ඊජිප්තු ජුන්ටාවේ වංචාකාරී මැතිවරනය සහ කම්කරු පන්තියේ කර්තව්‍යයෝ
The Egyptian junta’s fraudulent elections and the tasks of the working class
ඊජිප්තුවේ මැතිවරනය, 2011 පෙබරවාරියේ දී කම්කරු පන්තියේ මහජන විරෝධතා මගින් එක්සත් ජනපදයේ දිගුකාලීන රූකඩ පාලක හොස්නි මුබාරක් පෙරලා දැමීමෙන් පසුව වොෂිංටනයේ සිය සගයන්ගේ ද සහභාගිත්වය ඇතිව ඊජිප්තු පාලක පන්තිය විසින් සංවිධානය කරන ලද ඊනියා "ප්රජාතන්ත්රවාදය කරා සංක්රමනයේ” ප්‍රෝඩාකාරී ස්වභාවය එලිදරව් කර තිබේ.
අවසන් ඡන්ද ගනන් කිරීමත් සමග, මැතිවරනය, මුබාරක් යටතේ සිටි අවසාන අගමැති අහමඩ් ෂෆික් සහ දක්ෂිනාංශික මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ අපේක්ෂක මොහමඩ් මුර්සි අතර දෙවන වටයක් සඳහා තතු සකසා ඇත.
මෙම අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙක් වත් ඊජිප්තු විප්ලවයේ එල්ලයන් වෙනුවෙන් මොන යම් හෝ දේශපාලන යුක්තියුක්ත භාවයකින් කතා නොකරයි. පසුගිය වසරේ මිලියන ගනනක් ඊජිප්තු කම්කරුවන් මුබාරක් බලයෙන් පහ කරනු පිනිස වීදිවලට තල්ලු කල, දරිද්‍රතාව හා ආඥාදායක්තවය අවසන් කිරීමේ අභිලාෂයන්ට ඔවුන් දෙදෙනාම ගැඹුරින්ම සතුරුය.
මැතිවරනයේ දී ඡන්දදායකයන්ගේ අඩු සහභාගිත්වය කැපී පෙනුනි. එය පිලිබිඹු කලේ, ජුන්ටාවේ මැතිවරන තමන්ගේ විප්ලවවාදී අරගල සමග මොන ම සම්බන්ධයක් නැති බවටත් ඒ වෙනුවට ඒවා තම සමාජ හා ප්රජාතන්ත්ර අභිලාෂයන්ට එරෙහිව එල්ල කෙරී ඇති බවටත් මහජනතාව අතර පුලුල්ව පැතිර පවත්නා හැඟීමයි.
මැතිවරනය පැවැත්වුනේ, හදිසි නීතිය බලාත්මකව පවතින තතු තුල, එස්සීඒඑෆ් (සන්නද්ධ හමුදා උත්තරීතර මන්ඩලය) ජුන්ටාවේ ආඥාදායක අනුග්‍රහය යටතේ තුවක්කුවේ බලයෙනි. එහෙත් ව්‍යවස්ථාවකින් ද තොරවය. මුබාරක්ගේ ජෙනරාල්වරු ඔවුන් තෝරාගත් අපේක්ෂකයන්ගෙන් එක අයෙකුට ඡන්දය දෙන ලෙස ඊජිප්තු ජනතාවට කැඳවුම් කල විට, එම මැතිවරනයේ ජයග්රාහකයාට ඔවුන් පවරා දීමට අදහස් කරන්නේ කුමන බලතල ද යන්න පවා ඔවුන් තීන්දු කර තිබුනේ නැත.
මෙම අතිශයින්ම ප්‍රෝඩාකාරී මැතිවරනයට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි ඒජන්තයන් විසින් හුරේ දමන ලදි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ඊජිප්තුවේ මැතිවරනය "ප්රජාතන්ත්රවාදය කරා එහි සංක්රමනයේ තවත් වැදගත් සැතපුම් කනුවක්” සලකුනු කරන බව කියා පෑ අතර ඇය හා සෙසු එක්සත් ජනපද නිලධාරිහු "ඊජිප්තුවේ ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත්වන ආන්ඩුව සමග වැඩ කිරීමට පෙර මග බලා සිටින” බවට ද නරුම ලෙස නිවේදනය කලහ.
පසුගිය වසරේ ලිබියාව නමැති එම අනාරක්ෂිත රටට එරෙහිව එක්සත් ජනපදයේ නායකත්වයෙන් ගෙන ගිය ම්ලේච්ඡ අධිරාජ්‍යවාදී යුද්ධයක දී බෝම්බ ප්‍රහාරවල ආනුභාවයෙන් බලයට ගෙන එන ලද එහි පාලක ජාතික සංක්‍රාන්ති මන්ඩලයේ (එන්ටීසී) සභාපති මුස්තාෆා අබ්දෙල් ජලිල්, මැතිවරනය "ඉස්තරම්” යයි වගවර්නනා කලේ, "ස්ථාවර ඊජිප්තුවක් යන්නෙන් අදහස් කරන්නේ ස්ථාවර අරාබි ලෝකයක්” බවට අවධාරනය ද කරමිනි.
ගැඹුරු වන සමාජ හා ආර්ථික අර්බුදයක් මෙන් ම බලයෙන් පහ කෙරුනු ආඥාදායක මුබාරක් ඉක්මනින්ම නිදහස් කරනු ලැබිය හැකි බවට පැතිරෙන කටකතා ද මගින් අවුලුවනු ලබන කම්කරු පන්තියේ වෛරය යලි පිපිරී ඒමක් පිලිබඳ බලාපොරොත්තු මධ්‍යයේ, මෙම මැතිවරනය, ධනේශ්වර කන්ඩායම් දෙක අතර බල අරගලය තියුනු කිරීම සඳහා වේදිකාව සකසයි.
මිලිටරිය සහ මුස්ලිම් සහෝදරත්වය යන දෙපාර්ශ්වයම ඊජිප්තු ආර්ථිකයේ විශාල කොටස් පාලනය කරන අතර එය රටේ දැවැන්ත සම්පත් පාලනය කරන්නේ ධනේශ්වරයේ කුමන කන්ඩායම ද යන්න අරබයා ප්රචන්ඩ ගැටුමක තර්ජනය මතු කරයි. කම්කරු පන්තිය මර්දනය උත්සන්න කිරීමක් සූදානම් කරමින් සිටින තන්ත්රයක් සඳහා ව්‍යාජ යුක්තියුක්ත තුනී ආවරනයක් සම්පාදනය කිරීමේ හුදු ඉලක්කය ඇතිව මැතිවරනය පැවැත්වෙන බැවින්, එහි දී ඊජිප්තු කම්කරුවන්ට කිසිදු සැබෑ තේරීමක් නැත.
උත්සන්න වන ප්රතිවිප්ලවයක තර්ජනයට මුහුන දීම පිනිස ඊජිප්තු කම්කරුවන් සහ තරුනයෝ ශේෂ පත්‍රයක් සකසා ගත යුතුය. අතිශයින්ම වීරෝදාර කැපකිරීම් තිබිය දී පවා, විප්ලවවාදී නායකත්වයකින් හා ඉදිරිදර්ශනයකින් තොරව විප්ලවයට ජයග්‍රහනය සාක්ෂාත් කරගත නොහැකි විය. විප්ලවයේ ගාමක බලවේග වූ කම්කරු පන්තිය සිටියේ, සිය අයිතිවාසිකම් මුලුමනින්ම අහිමි කරනු ලැබීමට ලක්ව මොනම දේශපාලන නියෝජනයකින් තොරවය.
මෙයට මූලික හේතුව, විප්ලවයේ නාමයෙන් හෝ "සමාජවාදයේ” නාමයෙන් පවා කතා කරන බව කියාපාන එහෙත් තථ්‍ය වසයෙන් ගත් කල ප්රතිවිප්ලවවාදී බලවේගවල සගයන් වන, ඊජිප්තුවේ සුලු ධනේශ්වර "වාම” පක්ෂවල කි‍්‍රයාකලාපයයි. මධ්‍යම පන්තියේ වඩා ධනවත් ස්ථරවල අවශ්‍යතා නියෝජනය කරන ඔවුහු බටහිර අධිරාජ්‍යවාදයට සහ ඊජිප්තු පාලක පන්තියේ විවිධ කොටස්වලට මූල්‍යමයව හා දේශපාලනිකව බැදී සිටිති.
සාවද්‍ය ලෙස නම් කෙරුනු විප්ලවවාදී සමාජවාදියෝ (ආර්එස්) වැනි සංවිධාන, විප්ලවයේ මොනම අවස්ථාවක දී වත්, හමුදාව පෙරලා දමා මැද පෙරදිග අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව සමාජවාදී පිලිවෙත් සඳහා සටන් වදින කම්කරු රාජ්‍යයකින් මුබාරක් තන්ත්රය විස්ථාපනය කරන කිසිදු අරගලයකට හෝ විරුද්ධ වූහ.
ආරම්භයේ දී, ආර්එස් සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සම-චින්තකයෝ, එස්සීඒඑෆ් ජුන්ටාවට සහයෝගය දුන් අතර එම "මන්ඩලයේ එල්ලය දේශපාලන හා ආර්ථික ක්‍රමය ප්රතිසංස්කරනය කිරීම” බව ද කියා පෑහ. ඔවුහු, සමෘද්ධිමත් හා ධනවත් වීමේ හැකියාව තමන්ට ලැබෙන පරිදි මිලිටරි පාලනය යටතේ "වඩා පුලුල් වූ ප්රජාතන්ත්රවාදී අවකාශයක්” ලබාගනු පිනිස කම්කරු පන්තිය පාලනය කිරීමෙහිලා සිය සේවය ලබා දුන්හ.
ජුන්ටාව සමග ඔවුන්ගේ සහයෝගිතාව මිලිටරියට එරෙහි මහජන විරෝධතා මගින් තර්ජනයට ලක් වූ කල, ඔවුහු "දෙවන විප්ලවයක්” සඳහා වූ මහජන කැඳවුම්වලට විරුද්ධ වූහ. ඒ වෙනුවට ඔවුහු ඉස්ලාම්වාදී බලවේග සමග සන්ධානයකට ඇතුලු වූ අතර එමගින් තහ්රීර් චතුරස්රයේ ජූනි-ජුලි වාඩිලාගැනීමට එරෙහි හමුදා කඩාපැනීම සඳහා මාවත සැකසූහ. ඉස්ලාම්වාදීන් සමග ඔවුන්ගේ සන්ධානය ද, ඉස්ලාම්වාදීන් බහුතරයක් දිනාගත් නොවැම්බර්-ජනවාරි පාර්ලිමේන්තු මැතිවරනයට එරෙහි මහජන විරෝධතා හේතු කොටගෙන අසාර්ථක විය.
විප්ලවයේ සෑම තීරනාත්මක අවස්ථාවක දී ම, ධනේශ්වර බලවේගවලට මුක්කු ගැසීමට ඔවුන් මැදිහත් වී ඇති තතු යටතේ, බටහිර පිටුබලය ලබන ස්වාධීන වෘත්තීය සමිති සමග එක්ව මහ වැඩ වර්ජනයක් සඳහා මේ වසරේ පෙබරවාරි 11 දා ඔවුන් කල කැඳවුම, කම්කරුවන් අතරින් කිසිදු මහජන ප්‍රතිචාරයක් දිනාගත්තේ නැත. ඔවුන්ගේ උපාමාරුවලට කම්කරුවන් දැක්වූ නොසැලකිල්ල හා වෛරය මගින් කම්පනයට පත් වූ ආර්එස් සංවිධානය තව දුරටත් දකුනට පැද්දේය. විප්ලවයේ ජයග්රහනයක් ලෙස ජනාධිපතිවරනය හුවාදැක්වීමෙන් පසුව, ඔවුහු ඉස්ලාම්වාදීන් හා පැරනි මුබාරක් තන්ත්රයේ නිලධාරින් ඊජිප්තුවේ දේශපාලන ජීවිතය මත ආධිපත්‍යය දරන තත්වය සඳහා දේශපාලනිකව වගකිව යුතුය.
මෙම භයංකර ප්‍රතිඵලය, දේශපාලන සංස්ථාපිතය තුල නියෝජනය වන විවිධාකාර ධනේශ්වර හා සුලු ධනේශ්වර ස්ථරයන් ද කම්කරු පන්තිය ද අතර පවත්නා සමාජ ප්රතිඝතිතාව පැහැදිලි කිරීමට උත්සාහ කල, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය සනාථ කර තිබේ.
එක්සත් ජනපදයේ පිටුබලය ලද සංක්රමනයට ධනේශ්වර හා සුලු ධනේශ්වර පක්ෂ හා කන්ඩායම් පිදූ ප්රතිවිප්ලවවාදී සහයෝගය, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය තියුනු ලෙස සනාථ කිරීමකි. ඊජිප්තුව වැනි පසුගාමී රටවල, මහජනතාවන්ගේ මොන යම් හෝ විප්ලවවාදී අභිලාෂයක් සාක්ෂාත් කරගත හැකි වන්නේ, සිය ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග සන්ධානයකින් යුක්තව කම්කරු පන්තිය ගෙන යන සමාජවාදී අරගලයෙන් පමනක් බව එම න්‍යාය සඳහන් කරයි.
ප්රතිවිප්ලවයට එරෙහිව සටන් වැදීමත් විප්ලවවාදී ගතිකය යලි සාක්ෂාත් කරගැනීමත් පිනිස කම්කරු පන්තිය කල යුතු ප්‍රධාන කර්තව්‍යය ලෙස පවතින්නේ, එලඹෙන පන්ති ගැටුම්වල දී ජයග්‍රහනය සඳහා සටන් වැදීමට ඊජිප්තුව තුල හා මැද පෙරදිග පුරා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම හරහා සිය දේශපාලන ස්වාධීනත්වය තහවුරු කරගැනීමයි.
ජොහෑන්ස් ස්ටර්න්
Follow us on