ස්පාඤ්ඤ ඇප බැඳීම හා 1930 ගනන්වල අවතාරය
The Spanish bailout and the specter of the 1930s
ස්පාඤ්ඤය, යුරෝපීය මූල්‍යමය ස්ථාවරන පහසුකම්වලින් යූරෝ බිලියන 100ක ඇපකරයක් ලබා ගනු ඇත යන නිවේදනය ධනවාදයේ අර්බුදය තවදුර උත්සන්නවීමක් සලකුනු කරයි. ලෙහ්මන් බ්‍රදර්ස් බිඳවැටීමේ සිට සිව් වසරක් ද ග්‍රීසියට දුන් ඇපකරයෙන් වසර දෙකක් ද ගතවෙන තැන යුරෝපයේ කේන්ද්‍රීය ආර්ථිකයකට ඇප බැඳීමට අනිවාර්ය වී තිබීමේ අතිමූලික කාරනාව ධනවාදයේ වලංගුභාවය පිලිබඳ සියලු කාරනාවන් නිශ්ප්‍රභා කෙරේ.
ඇපකරය ලබා දීම සඳහා නිර්දේශිත කොන්දේසිවලින් එහි අවිනිශ්චිත හා මංමුලාසහගතභාවය පැහැදිලිවේ. විශේෂයෙන් ම එක්සත් ජනපදය, බි්රතාන්යය හා ප්රන්සය යන ප්රමුඛ බලවතුන් ද යුරෝපයේ බිඳ වැටෙන බැංකු පද්ධතියට රුකුල් දීමට තවතවත් මුදල් අච්චුගැසීමට විරුද්ධත්වය පල කල ජර්මනිය ද තියුනු ලෙස පීඩනය යෙදීමෙන් අනතුරුව මෙම නිවේදනය පැමිනියේ ය. එලැඹෙන සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත ග්‍රීක මැතිවරනවලට පෙරාතුව ගිවිසුමක් අටවා ගැනීමට ඇති කඩිමුඩිය පිලිබිඹු කලේ, 2008 වසරේ සැප්තැම්බර් මාසයේ සිදු වූවාටත් වඩා දැවැන්ත ආර්ථික කඩාවැටීමක් සහ ස්පාඤ්ඤය, ඉතාලිය හා අනෙකුත් යුරෝපා බැංකු විසින් දක්වන ලද ප්රතිචාරයන් මාලාවකට අනතුරුව ක්‍රියාවට දැමූ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව යෝධ ඡන්දයක් ප්‍රකාශයට පත්වනු ඇතිය යන්න පිලිබඳව ජාත්‍යන්තර ධනපති පන්තිය තුල පවතින භීතිකාවන් ය.
කිසිදු කොන්දේසියකින් තොරව ඇපබැඳීම් සිදුකිරීමට යන්නේය යන කියාපෑම් කිසිවෙක් විශ්වාස නොකට යුතු ය. ග්‍රීසිය, අයර්ලන්තය හා පෘතුගාලය යන රටවලට මුදල් පොම්ප කිරීමට වෙනස්ව, යුරෝපා සංගමයේ අඛන්ඩත්වය දරන බැංකුකරුවෝ නය වෙනුවෙන් කම්කරු පන්තිය කැප කල යුතුය යනුවෙන් බලකරමින් ඔවුන් වෙත එල්ල කරන නව ප්රහාරයන් මහජනතාවගෙන් වසන් කරමින් සිටිති.
ස්පාඤ්ඤය දැනටමත් 2012 වසර සඳහා ෆ්රෑන්ක් බිලියන 27ක කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමීමට ද එලැඹෙන වසර සඳහා තවත් ඒ සමාන ප්‍රමානයක් කපා හැරීමට ද කැප වී සිටී. මෙකී කප්පාදු, නිල විරැකියා රේට්ටුව සියයට 25ක් හා තරුන විරැකියාව සියයට 50 කට වැඩි ස්පාඤ්ඤය තුල අවපාත-සම කොන්දේසි නිර්මානය කිරීමට දායක වී ඇත.
යුරෝපයේ නරක අතට හැරෙමින් පවත්නා බැංකු අර්බුදය සහ ගෝලීය මන්දගාමිත්වයක් පිලිබඳ සංඥාවන් සමග යුරෝ කලාපයෙන් පිටමංවූ ග්‍රීසියක් පිලිබඳ අපේක්ෂාව ඒකාබද්ධවීම හේතුවෙන්, 1930 ගනන්වල කොන්දේසි කරා පෙරලා යාමක් පිලිබඳ අනතුරු අඟවන විස්තර කථන ගොන්නක් ප්‍රධාන ධාරවේ මාධ්‍යයන් තුල ජනිත කෙරී ඇත. ප්රමුඛ බලවතුන් අතර කවර හෝ එකඟතාවකට ඇති හැකියාවේ ඌනතාව පිලිබඳව සහ වික්ෂිප්තභාවයේ හා අක්රීයභාවයේ පොදු වටපිටාවක් පිලිබඳව වඩවඩාත් අනතුරු අඟවමින් ආර්ථික විද්‍යාඥයෝ හා තීරු ලිපි රචකයෝ සටහන් තබමින් සිටිති.
අයහපත් අනාගතයක් පිලිබඳ ප්‍රසිද්ධියේ කෙරෙන එවන් හඬ තැලීම් ලෝක අර්බුදයේ ඉහල අවධිය පිලිබඳව සාක්ෂි දරයි. "භීතිය සෑම අතින්ම වඩාත් සහේතුක වී තිබේ” යන සිරස්තලය යටතේ පසුගිය සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපියක ආර්ථික විමර්ශක මාටින් වුල්ෆ් ලියුවේ, බටහිර දැනටමත් "එක දිගට ඇදී යන අවපාතයක” නිමග්න වී ඇති බව යි.
ඔහු මෙසේ කීවේ ය: "1930 ගනන්වල සිදු වූයේ කෙසේදැයි මින් පෙර කිසිදිනෙක මම අවබෝධ කරගෙන නොසිටියෙමි. දැන් මම එය දනිමි. එවැන්නක් සිදු වීමට ආවශ්‍යක වන්නේ, භංගුර ආර්ථිකයන්, දෘඩතර මූල්‍ය තන්ත්රයක්, කල යුත්තේ කුමක්ද යන්න පිලිබඳ කෙස් පැලෙන තර්ක, විඳවීම යහපත්ය යන පුලුල්ව පැතිරුන විස්වාසය, නාහෙන් එහාට දැකීමට අසමත් දේශපාලනඥයින් සහ සාමූහිකව වැඩ කිරීමට ඇති නොහැකියාව හා සිද්ධීන්වලට කල්තියා සූදානම්වීමේ අසමර්ථභාවය යන කරුනුයි.’’
"කෙටි-කාලීන පියවරයන්” හා යුරෝ බැඳුම්කර ක්‍රමයක් නිර්මානය කිරීම ප්‍රතික්ෂේප කල ජර්මානු මුදල් අමාත්‍යාංශයේ ප්රමුඛ නිලධාරියෙකුට ප්‍රතිචාර දක්වමින් ලියූ කොලමක දී වොල්ෆ් අනතුරු අඟවා සිටියේ, "ඇඩොල්ෆ් හිට්ලර් බලයට ගෙන ඒමේදී මූලිකව බලපැවැත්වූ කාරනය එයට දශකයට පෙරාතුව සිදු වූ මහා උද්ධමනය නොව, මහා අවපාතය හා එයට ප්‍රතිචාර වශයෙන් හෙන්රිච් බෲනිංගේ කප්පාදු පිලිවෙත් බව, නිතර අමතක කරන” බව හා මෙම අමතක කිරීම සම්බන්ධයෙන් ජර්මනියේ පවා "අඩුවක් නොමැති” බව යි.
ඉතිහාසඥ නියල් ෆර්ගසන් හා ආර්ථිකඥ නූරීල් රුබීනි "බර්ලිනය 1930 ගනන්වල පාඩම් නොතකා හරිමින් සිටී” යන හිසින් යුතුව පසුගිය 09දා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ පල කල ඒකාබද්ධ අදහස් දැක්වීමේ දී මෙම අදහස් ඔස්සේම තර්ක කලහ. උද්ධමනයේ තර්ජනයක්-නැත යන මතයේ ඇලී ගැලුන අද දිනයේ ජර්මානුවන්, ප්රජාතන්ත්රවාදය මරනයට පත් වූ 1933ට වඩා අධි-උද්ධමනයේ වසර වූ 1923ට වැඩි වටිනාකමක් ලබා දෙන බව පෙනී යයි. ඔවුන්ගේ රටේ පමනක් නොව දකුනේ සිට යුරෝපා මහාද්වීපය පුරාම ප්රජාතන්ත්රවාදයේ කඩා වැටීමට 1933ට වසර දෙකකට කලියෙන් යුරෝපා බැංකු අර්බුදයක් දායක වූයේ කෙසේද යන්න පිලිබඳ සිහිකැඳවා ගැනීමට ඔවුන් යහමින් වෑයම් කරනු ඇතැ” යි ඔවුහු ලිවූහ.
වසර දෙකකට කලියෙන් එවකට යුරෝපයේ මධ්‍යම බැංකුවේ ප්‍රධානී, ෂෝන්-ක්ලෝඞ් ට්රිචේ අනතුරු අඟවා සිටියේ, යුරෝපය "දෙවැනි ලෝක යුද්ධයේ සිට, ඇතැම් විට පලමු ලෝක යුද්ධයේ සිට, වඩාත් දුෂ්කරම තත්වයට මුහුන දී” සිටි බවයි. එවකට, ග්‍රීසිය යුරෝ කලාපයෙන් පිටමං වනු ඇතැයි යන්න හා පොදු ව්‍යවහාර මුදල අහෝසි වනු ඇතැයි යන්න "සිතාගත නොහැක්කක්” ලෙස පොදුවේ ප්‍රකාශ කෙරින. අර්බුදය දැන් ඊනියා "පරිධියේ” සිට යුරෝපයේ හදවත කරා පැතිර තිබේ.
ප්‍රධාන ධනපති අටුවාකරුවන් දැන් ප්‍රසිද්ධියේ ගෝලීය අවපාතය පිලිබඳ කතා කරමින් ඇඩෝල්ෆ් හිට්ලර්ගේ අවතාරය කැඳවමින් සිටින්නේ නම්, පෞද්ගලිකව කියමින් සිටින්නේ කුමක් ද?
1930 ගනන්වල ධනවාදයේ කඩා වැටීම ෆැසිස්ට්වාදයට ද මිලියන 70ක් ජනයාගේ ජීවිත බිලිගත් දෙවන ලෝක යුද්ධයට ද පාර කැපුවේ ය. මෙකී සන්ත්රාසයන් සිදු වූයේ ධනවාදයේ අර්බුදය විසින් ජනනය කල කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල ස්ටැලින්වාදය හා සමාජ ප්රජාතන්ත්රවාදය විසින් පාවා දුන් බැවිනි.
1938දී ලියන ලද හතරවන ජාතන්තරයේ පදනම් ලියවිල්ල තුලදී ලියොන් ට්‍රොට්ස්කි ලෝක තත්වය පහත පරිදි ගුනාංගීකරනය කලේය: "මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේග එකතැන පල් වෙයි. නව සොයා ගැනීම් හා වැඩි දියුනු කිරීම් මේ වන විටත් ද්‍රව්‍යමය වස්තු සම්භාරයේ මට්ටම නැංවීමට අසමත් ය. සමස්ත ධනේශ්වර ක්රමයේ සමාජ අර්බුද තත්වයන් යටතේ මතුවන ප්‍රාසංගික අර්බුදයෝ එන්ට එන්ට ම බරපතල වන නැතිබැරියාවන් හා දුක්පීඩා ජනතාවන් මත පටවති. වර්ධනය වන විරැකියාව රාජ්‍යයේ මුදල් අර්බුදය ගැඹුරු කර අස්ථාවර මූල්‍ය පද්ධතීන්ගේ අඩිතාලම බිඳලයි. ෆැසිස්ට්වාදී පාලනයන් මෙන් ම ප්‍රජාතාන්ත්‍රික පාලනයෝ ද එක් බංකොලොත්කමක සිට තවෙකකට ලූහුටා යති. ධනේශ්වරයට නම් මෙයින් ගැලවෙන මගක් නැත.”
වත්මන් තත්වය විස්තර කිරීමට මෙම තක්සේරුවේ වචනයකුදු වෙනස් කිරීමට අවශ්‍ය නොවන තරම් ය. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වශයෙන් හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම සඳහා වන තම අරගලය දියත් කරමින් ට්‍රොට්ස්කි උකහාගත් කේන්ද්‍රීය නිගමනයේ හදිසිභාවය අද දින සෑම අතින්ම වලංගුය: "මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය නිර්ධන පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදය බවට සිඳී තිබේ.”
ලෝකය පුරාම වැඩ කරන ජනයා 1930 ගනන් පිලිබඳ මැතිරීම් අනතුරු ඇඟවීමක් ලෙස ගතයුතු අතර අත්‍යවශ්‍ය නිගමන උකහා ගත යුතුය. එදා මෙන්ම, විප්ලවවාදී පන්ති අරගලවල කාල පරිච්ඡේදයක් විවර වෙමින් පවතී. එදා මෙන් ම, පවත්නා විකල්පය වන්නේ සමාජවාදය නැතිනම් ම්ලේච්ඡත්වය යි.
මූලික කර්තව්‍ය වන්නේ, එලැඹෙමින් පවත්නා මහජන අරගල, බැරෑරුම්ව සූත්රගතකල මූලෝපායකින් හා වැඩකරන ජනයාගේ අවශ්‍යතාවන් මැනවින් ආමන්ත්රනය කරන වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමට කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැගීම යි. එකම සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් එකී කර්තව්‍යය සිදු කරනු ඇති අතර එවැනි වැඩ පිලිවෙලක් සඳහා සටන් වදින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය ම පමනි. අසමර්ථ වූ ධනවාදී පද්ධතියට එරෙහිව සමාජවාදය සඳහා අරගලයක අවශ්‍යතාව දකින සියලුම දෙනා සසප සමග සම්බන්ධ වී එය ගොඩ නැගීමේ තීන්දුව ගත යුතුය.
ආන්ඩ්රෙ ඩේමන්
Follow us on