ශ්‍රී ලංකා ජනාධිපති කප්පාදු අයවැයක් ඉදිරිපත් කරයි
Sri Lankan president presents austerity budget
By Saman Gunadasa, 21 November 2012
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඉල්ලීම් අනුව යමින් ශ්‍රී ලංකා ජනාධිපති සහ මුදල් ඇමති ද වන මහින්ද රාජපක්ෂ නොවැම්බර් 8 දා 2013 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. 2006 මෙපිට බලපැවැත්වෙන වැටුප් කැටිකිරීම් සහ ඉහල යන මිලගනන් වලින් දැනටමත් පහර වැදී ඇති වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් මෙම කප්පාදු අයවැයෙන් තවදුරටත් පහත වැටෙනු ඇත.
අයවැයෙන් රාජ්‍ය අංශයේ කම්කරුවන්ට ලබා දී ඇත්තේ සොච්චමක් පමනි. එනම් ලබන ජනවාරියේදී රුපියල් 750 ක් ද (දිනකට එක්සත් ජනපද සත 20) අවුරුද්ද මැදදී තවත් රු. 750 ක්ද ලෙස වැටුප් වැඩිවීමක් නොවන මාසික දීමනාවකි. මෙම මුදල ජීවන වියදම ඉහලයෑම හිලව්වීමක් ලෙස කම්කරුවන් විසින් ඉල්ලා සිටි ගනනින් 10 න් එකකි. කම්කරු පන්තියේ දැවැන්තම කොටස වන වතු කම්කරුවන්ද ඇතුලත් වන රටෙහි මිලියන 8 ක් වන පුද්ගලික අංශයේ සේවකයන් සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නැත.
2015 දී දුප්පත්කම පිටුදකින බවට රාජපක්ෂ පොරොන්දු වුන නමුදු මෙය නින්දාශීලී මුසාවකි. අයවැයට සති දෙකකට පෙර, ප්‍රධාන ආහාරයක් ලෙස කම්කරු පන්තික පවුල් විසින් පුලුල්ව භාවිතා කරන පාන් සහ අනෙකුත් තිරිඟු පිටි නිෂ්පාදනවල මිල ඉහල යවමින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 6 කින් ඉහල දැම්මේය. දේශිය නිෂ්පාදකයන් ආරක්ෂාකරන බවට මුවාවෙමින්, කඩල, ලූනු, අල සහ කිරි නිෂ්පාදන ඇතුලත් අත්‍යාවශ්‍ය භාන්ඩ ගනනාවකට රජය දැවැන්තව බදු ඉහල දැමීය.
ආනයනික මත්පැන් මත සියයට 25ක් ද මෝටර් වාහන සඳහා වාර්ෂික ආදායම් බලපත්‍රය මත සියයට 10-20ක් ද සහ සුපිරි වෙලඳසැල්වලින් මිලදී ගන්නා භාන්ඩ මත ජාතිය ගොඩනැගීමේ බද්ද සහ එකතුකල අගය මත බද්ද (වැට්) අනෙකුත් බදු ඉහලදැමීම්වලට ඇතුලත් විය. ට්‍රැක්ටර්, ත්‍රී රෝද, සහ මෝටර් බයිසිකල් ඇතුලත්ව මෝටර් රථ මත වන බදුද ඉහල යනු ඇත.
සුපිරි පොහොසතුන්ගේ ධනය සහ සුඛෝපභෝගීත්වයන්ට අත ගසා නැත. රේසිං මෝටර් රථ මත වූ සියයට 300 ක බද්ද ඉවත් කර තිබේ. ඉහතදී සියයට 28 කට අඩුකල ආයතනික බදු අනුපාතයට අත තබා නැත. විදේශ අරමුදල් ලබාගැනීමට බැංකු සහ සංස්ථා සඳහා වන විනිමය පාලන ද රාජපක්ෂ ලිහිල් කර තිබේ.
අයවැයට වහාම පෙරාතුව, පුද්ගලික විශ්‍රාම වැටුප් මෙන්ම අර්ථසාධක, පාරිතෝෂික, භාර සහ ඉතිරිකිරීම් අරමුදල්, කොටස් වෙලඳපොලෙහි ආයෝජනය මත පැවති සීමාවල් මුදල් අමාත්‍යාංශය විසින් ඉවත් කෙරිනි. අයවැය ඉදිරිපත් කරන කාලය තුල කොටස් වෙලඳපොලෙහි අවම වශයෙන් තම ව්‍යාපාර වස්තු සියයට 20 ක් වත් යොදවන සමාගම් සඳහා වසර තුනක බදු විරාමයක්ද ලබා දී තිබේ.
කොලඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය "ප්‍රාග්ධන වෙලඳපොල සංවර්ධනය කිරීමට ඇති වැදගත් සහ ඉක්මන් අවශ්‍යතාවය මුදල් ඇමති විසින් අවස්ථානුකූලව වටහා ගැනීම ගැන අාඩම්බර වන බව" ප්‍රකාශ කලේය.
තම සහෝදර ගෝඨාභය රාජපක්ෂ විසින් පාලනය කරන ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහා මුදල් යෙදවීම රාජපක්ෂ නැවතත් රුපියල් බිලියන 60 සිට රු. බිලියන 290 ක් දක්වා වැඩි කලේය. තම ජීවන තත්වයන් මතට වැදෙන ප්රහාරයන්වලට කම්කරුවන්ගේ විරුද්ධත්වයන් පිලිබඳ ලක්ෂන වැඩෙන අතරතුරේදී මෙම සියයට 26 ක ඉහලයාම දැනටමත් පුලුල්ව විස්තාරනය කර ඇති ආරක්ෂක අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් යොදවනු ඇත.
සෞඛ්‍යය සහ අධ්‍යාපනය වෙනුවෙන් වන මුදල් ඉහල දැමීමට ජනාධිපති පොරොන්දු වූ නමුත් මෙය යථාර්තයක් වීම විය නොහැක්කකි. තමන්ගේ කතාවේදී අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා රුපියල් බිලියන 154 සහ 125 වියදම් කරන බවට ඔහු ඉඟි කල නමුත් ගිය මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විසර්ජන කෙටුම්පතෙහි වෙන් කලේ පිලිවෙලින් රුපියල් බිලියන 65 සහ 93 ක් පමනි.
බදු වැඩිකිරීමෙන්, ගිය වසර හා සාපේක්ෂව සියයට 20 කින් ආදායම ඉහල නැංවීම සහ ජාමූඅ නියෝග මත 2013 දී අයවැය හිඟය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 5.8 තෙක් අඩුකිරීම අරමුනු කර තිබේ. ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 1785 වන අතර සම්පූර්න ආදායම රුපියල් බිලියන 1257 (එජ ඩො බිලියන 9.6) වනු ඇත.
2009 දී ඩොලර් බිලියන 2.6 ක ජාමූඅ නයක් ලබාගත් ආන්ඩුව දැන් තවත් නයක් බලාපොරොත්තුවෙන් පසුවේ. තවත් ඩොලර් මිලියන 500 ක ආපතික නය මුදලක් ඇතුලත් විය හැකි "ජාමූඅ සමග කෙරීගෙනයන සුපරික්ෂාකාරී වැඩපිලිවෙලක් ඇරඹීමට" ශ්‍රී ලංකාව තම සැලකිල්ල ප්‍රකාශ කල බව ලංකා බිස්නස් ඔන්ලයින් වාර්තා කලේය.
කෙසේවුවද, පවතින නය ආපසු ගෙවීම්වලට මුදල් සැපයීමට, 2013 දී රජයට රුපියල් බිලියන 1303 හෝ ඩො බිලියන 10 ක අලුත් නයක් අවශ්‍යය. ගිය වසරේ මේ කාලසීමාව හා සසඳන විට 2012 ජූලි අවසානයේදී පුද්ගල නය රුපියල් බිලියන 6161 එනම් සියයට 24 කින් ඉහල යෑමත් සමග මෙය විෂම චක්‍රයක් නිර්මානය කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව චීනයෙන් ලැබෙන නය මත දැවැන්තව රඳා සිටී.
බොහෝ ආසියානු ආර්ථිකයන්හි වේගය අඩුවීමට හේතුවුන යුරෝපයේ, එක්සත් ජනපදයේ සහ ජපානයේ අවපතනයෙන් ශ්‍රී ලාංකික ආර්ථිකය හෙල්ලුම් කා තිබේ. ගිය වසරෙහි සියයට 8.3 ක් වූ රටෙහි වර්ධන අනුපාතය මේ වසරේදී සියයට 6.5 කට ඇදවැටීමක් බලාපොරොත්තු වේ. ගිය වසර හා සැසඳීමේදී සැප්තැම්බරයේදී අපනයන සියයට 7 කින් වැටුනි. රටෙහි ඉහලම අපනයනය වන ඇගලුම් සියයට 9 කින් පමන ද රබර් නිෂ්පාදන සියයට 20 කින් පමන ද ඇද වැටුනි.
වාහන වැනි භාන්ඩ මත ආනයන බදු රජය විසින් ඉහල දැමීමත් ඉහල යන ගෙවුම් ශේෂ අර්බුදය වැලැක්වීමට රුපියල බාල්දුවන්නට ඉඩහැරීමත් නිසා, ගිය වසරට සාපේක්ෂව සැප්තැම්බරයේදී ආනයන ද සියයට 25 කින් කඩා වැටුනි.
තම ආන්ඩුවේ සමාජ පදනමට මුක්කුගැසීමේ කාරනාවක් ලෙස රාජපක්ෂ ගොවීන්ට සහ කුඩා ව්‍යාපාරවලට සීමිත සහයෝගයක් ලබා දුන්නේය. ඔහු රුපියල් මිලියන 500 ට අඩු වාර්ෂික පිරිවැටුමක් සහිත කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යාපාර සඳහා බදු අනුපාතය සියයට 10 කට කපා හැරියේය. කුඩා තේ, රබර් සහ පොල් වගාවන් සඳහා යම් මූල්‍යමය සහනයක් ලබාදෙන්නට ද ඔහු යෝජනා කලේය.
නියඟය බොහෝ ගොවීන්ට බලපෑමත් සමග, ඊලඟ කන්නයේ අවසානය තෙක්, පොලී අයකරගැනීම් නවත්වන ලෙසත් නය අයකරගැනීම් පමා කරන ලෙසත් රජය බැංකුවලින් ඉල්ලා තිබේ. මේ කන්නයේ රුපියල් 30 ක් වන වී සඳහා සහතික මිල ලබන කන්නයේදී රුපියල් 35 දක්වා ඉහල දැමීමට ද රාජපක්ෂ ක්‍රියා කලේය. අස්වැන්නෙන් සියයට 90 කට වැඩි ප්‍රමානයක් පුද්ගලික මිලදී ගන්නන්ට අඩු මිලට විකිනෙන බැවින් රජයේ සහතික මිලෙන් ගොවීනට ලැබෙන්නේ සුලු සහනයකි. ගොවිතැන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වල මිල සීඝ්රයෙන් ඉහල යෑමත් තම අස්වැන්න සඳහා ලැබෙන අඩු මිලත් ගොවීන්ව මිරිකා හරිමින් තිබේ.
අයවැය ව්‍යාපාර හිතවාදී බවට ආයතනික අංශයේ ප්‍රසාදයට ලක්ව ඇත. "දුෂ්කර සාර්ව ආර්ථික පද්ධතිය නොතකා හරිමින්, බදු සහන දිගටම ලබාදීමේ ආන්ඩුවේ උත්සාහය අපි අගය කරමු" යැයි සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් ප්‍රකාශ කලේය.
අයවැය සම්බන්ධව මහජන අප්‍රසාදය සහ කෝපය සූරාකෑමට ප්‍රධාන විරුද්ධ පක්ෂ මාන බලමින් සිටිති. අයවැය සුපිරි ධනපතියන් සඳහා බවට එක්සත් ජාතික පක්ෂ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගනනාවක් හෙලා දැක්කෝය. කෙසේවුවද, දක්ෂිනාංශික එජාපය මහා ව්‍යාපාරවල පක්ෂය බවට අපකීර්තිමත්ය. 1970 අගභාගයේදී එය වෙලදපල-මූලික ප්‍රතිව්‍යුහගතකිරීම් ආරම්භ කල අතර දිගින් දිගටම ආයතනික ප්‍රභූන් සහ විදේශ ආයෝජකයන් වෙත යොමු වුනු අයවැය ගෙන ආවේය.
ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අයවැය කම්කරුවන්ගේ බලාපොරොත්තු සිඳ දැමූ බව ප්‍රකාශ කලේය. කෙසේවුවද, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ මොනයම් හෝ දේශපාලනික සටනක් වැලැක්වීමට ජවිපෙ සහ එහි වෘත්තීය සමිති උපයෝගී වී තිබේ. 2004 දී, ජාමූඅ ප්‍රතිව්‍යුහගත ඉල්ලීම් ක්‍රියාත්මක කල රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග ඇටවූ සංධාන ආන්ඩුවේ ජවිපෙ කොටස්කරුවෙක් විය.
ජාමූඅ සහ අන්තර්ජාතික මූල්‍ය ප්රාග්ධනයේ ආඥා බලාත්මක කිරීමට රාජපක්ෂ ආන්ඩුවට බලකෙරෙන බැවින් කම්කරුවන් වෙතින් වැඩෙන විරෝධයට මුහුන දී සිටින ආන්ඩුවේ ගැඹුරුවන අර්බුදය අයවැය තුලින් අවධාරනය කෙරේ.
Follow us on