ආන්ඩුව තුච්ඡ දේශපාලන උපාමාරු මගින් නැගෙනහිර පලාත් සභාවේ පාලනය සියතට ගනියි
දේශපාලන උපාමාරු සහ තර්ජන මගින් සැප්තැම්බර් 8 පැවති පලාත් සභා ඡන්දයෙන් දින 10 ට පසුව, නැගෙනහිර පලාත් සභාවේ පාලනය සියතට ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය.
සැප්තැම්බර් 8 පැවති පලාත් සභා මැතිවරනයේදී ආන්ඩුව රාජ්‍ය සම්පත්, දේශපාලන මැරකම්, බොරු පොරොන්දු ආදී හැම උප්පරවැට්ටියක්ම යොදා ගනිමින් උතුරු මැද හා සබරගමුව පලාත් සභා දෙකේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එජනිසට හැකිවුව ද, ඒ සියල්ල තිබිය දී ම දෙමල කතා කරන, දෙමල සහ මුස්ලිම් ජනයා බහුතරයක් ජීවත් වන නැගෙනහිර පලාත් සභාව දිනාගැනීමට එය අසමත් විය.
ආසන 37 වන නැගෙනහිර පලාත් සභාවේ තනිව ආන්ඩුවක් පිහිටුවීමට අවම වසයෙන් ආසන 19 ක් අවශ්‍ය ය. එවන් තනි බලයක් එජනිසට හෝ මැතිවරනයට තරග කල විපක්ෂයේ කිසිදු ප්‍රධාන පක්ෂයකට (එක්සත් ජාතික පක්ෂය (එජාප), දෙමල ජාතික සන්ධානය (දෙජාස)) නොවීය. ආන්ඩුවේ කොටස් කරුවෙක් වන ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට ආසන 7ක් දිනා ගැනීමට හැකිවූයේ ආන්ඩුවේ පිලිවෙත්වලට විරුද්ධ බවට කල ප්‍රෝඩාකාරී මවාපෑම නිසා ය. කෙසේ වුව ද නැගෙනහිර පලාතේ ඡන්ද ප්‍රතිපල සමස්තයක් ලෙස පෙන්නුම් කලේ එජනිස කෙරෙහි පමනක් නොව රටේ සමස්ත දේශපාලන සංස්ථාපිතයම කෙරෙහි පවතින පුලුල් මහජන නොසතුට හා වෛරයයි.
එජනිස මෙවර දිනා ගත් ආසන සංඛ්‍යාව 14 කි. 2008 එයට හිමි වූ ආසන 20 න් 6 ක් ම මෙවර අහිමි විය. එසේ වුයේ ඊනියා නැගෙනහිර නවෝදය යටතේ පලාත තුල ලොකු සංවර්ධනයක් කරන බවට පසුගිය පලාත් සභා මැතිවරනයේදී එජනිස දුන් පොරොන්දු පුස්සක් වීමත්, රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් මගින් ජනතාවගේ ජීවන තත්වයන් කඩා වැටීමත්, වඩ වඩා, විශේෂයෙන්, දෙමල කතාකරන ජනයාගේ ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් මර්දනය කිරීමට කටයුතු කිරීමත් නිසාය.
දෙජාස, ශී්රලංමුකො හා එජාපය ඇතුලු ආන්ඩුවට විපක්ෂව තරග කල පක්ෂවලට බහුතර ජනතාවක් ඡන්දය දුන්නේ රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි පවතින එම නොසතුට හා වෛරය ප්‍රකාස කිරීමට මිස එම පක්ෂවලින් ස්වකීය දැවෙන සමාජ ආර්ථික-ප්‍රශ්නවලට ආන්ඩුවට වඩා වෙනස් ප්‍රතිචාරයක් ලැබෙතැයි යන විශ්වාසය මත නොවේ. දෙජාස ට අසන 11 හා ශී්රලංමුකො ආසන 7 ද එජාපය ට ආසන 4 ක් ද දිනා ගැනීමට හැකි වූ අතර ආන්ඩුවට ඡන්ද 200,000ට මඳක් වැඩියෙන් හා මෙම පක්ෂවලට සමස්තයක් ලෙස ඡන්ද 400,000ක් පමන ලැබුනි.
කෙසේවුව ද, නැගෙනහිර පලාත් සභාවේ පාලන බලය අල්ලා ගැනීම රාජපක්ෂ ආන්ඩුව සහ දෙමල ජාතික සන්ධානය යන දෙකටම තීරානාත්මක දේශපාලන අවශ්‍යතාවයක් වුයේය. ස්වකීය ජනතා විරෝධී ආර්ථික කප්පාදු පිලිවෙත් හා දේශීය හා විදේශීය ආයෝජකයන් සඳහා යටි තල පහසුකම් ඇතුලු කොන්දේසි තහවුරු කිරීමට මොන වියදමක් දර හෝ එහි බලය සියතට ගැනීමට ආන්ඩුවට අවශ්‍ය විය. දෙජාස අරමුන වුයේ එහි බලය තමන් අතට ගැනීම මගින් ආන්ඩුව සමග දෙමල ධනපති ප්රභූවේ අවශ්‍යතාවයන් සඳහා කේවල් කිරීමේ හයිය වැඩි කර ගැනීමය.
මේ බල තරගයේදී ආන්ඩුවත්, දෙජාසත් දෙකම ඔට්ටු ඇල්ලූවේ ශී්රලංමුකො සහය ලබා ගැනීමට ය. අර්බුදයෙන් දේශපාලන වරප්‍රසාද හා වාසි ඩහැ ගැනීමේ කුහක අරමුන ඇතිව ශී්රලංමුකො තමන් ලද ආසන 7 ගනිකා වෘත්තියේ යොදවමින් දෙජාස හා ආන්ඩුව සමග ඡන්දයෙන් පසුව සතියකට වැඩි කාලයක් නින්දිත දේශපාලන කේවලයක යෙදුනේය.
බැසිල් රාජපක්ෂ ප්රමුඛ ආන්ඩුවේ ඇමති කන්ඩායමක් සමග නැගෙනහිර පලාත් සභාවේ ආන්ඩුව පිහිටුවීම සම්බන්ධව පැවති සාකච්චාවක දී එවන් නින්දිත දේශපාලන ගනුදෙනුවකට පවතින ස්වකීය කෑදරකම ශී්රලංමුකො නායක රවුෆ් හකීම් වැමෑරුවේය. "මට බහුතර බලයක් තියෙනවා. ස්වාධීන අනන්‍යතාව හා ශක්තිය උපකාර වුනා ආන්ඩු-විරෝධී ඡන්ද අල්ල ගන්න. අපට ඒක අලවි කරන්න පුලුවන්” යයි ඔහු එහිදී බැසිල් රාජපක්ෂට පැවසීය. හිලව්වට මහා ඇමතිකම හා තවත් ඇමතිකම් දෙකක් ඔහු ඉල්ලා සිටියේය.
තමන් සමග පාලාත් ආන්ඩුව පිහිටුවීමට එකතු වන්නේ නම් මහ ඇමතිකමත්, ඉල්ලන වෙනත් වරප්රරසාදයනුත් ශී්රලංමුකො දීමට තමන් සුදානම් බව ආර්.සම්බන්දන් ඇතුලු දෙජාස නායකයෝ ද පුන පුනා පොරොන්දු වූ හ. ආන්ඩුව ඇමතිකම් ඇතුලු වරප්‍රසාද දීමට පොරොන්දුවෙන ගමන් ශී්රලංමුකො දේශපාලනික තර්ජනයක් ද කලේ ය.
සැප්තැම්බර් 16 හකීම් සමග හමුවක දී ජනාධිපති රාජපක්ෂ තදින් කතා කල බව සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරු ලිපිකරු 23 වෙනිදා ඔහුගේ කොලමේ ලියා තිබුනි. "මම කිසිම ඡන්ද ජාවාරමක යෙදෙන්න ලෑස්ති නැතිබව ඔබ මතක තබා ගත යුතුයි. ඒ වෙනුවට මගේ නියෝජිතයන් විරුද්ධ පක්ෂයේ වාඩි කරවනවා. මගේ අමාත්‍ය මන්ඩලයේ ඉඳ ගෙන ඔබ කැමතිනම් ඔබට නැගෙනහිර පාලනයක් පිහිටුවන්න පුලුවන්” ආන්ඩුවට සහයෝගය නො දෙන්නේ නම් අධිකරන ඇමතිකම අහෝසි කොට ආන්ඩුවෙන් දොට්ටදාන බවට රාජපක්ෂ හකීම්ට කල තර්ජනයකි, එය.
අවසානයේදි රාජපක්ෂගේ තර්ජනයට යටත් වූ ශී්රලංමුකො ආන්ඩුව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කලේ ය. මෙම අවබෝධතා ගිවිසුම පක්ෂයේ ම කි‍්‍රයාකාරීන් හා සාමාජිකයන් පවා නොදත් රහස්‍ය ගිවිසුමක් බව කියති. ඉක්බිතිව සිය ආසන 7 ආන්ඩුවට විකුනා තට්ටු මාරු ක්‍රමයට නැගෙනහිර පලාත් මහ ඇමතිකම හා තවත් ඇමතිකම් දෙකක් බාර ගැනීමට ශී්රලංමුකො නායකයෝ එකඟ වූහ.
කෙසේ වුව ද මුල් වසර දෙක හමාර තුල මහ ඇමතිකම ආන්ඩුව අතේ තබා ගත් ජනාධිපති රාජපක්ෂ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් නායකයෙකු වූ නජීබ් අබ්දුල් මජීඞ් මහ ඇමති ලෙස පත් කලේ ය. ආන්ඩුව එසේ කලේ සමාජිකයන්ගෙන් හා මුස්ලිම් ජනයාගෙන් එල්ල වන විවේචන හා අර්බුදය උග්‍ර වන තතු තුල ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග්රසය කරනමක් ගැසීමට ඇති ඉඩ ගැන ද සැලකිල්ලට ගනිමින් නැගෙනහිර පලාත් සභාව මුලුමනින්ම සිය අනසක යට තබා ගැනීමේ කෛරාටික උවමනාව ඇතිව ය.
නැගෙනහිර පලාතේ හිටපු මහ ඇමති දෙමල ජනතා නිදහස් පක්ෂයේ (දෙජනිප) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලයාන් ජනාධිපතිගේ යෝජනාව පිලිගනිමින් මජීඞ්ට මහ ඇමතිකම දීමට එකඟවිය. හිලව්වට කප්පමක් ලෙස රාජපක්ෂ ඔහුට ජනාධිපති උපදේශක තනතුරක් දුන්නේ ය.
පිල්ලෙයාන් දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) හිටපු නායකයෙකි. එල්ටීටීඊයෙන් කැඩුන ඔහුගේ කන්ඩායම ආන්ඩුවේ හමුදා සමග අර්ධ මිලිටරි බලකායක් ලෙස වැඩ කරමින් එල්ටීටීඊ සහ සෙසු දේශපාලන විරුද්ධවාදීන් රුදුරු ලෙස මර්දනය කිරීමට කි‍්‍රයා කලේ ය. 2008 පලාත් සභා මැතිවරනයෙන් පසුව ආන්ඩුවේ ඒජන්තයෙක් ලෙස රාජපක්ෂ විසින් නැගෙනහිර පලාත් සභාවේ මහ ඇමතිකමට පත් කල ඔහු දේශපාලනික විරුද්ධවාදීන් තව තවත් අවි බලයෙන් හා මැර බලයෙන් මැඞීමටත් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් ප්‍රදේශයේ මහ ජනයා මත පැටවීමට කටයුතු කිරීමත් සම්බන්ධයෙන් කුප්‍රකට ය.
දේශපාලන උප්පරවැට්ටි හා තර්ජනයන් මගින් නැගෙනහිර පලාත් සභාවේ බලය අල්ලා ගෙන ඇති රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාත්මක වනු ඇත්තේ එහි වෙසෙන කවර හෝ ජන කොටසකගේ සුබසිද්ධිය සඳහා නොව: ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට හා දසක තුනකට අධික ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයෙන් හා වෙලඳපොල ප්රතිසංස්කරන මගින් විරැකියාවට හා ඉමහත් දරිද්‍රතාවයට මුහන දී සිටින රටේ ජනතාවගෙන් කොටසක් වන නැගෙනහිර ජනයා ලාබ ශ්‍රමිකයන් ලෙස විකුනමින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට සුරා කෑමේ වඩා හොඳ කොන්දේසි තහවුරු කිරීමට ය.
Follow us on