මීරියබැද්ද නායයාමෙන් විපතට පත්වූවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරයි
එස්.කේ.ජයන්ති සහ ආර්.එම් ගුනතිලක විසිනි, 2014 නොවැම්බර් 7
කොස්ලන්ද, මීරියබැද්දේ පසුගිය 29 දා සිදුවූ නාය යාමෙන් අවතැන්වූවන් රඳවා සිටින පූනාගල දෙමල විද්‍යාලයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට ව්‍යසනයට ගොදුරුවූවන්ගේ සමාජ‐ආර්ථික පසුබිම හා ව්‍යසනය සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡාවක් වර්ධනය කර ගැනීමට පසුගිය දා හැකි විය.
බන්ඩාරවෙලට කිලෝ මීටර් 15 ක් දුරින් පිහිටි මෙම අවතැන් කඳවුර තුල මීරියබැද්දවත්තේ පවුල් 64 කට අමතරව නායයාමේ තර්ජනයට මුහුන දුන් දියගලවත්තේ පවුල් 157ක් ද රැඳී සිටියහ. වතු දෙකම මස්කෙලිය වැවිලි සමාගමටම අයත් ය. ඉඩකඩ සීමිත බැවින්, වර්ග අඩි 400 ක වපසරියක් සහිත එක් පන්ති කාමරයක් තුල 30 දෙනෙකු බැගින් රඳවා තිබුනි.
නාය යෑමෙන් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බැව් මුල දී වාර්තා වුව ද රජය විසින් දැන් එම සංඛ්‍යාව 34 ට පහත හෙලා ඇත. විපතට පත් ප්‍රදේශය තුල 330 ක් සිටි බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ (ආකම) ආරම්භක වාර්තාවන් හි සඳහන් වුවද 31 වන දා වන විට එම සංඛ්‍යාව 100 දක්වා පහත හෙලින.
ආකම දැන් පවසන්නේ එම 100 න් 78 දෙනෙකු පිලිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බව හා ඉන් 34 දෙනෙකු මියගොස් 40 දෙනෙකු යම් තැනක අවතැන්ව සිටින බව විශ්වාස කරන බවයි. මීට අමතරව අනාථ වූ දරුවන් 75 දෙනෙකු ද අවතැන් කඳවුරු වල සිටින බව ආකම පවසයි.
තම ජීවිත කෙරෙහි දක්වන නොතැකීම සම්බන්ධයෙන් ආන්ඩුව සහ වතු පාලකයන් කෙරෙහි කම්කරුවන් අතර වැඩෙන දැඩි විරෝධය ඔවුන් සමග කල සාකච්ඡාවන්හි දී පැහැදිලිව දැකගත හැකි විය.
මීරියබැද්දවත්තේ සේවයේ නියුතුව සිට ඉන් ඉවත්ව ගිය මාරිමුත්තු රාජරීඩර් තම කෝපය සහ වේදනාව පල කලේ මෙසේය: “වයසක අයට ආන්ඩුවෙන්වත් වත්තෙ මහත්තුරුන්ගෙන්වත් මොනම සැලකිල්ලක්වත් තිබුනෙ නෑ. නාය යන තැනක ජීවත් වෙන බව අපි හැමෝම දැනගෙන හිටිය. ඒ වුනාට මොකද කරන්නෙ? යන්න තැනක් දෙන්නෙ නැතුව කොහාටද යන්නෙ? මැරුනත් කමක් නෑ කියල තමයි ඔතන වයසක අය හිටියෙ. අන්තිමට ඒක වුනා. මාරිමුත්තු, රාසමුත්තු, මුරුදාසු, ලීලාවතී, මාරියා, තේයිවානෙයි මේ ඔක්කොම වයසකම අය. රජිදම්, දුක්ෂිකා තවත් අය ඉන්නව.”
“කියන ඒව වැඩියි කරන ඒව අඩුයි. ඇත්තටම කිව්වොත් කරන දෙයක් නෑ. ඡන්දෙ ගන්න විතරයි ආන්ඩු තියෙන්නෙ.”
විපතට පත්වූ දා සිට මහජනතාවගෙන් ලැබෙන සහනාධාර සහ උපකාර අගය කරමින් කතා කල ඔහු, රාජපක්ෂ ආන්ඩුවේ ඇමතිවරයෙකු වන හා වතු කම්කරුවන්ගේ ප්‍රධාන වෘත්තීය සමිතිය වන ලංකා වතු කම්කරු සංගමයේ (සීඩබ්ලිව්සී) නායකත්වය දරන ආරුමුගම් තොන්ඩමන් සම්බන්ධයෙන් මෙසේ පැවසීය: “කොච්චර ඒව ලැබුනත් තවම තොන්ඩමන්ලවත් ආන්ඩුවවත් වත්තෙ මහත්තුරුවත් අපිට ජීවත්වෙන්න පුලුවන් තැනක ගෙවල් හදල දෙනව කියල හරියට කියල නෑ. වත්තෙ මහත්තයයි පුංචි මහත්තයයි ආවා. ඇවිත් ඒගොල්ලන්ට පාඩුයි කියල වැඩට එන්න කිව්ව. සල්ලි විතරයි උන්ට ඕන. අපේ පරම්පරාවම මහත්තුරුන්ට හම්බ කරල දීල තියනව. මේ අමාරුවෙ වැටිච්ච වෙලාවෙත් හම්බකර ගන්න තමයි හිතන්නෙ. ගෙවල් හදල දෙන්නං කිව්ව. ඒ කිව්ව තැන අවුරුදු 60කට විතර ඉස්සර නාය ගිහින් විනාශ වෙච්ච තැනක්. එක සැරයක් විනාශ කරපු අපිව ආයිත් විනාශ කරන්න හදන්නෙ. අපි උන්ව එලව ගත්තා. සමහර අය ගහන්නත් ගියා. උන් දුවල බේරුනේ.”
ඇඳි වත පිටින් දිව ආ ඔවුනගේ වටිනා ලියකියවිලි සහ උපයාගත් සියල්ල විනාශ වූ බව පැවසූ ඔහු මෙසේද පැවසීය: “කඩා වැටෙන්නෙ නැති, ජීවත් වෙන්න පුලුවන් ගෙයක් දෙනකල් අපි යන්නෙ නෑ. ගෙයක් අපි ඉල්ලන්නෙ. අපිට කුලී කරල ජීවත් වෙන්න පුලුවන්. අපිට තේරෙනව මෙතන ඉස්කෝලෙයක්. ඒ වුනාට අපි මොකද කරන්නෙ? අපි මේ වත්තෙ පරන ෆැක්ටරියට දාන්න හදනව වගේ පේනවා. බලමු මොකද වෙන්නෙ කියල.”
තම රැකියාවේ අත් දැකීම් විස්තර කරමින් තවත් කම්කරුවෙක් ප්‍රකාශ කලේ වත්තේ පදිංචිව සිටි බොහෝ කම්කරුවන්ට දින 16 කට වඩා වැඩ නොලැබෙන බවයි. “දවසකට ලැබෙන්නෙ රුපියල් 450යි. වත්තෙන් පිට කුලී වැඩවලට හුඟක් දෙනෙක් ගියා. රුපියල් 600ක් 650ක් පිට දි අපිට ලැබුනා. ඒත් හැමදාම ඒ වැඩ නෑ. ඒකෙන් අපි කාටවත් කරදරයක් කරන්නෙ නැතුව කොහොම හරි අමාරුවෙන් ජීවත් වුනා. වියදම දෙගුනයක් නිසා හැමදාම නය. නිකං ඉන්න දවස්වලට හම්බවෙච්ච ඉඩම් කෑල්ලෙ ටික ටික හදා ගත්ත ගේ කෑල්ල දැන් පස් යට.”
දියගලවත්තේ පදිංචි විවාහක තරුන කම්කරුවෙකු වන ආර්. ප්‍රදීපන් සාකච්ඡාවට එක් වෙමින් සීඩබ්ලිව්සී යේ වැඩකටයුතු සම්බන්ධයෙන් තම අප්‍රසාදය පල කලේය: “සීඩබ්ලිව්සීය ගෙවල් 20ක් 25ක් හදල දුන්න තමයි. ඒවගෙන් වැඩි හරිය දුන්නෙ ඒ ගොල්ලන්ගෙ හිතවත් අයට.
“සල්ලි තියනවනං අපිත් මෙහෙම ඉන්නෙ නෑ. ඉල්ලන්නෙ නෑ. ඉඩම් අරන් ගෙවල් හදා ගන්නව.”
අපේ ලමයින්ගෙ අනාගතයට මොකද වෙන්නෙ. මගේ මේ මාස නවයේ දරුව බිම හීතලේ. තව කොච්චර ලමයි ඉන්නවද? ඉස්කෝලෙ යන ලමයින්ට මොකද කරන්නෙ කියල කවුරුත් දන්නෙ නෑ. අම්ම තාත්ත දෙන්නම නැති පොඩි ලමයි දෙන්නෙකුයි තරුන ලමයි දෙන්නෙකුයි මෙතන ඉන්නවා. ඒ ගොල්ලන්ට මොකද වෙන්නෙ.”
තම මව මිය යාමෙන් කම්පනයට පත්ව සිටි එස්. ජයකාන්ති හැඬූ කඳුලෙන් මෙසේ ප්‍රශ්න කලාය: “අපි ස්වීප් විකුනල ජීවත් වුනේ. අම්ම ලමයි බලාගත්තා. අම්ම නායට ගියා. දැන් අපි දරුවො කා ලඟ දාල ගිහින් ජීවත්වෙන්න සල්ලි හොයාගන්නද?”
75 වන වියේ පසු වූ ආරුමුගම් මුත්තු නම් වූ සිය සැමියාගේ වියෝව දරා ගත නොහැකිවූ කන්දයියා මාරිආරිට කියා ගත හැකි වූයේ, “එයාගෙ කන් ඇහුනෙ නෑ. මං බලාගත්තෙ. එයා ගියා.......” යන්න පමනකි.
මිනිසුන් පනපිටින් වැලලී යාමට ඉඩහැර ඉතිරිවූවන්ට නිවාස සාදා දෙන බවට ආන්ඩුව දෙන පොරොන්දු කෙරෙහි එම කම්කරුවන් අතර පැවතියේ කෝපය මුසු නුරුස්නා බවකි.
සංශෝධනය කරන ලද සංඛ්‍යා ලේඛන ඔවුන් පිලි නොගත් අතර ව්‍යසනයේ පරිමාව අඩු කර පෙන්වීමට රාජපක්ෂ ආන්ඩුව යත්න දරන බව ඔවුහු පැවසූහ. එසේ අඩු කිරීමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් දැරිය යුතු වියදම් අවම කර ගැනීමට ද ආන්ඩුව බලාපොරොත්තු වන බව ඔවුනගේ අදහස විය.
මෙම සාකච්ඡා වලින් හා පලවන මාධ්‍ය වාර්තා වලින් එලිමහනට පැමිනෙන්නේ කම්කරු‐පීඩිත මහජනතාව සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුවේ ද සමස්තයක් ලෙස පාලක ධනපති පන්තියේ ද නරුම නොතැකීමයි.
2005 දී, එවක බදුල්ල දිස්ති‍්‍රක් ලේකම්ගේ ඉල්ලීමකට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය (ජාගොපස), මීරියබැද්ද වත්ත සම්බන්ධයෙන් පරීක්ෂනයක් සිදු කොට ඇත. මෙවන් ව්‍යසනයක් සිදුවීමේ ශක්‍යතාව ඇති බවට අනතුරු අඟවමින් දිස්ති‍්‍රක් ලේකම්ට ලබා දුන් එම පරික්ෂන වාර්තාවේ පිටපතක් මීරියබැද්ද වත්ත හිමි සීමාසහිත මස්කෙලිය වැවිලි කලාමනාකරන සමාගමට ද ලබා දුන් බව ජාගොපස පවසයි.
ජාගොපස හි නායයාම් පර්යේෂන සහ අවදානම් කලමනාකරන අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බන්ඩාර කියා සිටින්නේ, ව්‍යසනයට ලක් වූ නිශ්චිත භූමි ප්‍රදේශය නායයාමේ “දැඩි” අවදානමකට මුහුන දී තිබූ බව එම වාර්තාවේ විශේෂයෙන් සඳහන් කල බවයි. දශකයකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් වතු කලමනාකරනය සහ ආන්ඩුව මෙම අවදානම පිලිබඳ කවර හෝ සංයුක්ත පියවරක් නොගෙන ඇති බව ඉතා පැහැදිලිය.
වැදගත් කරුනක් වනනේ, 29 දා ව්‍යසනයට පැය 24 කට පෙර මීරියකන්දේ ඇති මෙම අවදානම සම්බන්ධයෙන් ජාගොපස විසින් බදුල්ල ආකම ට අනතුරු අඟවා තිබීමයි. මෙම අවදානම “දැඩි” බව ද එම අනතුරු ඇඟවීම තුල විශේෂයෙන් සඳහන් කල බව බන්ඩාර කියා සිටී.
ඉහත වාර්තාවෙන් පසු නියමාකාර අනතුරු ඇඟවීම් සහ උපදෙස් එම අවදානම් කලාපයේ ජීවත් වූ කම්කරු පවුල් වලට වතු කලමනාකාරිත්වය විසින් ලබා දුන්නේදැයි මස්කෙලිය වතු සමාගමේ ප්‍රධාන විධායකගෙන් විමසු විට ඔහු එයට පිලිතුරුදීම ප්‍රතික්ෂේප කල බව සන්ඬේ ටයිම්ස් පවසයි.
මෙයින් ඉතා පැහැදිලි වන්නේ වතු කලමනාකාරිත්වය සහ රාජ්‍ය ආයතන මෙම ව්‍යසනය ගැන දැන දැනත්, එම කලාපයේ ජීවත් වූ මෙම දුගී කම්කරු පවුල් වහාම ඉවත් කිරීමට කටයුතු කිරීම තබා අනතුරු ඇඟවීමක්වත් සිදු නොකොට ඔවුන් මෙම විපතට ගොදුරු වීමට ඉඩ හැර ඇති බවයි.
මීරියබැද්ද පමනක් නොව නායයාමේ අවදානම් කලාප ලෙස හඳුනා ගෙන තිබෙන ප්‍රදේශ සිය ගනනක ජීවත් වන දහස් සංඛ්‍යාත දුගීන් මෙවන් අන්තරායන්ට මුහුන දී සිටී. ලංකාවේ දිස්ත්‍රික්ක 10ක් නායයාමේ තර්ජනයට මුහුන දී සිටින බවත් ඉන් මිනිස් ජීවිත හා දේපල වලට දැඩි හානි සිදුවිය හැකි බවත් ජාගොපස 2013 දී හෙලිදරව් කලේ ය. ඒ සමගම, කඳුකර ප්‍රදේශවල ඉදිකිරීම්වලදී දියුනු රටවල භාවිතා කරන නව තාක්ෂනය භාවිත කරමින් ඒවා අවම කර ගත හැකි බවද ජාගොපස පෙන්වා දුනි. ආරක්ෂාව සහිත නිවෙසක ජීවත්වීමේ මෙම අතිමූලික අවශ්‍යතාව මුලුමනින්ම නොතකා සිටින ආන්ඩුව මෙම ව්‍යසනයන්ට මූලික වශයෙන් වගකිව යුතුය.
එපමනක් නොව, මධ්‍යම කඳුකරයේ තේ වතු සමාගම්වලට කඹුරන දෙමල වතු කම්කරුවන්ට, අවදානමකින් තොර භූමියක ආරක්ෂාව සහිත නිවාස ඉදිකරදීමේ වගකීමෙන් මුලුමනින්ම අත සෝදා ගෙන සිටීමට වතු කලමනාකාරිත්වයට ඉඩදීම සම්බන්ධයෙන් ද වගකිව යුත්තේ රාජපක්ෂ ආන්ඩුවයි.
Follow us on