නැගෙනහිර යුරෝපය තුල සමාජ විරෝධතා පැතිර යයි
Social protests spread in Eastern Europe
පසුගිය වසරේ මැද පෙරදිග, එක්සත් ජනපදය, ග්‍රීසිය, ස්පාඤ්ඤය හා වෙනත් රටවල් සොලවා ලූ සමාජ කැරලි දැන් නැගෙනහිර යුරෝපය වෙත ලඟා වී ඇත. හන්ගේරියාවේ ඔබන් පාලන තන්ත්රයට එරෙහි විශාල පෙලපාලි, බල්ගේරියාවේ දුම්රිය හා පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජන හා රුමේනියාවේ දෙසතියක් පුරා පැවති කෝපාවිෂ්ඨ විරෝධතා මෙයට සාක්ෂි දරයි.
තවමත් එම ව්‍යාපාරය විෂමාකාර හා ව්‍යාකූල ස්වභාවයක් දරයි. තම රැකියා, වැටුප් හා මූලික අයිතීන් රැකගැනීම සඳහා කෙරෙන කම්කරු සටන් හා ප්රජාතන්ත්රය වෙනුවෙන් පවත්වන රැස්වීම් හැරුනුකොට, සිය තත්වය වැඩි දියුනු වීම පිලිබඳ බලාපොරොත්තු සුන්වූ මධ්‍යම පන්තික ක්‍රියාධරයන් වෙතින් පුපුරා හැලෙන කෝපයේ දර්ශන ද ඊට එක්ව තිබේ.
දේශපාලනිකව විරෝධතාවන් දේදුන්නක සියලු පැහැයන් ඇතුලත්කර ගනියි. සමහරක් සවාභාවිකව පැන නගින අතර සමහරක් පාලක පන්තියේ ප්‍රතිවාදී කන්ඩායම් විසින් සංවිධානය කරයි. අන්ත දක්ෂිනාංශික ප්රවනතාවන් ද ඊට මැදිහත් වීමේ උත්සාහයක නිරතව සිටියි.
විරෝධතාවන්ගේ ගාමක බලය, ධනවාදය පුනස්ථාපනයේ 20 වසරක කාලය තුල විවෘත කෙරුනු සමාජ බෙදීම් ය. 1989 ධනවාදෙය් පුරුත්ථාපනය යුක්තිසහගත කිරීමට යොදාගත් ප්රජාතන්ත්රවාදය හා සෞභාග්‍යය පිලිබඳ පොරොන්දු සමාජ භීෂනයකට දොර විවෘත කර තිබේ.
පසුගිය විසි වසර සංලක්ෂිත වන්නේ, පැරනි ස්ටැලින්වාදී කල්ලි හා නව පෝසතුන් යන දෙකොටස වාසි බෙදාගැනීමට කාකොටා ගන්නා දේශපාලන ගැටුම්වලිනි. ගට්ටනාවන් බෙහෝ විට කටුක ස්වරූපයක් ගෙන තිබේ. රජය සතු දේපල "පෞද්ගලීකරනය කල” සමාජවාදීන් ලෙස වෙස්වලාගත් පැරනි ස්ටැලින්වාදී කල්ලි, ඒවා තමන්ගේ සාක්කුවලට පුරවාගත් අතර විකල්ප ආන්ඩු නායකයින් ලෙස මතුවී ආ අලුත් ධනපතීන් තමන් “ප්රජාතන්ත්රවාදීන්, ලිබරලුන් හෝ තත්වාරක්ෂකයින් (කොන්සවේටිව්වාදීන්) ලෙස” හඳුන්වා ගත්හ.
සිය රැකියා අහිමි වීම, පූර්වයෙන් පැවති පුලුල් අධ්‍යාපන හා සෞඛ්‍ය අරක්ෂන ක්‍රම විනාශ වී යාම හා නිවාස ද යටිතල ව්‍යුහය වැනසී යාම ද තුලින් ජනතාව ඊට වන්දි ගෙවූහ.
2004 හා 2007 යුරෝපීය සංගමයට ඇතුල් වීම, තත්වය යහපත් අතට නොව, අන්තයට ම නරක අතට හැරවීය. වැටුප් එකතැන පල් වෙද්දී භාන්ඩ හා සේවා මිල ඉහල නැගුනි, ක්‍රය ශක්තිය පිරිහුනි. රුමේනියාවේ ක්ලූජ්හි නොකියා වැනි කර්මාන්තශාලා අඩු වැටුප් සූරාකෑම පිනිස මෙම රටවල ස්ථානගත කල ද දැන් ඒවා වසා දමා, නිෂ්පාදනය ඊටත් වඩා පහල වැටුප් මට්ටම් සහිත ආසියාව හා පැරනි සෝවියට් සංගමය වෙත මාරු කර ඇත.
2008 ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය හා ඉන් ඉක්බිත්තෙහි උදාවූයේ අන්තිම අදියර යි. යුරෝපීය සංගමය හා ජාමූඅ, නැගෙනහිර යුරෝපීය රටවල් සිය අයවැය, සමාජ පිරිවැයේ සියලු නටඹුන් වනසා දමමින් ප්‍රතිව්‍යුහගත කල යුතු බව අවධාරනය කලේ ය. ඔවුන් යුරෝ මුදලෙන් වාසි නොලැබුයේ වී නමුත්, දැන් ඔවුන් එම අර්බුදය වෙනුවෙන් ගෙවිය යුතු විය.
ප්‍රතිපලය වී ඇත්තේ, විප්ලවවාදී පරිමානයක සමාජ අර්බුදයකි. නැගෙනහිර යුරෝපයේ රටවල් ලෝකයේ වැඩි ම අසමානතාවක් පෙන්නුම් කල රටවල් අතර විය. එක් පසෙකින්, කුඩා ස්ථරයක් වූ යුරෝපීය සංගමයට නෑකම් කියූ සුඛෝපභෝගිත්වයේ ගිලී සිටි දේපල හිමියන්, දේශපාලඥයින් හා නිලධාරීන් ද අනෙක් පසින් පන රැකගැනීමට සටන් කල ජනගහනයේ අති බහුතරය ද විය.
බල්ගේරියාවේ විශාල කර්මාන්ත ශාලාවක කම්කරුවෙක් උපයා ගත්තේ මසකට ඩොලර් 200කට අඩු වැටුපකි. පෝලන්තයේ හා හංගේරියාවේ ප්‍රථමික පාසැලක ගුරුවරයෙක් දෙරටේ ක්‍රය ශක්තියෙහි වෙනස සැලකිල්ලට ගැනීමෙන් පසුව ඉපයුවේ, ජර්මනියේ සිය සගයෙකුගේ වැටුපෙන් තුනෙන් එකක් පමනි. රුමේනියාවේ දී පුහුනු කම්කරුවෙකු මසකට දල වශයෙන් ඩොලර් 300-500 අතර ආදායමක් ලැබූ අතර උගත් වෘත්තිකයින් ඊට මඳක් වැඩි ආදයමක් ලැබුවේ ය. යුරෝපීය සංගමය පිහිටුවීමෙන් පසුව වෛද්‍යවරු 6,000ක් රට හැර ගෙස් තිබේ.
සමාජ අර්බුදයේ පරිමාවත් ආනාගත අපේක්ෂාවන්හි කිසිදු ප්‍රගතියක් දක්නට නොතිබීමත් දෙස් දෙන්නේ විරෝධතා ඉදිරියට ම යනු ඇති බවයි. ඒවා පුලුල්වී රැඩිකලීකරනය වනු ඇති බවයි.
එකිනෙකට පටහැනි සමාජ අවශ්‍යතා වඩාත් පැහැදිලි වනු ඇත. සැබෑ පන්ති අවශ්‍යතා මතුව එනු ඇත. එහෙත් දේශපාලන ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය හා නායකත්වය පිලිබඳ ඓතිහාසික ගැටලු ස්වයංක්‍රීයව විසඳෙනු නැත.
දශක හතරක ස්ටැලින්වාදී පාලනය සිය සලකුනු තබාගොස් ඇත. හිට්ලර්ගේ හමුදා පරාජය වීමෙන් පසුව නැගෙනහිර යුරෝපයේ අටවන ලද නිලධාරිවාදී තන්ත්ර, ධනේශ්වර දේපල අත්පත්කරගනු ලැබ සීමිත ආර්ථික ප්‍රගතියක් සඳහා කොන්දේසි නිර්මානය කරන ලද නමුත් ඔවුහු ඓන්ද්‍රීයව ම කම්කරු පන්තියට හා අව්‍යාජ සමජවාදී ඉදිරිදර්ශනයට සතුරු වූහ.
ස්ටැලින්වාදී තන්ත්ර, ආන්ඩුව හා කර්මාන්තය මත පැවති සිය ග්රහනය, තමන්ගේ ම වරප්‍රසාද තහවුරු කර ගැනීම පිනිස යොදා ගත් අතර කම්කරු පන්තියේ කිසියම් ම හෝ ස්වාධීන ආරම්භකත්වයකට සතුරු වූහ. මොස්කව්හි පාලකයින් සේම නිර්දය ලෙස ඔවුන් ද ස්ටැලින්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි ට්‍රොට්ස්කි ගේ හා හතරවන ජාත්‍යන්තරයේ අදහස් පාගා උපුටා දැමීම පිනිස ක්‍රියා කලේය. “තනි රටක් තුල සමාජවාදය ගොඩනැඟීම” පිලිබඳ ඔවුන්ගේ ජාතිකවාදී ඉදිරිදර්ශනය, කම්කරුවන් තම ජාත්‍යන්තර පන්ති සහෝදරයින්ගෙන් කපා වෙන් කල අතර ආර්ථික ගැටලු එන්ට එන්ටම උග්‍ර කලේය.
1989 ආසන්න තීරනාත්මක වසරවල ස්ටැලින්වාදීන්ගේ ක්‍රියාකලාපය ඉටුකලේ දේශපාලන ව්‍යාකූලත්වය උත්සන්න කිරීම පමනි. වැඩෙන විරෝධයේ පීඩනය යටතේ ස්ටැලින්වාදීහු, සුලු ධනපති නායකයින්ගේ “ප්රජාතන්ත්ර” විපක්ෂය සමග එකඟත්වයකට එමින්, ධනවාදය කරා පරිවර්තනයට පහසුකම් සැපයීම පිනිස “වට මේස” සාකච්ඡා පටන් ගත්හ. රාජ්‍යය හා ආර්ථිකය මත පැවති සිය පාලනය ප්‍රයෝජනයට ගත් ඔවුන් පොහොසතුන් බවට පත්වූ පලමුවන කන්ඩායම විය.
හන්ගේරියාව තුල මෙය වඩාත් ප්‍රකට ය. 1956දී ස්ටැලින්වාදීන් එරට කම්කරු විරෝධතා කුරිරු ලෙස මැඬ පවත්වා තිබුනි. 1989දී හන්ගේරියානු ස්ටැලින්වාදීන් නැෙගනහිර යුරෝපයේ දේශපාලන වෙනස්කම් තුල තීරනාත්මක ක්රියාකලාපයක් ඉටුකරනු ලැබුනි.
අප්‍රේල් මාසයේ දී අගමැති ගියුලා හෝන් ඔස්ට්‍රියානු දේශසීමාව විවෘත කිරීම, අනෙකුත් සෑම නැගෙනහිර තන්ත්රයක් ම අස්ථාවර කිරීමට සැලකිය යුතු පරිදි දායක විය. 1956 බුඩාපෙස්ට්හි කැරලිකාරී කම්කරුවන් මැඩ පැවැත්වීමේදී හෝන් ඊට ක්‍රියාකාරී ලෙස සහභාගී වී තිබුනි.
දැන් රටේ ධනවත්ම පුද්ගලයාව සිටින එවකට ස්ටැලින්වාදී තරුන ව්‍යාපාරයේ ලේකම්ව සිටි ෆරෙන්ක් ගියුර්ක්සානි 2004දී අගමැති බවට පත් විය. කුහක ලෙස “සමාජවාදියෙක්” ව සිටි ගියුර්ක්සානි කෙලින්ම දක්ෂිනාංශිකයින්ට වාසි සැලසූ සමාජ කප්පාදු ක්‍රියාත්මක කලේය. දක්ෂිනාංශික ෆිඩෙසි හා ෆැසිස්ට්වාදී ජොබික් පක්ෂ ලැබූ මැතිවරන සාර්ථකත්වය යමෙකුට පැහැදිලි කල හැක්කේ මෙම පසුබිම යටතේ පමනි.
සටන්කාමිත්වය පිලිබඳව දිගු ඉතිහාසයකට හිමිකම් කියන හන්ගේරියානු කම්කරු පන්තිය සිය අවසන් වචනය කෙසේ වෙතත්, පලමු වචනය පවා තවමත් කියා නැත. වික්ටර් ඔබාන්ගේ ෆිඩෙස්ට් පක්ෂයට ලැබුනු සහයෝගය වේගයෙන් ක්ෂයවෙමින් තිබේ. එහි ජාතිකවාදී වාචාලත්වය නොතකා එය ගැඹුරු අර්බුදයක ගිලී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත මුලුමනින්ම රැඳී පවතියි.
නැගෙනහිර යුරෝපයේ සියලු රටවල් මෙන්ම හන්ගේරියාවේ වර්ධනය ද රැඳී පවතිනු ඇත්තේ, කම්කරු පන්තිය යලි වතාවක්, අව්‍යාජ සමාජවාදයේ සම්ප්‍රදායන් සොයාගැනීම මතය. එය ස්ටැලින්වාදය සමග සිය ඓතිහාසික අත්දැකීම්වලින් වැදගත් පාඩම් උකහාගත යුතු අතර ට්‍රොට්ස්කිගේ හා හතරවන ජාත්‍යන්තරයේ ඉදිරිදර්ශනයන් සමග සිය පැරනි බැඳීම් අලුත් කර ගත යුතුය.
ජාතිකවාදී ආවෘත අන්තයකට හෝ යුරෝපීය සංගමයේ අනට කම්කරුවන් යටත් කිරීම කරා දැක්කීමට උත්සුකවූ සියලු සංවිධානවලින් ඔවුන් බිඳී වෙන් විය යුතුය. එහි අරමුන විය යුත්තේ එක්සත් සමාජවාදී යුරෝපීය සමූහාන්ඩුවක් ගොඩනැගීමයි. එහි සහකරුවන් වන්නේ නැගෙනහිර හා බටහිර යුරෝපීය මෙන්ම සමස්ත ජාත්‍යන්තර කම්කරුවන් ය.
පීටර් ෂ්වාස්
Follow us on