පොලීසිය, කොලොන්නාව කුනු කන්දට එරෙහි සත්‍යග්‍රහයට පහරදී විසුරුවා හරී
කල්ප ප්‍රනාන්දු විසිනි, 2013 අපේ‍්‍රල් 26
කොලඹ හා තදාසන්න ප්‍රදේශවල එකතු වන කුනු, කොලොන්නාව මීතොටමුල්ල කුනු බැහැර කිරීමේ ස්ථානයට ගෙනවිත් දැමීමට එරෙහිව ප්‍රදේශයේ මහජනතාව දියත් කල සත්‍යග්‍රහයට පසුගිය අපේ‍්‍රල් 9 දා කඩා වැදුනු පොලිසිය සහභාගිවූවන්ට පහර දී එය විසුරුවා හලේය. මෙම පොලිස් ප්‍රහාරයට විරෝධය දැක්වූ අය අතරින් කාන්තාවන් ද ඇතූලූ හය දෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර පසුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැරින. සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම ප්රජාතන්ත්ර විරෝධී පොලිස් ප්‍රහාරය හා අත් අඩංගූවට ගැනීම දැඩිව හෙලා දකී.
ප්‍රදේශවාසීන් පීඩාවට පත්වන අයුරින් පවත්වා ගෙන යන මෙම කසල අංගනයට කුනු දැමීම මාස තුනකින් අත්හිටුවන බවට කොලඹ මහ නගර සභාව (කොනස) ලබා දුන් පොරොන්දුව කඩකිරීම, කුනු කන්දෙන් මතු වූ පනු විශේෂයක් අසල පිහිටි මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලය තුලට පැමිනීම හේතුවෙන් මීට මාස තුනකට පෙර සිට වසා දමා ඇති එම පාසැල යලි විවෘත නොකිරීම හා මීට පෙර කුනු කන්ද අසල පිහිටි කඩා ඉවත් කල නිවාස 160ක් නැවත ඉදි නොකිරීම යනාදි කරුනු ඉටු නො කිරීමට විරෝධය දක්වමින් කුනු කන්දට ප්‍රවේශ වන මාර්ගය අවහිර කරමින් පසුගිය 6 දා සිට ප්‍රදේශවාසීන් ආරම්භ කල සත්‍යග්‍රහය සංවිධානය කරනු ලැබුයේ කොලොන්නාව කුනු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය (කොකුඑජව්යා) විසිනි.
එම සංවිධානයේ උදුල් පේ‍්‍රමරත්න, නුවන් බෝපගේ හා කීර්ති රත්න පෙරේරා යන අය වග උත්තර කරුවන් ලෙස නම් කරමින් වැල්ලම්පිටිය පොලීසිය ගොනු කල නඩුවක් විභාග කරමින් කොලඹ මහේස්ත්‍රාත් අධිකරනය නියෝග කලේ සත්‍යග්‍රහය සඳහා ඉදිකල කූඩාරම් අපේ‍්‍රල් 7 දා ඉවත් කල යුතු බවත් අපේ‍්‍රල් 9 දා යලි අධිකරනය ඉදිරියේ පෙනී සිටිය යුතු බවත් ය. කූඩාරම් ඉවත් කිරීමේ නියෝගය පිලි නොගත් වග උත්තරකරුවෝ 9 දා අධිකරනය ඉදිරියේ පෙනී සිටියහ. එහි දී කොලඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කියාසිටියේ සත්‍යග්‍රහය නිසා මහජනයාට පීඩාවන් සිදුවන බව යි.
මේ පිලිබඳව කොකුඑජව්යායේ කැඳවුම්කරු කීර්ති රත්න පෙරේරා ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ පැවසී ය. "අපි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරනයට පෙන්වා දුන්නා දශක දෙකකට වැඩි කාලයක් මුලූල්ලේ දහම්පුර, මීතොටමුල්ල, පන්සල් හේන, කුරුනියාවත්ත, නාගහමුල්ල, අවිස්සාවේල්ල පාර, 23 වත්ත, 101 වත්ත යනාදී ප්‍රදේශවල පවුල් 6,500ක් පමන මේ කුනු කන්දෙන් පීඩාවට පත්වන බව. අධිකරනයත් එය පිලිගන්න තත්ත්වයට ආවා. එහි දී නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තම පැමිනිල්ල ඒක පාර්ශ්විකව ඉල්ලා අස්කර ගන්න ඉල්ලා සිටියා. අධිකරනය ඒකට ඉඩ දුන්නා. ඊට පස්සේ අනුර සේනානායක කියා සිටියේ අයුතු ජන රාශිය යටතේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට වඩා ඉහල නිලධාරියෙකුට මෙම පිරිස ඉවත් කිරීමට පොලිස් බලතල තිබෙන බව යි. අධිකරනයත් එය අනුමත කලා. අපි අධිකරනයෙන් එලියට එනකොට දුරකථන මාර්ගයෙන් දැන ගන්න ලැබුනා ප්‍රදේශවාසීන්ට ගහලා බලහත්කාරයෙන් සත්‍යග්‍රහය විසිරෙව්වා කියලා.”
ප්‍රදේශවාසී 60 හැවිරිදි පුද්ගලයෙක් ලෝසවෙඅ ට මෙසේ පැවසී ය. "1980 ගනන් වලදී මේක සුන්දර වෙල් යායක් ඒකට කිව්වේ පොතුවිල් කුඹුර කියලා. 1989 දී විතර කොලොන්නාව නගර සභාව වෙල් යායේ කොටසකට කුනු ගෙනවිත් දාන්න පටන් ගත්තා. අද වෙනකොට අක්කර 15 ක පමන විශාල කුනු කන්දක් දකින්න පුලූවන්. කොලඹ, කෝට්ටේ, පෑලියගොඩ, දෙහිවල-ගල්කිස්ස නගර සභාවලින් කුනු දවසකට ටොන් 700ක් පමන ගෙනවිත් දමනවා. අද මේ කුනු කන්ද මුලූ ප්‍රදේශයට ම විශාල තර්ජනයක්.”
මෙම කුනු කන්ද නිසා දැවැන්ත පාරිසරික හා සෞඛ්‍ය තර්ජන රාශියක් මතු වී ඇත. ඩෙංගු, බරවා හා මැලේරියාව වැනි මදුරුවන් නිසා වැලඳෙන රෝග, ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග, චර්ම රෝග වැනි රෝගාබාධ වලට බොහෝ ප්‍රදේශවාසීහු ගොදුරු වී පවතී. කුනු කන්ද පාමුල ජීවත් වන ප්රදේශවාසියෙක් ලෝසවෙඅට මෙසේ පැවසීය.
”මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ට ඩෙංගු හැදුනා. රෑට නිදා ගන්න බැහැ මදුරුවෝ පිරිලා. දවල්ට මැස්සෝ තුඩු දෙනවා. වැස්ස කාලෙට කුනු කන්ද දිගේ වෙල උතුරලා ජරා වතුර ගෙවල් වලට එනවා. එතකොට මේක අපාය වගේ. හැම තැනම කුනු ගඳ පැතිරිලා බත් ටිකක් කටට ගන්න බැහැ හරි අප්‍රසන්නයි. කඩපු ගෙවල් වල හිටපු දරුවෝ දෙදෙනෙක්ට හමේ රෝග හැදුනා. අපිට නිදහසේ හුස්ම ටිකක් වත් ගන්න විදිහක් නැහැ. ”
නාගහමුල්ල ප්‍රදේශයේ පදිංචි ගර්භනි මවක් තමා මුහුන දෙන දුෂ්කරතාව විස්තර කලේ මෙසේය: "ඉස්පිරිතාලෙන් මට කිව්වා බබා ලැබෙනකන් මෙහෙන් ඉවත් වෙලා ඉන්න කියලා. මේ අපිරිසිදු වාතය දරුවට හොඳ නැහැ කියලා කිව්වා. ඒත් ඉතින් වෙන කොහේ යන්න ද? නගර සභාවත් ආන්ඩුව වත් මේ කුනු කන්ද ගැන මොකවත් කරන්නේ නැහැ.”
මෙම කුනු දමන ඉඩම හිමි නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ), කුනු දහනය කිරීමෙන් මෙගාවොට් 10ක ධාරිතාවක බල ශක්තිය උපදවන විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා වෙස්ටන් පවර් කොම්පැනි ලිමිටඞ් ආයතනයට අනුමැතිය දී තිබේ. නමුත් ප්‍රදේශවාසීන්ගේ විරුද්ධත්වය යටතේ එය තාවකාලිකව නතර කෙරීඇත. මෙම ව්‍යාපෘතිය යටතේ සෙල්සියස් අංශක 1,200 කට නො අඩු උෂ්නත්වයකින් කුනු දහනය කර විදුලිබලය නිපදවීමට නියමිතව තිබුනි. මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය වී තිබුනේ විදුලි බලාගාරය වටා ආරක්ෂිත කලාපයක් ඉදිකල යුතු බවයි. එය ඉදිකිරීම සඳහා කුනු කන්ද වටා පවතින නිවාස ඉවත් කිරීමට සිදුවන බැවිනුත් තාපය පරිසරයට මුදා හැරීමේ දී ඇතිවන දැඩි උනුසුම යටතේ මෙම ප්රදේශයේ් ජීවත් වීම අපහසු බැවිනුත් ප්‍රදේශවාසීන් විදුලි බලාගාරය ඉදිකිරීමට විරෝධය පා ඇත.
මේ අතර ජාත්‍යන්තර හා ජාතික ප්රාග්ධනයේ අවශ්‍යතාව මත කොලඹ නගරය දකුනු ආසියාවේ වානිජ හා සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ සැලසුම්වල කොටසක් ලෙස කොලඹ නගරයෙන් පැල්පත්වාසී දුගී පවුල් 70,000 කට තම නිවාස අහිමි කිරීමට නියමිත ය. නාසඅ මේ සඳහා කොලඹ මහ නගර සභා බල ප්‍රදේශය පමනක් නොව කොලොන්නාව නගර සභාව, කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ද පවරා ගෙන ඇත. මෙයට වසරකට පෙර නාසඅ විසින් දියත් කල සංගනනයට කොලොන්නාවේ කුනු කන්ද අසල ප්‍රදේශය ද ඇතුලත්ව තිබිනි. ආන්ඩුවේ සැලසුම් ඉතා පැහැදිලි ය. කුනු කන්ද දඩමීමා කරගෙන දැනටමත් පවුල් 160ක් මෙම ප්‍රදේශයෙන් ඉවත් කොට ඇති අතර එය ඉදිරියට ගෙනයාම සඳහා කුනු කන්ද සමාගමකට පවරා ඇත.
අනෙක් අතට, කොලොන්නාව කුනු කන්දට එරෙහි මහජන ව්‍යාපාරයේ නායකයින් ලෙස පෙනී සිටින උදුල් පේ‍්‍රමරත්න හා නුවන් බෝපගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයින් වේ. ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) බෙදී වෙන් වුවද, ජවිපෙ දේශපාලන උරුමයෙන් වෙන් නොවූ පෙසපයේ දේශපාලන පිලිවෙත වන්නේ ජවිපෙ දේශපාලන පිලිවෙතමයි. එනම් ධනේශ්වර ප්රහාරයන්ට එරෙහිව කම්කරු පීඩිත මහජනතාවගේ ස්වාධීන දේශපාලන ප්‍රහාරයක් සූදානම් කිරීම වලක්වාලමින් ධනේශ්වර ආන්ඩුවලට බලපෑම් දැමීමේ සීමාව තුල ඔවුන් කොටු කර තැබීමයි.
කොලොන්නාව කුනු කන්දට එරෙහි මහජන ව්‍යාපාරය පෙසප විසින් මෙහෙයවනු ලබන්නේ ඉහත දේශපාලනය මත වන අතර රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම මගින් එහි රුදුරු පිලිවෙත් වෙනස් කල හැකිය යනුවෙන් ඔවුන් වපුරනුයේ බරපතල මිත්‍යාව කි.
Follow us on