වැලිවේරිය හමුදා ප්‍රහාරයට එරෙහි සසප උද්ඝෝෂනයට මහජන සහාය පලවෙයි
අපේ වාර්තාකරුවන් විසිනි, 2013 අගෝස්තු 16
පසුගිය ඉරිදා හමුදාව විසින් වෙඩි තබා තිදෙනකු ඝාතනය කල ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ උද්ඝෝෂනයක යෙදුන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උද්ඝෝෂන කන්ඩායමට ප්‍රදේශවාසීන්ගෙන් බලගතු සහයෝගයක් පල කෙරුනු අතර, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ‘ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන්ට එරෙහි මිලිටරි කඩාපැනීම කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි’ යන හිසින් යුත් පත්‍රිකාව බෙදමින් කෙරුනු සාකච්ඡාවට ඔවුහු මහත් උද්යෝගයෙන් සහභාගි වූහ.
රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් විනිග්‍රොස් කම්හල හේතුවෙන් ප්‍රදේශයේ පානීය ජලය දූෂනය වීමට එරෙහිව ගම් කිහිපයකින් පැමිනි නිරායුද මිනිසුන්, ගැහැනුන් හා ලමුන් ඇතුලූ දහස් ගනනක්, පසුගිය අගෝස්තු 1 වන දා, වැලිවේරිය නගරයේ විරෝධයේ යෙදෙමින් සිටියදී එල්ල කෙරුනු ම්ලේච්ඡ හමුදා ප්‍රහාරයෙන් මෙම ඝාතන සිදු වූ අතර තවත් දුසිම් ගනනක් බරපතල ලෙස තුවාල ලැබූහ.
හමුදා ප්‍රහාරයේ උනුසුම එතෙකුදු වියැකී ගොස් නොතිබූ අතර බොහෝ දෙනා හමුදා ප්‍රහාරය ගැන සසප උද්ඝෝෂකයන්ට විස්තර කලේ දැඩි කෝපයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) සම්ප්‍රදායික ඡන්ද බල ප්‍රදේශයක් ලෙස ප්‍රකට වැලිවේරිය ප්‍රදේශයේ බහුතරයක් ජනයා සමස්ත දේශපාලන සංස්ථාපිතයම පිලිකුලෙන් හෙලා දුටහ. ඔවුන් සඳහන් කෙරුවේ, නිදහසින් පසු දශක ගනනාවක් ම ශී‍්‍රලනිපය හා එක්සත් ජාතික පක්ෂය මහජනතාවගේ කවර හෝ ප්‍රශ්නයක් නොවිසඳුවා පමනක් නොව ඛේදවාචකයක් නිර්මානය කර ඇති බවය. කිසිම දේශපාලන පක්ෂයකට මින් මතු ඡුන්දය නොදෙන බව බොහෝ දෙනා ප්‍රකාශ කලහ.
ඝාතනයට විරුද්ධ බැනර් හා පෝස්ටර් එතෙකුදු ප්‍රදේශය පුරා දක්නට ලැබුනු අතර, ගම්මානවල අටවා තිබූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ සොයුරු බැසිල් රාජපක්ෂගේ ඡායාරූප සහිත පුවරු කඩා දමා ඇති බව දැන ගන්නට ලැබුනි. ශිෂ්‍යයන් අතර ද පැවතියේ පලල්ව පැතිරී ගිය විරුද්ධත්වයකි. එක් ශිෂ්‍යයෙක් අප කන්ඩායමට සඳහන් කලේ, ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝසවෙඅ හි පල වූ ලිපි කියැවීමට තමන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිසුනු බවය. තම ගුරුවරයා මෙම වෙබ් අඩවිය ගැන තමන්ට දැන් වූ බවත් ඔවුන් සඳහන් කලහ.
කොලඔ පාලකයන් දෙමල ජනතාවට එරෙහිව දශක තුනක් ඔස්සේ ගෙන ගිය වර්ගවාදී යුද්ධයත්, මෙම ප්‍රහාරයත්, ප්‍රදේශයේ මහජනතාව විසින් සාමාන්‍යකරනය කරමින් සිටී. බොහෝ දෙනා පැවසුවේ අපට මෙසේ පහර දුන්නේනම් යුද්ධය පැවති කාලය තුල දෙමල සිවිල් ජනයාට කොතරම් මෘග ලෙස පහර දෙන්නට ඇති ද යන්නයි.
පහරදීමේ ම්ලේච්ඡ ස්වභාවය තවමත් මහජනතාවගේ මතකයෙන් ගිලිහී ගොස් නොතිබුනි. එක් නිවැසියෙක් මෙසේ සඳහන් කලේය: ‘අපේ ගෙදර සීයක් විතර දෙනා රැස්වෙලා හිටියා. හමුදාවේ පහරදීම නතර වෙලා ටික වෙලාවකට පස්සේ - මම හිතන්නේ විනාඩි පහලොවකින්, විස්සකින් විතර - ඒ ගොල්ලො එලියට යන්න ලෑස්ති වූනා. එත කොට කිසි කලබලයක් තිබුනේ නෑ. ලයිට් නැතිව කරුවලයි. ඒ වෙලාවෙ මම කිව්වා දැම්ම යන්න එපා, තව ටික වෙලාවක් ඉන්න කියලා.
‘හැබැයි වෙන ගේක රැස්වෙලා හිටපු අය එලියට බැස්සා. එකෙතාට තමයි හැංගිලා හිටපු හමුදා භටයෙක් වෙඩි තිබ්බෙ. කෙලින්ම එයාගෙ පපුවට වෙඩි තිබ්බා. එහෙම වෙඩි තියන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ.
තවත් කාන්තාවක් මෙසේ පැවසුවාය: ‘ආන්ඩුව දැන් කියනවා මෙතන ත්රස්තවාදීන් හිටියා කියලා. ඒක බොරුවක්. ගමේ අය තමයි මෙතන හිටියෙ. ඇයි මෙහෙම බොරු කියන්නේ.... අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි හැම සැරේම ඡන්දෙ දුන්නේ. මේ පැත්තේ ඔක්කොම අය එහෙමයි. ඒගොල්ලන්ටයි ආන්ඩුව ගැහුවේ. දැන් අපේ සංවිධායක කියනවා, එයා මේ පහරදීම ගැන දන්නේ නෑ කියලා. ඒව ඔක්කොම බොරුනෙ. මහින්ද රාජපක්ෂ ලංකාවෙ සේනාධිනායක. එයා මොනවද කරන්නේ.’
එක් ත්‍රීරෝද රථ රියැදුරෙක් ප්‍රහාරය විස්තර කලේ මෙසේය: ‘එතන කඳුලු ගෑස් තිබ්බා. වතුර විදින පොම්පෙත් තිබ්බා. එත් ඒවා පාවිච්චි කෙල් නෑ. කෙලින්ම වෙඩි තියලා පහර දුන්නා. ඇයි ඒ? උද්ඝෝෂනය විසුරුවන්න නෙමෙයි, මිනිස්සු මරන්න ඒ ගොල්ලො වැඩ කලේ.’
‘ආන්ඩුව දැන් කියනවා වතුර මීටර් දානවා කියලා. කවුද ඒවට ගෙවන්නේ. අපි වතුර ටැංකියක් හයි කර ගත්තා. ඒකට අපිට රුපි: 85,000 ක් විතර වියදම් වුනා. ඒවා කවුද දැන් අපිට දෙන්නේ. අපිට තවත් වියදම් කරන්න බැහැ’ යි පහරදීමට ලක්වූ තවත් කාන්තාවක් පැවසුවාය. වේගයෙන් ඉහල නගින ජීවන වියදම ගැන කෝපයෙන් කතා කල ඇය මෙසේ ද සඳහන් කලාය: ‘දැන් කඩයට කීයක් ගෙනිච්චත් වැඩක් නෑ. බඩු ටිකක් ගත්තම ඒ ඔක්කොම ඉවරයි. ජීවත් වෙන්න හරි අමාරුයි.’
‘මම වැඩ ඇරිලා එනකොට තමයි පහර දුන්නේ. ගෙදර එන්න බැරිව මම පල්ලියෙ කොටු වෙලා හිටියා. නමුත් එහාටත් ඇවිත් පහර දුන්නා. දැන් අපිට හිතාගන්න පුලූවන් කොයි විදිහට ද උතුරෙ දෙමල මිනිස්සුන්ට පහර දෙන්න ඇත්තේ කියලා. යුද අපරාධ ගැන චෝදනා හරි කියලා දැන් අපිට හිතෙනවා’ යි එක් නිවැසියෙන් සඳහන් කලේය.
දේශපාලන සංස්ථාපිතය ගැන පිලිකුල ප්‍රකාශ කරමින් ඔහුගේ බිරිඳ පැවසුවේ, තමන් කිසිම පක්ෂයකට මීට පසු ඡන්දය නොදෙන බවයි. ‘අපිට දැන් මොන පක්ෂයක්වත් ඕන නෑ. අපි කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ. ඡන්දෙ ඉල්ලන්න එන අය අපේ ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්නෙ නෑ. ගේට්ටුව ගාවින්ම අපි ඒගොල්ලො හරවලා යවනවා. අපිට දැන් ඒගොල්ලො ඇති වෙලා තියෙන්නේ. අපි තාමත් බොන්නේ අපේ ලිඳේ වතුරමයි’ ඇය තව දුරටත් සඳහන් කලාය.
පති‍්‍රකාව හරහා සසප ඉදිරිපත් කල විශ්ලේෂනයට එකඟතාවය දැක්වූ එක් කාන්තාවක් අන් අයට කියා සිටියේ, ‘පරන පක්ෂ ඔක්කෝම අපිට වැඩක් නෑ. අපි දැන් අලුත් පක්ෂයකට එක් වෙන්න ඕනෑ’ බවයි.
‘ආන්ඩුව නල ජලය දෙන බව දැන් කියනවා. ඒත් ඇත්තටම ඒව අපිට හම්බ වෙයිද. ඕනනම් රතුපස්වල වටේ ගෙවල්වලට දෙයි. අපිට දෙන එකක් නෑ. වතුර විස වෙච්ච ඔක්කොම අය ලක්ෂයක් විතර මේ ප්‍රදේශයේ ඉන්නවා. මේච්චරකල් රට පාලනය කරපු අය ඔක්කොම කලේ බොරු.’
තවත් කාන්තාවක් පැවසුවේ: ‘හමුදාව ආගමික ස්ථාන ඇතුලට ගිහින් ගහන්නේ නෑ. හමුදාව, පොලීසිය ගහන්න එන කොට මිනිස්සු ඒවට දුවන්නේ ඒකයි. හැබැයි පල්ලිය ඇතුලට ගිහිල්ලා ගහල තියෙනවා. හැබැයි මෙතන ෆාදට හා සිස්ටටත් බැනලා ගහලා තියෙනවා. මොන විදිහෙ ආන්ඩුවක්ද මේක.’
හමුදාව හැසිරුනු ම්ලේච්ඡ ස්වභාවය ගැන තමන්ට වටහා ගත නොහැකි බව එතන සිටි තවත් කාන්තාවක් සඳහන් කලාය. ‘වෙඩි වැදිච්ච අය වැටුනම ඒ ගොල්ලන්ව පයින් පෑගුව. තුවාල වෙච්ච අයට එහෙම කරන්නෙ ඇයි. මැරිච්ච ලමයවත් පාගල තියෙනවා. වෙඩි වැදිච්ච එක්කෙනෙක්ව බිම දිගේ ඇදෙගන ගිහිල්ලා. ගහලා වෙඩි තිබ්බනේ කිසිම හිතක් පපුවක් නැතිව.’
හමුදාව පීඩිතයන්ට උදව් කරන ආයතනයක් බව ජන මාධ්‍යයන් විසින් මිත්‍යාවන් පැතුරුවත්, තම අත්දැකීම් මගින් එහි ඇත්ත ස්වභාවය - කම්කරු පීඩිතයන් මර්දනය කිරීම සඳහා පාලක පන්තියේ උපකරනයක් බව - මහජනයා වටහා ගනිමින් සිටින බැව් මෙම උද්ඝෝෂනයේ දී ඉතා පැහැදිලි විය.
එක්සත් ජනපද රාජ්‍යයේ නීති විරෝධී ඔත්තු බැලීම් පිලිබඳ තොරතුරු හෙලිදරව් කිරීම හේතුවෙන් අනතුරට මුහුන දී සිටින එඩ්වඩ් ස්නෝඩන් ආරක්ෂා කිරීම සඳහා සසප ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස මහජනතාව අතර අත්සන් කෙරෙන පෙත්සමට අත්සන් තැබූ එක් කාන්තාවක් මෙසේ කියා සිටියාය ‘ස්නෝඩන් ආරක්ෂා කරන එක හොඳයි. ඇමරිකාවේ වැඩ වලටත් එයාව දඩයම් කරන එකටත් අපි විරුද්ධයි.’
ස්නෝඩන්ට එරෙහි දඩයම හා වැලිවේරිය ප්‍රහාරය අතර සම්බන්ධය සංයුක්තව වටහා ගෙන නොමැති වුවත්, ප්‍රදේශවාසීන් බොහෝ දෙනා පෙත්සමට අත්සන් කල අතර ලංකාවේ මෙන්ම බටහිර රටවල ද ප්රජාතන්ත්රවාදයට එල්ල වෙන ප්රහාරයන් සම්බන්ධයෙන් ඔවුහු උනන්දුවෙන් සාකච්ඡා කලහ.
ගෝලීය ආර්ථික හා සමාජ අර්බුදයේ පීඩනය යටතේ ලොව පුරා පාලක පන්තීන්, ප්රජාතන්ත්ර අයිතීන් කප්පාදු කරමින්, හමුදා-පොලිස් රාජ්‍යයන් දෙසට වේගයෙන් සංක්‍රමනය වන තතු යටතේ මෙම ප්රහාරයන් පරාජය කිරීමට නම්, කම්කරු පන්තිය ලෝක පරිමානව ඒකාබද්ධ කල යුතු බවත්, මෙවන් උද්ඝෝෂන ඒ සඳහා ආධාරක වන අයුරුත් සසප උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.
Follow us on