කැලනි සරසවි සිසුන් තමා මුහුන දෙන රුදුරු සමාජ ආර්ථික කොන්දේසි අනාවරනය කරයි
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ වාර්තාකරුවන් විසිනි, 2014 අගෝස්තු 09
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන හා ශිෂ්‍ය අංශය වන, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ විශ්ව විද්‍යාල සාමාජිකයෝ පසුගිය දා කැලනිය, ජයවර්ධනපුර හා කොලඹ යන සරසවිවල ශිෂ්‍යයන් සමග ඔවුන්ගේ අධ්‍යාපන හා සමාජ ආර්ථික කොන්දේසි පිලිබඳව සාකච්ඡාවක යෙදී ගත්හ. ප්‍රමානවත් නොවන ශිෂ්‍යාධාර හමුවේ වේගයෙන් ඉහල යන ජීවන වියදමට මුහුන දීම සඳහා සරසවි සිසුන්් ගෙන යන කටුක අරගලයේ සැබෑ තතු එලිමහනට ගැනීමට මෙම සාකච්ඡාවන් සමත් විය.
රටපුරා ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල සංඛ්‍යාව පහලොවක් වන අතර අධ්‍යාපනය ලබන සමස්ත අභ්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව 60,000 ට අධිකය. බලයට පැමිනි සෑම ආන්ඩුවක් විසින්ම සිදු කරන ලද කප්පාදූන් හේතුවෙන් පරිහානියට පත්වෙන මෙම විශ්ව විද්‍යාල පද්ධතිය තුලට උසස් පෙල සමත් දහස් සංඛ්‍යාත සිසුන් අතරින් වසරකට ඇතුලත් කර ගැනේන්නේ විසිදහසක් පමන අඩු සංඛ්‍යාවකි.
සරසවි ශිෂ්‍යන්ගේ රුදුරු ජීවන කොන්දේසි ගම්බද හා නාගරික දිලිඳු ජනයාගේ ජීවන කොන්දේසි පෙන්නුම් කරන සාධකයක් වන අතර එය සමස්ත ධනේශ්වර සංස්ථාපිතයට එරෙහි චෝදනා පත්රයකි. දේශනශාලා, විද්‍යාගාර, පුස්තකාල, පරිගනකාගාර හා ආචාර්ය හිඟයට පවා සිසුන් මුහුන දී තිබෙන තත්වය තුල සරසවි සිසුන්ගෙන් සැලකිය යුතු කොටසක් නිසි අධ්‍යාපනයක් ලබනවා වෙනුවට තම දෙමාපියන්ට බරක් නොවීම සඳහා අර්ධ කම්කරුවන් බවට පත්ව තිබේ. ශිෂ්‍යයන්ට එරෙහි ආන්ඩුවේ අඛන්ඩ මර්දනය හා සිසුන් බලපෑම් දැමීමේ විරෝධතාවලට හිර කොට තිබෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) අවමංගත කිරීම් තිබියදීත්, සිසුන් වඩවඩාත් රැඩිකලීකරනය වෙමින් පවතින්නේ සිසුන් සැබැවින් මුහුන දී සිටින මෙම ඉහිලුම් නොදෙන සමාජ ආර්ථික කොන්දේසි හේතුවෙනි.
සසජාතශි නිරීක්ෂනයන්ට අනුව,
* ශිෂ්‍යයන්ගෙන් සියයට 50 ට වැඩි පිරිසක් අර්ධ කාලීන රැකියාවල නිරත වී සිටී.
* සමස්ත සරසවි ශිෂ්‍යන්ගෙන් නේවාසිකාගාර පහසුකම් හිමි වන්නේ සියයට 30 ක් පමන සුලු පිරිසකට පමනක් වන අතර එයද පලමු හා අවසන් වසර සඳහා පමනක් සීමා වේ.
* සරසවි ආපනශාලා මගින් සපයන ආහාර නිසි පෝෂනයෙන් සහ කිසිදු ප්‍රමිතියකින්තොර වන අතර ආහාරවල ගුනය නොතකා අනුභව කිරීමට හෝ කුසගින්නේ සිටීමට ඔවුනට බල කෙරී තිබේ.
කැලනිය සරසවිය
පීඨයන් 6 කට අයත් අධ්‍යනාංශ 44 ක විෂයයන් 60 ක් සඳහා සිසුන් 8000 ක් පමන අභ්‍යන්තරව අධ්‍යාපන කටයුතුවල යෙදී සිටී. ශිෂ්‍ය සංඛ්‍යාවට ප්‍රමානවත් තරම් භූමිය හා ගොඩනැගිලි නොතිබීම හේතුවෙන් තදබදයෙන් පිරී ගිය ප්‍රධාන සරසවියක් බවට මේ වන විට එය පත් වී තිබේ.
අනෙක් සරසවි බොහෝමයක මෙන්ම කැලනිය සරසවියේ ද අභ්‍යන්තර නේවාසිකාගාර ඇත්තේ අල්ප සංඛ්‍යාවකි. සරසවි පරිපාලනය විසින් ශිෂ්‍ය ඒකාබද්ධතාවය බිඳීම එල්ල කරගනිමින් පසුගිය වසරේ ශිෂ්‍යාවන් 1200 ක් පමන සිටි කන්නංගර නේවාසිකාගාරයෙන් ඔවුන් ඉවත් කොට ශිෂ්‍යයන් 400 පමන සිටි අභ්‍යන්තර නේවාසකාගාරයට මාරු කිරීමෙන් ශිෂ්‍යාවන් 800 ට පමන නේවාසිකාගාර අහිමි කලේ ය. මේ හේතුවෙන් ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර ප්රශ්නය තවත් උග්‍ර වී ඇති අතර බොහොමයක් දෙනා අවම පහසුකම් සහිත අධ්‍යාපනයට ලැබීමට කොහෙත්ම නොසුදුසු කුලී කාමරවල නතර වී සිටිති.
පහත පල වන්නේ කැලනිය සරසවි සිසුන් මුහුන දෙන කොන්දේසි පිලිබඳව ඔවුන් පලකල අදහස් කිහිපයකි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඉතිහාස අධ්‍යනාංශයේ ඉගෙනුම ලබන තුන්වන වසර ශිෂ්‍යාවක් : “මට මාසයකට රුපියල් දසදහසකට වැඩි වියදමක් යනවා. කෑම වියදමට අමතරව ෆොටෝ කොපි වියදම්, පොත් බඳින්න එක්ක අනිකුත් ලිපි ද්‍රව්‍යවලට සෑහෙන වියදමක් යනවා. මගේ කාමර කුලිය රුපියල් 2500 ක් වෙනවා. අඩි දහයේ දහයේ වගේ කාමරයක තුන් දෙනෙක් ඇඳන් දෙකක ඉන්නේ. පාඩම් කරන්න කියලා වෙනම පහසුකම් නෑ. මම සති අන්තයේ අමතර පන්ති පවත්වලා රුපියල් තුන්දහසක් පමන මුදලක් මාසයට හොයා ගන්නවා. ශිෂ්‍යාධාර මුදල කොහෙත්ම ප්‍රමානවත් නෑ. ආන්ඩුව අධිවේගී පාරවල් විතරක් හදලා හරි යන්නේ නෑ.”
කලමනාකරන පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙක් අදහස් දක්වමින් කියා සිටියේ ඔහු පසුගිය දිනවල ලංකාව හා දකුනු අප්‍රිකාව අතර පැවැත්වුනු ක්‍රිකට් තරගවල ජනප්‍රිය බීම වර්ග වෙලඳාම් කිරීමේ නිරත වුන බවයි. දිනකට රුපියල් දහසක මුදලක් ලැබුන බවත් එම රැකියා සොයා ගන්නේ කුඩා කොන්ත්‍රාකරුවන් මාර්ගයෙන් බවත් ඔහු පැවසීය. “තැනයි වෙලාවයි කියලා වැඩට අවශ්‍ය සංඛ්‍යාව කිව්වාම අපි යනවා. එහෙම නැතිව අපිට ජීවත් වෙන්න බෑ.”
රත්නපුර හා අවිස්සාවේල්ල ප්‍රදේශවල සිට පැමිනි පලමු වසර හා දෙවන වසරවල සිසුන් කන්ඩායමක් පැවසුවේ පසු ගිය මාසයේ විවාහ උත්සවවල ආහාර බෙදීම (කේටරින්) මගින් රුපියල් 5000 බැගින් සොයා ගත් නමුත් මේ මස විභාග කටයුතු නිසා අමතර ආදායමක් සොයා ගැනීමට කාලය නොමැති බවයි. “ඒ හොයාගත්තු සල්ලි දැන් ඉවර වෙලා. යාලුවෙක්ගෙන් නයට අරං මේ මාසේ ගෙවන්නේ. ආයේ පාට් ටයිම් කරලා තමයි ඒ නය ගෙවන්නේ. දේශන පාඩු උනත් වැඩ තිබුනොත් අපි යනවා. පස්සේ සටහන් සොයා ගන්නවා.”
මාතර සිට පැමිනි ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ තුන්වන වසර ශිෂ්‍යාවක් සිය ගැටලු මෙසේ ඉදිරිපත් කලා ය. “ඇත්තටම මගේ වියදම හැම මාසයකම රුපියල් 15000 ක් ඉක්මවනවා. අම්මා පාසල් ගුරුවරියක්. ඇය සති දෙකකට වරක් රුපියල් 8000 ගානේ බැංකුවට දානවා. ඒත් සමහර මාසවලට මදි වෙනවා. ශිෂ්‍යාධාර දෙන විදිය හරිම අසාධාරනයි. අම්මා රජයේ සේවකයෙක් නිසාත් මගේ අයියලා දෙන්නා විවාහකව සිටීම නිසාත් මට මහපොල ශිෂ්‍යාධාරය ලැබුනේ නෑ. මගේ ගම මාතර වෙලත් මට මුලින් හොස්ටල් ලැබුනෙත් නෑ. දැන් මගේ බෝඩිමට කෑම බීම නැතිව රු. 2800 ක් යනවා.”
ඇගේ ජීවිත කාලය තුල චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂගේ ආන්ඩු පාලනයේ යෙදී ඇති නමුත් කිසිවෙකු මහජනයාගේ ප්‍රශ්න විසඳා නොමැති බව ඇය පැවසුවාය. “ දැන් රාජපක්ෂ කියනවා රට සංවර්ධනය කරලා කියලා. අධි වේගී මාර්ග එයා පෙන්නනව. නමුත් ඒ සංවර්ධනය අපේ සංවර්ධනය නෙමේ. ඒවයෙ ප්රතිලාභ ලැබෙන්නෙ තියෙන අයටමයි. රටේ අසමානතාවය වැඩි වෙලා. මම කොහොම හරි වියදම් දරාගෙන ඉගෙන ගන්නවා. මම දන්න නිකවැරටිය පැත්තේ ලමයෙක් විභාගයට සතියක් තියලා තමයි සටහන් හොයාගෙන පාඩම් කරන්න ගන්නෙ. ඒ තරම් ඒ අය බාහිර රැකියාවල යෙදිලා ඉන්නේ.”
ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කල ඇය මෙසේ පැවසුවාය. “ශිෂ්‍යන්ගේ ප්‍රශ්න ඉස්සරහට දාලා ශිෂ්‍ය සංගම් ලමයිගෙන් මහජනයාගෙන් සල්ලි එකතු කරනවා. නමුත් ඒවාට මොනවා වෙනවාද කියලා කිසිදු විනිවිද භාවයක් නෑ. අලුත් ලමයි සමාජවාදය කියලා හිතන්නේ අවිශිබමය කරන වැඩ. සමාජවාදය විනාශ කරන්නයි ඔවුන් වැඩ කෙරුවේ.”
වියදම් අඩු කර ගැනීම සඳහා බොහොමයක් ශිෂ්‍යාවන් කන්ඩායම් වශයෙන් එකතු වී ආහාර පිලියෙල කර ගැනීම සිදු කරන බවත් ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හාල් පොල් ආදිය තම නිවෙස්වලින් රැගෙන එන බව තවත් ශිෂ්‍යාවක් ප්‍රකාශ කලා ය.
මාතර සිට පැමිනි කැලනිය සරසවියේ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු කියා සිටියේ කැන්ටිමේ කෑම කා තම ශරීරය කෙසඟ වී ඇති බවයි. “බඩගින්න දැනුනත් අපි ට කැන්ටීමේ බාල කෑම එක ඇරෙන්න වෙන දෙයක් කන්න සල්ලි නෑ. ඒ කෑම එකේ හරි විදියකට පලා වර්ගයක් වත් නෑ. මේ දවස්වල හොස්ටල් එකේ ඉඳන් පාඩම් කරන නිසා කෑමවලට යන වියදම වැඩියි. එලියේ කෑම එකක් එකසිය පනහක් විතර වෙනවා. වැඩි වශයෙන් කැන්ටීමේ කෑම කාලා අවම විදිහට කාලා ඇඳලා වියදම් කරලා මාසයකට රුපියල් 7000 ක් විතර මට යනවා. මගේ තාත්තා නැති නිසා මගේ මාමලා තමා මටයි අම්මටයි වියදම් කරන්නේ.”
විද්‍යා පීඨ ශිෂ්‍යයන්ගේ පැමිනීම සියයට 80 ට අඩු වුවහොත් විභාගයට පෙනී සිටීමට ඉඩ නොදෙන බැවින් අර්ධ කාලීන රැකියා කිරීමේ හැකියාව ඔවුනට නොමැති බව ඔහු පැවසීය.
තම පීඨයේ ශිෂ්‍ය සංගමය සම්බන්ධයෙන් ඔහුගේ අදහස මෙසේ විය: “අපේ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය තිබුනට මොකුත් කරන්නේ නෑ. කලා හා කලමනාකරන පීඨවල ක්‍රියාත්මක අවිශිබමය සම්බන්ධ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන විරෝධතාවලට ගියොත් අපිට විද්‍යා සංගමයෙන් චෝදනා කරනවා. මේ පීඨ දෙක දැන් සෑහෙන කාලයක ඉඳලා බෙදිලා ඉන්නේ.”
වැඩිමනත් කාලයක් අධ්‍යන කටයුතුවල නිරත වන බැවින් පුවත්පත් කියවීම අඩුව ඇති නමුත් ඉඩ ලැබුනු මොහොතක රටතොට පිලිබඳ දැනුමට සිත යොදවන බව ඔහු තවදුරටත් පැවසීය: “ඊස්රායල් හමුදා පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කරලා කියලා මම නිව්ස්වලට දැක්කා. මේ ප්‍රහාරය මම හෙලා දකිනව. සිරියාවේ යුද්ධෙදී හා ලිබියාවේ දී කැරලි කන්ඩායම්වලටත් අල්කයිඩා එකටත් ඇමරිකාව අවි සැපයුව. ඇමරිකාව ගෙන යන ත්රස්තවාදයට එරෙහි ලෝක යුද්ධය බොරුවක්.”
තවත් ශිෂ්‍යයෙක් ප්‍රකාශ කලේ තම පියා වඩු කාර්මිකයෙක් බැවින් තම අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවයි. කේටරින් වැඩ, කඩ සාප්පුවල ගිනුම් ශේෂ පරික්ෂා කිරීම, අත් පති‍්‍රකා බෙදා හැරීම, වෙලඳ ප්‍රදර්ශනවල හා සුපිරි වෙලඳසැල්වල වෙලඳ ප්‍රවර්ධන කටයුතුවලට සහභාගී වීම වැනි වැඩවල නිරත වෙමින් තම වියදම් සොයා ගන්නා බව ඔහු පැවසීය.
ශිෂ්‍ය සටන් මත ලැග සිටින අවිශිබමය ගෙන යන මිත්‍යාවන්ගේ බලපෑමට හසුව සිටි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශිෂ්‍යන් මුහුන දී තිබෙන නේවාසිකාගර, ශිෂ්‍යාධාර වගේ ප්‍රශ්න ජය ගැනීමට සමාජවාදය අවශ්‍ය නැති බවත් ධනවාදය යටතේම උද්ඝෝෂනය කොට දිනා ගත හැකි බවය.
කැලනිය සරසවියේ නේවාසිකාගාර ඉල්ලා ගෙන ගිය සිසු අරගලය මධ්‍යයේ ආන්ඩුව උපාමාරුවක් ලෙස සිසුන් 80 ට පමනක් ප්‍රමානවත් බාහිර ගොඩනැගිල්ලක් ලබා දුන් අතර සිය ගනනක් සිසුන්ගේ නේවාසිකාගාර ප්රශ්නය එසේම තිබියදී අවිශිබමය එය ජයග්රහනයක් ලෙස කරපින්නා ගත්තේ ය. නව ව්‍යාජ වාම පක්ෂයක් වන, ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන අවිශිබමය ආන්ඩුව ලබා දෙන මෙම සීමිත සහන විශාල ජයග්රහන සේ හුවා දැක්වීමක නිරත වී සිටින්නේ ආන්ඩුවේ පුලුල් ප්‍රහාරවලට පාර කපා දීම සඳහාත් ශිෂ්‍යයන් අතර තම ග්රහනය රඳවා ගැනීම සඳහාත් ය.
Follow us on