ඉන්දීය විදේශ ඇමතිගේ නිෂ්ඵල ශ්‍රී ලංකා සංචාරය
Indian foreign minister’s unproductive visit to Sri Lanka
නන්දන නන්නෙත්ති හා දීපාල් ජයසේකර විසිනි, 2013 ඔක්තෝබර් 16
ඉන්දීය විදේශ කටයුතු ඇමති සල්මන් කෘෂ්ඩ් පසුගිය සතියේ කල දෙදින සංචාරය අවසන් කර හිස් අතින්ම කොලඹින් පිටත්ව ගියේ ය. ලංකාවේ නැගෙනහිර පලාතේ ගල් අඟුරු විදුලි බලාගාරයක් සඳහා ආයෝජනය කිරීමේ ආර්ථික සහනයක් ලබා ගත්තේ වී නමුදු සිංහල ප්රභූව හා එහි දෙමල සහ මුස්ලිම් අනුගාමිකයන් අතර බලය බෙදීමේ එකඟතාවයක් වැනි "දේශපාලන විසඳුමක්” සඳහා එහි කැඳවුමට ලැබුනේ සීතල ප්රතිචාරයකි.
උතුරු පලාතට අභිනවයෙන් තේරී පත් වූ මහාමාත්‍ය සී .වී. විග්නේශ්වරන් හමු වීම සඳහා යාපනය බලා ගුවන්ගත වීමට පෙර කෘෂ්ඩ් මෙරට තම අනුචරයා වන විදේශ ඇමති ජී.එල්. පීරිස් හමු වූ අතර ජනාධිපති රාජපක්ෂ සමග ද සාකච්ඡා පැවැත් විය. විග්නේශ්වරන් නියෝජනය කරන්නේ ඉන්දියාව හා බටහිර බලවතුන්ට ආයාචනා කරමින් බලය බෙදීමේ ගිවිසුමට රාජපක්ෂ එකඟකරවා ගැනීම මූලික ඉදිරි දර්ශනය කර ගත් ප්‍රධාන දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සංධානය (ටීඑන්ඒ) යි.
කෘෂ්ඞ් පලාත් සභාවලට බලය පැවරෙන 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පූර්න බල ගැන්වීමක් අවධාරනය කලේ ය. එහෙත් "ප්රශ්නය විසඳාගැනීමට ඇති හොඳම තැන පාර්ලිමේන්තුවය” යි රාජපක්ෂ පිලිතුරු දුන්නේ ය. ආන්ඩුව ජුනි මාසයේ දී 13 වන සංශෝධනය විමර්ශනය සඳහා පත් කල පාර්ලිමේන්තු තේරීම් කමිටුව "ජනතා අවශ්‍යතාවන්ට ගැලපෙන විසඳුමක්” ගෙන එනු ඇත.
විය හැකි පරිදි රාජපක්ෂ කෘෂ්ඩ්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ ය. ආන්ඩුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගඩියකි. එය පත් කෙරුනේ ඉන්දියාව, එක්සත් ජනපදය හා සෙසු බටහිර බලවතුන්ගෙන් යෙදෙන පීඩනය යටපත් කිරීමේ වෑයමක් ලෙසත් ආන්ඩුවේ බලතල වලට අවහිර වන පරිදි නීති සම්පාදනය කිරීමට පලාත් සභා වලට ඇති හැකියාව සැලකිය යුතු පරිදි දුර්වල කිරීමේ ආන්ඩුවේ සැලසුම් වලටත් අනුකූල වන පරදිය. දෙමල ජතික සංධානය හා ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු තේරීම් කමිටුව වර්ජනය කරයි.
බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය නිරායුධ කිරීමේ ප්රයත්නයක් ලෙස, පලාත් සභා පිහිටුවා, ඒවාට සීමිත බලතල ලබාදුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය වනාහි 1987 දී කොලඹ හා නවදිල්ලිය අතර අත්සන් කෙරුනු ඉන්දු ලංකා ගිවිසුමේ කොටසකි. කෙසේ වෙතත් මෙතෙක් පැවති කොලඹ ආන්ඩු ඉඩම් හා පොලිස් බලතල පලාත් සභා වලට පවරන ලෙස දෙමල හා මුස්ලිම් ප්රභූව නො නවත්වාම කල ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත.
"13 වන ව්‍යවස්ථාව සම්පූර්නයෙන් කි‍්‍රයාත්මක කරන ලෙස” නව දිල්ලිය දිගින් දිගටම ඉල්ලා ඇත. එහෙත් රාජපක්ෂගේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිංහල අන්තවාදී සහචරයන් සහ ඔහුගේ සහෝදරයා වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැනි පරිපාලනයේ බලවත් පුද්ගලයෝ දෙමල සහ මුස්ලිම් ප්රභූන්ට මොනම සහනයක් හෝ ලබා දීමට මුලුමනින්ම එරෙහි වෙති.
බලය බෙදීමේ වැඩ පිලිවෙල ශ්‍රී ලංකාව තුල සිය බලපෑම් වැඩි කරනු ඇතැයි ඉන්දියාව ගනන් බලයි. බෙයිජිනය සමග පවතින රාජපක්ෂගේ බැඳීම් හරහා දිවයින තුල වර්ධනය වන චීනයේ දේශපාලන හා ආර්ථික බැඳීම් ගැන ඉන්දීය පාලක පන්තිය කනස්සල්ලට පත්ව සිටිති.
එමෙන් ම දිවයිනේ දෙමල ජනයාගේ ඉරනම සම්බන්ධයෙන් දකුනු ඉන්දියානු දෙමල ජනයා අතර පුලුල්ව පැතිර පවතින විරෝධය සමහන් කර ගැනීමට ද කොන්ග්‍රසයේ නායකත්වයෙන් යුත් ඉන්දීය ආන්ඩුවට අවශ්‍ය ය. කෙටි කාලීනව ගත් කල කොන්ග්රසය තමිල්නාඩුව සහ දෙමල ජනයා වෙසෙන තවත් ප්‍රදේශයක් වන පොන්ඩිචෙරි යන ප්‍රදේශවලින් පාර්ලිමේන්තු නියෝජිතයන් 40ක් තේරී පත්වීමට නියමිත එලඹෙන මහ මැතිවරනයට මුහුන දී සිටින අතර ශ්‍රී ලංකාවේ දෙමල ජනයාගේ ඉරනම පිලිබඳව උනන්දු වන බවට මංමුලා සහගත රංගනයක යෙදී සිටී.
යාපනයේ දී කෘෂ්ඩ් "තේරී පත් වූ පලාත් සභා නියෝජිතයන් හා මධ්‍යම ආන්ඩුව අතර සංවාදයක්” එනම් කොලඹ ආන්ඩුව හා දෙමල ජාතික සංධානයේ උතුරු පලාත් පරිපාලනය අතර සාකච්ඡා පැවැත්විය යුතු බව අවධාරනය කලේ ය. අවසානයේ දී රාජපක්ෂ ටීඑන්ඒ නායකත්වය සමග සාකච්ඡා කිරීමට එකඟ වුවත් පලාත් සභාවලට කුමන හෝ සැලකිය යුතු බලය බෙදීමකට තදින් ම විරුද්ධ විය.
ඉන්දීය ජාතික තාප බල සංස්ථාව හා ලංකා විදුලිබල මන්ඩලය අතර බද්ධ ව්‍යාපාරයක් වන නැගෙනහිර පලාතේ ත්රිකුනාමලයේ සාම්පූර් හි මෙගා වොට් 500 ගල් අඟුරු බලශක්ති ව්‍යාපෘතිය පිලිබඳ ගිවිසුම් කෘෂ්ඩ් හා පීරිස් ඉදිරියේ අත්සන් කරන ලදී. ව්‍යාපෘතිය පිලිබඳ ද්විපාර්ශවික සාකච්ඡා වසර ගනනක් තිස්සේ ඇදී ගොස් තිබේ. මූලික ගිවිසුමක් 2011 අවසානයේ දී අත්සන් කල නමුත් රාජපක්ෂ ආන්ඩුව තුල සිටින හා එය වටා ගැලතුනු සිංහල වර්ගවාදී කොටස්වල විරෝධය නිසා ව්‍යාපෘතිය කල් ගියේ ය.
දකුනු පලාතේ නව ගුවන් තොටුපල, වරාය වැනි සැලකිය යුතු ආයෝජන ඇතුලත් බීජිනය මෙරට තුල පවත්වාගෙන යන අනුහස ගැන අවධානය යොමු කරන නව දිල්ලිය තමන්ට අවස්ථාවන් හිමිකර ගැනීම සඳහා බලපෑම් කරයි. දශක තුනකට ආසන්න සිවිල් යුද්ධයෙන් විනාශයට පත් උතුරු දුම්රිය මාර්ගය නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව සම්බන්ධවී සිටියි. සාම්පූර් බල ශක්ති ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව යොමුවන්නේ "උතුරු පලාතේ ජීවත් වන ජනයාගේ අභිවෘද්ධිය” වෙනුවෙන් බවට කෘෂ්ඩ් යාපනයේදී යලි යලිත් කියා සිටියේය. 2009 දී එල්ටීටීඊ පරාජයෙන් අවසන් කෙරුනු යුද්ධය අවධියේ මිලිටරිය විසින් දෙමල ජනයා පලවා හැර අත්පත් කර ගැනුනු ඉඩම්. රාජපක්ෂ ආන්ඩුව ව්‍යාපෘතිය සඳහා යොදා ගත්තේය.
එලඹෙන මාසයේ කොලඹදී පැවැත්වෙන පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායකයන්ගේ රැස්වීමට සහභාගීවීම මේ වන තෙක් තහවුරු කර නැති මන්මෝහන් සිං ගෙන් "විශේෂ පනිවිඩයක්” කෘෂ්ඩ් විසින් ගෙන එනු ඇතැයි රාජපක්ෂ ආන්ඩුව අපේක්ෂා කලේ ය. තම ආන්ඩුව බීජිනයෙන් ඈත් කිරීමට එක්සත් ජනපදය හා බටහිර බලයන් වෙතින් එල්ල වන පීඩනයට එරෙහිව පොදු රාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුලුව කොලඹ පැවැත් වීමේ තීරනාත්මක දේශපාලන වැදගත් කම රාජපක්ෂ සැලකිල්ලට ගනියි.
පීරිස් ද සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවකදී පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුලුවට සිංගේ සහභාගිත්වය පිලිබඳව මතු කෙරුනු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් කෘෂ්ඩ් කියා සිටියේ "අගමැති කාර්යාලයෙන් නිසි කලට ප්‍රකාශයක් කෙරෙනු ඇත”යන්නයි. රාජපක්ෂ ආන්ඩුවට පොදු රාජ්‍ය මන්ඩලීය නායක සමුලුව සඳහා සිංගේ පැමිනීම අවශ්‍ය වන අතර ඉන්දියාව තව තවත් ආර්ථික දේශපාලනික හා මූලෝපායික වාසි කොලඹ ආන්ඩුවෙන් ලබා ගැනීම සඳහා සිය ආස්ථානය හෙලි නොකර ඇන හිටවාගෙන සිටී.
එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ පීඩනය නිසා සැප්තැම්බර් මාසයේ දී උතුරු පලාත් මැතිවරනය පැවැත්වීමට රාජපක්ෂට බල කෙරුනි. මෙය ඓතිහාසික අවස්ථාවකි යි පවසමින් කෘෂ්ඩ් "දශක කීපයකට පසු මැතිවරනය පැවැත්වීමෙන් කල මෙහෙය” වෙනුවෙන් රාජපක්ෂට ප්‍රසංශා කලේ ය. කුමන රාජතාන්ත්‍රික ඇයි හොඳයිකම් පැවතුන ද නව දිල්ලිය රාජපක්ෂ සමග වන සිය සබඳතා ගැන බෙහෙවින් අතෘප්තිමත් ය.
Follow us on