එක්සත් ජනපදය හා යුරෝපය ලිබියානු ආක්රමනය දැඩි කරයි
US, Europe intensify Libya onslaught
එක්සත් ජනපදය, ප්රන්සය හා මහා බි්රතාන්යය ඒකාබද්ධව, බෙහෙවින් ම අනාරක්ෂිත ලිබියානු ආරක්ෂක හමුදා, මිලිටරි මධ්‍යස්ථාන, ටි්රපොලි අගනුවර මුවම්මර් ගඩාෆිගේ බාබ් අල් අසීසියා නිවස්නයේ කොටසක් ඇතුලු සමහර සිවිල් මධ්‍යස්ථාන වෙත බෝම්බ හෙලීම, 21දා වන විට තවත් දැඩි කර ඇත.
ප්‍රහාරයෙන් සිය ගනනක් ලිබියානුවන් මියගොස් ඇත. ලිබියානු රාජ්‍ය රූපවාහිනිය වාර්තා කල පරිදි 19දා ටි‍්‍රපොලිහි විනාශ කරන ලද රෝහලක මියගිය සංඛ්‍යාව 48කි. තුවාලකරුවන් 150කි. සඳහන් වන්නේ මියගිය හෝ තුවාල කරුවන්ගෙන් බොහොමයක් ලමයින් බවය.
ගඩාෆි පාලනයට නතුව පැවති නගරයක් වන අජාබියා හා කැරලිකරුවන් යටතේ පැවති බෙන්ගාසි සම්බන්ධ කරන මහා මාර්ගය පුරා "ගඩාෆිගේ අවි ආයුධ, හමුදා භටයින් හා යුද ටැංකිවල පිලිස්සී ගිය” සුන්බුන් දක්නට ලැබුන බව අල් ජසීරා මාධ්‍යයේ ටෝනි බර්ට්ලි 21දා වාර්තා කලේ ය. මෙම සොල්දාදුවන් වනසා දමනු ලැබුවේ ගඩාෆි විසින් පනවන ලදුව එක්සත් ජනපදය හා එහි මිත්‍ර පාක්ෂිකයින් ප්‍රතික්ෂේප කල ඒක පාර්ශවික සටන් විරාමය යටතේ ඔවුන් බෙන්ගාසි සිට පසුබසිමින් සිටිය දී ය. එය දින තුනක් ඇතුලත ගඩාෆි ඉදිරිපත් කල දෙවන සටන් විරාමය යි.
බි්රතාන්ය හමුදා විසින් බාබ් අල් අසීසියා වෙත එල්ල කල කෲස් මිසයිල් ප්‍රහාරය, එම ස්ථානයට ම 1986 අපේ‍්‍රල් මාසයේ දී රේගන් පාලනාධිකාරය එල්ල කල ගුවන් ප්‍රහාරයෙන් හරියට ම වසර 25කට පමන පසුව සිදුවිය. ත්රස්තවාදයට එරෙහි සටනේ නාමයෙන් සිදු කල එම ප්‍රහාරයෙන් ගඩාෆි හදාගත් දියනිය ද ඇතුලු දුසිම් ගනනක් මරුමුවට පත්විය.
ලිබියාවට පහරදීමේ දී එක්සත් ජනපදයේ භූමිකාව දෙවැනි ගනයේ එකක් ලෙස පෙන්වීමට දරන උත්සාහය තිබිය දී ම වොෂින්ටනය මෙම මෙහෙයුමේ පෙරමුන ගෙන තිබේ. කෲස් මිසයිල් ප්‍රහාර වැඩි වශයෙන් ම එල්ල කර ඇති එක්සත් ජනපද මිලිටරිය, 20දා සිදුකල ගුවන් ආක්රමන වැඩි ප්‍රමානයක් ද සිදු කර ඇත.
එක්සත් ජනපදයේ බී-52 වර්ගයේ රහසිගතව බෝම්බ හෙලන ගුවන් යානා විසින් රාත්තල් 2,000 බෝම්බ 45ක් එනම් රාත්තල් 90,000ක් තරම් වන බෝම්බ ප්‍රමානයක් ඒවායේ මිසෝරි මධ්‍යස්ථානයේ සිට ආපසු ඒ කරා පැමිනෙන අතරතුර ලිබියාවට හෙලා තිබේ. වාර්තාවන පරිදි බෝම්බ හෙලීමේ දිගු දුර යානා ටි්රපොලියෙන් බටහිරට පිහිටි මිස්රාටා ගුවන් පථය විනාශ කර තිබේ. මේ දක්වා එක්සත් ජනපදය තම නාවික යාත්‍රාවල සිට ටොම්හෝක් කෲස් මිසයිල 124ක් යවා තිබේ.
ඉතාලිය, ස්පාඤ්ඤය, කැනඩාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෝර්වේ, ග්‍රීසිය හා කටාර් යන රටවල් ද මිලිටරි ක්‍රියාන්විතයට සම්බන්ධ වී ඇත.
ධවල මන්දිරය හා බි්රතාන්ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ, "උදෑසන චාරිකාව” යන බෝම්බ දැමීම දැනටමත් බොහෝකොට ම යල්පැනගිය සෝවියට් තාක්ෂනය මත වාරුවී තිබෙන ලිබියාවේ ගුවන් ආරක්ෂක පද්ධතිය අඩපන කර තිබෙන බවය. "අපට අනිවාර්ය පියාසර තහනම් කලාපයක් තිබේ.” යයි ධවල මන්දිරයේ ප්‍රකාශකයෙක් ඒබීසී මාධ්‍යයට කියා සිටියේ ය.
පියාසර තහනම් කලාපයක් ක්‍රියාත්මකව ඇති නමුත්, ක්‍රියාන්විතයේ එකම අරමුන සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ය යන ප්‍රෝඩාව තම මිසයිල ප්‍රහාර ඉහල නැංවීම මඟින් බටහිර බලවත්තු දැනටමත් හෙලිදරව් කර තිබේ.
චිලී දේශයට කල නිල සංචාරයේ දී 21දා ඔබාමා ප්‍රකාශ කලේ, "ගඩාෆි යා යුතුය යන්න එක්සත් ජනපදයේ ප්රතිපත්තියයි.” එක්සත් රාජධානියේ විදේශ ලේකම් ලියම් ෆොක්ස් සති අන්තයේ පැවති සම්මුඛ සාකච්ඡුාවක දී කියා සිටියේ, ගඩාෆි එක්සත් ජනපද හා මිත්‍ර පාක්ෂික මිසයිල් හා බෝම්බ ප්රහාරයන්ගේ "නීත්‍යානුකූල ඉලක්කයක්ව” ඇති බවයි.
බටහිර හවුල සිවිල් යුද්ධයට මැදිහත්වූයේ බෙන්ගාසි මධ්‍යස්ථානය කර ගත් ලිබියානු තන්ත්රයේ පිලිමල් කන්ඩායමක පැත්තෙනි. එයට සම්බන්ධ හමුදාව ඊජිප්තු මිලිටරිය විසින් ආයුධ සන්නද්ධ කර ඇති බව වාර්තාවේ. දින තුනකට පෙර අනිවාර්ය පරාජයකට මුහුනපෑමෙන් පසුව කැරලිකාර හමුදා බෙන්ගාසි මධ්‍යස්ථානය අතහැර ගඩාෆිගේ හමුදා විසින් පාලනය කරන යාබද නගර වලට පහරදීමට පටන් ගත්හ. අල් ජසීරා වාර්තාවකට අනුව ඔවුන් අජාබියා නගරය ආසන්නයට පැමිනියේ ය. එහෙත් ”ගඩාෆිගේ හමුදාවන්හි දැඩි ප්‍රහාර හමුවේ ඔවුන් සීසීකඩව පලා ගියේය.”
බටහිර ගුවන් රැකවරන මධ්‍යයේ කැරලිකාර හමුදා ටි්රපොලි වෙත ලඟාවූයේ නම් ලේ වැකි ගැටුමකට කරලිය සැකසෙනු ඇත. ක්‍රියාන්විතයේ ආඥාපති එක්සත් ජනපද හමුදාවේ ජෙනරාල් කාටර් එෆ්. හැම් 21දා කියා තිබුනේ දැන් හවුල්කාර හමුදා අනෙකුත් නගර ද ඉලක්ක කර ගනිමින් පියාසර තහනම් කලාපයේ ප්‍රමානය පුලුල් කරනු ඇති බවය. එයට ලිබියාවේ ගුවන් ආරක්ෂන පද්ධතියේ වැඩි කොටසක් ස්ථානගත කර තිබෙන ටි්රපොලි ද අන්තර්ගත වෙයි. "එහි දී අපට ලිබියානු තන්ත්රයේ ජංගම ගුවන් ආරක්ෂන පද්ධතිය සොයා ගෙන එයට පහර දී විනාශ කල හැකිවෙයි.” හැම් පැවසීය.
21දා වන විට ප්‍රහාරය ජාත්‍යන්තරව හෙලාදැකීමට ලක්විය. එක්සත් ජනපදය, ප්රන්සය හා බි්රතාන්ය එක්සත් ජාතීන්ගේ ආවරනය යටතේ ක්‍රියාත්මක වන අතර නේටෝවේ නිල ව්‍යුහයට පිටින් කටයුතු කරයි. නේටෝවේ නිල සහභාගිත්වය, ගඩාෆි තන්ත්රයට එරෙහි මිලිටරි මෙහෙයුමට විරෝධය පලකරන තුර්කිය විසින් වලක්වනු ලැබීය.
මෙම මෙහෙයුම "මධ්‍යකාලීන යුගයේ කුරුස යුද්ධ සිහි කැඳවන” බව 21දා කියා සිටි රුසියානු අගමැති පුටින්, ප්‍රහාරයට ඉඩ සැලසූ ආරක්ෂක මන්ඩලයේ යෝජනාව "දෝෂ සහගත වැරැද්දක්” යයි පැවසීය. චීනය, බ්‍රසීලය, ඉන්දියාව හා ජර්මනිය සමග රුසියාව යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් වැලකී සිටි නමුත්, එක්සත් ජනපදය, ප්රන්සය හා බි්රතාන්යට ආක්රමනකාරී යුද්ධය සඳහා රාජ්‍ය තාන්ත්‍රික නීතියුක්ත භාවයක් ගෙන දීමට ඉඩ සැලසීය.
අරාබි සංගමයේ රැස්වීමක් අමතමින් දකුනු අප්‍රිකානු ජනාධිපති ජැකොබ් සූමා 21 දින තම ආන්ඩුව "පාලන තන්ත්ර වෙනස් කිරීමේ ධර්මතාවයට හා ලිබියාව තුල විදේශ හමුදා ලැගුම් ගැනීමට” විරුද්ධ බව පැවසීය.
සූමා, ගඩාෆි හා කැරලිකාර හමුදා අතර සාම ගිවිසුමක් වෙනුවෙන් කපුකම් කිරීමට ටි්රපොලි වෙත යාමට නියමිතව තිබුන ඉහල මට්ටමේ අප්‍රිකානු සංගම් කමිටුවේ පර්ශවකරුවෙක් විය. කෙසේ වෙතත් එක්සත් ජනපද නායකත්වයෙන් යුත් හවුල්කරුවෝ ඔවුන්ට ගොඩබැසීමට ඉඩ නොදුන්හ.
ඉන්දියාව ගුවන් ප්‍රහාර වහාම අත්හිටුවිය යුතු බව කියා සිටි අතර චීනය, ලිබියාව පිලිබඳව සාකච්ඡා කිරීමට 21දා ආරක්ෂක මන්ඩලය කැඳවා තිබේ.
කයිරෝහි දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් වට කර ගත් මිනිසුන් කන්ඩායමක් ලිබියාවට බෝම්බ හෙලීමේ ව්‍යාපාරයට විරෝධය පල කලහ. බෑන් 21දා තරීර් චතුරස්රයට යාමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් විරෝධතාව නිසා ඔහුට අරාබි සංගමයේ කාර්යාල වෙත පසුබැසීමට සිදු විය.
21දා වන විට හවුල ම ඉරිතලා යාමේ සලකුනු දක්නට තිබුනි. එක්සත් ජනපදය, ප්රන්සය හා බි්රතාන්ය විසින් අන පතුරුවන හිටි අඩියේ කඩාපැන්නවූ යුද්ධයේ ස්වභාවය පිලිබඳව ඉතාලිය හා නෝර්වේ යන දෙරට ම විරෝධය පලකලේ ය. නේටෝ පාලනය යටතට ගැනෙන මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කරන තෙක් තම ජෙට් යානා මෙහෙයුමට සම්බන්ධ නොවන බව නෝර්වේ පැවසීය.
ක්‍රියාන්විතයේ පාලනය නේටෝව අතට පත් නොවන්නේ නම් ලිබියාවට එරෙහි ප්‍රහාර සඳහා තම මිලිටරි කඳවුරු යොදාගැනීමට දී ඇති අවසරය අවලංගු කිරීමේ අදහසක් ඉතාලි විදේශ ඇමති ෆ්රැන්කෝ ෆ්රැටිනි ඉදියට ගෙන ආවේය. ඉතාලිය ලිබියාවේ සමීපතම යුරෝපීය අසල් වැසියා වන අතර මිලිටරි මෙහෙයුම් සඳහා එහි කඳවුරු වැදගත් වුවත්, රටවල් තුන ම ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන්නේ තමන්ගේ ම භූමිභාගයන්හි සිට හා ලිබියානු වෙරලාසන්නයේ රඳවා තිබෙන ගුවන් යානා හාරක නෞකාවල සිට ය.
ලක්ෂ ගනනක් ලිබියානුවන්ගේ ජීවිතවල වියදමෙන් 1913-1934 අවධියේ කලාපය පාලනය කිරීමට උත්සාහ ගත් හිටපු යටත් විජිත බලවතෙකු වන ඉතාලිය, මිලිටරි මැදිහත්වීමකට විරුද්ධව මුලින් ජර්මනිය සමග අත්වැල් බැඳගත් නමුත් ඔබාමා පාලනාධිකාරය යුද්ධයට පැනගැනීමත් සමග එය සමග පෙල ගැසුනේ ය. අගමැති සිල්වියෝ බර්ලූස්කෝනි යටතේ ඉතාලිය, ගඩාෆි සමග සමීප සම්බන්ධතා ගොඩනඟා ගත් අතර ලිබියාව තුල බටහිර බලවතුන්ගේ වඩාත් පුලුල් අවශ්‍යතා සඳහා පෙනී සිටියේ ය.
ල රිපබ්ලිකා මාධ්‍යයට අනුව බර්ලූස්කෝනි මෙසේ පවසා තිබුනි. ඉතාලියට "පසෙකට වී බලා සිටීමේ අවදානම ගනිමින් අනෙකුත් අය විසින් ගන්නා තීරනවල ප්රතිවිපාකයනගෙන් පීඩා විඳීමට නොපුලුවන. ගෑස් හා තෙල් පිලිබඳ වානිජ්‍ය සම්මුතීන්ට ගරුකිරීමක් යෝජනාවට ඇතුල්විය යුතු” බවට ද ඉතාලිය ඉල්ලා සිටියේ ය.
බි්රතාන්යය ද ක්‍රියාන්විතය නේටෝ පාලනය යටතේ තැබිය යුතු බවට තර්ක කලත් ප්රන්සය එවැන්නකට විරුද්ධ විය. 21දා බ්රසල්ස්හි පැවති යුරෝපීය විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමක දී විදේශ ඇමති ඇලන් ජුපේ පැවසුවේ, බෝම්බ හෙලීමේ කටයුත්තට "සහාය දීම සඳහා දින කිහිපයක් ඇතුලත නේටෝවට සහභාගී විය හැකිය.” යනුවෙනි.
බෝම්බ හෙලීම් පිලිබඳව යුරෝපීය බලවතුන් අතර වඩාත්ම විවේචනශීලී වී ඇත්තේ ජර්මනිය යි. විදේශ ලේකම් ගයිඩෝ වෙස්ටර්වේල් බ්‍රසල්ස් රැස්වීමේ දී මෙම ආස්ථානය යලි ප්‍රකාශ කලේ ය. "ජර්මානු සෙබලුන් ලිබියාවට නොයවනු ඇත්තේ මෙම යුද්ධය, සැබෑ අවදානම් ගෙන එනු ඇත්තේ හුදෙක් ලිබියාවට පමනක් නොව සමස්ත කලාපයට ම වීම නිසා ය.” ඔහු එසේ පැවසුවේ තම ආන්ඩුව සම්බාධක සඳහා සහයෝගය දෙන බව යලි අවධාරනය කරමිනි.
ලිබියාවේ වෙලඳ සහකරුවන් අතර ප්රන්සය සිටින්නේ ඉතාලිය හා ජර්මනියට පසු පසිනි. තුර්කියට පසුව බි්රතාන්ය සිටින්නේ සත්වන ස්ථානයේ ය. ලිබියාව සමග වෙලඳාමෙන් එක්සත් ජනපදය දරන පංගුව දල වශයෙන් චීනයේ පංගුවට සමාන සියයට 6කටත් අඩු ප්රතිශතයකි.
එක්සත් ජනපදයේ දී, කොන්ග්‍රසයේ අනුමැතිය කෙසේ වෙතත් ඒ තුල සාකච්ඡාවකින් පවා තොරව ඒකපාර්ශවිකව මිලිටරි බලය යොදාගැනීම පිලිබඳව ධවල මන්දිරය කෙරෙහි අතලොස්සක් ඩිමොක්රටික හා රිපබ්ලිකානු මන්ත්‍රීන් ඇල් මැරුනු විවේචන එල්ල කොට තිබේ.
ඔබාමා පරිපාලනයේ නිලධාරීන් ඊට ප්‍රතිචාර වශයෙන් අවධාරනය කරන්නේ, ප්‍රහාර එල්ල කිරීමට පෙර තමන් කොන්ග්‍රසයේ "අදහස් විමසූ” බවය. "උප උපදේශනයේ ක්‍රියාකලාපය ඉතා බැරෑරුම් ලෙස ගනන් ගන්නෙමු” යයි ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසී ය.
Follow us on