විරෝධතා මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ආන්ඩුව විශ්වවිද්‍යාල තුනක් වසා දමයි
Sri Lankan government shuts down three universities to block protests
By Kapila Fernando, 14 April 2011
පසුගිය මාස කීපය තුල විරෝධතා මර්දනය කිරීම සඳහා විශ්වවිද්‍යාල වසා දැමීම ඇතුලු පියවර මගින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් මත ශ්‍රී ලංකා ආන්ඩුවේ ප්‍රහාරය උග්‍ර කර තිබේ. ශිෂ්‍යයන් බිය ගැන්වීමට හා අධ්‍යාපන පහසුකම් දැඩි ලෙස කප්පාදු කිරීමට එරෙහි විරෝධතා යටපත් කිරීම සඳහා උත්සාහ දරමින් ආන්ඩුව පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා පිඹුරු පත් සකස් කරමින් සිටියි.
මාර්තු 27 දින සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහින්ද රූපසිංහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය සහ තවත් පීඨ ශිෂ්‍ය සභා පහක් තහනම් කලේ ය. ආන්ඩුව සහ අධ්‍යාපන අමාත්‍යංශය විශ්වවිද්‍යාල පනතේ ඇති ප්රජාතන්ත්ර විරෝධී විධිවිධාන යොදා ගනිමින් ඒවාට අනුබලය දුන්නේය. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් නවරත්න මෙසේ ප්‍රකාශ කලේ ය:"විශ්වවිද්‍යාලයේ තත්වයට හානි සිදු කරන ඕනෑම ශිෂ්‍ය ව්‍යාපාරයකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපි පසුබට වන්නේ නැහැ.”
තහනමට පෙරාතුව මේ වසරේම දෙවන වතාවටත් බලධාරීහු විශ්වවිද්‍යාලය වසා දැමුවේ තම සහෝදර ශිෂ්‍යයන් 58 දෙනෙකුගේ පන්ති තහනමට එරෙහිව ශිෂ්‍යයන් සංවිධානය කල විරෝධතතා ව්‍යාපාරයක් මර්දනය කිරීමේ අටියෙනි. ශිෂ්‍ය විරෝධතා හා දේශපාලන කටයුතු පාගාදැමීම අරමුනු කරගෙන ආන්ඩුව පනවා ඇති පුලුල් නීතිය යටතේ විශ්වවිද්‍යාල පරිපාලනය නවක සිසුන්ට "නවකවදය” දීම පිලිබඳව පන්ති තහනම්කල සිසුන්ට චෝදනා කලේය. ශිෂ්‍ය සංගමය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
"නවක වද” චෝදනාව ප්‍රමානවත් පහසුකම් ලබා නොදීමට එරෙහිව පැවති නිරන්තර ශිෂ්‍ය විරෝධතා ද විශේෂයෙන් මෑතක දී විශ්වවිද්‍යාල පුද්ගලීකරනයට එරෙහි විරෝධතා ද හේතු කොට ගෙන මෙම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් මත මර්දනය දිගේලි කිරීම සඳහා යොදාගත් කඩතුරාවක් පමනි. විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඇති අවස්ථාවන් වැඩි කරන ලෙසට ශිෂ්‍යයන් හා දෙමාපියන්ගෙන් කෙරුනු පුලුල් බලපෑම් හේතු කොට ගෙන 1990 දී සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබිනි. බලයට පැමිනි සෑම ආන්ඩුවක ම දුන් පොරොන්දු තිබිය දී විශ්වවිද්‍යාලය තුල ආචාර්යවරුන්, දේශන ශාලා සහ අනෙකුත් පහසුකම් කිසිවක් ප්‍රමානවත් පරිදි සපයා නැත.
මාර්තු 26 වන දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රසිද්ධියේ ම ශිෂ්‍ය සභා තහනම් කිරීමට තම සහාය පල කලේ ය. ඔහු ප්‍රකාශ කලේ විශ්වවිද්‍යාලවල "විනය” පවත්වා ගැනීම සඳහා විශ්වවිද්‍යාල හය මාසයක් වුවත් වසා දැමීමට ද ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ද ආන්ඩුව පසුබට නොවන බවයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ විරෝධතාවන්හි යෙදුනු ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට නියෝග ලබා දී තිබේ.
විශ්වවිද්‍යාල කටයුතු වලට "බාධා” වන පරිදි විරෝධතාවන්ට ආචාර්යවරුන් සම්බන්ධ වීම ආන්ඩුව කිසිසේත් ඉවසන්නේ නැති බවට දිසානායක තවදුරටත් අනතුරු ඇඟවීය. ඉහල වැටුප් ඉල්ලා සිටිමින් දිවයිනේ සෑම විශ්වවිද්‍යාලයකම ආචාර්යවරු දහස් ගනනක් පසුගිය මාසයේ දිනක වැඩ වර්ජනයක නිරත වූහ.
විශ්වවිද්‍යාලය තුල ස්ථාපිත කර ඇති පොලිස් මුර පොලක් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් විශ්වවිද්‍යාලයේ දෙමල ශිෂ්‍යයන් පන්ති වර්ජනයක් ආරම්භ කිරීමෙන් පසුව මඩකලපුවේ පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලය මාර්තු 31 සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇත. පන්ති වර්ජනයෙන් පසුව මාර්තු 28 වන දින, ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසාන තරගයකින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කිරීමෙන් අනතුරුව, දෙමල හා සිංහල ශිෂ්‍ය කන්ඩායම් අතර ගැටුමක් ඇති විය. දෙමල ශිෂ්‍යයන් චෝදනා කලේ සිංහල කන්ඩායම් මෙන්ම පොලීසිය ද ඔවුනට පහර දුන් බවයි.
අප්රමානවත් පහසුකම් සම්බන්ධව දැඩි අප්‍රසාදයක් පවතින තත්වය තුල විශ්වවිද්‍යාල බලධාරින් ඕනෑකමින්ම වාර්ගික ආතිතීන් අවුලුවාලීමට උත්සාහ කිරීම පිලිබඳව ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල බලධාරීන්ට චෝදනා කරති. මඩකලපුවේ වනාතරුමුලායි හි පිහිටි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රය ආරම්භ කරන විට මහා විද්‍යාලයකට වඩා හොඳින් නොපැවති අතර තවමත් එයට විධිමත් අධ්‍යාපන හා අනෙකුත් පහසුකම් ප්‍රමානවත් පරිදි සපයා නැත.
අප්‍රේල් 6 වන දින රුහුනු සරසවියේ ප්‍රතිවිරුද්ධ දේශපාලන කන්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව විශ්වවිද්‍යාල පරිපාලනය සරසවිය වසා දැමූ අතර ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලය තුලට ඇතුලු වීම තහනම් කරනු ලැබීය. පෙනීයන පරිදි ආන්ඩු හිතවාදී ශිෂ්‍ය කන්ඩායමක් විපක්ෂ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ධ අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ආධිපත්‍යය දරන ප්‍රධාන ශිෂ්‍ය සභාවේ සාමාජිකයකුට පහරදීම මගින් මෙම ගැටුම ඇවිලී ගියේය.
විශ්වවිද්‍යාල තුල පහසුකම් වැඩිකරන ලෙසට බලකෙරෙමින් හා පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට විරුද්ධව පසුගිය වසරේ පැවැත්වූ විරෝධතා මාලාවට පසුව වසාදැමීම සිදුවිය. පසුගිය ඔක්තෝබරයේ දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා දැක් වූ 2,000 ක් පමන ශිෂ්‍යයන්ට පොලීසිය පහර දුන්නේය. ශිෂ්‍යයන් දහඅට දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබු අතර අධ්‍යාපන ආයතන තුල නවක වදය දීම සහ අනෙකුත් ආකාරයේ ප්රචන්ඩත්වය වැලැක්වීමේ නැවත හඳුන්වාදුන් පනත යටතේ "නොහික්මුනු හැසිරීම” සම්බන්ධයෙන් ඔවුනට චෝදනා එල්ල කරනු ලැබිනි.
පසුගිය වසරේ විශ්වවිද්‍යාල පරිපාලනය විවිධ චෝදනා යටතේ සිසුන් 200කගේ පමන පන්ති තහනම් කල අතර කිහිප දෙනෙකුටම එරෙහිව අධිකරනයේ නඩු පවරා ඇත.
අවිශිබම විශ්විද්‍යාල පුද්ගලීකරනයට එරෙහි විරෝධතාවයන් හි මූලිකත්වය ගෙන ඇතත් මහින්ද රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් කිරීම මගින් එහි ප්‍රතිපත්ති වෙනස් කරවිය හැකිය යන මායාව වපුරමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මහජන සුභසාධන කප්පාදු නිර්දේශ ක්‍රියාවට නංවමින් ඇති බැවින් පුද්ගලීකරන න්‍යාය පත්‍රය කි‍්‍රයාත්මක කිරීමේ වේගය අඩු කිරීම හෝ එය නවතා දැමීම සඳහා ආන්ඩුවට කිසිදු චේතනාවක් නැත.
අපේ‍්‍රල් 2 වන දින අවිශිබම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් හමුවීමට යෑම මඟින් එහි දේශපාලන බංකොලොත් භාවය විදහා දැක්වීය ශිෂ්‍ය සංගම්වලට, මාධ්‍යයට හා විරුද්ධ පක්ෂවලට ආන්ඩුව එල්ල කරන ප්‍රහාර පිලිබඳව අවිශිබම එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිනිලි කල අතර "තවත් ප්‍රමාදවීමට මත්තෙන් මැදිහත්වන ලෙසට” එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් මූනගැසීමෙන් පසුව අවිශිබමයේ කැඳවුම්කරු සංජීව බන්ඩාර ඇමරිකානු, බි්රතාන්ය, රුසියානු, ප්රන්ස, කියුබානු හා ඉන්දියානු තානාපති කාර්යාලවලට පෙත්සම් බාර දුන්නේ ය.
අවිශිබමය කුමන ආකාරයේ "මැදිහත් වීමක්” යෝජනා කරන්නේ ද යන්න පැහැදිලි නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා තමන්ගේ මූලෝපායික හා ආර්ථික අවශ්‍යතාවයන් මුදුන්පත් කර ගැනීම සඳහා මහා බලවතුන් "මානව හිමිකම්” ප්‍රශ්න යොදා ගන්නා නරුම අකාරය මොනවට පැහැදිලිය. අවිශිබමය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් සමග කුලුපගුකම් දක්වන අතර වාරයේ එක්සත් ජනපදය, බි්රතාන්යය හා ප්රන්සය ලිබියාව තුල තමන්ට වඩාත් හොඳින් බැලමෙහෙකම් කරන තන්ත්රයක් ස්ථාපිත කිරීම සඳහා ගුවන් ප්‍රහාර ඇතුලු හමුදා ආක්රමනයකට "මැදිහත් වෙමින්” සිටී.
අවිශිබමයේ තර්ක එම සංවිධානයේ වාර්ගික ස්වරූපය ද හෙලිදරව් කරයි. එකී පෙත්සමෙන් එක්සත් ජාතීන්ට පැමිනිලි කරන්නේ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව යුද්ධයෙන් ශ්‍රී ලංකාව "ජයගත්” නමුදු "බලාපොරොත්තු වු වෙනස” තවමත් උදා වී නැති බවයි.
ජනතා විමුක්ති පෙරමුන රාජපක්ෂ යලි ඇරඹූ යුද්ධයට පූර්න සහාය ලබාදුන් අතර ආන්ඩුවේ යුද ව්‍යායාමය වෙනුවෙන් වැඩකරන ජනතාව කැපකිරීම් කල යුතු බව කියා සිටිමින් දෙමල සුලුතරයට එරෙහි ආන්ඩුවේ යුද අපරාධ ආරක්ෂා කලේ ය. එවක දී අවිශිබම කියා සිටියේ ආන්ඩුවේ යුද්ධය වෙනුවෙන් අධ්‍යාපන පහසුකම් සඳහා වන දැවෙන අවශ්‍යතා සඳහා උද්ඝෝෂන අත්හැර දැමිය යුතු බවයි. අද ප්රජාතන්ත්රවාදී අයිතීන් උදෙසා එහි හඬගෑම "කොටි සැකකරුවන්” ලෙස නඩු පැවරීමකින් තොරව අත්තනෝමතික ලෙස සිරගතකර සිටින දහස් ගනන් දෙමල තරුන තරුනියන් වෙත යොමුවන්නේ නැත.
රාජපක්ෂ ආන්ඩුව "බලාපොරොත්තු වු වෙනස” අන් කිසිවක් නොව විදේශ ආයෝජනයන් සඳහා නව ලාභ ශ්‍රම පාරාදීසයක් රට තුල නිර්මානය කිරීමත් රට දකුනු ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමත් ය. මෙම අරමුන සාර්ථක කර ගත හැක්කේ වැඩ කරන ජනතාවගේ හා තරුනයන්ගේ ජීවන කොන්දේසි දරුනු ලෙස කප්පාදු කිරීම තුලින් පමනි.
විශ්වවිද්‍යාල පුද්ගලීකරනය ඇතුලු මෙකී න්‍යාය පත්‍රයට විරුද්ධ වීමේදී ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙත හැරිය යුතු අතර සමාජවාදී ප්‍රතිපත්ති මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම වෙත යොමු විය යුතුයි. පොහොසත් සුලු පිරිසකගේ ලාභ අපේක්ෂාවන් සඳහා නොව තරුනයින්ගේ නිදහස් හා ඉහල ගුනාත්මක අධ්‍යාපන අයිතිය ඇතුලු බහුතරයේ දැවෙන සමාජ අවශ්‍යතාවයන් තෘප්ත කිරීම අරමුනු කර ගනිමින් සමාජය එහි මුදුනේ සිට පතුල දක්වා විවිධ වූ ප්රමුඛතාවයන් මත නැවත ප්‍රතිසංවිධානය කල යුතු ය.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සටන් වදින ඉදිරිදර්ශනය මෙයයි. සෑම විශ්වවිද්‍යාලයකම සසජාශි සංවිධානයේ ශාඛා ගොඩනගමින් අපගේ අරගලයට එකතු වන ලෙස අපි ශිෂ්‍යයන් ට ඇරයුම් කරමු.
Follow us on