සබරගමුව සරසවියේ දෙමල සිසුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනේ
කපිල ප්‍රනාන්දු විසිනි, 2014 අගෝස්තු 15
පසුගිය සතියේ, සබරගමුව සරසවියේ දෙමල සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනින. මෙය, අධ්‍යාපන කප්පාදුවලට හා මර්දනයට එරෙහිව සටන් වැද සිටින සිසුන්ගේ අවධානය වෙනතකට යොමු කරනු වස් ඔවුන් අතර වාර්ගික භේදයන් ඇවිලවීමට රාජපක්ෂ ආන්ඩුව සහ විශ්ව විද්‍යාල පරිපාලනය සිතාමතා සැලසුම් කරන ලද්දකි. ”ත්‍රස්තවාදී”ව්‍යාපාර නැවත සරසවි තුල හිස ඔසවමින් සිටින බවට ප්‍රචාරය කරමින් සිසු මර්දනය තීව්ර කිරීමට ද ආන්ඩුව මෙම සිද්ධිය යහමින් යොදා ගනිමින් සිටී.
සබරගමුව සරසවියේ පලමු වසරේ ඉගෙනුම ලබන කුමාර් සුදර්ශන්, පසුගිය 03 දා රාත්‍රියේ සරසවියට අයත් නේවාසිකාගාර පරිශ්රයක දී මුහුනු ආවරනය කරගත් පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව කැපුම් කෙටුම් තුවාල සහිතව සිහිසුන්ව සිටියදී මිතුරන් විසින් සොයා ගැනීමෙන් අනතුරුව රෝහල් ගත කෙරුනි. සුදර්ශන් කිලිනොච්චියේ මුහමලේ පදිංචිකරුවෙකිි.
ඊට දින දෙකකට පසු, එනම් 05 දා, එම සරසවියේ ම තුන්වන වසරේ ඉගෙනුම ලබන යෝගරාජා නිරෝෂන් නම් වූ වෙනත් සිසුවෙකු පොලිස් ත්‍රස්ත විමර්ෂන අංශය විසින් අත්අඩංගුවට ගැනුනේ ඉහත පහරදීමට සැක සහිත බව පවසමිනි. සරසවියේ විභාගය ලියමින් සිටියදී නිරෝෂන් අත්අඩංගුවට ගනු ලැබුවේ සැකය සම්බන්ධයෙන් කිසිදු කරුනු ඉදිරිපත් කිරීමකින් තොරවයි. ඔහු සරසවිය තුල වාර්ගික ප්රකෝපකරනයන්ට සම්බන්ධ බවට ද ත්‍රස්ත විමර්ශන අංශයෙන් චෝදනා එල්ල විය.
යෝගරාජා නිරෝෂන් දින හතරකට පසු නිදහස් කෙරුනු නමුදු පහර කෑමට ලක් වූ සුදර්ශන් රෝහලේ සිට ප්‍රතිකාර ලබා අවසන් වනවාත් සමගම ත්‍රස්ත විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගැනුනි. පහරදීම සම්බන්ධව ඔහු ඉදිරිපත් කල පැමිනිල්ලේ ප්‍රශ්න හා සැක සංකා පවතින බව ප්‍රකාශ කරමින් ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා ගෙන සිටින සුදර්ශන් ප්‍රශ්න කිරීම්වලට භාජනය කෙරෙමින් පවතින බව පොලීසිය පවසයි.
මෙම සිසුන් දෙදෙනා අත් අඩංගුවට ගැනුනේ, සුදර්ශන්ට එල්ල කෙරුනු ප්‍රහාරය ඔහු විසින්ම සිදුකර ගත්තක් බවට හැඟෙන ප්‍රකාශයක් සබරගමු සරසවියේ උපකුලපතිවරයා විසින් නිකුත් කිරීමත් සමගය. ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපකුලපතිවරයා පැවසුවේ එය “තම නිවෙස්වලට සමීප සරසවියකට ඇතුලුවීම සඳහා, දෙමල සිසුන් කන්ඩායමක් විසින්ම නිර්මානය කර ගන්නා ලද සිද්ධියක් බව” තමා විශ්වාස කරන බවයි. උපකුලපතිවරයාගේ ප්‍රකාශය හා ඉන්පසුව සිදුවූ අත්අඩංගුවට ගැනීම් ඇතුලු සමස්ත කි‍්‍රයාදාමය පිරික්සූ විට මෙය සැලසුම් කල දේශපාලනික පියවරක් බව පැහැදිලිය.
උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක දඹුල්ලේ උත්සවයක් අමතමින් කල ප්‍රකාශයෙන් එය වඩාත් තහවුරු විය. සුදර්ශන් යුද්ධයේ අවසන් අදියරවල එල්ටීටීඊයේ සිටි ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බව හා පසුව ඔහු රාජ්‍ය හමුදා යටතේ පුනරුත්ථාපනය වු අයෙකු බව ඔහු පැවසීය. නම් නොකල “දකුනේ” දේශපාලන පක්ෂයකට ද ඇඟිල්ල දිගු කරමින් සරසවි තුල ජාතිවාදී ගැටුම් ඇවිලවීමේ කුමන්ත්රනයක් ක්‍රියාත්මක වන්නේ යයි දිසානායක ප්‍රකාශ කලේ ය.
දෙමල සිසුන් එල්ටීටීඊයට සම්බන්ධ බව පවසමින් සහ සිසුන් වාර්ගික ප්රකෝපකාරීන් ලෙස හංවඩු ගසමින් වාර්ගික ප්රකෝපකරනයකට අර අඳින්නේ සිසුන් නොව දිසානායක ඇතුලු රාජපක්ෂ තන්ත්රයයි. ශිෂ්‍යයන්ට ද අතිමූලික වශයෙන් කම්කරු පන්තියට ද එරෙහිව වාර්ගික භේදයන් ඇවිස්සීම ශී‍්‍ර ලංකාවේ ධනපති පාලක පන්තියේ සුපුරුදු පිලිවෙතයි.
වඩාත් නරුම වන්නේ තම සිරුරේ ඇති කැපීම් තුවාල සුදර්ශන් විසින්ම කර ගත්තක් වන බවට දිසානායක කරන සඳහනයි. මෙය රාජ්‍ය හමුදාවන්හි හෝ එහි මැර කල්ලිවල ප්රහාරයන්ට ලක්වූ මාධ්‍යවේදීන්ට, විරුද්ධ දේශපාලන කි්රයාධරයන්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව යොදා ගන්නා කුප්‍රකට තර්කයයි. ප්‍රහාරයට ලක්වූවන් වධ හිංසනයන්ට ලක් කොට ”තමා විසින්ම” තම සිරුරට හානි කරගත් බවට බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගැනීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය කුප්රකටය. සුදර්ශන්ගෙන් ද එවැනි ප්‍රකාශයක් ලබා ගනිමින් පවතින බව නිසැකය.
සුදර්ශන්ට පහර එල්ල වන දිනයේ දී නිරෝෂන් සරසවියේ නොසිටි බවත් දැන් හෙලිදරව් වී පවතින අතර ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග අදහස් දැක්වූ සබරගමු ශිෂ්‍යයන් ප්‍රකාශ කලේ සරසවිය තුල “සිංහල, දෙමල හා මුස්ලිම් සියලු දෙනා සහයෝගයෙන් සෑමදාම කටයුතු කර” ඇති බව හා ප්‍රදේශවාසීන් සමග ද එවැනිම සම්බන්ධයක් පවතින බවය. දෙමල සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සංවිධානය කෙරුනු පා ගමනට බහුතරයක් සිසුන් සහභාගිවීම මගින්ම එවන් වාර්ගික භේදකරනයක් ඔවුන් අතර නොමැතිබැව් පැහැදිලි වන බවත් ප්‍රහාරය බාහිරින් පැමිනි කන්ඩායමක් විසින් සිදු කරන ලද්දක් බවට සැක කරන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
ශිෂ්‍යයන් ප්‍රකාශ කරන්නේ පහරදීමට පෙර දිනවල සිට නේවාසිකාගාරය තුල දෙමල හා මුස්ලිම් ශිෂ්‍යයන්ට සරසවියෙන් පිටව යන ලෙසට මරන තර්ජනය එල්ල කල පෝස්ටර් අලවා තිබූ බව යි. සමස්ත සරසවියේ ම ආරක්ෂාව සඳහා යොදවා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ රක්නා ලංකා ආයතනය වන අතර පහරදීම සිදු වී ඇත්තේ එම ආරක්ෂක මුරකුටියක් ආසන්නයේ දීය.
ශිෂ්‍යයන්ට එරෙහි රාජ්‍ය මර්දනය සඳහා දඩමීමා කරගත් ප්රකෝපකාරී සිද්ධීන් බොහොමයකටම, හමුදාවේ සේවය කලවුන්ගෙන් සමන්විත මෙම සරසවි ආරක්ෂක අංශ වගකිවයුතු බවට සිසුහු චෝදනා කරති. සබරගමුව සරසවියේ දෙමල සංස්කෘතික සංසදයේ සභාපති දිනේෂ් දේවරාජා සන්ඩේ ලීඩර් පුවත්පතට ප්‍රකාශ කර තිබුනේ ‘පහරදුන් අය “කායිකව හොඳින් වැඩුනු පුද්ගලයන්” බවත් ඔවුන් “සරසවි ශිෂ්‍යන් නොවන බවත්” පහරකෑමට ලක් වු සුදර්ශන් තමන්ට ප්‍රකාශ කල බවයි.
නිරෝෂන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පිලිබඳව සොයා බැලීමට සමනල වැව හා බදුල්ල පොලිසිවලට ගිය සිසුන්ට ප්‍රකාශ කර ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගත්තේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් බවත් ඔහුව නැවත දැක ගැනීමට නොහැකි වන බවත් ය. ශිෂ්‍ය නායකයන් සහ ඔවුනගේ දෙමාපියන් බිය වැද්දීම පසුගිය කාලයේ ආන්ඩුව යොදා ගත් තවත් උපායකි. මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව මුලිකත්වය ගත් සබරගමුව ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ දෙමාපියන් සොයා ගිය පොලීසිය ‘දරුවා ගෙදර ගෙන්වා නොගත්තහොත් වසර පහකට හිරේ දමනවා’ යයි පවමින් ඔවුන් බිය ගන්වා තිබේ. එසේම අත්අඩංගුවට ගැනීම පිලිබඳව විමසීමට උපකුලපති හමුවට ගිය සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් උපකුලපති ඇතුලු සරසවි පරිපාලනය විසින් රඳවා ගෙන ඇති බවද වාර්තා වේ.
මෙම රුදුරු සිසු මර්දනයට යටින් පවතින්නේ සමස්ත අධ්‍යාපන අයිතියටම එල්ල කොට ඇති දරුනු ප්‍රහාරයයි. සබරගමුව සරසවිය ඊට කදිම නිදසුනක් සම්පාදනය කරයි. මෙය වැඩිවන ශිෂ්‍ය ඉල්ලුමට ප්‍රතිචාර ලෙස 1980 ගනන්වලින් පසු ලංකාවේ ඉදි වූ සරසවි හයෙන් එකකි. මේ කිසිදු සරසවියක් නිශ්චිත සැලැස්මකට අනුව ඉදි කරන ලද ඒවා නොවන අතර සබරගමුව සරසවිය පිහිටුවන ලද්දේ සමනලවැව ව්‍යාපෘතියේ අතහැර දමන ලද ගොඩනැගිලි කිහිපයකය.
ලංකාවේ පලාත් 9 නියෝජනය කරන සිසුන් 3000 ක් පමන මෙහි අධ්‍යාපනය ලබන අතර ඒ අතර ද්‍රවිඩ සිසුන් 250 ක් පමන සිටිති. එනමුදු පුස්තකාල පහසුකම් ඇත්තේ පීඨ දෙකක් සඳහා පමනි. දේශන ශාලාවන්හි හා ආචාර්යවරුන්ගේ බලගතු හිඟය හේතුවෙන් සමහර පීඨවල දේශන රාත්‍රී 7 දක්වා පැවැත්වෙයි. නිසි සනීපාරක්ෂක පහසුකම් හා ආරක්ෂාවක් නොමැති 40 ක් පමන වන බාහිර නේවාසිකාගාර සරසවියේ අවිධිමත්භාවයට ප්‍රධාන සාධකයකි.
පහසුකම් ඉල්ලා නිරතුරුව අරගලයට පිවිසෙන සිසුන්ට එරෙහි මර්දනය තීව්ර කරමින් වසර එකහමාරකට ආසන්න කාලයක සිට සරසවියේ ශිෂ්‍ය සංගමය හා පීඨ සංගම් තහනම් කොට ඇත. සිසුන් 7 ගේ පන්ති තහනම් කර සිසුන්ගේ සියලූ දේශපාලන හා සංස්කෘතික ක්‍රියාකාරකම්වලට වැට බැඳ තිබේ.
සබරගමුව ඇතුලු සරසවි සිසුන් මුහුන දෙන ඉහිලිය නොහැකි දුෂ්කර අධ්‍යාපන කොන්දේසි හා ඔවුනට එරෙහි රුදුරු මර්දනය පවත්නා රාජපක්ෂ ආන්ඩුවටත් සමස්ත ධනේශ්වර පද්ධතියටත් එරෙහි චෝදනා පත්රයකි.
බිඳවැටීමක් තුලින් ගමන් කරමින් සිටින ධනේශ්වර පද්ධතියේ අභ්‍යන්තර ගතිකය යොමුව පවත්නේ තුන්වන ලෝක යුද්ධයක් දෙසට හා සමාජ ප්රතිවිප්ලවයන් දෙසටය. රාජපක්ෂ තන්ත්රය ද ඇතුලු ලොවපුරා පාලක පන්තීන් මූල්‍ය ප්රාග්ධනයේ අවශ්‍යතාව මත සියලු සමාජ සුබසාධන විනාශ කරමින් මෙම සමාජ ප්රතිවිප්ලවයේ න්‍යාය පත්රයන් කි‍්‍රයාවට දමමින් සිටී.
මෙම ප්රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙමින් සිටින කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් මර්දනය කිරීමට පොලිස්‐මිලිටරි ක්‍රමවේදයන් මත වඩවඩාත් යැපෙන ආන්ඩුව කම්කරු පන්තිය භේද කරනු වස් වර්ගවාදයට අමතරව ආගම්වාදය ද යොදා ගනිමින් සිටී. දෙමල ජනතාවට එරෙහිව ගෙනගිය තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයෙන් පසු බොදු බල සේනා වැනි ෆැසිස්ට් පන්නයේ අත්තවාදී කන්ඩායම් මුස්ලිම් ජනයාට එරෙහිව පාරට බස්සවා ඇත්තේ ආන්ඩුවේ පිටුබලයෙනි.
අධිරාජ්‍යවාදී යුද ධාවනයේ දී, “ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ” කඩතුරාව යටතේ වර්ධනය කෙරුනු මිලිටරිවාදය ලොව පුරා පාලක පන්තීන් විසින් තම රටවල කම්කරු පීඩිත මහ ජනතාවන්ගේ අරගල තලා දැමීමට යහමින් යොදා ගනිමින් පවතී. ත්‍රස්තවාදය යලි හිස ඔසවමින් සිටින බවට රාජපක්ෂ ආන්ඩුව ගෙන යන ප්‍රචාරය පිටුපසින් පවතින්නේ මෙම සැලසුම් ය.
එසේ වුවද, පවත්නා ශිෂ්‍ය සංගම්, සිසුන් දේශපාලනිකව පසුගාමීත්වයේ ගිල්වා නිරායුද කර තැබීම මගින් ආන්ඩුවේ ප්‍රහාරවලට සහාය දෙමින් සිටිති. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) නායකත්වය යටතේ ක්‍රියාත්මක ශිෂ්‍ය සංගම් ‘ශිෂ්‍ය දේශපාලනය’ යන ප්‍රෝඩාව යටතේ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් මෙම සමාජ ප්රතිවිප්ලවය ආපසු හැරවිය හැකිය යන මිත්‍යාවේ සිසුන් හිර කොට තිබේ.
සබරගමුව සිද්ධිය මුල්කර ගනිමින් වාර්ගික භේදකරනයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන සබරගමු සරසවි ශිෂ්‍ය සංගමය සහ අවිශිබමය මෙහෙයවනු ලබන්නේ වර්ගවාදී යුද්ධයේ ලේ තවරා ගත් නායකයන්ගෙන් සමන්විත පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යි. පෙසප නායකයෝ, රාජපක්ෂ ආන්ඩුව විසින් දෙමල ජනතාවට එරෙහි යුද්ධය යලි පෙරට දමා අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධනයන්ට සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරද්දී එම යුද්ධයට පූර්න සහාය දැක්වු සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ කොටස්කරුවන්ව සිටියහ.
අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් සබරගමුව ශිෂ්‍ය සංගම් නායක රසිඳු ජයසිංහ ප්‍රකාශ කලේ වාර්ගික භේදකරනයන්ට එරෙහිව ‘මනුෂ්‍යත්වය සලකා විසඳුම් ලබාදිය යුතු’ බවයි. ”මනුෂ්‍යත්වයට” ආයාචනය කරමින් ඔවුන් යට ගසන්නේ බලගතු පන්ති ප්‍රශ්නයි. රාජපක්ෂ ආන්ඩුවේ වාර්ගික භේදකරනයන් පරාජය කර හැක්කේ ද අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ ද සිංහල හා දෙමල කතා කරන කම්කරුවන්, අවශේෂ පීඩිතයන් සහ තරුනයන් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත ඒකාබද්ධ කරමින් කම්කරු‐ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමෙන් පමනි.
Follow us on