වැලිවේරිය උද්ඝෝෂනය මැඩීමේ හමුදා කි‍්‍රයාන්විතයට සහ ඝාතනවලට වගකිව යුත්තෝ කවරහු ද?
සංජය ජයසේකර (සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජික හා නීතිඥ), 2014 ජූලි 20
ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.
එම අවස්ථාවට මෙම ප‍්‍රදේශයන්හි පලාත්වාසීන්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සසප නියෝජිතයන් ද ඇතුලු පිරිසක් සම්බන්ධ විය. මෙම පරීක්ෂනයේ “වැලිවේරිය උද්ඝෝෂනය මැඩීමේ හමුදා කි‍්‍රයාන්විතයට සහ ඝාතනවලට වගකිව යුත්තෝ කවරහු ද?” මැයෙන් සංජය ජයසේකර ඉදිරිපත් කල වාර්තා ව මෙහි දැක්වේ.මෙය තුන්වැන්නයි.පලමු වැන්නට හා දෙවැන්නට පිවිසීම සඳහා මෙතැනින්. අනුපිලිවෙලින් අනෙකුත් වාර්තා ද පලකරමු.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් මෙහෙයවෙන ස්වාධීන කම්කරු පරීක්ෂනයට මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ 2013 අගෝස්තු මස 01 දින වැලිවේරිය සහ රතුපස්වල යන ප‍්‍රදේශවල දී පිරිසිදු ජලය ඇතුලු ඉල්ලීම් ඉල්ලා ප‍්‍රදේශයේ වැසියන් කල විරෝධතා මැඩීමට ශ‍්‍රී ලංකා හමුදාව විසින් සන්නද්ධ හමුදාව යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙනි. හමුදා මෙහෙයුමේ දී වෙඩි තැබීම නිසා ශිෂ්‍යයන් දෙදෙනෙකු ඇතුලු තරුනයන් තිදෙනෙකු මිය ගිය අතර මාධ්‍යවේදීන් ඇතුලු 40කට ආසන්න ප‍්‍රමානයක් බරපතල ලෙස තුවාල ලැබූහ. මෙම වාර්තාව මගින් එකී සිද්ධියට අදාල පහත ප‍්‍රශ්නවලට පිලිතුරු ලබා දෙනු ඇත:
1. උද්ඝෝෂනයේ යෙදුනු ජනයා මර්දනය කිරීම සඳහා සන්නද්ධ හමුදා මෙහෙයුමක් කි‍්‍රයාත්මක කිරීමට අන දුන්නේ කවුද?
2. අකිල දිනේෂ් ජයවර්ධන, රවිශාන් පෙරේරා සහ නිලන්ත පුෂ්පකුමාර යන තරුනයන්ගේ මරනවලට වගකිව යුත්තෝ කවරහු ද?
පසුබිම
අගෝස්තු 01 දින වැලිවේරියේදී සිදුකල ඝාතනයන් දක්වා සිද්ධීන් පෙල ගැස්ම:
01. 2013 අගෝස්තු මස 01 වන බ‍්‍රහස්පතින්දා වැලිවේරිය සහ රතුපස්වල ප‍්‍රදේශයන්හි ජනතාව නොකඩවා තුන් වන දිනයටත් මෙම නගර මධ්‍යයෙහි උද්ඝෝෂනයේ නිරත වූයේ රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන වෙනිග්‍රොස් කම්හල වහා වසා දමන ලෙසත් පිරිසිදු ජලයත් ඉල්ලමිනි. අදාල දිනයේ 5,000ක් පමන ජනයා නව නුවර ප‍්‍රධාන මාර්ගයේ වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල යන ස්ථානවල ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයේ නිරත වෙමින් සිටි අතර විසිර යන ලෙස පොලීසිය කල නියෝග පිලිගත්තේ නැත. උද්ඝෝෂකයන් සමන්විත වූයේ ගල්ලොලුව, නැදුන්ගමුව, රතුපස්වල, ඌරුවෙල, කතුරුවත්ත, කිරිකිත්ත හා අම්බරලූව යන අසල ප‍්‍රදේශවලින් පැමිනි නිරායුධ ගැහැනුන්, පිරිමින් හා ලමුන්ගෙනි.
02. අගෝස්තු 1 දින සවස දහසක් පමන පොලීසියත් පූර්න ලෙස සන්නාහ සන්නද්ධව ටී-56 තුවක්කු දරා ගත් යුද හමුදා සෙබලුන් 400ත් 1,000ත් අතර ප‍්‍රමානයකුත් වැලිවේරිය ප‍්‍රදේශයේ උද්ඝෝෂනය මැඩීම සඳහා යොදවා තිබිනි. සවස 2 පමන වන විට හමුදාවේ මෝටර් සයිකල් විශේෂ බලකායේ සෙබලුන් බැලුම්මහර නගරය වෙත පැමිනි අතර ඒ සමග ම විසිර යන ලෙස පවසමින් ඔවුහු විරෝධතාකරුවන්ට අඩන්තේට්ටම් කලහ.
03. ඉන් පැය දෙකකට පමන පසු උද්ඝෝෂනය මැඩ පැවැත්වීම සඳහා තවත් භට කන්ඩායමක් වැලිවේරිය ප‍්‍රදේශයට යවා තිබිනි. මුල දී උද්ඝෝෂකයන් විසිර යාම ප‍්‍රතික්ෂේප කල නමුදු පසුව හමුදා සේනාංකයේ අන දෙන නිලධාරි බි‍්‍රගේඩියර් දේශපි‍්‍රය ගුනවර්ධන මිනිත්තු පහකින් විසිර යා යුතු බවට වැලිවේරියේදී නියෝග කිරීමත් සමග මහජනයා ඊට එකඟ වුනි. එහෙත් එසැනින් ම හමුදා භටයෝ උද්ඝෝෂකයන් පසෙකට තල්ලු කරමින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් අහසටත් ජනයාටත් වෙඩි තැබීමට පටන් ගත්හ. පලා යන උද්ඝෝෂකයන් ලුහුබඳිමින් වෙඩි තැබූ හමුදාව පහර දීම සඳහා පොලු, කඳුලු ගෑස් හා ජල විදින රථ ද යොදා ගත්හ.
04. වෙඩි තැබීම සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත‍්‍රාත් උසාවියේ කෙරුනු විමර්ශනය තුල දී වැලිවේරියේ විරෝධතාවට එදින මුලුල්ලේ ම සහභාගි වූ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන ජූඩ් නිශාන්ත පෙරේරා ඉහත සිද්ධිය විස්තර කරමින් පහත කරුනු කියා පෑවේ ය:
“අපි ගිලන් රථ හා පාසල් වාහනවලට යන්න ඉඩ දුන්නා. පොලීසියත් පාරවල් වහල යි තිබුනේ. සවස 5ට විතර අපිට දැන ගන්නට ලැබුනේ යුද හමුදාව බැලුම්මහරේ දී මිනිස්සුන්ට ගහල පන්නපු බව. 1,000ක විතර හමුදා භටයනුත් එක්ක (පස්සේ මම නම දැන ගත්ත විදියට) බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුනවර්ධන වැලිවේරියට පැමිනියා. බි‍්‍රගේඩියර් ජනතාව ඇමතුවා. අපි දැක්කා හමුදා භටයන් විසින් මාධ්‍යවේදීන් ඉවතට අර ගෙන යනවා. මට ඇහුනා බි‍්‍රගේඩියර් කිව්වා වතුර ප‍්‍රශ්නේ විසඳෙයි ඒ නිසා වහා ම විසිර යන්න කියලා. පිරිසෙන් එක අයෙක් ඉල්ලා සිටියා විසිර යෑම සඳහා විනාඩි දහයක් දෙන්න කියලා. නිලධාරියා කිව්වා කිසි ම වෙලාවක් දෙන්නේ නෑ කියලා. ඒ සමග ම ඔහු කෑ ගහලා කිව්වා ‘ගහපියව්’ කියලා. එතකොට ම හමුදාව පොලුවලින් මිනිස්සුන්ට ගහන්න පටන් ගත්තා. හමුදා භටයන් ලයිට්වලට වෙඩි තිබ්බා. ඒත් එක්ක ම පලාත ම අඳුරු වුනා. මම බිල්ඩිමකට නැග ගත්තා. ඒත් මම බිල්ඩිමෙන් බැස්ස ගමන් මට වෙඩිල්ලක් වැදුනා. මම අමාරුවෙන් ගෙවල්වල මිදුල් උඩින් පැනල ගෙදරට ගියා. තුවාලයෙන් ලේ ගලමින් තිබුනත් ගම්පහ ඉස්පිරිතාලෙට යන්න මට පසු දා පාන්දර වෙනකම් ඉන්න සිදු උනා.”
05. තවත් වැලිවේරියේ සිද්ධිය ඇසින් දුටු තවත් සාක්ෂිකරුවෙකු වන මර්වින් රෝයල් ස්වාධීන කම්කරු පරීක්ෂනයට සාක්ෂි දෙමින් හා ජූඩ් නිශාන්තගේ සාක්ෂිය සනාථ කරමින් කියා සිටියේ බි‍්‍රගේඩියර්වරයා පිරිස ආමන්ත‍්‍රනය කිරීමෙන් පසුව ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් පැමිනි බවත් ඔහු එයට පිලිතුරු දුන් බවත් ය. පහර දෙන ලෙස නියෝගය දෙනු ලැබ තිබුනේ ඉන් අනතුරුව ය. ඒ අනුව මර්වින් කියා සිටියේ වෙඩි තැබීම හා බි‍්‍රගේඩියර්වරයාට ලැබුනු දුරකථන ඇමතුම අතර දැඩි සම්බන්ධයක් තිබිය යුතු බව යි.
06. අගෝස්තු 3 වන ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කලේ ඉහත ප‍්‍රහාරය එල්ල කිරීමට පෙර හමුදා බි‍්‍රගේඩියර්වරයා ජනමාධ්‍යයන්ට මෙසේ අනතුරු ඇඟවූ බව යි: “අපි පිරිස විසුරුවා හරින විට ඡායාරූප ගැනීමට වත් වීඩියෝ කිරීමට වත් උත්සාහ කරන්න එපා. එහෙම කලොත් අපි ඔබලාගේ කැමරා කුඩු කරනවා.”
07. ප‍්‍රහාරය සිදු වන අතරතුර වැලිවේරිය ශාන්ත අන්තෝනි පල්ලියට ආරක්ෂාව පතා ගිය විරෝධතාකරුවෙකු සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ “පල්ලිය ඇතුලේ සිටි අයට දරුනු ලෙස පහර දුන්නා, හැම තැන ම ලේ විසිරුනා, මට තුවක්කු මිටෙන් පහර දුන්නා” යනුවෙනි. එක් විරෝධතාකාරියක පුවත්පතට ප‍්‍රකාශ කර තිබුනේ හමුදා භටයන් මුගුරු අතැතිව කාන්තාවන් කන්ඩායමක් ලුහුබඳිනු ඇය දුටු බව යි. “එවිට තරමක් අඳුරු වුවත් කාන්තාවකගේ හිසින් ලේ වෑහෙනව මට දැක ගන්න පුලුවන් වුනා. මගේ ජීවිතයේ වඩාත් ම බියකරු ම අත්දැකීම එය යි” ඇය ප‍්‍රකාශ කොට තිබුනි.
08. ලෝසවෙඅ වාර්තාකරුවන්ට කතා කරමින් තවත් කාන්තාවක් හමුදා පහර දීම ගැන තම පිලිකුල ප‍්‍රකාශ කලා ය: “වෙඩි වැදිච්ච අය වැටුන ම ඒ ගොල්ලන්ව පයින් පෑගුව. තුවාල වෙච්ච අයට එහෙම කරන්නෙ ඇයි. මැරිච්ච ලමය වත් පාගල තියෙනවා. වෙඩි වැදිච්ච එක් කෙනෙක්ව බිම දිගේ ඇද ගෙන ගිහිල්ලා ගහලා වෙඩි තිබ්බ නේ කිසි ම හිතක් පපුවක් නැතිව.”
09. හමුදා ප‍්‍රහාරයේ ම්ලේච්ඡ ස්වභාවය පල්ලිය තුල දී සිදු කල ප‍්‍රහාරයේ අමානුෂික භාවයෙන් ද මනාව පැහැදිලි වේ. හමුදාව පල්ලියේ පූජකතුමාට ද පහර දී තිබූ අතර කන්‍යා සොයුරියන් සිටින පරිශ‍්‍රයට කඩා වැදී ආරක්ෂාව පතා අභ්‍යන්තරයේ සැඟවී සිටින අය එලියට දමන ලෙස නියෝග කරමින් කන්‍යා සොහොයුරියකට තර්ජනය කලහ. ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සන්ඩේ ටයිම්ස් පුවත්පතට කීවේ කිසිවෙකුට හානියක් නොකරන ලෙස ඉල්ලා කෑ ගැසූ කන්‍යා සොයුරියගේ පපුවට සොල්දාදුවෙකු රයිෆලය තැබූ බව යි. “කවුද උඹලව දැන් බලා ගන්නේ. අපි කොටිත් පැරැද්දුවා. උඹලාගෙන් පලක් නැහැ” යනුවෙන් හමුදා භටයා කෑ ගසා තිබිනි.
10. එම ප‍්‍රදේශය සහ පල්ලිය විමර්ශනය කිරීමට ගිය ලෝසවෙඅ වාර්තාකරුවන්ට ලේ පැල්ලම්, කැඩී ගිය සෙරෙප්පු, සපත්තු සහ පල්ලි පරිශ‍්‍රයේ උන්ඩ මගින් සිදුරු කරන ලද බිත්තිවල තිබූ එකී සාක්ෂි සොයා ගත හැකි විය. සමහර ගම්මුන් භූමියේ වැටී තිබූ කඳුලු ගෑස් කොපු භාර දුනි.
11. උද්ඝෝෂනයට සහභාගි නොවූ ඉදි කිරීම් අංශයේ කම්කරුවෙකු වන පේ‍්‍රමලාල් පෙරේරා ස්වාධීන කම්කරු පරීක්ෂනයට සාක්ෂි දෙමින් පල්ලිය තුල දී තමන් මුහුන දුන් ප‍්‍රහාරය විස්තර කලේ ය:
“වැඩ අවසන් කර ගෙදර එන විට පොලීසිය මහජනයාට පහර දෙමින් සිටියා. පහර දීමෙන් බේරෙන්න මම පල්ලියට දිව ගියා. එවිට පල්ලියටත් කඩා වැදුනු හමුදාව එතනට ආරක්ෂාවට පැමින සිටි ජනතාවට පහර දුන්නා. මට එලව එලවා පහර දුන්නා. හමුදා භටයන් 20ක් විතර මාව වට කර ගෙන පහර දුන්නා. පහර කෑම නිසා මගේ කන් අඩි පැලිලා තියෙන්නේ. ඒක කවදා වත් හදන්න බෑ කියල වෛද්‍යවරු කිව්වා. මම මේසන් වැඩ කරන කෙනෙක්. මේ හේතුව නිසා මට දැන් සාමාන්‍ය විදියට වැඩ කරන්න බෑ. හිටි ගමන් කැරකිල්ල එනවා.”
12. විරෝධතාවට සහභාගි වී සිටි හා හමුදාව විසින් පල්ලිය තුල දී කල පහර දීමට ලක් වූ තවත් කාන්තාවක් තම චෝදනාව මෙසේ ප‍්‍රකාශ කලා ය: “මම වැඩ ඇරිලා එන කොට තමයි පහර දුන්නේ. ගෙදර එන්න බැරිව මම පල්ලියෙ කොටු වෙලා හිටියා. නමුත් එහාටත් ඇවිත් පහර දුන්නා. දැන් අපිට හිතා ගන්න පුලුවන් කොයි විදිහට ද උතුරෙ දෙමල මිනිස්සුන්ට පහර දෙන්න ඇත්තේ කියලා. යුද අපරාධ ගැන චෝදනා හරි කියලා දැන් අපිට හිතෙනවා.”
තිදෙනෙකු ඝාතනය කිරීම:
13. “ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ” නම් සංවිධානයට කරුනු දක්වමින් වැලිවේරියේ සිද්ධිය ඇසින් දුටු තවත් සාක්ෂිකරුවෙකු හෙලිදරව් කර තිබුනේ බෆල් රථවලින් පැමිනි හමුදාව වෙඩි තැබීමේ දී මිය ගිය රවිශාන් පෙරේරා හට වෙඩි වදිනු තමන් දුටු බව ය:
“හමුදාව අපි දෙසට වෙඩි වර්ෂාවක් තිබ්බා. අපි බොහොමයක් දෙනා ආරක්ෂාවට වැලිවේරියේ හෙලන්වත්ත දෙසට දුව ගියා. වෙඩි උන්ඩ දෙකකින් මම බේරුනත් මගේ තාත්තාට ඒවා වැදුනා. තුන් වෙනි වෙඩිල්ල රවිශාන්ට වැදුනා. අපිට අමාරුවෙන් ඔහු ලඟ ම තිබුන ලන්දට අර ගෙන යන්න පුළුවන් උනා මම දැක්කා පතොරම ඔහුගේ නලලින් ඇතුල් වෙලා හිස් කබලේ පිටිපසින් එලියට ඇවිත් තිබුන බව. අපි ඔහු රදාවාන ග‍්‍රාමීය රෝහලට අර ගෙන ගියා. ඒත් මම දැන ගෙන හිටියා ඒ වෙන කොටත් ඔහු මිය ගොස් බව.”
14. උද්ඝෝෂනයට සහභාගි නොවුන නමුත් වෙඩි වැදී මරනයට පත් වූ අකිල දිනේෂ් ජයවර්ධනගේ මව වන ප‍්‍රියංගිකා ශිරෝමනී ජයවර්ධන මහේස්ත‍්‍රාත් පරීක්ෂනයේ දී කියා තිබුනේ හමුදාව දිගට ම විරෝධතාකරුවන් සොයා කල සෝදිසි මෙහෙයුම හා වෙඩි තැබීම නිසා බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ තමන් ගෙදර නොපැමිනි දරුවා සොයා එලියට යාමට සැරසෙන විට අසල්වාසීන් එය වැලැක්වූ බව යි.
15. මෙම වෙඩි තැබීම නිසා පිලිවෙලින් 17 සහ 18 වියෙහි පසු වූ අකිල දිනේෂ් ජයවර්ධන සහ රවිශාන් පෙරේරා මිය ගියහ. ජයවර්ධන යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේ 12 ශ්‍රේනියේ ශිෂ්‍යයෙකු වූ අතර වෙඩි තැබීම නිසා පලමුව මිය ගියේ ඔහු යි. පෙරේරා උඩගම්පොල ශාන්ත පීටර්ස් විද්‍යාලයේ උසස් පෙල ශිෂ්‍යයෙකු වූ අතර හිසට වැදුනු වෙඩි පහර හේතුවෙන් කොලඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අගෝස්තු 3 වන දින මිය ගියේ ය. අවුරුදු 29ක් වයසැති බියගම නිදහස් වෙලඳ කලාප කම්කරුවෙකු වූ නිලන්ත පුෂ්පකුමාර මිය ගියේ ශාන්ත අන්තෝනි පල්ලිය තුල දී හමුදාව විසින් ඔහුට ම්ලේච්ඡ ලෙස පහර දීම නිසා හිසට වූ තුවාල හේතුවෙන් බව පශ්චාත් මරන පරීක්ෂනයේ දී තහවුරු විය. මාස් සමූහ ව්‍යාපාරයට අයත් ස්ටේරට්ච්ලයින් සමාගමේ සේවය කල නිලන්ත ගම්පොල පදිංචිකරුවෙකු වූ අතර වැලිවේරිය ප‍්‍රදේශයේ කුලී නිවසක සිට රැකියාවට ගියේ ය. මිය යන විට ඔහු එක් දරු පියෙකි.
උද්ඝෝෂනය මර්දනය කිරීම සඳහා හමුදාව යෙදවීම, වෙඩි තැබීම හා ඝාතනවල අර්ථභාරය
16. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා තම හමුදා භට කන්ඩායම් යෙදවූ බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුනවර්ධන මාධ්‍යයට කතා කරමින් විරෝධතාවේ යෙදී සිටි ජනතාව වෙත ජීව උන්ඩවලින් වෙඩි තැබීමට අන කල බව පිලිගත්තේ ය.
17. හමුදා බි‍්‍රගේඩියර්වරයා කියා සිටියේ උද්ඝෝෂකයන් අතරින් යමෙකු හමුදාව දෙසට වෙඩි කිහිපයක් තබනු දුටු බවත් ඒ අනුව ඔහු තමන්ගේ සෙබලුන් සිව් දෙනෙකුට එම වෙඩි උන්ඩ පැමිනි දෙසට වෙඩි තැබීමට අන කල බවත් ය. හමුදාව දෙසට වෙඩි තැබීම සඳහා යොදා ගත්තා යැයි කියන ටී-56 තුවක්කු කිසිවක් සොයා ගෙන නැත. බි‍්‍රගේඩියර්වරයාගේ ප‍්‍රකාශය හමුදා වෙඩි තැබීම යුක්ති සහගත කිරීමට ගොතන ලද බොරුවකි.
18. ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රකාශ කලේ කර්මාන්ත ශාලාව ආරක්ෂා කිරීම සඳහාත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහාත් හමුදාව යොදවා තිබූ බව යි. “පොලිස්පතිවරයා විසින් ආරක්ෂක මාන්ඩලික ප‍්‍රධානි වෙත කරුනු දක්වමින් කර්මාන්ත ශාලාව වෙත ආරක්ෂාව සැපයීම සඳහා අවශ්‍ය හමුදා නිලධාරීන් ලබා ගැනීමට පියවර ගත්තා. අතිගරු ජනාධිපතිතුමා විසින් මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කරන ලද 2011/09/06 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍ර අංක 1722/17 මගින් ගම්පහ පරිපාලන දිස්ත‍්‍රික්කයේ මහජන සාමය හා නීතිය ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා යුද හමුදාවට බලය පවරනු ලැබ තිබුනා” යැයි නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශ කලේ ය.
එකී අතිවිශේෂ ගැසට් පත‍්‍ර අංක 1722/17හි අන්තර්ගත නියෝගය වැලිවේරිය වෙඩි තැබීමට යන්තම් මසකට පමන පෙර 2013.07.03 දින මහජන ආරක්ෂක ආඥා පනත යටතේ නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් පත‍්‍ර අංක 1817/31හි අන්තර්ගත ය.
බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වී වසර දෙකකුත් මාස හතරකට පසු 2011 සැප්තැම්බර් මාසයේ මුලු රටේ ම දිස්ති‍්‍රක්ක 25කට බලපාන පරිදි ආරක්ෂක හමුදා කැඳවීමේ නියෝගය නිකුත් කිරීම උතුරෙන් පමනක් නොව දකුනේද හමුදා බලය යෙදවීමේ ආන්ඩුවේ දුෂ්ට සූදානම පැහදිලි කරයි
19. උතුරු-නැගෙනහිර යුද්ධයට පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව රට තුල “ආර්ථික යුද්ධයක්” දියත් කරන බව ප‍්‍රකාශයට පත් කලේ ය. එහි තේරුම වූයේ කම්කරු පන්තියේ හා දුගීන්ගේ අයිතීන් කපා හෙලන මහ ධනපතියන්ට හා විදේශ ආයෝජකයන්ට වරප‍්‍රසාද පුදන “යුද්ධයක්” දියත් කරන බව යි. කටුනායක නිදහස් වෙලඳ කලාපයේ 40,000ක් කම්කරුවන් විශ‍්‍රාම වැටුපකට තම පඩිපතින් මුදල් කපා ගැනීමට විරුද්ධව වෘත්තීය සමිති ද නො තකා 2011 මැයි 31 දා දියත් කල ක්ෂනික වැඩ වර්ජනය කැරලි මර්දන පොලීසිය දමා රොෂාන් චානක නමැති කම්කරුවා වෙඩි තබා මරා තවත් ගනනාවකට තුවාල කර ප‍්‍රචන්ඩ ලෙස මැඩලනු ලැබින. ආන්ඩුව බියපත් වූයේ යුද්ධයේ බරට ද කප්පාදු වැඩ පිලිවෙලට ද විරුද්ධව කම්කරු අරගල ඇතුලු සමාජ පිපිරීම් වැඩී ඒමේ තත්වයක් උදා වී තිබීම ගැන යි.
ඉන් මාස අටකට පසු පැන නැගි හලාවත ධීවර අරගලය පොලිස් විශේෂ කාර්ය බලකාය දමා මැඩලූයේ එක් ධීවරයෙකු මරා දමමිනි.
20. 2013 අගෝස්තු 1 දා වැලිවේරිය උද්ඝෝෂකයන්ට එරෙහිව කි‍්‍රයාවට දැමුනු හමුදා මෙහෙයුම ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව ඉහලින් ම ගත් තීන්දුවකි. ඊට “නීතිමය” ආවරනය ද සූදානම ද ජනාධිපතිගේ පෙර සඳහන් ගැසට් නිවේදනයෙන් සපයා තිබුනි. එදින උදෑසන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග පැවති රැස්වීමක දී ගත් තීන්දුවක් පිලිබඳ පනිවුඩයක් රැගෙන තමන් වැලිවේරියට පැමිනි බව බි‍්‍රගේඩියර් දේශපි‍්‍රය ගුනවර්ධන ජන මාධ්‍යවලට ප‍්‍රකාශ කලේ ය. මෙම වෙඩි තැබීම් පිලිබඳව පැවති මහේස්ත‍්‍රාත් පරීක්ෂනයේ දී වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපති එස්.කේ. උපාලි විසින් ද හමුදාව වැලිවේරියට පැමිනියේ ආරක්ෂක ලේකම්ගේ පනිවුඩයක් රැගෙන බව සඳහන් කලේ ය. සන්නද්ධ හමුදාව මෙම මෙහෙයුමට එවන ලද්දේ විරෝධතාකරුවන් විසිර ගිය ද නැත ද රුදුරු ලෙස මැඩලීම සඳහා බව මුලු සිද්ධි දාමයෙන් ම සනාථ වේ.
21. ලංකාව තුල ද ජාත්‍යන්තරව ද මහජනයා අතර කෝපාන්විත කම්පනයක් පැතිර ගිය තතු යටතේ ආන්ඩුව සිය ව්‍යාජ යුක්ති සහගත කිරීම් ඉදිරිපත් කලේ ය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කලේ හමුදාව “ආත්මාරක්ෂාව සඳහා” කි‍්‍රයා කල බව යි. හමුදාපති ජනරාල් දයා රත්නායක “කඩාකප්පල්කාරීන්ගේ” කි‍්‍රයා ගැන අවධානයෙන් සිටින ලෙස ඉල්ලමින් උද්ඝෝෂකයන්ට දොස් පවරන අතර සිදුවීම සම්බන්ධයෙන් මිලිටරියේ උසාවි මිලිටරි උසාවියේ විභාගයක් පවත්වන බව නිවේදනය කලේ ය. හමුදා මෙහෙයුම යුක්ති සහගත කරමින් එම උසාවි විභාගය ප‍්‍රකාශ කලේ හමුදාව සිය “නීත්‍යනුකූල කටයුතු ඉක්මවා ඇතත්” ඔවුන් කි‍්‍රයා කර ඇත්තේ “රටේ බලපවත්වන නීතිය අනුව” බව යි. ආන්ඩුව විසින් ම පත් කරනු ලබන ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම තම “විමර්ශනය” අවසානයේ ප‍්‍රකාශ කොට ඇත්තේ මහජන උද්ඝෝෂනයක් “පාලනය කිරීම” සඳහා හමුදාව කැඳවුව හොත් එය පොලීසිය සමග සහයෝගීව කටයුතු කල යුතු බව යි. හමුදා මෙහෙයුමට වගකිව යුත්තන් ගැන හෝ සිදු කල ඝාතනවලට අදාල කිසිවක් නැති මානව හිමිකම් වාර්තාව සිදු කෙරුනු අපරාධ වහංගු කල එකකි.
වැලිවේරියේ සිදු කෙරුනු ප‍්‍රචන්ඩ මර්දනය කෙරෙහි ආන්ඩුවේ වගකීම හමුදා මෙහෙයුමට නායකත්වය දුන් නිලධාරීන්ට ඉහලින් ම සැලකීම මගින් ද ප‍්‍රකාශයට පත් වේ. හමුදා විභාගයේ දී දැන් රාජකාරිවලින් මුදා හැර ඇති බව ප‍්‍රකාශ වූ ලුතිනන් කර්නල්වරුන් වන ශමාල් සිල්වා, අසේල සෝලන්ගආරච්චි සහ ජනක විමලරත්නට නව තනතුරු දී ඇත. හමුදා ඛන්ඩයේ අන දෙන නිලධාරි වූ බි‍්‍රගේඩියර් දේශපි‍්‍රය ගුනවර්ධනට ඉතාලියේ තානාපති පදවිය පිරිනමා තිබේ.
22. වැලිවේරියට සේනාංකය ගෙන ගිය බි‍්‍රගේඩියර් ගුනවර්ධන හමුදාවේ 142 බල සේනාංකයේ අන දෙන නිලධාරියාව සිටියේ ය. විමුක්ති කොටි සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධයේ අවසන් අදියරේ දී කොටි සාමාජිකයන් කොටු කිරීම සඳහා 581 බල සේනාංකයේ අන දෙන නිලධාරියා ලෙස ඔහු ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කලේ ය. හමුදාව විසින් යුද්ධයේ අවසන් අදියරේ දී සිදු කරනු ලැබූ අමානුෂික අපරාධ පිලිබඳ තොරතුරු හෙලිදරව් වී තිබේ. වැලිවේරියට යොදවනු ලැබූ හමුදාව එලෙස සෑම ආකාරයක ම මර්දන උපක‍්‍රම අත්හදා බැලූ පලපුරුදු මිලිටරියකි.
23. වැලිවේරිය ප‍්‍රදේශයේ ජනයා පමනක් නො ව මුලු රටේ ම කම්කරු පන්තිය, තරුනයන් හා දුගීන් අගෝස්තු 1 දා ආන්ඩුවේ අන දීම මගින් කි‍්‍රයාත්මක වූ මිලිටරි මෙහෙයුමේ අනතුර වටහා ගත යුතු ය.
ලංකාවේ දකුනු පලාත්වල මෙවන් මිලිටරි මෙහෙයුමක් සිදු වූ ප‍්‍රථම අවස්ථාව මෙය යි. 1971 ජවිපෙ අතිධාවන කැරැල්ලේ දී හා 1989-90 ජවිපෙ ෆැසිස්ට් කැරලිවල දී එවක බලයේ සිටි ආන්ඩු හමුදාව ජන ඝාතනවලට මෙහෙයවූ බව නොරහසකි. එහෙත් මහජන උද්ඝෝෂනයකට රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් කොටු කර සන්නද්ධ මිලිටරි කි‍්‍රයාන්විතයකට ලක් කර මැඩලූ ප‍්‍රථම අවස්ථාව මෙය යි. එය දියත් කෙරුනු රුදුරු ආකාරය මෙහි පල වන විරෝධතාකරුවන්ගේ සාක්ෂි හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලබා ගත් වාර්තා ද ඇතුලුව ස්වාධීන කම්කරු පරීක්ෂනයේ දී ගොනු කර ගත් තොරතුරු සම්භාරයෙන් පෙන්නුම් කෙරේ.
ප‍්‍රචන්ඩත්වය අත්විඳි මහජනයා ප‍්‍රකාශ කල පරිදි ඉන් සිහියට නංවා ඇත්තේ දශක තුනක පමන කාලය තුල කොලඹ ආන්ඩුව උතුරු-නැගෙනහිර දියත් කල මිලිටරි කි‍්‍රයාන්විතය යි. ලක්ෂ දෙකකට අධික ජනයා 1983 පටන් මේ යුද්ධය නිසා ඝාතනය වී ඇත. යුද්ධයේ අවසන් මාසවල 40,000ක් පමන ජනයා හමුදා ඝාතනයට ලක් වී යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගනන් බලා ඇත.
වැලිවේරිය හමුදා කි‍්‍රයාන්විතය ආන්ඩුවේ ද හමුදාවේ ද පූර්ව රංගනයකි; උර ගා බැලීමකි. ලංකාව තුල කම්කරු පන්තියේ මහා අරගල පිපිරීමත් ඒ ගැන භීතියෙන් ඒවා මිලිටරි විධික‍්‍රම මගින් තලා දැමීමට ආන්ඩුව ද ධනපති පන්තිය ද සූදානම් වන ආකාරයත් මෙමගින් ප‍්‍රදර්ශනය කර ඇත.
මතු සම්බන්ධයි
Follow us on