එක්සත් ජනපද, ඉන්දියානු රාජ්‍ය නියෝජිතයෝ මාලදිවයිනේ කුමන්ත්රනයට පිටුබලය දීමට මැදිහත් වෙති
US, Indian envoys intervene to back coup in the Maldives
By Wasantha Rupasinghe , 15 February 2012
පසුගිය සතියේ දී කුමන්ත්රනයකින් බලයේ පිහිටු වූ ජනාධිපති මොහොමඩ් වහීඩ් හසාන්ගේ ආන්ඩුවට පිටුබලය දෙනු වස් එම සතියේදී එක්සත් ජනපද හා ඉන්දියානු රාජ්‍ය නියෝජිතයෝ මාලදිවයිනට සංචාරය කලහ. බලයෙන් නෙරපූ ජනාධිපති මොහොමඩ් නෂීඩ් හසාන්ට ඉල්ලා අස්වන ලෙසත් හදිසි මැතිවරනයක් පවත්වන ලෙසත් බලකරමින් එක දිගට උද්ඝෝෂන ගෙන යාම දෙරටේ නියෝජිතයින් විසින් අධෛර්යට පත් කලෝය.
මාලදිවයිනේ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයේ (එම්පීඩී) නායකයා ද වන රටේ පලමුවරට පැවැති බහු පක්ෂ මැතිවරනයෙන් තේරී පත් වූ නෂීඩ් සති තුනක් තිස්සේ ඇදී යමින් තිබූ විරෝධතා හා පොලිස් කැරැල්ලකින් පසු තුවක්කුවලින් තර්ජනය කොට පෙබරවාරි 07 දා බලහත්කාරයෙන් බලයෙන් පහ කෙරිනි. විරුද්ධ පක්ෂ සමඟ එක් වූ ඔහුගේ උප ජනාධිපති හසාන් රටේ නව ජනාධිපතිවරයා වසයෙන් බලය අල්ලා ගත්තේය.
පෙබරවාරි 11 දා ආසියාව හා මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක්, හසාන් හා නෂීඩ් වෙන් වෙන් වසයෙන් මාලදිවයිනේ අගනුවර වන මාලේ හි දී මුන ගැසුනේ ය. ඔහු හසාන්ගේ ආන්ඩුවට අනුමැතිය පල කර අතර නෂීඩ් හා ඔහුගේ ආධාරකරුවන්ට හසාන් සමඟ “එක්සත් ආන්ඩුවක්” පිහිටු වීමට එකඟ වන්නැයි ඉල්ලා සිටියේ ය. මෙම ඉල්ලීම නෂීඩ් විසින් ප්‍රතික්ෂේප කලේය.
හදිසි ජනාධිපති මැතිවරනයක් සඳහා නෂීඩ්ගේ ඉල්ලීම, පොලිසිය, මැතිවරන කොමිෂම හා නීති පද්ධතිය “නිදහස් හා සාමකාමී මැතිවරන ක්‍රියාදාමක් සඳහා ප්‍රමානවත් ලෙස නුසූදානම්” බැවින් මැතිවරනයක් පැවැත්වීමට තවමත් “වේලාසන වැඩි” යයි ප්‍රකාශ කරමින් බ්ලේක් විසින් ගසා බසා දැමීය. මෙම ප්‍රකාශය ප්රතිරාව නැංවූවේ නියමිත පරිදි 2013 වනතෙක් මැතිවරනයක් නොපැවැත්වේ යැයි අවධාරනය කල හසාන්ගේ ප්‍රකාශය ම ය.
තමන් ජනපති ධුරයෙන් නෙරපා හැරීම පිලිබඳ ස්වාධීන පරීක්ෂනයක් පවත්වන ලෙස නෂීඩ් කල ඉල්ලීමටත් එම්පීඩී සාමාජිකයින් හා ආධාරකරුවන් පොලිසිය හා මිලිටරිය විසින් අත්අඩංගුවට ගනිමින් සිටීම පිලිබඳ ඔහුගේ චෝදනාවන්වලට ද බ්ලේක් ප්‍රතිචාර දැක්වූයේ නැත. එහෙත්, “සියලුම පක්ෂ විසින් සංවරය පවත්වා ගැනීමත් ප්රචන්ඩ ක්‍රියාවලින් වැලකී සිටීමත් එක්සත් ජනපදයට වැදගත්” බව ඔහු සඳහන් කලේය.
මෙයින් පුලුල්ව ම අදහස් කරනු ලැබුවේ හසාන්ගේ ආන්ඩුවට එරෙහි නෂීඩ් හා ඔහුගේ එම්පීඩීය විසින් ගෙන යන විරෝධතා නතර කිරීමට කරන ඉල්ලීමකි. මාලදිවයිනේ සිදුව ඇත්තේ කුමන්ත්රනයක් ද නොඑසේ නම් බලය ව්‍යවස්ථාමය අයුරින් මාරු කිරීමක් ද යන ප්රශ්නය මග හරිමින් බ්ලේක් පැවසුවේ, “එම කාරනය ගැන වාද විවාද කිරීම මාලදිවයින් වැසියන්ට අයිති කාරියකි” යනුවෙනි.
ඔබාමා පාලානාධිකාරිය යලි වතාවක් පෙන්නුම් කර ඇත්තේ එහි පිලිවෙත පදනම්ව ඇත්තේ “ප්රජාතන්ත්රවාදය” අභිවර්ධනය කිරීම මත නොව ඒ වෙනුවට තමන්ගේ භූ මූලෝපායික අවශ්‍යතාවන් ආරක්ෂා කර ගැනීම මත බවයි. ආඥාදායක පාලන තන්ත්රවලට හා තමන්ට ගැලපෙන්නේ යැයි කල්පනා කරන මිලිටරි ආඥාදායකත්වයන්ට පිටුබලය දීම යන කිසිවක් එක්සත් ජනපදය විසින් නතර නොකරනු ඇත.
බ්ලේක්ගේ සංචාරය යෙදුන දිනයේ දී ම ඉන්දියාවේ අගමැති මන්මෝහන් සිං ඔහුගේ විශේෂ නියෝජිතයා ලෙස විදේශ සබඳතා පිලිබඳ අමාත්‍යාංශයේ (නැගෙනහිර) ලේකම් එම්. ගනපති මාලදිවයිනට පිටත් කර යැවීය. හසාන් හා නෂීඩ් යන දෙදෙනාම මුන ගැසුනු ඉන්දියානු නියෝජිතයා දේශපාලන ක්‍රියාදාමයක් වේගවත් කිරීමටත් “සාමය හා ස්ථාවරත්වය සහතික කරනු ඇති පුලුල් පරිමානයේ සන්ධාන ආන්ඩුවක්” පිහිටුවීමේත් අවශ්‍යතාව අවධානරය කලේ ය.
ඉන්දියානු මැදිහත්වීමක් සඳහා නෂීඩ්ගේ ඉල්ලීම පිලිබඳ විමසන ලදුව ගනපති වාර්තාකරුවන් වෙත සඳහන් කලේ, “මෙය මාලදිවයින් ජනතාව සාමකාමීව හා ප්‍රජාතාන්ත්‍රිකව විසඳා ගත යුතු මාලදිවයිනේ අභ්‍යන්තර වර්ධනයක්” බවයි. මාලදිවයිනේ අර්බුදයට ඉන්දියාවේ ප්‍රතිචාරය ප්‍රමාද කෙරුනේ හෝ පාර්ශවීය නොවූ බව අවධාරනය කරමින් හෙතෙම කීවේ, “අප සම්බන්ධකම් පවත්වන්නේ රාජ්‍ය සමඟ මිස පුද්ගලයින් සමඟ නොවන” බවයි.
අභිනවයෙන් පිහිට වූ හසාන්ගේ ආන්ඩුවට නව දිල්ලිය සහය පලකරන බවට මෙම ප්‍රකාශය තවදුරටත් දෙස් දෙයි.
ඉන්දියානු සාගර කලාපය තුල ඔවුන්ගේ මූලෝපායික අවශ්‍යතා සමඟ පෙල ගැසෙමින් එක්සත් ජනපදය හා ඉන්දියාව හසාන්ගේ ආන්ඩුවට සහය දීම මගින් මාලදිවයින කෙරෙහි ඔවුන්ගේ අධිකාරිය සහතික කරගැනීමට නිර්දය ලෙස මැදිහත් වී තිබේ. කාර්යබහුල නාවික ගමනාගමන මාර්ග මත මූලෝපායාත්මකව පිහිටා තිබෙන දිවයින් දාමයක් වන මාලදිවයින තුල අධිකාරිය ඉස්මත්තට ගැනීමෙන් මොනයම්ම හෝ වාසියක් වෙනත් කිසිම බලවතෙක් විශේෂයෙන් ම චීනය අත්කර ගැනීමෙන් වැලක්වීමට ඔවුන්ට අවශ්‍යය ය. චීනය වැටලීමේ එක්සත් ජනපද පිලිවෙතට පෙරලා අභියෝග කරනු වස් එහි බලපෑම කලාපය තුල වැඩි කර ගැනීමට බෙයිජිනය ද වෑයම් කරමින් සිටී.
එක්සත් ජනපද හා ඉන්දියානු මැදිහත් වීම් හසාන්ගේ ආන්ඩු ශක්තිමත් කර ඇත. නෂීඩ් හා ඔහුගේ පක්ෂය මත මර්දනය දියත් කරමින් හසාන් ඉදිරියට ගොස් තිබේ. එමෙන් ම හසාන් ඔහුගේ කැබිනට් මන්ඩලයට 2008 වසරේ පැවැති මැතිවරනයේ දී නෂීඩ් විසින් පරාජයට පත් කරන ලද වසර 30ක් තිස්සේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය හිටපු ජනාධිපති මොවුමූන් අබ්දුල් ගයූම්ගේ පාලනයේ හා ඔහුගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පත් කර තිබේ. නෂීඩ් බලයෙන් හෙලූ කුමන්ත්රනයට ගයූම්ගේ පක්ෂයේ කාර්යභාරය මෙය යලි වතාවක් පැහැදිලිව සනිටුහන් කර තිබේ.
මාලදිවයින් අපරාධ අධිකරනය කිසිදු පැහැදිලි චෝදනාවකින් තොරව ම නෂීඩ් අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කලේ ය. එහෙත් තවදුර මහජන කැලඹිලි ඇති කරනු ඇත යන බියෙන් හා ජාත්‍යන්තර පීඩනය මධ්‍යයේ මේ දක්වාමත් එම නියෝගය ක්‍රියාත්මක කර නැත. හසාන්ට වහාම ඉල්ලා අස්වන ලෙසත් හදිසි මැතිවරනයක් කැඳවන ලෙසත් බලකරමින් විරෝධතාවේ යෙදෙන දහස් ගනනක් නෂීඩ්ගේ ආධාරකරුවන් පොලිස් ප්‍රහාරවලට ලක් විය. දුසිම් ගනනකට තුවාල සිදුකර තිබෙන අතර සිය ගනනක් අත්අඩංගුවට ගෙන පහර දීම්වලට ද වධබන්දනවලට ලක් කර තිබේ.
නෂීඩ්ගේ එම්ඩීපීයේ ආධාරකරුවන් 90 දෙනෙක් පමන මාලදිවයිනේ උතුරු දූපත් ගොන්නේ අබු දූපතේ දී අත්අඩංගුවට ගැනුනේ මාලේ අගනුවර වෙත ප්‍රවේශ වී සිටි විදෙස් මාධ්‍යවේදීන් කැටුව දූපත්වලට යාමට නෂීඩ් සැලසුම් කර තිබූ සංචාරය අවලංගු කිරීමට බල කරමිනි.
බලය ගත් වහාම හසාන් විශ්‍රාම ගෙන සිටි සෙන්පති මොහොමඩ් නසීම් යලි ආරක්ෂක ඇමැති ධුරයට පත් කෙරින. 2011 මැයි මස නසීඩ් විසින් ඔහු ධුරයෙන් ඉවත් කර තිබුනේ අවනත නොවීමේ චෝදනා මත ය. ජනාධිපති හසාන් එමෙන් ම, ගයූම් යටතේ හිටපු නීති ඇමැති වූ මොහොමඩ් ජමීල් අහ්මඩ් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වසයෙන් පත් කලේ ය.
රොයිටර් පුවත් සේවයට අනුව, හසාන් ඔහුගේ කැබිනට් මන්ඩලය “ගයූම් යටතේ නිල දැරූ සියලුම ජ්‍යෙෂ්ඨයින්ගෙන්” අඩුක් කර තිබේ. ගයූම් යටතේ ඇටර්නි ජෙනරාල් ධුරය දැරූ උමා අයිෂා අෂීමා එම ධුරයට ම යලි පත් කෙරින. ජනාධිපති ප්‍රකාශක මසූඩ් ඉමාඩ්ට අනුව ඉස්ලාම් ෂරියා නීතිය හඳුන්වා දීමට බල කරන අඩ්හාලාට් හෙවත් යුක්තියේ පක්ෂයට ද අමාත්‍ය ධුරයක් ලැබී ඇත.
කෙසේවෙතත්, හසාන් නෂීඩ්ගේ එම්පීඩීය ඉලක්ක කරමින් මූල්‍ය හා විදෙස් සබඳතා පිලිබඳ අමාත්‍යාංශ ඇතුලු අමාත්‍ය ධූර තුනක් හිස්ව තැබීය. එහෙත් නව ආන්ඩුවේ කොටස්කරුවෙක් වීමට නෂීඩ් ප්‍රතික්ෂේප කලේය.
පුවත්පත් වාර්තා කරන අන්දමට 1991 සිට 2005 දක්වා කාලය තුල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කර තිබෙන හසාන් එක්සත් ජනපදයට “බෙහෙවින් හුරු පුරුදු” අයෙකි. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කත්මන්ඩු කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙන අතර කාබුල්වල වසර තුනක් ද ගත කර තිබේ. එම කාලය අතරතුර හසාන් “එහි ස්ථානගත කර සිටින එක්සත් ජනපද සිවිල් නිලධාරීන් හා මිලිටරි නිලධාරීන්” සමඟ සමීප සම්බන්ධතා ගොඩ නඟාගෙන ඇත.
ජනාධිපති වසයෙන් ඉන්දියාව සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගනු ලැබූ නෂීඩ් තමන්ට එරෙහිව හසාන් වෙත ඉන්දියාවේ අනුමැතිය ලබා දීම පිලිබඳ ඔහුගේ නොසතුට ප්‍රකාශ කලේය. “ඉන්දියාවේ ප්‍රතිචාරය මන්දගාමී එකක් විය. අප ක්ෂනික ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ අතර ඉන්දියාව හිතවත් හඬක් නඟනු ඇතයි විස්වාස කලා. . . අවසනාවට එය සිදු වී නැත,” හෙඩ්ලයින් ටුඩේ සමඟ පැවැති සාකච්ඡාවක දී නෂීඩ් ප්‍රකාශ කලේය.
විරෝධතාවන් අඛන්ඩව පැවතී ගෙන යාමත් අනවරත ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම්වලට මාලදිවයින මුහුන දී සිටින තත්තවය තුල හසාන් ස්ථාවර හා ශක්තිමත් ආන්ඩුවක් ස්ථාපිත කරනු ඇතයි යන කියාපෑම්වලට කිසිදු පදනමක් නැත. රට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ඩොලර් මිලියන 92.5ක නය වැඩසටහන යටතේ ය. ඉතා විශාල මූල්‍ය හිඟයත්, තියුනු ලෙස දුර්වල වූ ගෙවුම් ශේෂ තත්වය හා සංචිත සිඳීයාමකට මුහුන දීමත් සමග ම 2009 වසරේ දෙසැම්බර් මස අදාල නය ලබා ගැනීමට නෂීඩ් ආන්ඩුවට බල කෙරී තිබින.
නෙරපන ලද ජනාධිපතිවරයා ජාමුඅ නය කොන්දේසි අනුයමින් පැනවූ පටිතද කිරීම් පියවරවල් ක්‍රියාවට දැමීම කෙරෙහි පැවැති මහජන වෛරය ගයූම්ගේ පක්ෂය තුල නෂීඩ්ගේ විරුද්ධවාදීන් හා ඉස්ලාම් පක්ෂ විසින් ගසා කනු ලැබුවත් උක්ත බලවේග විසින් පිටුබලය ලබන හසාන්ගේ ආන්ඩුව ද එම පිලිවෙත් ම අඛන්ඩව ඉදිරියට ගෙන යනු ඇත.
හසාන්ගේ ආන්ඩුවට මහජන සහයක් ලැබී නැති අතර එක්සත් ජනපදය හා ඉන්දියාව වැනි ගෝලීය හා කලාපීය බලවතුන්ගේ පිටුබලය පමනක් ලබයි. කුමන්ත්රනයක් හරහා හසාන් බලයේ පිහිටුවීමට ඔවුන්ගේ විවෘත සහය ඉන්දියානු සාගර කලාපයේ ගැඹුරු ආතතීන් තවදුරටත් උත්සන්න කරනු ඇත.
Follow us on