්ගේ "සමස්ත ව්‍යවසායේ බුද්ධිමය ඒකාග්‍රතාවය” පිලිබඳ ඔහුගේ ප්‍රශ්නාර්ථය ඔහු තහවුරු කරයි. සිය පලමු බිරිඳ නිර්දය ලෙස අතරමංකල බවටත් දරුවන් දෙදෙනෙකු සමග ඇය අසරන කල බවටත් තරුන ට්‍රොට්ස්කි ගැන ද්වේෂ සහගත ලෙස සර්විස් කරන විස්තරය පැටිනෝඩි කෝපයෙන් බැහැර කරයි. ඔහු මෙසේ ලියයි, "සැබවින්ම රුසියාවේ ට්‍රොට්ස්කිගේ පවුල සොකලොව්ස්කායා හා ඔවුන්ගේ දියනියන්ට ආධාර දුන් අතර මහා භීෂනය හමුවේ ඇය සිය මරනයට මුහුන දුන්නේ ට්‍රොට්ස්කිවාදිනියක ලෙසයි.”
ඉතිහාසඥයෙකු ලෙස සර්විස්ගේ මූලික ප්රවීනත්වය පිලිබඳ අවමන් සහගත තක්සේරුවක් පැටිනෝඩි ඉදිරිපත් කරයි "සර්විස්ගේ කෘතියේ කරුනු කාරනා වශයෙන් දෝෂ ගනනාවක් තිබීම නෝර්ත් පවසන පරිදි ‘මවිතකරය’ මම දුසිම් හතරකට වැඩි සංඛ්‍යාවක් ගනන්කර ඇත්තෙමි.” "ආශ්‍රිතයක් ලෙස සර්විස්ගේ කෘතිය මුලුමනින්ම අවිශ්වාස කටයුතු” බව ඔහු අවධාරනය කරයි. "එක් ඉතිහාසඥයෙක් විසින් තවෙකෙකුගේ කෘතියක් වඩාත් අවමන් සහගතව අගැයීම පිලිබඳව සිතීම ද දුෂ්කරය. වැදගැම්මකට නැති සර්විස්ගේ කෘතිය කෙරෙහි ස්වකීයමය පිලිකුල පිලිබඳව පාඨකයින්ට අදහසක් දීමට උත්සාහ දරමින් පැටිනෝඩි මෙසේ කියයි: "සමහරවිට වැරදි හොම්බ එල්ලෙන තරම්ය.”
කරුනු ගොරහැඩි ලෙස වැරදියට පරිහරනය කිරීමේ දී සර්විස් ගැඹුරු ගැටලුවක් පිලිබිඹු කරයි. එනම් ට්‍රොට්ස්කිගේ අදහස් පිලිබඳව ඔහුගේ නොතැකීම හා මුග්ධත්වයයි. පැටිනෝඩි මෙසේ ලියයි: "ට්‍රොට්ස්කිගේ ලේඛන හා කතා තුල ඇති ඔහුගේ දේශපාලන අදහස් බැරෑරුම් ආකාරයට විමසුමට ලක් කිරීමට සර්විස් අසමත් වෙයි. තෙමේම එම අදහස් සමඟ හුරු වීමට කිසිවිටෙකත් කරදර නොවූ බවක් ද පෙනී යයි.” ට්‍රොට්ස්කිගේ අදහස් නිරතුරුව ම වැරදියට අර්ථ ගැන්වූ සර්විස් ඔහු වෙත පැවරිය යුතු කලාව සම්බන්ධ සංකල්පවලට පැමිනි විට පවා සැබවින්ම ඔහු (සර්විස්) එවාට එරෙහිව තර්ක කිරීම "සංස්කෘතිය සම්බන්ධ ‘ට්‍රොට්ස්කිගේ විනිශ්චයන්හි බොලඳකම’ හෙලිදරව් කිරීමේ ඔහුගේම ක්‍රමය තුලට කරුනු කාරනා ඇතුලත් වීම වැලැක්වූ බව” පැටිනෝඩි පෙන්වා දෙයි.
ඔහුගේ චරිතාපදානයේ මාතෘකාව (ට්‍රොට්ස්කි) මත එල්ල කරන සර්විස්ගේ පුද්ගල ආලම්භන ප්‍රහාර කෙරෙහි සිය අවධානය යොමු කරමින්, පැටිනෝඩි මෙසේ පවසයි: "තම විස්තර සනාථ කිරීමට කිසිදු ක්‍රමයක් නොමැතිව සර්විස් ට්‍රොට්ස්කි නින්දිත මිනිසෙකු වූ බවට සිය පාඨකයින් ඒත්තු ගැන්වීම පිනිස උප්පරවැට්ටි හා අවලාදාත්මක කැත භාෂාව මත විශ්වාසය තබයි.”
මොස්කව් නඩු වලදී ට්‍රොට්ස්කිට එරෙහිව නඟන ලද චෝදනා වලින් ඔහු නිදොස් කල 1937 පිහිටවූ ඩේව් කොමිසම අපකීර්තියට පත් කිරීමේ සර්විස්ගේ වෑයම පැටිනෝඩි විස්තර කරන්නේ, "සැබෑ කරනු පිලිබඳ විකාරයක්” ලෙස ය. "විසිවන සියවසේ ශ්‍රේෂ්ඨ විප්ලවවාදී ආඥාදායකයින්ගෙන් කෙනෙක් ලෙස ස්ටැලින් පසෙකින් ට්‍රොට්ස්කි තැබීමේ සර්විස්ගේ කුරුස යුද්ධය” කෙරෙහි තම සතුරුකම පැටිනෝඩි සඟවන්නේ නැත. එහෙත් ඉතිහාසය සර්විස්ට එරෙහිව කතා කරයි. "මක්නිසාද යත් ඉතිහාසය දිගහැරුනු ආකාරයට -1940 මෙක්සිකෝවේදී ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ට්‍රොට්ස්කි මරා දැමුනි- තම පාඨකයින් ඒත්තු ගැන්වීම පිනිස සර්විස්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබීමෙනි.” පැටිනෝඩි විනාශකාරී බලපෑමක් ඇති කරමින් මෙසේ ද කියයි. "එහෙත් වක්රොත්ති හා විතන්ඩවාදය සමඟ සර්විස්ට ගමන්කල හැකි වූයේ ඒතාක් දුර පමනක් නිසා ඔහු සාක්ෂි ගෙතිය යුතුව තිබුනි.” "අව්‍යාජ ඇමරිකානු විප්ලවවාදී ව්‍යාපාරයක් නිර්මානය කිරීම පිනිස රුසියානු කම්කරුවන් කිහිප දාහක් දැලි අඟුරු වනතෙක් පුලුස්සා දැමීමට” ඇති සිය කැමැත්ත පිලිබඳව ට්‍රොට්ස්කි පුරසාරම් දෙඩූ බවට කරන සර්විස්ගේ ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කරවමින්, පැටිනෝඩි පෙන්වා දෙන්නේ "නෝර්ත් අමූලික මුසාකරනයේ ක්‍රියාවක දී සර්විස් අල්ලාගෙන ඇති” බවයි.
සර්විස්ගේ මූලික පරියේෂනයන්හි බරපතල දෝෂ කෙරෙහි ද පැටිනෝඩි අවධානය යොමු කරවයි. ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට කෙටි කාලයකට පෙර ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ හූෆ්ටන් පුස්තකාලයෙහි තැන්පත් කල ලිපි ලේඛන සර්විස් විසින් බොහෝ කොටම නොතකාහැර තිබෙන බව ඔහු නිරීක්ෂනය කරයි.
පැටිනෝඩි සිය විමර්ෂනය අවසන් කරන්නේ, අවමන් සහගත විනිශ්චයක් සමඟිනි: "සර්විස්ගේ චරිතාපදානය ‘සිතේ සතුටක් ඇති නොකරන වෙහෙසකර කටයුත්තක්’ ලෙස නෝර්ත් හඳුන්වයි. තද වචන වුනත් මුලුමනින්ම යුක්තිසහගත ය. හාවඩ් විශ්විද්‍යාල මුද්‍රනාලය සිය මුද්‍රන අවසරය ලබාදී ඇත්තේ ඓතිහාසික විදග්ධ භාවයේ මූලික ප්රමිතීන් සම්පූර්න කිරීමට අසමත්වූ කෘතියකට ය.”
පැටිනෝඩි බාරදී ඇත්තේ සර්විස් පිලිබඳ අවමන් සහගත මෙන්ම කටඋත්තර නැති චෝදනාවකි. සර්විස්ගේ බුද්ධිමය වංකකමත් වෘත්තීය අපරිනත භාවයත් පිලිබඳ මෙම හෙලිදරව්ව නිෂ්ප්රභා කිරීම පිනිස ගොනුකල හැකි කරුනු ඔහුට ඇත්තේ නැත.
ප්රතිගාමී මාධ්‍ය කරුවන්ගේ ප්‍රශංසා නමැති උනුසුම ලැබ ශාස්ත්රාලික ප්‍රජාවේ වැඩි කොටසක් අතර පැතිර තිබෙන කුහක හා බුද්ධිමය බියගුලු කමේ වාතාවරනයෙහි වාසිය ද ලබමින් සර්විස් කල්පනා කලේ, ට්‍රොට්ස්කිගේ ජීවිතය හා අදහස් පිලිබඳ ඔහුගේ ලිඛිතාපවාදී මුසාකරන අනභියෝගීව පවතිනු ඇතැයි කියාය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඔහුගේ බොරු හා විකෘතිකරන කෙරෙහි අවධානය යොමුකරවා තිබිය දී පවා සර්විස් තමාට ම සපථ කර ගත්තේ කවුද ඔය ගැන සැලකිල්ලක් දක්වනවා ඇත්තේ? යනුවෙනි.
එහෙත් තමන්ගේ කුහකත්වය සාර්වත්රිකව බෙදා හදා ගනු ඇති බවට ගනන් බැලීමෙන් සර්විස් පොට වරද්දා ගත්තේය. නරක ඉතිහාසඥයෙකු වන සර්විස්ට ට්‍රොට්ස්කි හා විසිවන සියවසේ අනෙකුත් ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදීන්ගේ ජීවිත හා අදහස් කෙරෙහි වෙනස්වන වෛෂයික කොන්දේසි තුලින් නවතම උනන්දුවක් දැල්වෙනු ඇතැයි සිතාගත නොහැකි විය. බර්ට්‍රන්ඩ් පැටිනෝඩි මාක්ස්වාදියෙකුවත් ට්‍රොට්ස්කි කෙරෙහි දේශපාලනික හිතවත් කමක් දක්වන්නෙකුවත් නොවූව ද ප්රමුඛ ඓතිහාසික චරිතයක් වන ට්‍රොට්ස්කිගේ අදහස් හා ක්‍රියාවන් බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතු බව ඔහු වටහා ගත්තේය. එනම්, "සත්‍ය කෙරෙහි විශ්වාසය” යනුවෙන් ට්‍රොට්ස්කි පැවසිය හැකිව තිබුනු බුද්ධිමය අව්‍යාජත්වය සමඟිනි.
ඓතිහාසික සත්‍යය සඳහා අරගලයේ දී සර්විස් පිලිබඳ පැටිනෝඩිගේ හෙලිදරව්ව ඇමරිකානු ඓතිහාසික විමර්ෂනය තුල පලකිරීම වැදගත් ජයග්රහනයකි. තවත් අය පසුව එනු ඇත.
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන කමිටුව
Follow us on