අධිරාජ්‍යවාදය හා ඉබෝලා ව්‍යසනය
Imperialism and the Ebola catastrophe
“වර්තමාන (ඉබෝලා) වසංගතය පුදුමාකාර ලෙස පැතිර යන්නේ, පලමුකොටම වෛරසයේ ජෛව ලක්ෂන නිසා නො ව, එය බලපා ඇති ජනතාවගේ සෞඛ්‍ය සේවා පද්ධතියේ දුබලකම හා ආසාදනය පැතිරීම වැලක්වීමට යොදා ඇති පාලන ක්රමයන්හි අප්රමානවත් කම නිසාය. ”
වෛද්‍ය ක්‍රිස්ටෝපර් ඩයි, මූලෝපායික අධ්යක්ෂ, ලෝක සෞඛ්‍ය සංවිධානය
මෙය වනාහි රෝග විනිශ්චය පිලිබඳ ප්‍රශ්නයක් ය යන සෞඛ්‍ය විශේෂඥයෙකුගේ මෙම සැර බාල වචන තුලින් ප්රකාශවන්නේ, හුදෙක් එබෝලා ව්‍යසනය පිලිබඳ ව නොව, ලෝක පද්ධතියක් වශයෙන් ධනේශ්වර ක්රමයේ අසාර්ථකත්වය පිලිබඳ විනිශ්චයකි. දහස් ගනනක් මියගොස් ඇත්තේත්, මිලියන ගනනාවක් අවදානමට මුහුනපා සිටින්නේත්, දීර්ග කාලයක් තිස්සේ අධිරාජ්‍යවාදීන් විසින් මර්දනය කෙරුනා වූ ද සූරාකනු ලැබූවා වූ ද, වසංගතයට ගොදුරු වූ රටවල සමාජ තත්වයන් හමුවේ, වසංගතය පැතිරීමට එරෙහි ප්‍රමානවත් රෝග වැලැක්වීමේ ප්‍රතිකාර ලබාදීමට නොහැකිවී ඇති බැවිනි.
ඉබෝලා හොඳින් තේරුම් ගත් රෝගයකි. කායික තරල සමග ඍජු සම්බන්ධයක් හරහා පමනක් එය පැතිරෙන අතර, බොහෝකොටම එය හුදෙකලා ප්‍රදේශ වලට සීමා වන්නේ, වෙනත් පුද්ගලයන්ට වෛරසය පැතිරවීමට පෙර සාමාන්‍යයෙන් එයට ගොදුරුවූවන් මරා දමන බැවිනි. මීට පෙර ඉබෝලා වසංගතය ඇති කල සමුච්චිත මරන සංඛ්‍යාව යන්තම් පුද්ගලයන් 2,500 දෙනෙකු පමනි. වර්තමාන ව්‍යාප්තිය යන්තම් මාස තුනකින් එම සංඛ්‍යාව ඉක්මවී ය.
අසැල්වැසි සියරා ලියෝනයට හා ලයිබීරියාවට පැතිරීමට පෙර වසංගතය ඇරඹුනේ ගීනියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ය. ලයිබීරියාවේ දී ඉබෝලාව පලමු වතාවට ග්‍රාමීය වසංගතයක් නො ව නාගරික වසංගතයක් විය. බියකරු ප්‍රතිවිපාක සමග එවැනි වසංගතයකට මුහුන දුන් පලමු විශාල නගරය මොන්රෝවියා අගනුවර යි. ඩ
මෙම රටවල් තුනේ ම, වසංගතයේ බලපෑම යටතේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටී ඇත. උදාහරන වශයෙන්, සියරා ලියෝනයේ ලමයෙකු ඉබෝලාවෙන් පෙලෙන බව හඳුනා ගැනීමෙන් පසු එරට එක ම විශාල ලමා රෝහල වසා දැමීමට බල කෙරී තිබීම දැක්විය හැක. ලයිබීරියාවේ සත්කාර කිරීමට ඇඳන් ඇත්තේ සිය ගනනක් පමනක් බැවින් ගොදුරු වූ බොහෝ දෙනා නිවසේ ම රැඳී සිටින අතර, උවටැන් කරනු ලබන්නේ පවුලේ සාමාජිකයන් විසිනි. පසුව ඔවහු ද ගොදුරු බවට පත්වෙති.
මෙම රටවල් තුන ලෝකයේ දුප්පත් ම රටවල් අතරට ගැනේ. 2013 ලෝක බැංකු ලේඛනගත කිරීමකට අනුව, ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය අනුව රටවල් 185ක් අතර මෙම රටවල් පවතින්නේ 161 (සියාරා ලියෝනය), 176 (ගිනියා) හා 181 (ලයිබීරියාව) වැනි තැන ය. රටවල් තුනේම සෞඛ්‍ය සේවා සඳහා දරන වියදම ඩොලර් මිලියන 900ක් පමනි. එක් අයෙකුට ඩොලර් 45ක් වැනි සොච්චමකි.
මහජනයා දුර්දශාව තුල ජීවත්වන නමුත් එම රටවල් ස්වාභාවික සම්පත්වලින් පොහොසත් වන අතර ඒවා කුරිරු ලෙස ගසා කා ඇත්තේ තම උත්සුකයන් ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංගත හා අධිරාජ්‍යවාදී බලයන් විසිනි.
නිදහස් කරන ලද ඇමරිකානු වහලුන් විසින් පිහිටුවන ලද හා සැබවින්ම ඇමරිකානු යටත් විජිතයක් වන ලයිබීරියාවේ දැවන්ත යපස් සම්පත් හා පාම් තෙල් ඇති අතර, 1926 සිට ෆයර්ස්ටන් සමාගම (වර්තමානයේ බ්‍රිජ්ස්ටන්) එහි ඇති ලෝකයේ විශාලත ම රබර් වගාව පාලනය කර ඇත. පැරනි බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වන සියරා ලියෝනය විශාල රූටයිල් සංචිතයක් හා ටයිටේනියම් පාදක යපස් ද සහිත ලෝකයේ ලොකුම දියමන්ති නිෂ්පාදකයන් දහදෙනා අතර සිටී. පැරනි ප්රන්ස යටත්විජිතයක් වන ගීනියාවේ යපස්, දියමන්ති, යුරේනියම්, රත්තරන් හා ලෝකයේ සමස්ත බොක්සයිට් සංචිත වලින් අඩක් ඇති අතර එය අදහාගැනීමටත් නොහැකිය. ඇලුමිනියම් නිෂ්කර්ෂනය කෙරෙන්නේ බෝක්සයිට් වලිනි. ඔස්ට්‍රෙලියානු - කැනඩා සමාගමක් වන රිඕ ටින්ටෝ ඇල්කන් හා ජර්මනියේ ඩැඩ්කෝ ඇලුමිනා සමාගම ගිනියාවේ බෝක්සයිට් නිෂ්කර්ෂනයේ ආධිපත්‍යය දරති.
පසු ගිය දශක තුනේ දී රටවල් තුන ම සිවිල් යුද්ධ, කුමන්ත්රන හා වාර්ගික සංහාරවලින් විනාස කෙරී ඇත. ලෝක වෙලඳපොලේ උග්‍රවෙන දුෂ්කර ආර්ථික කොන්දේසි යටතේ යෝධ බටහිර සමාගම්වලට අලවි කෙරෙන අමුද්‍රව්‍ය මූලාශ්‍ර පාලනය කිරීමට පාලක ප්රභූව අතර සටන්ඇවිල යාමේ ප්‍රතිපලය වශයෙන් එසේ සිදුව ඇත. බ්‍රිතාන්‍ය හා එක්සත් ජාතීන්ගේ හමුදා සියරා ලියෝනයේ වාඩිලාගැනීම හා එක්සත් ජනපද නාවික හමුදා ලයිබීරියාවේ ගොඩබැසීම සමගින් අධිරාජ්‍යවාදී බලයන්ගේ ඍජු මැදිහත්වීම සිදු විය.
2008දී පිපුරුනු ගෝලීය ආර්ථික අර්බුදය මගින් උග්‍ර කෙරුනු, දශක ගනනාවක අධිරාජ්‍යවාදී ගසාකෑමේ හා මැදිහත්වීමේ ඒකාබද්ධ බලපෑම, වර්තමාන සෞඛ්‍ය ව්‍යසනය සඳහා තත්වය නිර්මානය කලේ ය. රටවල් තුනේ දේශසීමා එක්වෙන හුදකලා වනාන්තර ඉබෝලා වයිරසය ගමන් අරඹන විට, වසංගතය කෙරෙහි දැක්වෙන සමාජ සංවිධානයේ ප්‍රතිරෝධය මෙන් ම වෛරසයේ ප්‍රහාරයට එරෙහිව තනි තනි මනුෂ්‍යයාගේ ප්‍රතිරෝධය ද දුර්වල විය.
වසංගත පාලනය හා නිවාරනය සඳහා වන මධ්‍යස්ථාන විසින් තක්සේරු කරන ලද නරක ම සිද්ධිය වන්නේ ( 2015) ජනවාරි අවසාන වන විට රෝගීන් මිලියන 1.4ක් සිටිනු ඇති බවට කර ඇති පුරෝකතනය යි. සියයට 70ක මරන අනුපාතයක් සමග 2015 මුල වන විට ආසන්න වශයෙන් පුද්ගලයන් මිලියනයකගේ මරනවලට ඉබෝලා වෛරසය දායක විය හැක. තව ද, New England Journal of Medicine හි පල කරන ලද නව වාර්තාවක් අනතුරු අඟවන පරිදි, ඉබෝලා වෛරසයේ වෙනස් වූ භූමිකාවේ අර්ථය වන්නේ, එයට “බටහිර අප්‍රිකාව තුල මානව ජනගහනය අතර එය මුල්බැස ගැනීමේ හැකියාව හා මීට පෙර කිසි දිනක සිතා නො මති අනාගත සිද්ධියක්” විය හැකි බව යි. වෙනත් වචනවලින් පවසතොත් කලාපය පුරා සමාජ හා ආර්ථික ජීවිතයට ගිනිය නො හැකි ප්‍රතිවිපාක ගෙන එමින් ඉබෝලාව බටහිර අප්‍රිකාව තුල නිදන්ගත විය හැක.
එම පසුබිම තුල ඉබෝලා අර්බුදයට වෙන් කෙරුනු, 25දා එක්සත් ජාතීන්ගේ මහ සමුලුවේ තුන්වැනි සැසිවාරය, ප්‍රධාන බලවතුන්ගෙන් එයට බැරෑරුම් ප්‍රතිචාරයක් අපේක්ෂා කල නො හැකි බව වැඩිදුරටත් ප්‍රදර්ශනය කිරීමක් විය.
මේ දක්වා ධනවත් රටවලින් ලැබී ඇත්තේ සොච්චම් ආධාරයකි. එනම් කැපවුනු ස්වේච්ඡා වෛද්‍යවරුන් හා හෙදියන් කීප සියයක් යොදවනු ලැබීමයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා දැන් මියගොස් හෝ ආසාදනයට බියෙන් ඉවත්ව ගොස් ඇත. ඒ අතර විය හැකි සේම ඔබාමා පාලනාධිකාරයේ තීරනය, දහස් ගනනක හමුදා යැවීම ය.
මෙම සොල්දාදුවන්ට ඉබෝලාව පිලිබඳව විශේෂඥ දැනුමක් නොමති අතර දේශීය මහජනතාව සමග ඔවුන්ගේ එක ම සම්බන්ධය වනු ඇත්තේ, රෝගයට ගොදුරුවූවන් හා ප්‍රතිකාර ඉල්ලන ඔවුන්ගේ භය භීතියට පත් පවුල් වලට වෙඩි තබා දැමීම ය. වොෂින්ටනයේ ප්‍රධාන උත්සුකය වන්නේ ලයිබීරියානු ජනාධිපති එලන් ජොන්සන් සර්ලීෆ් වැනි එහි දේශපාලන හෙංචයියන් අස්ථාවර වීමේ හැකියාව හා ප්‍රධාන සංගතවල ලාභ අවශ්‍යතාවන්ට තර්ජනයක් වීමේ හැකියාව යි.
ජනාධිපති ඔබාමා, දවස් තුනක් ඇතුලත එත්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඔහු කල තුන්වැනි කතාවේ දී ලෝක ප්‍රතිචාරයේ අසාර්ථක බව පිලිගත්තේ ය: “අපි අවශ්‍ය තරම් වේගයෙන් ඉදිරියට නො යමු. අපි අවශ්‍ය තරම් දේ නො කරමු... පුද්ගලයෝ මෙම වසංගතය අවසන් කිරීමට අත්‍යාවශ්‍ය ප්‍රමානයෙන් සම්පත් නොයොදවති .”
ලයිබීරියාව, සියරා ලියෝනය හා ගීනියාවට ලැබී ඇති සියලු ආධාරවල එකතුව යන්තම් ඩොලර් බිලියන 1 ඉක්මව යි. එහෙත් ඒවා ද පොරොන්දු මිස සැපයුම්, උපකරන හා සෞඛ්‍ය සේවා නිලධාරීන් සැබෑ ලෙස යෙදවීම නො වේ. අධිරාජ්‍යවාදී බලයන් හා ගල්ෆ් රාජාන්ඩු අතර ඔවුන්ගේ සහචරයන් විසින් සිරියාව හා ඉරාකය තුල නව යුද්ධයක් සඳහා ලබා දෙන ඩොලර් බිලියන ගනනට වඩා එය වෙනස් ය. ලිබියාව, ඉරාකය හා ඇෆ්ගනිස්තානය තුල යුද්ධ සඳහා ඩොලර් බිලියන සිය ගනන් කාබාසීනියා කිරීම හා 2008 බිඳවැටීමේ දී බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතනවලට ඇපදීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනන් පුදකිරිම ගැන කියනුම කවරේ ද.
ලෝක අධිරාජ්‍යවාදී දෘෂ්ටිකෝනයට අනුව, මෙම කලාපයේ වටිනාකම පවතින්නේ පොලොව යට ඇති ඛනිජ සම්පත් තුල ය. කලාපයේ වෙසෙන මිනිසුන්ගේ ජීවිත සම්පූර්නයෙන් ම අප්‍රධානය. වසංගතය පැතිරෙත් ම, දේශීය මහජනයා සැලකෙනු ඇත්තේ ශ්‍රම බලකායකට වඩ වඩාත් බාධාවක් ලෙසය. ඔවුන් මුලිනුපුටා දැමීම ව්‍යාපාර පවත්වා ගැනීමේ අත්‍යාවශය වියදමක් ලෙස පමනක් සැලකීමට පටන් ගනු ඇත.
පැට්රික් මාටින්
Follow us on