ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය වෙබ් අඩවි තහනම් කිරීමට එරෙහි පෙත්සම ඉවත ලයි
By Sujeeva Amaranath , 12 June 2012
ශ්‍රී ලංකාවේ ආන්ඩුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ වෙබ් අඩවි පහක් තහනම් කිරීමට ගත් තීන්දුවට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොනු කල පෙත්සමක් මෑත දී ශ්‍රේෂ්ඨාධිකරනය මගින් ප්‍රතික්ෂේප කෙරින. ”නිරපේක්ෂ අයිතිවාසිකමක් නො වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවශ්‍ය විටක දී සීමාකිරීම ද කල හැකි ය” යනුවෙන් තම තීන්දුව සාධාරනීකරනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරනය කල හේතු දැක්වීම උසාවිය ද ඇතුලුව රටෙහි මූලික ආයතන ගිලී සිටින ප්රජාතන්ත්ර විරෝධයේ ගැඹුර පෙන්නුම් කරයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියා පදිංචි වන ලෙස ආන්ඩුව කල ඉල්ලීමට එකඟ නො වීය යන කරුන මත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව පසුගිය වසරේ දී ලංකාවේනිව්ස්, ශ්‍රී ලංකා ගාඩියන්, ශ්‍රී ලංකා මිරර්, ටැමිල්නෙට් හා ලංකා-ඊ-නිව්ස් යන වෙබ් අඩවි පහ තහනම් කලේ ය. මෙම තහනම් කිරීම තොරතුරු දැනගැනීමේ හා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් ය යන කරුන මත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය උසාවියට යාමට තීන්දු කලේ ය.
ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවේ අර්ථය වන්නේ ආන්ඩුව මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත එල්ල කරන ප්‍රහාර අනුමත කිරීම යි. ”අන්‍යයන් අතර අපහාසයට හා අපකීර්තියට ලක්වීමෙන් ජනතාව ආරක්ෂා කිරීමට ලියා පදිංචි වීම අවශ්‍ය වී” යයි අවධාරනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරනය ආන්ඩුවේ තහනම අනුමත කලේ ය. මෙම ”ජනතාව” යනු කවුරුන්දැයි එය පැහැදිලිව සඳහන් නො කල ද සමහර මාධ්‍ය වාර්තා කොට ඇත්තේ එම වෙබ් අඩවි, ජනාධිපති රාජපක්ෂ, ඔහුගේ ආන්ඩුව සහ ඔහුගේ ඥාතීන් පිලිබඳව විවේචනාත්මක වීම මෙම දඩයමට ප්‍රධාන හේතුව බව යි.
2005 නොවැම්බරයේ දී ජනාධිපති රාජපක්ෂ තම පලමු ධූර කාලය ඇරඹීමෙන් පසුව හා විශේෂයෙන් ම දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධයට රට යලි ඇද දැමූ 2006 ජූලි මාසයෙන් පසුව සමහර ජනමාධ්‍යවේදීන් ඝාතනය කෙරී තවත් අය ”අතුරුදහන්” කෙරී තිබේ. මෙම ඝාතන පිටුපස සිටින්නේ ආරක්ෂක හමුදා හා ඔවුන් සමග සන්ධාන ගත පැරාමිලිටරි කන්ඩායම් හා ඝාතක කල්ලි යයි විශ්වාස කිරීමට සෑම හේතුවක් ම තිබේ. එවකට සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග රත්මලානේ ගුවන් හමුදා කඳවුරකට මීටර කිහිප සියයක් ඔබ්බෙන් අධි-ආරක්ෂක කලාපයක් තුල දී ඝාතනය කරන ලදී.
තවත් මාධ්‍යවේදියෙක් හා කාටූන් ශිල්පියෙක් වන ප්‍රදීප් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව ඇත. මෙම සිද්ධිවලට වගකිව යුත්තන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරනවා තබා ඔවුන් සෙවීමටවත් කිසිදු පරීක්ෂනයක් සිදුකරනු ලැබ නැත. එහෙත් තහනම් කල වෙබ් අඩවිවලට එරෙහිව ඔවුන් නීතිය උල්ලංඝනය කලේ යයි ආන්ඩුව තහවුරු නො කල චෝදනා ඉදිරිපත් කොට ඇත. එහෙත් එසේ උල්ලංඝනය කලේ කවර නීතියක්දැයි කීමට ආන්ඩුව මුලුමනින් ම අසමත්ව සිටී. එහෙත් ලියාපදිංචි වීම නීතියෙන් අනිවාර්ය නො වන තත්ත්වයක් තුල විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටීම සාධාරනත්වය හෑල්ලුවට ලක්කිරීමකි.
අනෙක් අතට අවධාරනය කල යුතු දෙය වන්නේ උසාවිය ද ඇතුලු පාලක සංස්ථාපිතයේ සෑම ආයතනයක් ම අතිශයින් දේශපාලනීකරනය වී ඇති බව යි. එමගින් දෙන පැහැදිලි පනිවුඩය වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුලු සාමාන්‍ය මහජනයා අත්විඳින ප්රජාතන්ත්රීය අයිතීන් සම්බන්ධයෙන් ගත්කල ආන්ඩුව හා සමස්ත පාලක සංස්ථාපිතය සිය පිලිවෙත් පිලිබඳ අතිශය දියාරු විවේචනයක් පවා ඉවසීමට සූදානම් නැති බව යි.
උසාවියේ තීන්දුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට යාමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සූදානම් බව වාර්තා වේ. එසේ කිරීම මගින් එම ව්‍යාපාරය උත්සාහ කරන්නේ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව හෙවත් අධිරාජ්‍යවාදී බලයන්ට ආයාචනා කිරීම මගින් ප්රජාතන්ත්ර අයිතීන් රැක ගත හැකිය යන මිථ්‍යාව වැපිරීමටයි. වෙනත් වචනවලින් කියතොත් එය යලිත් වරක් රාජපක්ෂ තන්ත්රය මත ”පීඩනය යෙදීමට” උත්සාහ කරයි.
අධිරාජ්‍යවාදී බලයන් රාජපක්ෂ තන්ත්රයේ මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳව ඉඳ හිට විපිලිසර වෙතත් ඔවුන්ගේ අපේක්ෂාව සාමාන්‍ය මහජනයා අත්විඳින ප්රජාතන්ත්ර අයිතීන් ආරක්ෂා කිරීම නො වේ. ඒ වෙනුවට ඔවුන්ගේ කනස්සල්ලට හේතු වන්නේ දකුනු ආසියානු කලාපය තුල සිය මූලෝපායික ගනන් බැලීම් හා විශේෂයෙන් ම රාජපක්ෂ ආන්ඩුව වඩ වඩා චීනය සමග සම්බන්ධ වීම යි.
පරදුවට තැබී ඇත්තේ යමෙක් විශ්වාස කරන දෙය ප්‍රසිද්ධියේ නියෝජනය කිරීමට ඇති මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතිය යි. සියලු වෙබ් අඩවි විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි විය යුතු ය යන ආන්ඩුවේ ඉල්ලීමට කිසිදු පිලිගත හැකි හේතුවක් දැක්වීමට අපොහොසත් වූ මාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසා සිටියේ ”ව්‍යාජ තොරතුරු” පලකරන්නේ යයි සැලකෙන වෙබ් අඩවිවලට එරෙහිව ක්‍රියාත්මක වීමට (මාධ්‍ය) අමාත්‍යංශයට ”පූර්න බලතල” ඇති බව යි.
මේ ව්‍යාජ තොරතුරු මොනවා ද යන්නට එක් හෝ උදාහරනයක් දීමට රඹුක්වැල්ල අසමත් විය. අනෙක් අතට මේ වනාහි සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන්, දිලින්ඳන් හා තරුනයන් ඇතුලූ සියල්ලන්ට එරෙහි සිය ප්‍රහාර බොරු කඳු, වාර්ගික උද්ඝෝෂනය හා කෲර ප්‍රචාරය මගින් ආවරනය කරන ආන්ඩුවකි.
විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිර්දේශිත කප්පාදු පියවර ඇතුලු වැඩකරන ජනයාගේ සමාජ තත්ත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාර කම්කරු පන්තියේ කර්කශ විරුද්ධත්වයට ලක්වන බව රාජපක්ෂ ආන්ඩුව හොඳින් දනී. එය යෙදී සිටින්නේ කම්කරුවන්ගේ පැරනි පරම්පරාවන් දිනාගත් සියලු සමාජ ජයග්රහන උදුරා ගැනීමේ අනවරත ධාවනයක ය. නිදහස් මාධ්‍ය ඇතුලූ මූලික ප්රජාතන්ත්ර අයිතීන් මතට ආන්ඩුව ධාවනය කරවන්නේ මෙම පන්ති යුද පිලිවෙත යි.
කම්කරුවන්් මෙම උසාවි තීන්දුවෙන් අවශ්‍ය නිගමන උපුටාගත යුතුය. ධනේශ්වර සංස්ථාපිතයේ කිසිදු ආයතනයක් වැඩකරන ජනයාගේ අවශ්‍යතාවලට කන් නො දෙයි. උසාවිය ධනේශ්වර පාලනයේ මූලික ආයතනවලින් එකක් හා දේශපාලන තීන්දු ලබා දෙන තතු යටතේ මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා බලයේ සිටින්නන්ට පීඩනය යෙදීම නිරර්ථක ය.
තහනම් කල වෙබ් අඩවිවලින් එකක් වන්නේ ප්‍රධාන විපාර්ශ්වික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නිල වෙබ් අඩවිය වන ලංකාවේනිව්ස් ය. රාජපක්ෂ ආන්ඩුව සමග කිසිදු ප්‍රතිපත්තිමය වෙනසක් නොමැති තතු යටතේ එජාපය උසාවි තීන්දුව පිලිබඳව මුඛ පූට්ටු කරගෙන සිටී. මෙහි අර්ථය වන්නේ කම්කරු පන්තියට දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කොටසක් කෙරෙහි විශ්වාසය තැබිය නො හැකි බව යි.
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ ලියාපදිංචි වන ලෙස වෙබ් අඩවිවලින් ආන්ඩුව කල ඉල්ලීම මගින් ඉස්මතු කෙරෙන එක් දෙයක් වන්නේ එහි අත්තනෝමතික ස්වභාවය හා එය කිසිදු නීතියක් පිලිගැනීමට සූදානම් නොමැති බව යි. අන්තර්-ජාල වෙබ් අඩවි ලියාපදිංචි විය යුතු ය යයි නීතියක් ලංකාවේ නැත. එක් අන්තර්ජාල චර්චා කරුවෙක් සඳහන් කල පරිදි ”ආන්ඩුව විවේචනය කරමින් මහජන අදහස් දැක්වීමේ ගෙල හිර කිරීමට උත්සාහ කිරීම ප්රජාතාන්ත්රවාදයේ මූලධර්මයන්ට එරෙහි වනවා පමනක් නොව මේ සිද්ධියේ දී අධිකරන ක්‍රමයට පරිබාහිර දවේ.” පෙත්සම්කරුවෝ ”වෙබ් අඩවි තහනම් කිරීම හෝ ඒවා ලියාපදිංචි වීම නීතිය විසින් අර්ථ දක්වනු ලැබ නැතැ” යි තර්ක කලහ.
මෙම අත්තනෝමතික නීති මාධ්‍ය මත පැනවීම මගින් පෙන්නුම් කෙරෙන්නේ කම්කරුවන් හා දිලින්ඳන් මත එල්ල කෙරෙන ප්‍රහාර වඩාත් තීව්ර කිරීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටින බවයි. මෙම වෙබ් අඩවි තහනම රාජපක්ෂ ආන්ඩුව හැල්මේ ගොඩනගමින් තිබෙන පොලිස් රාජ්‍යයේම පියවරකි.
Follow us on