ප්රන්සයේ නව ෆැසිස්ට් ජාතික පෙරමුනේ මැතිවරන ජයග්රහනයන්ට හේතු කවරේ ද?
What accounts for the electoral victories of France’s neo-fascist National Front?
ප්රන්සයේ පලාත් පාලන මැතිවරනය එලිමහනට පමුනුවා ඇත්තේ, එරට මෙන්ම සමස්තයක් වශයෙන් යුරෝපයම මුහුනදී සිටින දේශපාලන අර්බුදය හා කම්කරු පන්තිය හමුවේ ඇති අන්තරායන්ය.
ප්රන්සය තුල අවමානයට පාත්රව ඇති ජනාධිපති ප්රන්සුවා හොලන්ද්ගේ සමාජවාදී පක්ෂය (සප) නියොජනය කරන ධනේශ්වර “වම” අපකීර්තියට පත්වීමේ දේශපාලන වාසිය ලබාගත්තේ, ප්රන්සයේ ජාතික පෙරමුන (එෆ්එන්) වැනි නව ෆැසිස්ට්වාදී පක්ෂ විසිනි.
වාර්තාගත සියයට 38.5ක ඡන්ද වර්ජනයක් පැවති තතු හමුවේ එෆ්එන් සංවිධානය, 23දා පැවති මැතිවරනයේදී ඔවුන් අපේකෂකයින් ඉදිරිපත්කර තිබූ නඟර 600න් 229ක දීම ඉදිරියට පැමින සිටිති. එෆ්එන්හි ස්ටීව් බ්රියෝයිස්, 1980 ගනන්වල සමාජවාදී පක්ෂයේ පතල් වසාදැමීමේ වැඩසටහන නිසා විනාශයට පත්ව ඇති උතුරු ප්රන්සයේ ගල්අඟුරු බිම්වල පිහිටි හෙනින් බීමොන්ට්හි පලමු වටයේ ඡන්දයෙන් පැහැදිලි ජයග්රහනයක් ලැබීය.
ජනගහනය 10000 ඉක්මවන නඟර 17කදී ද එෆ්එන් පලමු තැනට පැමින සිටියි. මේවාට ඡන්ද වලින් සියයට 36ක් ලබාගත් ෆෝබාක් ද 40ක් ගත් ෆීජුස්, 45ක් ලැබූ බෙසියර්ස්, 34ක් සහිත පර්පිග්නන් හා 30ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ඇවිග්නොන් ද ඇතුලත්ය.
ප්රන්සයේ දෙවන විශාලතම නඟරය වන මාසායිහිදී එෆ්එන්, දක්ෂිනාංශික මහජන ව්‍යාපාරයේ ගෝල්වාදී සංඟමයේ (යූඑම්පී) ජීන් ක්ලවුඩේ ගෝඩින්ට පමනක් දෙවැනි විය. පැරිසියේදී එය තම ඡන්ද ප්‍රමානය දෙගුන කරගෙන ඇත. එහිදී පිරිහෙන සේවා කොන්දේසි වලට විරෝධය පලකරමින් ටෙම්ප් කම්කරුවෝ සමාජවාදී පක්ෂයේ නඟරාධිපති අපේක්ෂක ඇනි හිඩෙල්ගෝගේ මූලස්ථානයට ද පහර දුන්හ.
සමාජවාදී පක්ෂයේ මහජන පදනම දෙදරා යාමට ප්‍රතිචාර ලෙස ප්රන්ස පාලක පන්තියේ කොටස්, එෆ්එන් සංවිධානය නිල පක්ෂ තුලට මුලුමනින්ම ඒකාග්ර කිරීමට තල්ලුව දීම, දුරදිග යන ප්‍රතිවිපාක දනවන කාරනයකි. සමාජවාදී පක්ෂයේ හා ගෝල්වාදීන්ගේ “ද්වි පක්ෂ ක්‍රමය අවසාන් කරමින්” එෆ්එන් නැඟී එන බවට එහි නායක මැරීන් ලේ පෙන් අනාවැකි පල කලේය. “වම හා දකුන අතර වැරදි තේරීම කෙරෙන් ප්රන්ස ජනතාව විමුක්ත වි ඇතැයි” ඇය පැවසුවාය.
සමාජවාදී පක්ෂයට හිතවත් ලේ මොන්ඩෙ දිනපතා පුවත්පත මෙසේ ලිවිය. “මැරීන් ලේ පෙන් නිවැරදි නම්, එය දේශපාලන භූමි කම්පාවකි. එනම්, ද්වි පක්ෂ ක්‍රමය මිය ගොසින්ය, දැන් සමාජවාදී පක්ෂය යූඑම්පී හා ජාතික පෙරමුන යන ත්‍රයි පක්ෂ ක්‍රමයක් පැමින තිබේ. ඇගේ තර්කය වෙනුවෙන් එෆ්එන් නායිකාවට තර්ක රාශියක් තිබේ.”
කම්කරු පන්තියෙන් එල්ලවු සියලු ප්රතිරෝධයන් මැඬීම සඳහා වැඩකල නව ධනේශ්වර විරෝධී පක්ෂය (එන්පීඒ) වැනි සුලු ධනපති ව්‍යාජ වාම සංවිධාන හා සමාජවාදී පක්ෂයේ ව්‍යාපාර ගැති ප්රතිගාමී ක්‍රියාකලාපය නිසා පමනක්, ජාතික පෙරමුනට සමාජ අතෘප්තිය ගසාකැමට හැකියාව ලැබුනි. සමාජවාදී හා එන්පීඒ වැනි පක්ෂ අන්ත දක්ෂිනාංශික පිලිවෙත් කරා වේගයෙන් මාරුවී යාම නිසා, විශේෂයෙන්ම 2012 මැතිවරනයෙන් හොලන්ද් බලයට පැමිනීමෙන් පසුව, ජාතික පෙරමුන වඩ වඩාත් “සාමාන්‍ය” පක්ෂයක් ලෙස දිස්වන්නට විය.
ව්‍යාපාරිකයින්ට බදු සහන හා සමාජ සහන කප්පාදුවේ වට ගනනාවක් ක්‍රියාත්මක කරන අතර සමාජවාදී පක්ෂය, ෆැසිස්ට්වාදී ඉල්ලීම් වෙත හැරී තිබේ. පසුගිය වසරේදී සමාජවාදී පක්ෂ ආන්ඩුව මාලි රාජ්‍යය හා මධ්‍යම අප්‍රිකානු සමූහාන්ඩුව තුල මිලිටරි මැදිහත්වීම් සිදුකරමින් සිරියානු යුද්ධයට තල්ලුව දුන් තතු තුල පක්ෂයේ නිලධාරීහු, ඉක්මන් යුද ජයග්‍රහනයකින් හොලන්ද්ගේ මැතිවරන ප්‍රතිපල වලට උත්තේජනයක් සපයනු ඇති බව එක් ගනන් බැලීමක් වී යයි පිලිගත්හ. මේ අතර අභ්‍යන්තර ඇමති මැනුවෙල් වාල්ස්, සමස්ත රෝමා ජනතාවම ප්රන්සයෙන් ඉවත්කල යුතුය යන කුරිරු ප්‍රකාශයක් නිකුත් කලේය.
2012 දී හොලන්ද්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටි එන්පීඒ, ඔහු ප්රතිගාමී පිලිවෙත් ක්‍රියාත්මක කරනු ඇති බව නරුම ලෙස පිලිගන්නා අතර වුවත්, සමාජවාදී පක්ෂයට එරෙහි කුමන හෝ විරෝධතාවක් සැලසුම් නොකලේය. ධනපති මාධ්‍ය, වෘත්තීය සමිති නිලධරය හා සමාජවාදී පක්ෂයට සමිප ශාස්ත්රාලිකයන් තුලට ගැඹුරින්ම ඒකාග්රවී සිටින මෙම සංවිධානය හා එවැනි තවත් ව්‍යාජ වාම කන්ඩායම්, සමාජවාදය වෙනුවෙන් කෙසේ වෙතත්, -සැබවින්ම ඔවුන් නම් නොවේ- බලය සඳහාවත් සටන් නොකරන, අපකීර්තියට පත්ව තිබෙන දේශපාලන සංස්ථාපිතයේම නොවෙන්කල හැකි අංඟෝපාංඟ ලෙස කම්කරුවන් ඉදිරියේ දෘෂ්‍යමානව ඇත.
මේවා, සමාජවාදී පක්ෂ හෝ ජාතික පෙරමුනට එරෙහිව කම්කරුවන් රැලි කරන වාමාංශික පක්ෂ නොවේ. ඒවා වනාහි, හොලන්ද් හා සමාජවාදී පක්ෂයෙන්වෙන්ව පිහිටාගැනීමට කිසි සේත්ම අසමත් දක්ෂිනාංශික සංවිධානයන්ය. සමාජවාදී පක්ෂයට වල කපනු ඇති පන්ති අරගලයේ පැනනැඟීම වැලැක්වීම මගින් සිය වරප්‍රසාද ආරක්ෂාකර ගැනීමට උත්සාහ කරන වරප්රසාදිත මධ්‍යම පන්තිය වෙනුවෙන් ඔවුහු පෙනී සිටිති.
ජාතික පෙරමුන පිලිබඳ එන්පීඒහි නරුම විවේචනයන්ගේ එන්ට එන්ටම සැර බාල වීම පෙන්නුම් කරන එක් සිදුවීමක් නම්, ජාතික පෙරමුනේ යුක්රේන සහචරයා වන නව නාසිවාදි ස්වබෝදා පක්ෂය විසින් පෙරමුන ගත් පසුගිය මාසයේ එරට සිදුවූ කුමන්ත්රනය ප්රජාතන්ත්ර විප්ලවයක් ලෙස හුවා දැක්වීමයි.
ෆැසිස්ට්වාදයට එරෙහි සටනේ තීරනාත්මක ප්රශ්නය වන්නේ, ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලය තුල ප්රන්ස හා ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත්කොට බලමුලු ගැන්වීමයි. ෆැසිස්ට්වාදය කෙරෙහි කම්කරු පන්තිය තුල ගැඹුරු වෛරයක් පවතින තතු තුල එය රැලිකල හැක්කේ, වැඩිදියුනු කම්කරුවන් සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධව සිටින්නේ නම් පමනි. මෙය ඉල්ලා සිටින්නේ, ට්‍රොට්ස්කිවාදයේ දේශපාලන උරුමය මත පාදක වන සමාජවාදය සඳහා අරගලය හා ව්‍යාජ වමේ ප්රතිගාමී ධනපති දේශපාලනය එකිනෙකින් වෙන්කරන පන්ති ආගාධය හෙලිදරව් කිරීමේ නිර්දය අරගලයකි.
1968 ප්රන්ස මහ වැඩවර්ජනයෙන් තෙවසරකට පසුව 1971දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙන් බිඳී ගිය ප්රන්සයේ ජාත්‍යන්තර කොමියුනිස්ට් සංවිධානය හෙවත් ඕසීඅයි හි පදනම මත පිහිටවූ “වමේ සංඟමයේ” බංකොලොත් ඉදිරිදර්ශනයෙන් මෙම බලවේගයන්ට දශක ගනනාවක් තිස්සේ මඟ පෙන්වා තිබේ. අලුතෙන් පිහිටුවාගත් සමාජවාදී පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (පීසීඑෆ්) වමට තල්ලු කිරීම සඳහා බව කියා ගනිමින් සියලු “වාම” පක්ෂ සමග එක්ව කටයුතු කිරීමට ඕසීඅයි උත්සාහ දැරීය.
මෙම ක්‍රියාවලියේදී ඕසීඅයි, දෙවන ලෝක යුද්ධයේදී නාසීන් සමග සහයෝගයෙන් කටයුතු කල විචී තන්ත්රයෙහි හිටපු නිලධරුවෙකුවූ ප්රන්සුවා මිතරොන්ගේ දේශපාලන වාහකයවූ සමාජවාදී පක්ෂයේ මෙවලමක් බවට පත් විය.
පීසීඑෆ් සමග සන්ධානයක් ගොඩනඟාගෙන 1981දී බලයට පත්වීමෙන් පසුව මිතරොන්, බැංකු විසින් සංවිධානය කල අරමුදල් ඉවතට ගලායාම හා අයවැය හිඟයන්ට ප්‍රතිචාර වශයෙන් ඔහුගේ සීමිත ප්රතිසංස්කරන වැඩසටහන අතහැර දැමීය. 1968න් පසුව ඇතිවූ කම්කරු පන්ති රැඩිකලීකරනයේ පදනම වූ තරඟකාරී නොවූ කර්මාන්ත බිඳ දමමින් හා සමාජ සහන කපා හරිමින් ඔහු, “කප්පාදු වෙත හැරීම” ක්‍රියාවට නැඟීය.
ප්රතිගාමී ඇඟවුම් අන් කවරදාකටත් වඩා පැහැදිලිව දක්නට තිබූ මෙම පියවරයන්හිදී මිතරොන්, ජාතික පෙරමුනේ පොදු මුහුනුවර නඟාසිටුවමින් හා එය දක්ෂිනාංශික ඡන්ද බෙදිමට යොදාගනිමින් වැඩෙන සමාජ වෛරය තිබියදීම 1980 හා 90 ගනන්වල බලයේ රැඳී සිටියේය.
එසේ වුවත්, ඔසීඅයි හා අනෙකුත් ව්‍යාජ වාම බලවේග දිගටම සමාජවාදී පක්ෂයේ සමාජ ප්රජාතන්ත්රවාදීන්ට සහයෝගය දුන්හ.
සිය කප්පාදු ප්‍රතිපත්ති සමග අගමැති ලයනල් ජොස්පින්ගේ සමාජවාදී පක්ෂය නායකත්වය දුන් 1997-2002 “බහු වාම” ආන්ඩුව අපකීර්තියට පත්වීමෙන් අනතුරුව, 2002 ජනාධිපති මැතිවරනයේ දෙවන වටයේදී යූඑම්පීයේ නියෝජිතයා වශයෙන් ඉදිරිපත්වූ ජැක් ෂිරාක් හා පසුව ජාතික පෙරමුනේ නායක ලේ පෙන් විසින් විස්ථාපනය කරන ලදී. මේ අනුව දෙවන වටයේ ඡන්දයේදී කම්කරු පන්තියට ඉතිරි වූයේ දක්ෂිනාංශික ෂිරාක් හා අන්ත දක්ෂිනාංශික ලේ පෙන් අතර “තේරීමක්” පමනි.
එන්පීඒහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය (එල්සීආර්), කම්කරු අරගල (එල්ඕ) හා කම්කරු පක්ෂය (පැරනි ඕසීඅයි) ඒකාබද්ධව මුලු ඡන්ද වලින් සියයට 11ක් ලබාගත්තේවි නමුත් ඔවුන්, පෘථුල වශයෙන් පිලිගෙන තිබුනු එම අනීතික මැතිවරන ප්‍රතිපල වලට එරෙහිව කම්කරු පන්තිය මෙහෙයවීමට කිසිදු උත්සාහයක් දැරුවේ නැත. ඒ වෙනුවට ඔවුහු, ප්රන්සය තුල ෆැසිස්ට්වාදය නැඟී ඒම වලක්වනු ඇති බව කියමින් චිරාක් පත්කර ගැනීමේ කැඳවුම පිටුපස පෙලගැසුනහ.
යලි පත්කර ගැනුනු චිරාක් යටතේ, අනිවාර්යයෙන්ම එලඹෙනු ඇති සමාජ සහන මත ප්රහාරයන්ට ද යුද්ධයන්ට ද එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ පදනම මත ජනාධිපති මැතිවරනය වර්ජනය කිරීම පිනිස ක්‍රියාශීලීව මැදිහත්විය යුතු බවට කල හජාජාක කැඳවුම ඔවුහු ප්‍රතික්ෂේප කලෝය. ඉන්පසු එලඹි දශකයේ සිදුවීම් මගින් ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත්කල ප්‍රතිපත්තිය මුලුමනින්ම සනාථ කලේය. ව්‍යාජ වාම පක්ෂ දක්ෂිනාංශික ජනාධිපති පිටුපස පෙල ගැසීම, ඔවුන් තව තවත් දකුනට පැදීම හා ධනේශ්වර දේශපාලනයේ කඳවුර තුල ගිලී යාම සනාථ කරන සන්ධිස්ථානයක් විය.
ප්රන්සය තුල හා යුරෝපය පුරා පවතින මූලික ප්රශ්නය, ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ලෙස විප්ලවවාදී පක්ෂ ගොඩනැඟීමයි. තවත් විශාල සමාජ පරාජයන්ට හා ප්රජාතන්ත්ර අයිතීන්ට එරෙහි ප්රහාරයන්ට මග හෙලිකරමින්, එක්කෝ ජාතික පෙරමුන යටතේ නැත්නම් සමස්ත දේශපාලන සංස්ථාපිතයම එහි ප්‍රතිපත්ති වලට යටත් කිරීම තුලින් කම්කරු පන්තිය ධනේශ්වරයට යටත් කිරීම සඳහා ව්‍යාජ වාම බලවේග ගෙන යන ව්‍යායාමය පරාජය කල හැක්කේ මෙලෙසින් පමනි.
ඇලෙක්ස් ලැන්ටියර්
Follow us on