කෙරී කොරියාවට යුද තර්ජන එල්ල කරයි
Kerry issues war threat over Korea
ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2013 අපේ‍්‍රල් 13
නැගෙනහිර ආසියානු රටවල් තුනක සංචාරය කරන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එහි ප්‍රථම අදියර ලෙස 12 දා දකුනු කොරියාවේ සියොල් අගනුවරට පැමිනියේය. මෙම සංචාරයේ පමුඛ අරමුන වන්නේ උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩ පිලිවෙලට එරෙහිව එක්සත් ජනපදයේ තර්ජන උත්සන්න කිරීමයි. සාකච්ඡුා සඳහා කෙරී 13දා චීනයට පැමිනෙන අතර 14දා ජපානයට යාමට නියමිත ය.
එක්සත් ජනපදය හා එහි සගයන් උතුරු කොරියාවේ කවර හෝ න්‍යෂ්ටික වැඩ පිලිවෙලක් නොඉවසනු ඇතැයි සියොල්හි දී කෙරී යලිත් ප්‍රකාශ කලේය. නොදියුනු ලෙස නිෂ්පාදිත න්‍යෂ්ටික බෝම්බ කිහිපයක් උතුරු කොරියාව සතුව ඇතැයි සැලකේ. ”උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතෙකු ලෙස භාරගැනීමට සූදානම් නැත යන කාරනය සම්බන්ධ ව අපි සැවොම එක්සත් ව සිටිමු. උතුරු කොරියාවෙන් අපට අසන්නට ලැබෙන කයිවාරු කවර මට්ටමකින්වත් පිලිගත හැකි නොවේ”යි ඔහු පැවසීය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිලිවෙල නතර කිරීමටත්, ඔවුන් වර්ධනය කර ඇති අවි භාර දීමටත්, ප්යොංයැංහි උතුරු කොරියානු රජයට බල කිරීමට, වොෂින්ටනය සැලසුම් කොට ඇත්තේ කෙසේදැයි කෙරී ප්‍රකාශ නොකලේය.
කෙසේ වෙතත්, පසුගිය සති ගනනාවක් පුරා වොෂින්ටනය න්‍යෂ්ටික යුද්ධයකට ඇති සිය සූදානම පිලිබඳ සංඥා නිකුත් කරමින් සිටියේය. එරට නැවත නැවතත් න්‍යෂ්ටික ශක්‍යතාවයෙන් යුත් ඊ-52 හා ඊ-2 සැඟැවී පහර දෙන බෝම්බ ප්‍රහාරක යානා කොරියානු අර්ධද්වීපයේ යුද අභ්‍යාස සඳහා යොදවා ඇත. ඒ අතරම එරට, මෙම කලාපයට අතිරේක මිසයිල ප්‍රහාරක උපකරන හා යුද නැව් ද යවා ඇත.
කෙරී වහෙන්ඔරෝ ආකාරයට අනතුරු හඟවා ඇත්තේ ගැටුමක් ඇති වුවහොත් එක්සත් ජනපදය, හමුදා බලයෙන් හීන, මිලිටරිමය වශයෙන් තමන්ගේ අහලකට වත් නොපැමිනිය හැකි උතුරු කොරියාවට ඉමහත් බලයක් සහිතව ප්‍රතිචාර දක්වනු ඇති බවයි. ”ගැටුමේ ප්‍රතිඵලය කුමක් වනු ඇත්දැයි කිම් ජොං වුන් දැන සිටිය යුතු ය: බොහෝ විට ඔහු එය දැන සිටිනවා විය යුතු ය” යි ඔහු පැවසීය.
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් වලට එරෙහිව ද කෙරී අනතුරු හැඟැවීය. අපේ‍්‍රල් 10 දින තමන් මිසයිල අත්හදා බැලීමක් සිදු කරනු ඇතැයි ප්යොංයැං පාලනය කලින් කියා තිබිනි. කෙසේ වෙතත්, ප්යොංයැං පාලනය එවන් මිසයිලයක් නිකුත් කිරීමකින් තොරව ම නියමිත දිනය ගෙවී ගියේය.
කෙරී පැවසුවේ, ”ජපානය සතු මුහුද හරහා වේවා, නැතහොත් වෙනත් යම් දිශාවකට වේවා, මිසයිලයක් යැවීමට (උතුරු කොරියානු ජනාධිපති) කිම් ජොං වුන් තීරනය කලහොත්, ඔහුගේ තෝරා ගැනීම වනු ඇත්තේ දැන දැනම සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටම එරෙහි වීමයි. ඔහු එසේ තෝරා ගැනීම බලවත්සේ වැඩ වරද්දා ගැනීමකි. මක්නිසාදයත්, එමගින් ඔහුගේ රට තවදුරටත් හුදෙකලා වී, මිසයිල නොව, ආහාරවල අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයකට වැටී සිටින ඔහුගේ ජනතාව තනි වනු ඇත,” යනුවෙනි.
ප්යොංයැං පාලනයට සිය න්‍යෂ්ටික වැඩ පිලිවෙල අත්හැර දැමීමට චීනය බලපෑම් කල යුතුය යන එක්සත් ජනපද ඉල්ලීම කෙරී යලි අවධාරනය කලේ ”මෙම තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට චීනයට සුවිශාල හැකියාවක් ඇත” යි පවසමිනි.
පෙනී යන පරිදි මෙය, අත්‍යවශ්‍ය ඉන්ධන හා ආහාර සැපයුම් කපා හැරීම මගින් කලාපයේ සිය එකම ආරක්ෂකයා ලෙස බීජිං මත රැුඳී සිටින ප්යොංයැං පාලනයට යටත් වීමට බල කෙරෙන පරිදි හාමතේ තැබීමට, චීනයට ඇති හැකියාව පිලිබඳ ව කල සඳහනකි.
උතුරු කොරියාව, බැලස්ටික් මිසයිල මගින් න්‍යෂ්ටික අවි ප්‍රචාලනය කිරීමේ හැකියාව වර්ධනය කොට ගෙන ඇතැයි කියැවුනු ආරක්ෂක බුද්ධි අංශ වාර්තාවක් ප්‍රතික්ෂේප කරමින් පෙන්ටගනය හා ජාතික රහස් ඔත්තු සේවා අධ්යක්ෂ ෙ–ම්ස් ක්ලැපර් විසින් පල කල මතය කෙරී ද යලි පල කලේය. ප්යොංයැං පාලනය සාම්පලයක් ලෙස න්‍යෂ්ටික මිසයිල ශීර්ෂයක් ගොඩනගාගෙන ඇති බවටත්, එක්සත් ජනපදයට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි තත්ත්වයකට ඔවුන් පත් ව සිටින බවටත් කිසිදු සාක්ෂියක් නැතැයි කෙරී සඳහන් කලේය.
උතුරු කොරියාව ඇමරිකා එක්සත් ජනපදයට දැනට ඇති පැහැදිලි අනතුරක් බව පෙන්වන සාක්ෂ්‍යයක් ලෙස, ප්යොංයැං පාලනයේ තර්ජනකාරී පුරසාරම් උපුටා දක්වන කොරියානු අර්බුදය පිලිබඳ බටහිර මාධ්‍යයන්ගේ උන්මාදකාරී වාර්තා, කෙරීගේ ප්‍රකාශය පිලිබඳ ව කෙරෙන ඕනෑම බැ?රුම් පරීක්ෂාවක් මගින් ප්‍රතික්ෂේප කෙරේ.
ඇත්ත වශයෙන් ම නම් උතුරු කොරියාව, පසුගිය දශක දෙක තුල කැබැලි වී ගියා වූ ආර්ථිකයකින් යුත්, මිලියන 23ක ජනකායක් වසන, දරිද්‍රතාවයේ පතුලටම කිඳුනු රටකි. 1991 දී සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසු බලශක්ති හා කර්මාන්ත ක්ෂේත්රවලට, විශේෂයෙන් ම කෘෂි යන්ත්‍ර සූත්‍ර සඳහා එරටින් ලබා දුන් උපාංග සැපයුම් කපා හැරීම නිසා එය විනාශ මුඛයට පත් විය.
මෙම රටෙහි සංචාරය කල මාධ්‍යවේදියෙකු 2010 දී බි්රතාන්යයේ ටෙලිගාෆ් පුවත්පතට සැපයූ වාර්තාවක සඳහන් වූයේ මෙසේය: ”උතුරු කොරියාව යනු ඌන සංවර්ධිත රටක් නොවේ: එය සංවර්ධනය වන ලෝකයෙන් එලියට ඇද වැටුනු රටකි. ඔවුන්ට අහිමි වූ දේ පිලිබඳ සාක්ෂි ඕනෑම ප්‍රධාන පාරක් අද්දර හිසට උඩින් එල්ලෙමින් තිබෙන අයුරු ඔබට දැක ගත හැක; ඒ, වරෙක මුලූ රටම ඇතුලත් වන පරිදි විහිද තිබූ ජාතික විදුලි සැපයුමේ, ශේෂ වී ඇති මල බැඳුනු කම්බිවලින් සැදි සැකිල්ලයි.”
උතුරු කොරියාවට පනවා ඇති එක්සත් ජනපදයේ දන්ඩනීය සම්බාධක නිසා ඔවුන්ගේ දුර්භාග්‍යය තව දුරටත් සංකීර්න වී ඇත. චිරකාලික සාගතය හා ඖෂධ හිඟය මධ්‍යයේ, බහු - ඖෂධ - ප්‍රතිරෝධී ක්ෂය රෝග වලට ද උග්‍ර මන්දපෝෂනයට ද බුරබුරා ඇවිලෙන වසංගතවලට ද ඔවුහු මුහුන පා සිටිති. එක්සත් ජාතීන්ට අනුව, වයස පහට අඩු උතුරු කොරියානු ලමුන්ගෙන් තුනෙන් එක් පංගුවක් කුරුමිටිවීමේ ලක්ෂන පෙන්නුම් කරයි.
වොෂින්ටනයේ අනවරත තර්ජනයන්ට මුහුන දී සිටින උතුරු කොරියානු රජය, එක්සත් ජනපදය සමග කේවෙල් කිරීමේ දී වාසි ලැබීමේ අටියෙන්, න්‍යෂ්ටික අවි නිපදවා ඇත. පෙනී යන පරිදි, ඉරාකයේ හා ලිබියාවේ මෙන් ම උතුරු කොරියාවේ නායකයන් ද, තමන් සතුව න්‍යෂ්ටික අවි තිබීම, පාලන තන්ත්ර වෙනසක් සඳහා යුද්ධයක් ඇති කිරීමට එක්සත් ජනපදයෙන් දැරෙන ප්රයත්නයකට බාධාකාරී වෙතැයි ගනන් බලනු ද විය හැකිය.
අවසාන විග්රහයේ දී, එක්සත් ජනපදය හා චීනය අතර ඇති ඝට්ටනය ප්‍රමුඛත්වය දරනු ඇති, කලාපීය හමුදාමය විසඳුමකදී, උතුරු කොරියාව සතු න්‍යෂ්ටික අවි, සංසන්දනාත්මක ව කුඩා සාධකයන් පමනක් වනු ඇත. 2006 දී එරට න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කෙරුනු තැන් පටන්, ප්යොංයැං පාලනය සතුව න්‍යෂ්ටික අවි තිබූ බව පැහැදිලි කරුනක් නමුත්, වොෂින්ටනය ඒ කරුන මත යුද තර්ජන එල්ල කිරීමට පටන් ගත්තේ, චීනය ප්‍රතිබාධනය කිරීම අරමුනු කොට ගත් ”ආසියාවට හැරීම” ලෙස හඳුන්වනු ලබන වැඩ පිලිවෙල පසුගිය වසරේ ආරම්භ කිරීමෙන් පසුව ය.
මෙම ප්‍රහාරයේ අරමුන, හුදෙක් එක්සත් ජනපද පිලිවෙත්වලට එරෙහි ව සිය මූල්‍යමය ලීවරය භාවිතා කරනු වැලැක්වීම සඳහා, චීනය තැති ගැන්වීම පමනක් නොවේ. බීජිං තන්ත්රය එක්සත් ජනපද රාජ්‍ය නයෙන් ඩොලර් ටි්රලියන 1කට අධික ප්‍රමානයක හිමිකරු වෙයි. එක්සත් ජනපද උත්සුකයන්ට, විශේෂයෙන් ම මැද පෙරදිග සම්බන්ධයෙන් එහි රුචිඅරුචිකම්වලට, සරිලන මගකට බීජිං පාලනය දක්කා ගැනීමට කස පහර දීම ද එහි තවත් අරමුනකි. සිරියාවට එරෙහිව එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිදුවන කුලීකාර යුද්ධයේ දී, විවෘත එක්සත් ජනපද ආක්රමනයක් නීතිගත කිරීම අරමුනු කොට ගැනුනු එක්සත් ජාතීන්ගේ අභියෝජනා, චීනය විසින් අවහිර කෙරී ඇත. තව ද, ඉරානය සමග යුද වැදීමට වන එක්සත් ජනපද සැලසුම්වලට ද බීජිං පාලනය එරෙහි වෙයි.
කෙරී සිය ආසියානු සංචාරයේ ප්‍රථම නැවතුම්පොලට පැමිනියේ අපේ‍්‍රල් 6 දා තුර්කියට ද, අපේ‍්‍රල් 7-9 ඊස්රායෙල් හා පලස්තීන පාලකයන් වෙත ද, ඉන්පසු ලන්ඩනයේ පැවැති ඨ-8 විදේශ අමාත්‍යවරුන්ගේ දෙදින සමුලූව කරා ද කෙරුනු රාජ්‍ය දූත සංචාරයන්ගෙන් පසුව වීම සැලකිය යුතු කරුනකි. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනුව ඔහු, ”සිරියාවේ අර්බුදය හා කලාපීය සාමය සහ ආරක්ෂාව” ද ඇතුලූ ව ”කලාපීය වූත්, ජාතික සීමාවන්ගෙන් ඔබ්බෙහි වූත් මාතෘකා” සම්බන්ධයෙන් මෙම හමුවීම්වලදී සාකච්ඡා කොට ඇත.
වොෂින්ටනය ප්යොංයැං පාලනයට එරෙහි සිය ව්‍යාපාරය උත්සන්න කරන අතරතුර ඒ හා සමගාමී ව ඉරානයට ද තර්ජනය කරයි. එහි පෙනෙන්නට තිබෙන අරමුන වන්නේ සාමකාමී අරමුනු උදෙසා සිදු කෙරෙන බවට ඉරානය තිර ලෙස පවසන, එරට න්‍යෂ්ටික වැඩ පිලිවෙල නැවැත්වීමයි. වොෂින්ටනය අපේ‍්‍රල් 10දා, ඉරාන වෙලඳ කටයුතුවලට මූල්‍ය පහසුකම් සැපයීම නිසා ප්‍රථම ඉස්ලාමීය ආයෝජන බැංකුව වූ මැලේසියානු බැංකුවකට එරෙහි ව දඩ නියම කලේය.
උතුරු කොරියාවට හා ඉරානයට එරෙහි ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යාපාරය, විශේෂයෙන් ම මෙම රටවල් සමීපස්ථ න්‍යෂ්ටික යුද්ධයක අනතුර ගෙන එතැයි යන්න, පදනම් වී ඇත්තේ දේශපාලන බේගල් මත ය. සැබැවින් ම න්‍යෂ්ටික යුද්ධයක් පිලිබඳ ප්‍රධාන අනතුර පැන නගින්නේ, සිය අනුමැතියෙන් තොර ව න්‍යෂ්ටික අවි වර්ධනය කිරීමට තැත් දරන කවර රටකට හෝ එරෙහි ව න්‍යෂ්ටික අවි යොදා පූර්ව භංග ප්‍රහාර එල්ල කිරීමට තර්ජනය කොට ඇති ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
එවකට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් 2008 දී පැවසුවේ, ”න්‍යෂ්ටික ආයුධ - හෝ අනෙකුත් සමූල ඝාතක අවි - සම්බන්ධ සංග්රාම රංග පථය තුල එක්සත් ජනපදයට අභියෝග කිරීම අතිප්රබල වූත්, මහත් විනාශකාරී වූත් ප්‍රතිචාරයකට හේතුභූත වන්නකැයි යන්න නිසැක ලෙස තහවුරු කිරීමට ප්‍රමානවත් පරිදි නිවාරක ධාරිතාවක් අප සතු විය යුතු ය” යනුවෙනි.
ඇමෙරිකානු අධිරාජ්‍යවාදය මේ ගැටුම් උත්සන්න කරන්නේ, එක්සත් ජනපද හමුදා රාශිගත කිරීමේ වියදම් අයකර ගැනීමට ඔවුන් අපේක්ෂා කරන, ඇමෙරිකානු කම්කරු පන්තියේ ගැඹුරෙහි ම පවතින යුද විරෝධී මනෝභාවයන් නො තකා හරිමිනි.
වොෂින්ටනය සිය මූලෝපායික න්‍යෂ්ටික අවි ගබඩා නවීකරනය කිරීම සඳහා ඉදිරි වසර 10 තුල ඩොලර් බිලියන 352ක් වැය කිරීමට සැලසුම් කරන අතර, ස්ටිම්සන් මධ්‍යස්ථානය නිකුත් කල වාර්තාවකට අනුව මේ කාල සීමාව තුල දී ම වියපත් ඇමෙරිකානු පුරවැසියන්ට සෞඛ්‍ය පහසුකම් සපයන මෙඩි කෙයාර් වැඩපිලිවෙල ඩොලර් මිලියන 400කින් කප්පාදු කිරීමට ධවල මන්දිරය යෝජනා කරයි.
Follow us on