සබරගමුව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් ශිෂ්‍ය සංගම් තහනම් කරයි
සුරංග සිරිවර්ධන හා දයානන්ද රත්නායක විසිනි, 2013 මාර්තු 20
සබරගමුව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මහා ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් පහක් තහනම් කරමින් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත.
ශිෂ්‍ය සංගම්වලට පනවන ලද නියෝගයන් කඩ කලේ යැයි චෝදනා කරමින් පසුගිය 15 වන දා සබරගමුව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් එහි මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් හතරක් තහනම් කිරීමට පියවර ගත්තේ ය. මීට අමතරව ශිෂ්‍ය කි්රයාකාරිකයින් පස් දෙනෙකුගේ ශිෂ්‍යභාවය ද තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම ක්‍රියාමාර්ගයට විරෝධතාව පල කරමින් සිසුහු විශාල පිරිසක් 15වන දා පඹහින්න මංසන්ධියේ දී බදුල්ල කොලඹ මහාමාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයක නිරත වූහ.
ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙන යන ප්රජාතන්ත්ර-විරෝධී වැඩ පිලිවෙලේ කොටසක් ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් සිසුන්ට සහ ශිෂ්‍ය සංගම්වලට පනවන ලද ප්රජාතන්ත්ර-විරෝධී නියෝග මාලාවට, රාතී‍්‍ර 10ට පෙර ශිෂ්‍යයන් තම සියලු කි‍්‍රයාකාරකම් අවසන් කිරීම, ශිෂ්‍යයාවන් රාතී‍්‍ර 8ට පෙර නේවාසිකාගාරවලට පැමිනීම, නේවාසිකාගාරවල පවත්වන සියලු රැස්වීම් ශාලාධිපතිගේ අවසරය සහිතව උපශාලාධිපතිගේ සහභාගිත්වය යටතේ පැවැත්වීම, සියලු ශිෂ්‍ය සංගම් සිකුරාදා දින මධ්‍යාහ්න 12 ත් 6 ත් අතර පමනක් පැවැත්වීම සහ සමාජ හා භාෂා විද්‍යාපීඨයේ ශිෂ්‍ය සංගම් රැස්වීම් පලමුවන හා තුන්වන සතියේ අඟහරුවාදා දින රාතී‍්‍ර 7 සිට 9 දක්වා වූ කාල සීමාව තුල පමනක් පැවැත්වීම යන මූලික නියෝග අන්තර්ගත විය.
මෙම නියෝගයන්ට එරෙහිව ශිෂ්‍යයන් අතර මතුවූ බලගතු විරෝධතාව හමුවේ මහා ශිෂ්‍ය සංගමය විසින් පසුගිය 12 වන දින තම රැස්වීමක් පවත්වමින් රාතී‍්‍ර 10 ඉක්මවන තෙක් විශ්ව විද්‍යාල භූමියේ රැඳී සිට ඇත. මෙම රැස්වීම පැවැත්වීම, ශිෂ්‍ය සංගම්වලට එරෙහි මූලික චෝදනාව ලෙස පාලනාධිකාරිය විසින් ඉදිරිපත් කරයි.
අනෙකුත් චෝදනා වන්නේ, එම රැස්වීම අවසර ලබා ගැනීමකින් තොරව පැවැත්වීම, විධිමත් අවසරයකින් තොරව බාහිර පුද්ගලයෙකු විශ්ව විද්‍යාල පරිශ්‍රය තුලට ගෙන්වා සිසුන්ට ආමන්ත්රනය කරවීම සහ නේවාසිකාගාරවලට ගොස් ශිෂ්‍යයාවන් බලහත්කාරයෙන් රැස්වීම සඳහා සහභාගි කරවා ගැනීමත් ය. නමුත් මහා ශිෂ්‍ය සංගමය මෙකී චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.
සුදුසුකම් ලත් සිසුන්ට ප්‍රමානවත් විශ්ව විද්‍යාල පහසුකම් නොමැතිවීමට එරෙහිව ශිෂ්‍යයන් සහ දෙමව්පියන් විසින් ගෙන ගිය විරෝධතා මාලාවකට පසු, 1995 වසරේ මැද භාගයේ විශ්ව විද්‍යාල පහක් වෙනත් අරමුනු සඳහා ඉදිකල ගොඩනැගිලි පදනම් කරගනිමින් ස්ථාපනය කිරීමට, එවක පැවති ආන්ඩුව හදිසි පියවර ගත් අතර සබරගමුව විශ්ව විද්‍යාලය ඉන් එකකි.
එය ආරම්භ කරනු ලැබුවේ, සමනල වැව විදුලි බල ව්‍යාපෘතියේ සේවකයන්ට නවාතැන් සැපයීම සඳහා ඉදිකල ගොඩනැගිලි ආශ්‍රිතව ය. වසර 2007 වන තෙක් ම ව්‍යවහාරික විද්‍යා හා කෘෂිකර්ම යන පීඨ ප්‍රධාන විශ්ව විද්‍යාලයට කි.මී.100ක් පමන දුරින් පිහිටි බුත්තල නම් දුෂ්කර ප්‍රදේශයක, නිවාස ව්‍යාපෘතියක් සඳහා භාවිතා කොට අත්හැර දමනු ලැබු ගොඩනැගිලි ආශ්‍රිතව පවත්වා ගෙන යන ලදි.
විශ්ව විද්‍යාලයේ පවත්නා ඌන පහසුකම් සම්බන්ධයෙන් සමාජ හා භාෂා අධ්‍යයන පීඨයේ ශිෂ්‍යාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ අදහස් දැක්වූවා ය: ''විශ්ව විද්‍යාලයේ විශාල ආචාර්ය හිඟයක් තියනවා. සුදුසු මහාචාර්යවරු, කථිකාචාර්යවරු ගෙන්වා ගැනීමට වගකිය යුතු අය උත්සාහ දරන්නෙත් නැහැ. භූ විඥාපන පීඨය ආරම්භයේ පටන් තව ම එක ම මහාචාර්යවරයෙක්වත් නෑ. ලෙක්චරර්ස්ලා අඩු නිසා සහ දේශන ශාලා ප්‍රමානවත් නොවන නිසා අනෙක් විශ්ව විද්‍යාල වගේ නෙමෙයි, සමහර දවස්වල රෑ 7 වෙනකම් දේශන තියනවා. ඒ විතරක් නෙමෙයි සමහර දේශන සති අන්තයේදීත් පවත්වනවා."
"සමහර දවස්වලට බොන වතුර බොන්න බැරි තරමට ක්ලෝරීන් වැඩි යි. සමහර දවස්වලට වතුර ඇත්තෙම නෑ'' යනුවෙන් පැවසූ තෙවන වසර සිසුවියක්, ''අපිට තියෙන්නේ පොඩි පොඩි හොස්ටල්. ඒ නිසා පිරිසකට එකතුවෙලා රෑට දේශන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකියාවක් නැහැ." යනුවෙන් තවදුරටත් සඳහන් කලාය. තවත් සිසුන් පිරිසක් කියා සිටියේ නේවාසිකාගාරවල ඉඩ සහ වැසිකිලි පහසුකම් ප්‍රමානවත් නොවන බව යි. මීට අමතරව ප්‍රමානවත් පරිගනක සහ විද්‍යාගාර පහසුකම් නොමැති බව ද ඔවුහු පැවසූහ.
මහා ශිෂ්‍ය සංගමය තුල කි‍්‍රයාකාරීව වැඩකරන දෙවන වසර ශිෂ්‍යයෙක්, "විද්‍යාගාර, වෛද්‍ය, පුස්තකාල හා නේවාසිකාගාර වැනි විශ්ව විද්‍යාල පහසුකම් ගාස්තු රු.950 සිට 1600 දක්වා වැඩි කරලා තියනවා," යනුවෙන් ප්‍රකාශ කලේ ය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මීට අමතරව නැවත ගෙවනු ලබන බවට සඳහන් රු.500 ක මුදලක් ද එක් වසරක් සඳහා අයකිරීමට තීරනය කොට ඇති බව යි.
ශිෂ්‍යයන් මෙම ඌන පහසුකම්වලට විරුද්ධව පසුගිය වසර කීපය පුරා විවිධ විරෝධතා කි‍්‍රයාමාර්ගයන්හි නිරතව සිටි අතර, එයට ප්‍රතිචාර ලෙස පාලනාධිකාරිය විසින් ශිෂ්‍ය සංගම් තහනම් කිරීම, ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම හා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු දිගු කාලයන් පුරා අත්හිටුවීම වැනි පියවර ගනිමින් සිසුන්ට එරෙහි මර්දන හස්තය දිගු කලේ ය. නව නියෝග මාලාව පනවනු ලැබුවේ විරෝධතා තියුනු ආකාරයකින් යලි පැන නැගීමත් සමඟ ය.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මිලිටරි විනයට යටත් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙන යන වැඩ පිලිවෙලට මෙම නියෝග මාලාව සමගාමී වේ. දැනටමත් නවක ශිෂ්‍යයන්ට මිලිටරි පුහුනුවක් ලබා දීම, විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීම වැනි පියවර මගින් විශ්ව විද්‍යාල මිලිටරිකරනය ආරම්භ කෙරී ඇත.
මෙම ප්රහාරයන්ට සබරගමුව විශ්ව විද්‍යාලය පමනක් ඉලක්ක කෙරී නොමැති අතර එය සමස්ත නිදහස් අධ්‍යාපනය ම වල දැමීමට එරෙහිව වැඩෙන විරෝධය මර්දනය කිරීම සඳහා ආන්ඩුව දියත් කොට ඇති වැඩ පිලිවෙලේ ම කොටසකි. පසුගිය ජනවාරි 29 වන දින, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විරෝධතාවන්හි නිරත වූ සිසුන් 11 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබුවේ, ඉන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය ජීවිතාන්තය දක්වා අත්හිටුවමිනි. 2012 නොවැම්බර් මාසයේ දී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් හතර දෙනෙකු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දෙනු ලැබී ය. පසුගිය 15 වන දින සිදුවූ ශිෂ්‍ය සංගම් තහනම් කිරීම ද ආන්ඩුවේ මෙම ප්‍රහාරය සබරගමුව විශ්ව විද්‍යාලය තුලින් ප්‍රකාශයට පත්වන ආකාරය යි.
ගැඹුරුවන ගෝලීය මුල්‍ය අර්බුදයේ කොන්දේසි යටතේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග කි‍්‍රයාවට දමමින් සිටින රාජපක්ෂ ආන්ඩුව සමාජ සුභසාධන කප්පාදු කරමින් කම්කරු පීඩිත මහජනතාව මත අර්බුදයේ බර පටවමින් සිටින අතර, එයට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්ට හා අවශේෂ පීඩිතයන්ට එරෙහි ප්රජාතන්ත්ර-විරෝධී ප්‍රහාර වේගවත් කොට ඇත.
රාජපක්ෂ ආන්ඩුවට සමානව ලෝකයේ සෑම ධනපති ආන්ඩුවක් ම, සිය ප්රජාතන්ත්ර-විරෝධී ප්රහාරයන්ට එරෙහිව නැග එන ශිෂ්‍ය විරෝධතා මර්දනය කිරීම සඳහා මීට සමාන ආකාරයෙන් මැදිහත් වෙමින් සිටී. 2012 ජූනි මස ක්විබෙක් ශිෂ්‍ය අරගලය මර්දනය කිරීම සඳහා කැනඩා රජය විසින් රාජ්‍ය මාධ්‍ය යොදා ගත් අතර, පොලිස් ප්රචන්ඩත්වය මුදාහරිමින් උසාවි නියෝග ගනු ලැබුවා පමනක් නොව ප්රජාතන්ත්ර-විරෝධී අන පනත් ද සම්මත කර ගත්තේ ය.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය ද (අවිශිබම), එයට සම්බන්ධිත සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ද ආන්ඩුවේ මෙම වැඩපිලිවෙලට එරෙහිව ශිෂ්‍යයන් තුල කැකෑරෙන වෛරය වාෂ්ප කොට දැමීම සඳහා කි‍්‍රයාත්මක වේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය හස්තය වන අවිශිබම ය ආන්ඩුවට සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරියට බලපෑම් දැමීමෙන් තම ඉල්ලීම් දිනාගත හැකි ය යන මිත්‍යාව ශිෂ්‍යයන් අතර පතුරුවමින් ශිෂ්‍යයන් ස්වාධීන දේශපාලන ඉදිරි දර්ශනයකින් සන්නද්ධවීම වලක්වා එම අරගල ''ශිෂ්‍ය සටන්"වලට සීමා කිරීමට දැනුවත්ව කටයුතු කරමින් සිටී.
මෙම ධනේශ්වර ප්රහාරයන්ට එරෙහිව ශිෂ්‍යයන්ට සටන් කල හැකි වන්නේ, කම්කරු පන්තිය දෙසට හැරී නව සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම හරහා පමනි. මෙම ඉදරි දර්ශනය තහවුරු කිරීම සඳහා සටන් වදින සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරය වන, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ව්‍යාපාරයට බැඳී මෙම අරගලයට උර දෙන ලෙස සසජාශි ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටී.
Follow us on