ශ්‍රී ලංකා ආන්ඩුව රාජ්‍ය නොවන සංවිධාන වලට දේශපාලන මුකවාඩමක් දමයි
Sri Lankan government imposes political gag on NGOs
කේ.රත්නායක විසිනි, 2014 ජූලි 10
ජනාධිපති මහින්ද රාපක්ෂ ආන්ඩුව මේ සතියේ දී මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, ප්රවෘත්ති සාකච්ඡා හා වැඩමුලු පැවත්වීම හා මාධ්‍යවේදීන් පුහුනු කිරීම ද රාජ්‍ය නොවන සංවිධානවලට (රානොස) තහනම් කලේ ය.
ආන්ඩුවට එරෙහිව වන ඕනෑ ම විරුද්ධත්වයක් මර්දනය කිරීමට උත්සාහ කරන හා පොලිස් රාජ්‍යයක් දෙසට තව දුර පියවර ගන්නා මෙය මූලික ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එරෙහි ඒකාධිපති ප්රහාරයකි. ක්ෂනික ඉලක්කය රානොස මුකවාඩම් දැමීම වන අතර ආන්ඩුවේ පියවර සලකුනු කරන්නේ, දේශපාලන සංවිධාන ද ඇතුලුව වැඩකරන ජනතාවට එරෙහිව බරපතල ප්‍රහාර සඳහා සූදානම් වීමේ දී පුලුල් වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි පූර්වාදර්ශයකි.
ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රානොස පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ඩී.එම්.එස් දිසානායක ජූලි 8දා නව තහනම් කිරීම් සැකෙවින් දක්වන ලිපියක් නිකුත් කලේ ය. “ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ඔවුන්ගේ බලතල ඉක්මවන පරිදි ප්රවෘත්ති සාකච්ඡා, වැඩමුලු, මාධ්‍යවේදීන් පුහුනු කිරීම් කරන අතර මාධ්‍ය නිවේදන නිකුත් කරන බව හෙලිදරව් වී ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ම රානොස එවැනි අනවසර ක්‍රියාවලින් වැලකිය යුතු ය” යි ලිපිය සඳහන් කරයි.
මෙහි අර්ථය විශේෂිත කටයුතු තහනම් කර ඇතුවා පමනක් නොව, මිලිටරියේ අනුමැතියෙන් තොරව රානොස වලට කිසිවක් කල නො හැකි බව යි.
මාධ්‍ය හමුවකදී කතා කල මිලිටරි ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර, මෙය මීට පෙර නිකුත් කල “ආඥාවට” අනුව ක්‍රියාකල යුතු බවට කෙරෙන හුදු “මතක්කිරීමක්” පමනක් යයි පවසමින් නියෝගයේ සැර බාල කිරීමට උත්සාහ කලේය. කෙසේ නමුත් මේ දක්වා, සෑම ආන්ඩුවක්ම අඛන්ඩව ගෙන ගිය අතවර නොසලකමින් මෙරට රානොස මාධ්‍ය සමුලු හා වැඩමුලු පවත්වා ප්රවෘත්ති නිවේදන නිකුත් කර ඇත.
මෙරට යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ වර්තමාන පරීක්ෂනයේ සන්දර්භය තුල මෙම පියවර මගින් මාධ්‍ය නිශ්ශබ්ද කිරීමට බලාපොරොත්තු වන්නේ දැ යි මාධ්‍යවේදියෙකු ඇසූ විට “එවැනි දෙයක් නැත” යි බ්‍රිගේඩියර් වරයා පැවසී ය. 2009දී බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව මිලිටරි ප්‍රහාරයේ අවසාන මාසවල දී සිදුකල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පරීක්ෂා කිරීමට එජා මානව හිමිකම් කොමිසම මෑත දී මන්ඩලයක් පත්කලේ ය.
පරීක්ෂනය ආරම්භ කරන ලද්දේ එජා මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමක දී එක්සත් ජනපදයේ අනුග්‍රහය ලැබුනු යෝජනාවකිනි. රාජපක්ෂ ආන්ඩුව චීනය සමග පවත්වා ගෙන යන කිට්ටු සම්බන්ධකම් බිඳීමට බලකිරීම සඳහා වොෂින්ටනය, මෙම ප්රශ්නය පෙරට දමා ඇත. ඇතැම් බටහිර ගැති රානොස, මිලිටරිය විසින් කරන ලද බොහෝ යුද අපරාධ පිලිබඳ සාක්ෂි සපයනු ඇතැ යි ආන්ඩුව නිශ්චිතව ම බියට පත්ව සිටියි.
කෙසේ නමුත්, ඍජුවම රානොස පාලනය කරන්නාවූ මිලිටරියේ පියවර, එවැනි සලකාබැලීම්වලට වඩා දුර යයි. එවන් සංවිධාන මත දුරදිග යන සීමා පැනවීම සිදුව ඇත්තේ පලමු වතාවටය. විශේෂයෙන් ම වැඩකරන ජනතාවගෙන් එල්ලවන හා සියලුම දේශපාලන විරුද්ධත්වයන්ට එරෙහිව ආන්ඩුව ගමන් කරමින් සිටින බවට එය සලකුනු කරයි.
ජාත්‍යන්තර හා ජාතික රානොස 1,000ට වැඩි ප්‍රමානයක් මෙරට ක්‍රියාත්මකව පවතියි. 1980 සිට නිකුත් කර ඇති පූර්ව නියෝග, ප්‍රධාන වශයෙන් ම පරිපාලනමය ස්වභාවයේ ඒවා ය. මුලින් රානොස ලියාපදිංචි කරන ලද්දේ සෞඛ්‍ය හා සමාජ සේවා අමාත්‍යංශය යටතේ ය.
එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී මිලිටරිය මෙම සංවිධාන මර්දනය කිරීමට උත්සාහ ගත්තේ ය. එක් ප්රමුඛ සිද්ධියක් වූයේ 2006 අගෝස්තුවේ දී නැගෙනහිර පලාතේ මුතූර් හි දී ඇක්ෂන් එගේන්ස්ට් හන්ගර් හෙවත් ඒසීඑම් සංවිධානයේ සහාය සේවකයින් 17දෙනෙකු ඝාතනය කිරීම යි. සමූහ ඝාතනයක ස්වරූපය ගත් එම ක්‍රියාව සිදුකරන ලද්දේ රාජපක්ෂ ආන්ඩුව යුද්ධය යලි ආරම්භ කිරීමත් සමගම ය.
යුද්ධයේ අවසාන අවුරුදු දෙක පුරා ම ආන්ඩුව, උතුරේ වන්නි ප්‍රදේශය තුල ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඇතුලු රානොස කටයුතු තහනම් කිරීම හෝ අවහිර කිරීම කලේ ය. මෙය සැලැසුම් කරන ලද්දේ, දෙමල ජනයා කුසගින්නේ තැබීමට හා ඔවුන්ට වෛද්‍ය ආධාර සැපයීම වැලැක්වීමට මෙන් ම මිලිටරියේ යුද අපරාධ කිසිවක් ප්‍රසිද්ධියට පත්වීම වැලැක්වීමට ය.
යුද්ධය අවසාන වීමෙන් පසුව ආන්ඩුව, රට මිලටරීකරනයට යටත් කිරීම වේගවත් කිරීමේ කොටසක් ලෙස 2010දී රානොස ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශයේ පාලනය යටතේ තැබී ය. සංවිධාන ලියාපදිංචි කරන ලද්දේ මිලිටරි ඔත්තු සේවා තොරතුරු යොදාගෙන කරන ලද පරීක්ෂාවකින් පසු ය. රානොස භාරකරුවන්, අරමුදල් මූලාශ්‍ර, න්යායපත්ර හා වැඩසටහන් මිලිටරිය විසින් අනුමත කල යුතු විය.
මිලිටරි ඔත්තු සේවාව මගින් කරන ලද පුලුල් සෝදිසිකිරීම් හා රහසිගත ක්‍රියා, ආන්ඩුව හා ආරක්ෂක හමුදා පිලිබඳ විවේචන සිදුකල අයට එරෙහි මෙහෙයුම් ලෙස හෙලිදරව් කෙරී ඇත. මැයි මාසයේ දී, මිලිටරි ඔත්තු සේවා අධිකාරීන්, ජාත්‍යන්තරව ක්‍රියාත්මක රානොස වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (ටීඅයි) සංවිධානය විසින් පොලොන්නරුව නගරයේ දී දෙමල මාධ්‍යවේදීන් සඳහා සංවිධානය කරන ලද වැඩමුලුවක් කඩාකප්පල් කලේ ය. මිලිටරියේ විධාන මත හෝටල් කලමනාකරනය හදිසියේ ම වැඩමුලුව අවලංගු කලේ ය.
ජූනි මාසයේදී, ටීඅයි සංවිධානය තවත් වැඩමුලුවක් මීගමුවේ දී සංවිධානය කල විට මැර කන්ඩායමක් එය කඩාකප්පල් කලහ. මැරයින් රැස් කිරීම පිටුපස මිලිටරි ඔත්තුසේවාව ක්‍රියාත්මකවූ බව විශ්වාස කෙරේ.
රාජ්‍ය නොවන සංවිධානවල එම තහනම නො සලකා පෙර පුරුදු පරිදි තම වැඩ කටයුතු කරගෙන යන බව කලෙක්ටිව් ඔෆ් සිවිල් සොසයිටි සංවිධානය ප්‍රකාශ කර ඇත. එහි ප්රකාශනය මෙසේ පැවසී ය: “මෙය, (තහනම) රට තුල ප්රජාතන්ත්රවාදයට එල්ල කල බලගතු ප්රහාරයකි. සිවිල් සමාජයේ කොටසක් ලෙස අපට කතා කිරීමේ හා රැස්වීමේ අයිතිය ඇත.”
මෙම පොලිස්-රාජ්‍ය පියවර උසිගන්වනු ලබන්නේ, ජීවන තත්වයන් හා සමාජ අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරයට එරෙහිව කම්කරුවන්, තරුනයන් හා ග්‍රාමීය පීඩිතයින් අතර වර්ධනය වන විරුද්ධත්වය සම්බන්ධයෙන් ආන්ඩුවතුල මතුව ඇති චකිතයෙනි. විදුලිබල අංශයේ, දුම්රිය හා සෞඛ්‍ය සේවයේ කම්කරුවන්ගේ මෑත විරෝධතා මෙන් ම විශ්වවිද්‍යාල සිසුන්ගේ අඛන්ඩ විරෝධතා, ගැඹුරුවන අසහනයේ මතුපිට ඇඟවීම් පමනි.
ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරය ද සමග කම්කරු පන්තිය බෙදීමට හා අවමංගත කිරීමට ආන්ඩුව දෙමල හා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වර්ගවාදය කැලැඹ වීමට උත්සාහ දරයි. අලුත්ගම හා බේරුවල මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව බොදු බල සේනා විසින් අවුලුවන ලද මෑත ප්‍රහාර, මෙම යලි පන ගැන් වූ ව්‍යාපාරය වෙත ඇඟිල්ල දිගු කරයි. බොදු බල සේනා ආන්ඩුවේ මෙන්ම ආරක්ෂක හමුදාවන්ගේ පිටුබලය ලබයි.
ජූලි 1දා ඩේලි මිරර් පත්‍රයට දුන් සම්මුඡ සාකච්ඡාවකදී ජනාධිපතිගේ සොහොයුරු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බෞද්ධ අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයට සුදුහුනු ගෑමට උත්සාහ කල අතර අන්ඩුවට එරෙහි තර්ජන පිලිබඳ ඔහුගේ පූර්ව ප්‍රකාශ පුනරුච්චාරනය කලේ ය. 2013 ජූනි මාසයේ දී ආරක්ෂක විද්‍යාපීඨයේදී ඔහු කල කතාවකට අවධානය යොමු කරමින්, “ශ්‍රී ලංකාව තුල අරාබි වසන්තය වැනි සිදුවීම්වල හැකියාව අවම වුනත්... මෙය අවධානය යොමු විය යුතු තවත් එවැනි තර්ජනයකි.” යනුවෙන් ඔහු පැවසීය.
“අරාබි වසන්තය” යනු මැද පෙරදිග පුරා ගිගුම් දුන් ඊජිප්තු කම්කරුවන්ගේ විප්ලවවාදී නැගිටීම මත අලවන ලද ලේබලය යි. මර්ධනකාරී හා ප්රජාතන්ත්ර විරෝධී පියවර සමගින් රාජපක්ෂ ආන්ඩුව හා මිලිටරිය, මෙරට තුල ද එවන් අරගලයන්ට සූදානම් වෙමින් සිටියි.
Follow us on