ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාල සිසු නායකයාට රුදුරු ප්‍රහාරයක්
Subash Somachandran and G.Krishna , 26 May 2012
යුද්ධයෙන් විනාශවූ උතුරේ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයෙහි ලේකම් පරමලිංගම් දර්ශනන්ද්ට මැයි 18දා උදෑසන නන්නාඳුනන කල්ලියක් විසින් රුදුරු ලෙස පහර දී ඇත. කලු හෙල්මට් පැලඳ යතුරුපැදිවලින් පැමිනි එම කල්ලිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට රාමනාදන් වීදියේ දී යකඩ පොලුවලින් දර්ශනන්ද් හට පහර දී තිබේ.
දර්ශනන්ද් ආරක්ෂාව පතා අසල පිහිටි කඩයකට දිව ගියේය. මැරයින් ඔහු එලවාගෙන ගොස් කඩය තුලදී ද ඔහුට පහරදී ඇති අතර මිනිසුන් හා සිසුන් එක්රැස්වීමට පටන්ගැනීමෙන් පසුව පලාගොස් ඇත. සිසුහු ඔහු යාපනය ආරෝග්‍යශාලාවට ඇතුල් කලහ. ඔහුගේ අතකට, පපුවට හා පිටුපසට බරපතල ලෙස තුවාල සිදුවී ඇති බව වෛද්‍යවරු පවසති.
යාපනය ප්‍රදේශයේ සිසුන් ඉලක්ක කොටගත් පහරදීම් මාලාවක අලුත්ම සිද්ධිය මෙයයි. පසුගිය ඔක්තෝබරයේ දී ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් වන ඊ. කවිරාජන් හා සුබ්‍රමනියම් තවබාලසිංහම් එවැනිම පහරදීම්වලට ලක් විය. 2006 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධය යලි ඇරඹූ තැන් පටන් විශ්වවිද්‍යාල සිසුන් ඝාතනයට, තර්ජනයට, කායික පහරදීම් වලට, රඳවා තැබීමට හා සිරගත කිරීමට ලක්ව ඇත.
වසර තුනකට පෙර යුද්ධය අවසන් වුව ද දහස් ගනන් හමුදා භටයින් යොදවමින් උතුරේ වාඩිලෑම තවත් පුලුල් කර ඇත. පරමේෂ්වර හන්දියේ විශ්වවිද්‍යාල දොරටුවට මීටර් 100ක් නුදුරින් මිලිටරි මුර කුටියක් පිහිටා තිෙබ්. එසේම ආරක්ෂක හමුදා සිසුන්ගේ දේශපාලන කටයුතු සමිපව නිරීක්ෂනය කරයි.
දර්ශනන්ද්ට පහරදීම අහම්බයක් නොවේ. එය සිදුවූයේ සිවිල් යුද්ධය අවසන්වී වසර තුනක් ගතවෙමින් තිබිය දීය. ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධයේ ජයග්‍රහනය සැමරීමට සූදානම් වෙද්දී ශිෂ්‍ය සංවිධානය 2009 මැයි මාසයේ යුද්ධයේ අවසන් දිනවල මියගිය දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් සිහිකිරීමේ රැස්වීමක් සංවිධානය කරමින් සිටියේය. තමන්ට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන රාජපක්ෂ ආන්ඩුවට එවන් සිදුවීමක් දරාගත නොහැකි බව පැහැදිලිය.
දහස් ගනනක් වන විශ්වවිද්‍යාලයේ සියලු සිසුහු පන්ති වර්ජනය කරමින් විරෝධතාවක් දියත් කලහ. ඔවුහු පහරදීමට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සිසුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් ඉල්ලා සිටියහ.
සිසුන් විශ්වාස කරන්නේ මෙම ප්‍රහාරය ආන්ඩුවේ ආරක්ෂක හමුදා හෝ ඊට සම්බන්ධ පැරා මිලිටරි කොටස් විසින් සිදුකර ඇති බවයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරමින් දර්ශනන්ද් මෙසේ පැවසීය. “මුල්ලිවයික්කාල්හි මියගිය ජනතාව සිහිපත් කිරීමේ රැස්වීමක් අපි සංවිධානය කරමින් සිටියෙමු. පහරදීම සිදුවූයේ ඒවන විටය. මම විශ්වාස කරන්නේ මෙම පහරදීම මිලිටරියේ හෝ ඒ සමග එකට වැඩකරන මැරයින්ගේ ක්‍රියාවක් බවයි.
තවත් සිසු නියෝජිතයෙක් පැවසුවේ “මියගිය මිනිසුන් සිහිපත් කිරීමේ ප්රජාතන්ත්ර අයිතිය අපට අහිමි ද? අප කිසියම් දෙයක් ගැන කතාකල වහාම බුද්ධි අංශ නිලධාරීහු දුරකථනයෙන් අපට තර්ජනය කරති. මෙම අරගලයේ දී අප හුදෙකලාවී සිටින බවක් අපට හැඟී යයි. අපට සහයෝගය ලැබෙන්නේ නම් අපට ශක්තිමත්ව නැඟී සිටිය හැකිය.”
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අඛන්ඩව පවත්වාගෙන යන මිලිටරි වාඩිලෑම හා ප්රජාතන්ත්ර අයිතීන් මැඩීම, සිසුන් ද කම්කරුවන් හා දුගීන් ද අතර නොංසුන්තාවය වැඩිකර ඇත. ආන්ඩුව අධ්‍යාපනය කප්පාදු කිරීම සිසුන් අතර කෝපය දල්වා ඇත. නිදහස් අධ්‍යාපන කප්පාදුවේ කොටසක් ලෙස ආන්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අවසර දී ඇත.
මෙම පසුබිම යටතේ සිය ජයග්‍රාහී සැමරුම අමතමින් ජජනාධිපති රාජපක්ෂ, "ප්‍රශ්න” විසඳෙන තෙක් උතුරු හා නැගෙනහිරෙන් මිලිටරිය ඉවත්කර නොගන්නා බව ප්‍රකාශ කලේය. වාර්ගික හැඟීම් උසිගන්වමින් ඔහු පැවසුවේ, ආන්ඩුවට එරෙහිව කුමන්ත්රනයක් පවතින බවයි. සමහර කොටස් "ප්රභාකරන්ට අත්කර ගැනීමට නොහැකිවූදේ ලබාගැනීමට උත්සාහ කරයි.” ඒ ආයුධ ඇතිව වෙනත් ක්‍රම මගින්ය.
පුරුද්දක් වශයෙන් වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ ගනනාවක් මෙම ප්‍රහාරය හෙලාදැක තිබේ. පහරදීම හෙලා දකින අතර යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ හා අනධ්‍යන කාර්යමන්ඬලයේ සමිති “සිසුන්ගේ අධ්‍යාපනයට බාධා නොකරන ලෙස” ශිෂ්‍යයින්ට දන්වා ඇත. මෙම ප්රවිෂ්ටය තුලින් වෘත්තීය සමිති සිසුන්ගේ අරගල මැඩීම පිනිස ආන්ඩුවට අත්වැලක් සපයයි.
සමිතිවලට සමගාමීව විශ්වවිද්‍යාල පරිපාලනය, විරෝධතා හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවන්නේ යයි සිසුන්ට චෝදනා කර තිබේ. තමන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් නොවන්නේ යයි සිසුහු විශ්වවිද්‍යාල බලධාරීන්ට චෝදනා නඟති. සිසුන්ගේ කෝපය සංසිඳුවීමේ ව්‍යායාමයක් ලෙස උපකුලපතිවරයා හා පරිපාලනයේ වෙනත් නියෝජිතයෝ, ශිෂ්‍ය ක්‍රියාකාරීන් යාපනයේ මිලිටරි ආඥාපති මේජර් ජෙනරාල් හතුරුසිංහ හමුවට ගෙන ගියහ.
සිසුන් පවසන පරිදි ආඥාපතිවරයා “මින් මත්තට එවන්දේ සිදු නොවන්නට වග බලාගන්නා බවට” සහතික විය. එවන් වංචනික පොරොන්දු මීට කලින්ද ඔහු විසින් දී ඇතත් සිසුන්ට, මධ්‍යවේදීන්ට හා වෙනත් අයට පහරදීම් අඛන්ඩව සිදුවෙමින් තිබේ.
හතුරුසිංහගේ ප්රකාශයන්ට පිලිතුරු දෙමින් සිසුවෙක් පැවසුවේ, “අපි ඔවුන්ගේ ප්‍රකාශ පිලි නොගන්නෙමු. මීට පෙර සිදුවූ පහරදීම් පිලිබඳව පරීක්ෂන පවත්වා හෝ වගකිවයුත්තන්ට දඬුවම් පමුනුවා හෝ නැත. වගකිවයුත්තන් ගැන තමන් නොදන්නා බව පැවසීමට ඔහුට පුලුවන්කමක් නැත.”
පූර්වයෙන් සිදුවූ පහරදීම්වලට එරෙහිව ගොඩනගනු ලැබූ සමාජ සංවිධානයන්ගේ සම්මේලනයට සිදුවූයේ කුමක්දැයි විමසූ කල සිසුවෙක් පැවසුවේ, “පක්ෂ ගනනාවක දේශපාලන ආධාරකරුවන් ඊට ඇතුලත්ව සිටි නමුත් දැන් එය අතුරුදහන්ව ඇත” යනුවෙනි. එයට දෙමල ජාතික සන්ධානය, හින්දු හා කතෝලික පූජකවරු හා ආන්ඩුවේ නොවන සංවිධාන සාමාජිකයින් ඇතුලත් විය. එය අටවනු ලැබුවේ ම එවන් පහරදීම්වලට එරෙහි විරෝධතා අත්හිටුවන ලෙස සිසුන්ට බලකිරීම සඳහා ය.
මැයි 22දා පාර්ලිමේන්තුවේ දී කතාකරමින් දෙමල ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පැවසුවේ, මෙය සිදුව ඇති යාපනයේ දැඩි මිලිටරි ආරක්ෂාවක් යොදවා තිබෙන බවයි. "මෙම ප්‍රහාරය යලිදු වතාවක් ඉස්මතු කරන්නේ, රිනාත්මක ප්‍රතිවිපාකයි. මෙය මිලිටරි බුද්ධි අංශයේ ක්‍රියාවක් ද යන සැකය මතුකර ඇත.”
උතුරේ හා නැඟෙනහිර මිලිටරි කටයුතු අඩු කරන ලෙස කියාසිටින අතර සම්බන්ධන්, දෙමල ධනේශ්වරය සඳහා උතුරේ හා නැඟෙනහිර දේශපාලන විසඳුමක් වෙනුවෙන් රාජපක්ෂ ආන්ඩුව සමග සාකච්ඡාවන්ට සූදානම් වෙමින් සිටියි.
මිලිටරියේ හා පැරා මිලිටරියේ මැර ප්රහාරයන්ට මුහුන දෙන අනාරක්ෂිත සිසුන්ගේ ආරක්ෂාවට ඉදිරිපත්වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.
සිය අයිතීන් ආරක්ෂාකර ගැනීමේ අරගලයේදී සිසුන් දෙමල හා සිංහල ධනපති සංවිධාන කෙරෙහි විශ්වාසය නොතැබිය යුතුය. ඔවුන් සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය සමග ඒකාබද්ධ විය යුත්තේ අධ්‍යාපනය ද ඇතුලු සමාජ හා ප්රජාතන්ත්ර අයිතීන් දිනාගැනීම සදහා ධනපති පාලනය අහෝසි කිරීම පිනිස ය. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ හා සමාජවාදි සමානතා පක්ෂය එවන් ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් සටන් වදියි.
Follow us on