ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව පුද්ගලික විශ්වවිද්‍යාල පනත තාවකාලිකව කල් තැබූ බව කියයි
By Panini Wijesiriwardhana , 20 January 2012
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු මහජනතාව අතර තියුනු වන විරෝධතා මධ්‍යයේ පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට ඉඩ දීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඒමට සූදානම් කල පනත තාවකාලිකව කල් දැමීමට ශී‍්‍ර ලංකාවේ කැබිනට් මන්ඩලය ජනවාරි 11 දා තීන්දු කල බවට ජනමාධ්‍ය වාර්තා කර තිබේ. මහජන විරෝධයට ලක්වීම වලක්වා ගැනීම සඳහා එම පනත සකස් කර තිබුනේ "උසස් අධ්‍යාපන ආයතනයන්හි පූර්ව අවශ්‍යතා රාමුව, තත්ත්ව සහතිකය සහ නිල පිලිගැනීම පිලිබඳ පනත” යන ව්‍යාජ නමකිනි.
ආන්ඩුවෙන් හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙම පනත කල් තැබීම පිලිබඳව නිල නිවේදනයක් නිකුත් වී නැත. එය කල්තැබුනු බවට කෙරෙන ප්‍රචාරය ආන්ඩුව ද ජන මාධ්‍ය ද සිසුන් අතර වැඩෙමින් පැවැති උද්ඝෝෂනය පීලිපැන්නවීමට දමන ලද උපාමාරුවකි. ඩේලිමිරර් පුවත්පතට අනුව පනත ගෙන ඒමෙන් ආන්ඩුව අපකීර්තියට පත් වෙතැයි කැබිනට් මන්ඩලය තුල සාකච්ඡා කෙරී ඇත. උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක එම කැබිනට් රැස්වීයේ නොසිටි නිසා මීලඟ සංයුක්ත සැලසුම් මොනවාදැයි සාකච්ඡා කිරීම පසුවට කල්දැමින.
දිසානායක පසුගිය ජනවාරි 15 වන දා සන්ඩේ ඔබ්සර්වර් පත්‍රය සමග කල සම්මුඛ සාකච්ඡාවකින් ආන්ඩුවේ ප්‍රෝඩාව තව දුරටත් හෙලිවේ. "පුද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙන නොඒමට ආන්ඩුව තීන්දු කලේ මන්ද?” යනුවෙන් ඇසූ පැනයට ඔහුගේ දෙපිටකාට්ටු පිලිතුර මෙසේ ය: "නව පුද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගෙන ඒමට ආන්ඩුවට අවශ්‍ය වූයේ නෑ. ඇත්තටම පුද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත වුනේ 1987 දි ජේ.ආර්. ජයවර්ධන තන්ත්රය යටතෙ. එම පනත යටතෙ උසස් අධ්‍යාපන ආයතන 59 ක් පිහිටුවල තියෙනව.. . . මේ ආයතන සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කිසිම අධිකාරිත්වයක් නෑ. ඒ නිසා අපි තීන්දු කලා මෙම ආයතන රජයේ පරිපාලනයට සහ කලමනාකාරිත්වයට යටත් කෙරෙන නව පනතක් හඳුන්වා දෙන්න.”
එනමුදු, රාජපක්ෂ ආන්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත නව පනත් කෙටුම්පත දිසානායක පවසන 1987 පනතේ විෂඝෝර ස්වභාවය ද දැවැන්ත ලෙස ඉක්මවා යන්නකි. එමගින් දැනට පිහිටුවා ඇති සහ ඉදිරියේ දී පිහිටුවීමට නියමිත පුද්ගලික විශ්වවිද්‍යාලයන්ට සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනයන්ට "රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන” නමින්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි වීමේ හැකියාව ප්රදානය කෙරේ. පනතේ 36 වන වගන්තියට අනුව, පනත යටතේ ස්ථාපනය කෙරෙන "තත්ත්ව සහතික නිකුත් කිරීමේ සහ නිල පිලිගැනීමේ ඒජන්සිය” විසින් නියම කෙරෙන "අවම අවශ්‍යතා” සපුරාලන ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයකට හෝ ආයතනයකට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව ලැබේ.
1987 පනතට අනුව, 1978 දී ස්ථාපිත කෙරුනු ආයෝජන මන්ඩලය (බී ඕඅයි) යටතේ පුද්ගලික සමාගම් ලෙස උසස් අධ්‍යාපන ආයතන ලියාපදිංචි කොට පවත්වා ගෙන යාමේ නීතිමය අවසරය ප්රතිපාදනය විය. දිසානායක විසින් නම් කෙරෙන ආයතන 59 පිහිටුවනු ලැබුවේ මෙම පනතේ ආවරනය ලබමිනි.
යෝජිත පනත කිසි විටෙකත් හකුලා ගැනීමට සූදානම් නොමැති බැව් රාජපක්ෂ ආන්ඩුවේ සෑම ප්‍රතිචාරයකින් ම මනාව පැහැදිලි වේ. පනතට එරෙහිව පේරාදෙනිය, රුහුනු, කොලඹ, ජයවර්ධනපුර, රජරට සහ සබරගමුව විශ්වවිද්‍යාලයන්හි දහස් සංඛ්‍යාත සිසුන්ගේ සහභාගිත්වයෙන් පැන නැගි සිසු විරෝධතා මර්දනය කිරීම සඳහා ආන්ඩුව ගතහැකි ප්රජාතන්ත්ර විරෝධී පියවරයන් සියල්ල ම පාහේ ක්‍රියාත්මක කලේය.
ගාල්ලේ දී රුහුනු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ සිසුන්ගේ විරෝධතා පා ගමන වලක්වන ලද්දේ පොලීසිය යොදා කඳුලුගෑස් ප්‍රහාර එල්ල කරමිනි. ජයවර්ධනපුර සහ රජරට විශ්වවිද්‍යාල වසා දැමුව ද සිසුන් තම උද්ඝෝෂන දිගටම ගෙන ගිය තතු තුල විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ඔවුන් ඉවත් කරන ලද්දේ උසාවි නියෝග ලබා ගනිමින් පොලීසිය යොදවමිනි. මෙහිදී රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨ සිසුන්ට පොලීසිය එල්ල කරන ලද ප්‍රහාරයකින් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර හය දෙනෙකූ රක්ෂිත බන්ධනාගාර ගත කෙරින. මේ අතර, සිසුන් තිදෙනෙකුට මැර ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව පැනනැගි සිසු උද්ඝෝෂනවල දී පරිපාලනය සමග ඇතිවූ ගැටුම් දඩමීමා කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටී. මර්දනය මෙසේ දිගේලි කරද්දී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ද පසුගිය 17 වන දා සංකේත වර්ජනයකින් නැගී සිටි අතර ඔවුනගේ මූලික ඉල්ලීමක් වූයේ ද ”පුද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගනු” යන්නයි.
උක්ත පනත ඇතුලු නිදහස් අධ්‍යාපනයට සහ ප්රජාතන්ත්ර අයිතීන්ට එල්ල කෙරෙන ප්රහාරයන්ට එරෙහිව නොකඩවා වැඩෙන සටන්කාමිත්වය හමුවේ ආන්ඩුව ශිෂ්‍යයන්ට එරෙහි ප්රකෝපකරනයන් හා කුමන්ත්රනයන් නිර්මානය කරමින් සිටී. පසුගිය දා යාපනය සරසවියේ උත්සවයකට සහභාගි වූ ඇමති දිසානායක සිසුන් බිය ගැන්වීමේ සහ ඔවුනට එරෙහිව රහස් පොලීසිය සහ හමුදාවන් මෙහෙයවීමේ අරමුන සහිතව ප්‍රකාශ කලේ, විශ්වවිද්‍යාල තුල "එල්ටීටීඊ” කි‍්‍රයාකාරිකයන් ක්‍රියාත්මක වන බවයි. රජයට අයත් ස්වාධීන රූපවාහිනිය මෙම ප්‍රචාරය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ප්‍රකාශ කලේ සිසු විරෝධතා සංවිධාන කිරීමට අවශ්‍ය මුදල් දෙමල ඩයස්පෝරාවෙන් ලැබෙන බවයි.
කොලඔ ආන්ඩු විසින් දෙමල විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව දශක තුනකට ආසන්න කාලයක් ගෙනගිය යුද්ධය සමයේ තම සමාජ හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සහ වෙනත් ඉල්ලීම් වෙනුවෙන් දියත් කෙරුනු කම්කරු පන්තියේ සෑම අරගලයක් ම මර්දනය කෙරුනේ එම අරගල එල්ටීටීඊයට සහයෝගය දෙන බවට චෝදනා එල්ල කරමිනි. 2009 වර්ෂයේ එල්ටීටීඊය පරාජය වීමෙන් යුද්ධය නිමා වුව ද දැන් එම උපාය ම රාජපක්ෂ ආන්ඩුව විසින් ශිෂ්‍යයන්ට එරෙහිව යොදා ගනිමින් පවතී.
තවත් රැස්වීමක දී කතාකරමින් දිසානායක, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සිසුන්ට තමන් කැමති දේශපාලනයක නිරත වීමට ඊඩ නොදී මැර කි‍්‍රයාවල යෙදීම ආන්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ප්‍රහාර යුක්ති සහගත කිරීමට යොදා ගත්තේ ය. ශිෂ්‍යයන් අතර අතීතයේ පැවති ප්රජාතන්ත්රවාදී දේශපාලන සාකච්ඡා මුලුමනින්ම නවතා දැමීමට ජවිපෙ කි‍්‍රයා කල බව දිසානායක සඳහන් කලේ ය. මෙය ඇත්තක් වුවත්, දිසානායක අද මෙම ප්‍රකාශ කරන්නේ ජවිපෙ ප්රචන්ඩකම්වලට මුවාවී සිසුන් මුලූමනින් නිහඬ කිරීමේ මර්දනයක් දියත් කරමිනි.
පුද්ගලික විශ්වවිද්‍යාල පනත ඇතුලු නිදහස් අධ්‍යාපනයට සහ ශිෂ්‍යයන්ගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන මෙම ප්රහාරයන් පරාජය කිරීම සඳහා ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට එරෙහිව පවත්නා බලගතුම බාධකයක් ලෙස ශිෂ්‍ය සංගම් සහ ඔවුනගේ දේශපාලනය පවතී. කලින් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) අන්ඩක් ලෙස කි‍්‍රයාත්මක වූ හා ජවිපෙන් විරසක වී මෑතක දී පිහිටුවන ලද ජන අරගල ව්‍යාපාරය යටතේ දැන් කි‍්‍රයාත්මක වන අවිශිබම ඉන් ප්රමුඛ ය.
අවිශිබමයේ වත්මන් කැඳවුම්කරු සංජීව බන්ඩාර මෙම අරගලය මැදදී කියා සිටින්නේ "ආන්ඩුව මෙම ප්‍රශ්නවලට හැකි ඉක්මනින් ආමන්ත්රනය කරන තෙක් දිගටම විරෝධතාවන් ගෙන යන” බවයි. මෙම ප්‍රකාශවල තේරුම නම් හැකිතාක් බලපෑම් දමා අන්ඩුව නම්මාගෙන සිසු අයිතීන් දිනාගැනීම ද පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ ආන්ඩුවේ ලෝක බැංකු හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියම කල පිලිවෙත් පරාජය කිරීම ද කල හැකිය යන්නයි. මෙය සිසුන් ඉමහත් මුලාවක ගිල්වාලීමකි.
Follow us on