ශ්‍රී ලංකාව: ජාමුඅ රුපියල අවප්රමානය කරන ලෙස බල කර සිටියි
Sri Lanka: IMF demands currency devaluation
By Saman Gunadasa, 5 October 2011
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ශ්‍රී ලංකාවට ලබා දී ඇති නය මුදලෙහි අවසන් කොටස් දෙක පමා කරමින් රුපියල අවප්රමානය කරන ලෙස බල කර සිටියි. එක කොටසක් ඇ. ඩොලර් 400 ක්වූ ජූනි හා දෙසැම්බර් මාස වල ගෙවීමට නියමිතව තිබූ එම කොටස් ගෙවීම ජාමූඅ කල් දැමූ පසු එහි නේවාසික නියෝජිත කෝෂි මතායි කියා සිටියේ ජාමූඅ හි සමීක්ෂනය අවසන් කිරීමේ කාල සටහනක් නොමැති බවයි.
“නම්‍යශීලී විනිමය අනුපාතිකයක්" පවත්වා ගත යුතුය යන ඉල්ලීමට කන් නොදුනහොත් තවත් විදේශ සංචිත අර්බුදයක් ලඹ දෙන බවට ජාමූඅ ආන්ඩුවට අනතුරු ඇඟවීය. තව දුරටත් ඉන්ධන මිල ඉහල දමන ලෙසත් දේශීය පොලී අනුපාතය වැඩි කරන ලෙසත් අරමුදල බලකර සිටියි.
වර්ධනය වන ආර්ථිකය ගෝලීය ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුන දී ඇත යන ජනාධිපති රාජපක්ෂගේ සාවද්‍ය ප්‍රකාශය ජාමූඅ හි තක්සේරුව විසින් යටපත් කෙරෙයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආර්ථික කුනාටු වලට අතිශයින්ම නිරාවරිත නමුත් ජාමූඅ හි බල කිරීම් මගින් දිවයිනේ සමාජ ආතතීන් අතිශයින්ම ඉහල නංවනු ඇත.
වොෂින්ටනයේ පදනම් වී සිටින ආයතනයට අවශ්‍ය වන්නේ නරක් වන ගෝලීය ආර්ථික තත්වයෙහි බලපෑම වෙනුවෙන් වැඩ කරන ජනයාට ගෙවීමට සැලැස්වීමයි. රුපියල අවප්රමානය වීම මගින් නව වටයකින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉහල ගොස්, කම්කරු පන්තියේ ජීවන කොන්දේසි යලි කඩා වැටෙනු ඇත.
ජාමූඅ හි බලපෑම් ගලා එන්නේ දරුනු ගෙවුම් ශේෂ අර්බුදයකින් ගොඩ ඒම සදහා 2009 ජූලි මස රාජපක්ෂ ආන්ඩුව ජාමූඅ න් ඇ. ඩොලර් බිලියන 2.6 ක නය මුදලක් ලබා ගැනීමේදී පැනවුනු කොන්දේසි වලිනි. මූල්‍ය හදිසි බාවයට හේතු වූයේ 2008 ඇරඹුනු ලෝක පරිමාන ආර්ථික කඩා වැටීම මිලිටරි වියදම් සදහා රාජපක්ෂ ආන්ඩුවේ විශාල නය ගැනීම් සමග බද්ධ වීමය. ජාමූඅ පැනවූ පටි තද කර ගැනීමේ පියවරයන්ට ඇතුලත් වූයේ 2009 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් වූ අය වැය හිඟය 2012 වන විට සියයට 5 ට බැස්සවීම ය.
ශ්‍රී ලකාවේ ආර්ථිකය සමීක්ෂනය සදහා පැමිනි ජාමූඅහි කන්ඩායමෙහි නායක බ්‍රයන් එයිට්කන් එහි “ශීඝ්‍ර පුලුල් වීම" හා “සෞඛ්‍ය සම්පන්න ආර්ථික මූලිකාංග" අගය කලේය. ඒ අතරම ඔහු අනතුරු ඇඟවූයේ “ශ්‍රී ලකාවේ මූලික සංචිතයන් පහසු මට්ටමක පැවතියද" රුපියලෙහි අගය ආරක්ෂා කර ගැනීම සඳහා මහ බැංකුව විදේශ විනිමය විකුනන බැවින් “නය ගැනීම් නොවන සංචිත ශීඝ්‍ර ලෙස පහත වැටෙන බවයි."
රුපියල අව ප්‍රමානය වීම වැලැක්වීම සඳහා ජූලියේදී ඩොලර් මිලියන 416 ක හා අගෝස්තුවේදී ඇ. ඩොලර් මිලියන 300 ක විදේශ විනිමය මහ බැංකුව විසින් විකුනනු ලැබිනි. “එබැවින් මහ බැංකුවේ මැදිහත් වීම සීමා කල යුතු බව" එයිට්කන් අවධාරනය කලේය. ජාමූඅ මෙම ඉල්ලීම කරන්නේ අවිනිශ්චිත බාහිර වර්ධනයන් එනම් යුරෝපීය නය අර්බුදය මෙන්ම එක්සත් ජනපදයේ හා අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්හි මන්දාවදමන ප්රවනතා නිසා බව ඔහු කියා සිටියි.
බැංකුව සතුව ප්‍රබල විදේශ විනිමය සංචිතයක් තිබෙන බැවින් මහ බැංකුව ජාමූඅ හි නියෝග වලට අවනත නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මුලදී ප්‍රකාශ කලේය. දෙසැම්බරයේදී සමීක්ෂනය යලි ඇරඹෙන බව මෙම සතියේදී ඔහු ප්‍රකාශ කලේය. ආන්ඩුව ජාමූඅ හි නියෝග ඉටු කරන බවට සැකයක් නැත. මෙම වසර මුලදී මේ අයුරින්ම ජාමූඅ තෙවන වාරිකය නවත්වා අය වැය හිඟය පිලිබඳ එල්ලයන් ට ආන්ඩුව අවනත විය යුතු බවට බල කලේය.
රාජපක්ෂ ආන්ඩුව දැනටමත් එනම් පසුගිය වසර දෙක තුල උග්‍ර පටි තද කිරීමේ පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල හා බදු ඉහල දැමීම, වැටුප් කැටි කිරීම, සහනාධාර කැපීම හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීම ඊට ඇතුලත්ය. තව දුරටත් එල්ල කෙරෙන ප්‍රහාර මගින් අසහනය උග්‍ර කෙරෙන බව දන්නා ආන්ඩුව ඔක්තෝබර 8 දින ප්‍රාදේශීය සභා 23ක් සඳහා වූ මැතිවරනය අවසන් වන තෙක් කල් බලමින් සිටියි.
තමන් සතුව මාස 5ට වඩා ආනයන වලට සෑහෙන ඩොලර් බිලියන 8.1 ක විදේශ සංචිත තිබෙන බව මහ බැංකුව පවසයි. කෙසේ වෙතත් මින් සැලකිය යුතු කොටසක් සමන්විත වන්නේ විදේශ නය වලිනි. පසුගිය නය ගෙවීම සඳහා බැංකුව පසුගිය මාසයේ යුරෝ බිලියනයක වානිජ නයක් ඉහල පොලියකට ලබා ගත්තේය.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් භාගයේ වෙලඳ ශේෂ හිඟය ඇ. ඩොලර් බිලියන 4.25 දක්වා සියයට 70න් ඉහල නැගීම පිලිබඳව ද ආර්ථිකඥයින් කනස්සල්ල පල කර ඇත. මෙම වසරේ පලමු හය මස තුල ආනයනයන් සියයට 46.5න් ඇ. ඩොලර් බිලියන 9.3 දක්වා ඉහල යන අතර තුර අපනයනයන් ඉහල යනු ලැබුවේ සියයට 35න් ඇ. ඩොලර් බිලියන 5 ක් දක්වා පමනි.
ඛාදනය වන වෙලඳ ශේෂ හිඟයට ප්‍රධානතම හේතුවක් වන්නේ අත්‍යවශ්‍ය භාන්ඩ වල ගෝලීය මිල ඉහල යාමය. 2011 ජූනියේදී ඉහත වසරට සාපේක්ෂව බොර තෙල් වල ආනයන මිල සියයට 43.9 න් ඉහල ගියේය. තිරිඟු හා සීනි වල මිලද ඉහල ගියේය.
මැද පෙරදිග පිපිරීම් හා ගෝලීය ආර්ථික කඩා වැටීම මෙම වසරේ දෙවන භාගයේ ශ්‍රී ලංකාවේ වෙලඳ ක්‍රියාකාරිත්වය කෙරෙහි ආන්තික ලෙස බලපානු ඇතැයි සන්ඩේ ටයිම්ස් ආර්ථිකඥ නිමල් සඳරත්න අනතුරු ඇගවීය. ප්‍රක්ෂේපිත වෙලඳ හිඟය වන ඇ. ඩොලර් බිලියන 8-9 “ගෙවුම් ශේෂ හිගය හා විදේශ සංචිත කෙරෙහි තර්ජනයක් වන බව" ඔහු පැවසීය.
ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීම සඳහා, 2010 දී ඇ. ඩොලර් බිලියන 4ක්වූ එතෙර ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ මුදල් එවීම් මත වැඩි වැඩියෙන් පදනම් වීමට ආන්ඩුවට සිදුව ඇත. මෙම කම්කරුවන්ගෙන් බොහොමයක් මැද පෙරදිග නිවාස මෙහෙකරුවන් ලෙස දරුනු වැඩපල කොන්දේසි වලට ලක්ව සිටියි. මෙම රටවල පවතින අවිනිශ්චිත දේශපාලන තත්වය මෙම ආදායම් මාර්ගය කෙරෙහි ද වැඩෙන තර්ජනයකි.
මහ බැංකුව විසින් 8.5ක් ලෙසට පෙර දැක ඇති ආර්ථිකයේ ඉහල වර්ධන රේට්ටුව ආන්ඩුව ඉහලින් සඳහන් කර තිබේ. 2011 අවසාන කාර්තුවේදී ලෝක මන්දගාමිත්වයේ බලපෑම අපනයන වෙලඳපල වලට බලපාන බව හුවා දක්වමින් ජාමුඅ හි ගනන් බැලීම වන්නේ සියයට 7.5කි.
ඉහල වර්ධන රේට්ටුව සඳහා එක් ප්‍රධාන හේතුවක් වන්නේ විදේශ ආයෝජන පොලඹවා ගැනීම සඳහා යටිතල පහසුකම් හා සංචාරකයන් ආකර්ෂනය කර ගැනීමට හෝටල් හා නිකේතන ගොඩ නැගීම ය. මෙම ව්‍යාපෘති සඳහා සාපේක්ෂ ලාභ නය සැපයීම සඳහා අවශ්‍ය අයුරින් මහ බැංකුව දේශීය පොලී රේට්ටුව සියයට 7ක මට්ටමේ පවත්වා ගනියි. මෙම තත්වය අනෙක් අතට ආනයන ඉහලට තල්ලු කොට වෙලඳ ශේෂය පුලුල් කර ඇත.
2011 ජූනි අග වන විට එකතු වූ නය ප්‍රමානය රුපියල් බිලියන 4,872 ක් වූ අතර එය පසුගිය වසරට වඩා සියයට 12 ක හෝ බිලියන 525ක ඉහල යාමකි. “පවත්වා ගෙන යන ශීඝ්‍ර නය වර්ධනය සමීප අධීක්ෂනයකට ලක් විය යුතු අතර මන්දගාමී කිරීම අවශ්‍ය වනු ඇතැ"යි ජාමුඅ පවසයි. දේශීය පොලී රේට්ටු ඉහල දැමීමේ අවශ්‍යතාව ද එය පෙන්වා දෙයි.
ඍජු විදේශ ආයෝජන සැලකිය යුතු තරමින් ආකර්ෂනය කර ගැනීමට ද ආන්ඩුව අසමත්ව ඇත. 2011 පලමු භාගය තුල ලබා ගත් මුලු ප්‍රමානය වන්නේ ඇ. ඩොලර් මිලියන 413කි. මින් සැලකිය යුතු කොටස් පැමින ඇත්තේ චීනයෙන් හා ඉන්දියාවෙන් විදුලි ජනකාගාර හා හෝටල් සඳහා ය. මෙම රටවල් දෙකම ශ්‍රී ලංකාව තුල තම බලපෑම ඉහල දමා ගැනීමේ උත්සාහයක යෙදී සිටියි.
රජයට අයත් ලංකා විදුලි බල මන්ඩලයේ හා ඛනිජ තෙල් සංස්ථාවේ නය ප්‍රමානය ශීඝ්‍රෙයන් ඉහල යන බැවින් විදුලි ගාස්තු හා තෙල් මිල ඉහල දමන ලෙස ජාමූඅ බල කර සිටියි. මෙම සංස්ථාවල කම්කරුවන් පුද්ගලීකරනයට තදින්ම ප්‍රතිරෝධය දක්වන බැවින් මෙම සැක සහිත “ප්රතිව්යුහකරනය" පිලිබඳව ආන්ඩුව දැනට කල් බලමින් සිටියි.
සුභ සාදන කටයුතුද ඇතුලු වියදම් කපා හරිමින් තම ඉල්ලීම් ක්‍රියාවට දැමීමට ආන්ඩුවට බල කෙරෙන අයුරින් ජාමූඅ තොන්ඩුව හිර කරන බවට සැකයක් නැත. ජීවන කොන්දේසි මත තව දුරටත් ප්‍රහාර එල්ල කිරීම කම්කරු පන්තිය, තරුනයින් හා දුප්පතුන් ගේ අරගල පුපුරවා හරිනු ඇත. මෑතදී හදිසි නීති රෙගුලාසි අත්‍යවශ්‍ය සේවා කොන්දේසි මගින් විස්ථාපනය කිරීමෙන් එලි දැක්වුනු ලෙස ආන්ඩුව පොලිස් රාජ්‍ය තන්ත්රය ඒ අයුරින්ම පවත්වා ගෙන යන්නේ එබැවිනි. (see: “Sri Lankan government revives emergency powers in a new guise”).
Follow us on