ආන්ඩුව අතුරුදහන්වූවන් ගැන විරෝධතාවකට උතුරේ ජනයා සහභාගිවීම වලක්වයි
By our corespondent, 9 March 2013
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ප්රජාතන්ත්රවාදී අයිතීන්ට තවත් පහරක් එල්ල කරමින් බදාදා කොලඹ දී පැවැත්වීමට නියමිතව තිබූ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතා උද්ඝෝෂනයකට උතුරේ දෙමල ජනයා සහභාගීවීම නතර කර දැමීය. උද්ඝෝෂනය සංවිධානය කර තිබුනේ දෙමල ජාතික සංධානය හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය, ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුනේ නායක මනෝ ගනේෂන් මෙහෙයවන සිවිල් අයිතිවාසිකම් රැකීමේ සංවිධානය ඇතුලු කන්ඩායම් කිහිපයකි.
විරෝධතා දැක්වීමට සහභාගීවීම සඳහා යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්කවලින් 600 ට අධික ජනයා වව්නියාවේ නගර සභා පිටියට අඟහරුවාදා සවස රැස් වූයේ බස්වලින් කොලඹට පැමිනීමට ය. නගරසභා පිටියට සිවිල් හා හමුදා නිල ඇදුමින් සිටි පොලිස් භටයන් පැමින තර්ජනාත්මකව හැසිරී පසුව රැස්වී සිටි පිරිසට කොලඹට යෑමට ඉඩ දීමට ''එකඟ විය."
එහෙත් බස් රථ කොලඹ බලා ඒමට පිටත්වෙද්දී පොලිසිය පවසා ඇත්තේ මගීනට පහරදීමට ඉඩ ඇති බැවින් කොලඹට යෑමට ඉඩ දිය නො හැකි බවත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කල නො හැකි බවත් ය. කලින් කොලඹ බලා ගිය මගී බස් රථ කිහිපයකට පහර දුන් බව තමන්ට දැන ගන්නට ලැබී ඇතැයි ද පොලීසිය බොරුවක් ඇද බා ඇත. හමුදාව ද පොලීසියේ උදව්වට කැඳවා තිබුනි.
විරෝධය මධ්‍යයේ නගර සභා පිටියට ජනයා හරවා යැවූ පොලීසිය පසුදා උදෑසනන තෙක් රඳවා තබා ගැනීමකට ලක් කල අතර බස් රියදුරන්ට මාර්ග බලපත්‍ර අහෝසි කරන බවට තර්ජනය කර ආපසු හරවා යැවීය. පසු දා උදේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට කොලඹට යෑමට ක්‍රමයක් නැතුව වව්නියාවේ දී විරෝධතාවක් දක්වා ආපසු යෑමට බල කෙරිනි.
අඟහරුවාදා හා බදාදා දවස් දෙකේම යාපනය බස් නැවතුම්පලේ දී කොලඹට යෑමට පැමිනි ජනයා කුමකට එහි යන්නේ දැයි ප්‍රශ්න කරමින් බිය ගැන්වීමට හමුදාව ද පොලීසියද යොදවා සිටිනු දක්නට ලැබුනි.
විරෝධතා උද්ඝෝෂනයේ සංවිධායකයන් පොලිස්පති ඉලංගකෝන්ගෙන් තමන්ට සිදු කල අතවරය ගැන විමසූ විට ඔහු පවසා ඇත්තේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ ගමන වැලැක්වීමක් ගැන තමන් කිසිවක් නො දන්නා බවයි. කෙසේ වෙතත්, රාජපක්ෂ ආන්ඩුවේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල මට්ටමින්ම දෙන ලද නියෝගයක් නැතිව පොලීසිය හා හමුදාව විරෝධතාකරුවන් කොලඹට ඒම වැලැක්වීමක් සිදු විය නො හැක්කේ ය. උතුරු පලාතේ ආන්ඩුකාරයා ලෙස ක්‍රියාකරන්නේ හිටපු හමුදා ජෙනරාල්වරයෙකි. හමුදා ජෙනරාල්වරයෙකුගේ ආඥාපතීත්වයෙන් උතුරු පලාතේ ආරක්ෂක කටයුතු සිදු කෙරේ.
ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවේ මැති ඇමතියන් ද ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හමුදා ප්‍රධානියෝ ද බෙදුම්වාදී එල්ටීටීඊය පරදා ලත් යුද ජයග්රහනයෙන් පසු මුලු රටේ ම ''සාමය" හා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වී ඇතැයි ද උතුරේ සිට දකුනටත් දකුනේ සිට උතුරටත් බයක් සැකක් නැතිව යෑමට මහජනයාට හැකි යයි ද පුනපුනා කියති. එහෙත් උතුරේ සිට දකුනට අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට ඒමට නොදී අවහිර කිරීම හා ඔවුන් බියගැන්වීම එම කෙප්පය අහස උසට පුපුරුවා හැර ඇත.
දකුනෙන් උතුරට යන සංවිධානවලට පමනක් නොව උතුරේ සංවිධානවලට ද ආන්ඩුවට විරුද්ධ නම් රැස්වීම් හා උද්ඝෝෂන පැවැත්වීම අවහිර කෙරේ. සමාජවාදී සමානතා පක්ෂයේ රැස්වීම් එලෙස හමුදා පාලනය විසින් කීප වතාවක්ම අවහිර කෙරුනි.
ප්‍රහාරයේ නරුමකම තවදුරටත් හෙලිදරව් කෙරෙන්නේ ආන්ඩුව එහි අනුදැනුමෙන් අතුරුදහන්වුවන්ගේ උද්ඝෝෂනයක් කොලඹ දී පැවැත්වීමයි. එල්ටීටීඊය විසින් අතුරුදහන් කල අය ගැන විමසා බලන ලෙස උද්ඝෝෂනය කිරීමට නැගෙනහිර පලාතෙන් සිය ගනනක් ජනයා කොලඹට ගෙන්වා -බොහේ දුරට එය සිදුවිය හැක්කේ බලහත්කාරයෙනි- එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පිකට් කර සංදේශයක් භාරදීමට බදාදා දිනම ආන්ඩුවේ හෙන්චයියන්ක්රියාකර තිබුනි.
ආන්ඩුවේ පනිවිඩය පැහැදිලිය- ආන්ඩුවට පක්ෂව ඕනෑම ක්‍රියාවක් කල හැකිය. ආන්ඩුවට විරුද්ධ නම් ඕනෑම ක්‍රියාවක් රුදුරු හා තුච්ච ලෙස මැඩලනු ලැබේ.
විසි හය අවුරුදු යුද්ධයේදී හා ඉන් පසුවත් ලංකාවේ අතුරුදහන් කිරීමට ලක් වූ දෙමල ජාතිකයන්, වෙසෙසින්ම තරුන තරුනියන් දස දහස් ගනනකි. සිංහල හා මුස්ලිම් ජනයා ද දුසිම් ගනනක් ඒ ඉරනමට ලක් වූහ.
ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ ගනන් හිලව්වලට අනුව 2011 දෙසැම්බර් 31 දක්වා ලංකාවේ අතුරුදහන්වූවන්ගේ ගනන 15,780 කි. ඔවුන්ගෙන් වැඩි දෙනා පිරිමින් ය. රතු කුරුසය ලමුන් 1494 ක් ද කාන්තාවන් 754 ක් ද ඇතුලු අතුරුදහන් කිරීමේ සිද්ධීන් විමසුවත් කරුනු සොයා ගත හැකි වුයේ 136 ක් පිලිබඳව පමනකි.
අතුරුදහන්වූවන්ගේ ගනන මීට වඩා විශාලය. ආන්ඩුව යම් ගනන් හිලව් තැබීමක් පටන් ගත්තේ රට තුලින් ද ජාත්‍යන්තරව ද පැන නැගුනු උද්ඝෝෂන මධ්‍යයේ ය. යුද්ධයේ අවසන් සතිවල හමුදා ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූ සිවිල් වැසියන් ගනන අඩුම තරමින් 40,000 ක් වෙතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්වත් කමිටුව වාර්තා කර ඇත.
හමුදාව, පොලීසිය, මිලිටරි ඔත්තු සේවා හා ඒවා සමග ක්‍රියා කරන මැර හමුදා කිසිදු බාධාවකින් තොරව පුද්ගලයන් පැහැර ගෙන යෑම කලහ. කොලඹ, තදාසන්න පෙදෙස්වල හා උතුරු නැගෙනහිර පැහැර ගෙන යෑම් සඳහා බොහෝවිට "සුදු වෑන්" යොදාගැනීම සිදු කෙරුනේ මහ ජනයා භීතියට පත් කිරීම සඳහාය.
මෙම නීති විරෝධී ක්‍රියාවල ගොදුරු බවට පුද්ගලයන් පත් කිරීම සඳහා ඔවුන් හංවඩු ගැසුවේ එල්ටීටීඊ ත්රස්තවාදීන් ලෙස ය. එල්ටීටීඊයට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන් ද එලෙස පැහැරගෙන අතුරුදහන් කරන ලදී.
ආන්ඩුවේ නොනිල අනුමැතිය ඇතුව මෙවැනි පැහැර ගැනීම් පිලිබඳව ලංකාවේ හමුදා හා පොලිස් ඔත්තු සේවාවන්වලට ද මැර කල්ලිවලට ද ලේවැකි වාර්තාවක් ඇත. 60,000 ක් පමන තරුන තරුනියන් ඝාතනය කෙරුනු 1988-1990 දකුනු පලාත්වල භීෂනයේ දී ලංකාවේ කම්කරුවන් හා දුගීන් මේ රුදුරු අත්දැකීම ලැබුවේය.
සමාජවාදී සමානතා පක්ෂය බදාදා විරෝධතාවය බිඳීමට ආන්ඩුව හා එහි ආරක්ෂක අංශ ගත් පියවර තරයේ හෙලා දකී. කම්කරු පන්තිය මේ ප්‍රහාරයට විරුද්ධ විය යුතු ය. මෙය කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව කෙරෙන පලල් ප්රහාරයන්ගේ කොටසකි.
බදාදා විරෝධතාවය සූදානම් කල සංවිධාන කොලඹ විහාරමහාදේවී උද්‍යාන පිටියේ දී දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය, ව්‍යාජ වම්මුන්ගේ නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය සම්බන්ධ කර ගෙන උද්ඝෝෂනයක් පැවැත්වූහ. උතුරු පලාතෙන් ජනයා සම්බන්ධ කිරීම වලක්වා තිබූ තතු යටතේ කොලඹ හා ආසන්න ප්‍රදේශවල අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ද එම පක්ෂවල දේශපාලන ක්‍රියාකාරීන් ද උද්ඝෝෂනයට සහභාගි වී සිටියහ.
ඔවුන්ගේ අරමුන වූයේ මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් පිලිබඳ සංවිධානයේ රැස්වීමට අතුරුදහන් වූවන් පිලිබඳ කරුනු දැක්වෙන සංදේශයක් භාර දී විසඳුම් ලබා දෙන ලෙස ආන්ඩුවට බල කිරීමයි. මෙම සංවිධාන විපතට පත් ජනයාගේ කෝපය හා විරෝධය අධිරාජ්‍යවාදී බලයන් සමග තම සම්බන්ධතා තර කර ගැනීම සඳහා ගසා කති. යුද්ධයෙන් පීඩාවට පත් ජනයාට අධිරාජ්‍යවාදීන්ට ආයාචනා කිරීමෙන් හෝ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් විසඳුම් ලබා ගත නො හැක.
මානව හිමිකම් පිලිබඳ අංශුමාත්ර කැක්කුමක් හෝ නැති ප්‍රධාන බලයන් කිඹුල් කඳුලු හෙලන්නේ කලාපයේ තම මූලෝපායික අවශ්‍යතා රැක ගැනීමේ වැඩපිලිවෙලේ කොටසක් ලෙස කොලඹ ආන්ඩුව තමන් වෙත නම්මා ගැනීමටයි. රාජපක්ෂ ආන්ඩුව මානව අයිතීන් ගැන තකන පාලනයක් නොව එම මහා බලයන්ගේ ද පිටුබලය ඇතුව පොලිස් රාජ්‍යයක් ඇටවීමේ වැඩපිලිවෙල පෙරට ගෙන යයි.
Follow us on