ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක් වංචනික කොටස් වෙලඳ පල ගනුදෙනුවක
රටෙහි ප්‍රධානතම ඉතිරි කිරීමේ බැංකුව වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි (ජාඉබැ) සභාපති හා අධ්යක්ෂ මන්ඩලය රුපියල් දස ලක්ෂ ගනනක වංචනික ගනුදෙනුවක් තුල හෙලිදරව් වී ඇත.
අපේ‍්‍රල් 27 සිදු කල ගනුදෙනුවෙන් සති තුනකට පසුව, එනම් මැයි 21 දින, ජාඉබැ වේ සභාපති ප්‍රසාද් කාරියවසම් හට සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමට බල කෙරිනි. අග විනිසුරු ශිරානි බන්ඩාරනායකගේ ස්වාමිපුරුෂයා වන කාරියවසම් 2010දී ජාඉබැ වේ සභාපති තනතුරට පත් කරනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.
ද ෆිනෑන්ස් සමාගමේ කොටස් දස ලක්ෂ 8ක්, නැතහොත් සමස්ත කොටස් ප්‍රමානයෙන් සියයට 13.2 ක්, රුපියල් මිලියන 390ක් වූ ඉහල අගයකට විකිනුම් කරුවන් සමූහයකින් මිලට ගන්නා ලෙස ජාඉබැ තැප්‍රොබේන් සෙකියුරිටීස් බ්‍රෝකර් සමාගමට උපදෙස් දී තිබුනි. ජාඉබැ විසින් කොටසකට ගෙවීමට එකඟවූ මිල රුපියල් 49.75ක්වූ අතර එය කොටසක වෙලදපොල මිල වූ රුපියල් 30 ට වඩා සියයට 65ක් ඉහලය. බ්‍රෝකර් සමාගමේ සමහර අධ්‍යක්ෂවරුද තම පුද්ගලික කොටස් මෙම ඉහල මිලට ජාඉබැ ට විකිනීමෙන් වාසි ලැබීමට පෙල ගැසී සිටියහ.
මෙම ගනුදෙනුවේ දී ජාඉබැ වෙනුවෙන්, ද ෆිනෑන්ස් සමාගමේ කොටස් විකිනුම්කරුවන් හට මිල ගනන් පියවනු ලැබුවේ සම්පත් බැංකුව විසිනි. ගනුදෙනුවේ වංචනික ස්වභාවය කෙතරම් ද යත් එහි විනිවිද භාවය පිලිබඳව ව්‍යාපාරික කවයන් විසින් ප්‍රශ්න කරනු ලැබිනි. බැංකුවේ කීර්තිය පහත හෙලෙන ලිපි හා අදහස් මාධ්‍ය තුලින් ප්‍රකාශයට පත්විය. ගනුදෙනුවෙන් දින පහකට පසු මුදල් ඇමති ජනාධිපති මහින්ද රාජපක්ෂ ගනුදෙනුව නැවැත්වීමේ නියෝගයක් පනවා එය යට ගැසීමේ උපාමාරුවක් ලෙස ඒ පිලිබඳව "පරීක්ෂනයක්” පවත්වන ලෙස උපදෙස් දුන්නේය.
දුගඳ හමන ගනුදෙනුව එලිදරව් වීමෙන් පසුව ජාඉබැවේ අධ්යක්ෂ මන්ඩලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ "එම ගනුදෙනුව තව දුරටත් කරගෙනයාමට තරම් මෙම ආයෝජනයෙන් ලැබෙන වාසි ප්‍රබල නොවන බව අධ්යක්ෂ මන්ඩලය සිතන නිසා” මෙම ගනුදෙනුවට සම්බන්ධ ගෙවීම නොකිරීමට එය තීන්දු කල බවයි. කොන්ත්‍රාත්තුවකට ඇතුලත් වූ පසුව නියමිත ගෙවීම් පැහැර හැරීම කොලඹ කොටස් වෙලඳපල තුල පවතින නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
තමන් ජාඉබැ වෙනුවෙන් ගෙවූ මුදල ජාඉබැන් අය කර ගැනීම සදහා සම්පත් බැංකුව නීතිමය පියවර ගත යුතුව තිබිනි. මෙම පසුබිම තුල කොලඹ කොටස් වෙලඳපල අධීක්ෂනය කරන්නාවූ සුරැකුම් පත් හා විනිමය කොමිසම අදාල පාර්ශ්වයන්ට වෙලඳ පොලට පිටින් ගනුදෙනුව කර ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබුවේ මෙම නීති විරෝධී ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙසට ය.
මෑතක දී අතිශයින්ම නරක ලෙස ක්‍රියාත්මක වන කොටස් වෙලඳපොලක් ලෙස නමක් ලබා ඇති කොලඹ කොටස් වෙලඳපල තුල මෙම ගනුදෙනුව විසින් ඇති කල සුවිසල් බලපෑම පිලිබඳව රොයිටර් මෙසේ සඳහන් කලේය, "දැනට රෙගුලාසි පිලිබඳ පරීක්ෂනයකට ලක්කර ඇති, ද ෆිනෑන්ස් සමාගමේ පැහැර හැර ඇති ගනුදෙනුව පිලිබඳ බියෙන් ආයෝජකයන් සිය කොටස් විකුනා දැමීම නිසා සිකුරාදා (මැයි 11) වනවිට සැසිවාර නවයක් හරහා කොටස් වෙලඳ පල සියයට 6.34කින් පහත වැටිනි.”
ප්රමුඛ මූල්‍ය එකතුවක් වූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකයෙකු වූ ගෝල්ඩන් කී ෆිනෑන්ස් සමාගමේ 2009 දී වූ දැවැන්ත වංචාවක් නිසා සමූහ ව්‍යාපාරය කඩා වැටිනි. එතැන් සිට ද ෆිනෑන්ස් සමාගම ගැටලු වලට මුහුන දුන් අතර එහි කොටස් අගය හැකිලූනි. යම් ගනන් බැලීම්වලට අනුව ජාඉබැ වේ ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී ද ෆිනෑන්ස් කොටස් අගය රු. 15 මට්ටමට වැටී තිබුනා විය හැකිය.
දස ලක්ෂ 20ක ජනගහනයක් සහිත රටෙහි, ජාඉබැ සතු ඉතිරි කිරීමේ ගිනුම් ප්‍රමානය දස ලක්ෂ 16 ඉක්මවන අතර ජනගහනයෙන් බහුතරයක් අඩු ආදායම් ලබන්නන්ගේය. සම්පූර්න තැන්පතු ප්‍රමානය රුපියල් බිලියන 400 ඉක්මවයි. තාවකාලිකව නවතා ගත්තද, ජාඉබැ වේ යම් කඩා වැටීමක් හෝ අස්ථාවර වීමක්, අනෙක් බැංකුවලට හා එම අඩු ආදායම් ලබන ගිනුම් කරුවන්ට දැවැන්ත අන්තරායක් වනු ඇත.
ඔඩු දුවන දූෂනය, වංචනික ගනුදෙනු හා සමපේක්ෂන මගින් දැවැන්ත ලාභ පොදි ගසා ගැනීම ධනපති ආර්ථිකයේ ක්ෂය වීම පෙන්වන ජාත්‍යන්තර පපංචයකි. දූෂනය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවූව ද, රාජපක්ෂ පාලනය යටතේ එය රීතිය බවට පත්ව ඇත. ආන්ඩුවේ ඇමතිවරුන්ගේ හා ආන්ඩුවේ ආයතනවල ප්‍රධානීන් ලෙස පත් කර ඇති දේශපාලන හෙංචයියන්ගේ දීර්ඝ ලැයිස්තුව මෙම සෝලිවල ප්‍රධාන භූමිකාවන්ට සම්බන්ධය.
පසුගිය කාලය තුල ආන්ඩුවේ අරමුදල්වලට සම්බන්ධ සැක සහිත ගනුදෙනු ගනනාවක් හෙලිදරව් විය. ඉන් සුවිශේෂ වන්නේ රටෙහි විශාලම අරමුදල වන ආන්ඩුව විසින් පාලනය කරනු ලබන සේවක අර්ථසාධක අරමුදලට සම්බන්ධිත ගනුදෙනුය.
පසුගිය ඔක්තෝබරයේ වාර්තා වූ එවන් ගනුදෙනුවක, ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමේ කොටස් සියයට 8ක් රු. බිලියන 8කට සේවක අර්ථසාධක අරමුදල විසින් මිලට ගනු ලැබිනි. වෙලඳ පලින් අඩු මිලට ගත හැකි වුවද මිලට ගත් කොටසක මිල රු. 48 කි. ඉන් සති කිහිපයක් තුල පාලක කොටස් හිමිකරු වූ ලාෆ්ස් හෝල්ඩින් සමාගම සියයට 20 ක් මිල අඩුවෙන් කොටස් ප්‍රමානයන් මිලට ගනු ලැබිනි. මහා ව්‍යාපාරික කොටස් විසින් සිදු කෙරෙන එවන් බොහෝ ගනුදෙනු වාර්තා විය.
කොටස් වෙලඳ පලෙහි සේවක අර්ථසාධක අරමුදලට සම්බන්ධ ගනුදෙනු පිලිබඳව විරුද්ධ පාර්ශ්වය පසුගිය ඔක්තෝබරයේ සිට නැගූ ප්‍රශ්නවලට මාස හයක් පසුවී ඇතත් තවම ආන්ඩුව පිලිතුරු දී නැත.
රාජ්‍ය බැංකු ක්ෂේත්රයේ මහා ව්‍යාපාරිකයන්ගේ නය ගෙවීම් පැහැර හැරීමේ දූෂන මෑතදී එලිදරව් කෙරිනි. මැයි 11, ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන ලංකා බැංකුව හා මහජන බැංකුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තා දෙකකට අනුව පසුගිය වසර දහය තුල මෙම බැංකුවල පවතින බොල් නය දැවැන්තය, එය රු. බිලියන 170 ඉක්මවයි.
2011 වසර තුල ලංකා බැංකුවේ බොල් නය ප්‍රමානය රු. බිලියන 11.3 ක් වූ අතර අතිශයින්ම දරිද්‍ර කොටස් සඳහා ලබා දෙන සොච්චම් මුදලක් වන "සමෘද්ධි” ආධාර සඳහා ආන්ඩුවේ වියදම ආසන්න ලෙස රු. බිලියන 9 කි.
රාජ්‍ය දූෂනය පිලිබද හඬ තලන විවේචකයෙකු ලෙස පෙනී සිටින ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ නායක හා ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙකු වන ඩිව් ගුනසේකරගෙන් විපක්ෂය මෙම නය පැහැර හැරීම් පිලිබඳව විමසූ විට ඔහු ලැජ්ජා විරහිතව කියා සිටියේ සමහර බැංකු නීති නිසා නය ගෙවීම් පැහැර හරින්නන් එලිදරව් කල නොහැකි බවයි.
මහා ව්‍යාපාරික අපරාධයන් මෙලෙස වහංගු කෙරෙන්නේ කුඩා ව්‍යාපාරිකයන් හා ගොවීන් නිරන්තරව පෙලමින් නය ගෙවා ගත නොහැකිව සමහර අවස්ථා වල ඔවුන්ව සිය දිවි නසා ගන්නා තත්වයට ද ඇද දමමිනි.
කෝප් නමින් ප්‍රසිද්ධ රාජ්‍ය ආයතන පිලිබඳ පාර්ලිමේන්තු කොමිටියේ සභාපති වන්නේ ගුනසේකරයි. මෙම කොමිටිය ඉහල මට්ටමේ අල්ලස් හා දූෂන පිලිබඳ වාර්තා කිහිපයක් ඉදිරිපත් කල අතර ඒ සියල්ලම කුනු බක්කියට වීසි කෙරිනි. ආන්ඩුවේ සාපරාධී වහංගු කිරීම් සමග විරුද්ධ පාර්ශ්වයේ විවේචන ද වුවමනාවෙන්ම ව්‍යාජ ලෙස සිදුකෙරේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ පනුවන් ගැසූ බඳුන ආවරනය කර තැබීමයි.
වැඩ කරන ජනතාවට සිය පටි තද කර ගන්නා ලෙස නියෝග නිකුත් කෙරෙන අතරතුර දේශපාලකයින්ගේ, ඔවුන්ගේ හෙංචයියන්ගේ හා මහා ව්‍යාපාරික සහචරයන්ගේ සාක්කු තුලට රුපියල් බිලියන ගනන් රිංගවේ.
දූෂිත ගනුදෙනුවට වග කිව යුතු සභාපති හා අධ්යක්ෂ මන්ඩලයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ජාඉබැ වේ වෘත්තීය සමිති විරෝධතාවක් දියත් කලෝය. වෘත්තීය සමිති හා නිලධරයින්ගේ ප්‍රධාන කනස්සල්ල නම් ධනපති ක්රමයේ, රාජ්‍යයේ හා ආන්ඩුවේ කුනුවීම පිලිබඳව කම්කරුවන්ගේ දැනුම පුලුල් වීමයි. පාලනය සඳහා වෘත්තීය සමිති විසින් යෝජනා කෙරෙන ලෙස නව මුහුනු පත් කර ගැනීමෙන් මෙම ක්‍රමය සුද්ධ කල නොහැකිය. මින් ගැලවිය හැකි එකම මග නම් ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමයි.
Follow us on