යුද්ධයට එරෙහි දේශපාලන අරගලය හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ
The political struggle against war and the tasks of the Socialist Equality Party
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රථම ජාතික සමුලුවේ ඉදිරි දර්ශන යෝජනාව, 2015 අපේ‍්‍රල් 30
පහත පල වන යෝජනාව, 2015 මාර්තු 27-30 දිනවල පැවති ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රථම ජාතික සමුලුව විසින් ඒකමතිකව සම්මත කරන ලදි. එය අධිරාජ්‍යවාදී යුද්ධයේ වැඩෙන තර්ජනයට සහ සමාජ ප්රතිවිප්ලවයට එරෙහිව ශී‍්‍ර ලංකාව හා දකුනු ආසියාව තුල පක්ෂයේ දේශපාලන අරගලය සඳහා අත්‍යවශ්‍ය පදනම සම්පාදනය කරයි.
1. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මෙම ප්‍රථම ජාතික සමුලුව, 2014 ජූනි 09දා නිකුත් කල “සමාජවාදය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන” යන මැයෙන් යුක්ත හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) යෝජනාව මුලුමනින්ම අනුමත කරයි. පලමු ලෝක යුද්ධය හටගෙන වසර සීයකට පසුව හා දෙවන ලෝක සංග්‍රාමය ආරම්භවීමේ තැන් පටන් හැත්තෑපස් වසරකට පසුව අධිරාජ්‍යවාදය මානව වර්ගයා දක්කන්නේ විනාශයක් කරාය. යෝජනාව මෙසේ අවධාරනය කරයි: “තවත් අධිරාජ්‍යවාදී රුධිර ස්නානයක් විය හැක්කක් පමනක් නොවේ; විප්ලවවාදී මාක්ස්වාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තිය මැදිහත් නොවුනහොත් එය නොවැලැක්විය හැකි ද වන්නේය.” මෙම සමුලු යෝජනාව වනාහි, හජාජාක යෝජනාව මෙරට සසප දේශපාලන කර්තව්‍යයන් බවට පරිවර්තනය කිරීමකි.
2. යුද්ධය කරා ධාවනයට මූල හේතුව, ගෝලීයකෘත ආර්ථිකය හා ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් බවට ලෝකය බෙදී තිබීම අතර ද නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය හා සමාජකෘත නිෂ්පාදනය අතර ද වන ධනවාදයේ අති මූලික පරස්පර විරෝධතා පුපුරා හැලීමය. 2008 ලේමන් බ්‍රදර්ස් ආයතනය කඩාවැටුනු තැන් පටන් ධනවාදයේ උග්‍ර වන බිඳවැටීම මධ්‍යයේ මෙම ප්රතිවිරෝධතා ගුනාත්මකව ගැඹුරුවී ඇත. ආර්ථික පසුබෑම හා උග්‍ර මූල්‍ය අස්ථාවරත්වයට මුහුන දෙන පාලක පන්ති, දේශීය ව කම්කරු පන්තියේ හා විදේශයේදී සිය ප්‍රතිවාදීන්ගේ වියදමෙන් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ දරති. යුද්ධය කරා තල්ලුව, සෑම රටක් තුලම කප්පාදුවේ හා පොලිස්-රාජ්‍ය මර්දනයේ දේශීය න්යායපත්රය සමග බැඳී තිබේ.
3. ලෝක ධනේශ්වර අර්බුදයේ හරි මැද සිටින එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, මිලිටරි බලය යොදාගෙන ලෝක ආධිපත්‍යය සඳහා වන ඉව බව නැති කඩාවැදීම තුලින් සිය ඓතිහාසික පරිහානිය ජය ගැනීමට උත්සාහ දරන තතු යටතේ, භූ-දේශපාලනයේ ප්‍රධාන අස්ථාවරකාරී සාධකය බවට පත්ව ඇත. එකක් පසුපස තවෙකක් වශයෙන් එලඹෙන අධිරාජ්‍යවාදී ප්රකෝපකරනයන්ගේ, මැදිහත්වීම්වල හා යුද තර්ජනයන්ගේ වේගවත්වීම මගින් ගෝලීය ගැටුමක් දෙසට වන තීව්ර කඩාවැදීම සලකුනු කරනු ලබයි. එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයින් 2014 පෙබරවාරියේදී සැලසුම් කොට කි‍්‍රයාත්මක කල කියෙව්හි ෆැසිස්ට්වාදීන් නායකත්වය ගත් කුමන්ත්රනයෙන් පසුව, යුකේ‍්‍රනය මුල්කරගෙන රුසියාව සමග ඇති කරගත් ගැටුම දිග් ගැස්සෙන අතර එක්සත් ජනපදය, ඉරාකය හා සිරියාව තුල නව යුද්ධයක් දියත් කර තිබේ. වොෂින්ටනයේ සැලසුම්වල කේන්ද්‍රයේ පවතින්නේ, සුවිසල් යුරේසියානු භූ ස්කන්ධය සහ එහි මානව හා ද්‍රව්‍යමය සම්පත් අල්ලා ගැනීම හා පාලනය කිරීම ය. නැගෙනහිර යුරෝපය තුලට එක්සත් ජනපදයේ කඩාවැදීම, එහි “ආසියාවට හැරීම” සමග, එනම්, පුලුල් රාජ්‍යතාන්ති‍්‍රක ප්‍රහාරය හා මිලිටරි තරකිරීම් සහිත චීනයට එරෙහිව යුද සූදනම සමග, එක්ව ගමන් කරයි. මෙම ගැටුම්, මානව වර්ගයා න්‍යෂ්ටික ව්‍යසනයක් තුලට ඇද දමන ඝට්ටනයක සැබෑ අන්තරාය මතු කරයි.
4. සියලු අධිරාජ්‍යවාදී බලවත්තු යුද්ධය සඳහා තමන්ගේම සූදානම ඇතිකර ගනිමින් සිටිති. දැනට එක්සත් ජනපදය සමග කටයුතු කරන නමුදු ඔවුන්ගේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා එකිනෙකට නොපෑහෙයි. වත්මන් සන්ධාන, අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම්වල හා යුද්ධයේ බීජ අන්තර්ගත කර ගනියි. පසුගිය ලෝක යුද්ධයේදී පරාජයට පත්වූ බලවත්තු -- ජර්මනිය හා ජපානය -- තමන් මත පැටවුනු පශ්චාත් යුද්ධ සීමාවන් වේගයෙන් ඉවත දමමින් යලි මිලිටරීකරනය ආරම්භ කර ඇත. ජර්මානු ජනාධිපති ජෝකිම් ගඋක් එක එල්ලේ පැවසුවේ, ජර්මනිය “තම ආර්ථික ශක්තියට හා අනුහසට ගැලපෙන පරිදි යුරෝපය හා ලෝකය තුල කි‍්‍රයාකලාපයක් ඉටුකල” යුතු බවයි. ජපාන ආන්ඩුව, සැබෑවටම ආක්රමනික යුද්ධ ගෙනයාම සඳහා මිලිටරි සන්ධාන ඇතිකරගැනීමේ “සාමූහික ස්වයං-ආරක්ෂාව” සඳහා ඉඩ සැලසෙන පරිදි රටේ පශ්චාත් යුද ව්‍යවස්ථාව “යලි අර්ථකථනය” කලේය.
5. අන්තර් අධිරාජ්‍යවාදී සතුරුකම් නැගී ඒම, පසුගාමී ධනපති රටවල්, ඒ හෝ මේ මහ බලවතෙකුගේ අවශ්‍යතාවන්ට යටත් කරන, විජිතවාදී පාලන රූපාකාරයන් පුනර්ජීවනය කිරීම සමග අත්වැල් බැඳගෙන තිබේ. එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් 2001දී ඇෆ්ගනිස්ථානය ද 2003 දී ඉරාකය ද ආක්රමනය කිරීම, ලෝකය තරගකාරී අනුහස් වැයික්කි ලෙස කපා වෙන්කර ගනිමින් 19වන සියවස තුල යුරෝපීය බලවතුන් ගෙන ගිය දිග්විජයේ යටත් විජිත යුද්ධ සිහිගන්වයි. අවශේෂ අධිරාජ්‍යවාදී බලවත්තු, තමන්ගේ අනුහස් වැයික්කි මත ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීම පිනිස මේ අවස්ථාව ඩැහැගෙන ඇත. ප්රන්සය, ලිබියානු නායක මුවම්මර් ගඩාෆි පෙරලා දැමීමේ යුද්ධයේදී එක්සත් ජනපදය, බි්රතාන්ය හා අනෙකුත් සහචරයින්ට සහාය දුන් අතර, චැඩ්, මාලි, අයිවරිකෝස්ට් හා මධ්‍යම අපි‍්‍රකානු සමූහාන්ඩුව ඇතුලු අපි‍්‍රකාව තුල මිලිටරි මැදිහත්වීම් පෙලක් දියත්කර තිබේ. ඊට අඩු බලවතුන් වන ඕස්ටේ්රලියාව හා නවසීලන්තය පවා, නැගෙනහිර ටිමෝරය හා ශාන්තිකර සාගරයේ කුඩා දිවයින් වලට මැදිහත් වෙමින් මෙම පොරයට පැනගෙන සිටිති. කිසිදු රටකට අධිරාජ්‍යවාදී කුමන්ත්රන, ප්රකෝපකරන, තර්ජන හා මිලිටරි ප්රහාරයන්ගෙන් ගැලවී ගත නොහැකිය. ජාතික ස්වෛරීත්වය පිලිබඳ මූලධර්මය, ලෝකය පුරා අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සඳහා මානවහිතවාදී කඩතුරාවක් නිර්මානය කරගැනීමේ කෝකටත් තෛලයක් වන “ආරක්ෂා කිරීමේ වගකීම” මගින් විස්ථාපනය කරනු ලැබ ඇත.
6. තුන්වන ලෝක යුද්ධයේ විනාශය වැලැක්විය හැකි එකම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ජාත්‍යන්තර කමිටුවේ යෝජනාවට අනුකූලව සසප, එහි ජාත්‍යන්තර සහෝදර පක්ෂ සමග සහයෝගයෙන්, දකුනු ආසියාවේ හා ලෝකය පුරා කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම, තම දේශපාලන වැඩකටයුතුවල හරි මැදට ගෙන එයි.
ශී‍්‍ර ලංකාව හා “ආසියාවට හැරීම”
7. ලෝකයේ සෑම අහු මුල්ලක්ම, වෙලඳපොලවල්, සම්පත්, ලාභ ශ්‍රමය හා මූලෝපායික වාසි සඳහා වන අන්තර් අධිරාජ්‍යවාදී එදිරවාදිකම්වලට හා තරගයට ඇද ගැනෙමින් පවතී. ශ්‍රී ලංකාවට ඉන් මිදිය නොහැකිය. මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් ඉවත්කිරීමට තුඩු දුන් 2015 ජනවාරි මැතිවරනයේදී මෙරට කි‍්‍රයාත්මකවූ, පාලන තන්ත්ර වෙනස් කිරීමේ එක්සත් ජනපද මෙහෙයුම, ආසියාවේ ද ලොව පුරා ද කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. එය, චීනය සමග ජනාධිපති බරක් ඔබාමාගේ රාජ්‍යතාන්ති‍්‍රක, ආර්ථික හා මිලිටරි ගැටුම ද යුද සූදානම ද වේගවත්වීමේ පරාසය පිලිබඳ සලකුනකි. 2009 වසර තරම් ඈතදී, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ පරාජයෙන් පසුව, දැන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ව සිටින ජෝන් කෙරී, තමන් සම කතෘත්වය දැරූ සෙනේට් කමිටු වාර්තාවකින් මෙසේ පවසා තිබුනි. “එක්සත් ජනපදයට ශී‍්‍ර ලංකාව අහිමි කරගත නොහැක.” වසර පහක් තිස්සේ වොෂින්ටනය, චීනය වෙත ආන්ඩුවේ නැඹුරුව අවසන් කිරීමට බල කරන “මානව හිමිකම්” පිලිබඳ උත්සන්න කෙරුනු ව්‍යාපාරයක් දියත් කිරීම පිනිස, ඔවුන් මුලින් නොදුටුවාක් මෙන් සිටි ශ්‍රී ලංකා මිලිටරියේ යුද අපරාධ නරුම ලෙස ගසාකෑවේය. 2014 වන විට එක්සත් ජනපදය, බීජිනය සමග රාජපක්ෂගේ බැඳීම් ඉවසීමට තවදුරටත් සූදානම් නොවු අතර ඔහු පෙරලා දැමීම පිනිස කොල එලිය දැල්වීය.
8. වොෂින්ටනය සමග සමීප සම්බන්ධකම් පවතින හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන ආන්ඩුවෙන් බිඳ ගැනීම ද පාලක සභාගය තුල බෙදීම් ඇතිකිරීම ද එක්සත් ජනපද-ගැති එක්සත් ජාතික පක්ෂයේ හා අනෙක් විරුද්ධ පක්ෂවල සහාය ගොනුකර ගැනීම ද සැලසුම් කොට සංවිධානය කිරීමෙහි ලා කේන්ද්‍රීය ක්රියාකලාපයක් ඉටු කලාය. නව සමසමාජ පක්ෂය (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි සියලු ව්‍යාජ වාම සංවිධාන, එක් හෝ තවත් ආකාරයකින් “විපක්ෂයේ පොදු අපේක්ෂක” සිරිසේන පිටුපස පෙල ගැසුනු අතර, රාජපක්ෂගේ මෙම දිගුකාලීන හෙන්චයියා, වැඩකරන ජනතාව සඳහා ප්රජාතන්ත්රවාදී විකල්පයක් නියෝජනය කරන්නේය යන මුසාව ද තොරොම්බල් කලහ. සැබවින්ම ඔහු කතා කරන්නේ, රාජපක්ෂගේ හා ඔහුගේ ඥාතිමිත්‍රාදීන් තමන් කොන්කර ඇතැයි නොසතුටට පත්ව සිටින, එහෙත් සියල්ලටමත් වඩා, වොෂින්ටනය සමග කුමන හෝ ගැටුමක ප්‍රතිවිපාක ගැන භීතියට පත්ව සිටින, පාලක පන්තියේ කොටස් වෙනුවෙනි. ජනතාවගේ ආරක්ෂකයා ද “ජාත්‍යන්තර කුමන්ත්රනයක” ගොදුරක් ද ලෙස තමාව පින්තාරු කර ගැනීමට උත්සාහ කිරීම මගින්, සිංහල ජනතාවාදයේ පිහිට පැතීම හැරෙන්නට රාජපක්ෂට වෙනත් පිලිතුරක් නොවීය. ඔහුගේ ව්‍යායාමය ප්‍රෝඩාවකි. වැඩකරන ජනතාවගේ සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන්ට කුරිරු ලෙස පහර දීම ගැන රාජපක්ෂ වගකිවයුතුවා පමනක් නොව, චීනයෙන් ආධාර හා ආයෝජන ලබාගන්නා අතර පවා ඔහු, එක්සත් ජනපදය සමග මිලිටරි බැඳීම් ශක්තිමත් කර ගැනීම මගින් ප්‍රධාන කුමන්ත්රනකරුවා වූ වොෂින්ටනය සතුටු කිරීමට වෑයම් කලේය. අවසානයේදී සිදු වූයේ රාජපක්ෂ පරාජයට පත්වී බලය බාර දීමයි. ඔහු ජයගත්තා නම් පවා, “ඡන්ද කොල්ලයක්” ලෙස එය හෙලා දකිමින්, ඔහු බලයෙන් පහ කිරීම සඳහා විශේෂයෙන්ම ඉහල මධ්‍යම පන්තික ස්ථරයන් බලමුලු ගැන්වීමට, මුලුමනින්ම විකසිතවූ “වර්න විප්ලවයක්” සඳහා පසුබිම සකසා තිබුනි.
9. රට “ජාත්‍යන්තර ප්‍රජාවගෙන් හුදෙකලා වීම” අවසන් කිරීම, වෙනත් ලෙසකින් කිවහොත්, වොෂින්ටනය හා විශේෂයෙන්ම ඉන්දියාව ද ඇතුලු එහි මූලෝපායික හවුල්කරුවන් වැලඳ ගැනීම පිනිස, විදේශ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන වෙනසක් ඇති කරන බව අලූතෙන් බලයට පත්වූ සිරිසේන වහාම නිවේදනය කලේය. වැඩකරන ජනතාව සඳහා මෙහි ප්‍රතිවිපාක දුරදිග යයි. ඉන්දියානු සාගරයේ නාවික මාර්ගයන්ගේ සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටීම, සෑම විටම මෙරටට මූලෝපායික වැදගත්කමක් අත්පත් කර දී ඇත. මෙම දිවයින පෙන්ටගන් මූලෝපායඥයින්ට තීරනාත්මකව වැදගත්ය. අපි‍්‍රකාවෙන් හා මැද පෙරදිගින් කෙරෙන චීනයේ බලශක්ති හා අමුද්‍රව්‍ය සැපයුම් කපා හරිමින්, ආර්ථික වශයෙන් එරට වටලෑම, තම යුද සැලසුම්වල අත්‍යවශ්‍ය අංගයක් ලෙස ඔවුහු දැක ගනිති. ආසියාව තුල පෙර නොවූ විරූ ආක්රමනික මැදිහත්වීමකදී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, චීනයට එරෙහි සිය මිලිටරි සූදානම සඳහා පමනක් නොව, කලාපයේ අනෙකුත් ආන්ඩු වලට එරෙහි කුමන්ත්රන සඳහා මෙන්ම කම්කරු පන්තියට එරෙහි ප්රතිවිප්ලවවාදී මැදිහත්වීම් සඳහා ද මෙරට ප්‍රධාන කඳවුරක් ලෙස ගසා කෑමට උත්සාහ කරනු ඇත. එවැනිම අරමුනු සඳහා බි්රතාන්යය, මෙම දිවයින බි්රතාන්ය-ඉන්දියාවට ඒකාග්ර කරනු වෙනුවට වෙනම රාජකීය විජිතයක් ලෙස පවත්වාගෙන ගියේය. දෙවන ලෝක යුද්ධයේදී සිංගප්පූරුව ජපානයට යටත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියාවේ මිලිටරි මෙහෙයුම් සඳහා මිත්රපාක්ෂික මූලස්ථානය ලෙස ප්‍රධාන කි‍්‍රයා කලාපයක් ඉටු කලේය.
10. රාජපක්ෂ බලයෙන් පහකිරීම, 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ඉක්බිතිව එක්සත් ජනපද විදේශ පිලිවෙතෙහි ඇතිවූ වඩා පුලුල් මාරුවක කොටසකි. ඔබාමාගේ “ආසියාවට හැරීම” පිලිබිඹු කලේ, පූර්ව බුෂ් පාලනාධිකාරය, එක්සත් ජනපද මිලිටරිය ඇෆ්ගනිස්ථාන හා ඉරාක යුද්ධ තුල හිර කල බවටත් චීනයේ ආර්ථික නැගීම හා වැඩෙන අනුහස නොතකා හල බවටත් ඇමරිකානු පාලක කවයන් තුල මතුව තිබූ විවේචනයන්ය. පසුගිය වසර 5 පුරා එක්සත් ජනපදය, බීජිනයේ අනුහසට වල කැපීමට, ඇමරිකාවේ ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීමට හා චීනයට එරෙහි යුද්ධය සඳහා සූදානම් වීමට කුමන්ත්රන කල තතු යටතේ, ඉව බව නැති ආකාරයෙන් කලාපය පුරා ආතතීන් අවුලුවා තිබේ. වොෂින්ටනයේ කූට උපායන්ට ගොදුරුවූ පලමුවැන්නා රාජපක්ෂ නොවේ. 2010 මැද භාගයේදී, බීජිනය සමග ගැටුමක් වෙනුවට සංහිඳියාව ඇති කර ගැනීමක් යෝජනා කල, ජපන් අගමැති යුකියෝ හටොයාමා හා ඔස්ටේ්රලියානු අගමැති කෙවින් රඩ් යන දෙදෙනා ඉවත් කිරීමට කුමන්ත්රනය කිරීම මගින්, එක්සත් ජනපදය සිය ප්‍රධාන සගයන් දෙදෙනකු සමග පවත්නා සබඳතා යලි හැඩ ගැස්වීමට ක්‍රියා කලේය. 2014 වන විට එක්සත් ජනපද යුද ධාවනයේ ගෝලීය ස්වභාවය ඉතා පැහැදිලි දෙයක් බවට පත් විය. යුකේ‍්‍රනය අරබයා රුසියාව සමග ඇති කරගත් ගැටුම දිග් ගැස්සෙද්දී හා එක්සත් ජනපදය මැද පෙරදිග නව යුද්ධයක් දියත්කර තිබියදී පවා ඔබාමා, ඕස්ටේ්රලියාවේ පැවති ජී 20 සමුලූවේදී “ආසියාවට හැරීම” ආක්රමනකාරී ලෙස යලි අවධාරනය කලේය. ඉන්දු-ශාන්තිකර කලාපය පුරා නව ඇමරිකානු මිලිටරි ස්ථානගතකිරීම්, කඳවුරු පිලිබද ගිවිසුම් හා මූලෝපායික ගිවිසුම් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු පැවසුවේ, අතීතයේදී එක්සත් ජනපදය කලාපය තුල “ලේ හා සම්පත්” ආයෝජනය කර තිබෙන බවයි. එමගින් ඇඟවුම් කලේ යලිදු එසේ කරන බවයි.
11. එක්සත් ජනපද මූලෝපායඥයින් දැන් ඉන්දු-ශාන්තිකර කලාපයක් ගැන කථා කරද්දී, වොෂින්ටනය දකුනු ආසියාව හා ඉන්දියානු සාගරය සලකන්නේ, චීනය හුදෙකලා කර වැටලීමේ සිය සැලසුම් සඳහා තීරනාත්මක කලාපයක් ලෙසයි. සියල්ලටත් වඩා, ඔවුන්ගේ ඉලක්කය වන්නේ, වරෙක “බි්රතාන්ය අධිරාජ්‍ය ඔටුන්නේ මානික්‍යය” වූ ද ලෝකයේ දෙවන විශාලතම ජනගහනයෙන් යුත් රට ද ක්‍රය ශක්තියේ පදනමින් ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය ද චීනයේ දිගුකාලීන ප්‍රතිවාදියකු ද වන ඉන්දියාව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී න්යායපත්රයට නතුකර ගැනීමයි. 2004 සීඅයිඒ වාර්තාවකින් ඉන්දියාව, ලෝක භූ-දේශපාලනයේ “වඩාත්ම වැදගත් පැද්දෙන රාජ්‍යය” ලෙස හඳුනාගෙන තිබේ. නොයෙකුත් චින්තන පර්ෂද අධ්‍යයනයන්හි විස්තර කර ඇති, සහ ආසියාවේ “ප්‍රජාතන්ත්‍රවාදයන්හි” පොදු වටිනාකම් සම්බන්ධයෙන් එක්සත් ජනපද නායකයින් කරන තකතිරු පුරාජේරු කථා තුල ප්‍රසිද්ධ ප්රකාශනය අත්පත් කරගෙන ඇත්තා වූ, පරිදි, එක්සත් ජනපදයේ මූලෝපායික අරමුන වන්නේ ජපානය, ඕස්ටේ්රලියාව හා ඉන්දියාව අනුබද්ධ කරගත් එක්සත් ජනපදය නායකත්වය දරන චීන-විරෝධී චතුර්පාර්ශ්වික සන්ධානයක සිවු වන කුලුන බවට ඉන්දියාව පත්කර ගැනීමයි. මෙම අරමුන කරා යාමේදී, වොෂින්ටනය, ඉන්දියාවට “ලෝක බලවතෙකු” බවට පත්වීමට “උදව්” කරන බව නරුම ලෙස පවසා, නවදිල්ලිය සමග “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වයකට” එලඹ ඇත්තේ, එහිදි නිරතුරුවම චීනය සමග ඇති ඉන්දියාවේ එදිරිවාදිකම් අවුලුවාලමිනි. 2006 දී සාකච්ඡා කර 2008 දී ක්‍රියාවට දැමූ ඉන්දු-එක්සත් ජනපද සිවිල් න්‍යෂ්ටික ගිවිසුම යටතේ වොෂින්ටනය, දියුනු සිවිල් න්‍යෂ්ටික තාක්ෂනයට හා විදේශීය යුරේනියම් සැපයුමට ඉන්දියාවේ ප්රවිෂ්ටය සහතික කල අතර ඒ මගිින් නව දිල්ලියට තම දේශීය න්‍යෂ්ටික වැඩසටහන න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වෙත යොමු කිරීමට ඉඩ සලසා දී ඇත. දැනට පෙන්ටගනය වසරකට ඉන්දියාව සමග ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස 50ට වැඩි සංඛ්‍යාවක් පවත්වන අතර එය වෙනත් ඕනෑම රටක් සමග පවත්වනවාට වැඩි ප්රමානයකි. පසුගිය වසර ගනනාවක දී ම, එක්සත් ජනපදය ඉන්දියාවට කල අවි අලෙවිය, නව දිල්ලියේ සම්ප්‍රධායික අවි සැපයුම්කරුවා වූ රුසියාවේ අලෙවිය ඉක්මවා ගොස් තිබේ. එක්සත් ජනපදය, ගැඹුරු සාගරික නාවික හමුදාවක් ගොඩනැගීමේ ඉන්දියාවේ සැලසුම් ඉක්මනින් කි‍්‍රයාත්මක කරන ලෙසත්, ඉන්දියානු සාගරයේ ප්‍රධාන පොලිස්කාර ක්‍රියා කලාපයක් තමන් වෙත පවරා ගන්නා ලෙසත් ඉන්දියාව දිරිගන්වමින් සිටියි. මෙම සටකපටකම්, නව දිල්ලිය එක්සත් ජනපදයේ මූලෝපායික අරමුනු සමග පෙල ගැසිය යුතු බවට කෙරෙන නිරතුරුවම වැඩෙන ඉල්ලීම් ද සමග එකට ගමන් කරයි. න්‍යෂ්ටික ගිවිසුමට “හිලව්ව” වශයෙන්, පකිස්ථානය හරහා ඉන්දියාවට ඉරානයේ ස්වාභාවික ගෑස් සැපයීමේ “සාම” නල මාර්ගය සඳහා වන සැලසුම් අතහැර දැමීම ද ඇතුලුව, ඉරානයට එරෙහි සම්බාධක පැනවීමේ හා තර්ජනය කිරීමේ සිය ව්‍යාපාරය පිටුපස පෙල ගැසෙන ලෙස එස්සත් ජනපදය ඉන්දියාවට බල කලේය. ඉන්දියාව සම්බන්ධයෙන් වූ එක්සත් ජනපද මූලෝපාය, චීනයේ නැගීම වැලැක්වීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය මගින් මෙහෙයවෙන අතර, මොස්කෝව සමග නව දිල්ලියේ දශක ගනනක් පුරා දිවෙන මූලෝපායික හවුල්කාරිත්වය කඩාකප්පල් කිරීමත් අවසානයේ එය බිඳ දැමීමත් සිය අරමුන වන බව ද වොෂිංටනය පැහැදිලි කර ඇත.
12. යුරේසියාව මත මූලෝපායික ආධිපත්‍යය පවත්වා ගැනීමේ සිය ධාවනය සඳහා තීරනාත්මක සැලසුම් භූමියක් බවට දකුනු ආසියාව පත්කර ගැනීමේ එක්සත් ජනපද ව්‍යායාමය, පුපුරන සුලු භූ-දේශපාලනික, ජාතික-ජනවාර්ගික හා වාර්ගික ගැටුම් වලින් දැනටමත් ඉරිතලා ඇති කලාපයක ගිනිඅවුලුවයි. වඩාත් ම අනතුරු අඟවන සුලු කාරනය නම්, එය දකුනු ආසියාවේ අවි තරගයක් අවුලුවාලමින්, න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ ඉන්දියාව හා පකිස්ථානය අතර බල තුලනය බිඳ දමා ඇත යන්නයි. ඉන්දියාව තමන් වෙත ආකර්ෂනය කරගැනීමට එක්සත් ජනපදය, ජපානය හා ඔවුන්ගේ අනුචරයින් ගෙනයන ප්රයත්නයන්ගෙන් දිරිමත්ව සිටින හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) නායකත්වයෙන් යුත් ඉන්දියාවේ නව ආන්ඩුව, ඉස්ලමාබාදය සමග ගෙනයන “කී‍්‍රඩාවේ නීති” වෙනස් කිරීම සිය අභිප්‍රාය වන බව දැනුම්දී ඇත. පකිස්ථානය, තමන්ගේ පැත්තෙන්, ඉන්දියාව සමග පවතින අඛන්ඩව වර්ධනය වන මිලිටරි හා ආර්ථික පරතරය ජයගැනීමේ උත්සාහයක් ලෙස, “සටන්බිමේ” උපායික න්‍යෂ්ටික අවි හඳුන්වාදීමේ සැලසුම් ඉදිරියට ගෙනයමින් සිටී. ඉන්දියාව තමන්ගේ කොල්ලකාරී අවශ්‍යතාවන්ට හා අභිලාෂයන්ට වඩාත් දැඩි ලෙස ගැටගසා ගැනීමේ එක්සත් ජනපද තල්ලුවේ භූ-දේශපාලන හා මිලිටරි මූලෝපායික තර්කනය වන්නේ, ඉස්ලමාබාදයට හා බීජිනයට තම දිගුකාලීන මිලිටරි හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීමට බල කිරීමයි. එබැවින් එක්සත් ජනපද-චීන ගැටුම, දැනටමත් ප්‍රකාශිත යුද්ධ තුනකට හා නිමක් නැති යුද අර්බුදවලට තුඩුදී ඇති, පුපුරන සුලු ඉන්දු-පකිස්ථාන එදිරිවාදිකම් සමග වඩ වඩාත් එකිනෙක හා වෙලෙමින් පවතින්නේ, ඒවා එකිනෙකට පුපුරන සුලු නව මානයක් ද අත්කර දෙමිනි. එකවර චීනයට හා පකිස්ථානයට එරෙහිව පෙරමුනු දෙකක යුද්ධයක් ගෙනයාමේ සැලසුම් දැනටමත් ඉන්දියානු මිලිටරිය විසින් සකස් කර ඇත. දකුනු ආසියාවේ සිය ආක්රමනශීලී ක්‍රියාවන්ගේ ගිනිගන්නා සුලු බලපෑම පිලිබඳව වොෂින්ටනයේ පවතින නොතැකීම, ඇන්තනි කෝඩෙස්මන් විසින් ලියන ලදුව මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය විසින් 2013දී නිකුත්කොට තිබෙන වාර්තාවකින් ගෙනහැර දැක්වේ. එය සඳහන් කරන්නේ, මිලියන සිය ගනනක් නොවේ නම් මිලියන දස ගනනක් මිනිසුන් මිය යා හැකි, ඉන්දු-පකිස්ථාන න්‍යෂ්ටික යුද්ධයක්, එක්සත් ජනපදය සඳහා “බරපතල මහා මූලෝපායික ප්‍රතිවිපාක ගෙන ඒම අවශ්‍යයෙන්ම සිදු නොවනු ඇති” බවත් එහි “වාසි ද තිබිය හැකි” බවත්ය.
13. බුරුමය, බංග්ලාදේශය, නේපාලය හා විශේෂයෙන්ම පකිස්ථානය වැනි සෑම දකුනු ආසියාතික රටක්ම මෙම නැගී එන භූ-දේශපාලන ආතතීන්ගේ මහා සුලිය තුලට ඇද ගනිමින් තිබෙන අතර එමගින් ඒවායේ අභ්‍යන්තර අර්බුද බෙහෙවින් උත්සන්න කෙරෙයි. 2009 බලයට පත්වීමෙන් පසුව ජනාධිපති ඔබාමා, ඇෆ්ගනිස්ථාන යුද්ධය “ඇෆ්පැක්” යුද්ධය බවට පත් කලේය. එය පකිස්ථානය එක්සත් ජනපද ඩ්‍රෝන් යානාවල ඝාතන පිටියක් බවට පත් කරමින් සිවිල් වැසියන් සිය ගනනක් මරා දැමීය. පකිස්ථාන ආර්ථිකය රඳා පවතින්නේ, ඇෆ්ගනිස්ථානයට මායිම්ව ඇති ප්‍රදේශ වල තමන්ගේම වැසියන්ට එරෙහිව මිලිටරි මෙහෙයුම් උත්සන්න කිරීම පිනිස එක්සත් ජනපදය විසින් දෙනු ලබන “ඝාතන ගාස්තු” මත ය. මෙය රට පුරා පුලුල්ව පැතුරුනු විරුද්ධත්වයක් අවුලුවා ඇත. එක්සත් ජනපදය විසින් දිරිගන්වනු ලැබූ හා සම්බන්ධීකරනය කෙරුනු, උතුරු වසිරිස්ථානයේ මෑතම ප්‍රහාරය, මිලියනයකට ආසන්න ජනතාවක් සිය නිවෙස් වලින් පලවා හැර සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත බිලිගෙන තිබේ. එක්සත් ජනපදය පකිස්ථානයේ දිගුකාලීන “සදාකාලික මිතුරා” වන චීනය ඉලක්ක කරගනිද්දී, ඉස්ලමාබාදයට උපාමාරු දැමීමට ඇති ඉඩ ප්රස්ථා පටු වෙමින් පවතින්නේ, චීන ආධාර හා ආයෝජන තර්ජනයට ලක් කරමින් හා රටේ ආර්ථික හා සමාජ අර්බුදය තවත් උග්‍ර කරමිනි. පකිස්ථාන පාර්ලිමේන්තුව, ඉස්ලාමීය සටන්කරුවන් ඉක්මන් නඩු විභාගයන්ට ලක්කොට තීන්දු දිය හැකි විශේෂ උසාවි පිහිටුවීමට මිලිටරියට බලය පවරා ඇත. එවන් ප්රජාතන්ත්ර විරෝධී යාන්ත්‍රන කම්කරු පන්තියට එරෙහිව වඩාත් පුලුල් ලෙස යෙදවීම අනිවාර්යය.
14. වොෂින්ටනයේ මිලිටරි සූදානමට හා ප්රකෝපකරනයන්ට චීන කොමියුනිස්ට් පක්ෂ (සීසීපී) නිලධරය දක්වන ප්‍රතිචාරය යුද්ධයේ අන්තරාය තවත් උත්සන්න කරයි. 1978 පටන් චීනය තුල ධනවාදය පුනස්ථාපනය කිරීම මෙහෙයවා ඇති සහ සුපිරි ධනවත් කතිපයාධිකාරීන්ගේ තුනී තට්ටුවක් නියෝජනය කරන සීසීපී නායකත්වය, එක්සත් ජනපද යුද ධාවනයට ප්‍රතිරෝධය දක්වන ලෙස චීනයේ හෝ ජාත්‍යන්තර කම්කරු පන්තියට මොන යම් හෝ ආයාචනයක් කිරීමට තරයේම අසමත්ය. ඒ වෙනුවට පාලන තන්ත්රය, වොෂින්ටනය සමග නව සම්මුතියක් ගොඩනගා ගැනීමට උපාමාරු දමමින් සිටින අතර වාරයේ පවා, මිලිටරිමය වශයෙන් අධිරාජ්‍යවාදී බලවතුන් හා සමාන තැනකට ඒමේ නිරර්ථක අවි තරගයක යෙදී සිටියි. සමහර අවස්ථාවන්හි දී චාරිත්‍රයක් ලෙස කරන සැඳහුම් හැරුනු කොට සමාජවාදය ගැන කරන සියලු සැඳහුම් අතහැර දමා සිටින සීසීපී, පොහොසතුන් හා දුප්පතුන් අතර පුලුල් වන පරතරය මගින් නිර්මානය කෙරෙන සමාජ ආතතීන් තියුනු අතට හැරෙද්දී සිය පාලනය රැක ගැනීම පිනිස ප්රතිගාමී චීන ජාතිකවාදය, විශේෂිතව ජපන්-විරෝධී ස්වෝත්තමවාදය, ඇවිස්සීමට නැඹුරුවී සිටියි. චීන කම්කරුවන් තන්ත්රයේ දේශපේ‍්‍රමී කැඳවුම් ප්‍රතික්ෂේප කල යුතුය. ඉන් සිදුවන්නේ ජපානයේ, ආසියාවේ හා ලෝකය පුරා සිය පන්ති සහෝදර සහෝදරියන්ගෙන් ඔවුන් බෙදාලීම පමනි. එමෙන්ම එක්සත් ජනපද ආක්රමනය සඳහා තවත් කඩතුරාවක් සපයන චීන මිලිටරි තරකිරීමට ද ඔවුහු විරුද්ධ විය යුතුය. මිලියන 400ක් වන චීන කම්කරු පන්තිය, ගොඩනැගිය යුතු ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංගයකි.
15. මෙරට ජනාධිපතිවරනය තුල සසප ගෙනගිය උද්ඝෝෂනය ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියට වැදගත්ය. කවුරු දිනුවත්, යුද්ධයේ තර්ජනය වර්ධනය වනු ඇති බවටත් කප්පාදු වැඩපිලිවෙල ගැඹුරු කෙරෙනු ඇති බවටත් කම්කරුවන්ට හා තරුනයින්ට අනතුරු ඇඟවූයේ සසප පමනි. සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත රාජපක්ෂ හා සිරිසේන යන දෙදෙනාගේම කඳවුරු වලට විරුද්ධව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් කලේ සසප සමනි. කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම සඳහා අරගලය ජාත්‍යන්තරවාදය සඳහා සටන සමග බැඳී තිබේ. සසප මැතිවරන ප්රකාශනය සඳහන් කල පරිදි, අධිරාජ්‍යවාදී යුද්ධයට හා කප්පාදු වැඩපිලිවෙලට එරෙහි අරගලය අවශ්‍යයෙන්ම ජාත්‍යන්තර පරිමාවක් අත්කර ගනියි. කෙතරම් ලොකු ද පොඩි ද යන්න නොතකා එක් ජාතියක පදනම මත, අධිරාජ්‍යවාදයේ හෝ ගෝලීය සංගතයන්හි මෙන්ම මූල්‍ය ආයතන වල ද කොල්ලකාරී ක්‍රියාවන්ට එරෙහිවීම සත්තකින්ම කල නොහැකිය.”
අධිරාජ්‍යවාදී යුද්ධයේ හා විජිත පීඩනයේ නව කාල පරිච්ඡේදයක්
16. යලි ඇරඹී ඇති අධිරාජ්‍යවාදී යුද ධාවනය කෙරේ දකුනු ආසියාව පුරා පාලක පන්තීන් දක්වන බියගුලු ප්‍රතිචාරය, සිය නොනවතින විප්ලවයේ න්‍යාය තුල සියවසකටත් වැඩි කලකට ඉහතදී ලියොන් ට්‍රොට්ස්කි කල විශ්ලේෂනය සනාථ කරයි. ශ්‍රී ලංකාව වැනි ධනේශ්වර වර්ධනය කල් පසුවූ රටවල ධනේශ්වරය, ජනතාවගේ සමාජ අවශ්‍යතා හා ප්රජාතන්ත්රීය අභිලාශයන් සපුරා ලීමට හෝ අව්‍යාජ අධිරාජ්‍ය විරෝධී අරගලයක් ගෙන යාමට හෝ මුලුමනින්ම අසමත් බව ඔහු අවධාරනය කලේය.
17. දෙවන ලෝක යුද්ධයෙන් පසුව හිමිවූ නිල නිදහසේ මායාව, දකුනු ආසියාවේ ධනපති පන්තීන් අධිරාජ්‍යවාදය ඉදිරියේ අඛන්ඩව යටත්වීම වසං කලේය. 1948දී කල දුරදිග යන විශ්ලේෂනයක් තුල, හතරවන ජාත්‍යන්තරයේ ඉන්දියානු උප මහාද්වීප ශාඛාව වූ ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය, බි්රතාන්ය හා දේශීය ධනේශ්වරයන් අතර පිලිකුල් සහගත ගනුදෙනු හෙලාදුටුවේ, “ජනතාව බැඳ දමා ඇති අධිරාජ්‍යවාදී වහල් භාවයේ දම්වැල් යලි වාත්තු කිරීමක්” පමනක් අර්ථවත් කෙරෙන “ව්‍යාජ නිදහසක්” ලෙස ය.
18. දකුනු ආසියාවේ ජාතික රාජ්‍යයන්හි පශ්චාත් යුද්ධ පද්ධතිය පදනම් වූයේ, දේශීය පාලක පන්තීන් විසින් ප්රජාන්ත්රවාදී විප්ලවය මැඩලීම මතය. අධිරාජ්‍යවාදය සමග ඇතිකරගත් ධනපති විසඳුම් වල ප්රතිගාමී ස්වභාවය වඩාත්ම කැපී පෙනෙන අයුරින් පෙන්නුම් කෙරුනේ, ඉන්දියානු උප මහාද්වීපය වාර්ගිකව බෙදා වෙන් කිරීම තුලය. එම ක්‍රියාව සියල්ලටත් වඩා කම්කරු පන්තිය බෙදීම අරමුනු කරගත් අතර එහි ප්‍රතිඵලය වූයේ මිලියන දෙකක් දක්වා වූ ජනකායක් ඝාතනය වීමයි. කිසිදු ප්රගතිශීලී ආකාරයකින් දැවැන්ත ආර්ථික හා සමාජ ප්රතිවිරෝධතා ජයගැනීමට නොහැකිවූ පකිස්ථානයේ හා ඉන්දියාවේ පාලක ප්රභූහු, සමාජ ආතතීන් දේශීයව ප්රචන්ඩ ජන විලෝපයන් ද විදේශීයව යුද්ධය ද වෙත අපසරනය කරනු පිනිස වර්ගවාදය කරා යලි යලිත් හැරී ගත්හ. 1947 වසරේ පටන් ඉන්දියාව හා පකිස්ථානය පූර්න පරිමාන යුද්ධ තුනක් ගෙන ගොස් ඇති අතර අවසන් යුද්ධය, පකිස්ථානය බිඳී බංග්ලාදේශය නිර්මානය කිරීමටත් තුඩු දුනි.
19. මෙරටේ දී අලුතෙන් නිදහස්වූ රාජ්‍යය ඉටුකල පලමු කටයුතු වලින් එකක් වූයේ, මිලියනයක් දෙමල වතු කම්කරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ඡන්ද බලය අහෝසි කිරීම ය. අර්බුද අවස්ථාවන්හි දී, අනුප්‍රාප්තික ආන්ඩු, වැඩකරන ජනතාව භේද කිරීම හා තම පාලනය රැක ගැනීම පිනිස යලි යලිත් හැරුනේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය ඇවිස්සීම වෙතට ය. 1964දී සිරිමා බන්ඩාරනායකගේ ධනපති සභාග ආන්ඩුවට ඇතුලු වෙමින් ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සමාජවාදී ජාත්‍යන්තරවාදය පාවාදීමෙන් කම්කරු පන්තිය තුල නිර්මානය කල ව්‍යාකූලත්වය මගින් වර්ගවාදය කරා පල්ලම් බැසීම ඉමහත් ලෙස වේගවත් කෙරුනි. ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුව වෙලඳපොල ගැති ප්රතිව්යුහකරනය ද කම්කරු පන්තියට එරෙහි සෘජු ප්‍රහාරයක් ද වෙත හැරීම, 1983 දී දිවයින පුරා දියත්වූ දෙමල ජන සංහාර වලින් කුලුගැන්වුන හා විසිපස් වසරක ලේ වැකි සිවිල් යුද්ධයකට තුඩු දුන්, නිර්දය දෙමල විරෝධී උද්ඝෝෂන ව්‍යාපාරය සමග අත්වැල් බැඳ ගත්තේය.
20. සීතල යුද්ධයේ ආකෘතිය තුල, අනෙකුත් පසුගාමී රටවලදී මෙන්ම, දකුනු ආසියාවේ පාලක පන්තීන්ට ද අධිරාජ්‍යවාදී බලවතුන් හා සෝවියට් කඳවුර අතර උපාමාරු දැමීමටත් සමහර අවස්ථා වලදී ස්ටැලින්වාදයේ ආධාරය ඇතිව, ජනතාව ඉදිරියේ අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී ලෙස පෙනී සිටීමටත් හැකි විය. විශේෂයෙන්ම මෙය ඉන්දියාව සම්බන්ධයෙන් සත්‍යයකි. කෙසේ වෙතත්, ඔවුන් ධනේශ්වර පුනස්ථාපනය වැලඳ ගනිද්දී ස්ටැලින්වාදී නිලධරය සිදුකල අවසන් ද්‍රෝහී ක්‍රියාව වන, 1991දී සෝවියට් සංගමය බිඳ දැමීමත් සමග, මෙම තුලන ක්‍රියාව වේගයෙන් අවසානයකට පැමිනි අතර “ස්වාධීනත්වයේ” වෙස් මුහුන ගැලවී ගියේය. එක්සත් ජනපදය, 1991 දී ඉරාකයට එරෙහි පලමු ගල්ෆ් යුද්ධය දියත් කිරීම සඳහා කඩතුරාව ලෙස, “කුඩා කුවේටයට” ඉරාකය කල ආක්රමනය ඩැහැගත්තේය. එම යුද්ධය තමන්ගේම නව විජිතවාදී අභිලාෂයන් නීති යුක්ත කරනු ඇති බව වටහාගත් ලොකු කුඩා සියලු අධිරාජ්‍යවාදී බලවත්තු වොෂින්ටනයට මුලුමනින්ම සහාය දුන්හ.
21. අධිරාජ්‍යවාදී යුද්ධයට හා විජිතවාදයට විරුද්ධ වනු! යන සිය 1991 ප්රකාශනය තුල හජාජාක, ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි සිදුව ඇති ඉමහත් වෙනස්කම් වෙත අවධානය යොමුකරවී ය: “ඉරාකයට එරෙහි ප්‍රහාරයට අරාබි තන්ත්රයන්ගේ සහභාගිත්වය පෙන්නුම් කරන්නේ, අර්ධ විජිත වහල් භාවයේ තත්වයට දැනටමත් ජාතික ධනේශ්වරය අනුගතවී ඇති තරමය.... ජාතික ධනේශ්වරයේ දේශපාලන නිවටකම මිලිටරි ප්‍රහාරයක් පිලිබඳ භීතිය මගින් අභිපේ‍්‍රරනය වන්නේ පාර්ශවීය වශයෙන් පමනි. වඩාත් සෘජු ලෙස එය, පීඩිත රටවල් අධිරාජ්‍යවාදී ආයෝජන මත ආර්ථික වශයෙන් රැඳී සිටීම පිලිබඳ ප්රකාශනයකි.”
22. සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරයට හා එහි ක්‍රියාමාර්ගය වූ ජාතික ආර්ථික ස්වාධීනත්වයට වල කැපූ නිෂ්පාදනයේ ගෝලීයකරනය, එලෙසින්ම පසුගාමී ධනපති රටවල ජාතික ස්වයංපෝෂනයේ නානාවිධ ව්‍යාපෘතීන්ට ද අවසන් තිත තැබීය. ජාත්‍යන්තර කමිටුවේ ප්රකාශනය තවදුරටත් මෙසේ පැවසීය. “තමන්ගේ රටවල් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයෙන් මුදා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට, ජාතික ධනේශ්වරය, සීමාවකින් තොරව කලාපයේ ස්වාභාවික හා මානව සම්පත් සූරාකෑමට අධිරාජ්‍යවාදීන්ට අවසර ලැබෙන ‘විශේෂ ව්‍යවසාය කලාප’ පිහිටුවන ලෙස ඉල්ලා කන්නලව් කරයි.”
23. සෝවියට් සංගමයේ අවසානය, දකුනු ආසියාවේ සම්බන්ධතා ප්රගාඪ ලෙස වෙනස් කලේය. ආර්ථික වශයෙන් සෝවියට් සංගමය මත යැපුනු ඉන්දියාව, 1991 පටන් පුලුල් වෙලඳපොල ගැති ප්රතිව්යුහකරන පිලිවෙත් දියත් කල අතර තමන්ගේ පූර්ව ‘නොබැඳි’ මවා පෙන්වීම අතහැර දමා, රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එක්සත් ජනපදය වෙත හැරී ගති. 2001 දී එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්ථාන ආක්රමනයට ඉන්දියාව සහාය දැක්වීය. 1947 බි්රතාන්ය පාලනය අවසන් වීමෙන් පසුව උප-මහාද්වීපයේ සිදුවූ පලමු අධිරාජ්‍යවාදී මිලිටරි මැදිහත්වීම එය විය. ඉන් පසුව එලඹි දශක එකහමාරක කාලය තුල නවදිල්ලිය, එක්සත් ජනපදය සමග පෙර නොවූ විරූ මට්ටමේ සමීප මූලෝපායික හවුල්කාරිත්වයක් ඇති කරගෙන තිබෙන අතර, එමගින්, චීනයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයේ පමනක් නොව, එහි ඉරාක ආක්රමනය හා ලිබියාවේ “තන්ත්ර වෙනස” සඳහා ගෙන ගිය යුද්ධය ඇතුලු, වොෂිංටනයේ ගෝලීය ආක්රමනකාරිත්වයේ ද සාපරාධී සහායකයකු බවට එය පත් කර තිබේ. වඩා ප්‍රකට ලෙස වොෂින්ටනය වෙත නැඹුරු වෙමින් සිටින අතරම, ඉන්දියානු ධනේශ්වරය, මේ වන තෙක්ම, “මූලෝපායික ස්වෛරිත්වය” පිලිබඳ පිලිවෙතක ගැලී සිටියේ, එක්සත් ජනපදය සමග නිල මිලිටරි සන්ධානයකට ප්‍රතිරෝධය දක්වමිනි. “පැද්දෙන රාජ්‍යයක්” ලෙස සිය තත්වය ගසාකෑම හා එක්සත් ජනපදයේ ප්රතිරාජයෙක් බවට ලඝුවීම වලකාගැනීම පිනිස එය, ගැඹුරු වන ලෝක භූ-දේශපාලනික භේදයන් හමුවේ මධ්‍යස්ථව සිටීමට වැයම් කරයි. මෙම වගකීම් විරහිත පිලිවෙත අවසන් විය හැක්කේ ව්‍යසනයකින් පමනි. එලෙසින්ම මෙය දකුනු ආසියාවේ ද ලොව පුරා ද කම්කරුවන්ට හා පීඩිතයින්ට තර්ජනයකි. ඉන්දියානු ප්රභූව, එක්සත් ජනපදයේ හා එහි සහචරයින්ගේ යුද සූදානම දිරිමත් කරන්නේ, කම්කරු පන්තියට එරෙහි සිය ප්‍රහාරය ගෙනයාමටත් කලාපීය ආධිපත්‍යය පිලිබඳ සිය ප්රතිගාමී කියාපෑම්වලට රුකුලක් ලෙසත්, ඔවුන් මතම වාරු වෙමිනි.
24. ඉන්දියාව ආකර්ෂනය කරගැනීමේ දී, එක්සත් ජනපදය, වොෂින්ටනය විසින් සිය විදේශ පිලිවෙත නියම කරනු ලැබීම නව දිල්ලිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සීතල යුද කාලපරිච්ඡේදය තුල තම කලාපීය අනුචරයා ලෙස ගොඩනැගූ පකිස්ථානය පසෙකට තල්ලු කර දමා ඇත. 2001දී ඇෆ්ගනිස්ථානය වාඩිලා ගැනීමට සූදානම් වන විට එක්සත් ජනපදය, තම මිලිටරි මෙහෙයුම් සඳහා පහසුකම් නොසලසන්නේ නම් හා තලිබාන් තන්ත්රය සමග සිය බැඳීම් අත් නොහරින්නේ නම්, “යලිත් ගල් යුගයට ඇද දමන” පරිදි පකිස්ථානයට බෝම්බ හෙලන බවට තර්ජනය කලේය. එයින් යන්තම් සති කිහිපයකට පසුව, නව දිල්ලිය, පකිස්ථානයේ දුබලකම ගසාකනු පිනිස, ඉන්දියානු පාර්ලිමේන්තුවට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඩැහැ ගත්තේ, ඉස්ලමාබාදයට එරෙහි යුද්ධයක් ගෙන යන බවට තර්ජනය කරමින් හා මාස අටක් තිස්සේ සිය දේශසීමාවේ මිලියනයකට ආසන්න හමුදාවක් බලමුලු ගන්වමිනි. එතැන් පටන් මේ දක්වාම ඉන්දියාව හා පකිස්ථානය, වොෂින්ටනයේ හොඳහිත දිනාගැනීමට අඛන්ඩව උත්සාහ කර තිබේ. පූර්වයේ වොෂින්ටනය හා මොස්කෝව කලාපීය ආතතීන් පාලනය කිරීමට යොදා ගත් සීතල යුද්ධයේ අවසානය, ස්ථාවරත්වයක් ඇතිකරනවා වෙනුවට, ගෝලීය ගැටුමක ජ්වලන කේන්ද්‍ර බවට පත්වීමේ විභවය සහිත දිගු ලැයිස්තුවට ඉන්දු-පකිස්ථාන ගැටුම ද එක් කරමින්, ගැටුමක අන්තරාය තව දුරටත් උත්සන්න කර ඇත.
25. කලාපය පුරා, මුලින් අධිරාජ්‍ය විරෝධී මවාපෑම්වල හා සමාජවාදී වාග් පාඨ දෙසාබෑමේ යෙදී සිටි පක්ෂ, සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව පැමිනි නිෂ්ක්රමනවාදී රැල්ලට එක්වූහ. මෙරට තුල ඇමරිකානු ගැති එජාපයට එරෙහිව තම විදෙස් පිලිවෙත අර්ථදක්වා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), බටහිර වෙත මාරු විය. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සිංහල-බෞද්ධ දේශපේ‍්‍රමයේ නග්න අද්වකාත්වරයකු බවට පත්වීම පිනිස සිය සමාජවාදී මවාපෑම් අතහැර දැමූ අතර 1990 ගනන් මුල, කොලඹ දේශපාලන සංස්ථාපිතයට එක්වීම පිනිස සිය “සන්නද්ධ අරගලය” ද අතහැර දැමීය. කලාපය පුරා සිය සහචරයින් මෙන්ම මේ සියලු පක්ෂ, එක්සත් ජනපදයේ “ත්රස්තවාදයට එරෙහි යුද්ධය” සමග පෙලගැසුනු අතර ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද ආක්රමනයට සහාය දැක්වූහ.
26. එල්ටීටීඊය, අධිරාජ්‍යවාදය සමග සම්මුතියකට යාමේදී පලස්තීන විමුක්ති සංවිධානය හා අප්‍රිකානු ජාතික සංගමය වැනි ජාතික විමුක්ති ව්‍යාපාර අනුගමනය කිරීමට උත්සාහ කලේය. කෙසේ වෙතත්, විශේෂයෙන්ම 1991දී ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීමට ගත් එහි අවිචාරී තීරනයෙන් පසුව, එල්ටීටීඊය, වෙනම ධනේශ්වර ඊලම් රාජ්‍යයක් සඳහා වූ එහි ඉල්ලීම සඳහා කිසිදු සහයෝගයකින් තොරව, ජාත්‍යන්තරව හුදෙකලා වීමේ තත්වයකට මුහුන දුන්නේය. 2009දී එය ලත් පරාජය, ප්‍රධාන කොටම මිලිටරි ප්‍රශ්නයක් නොවූ අතර එය දෙමල ජනතාවගේ නොව දූෂිත දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා නියෝජනය කල එහි බෙදුම්වාදී ක්‍රියාමාර්ගයේ ප්රතිගාමී ස්වභාවයෙන් ගලා ආවකි. අධිරාජ්‍යවාදය තමන්ට එරෙහිව හැරුනු අවස්ථාවේදී එල්ටීටීඊය, මෙරට හෝ කලාපය තුල පුලුල් කම්කරු පන්තියට කෙසේ වෙතත්, එහි ප්රජාතන්ත්ර විරෝධී ක්රමෝපායන් නිසා එයින් විරසකව සිටි දෙමල කම්කරුවන් හා ගොවීන් වෙත කිසිදු ආයාචනයක් කිරීමට ද අසමත් විය. ශ්‍රී ලංකා හමුදා වැටලීම සමීප වෙද්දී, එල්ටීටීඊ නායකයෝ, “ජාත්‍යන්තර ප්‍රජාවට”, එනම්, මෙරට සම්ප්‍රධායික අධිරාජ්‍යවාදී හාම්පුතුන් වූ එක්සත් ජනපදය හා බි්රතාන්යයෙන් පටන්ගෙන කොලඹ ආන්ඩුවට පිටුබලය සැපයූ එම බලවතුන්ටම, ශෝචනීය ආයාචන කිරීමේ තත්වයට පල්ලම් බැස්සෝය.
27. පසුගාමී ධනපති රටවල ධනේශ්වරය මහ බලවතුන් ඉදිරියේ දක්වන බියගුලුකම හා යටත් වීම මගින් අවධාරනය කෙරෙන්නේ, අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයක් කල හැකි එකම සමාජ බලවේගය කම්කරු පන්තිය බවට ලියොන් ට්‍රොට්ස්කි බැසගත් නිගමනයේ නිරවද්‍ය භාවයයි. ශ්‍රී ලංකාව වැනි රටවල කම්කරුවන්ට, අධිරාජ්‍යවාදී පීඩනය හා යුද තර්ජනය අවසන් කල හැක්කේ, ලාභ ගැරීමේ පද්ධතියට අවසන් තිත තබන ඒකාබද්ධ ජාත්‍යන්තර අරගලයක් සඳහා අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානයන්හි සිය පන්ති සහෝදර සහෝදරියන් සමග අත්වැල් බැඳ ගැනීමෙන් පමනි.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ අර්බුදය
28. 2008 සැප්තැම්බරයේ හටගත් ගෝලීය මූල්‍ය අර්බුදය වාරිකව ඇතිවන පසුබෑමක් නොව, ධනවාදයේ පද්ධතිමය බිඳවැටීමකි. එය සියලු දියුනු ධනපති ආර්ථිකයන්හි වසර හයක් දිගට ඇදෙන පසුබෑමකට තුඩුදී ඇත. ආසියාවේ ඊනියා නැගී එන ආර්ථිකයන්හි සාපේක්ෂව ඉහල වර්ධන මට්ටම් රඳා පැවතුනේ, සියල්ලටත් වඩා චීනයේ මාධ්‍යගතව ඇති, ලාභ ග්‍රම වේදිකා ලෙස, පූර්ව දශක තුන පුරා ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලිය තුලට සිදුව ඇති ඒවායේ ඒකාග්රකරනය මත ය. 2008න් පසුව වර්ධනය පවත්වා ගෙන යාමට හැකි වූයේ, සාධක දෙකක ප්‍රතිඵලයක් ලෙසය: එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ජපානයේ මහ බැංකු විසින් ආරම්භ කරන ලද පෙර නොවූ විරූ “ප්රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන් වල ප්‍රතිපල වශයෙන් දෝරේ ගලා ගිය සමපේක්ෂන ආයෝජන, සහ දැවැන්ත උත්තේජක පැකේජයක් තුලින් ආර්ථික ප්රසාරනය පවත්වා ගැනීමට චීන තන්ත්රය දැක්වූ අධිෂ්ඨානය.
29. වර්ධනයට බලපෑ එම හේතු සාධකම ආර්ථික අස්ථාවරත්වයකට තුඩුදී තිබේ. 2013 මැද හරියේදී එක්සත් ජනපද මහ බැංකුව, තමන්ගේ ප්රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන “කප්පාදු” කරන බව ඇඟවුම් කල විට, ඉන්දියාව, තුර්කිය, දකුනු අප්‍රිකාව හා අනෙකුත් නැගී එන ආර්ථිකයන් ක්ෂනික මූල්‍ය සන්ත්රාසයකින් බැට කෑවේය. 2008 නොවැම්බරයත් 2013 සැප්තැම්බරයත් අතර ඉන්දියාව තුලට ගලා ආ විදේශ ආයතනික ආයෝජන ප්‍රමානය -- ප්රධානකොටම එක්සත් ජනපදයෙන් -- ඩොලර් බිලියන 105ක් පමන විය. 2013 දෙවන භාගයේදී ප්රවනතාව ආපසු හැරුනේ, ප්රාග්ධනය ඉවත ගලායාම හා රුපියල තියුනු ලෙස කඩා වැටීමට තුඩු දෙමිනි. එහි දී ඉන්දියානු මහ බැංකුවට (ආර්බීඅයි) එයට මැදිහත් වීමට සිදුවිය. එක්සත් ජනපද මහ බැංකුව 2014 ඔක්තෝබරයේ දී ප්රමානාත්මක ලිහිල් කිරීම් අවසන් කරන බව නිවේදනය කල විට, ආර්බීඅයි නියෝජ්‍ය ප්‍රධානියා මූල්‍ය කලබගෑනියක් පිලිබඳව අනතුරු ඇඟවූයේ, “අපි පසුගිය වසරේදී එය රස වින්දා” යයි පවසමිනි. 2008 අර්බුදයෙන් පසුව ආර්ථික පන්ඩිතයන් ඉදිරිපත් කල අනාගත දැක්ම වූයේ, “නැගී එන ආර්ථිකයන්” ගෝලීය ආර්ථිකය ඉදිරියට තල්ලු කරන වර්ධනයේ එන්ජිම ය යන්නයි. 2014 ඒ මිත්‍යාවේ අවසානය සලකුනු කලේය. ඒ ආසියාව ද ඇතුලු සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකයේම නරක අතට හැරෙන පසුබෑමක් පිලිබිඹු කරමින් චීනයේ වර්ධනය තියුනු ලෙස මන්දගාමී වීමත් සමග ය.
30. මේ සන්දර්භය තුල තම ආන්ඩුව ශ්‍රී ලංකාව ආර්ථික වසයෙන් “ආසියාවේ ආශ්චර්යය” බවට පරිවර්තනය කරමින් සිටින්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදු කල කියාපෑම් මුග්ධ ය. 2008 වසරේ ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ආර්ථිකයට බරපතල ව පහර වැදුනි. ආයෝජන රටින් පිටතට ගලාගියේය, අපනයන මිල හා ආදායම් පහත වැටුනි, ඩොලර් මිලියන 300ක නයක් ලබාගැනීමේ වෑයම අසාර්ථක වූ අතර රැකියා 70,000ක් විනාශ කරමින් කම්හල් 220 ක් වසා දැමුනි. 2009 පටන් ආර්ථික වර්ධනයේ හා කොටස් මිල ගනන්වල නැග්ම අනෙකුත් “නැගී එන ආර්ථිකයන්” පවත්වා ගෙන යාමට දායක වූ සාධකයන්ගේ ම ප්රතිඵලයකි. තව ද සියවස් කාලක් තිස්සේ පැවතුනු සහ යටිතල පහසුකම් හා ආර්ථිකය ගිලගත් සිවිල් යුද්ධයක් අවසන් වීම සමග එය සමපාත වූ අතර එබැවින් ඉතා අවම අගයක සිට ඇරඹුනු ආර්ථික වර්ධනය 2010 දී සියයට 8ක් දක්වා නැග පසුව සියයට 6-7 මට්ටමේ පවතී. ලෝක ආර්ථිකය සමග වඩා සමීප ව බැඳී ඇති ශ්‍රී ලංකාව ඒ හේතුවෙන් ගෝලීය ආර්ථික කුනාටුවලට ගොදුරු වීමේ හැකියාව වැඩි වී තිබේ. ආර්ථික වර්ධනය බොහෝ සෙයින් බාහිර නය මගින් ධාවනය කරනු ලබන අතර එම නය 2005 පටන් හතර ගුනයකට ආසන්න ව වැඩි වී ඩොලර් බිලියන 40ට ලඟා වී පවතී. ශ්‍රී ලංකාවට ලැබෙන ආධාරවල හා ආයෝජනවල ප්‍රමුඛතම මූලාශ්‍රය බවට චීනය පත්ව ඇත්තේ, එය නැගෙන භූ-දේශපාලනික ආතතීන්ට ගොදුරු වීමේ හැකියාව ඉහල දමමිනි. විදේශ විනිමය ලැබෙන තවත් ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ පේ්රශනයන් ය. ඒවා බොහෝසෙයින් ලැබෙන්නේ, එක්සත් ජනපදය නව යුද්ධයක් දියත් කර ඇති මැද පෙරදිගින් ය.
31. අන් සෑම රටක මෙන් ම ශ්‍රී ලංකාව තුල ද ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත හෙලීමට පාලක පන්තිය ක්‍රියා කරමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (ජාමූඅ) අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නය දල දේශීය නිෂ්පාදිතයට (දදේනි) දරන අනුපාතය නැගී එන ආර්ථිකයන් සඳහා එම අගයේ සාමාන්‍යය මෙන් දෙගුනයක් වන අතර එය අඩු කරනු ලැබිය යුතු ය. ජාමූඅ නියෝග යටතේ, රාජපක්ෂ ආන්ඩුව 2009 දී දදේනියෙන් සියයට 9.9ක් වූ අයවැය හිඟය 2013 දී සියයට 5.8ක් දක්වා කපා දැමීය. විවෘත ව කප්පාදු වැඩපිලිවෙලට පේ වී සිටින නව සිරිසේන තන්ත්රයට මේ වසරේ සියයට 5.2ක් හා 2016 සියයට 3.8ක් වන ජාමූඅහි මී ලඟ ඉලක්ක කරා ලඟා වීමට සිදු වනු ඇත. මෙහි අර්ථය වන්නේ කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් ගැඹුරු ලෙස කප්පාදු කිරීමකි.
32. කප්පාදු පියවර හා වෙලඳපොල-හිතැති ප්රතිව්යුහකරන වනාහි සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ම වැඩපිලිවෙලයි. එජාපය 1977 දී විවෘත වෙලඳපොල පිලිවෙත් ක්‍රියාවට දැමීමට ඇරඹීම සම්බන්ධයෙන් වගකීම දරන අතර කුමාරතුංගගේ හා රාජපක්ෂගේ ශ්‍රීලනිප නායකත්වයෙන් යුක්ත ආන්ඩු යටතේ එම පිලිවෙත් අඛන්ඩව ඉදිරියට ගෙනයාමට මුලුමනින්ම පිටුබලය සැපයීය. නැවත බලයට පැමින ඇති තතු යටතේ එජාපය ඒවා තීව්ර කරනු ඇත. ජවිපෙ “නව සමාජවාදී රාජ්‍යයක්” වර්ධනය කිරීමේ නව දැක්ම නමැති වැඩපිලිවෙලක් එලිදක්වා ඇත. එහෙත් එහි අර්ථය වන්නේ ලංකාව විදේශ ප්රාග්ධනය සඳහා ලාභ ශ්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කිරීමේ චීන මොඩලය ක්‍රියාවට දැමීමයි. දෙමල ධනේශ්වරය නියෝජනය කරන දෙමල ජාතික සන්ධානයට (ටීඑන්ඒ) දිවයිනේ උතුර හා නැගෙනහිර ආයෝජකයන් සඳහා තමන්ගේ ම ලාභ ශ්‍රම තටාකයක් බවට පත්කිරීම පිනිස ප්‍රාදේශීය ස්වයං-පාලනයක් අවශ්‍ය ය.
33. රාජ්‍ය වියදම් කප්පාදුව ජීවන තත්වයන් මත ව්‍යසනකාරී බලපෑමක් ඇති කොට තිබේ. රාජපක්ෂ ආන්ඩුව තථ්‍ය වැටුප් කැටි කිරීමක් පවත්වා ගෙන ගියේ සහනාධාර කැපීම හා වක්‍ර බදු වැඩි කිරීම හේතුවෙන් මිල ගනන් අහස උසට නගිද්දී ය. 2007 පටන් පාන් මිල දෙගුනයකට වඩා ඉහල ගොස් ඇති අතර ඉන්ධන මිල ඉහල යාම නිසා බස් ගාස්තු සියයට 50 සිට 100 දක්වා වැඩි වී ඇත. සීමිත සමෘද්ධි සහනාධාරය ලබන පවුල් ගනන 2010 දී මිලියන 1.6ක සිට 2013 දී 100,000 දක්වා අඩු කෙරුනි. පුද්ගලික ආයෝජකයන්ට අවස්ථා විවෘත කර දීමට නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සඳහා රාජ්‍ය වියදම ක්රමානුකූල ව කප්පාදු කරනු ලැබ තිබේ. ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය සියයට 25කින් කපා ධීවරයන්ට දෙන ඉන්ධන සහනාධාරය නවතා දැමීම නිසා ග්‍රාමීය දුගීන් දැඩි ලෙස ප්‍රහාරයට ලක් වී ඇත. කෘෂි නිෂ්පාදන භාන්ඩවල මිල පහත වැටීම හා නිෂ්පාදන පිරිවැය ඉහල යාම බොහෝ ගොවීන්ගේ ආදායම් හකුලුවා ඇත්තේ ඔවුන් ව අනවරත නයබරිත භාවයට හා දරිද්‍රතාවට තල්ලු කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස සියදිවි හානි කර ගැනීම් ඉහල ගොස් ඇත.
34. ශ්‍රී ලංකාව ඊනියා මධ්‍ය-ආදායම් ලබන රටවල මට්ටමට නංවමින් ඒක පුද්ගල ආදායම 2013 දී ඩොලර් 3,280ක් දක්වා නැගී ඇතැයි රාජපක්ෂ ආන්ඩුව පාරම්බෑවේ ය. එහෙත් මෙය පොහොසතුන් හා දුප්පතුන් අතර පුලුල් වන සමාජ අගාධය නො තකා හරී. නිරපේක්ෂ සමානතාව සඳහා 0 හා නිරපේක්ෂ අසමානතාව සඳහා 1 අතර පරාසයේ පිහිටන ගිනි සංගුනකය 1991 දී 0.34ක් වූ අතර එය 2012 දී 0.40ක් දක්වා නැග ඇත. රටේ කුටුම්භයන්ගෙන් පොහොසත් ම සියයට 20 මුලු ආදායමෙන් සියයට 53.5ක් අයත් කර ගනිද්දී දුප්පත් ම සියයට 20ට හිමි වන්නේ සියයට 4.4ක් පමනි. දෛනික ඉපැයීම ඩොලර් 1.25ක හෙවත් රුපියල් 162ක දරිද්‍රතා රේඛාවක් භාවිතා කරමින් ආන්ඩුව කියා සිටියේ 2012 දී දිලින්ඳන් සිටියේ ජනගහනයෙන් සියයට 4.1ක් පමනක් බවයි. එහෙත් දරිද්‍රතා රේඛාව දෛනික ව ඩොලර් 2ක් යයි සලකතොත් මෙම අනුපාතය නාටකාකාර ලෙස සියයට 23ක් දක්වා ඉහල යයි.
35. රටෙහි ශ්‍රම බලකායෙන් සියයට 54ක් හෙවත් මිලියන 2.5ක ජනකායක් අනියම් හෝ තාවකාලික රැකියාවල නිරත වන අඩමාන පැවැත්මකට ඇද දමනු ලැබ තිබේ. 2006 හා 2012 අතරතුර ස්ථීර රැකියා නියුක්තිය සියයට 5කින් ඉහල යද්දී තාවකාලික හා අනියම් රැකියා නියුක්තිය සියයට 21කින් ඉහල නැගුනි. ශ්‍රමිකයන් කුලියට ගන්නා සමාගම් දැන් නිදහස් වෙලඳ කලාප ද ඇතුලුව බොහෝ ව්‍යාපාර සඳහා තාවකාලික කම්කරුවන් සපයයි. “ජාත්‍යන්තර තරගකාරීත්වය” සඳහා වන උමතු ධාවනයේ කොටසක් ලෙස සේවා කොන්දේසි, විශ්‍රාම ප්රතිලාභ, සෞඛ්‍යාරක්ෂන වැඩසටහන් හා අතීත අරගලවල දී දිනාගත් අනෙකුත් අයිතිවාසිකම් අහෝසි කෙරෙමින් පවතී.
36. 2009 දී යුද්ධය අවසන් වීම රාජපක්ෂ විසින් පොරොන්දු වූ සාමය හා සමෘද්ධිය ගෙනැවිත් නැත. අපාලිත ආර්ථික අර්බුදයකට හා වැඩෙන සමාජ ආතතීන්වලට මුහුන දී සිටි රාජපක්ෂ ආන්ඩුව රාජ්‍ය මර්දනය හා වාර්ගික වෛරයන් හා සතුරුකම් අවුලුවාලීම යන තම පූර්ව ආන්ඩු සියල්ල පාවිච්චි කල ප්රතිගාමී විධික්රම මත වාරු විය. දෙමල-විරෝධී ස්වෝත්තමවාදය තුල ගිලී සිටින දක්ෂිනාංශික පක්ෂ මත පාදක වන, බලයට පැමින ඇති සිරිසේන ආන්ඩුව සිය “ප්රජාතන්ත්රවාදී” වහන්තරාව ඉක්මනින්ම අතහැර දමා එය ම කරනු ඇත.
37. ආරක්ෂක හමුදාවල පිටුබලය ලබමින් මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනයාට එරෙහි වර්ගවාදී ප්රකෝපකරනයන් හා ප්රහාරයන් ගෙනයන බොදු බල සේනා, රාවනා බලකාය හා සිහල රාවය වැනි බෞද්ධ අන්තවාදී සංවිධාන පෝෂනය කිරීමට රාජපක්ෂ ආන්ඩුව ක්‍රියා කලේ ය. ඒ අතර ම එය, දශක තුනක වාර්ගික යුද්ධය තුල දී ගොඩනගන ලද පොලිස්-රාජ්‍ය යාන්ත්‍රනය ද ප්රසාරනය කලේ ය. ආරක්ෂක වියදම වාර්ෂික ව සියයට 17.4කින් ඉහල නංවමින්, දකුනු ආසියාවේ වඩාත් ම මිලිටරීකෘත රට බවට ශ්‍රී ලංකාව පත් කෙරුනි. අවම වසයෙන් භටයන් 80,000ක් උතුරු පලාත තුල ස්ථානගත කරනු ලැබ තිබේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) තුලට යුද කාලීන කෲර හදිසි නීති බලතල අඩංගු කරන ලදී. “නීතිය හා සාමය පවත්වාගෙන යාමට” දිවයිනේ දිස්ත්‍රික්ක 22ට සන්නද්ධ හමුදා යෙදවීමට රාජපක්ෂ අවසර දුන්නේ ය. සියල්ලට ඉහලින් මෙම යෝධ යාන්ත්‍රනය කම්කරු පන්තිය ඉලක්ක කරගනී. 2011 දී වැඩවර්ජනයේ යෙදුනු කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන්, 2012 දී විරෝධතා දැක්වූ ධීවරයන් හා 2013 දී කාර්මික දූෂනයට එරෙහි ව විරෝධතාවේ යෙදුනු වැලිවේරියේ ගම්වාසීන් ඇතුලු, වැඩ කරන ජනයාට එරෙහි ප්රචන්ඩ ප්‍රහාර මාලාවක් සඳහා ආරක්ෂක හමුදා යොදා ගැනුනි.
ව්‍යාජ වම්මු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග පෙල ගැසෙති
38. කම්කරු පන්තියට පැහැදිලි කම ලබාදීම හා එය බලමුලු ගැන්වීම ඉදිරියට යන්නේ, ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තර ව ද අධිරාජ්‍යවාදී යුද්ධය සමග පෙලගැසී ඇති ව්‍යාජ-වාම ප්රවනතාවන්ට එරෙහි අඛන්ඩ දේශපාලන අරගලයක් හරහා ය. ලෝකය පුරා සිය සහචරයින් මෙන් ම නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) 2011 දී එක්සත් ජනපදයේ මෙහෙයවීමෙන් ලිබියාවේ ගෙනගිය තන්ත්ර මාරු මෙහෙයුමේ ද සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් ඉවත් කිරීමට එය ගෙනයන උත්සාහයන්ගේ ද ක්ෂමාලාපකයින් ලෙස කටයුතු කලේය. ඉස්ලාම්වාදීන්ගේ, සීඅයිඒ ඒජන්තයන්ගේ හා හිටපු ජනරාල්වරුන්ගේ ප්රතිගාමී එකතුවක් වන ලිබියාව හා සිරියාව තුල එක්සත් ජනපද කුලීකාරයින් ව “විප්ලවවාදීන්” ලෙස සාවද්‍ය ලෙස හුවා දැක්වීමට ඔවුන් කටයුතු කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි සගයන් එම බලවේගවලට උපකරන සැපයීම, සන්නද්ධ කිරීම හා මූල්‍යාධාර සැපයීම පවා සිදු කරද්දී ය. ලිබියානු තානාපතිට ඉල්ලා අස් වී එක්සත් ජනපදයේ පිටුබලය ලබන “කැරලිකරුවන්” සමග එක්වන ලෙස බලකිරීමට නසසප කොලඹ දී විරෝධතාවක් පවා සංවිධානය කලේ ය.
39. ජනවාරි 8දා පැවති ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ ඉවත් කිරීමට සිරිසේන පිටුපස පෙලගැසීම මගින් නසසප හා එසප කොලඹ එක්සත් ජනපද පිටුබලය ලත් තන්ත්ර මාරු මෙහෙයුම සමග ඒකාබද්ධ වූහ. පසුගිය දශකය පුරා විපාර්ශවික එජාපය “ප්රජාතන්ත්රවාදී” විකල්පය ලෙස හුවා දැක්වීමට ඔවුන් ගෙනගිය උද්ඝෝෂනය රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව එක්සත් ජනපද නායකත්වයෙන් ක්‍රියාවට දැමූ “මානව හිමිකම්” මෙහෙයුම සමග මුලුමනින් ම ගැලපුනි. මෙම පක්ෂ ක්‍රියාත්මක වන්නේ කොලඹ දේශපාලන සංස්ථාපිතයේ කොටසක්, එනම්, ධනේශ්වර දේශපාලනයේ ප්රවනතාවක් ලෙස ය. 1983 කෲර දෙමල විරෝධී සංහාරය සමගින් එල්ටීටීඊයට එරෙහි යුද්ධය අරඹා 1994 වන තෙක් එය රුදුරු ලෙස පවත්වාගෙන ගිය එජාපය, දීප්තිමත් ප්‍රජාතාන්ත්‍රික වර්නයන්ගෙන් පින්තාරු කිරීමට ඔවුන් දක්වන කැමැත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඔවුන්ට තරනය කල නො හැකි දේශපාලන සීමා රේඛාවක් නොමැති බවයි.
40. දේශපාලන සංස්ථාපිතයේ අනෙක් කොටස් මෙන් ම නසසප හා එසප ද වාර්ගික දේශපාලනය තුල ගිලී සිටින්නේ ය යන්න ඔවුන් දෙමල ධනේශ්වරයේ පක්ෂය වන ටීඑන්ඒ හා ජවිපෙන් කැඩීගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සමග දමන උපාමාරුවලින් වඩාත් පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කෙරේ. පෙසප 2012 දී ජවිපෙන් සංවිධානාත්මක ලෙස බෙදී වෙන්වුනත් එහි සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය දිගට ම කරගෙන යයි. ජවිපෙ තුවක්කු කරුවන් කම්කරුවන්, වෘත්තීය සාංගමිකයන් හා දේශපාලන විරුද්ධවාදීන් සිය ගනනක් මරා දමමින් 1980 ගනන් අග දී ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව එය දියත් කල ප්රතිගාමී දේශපේ‍්‍රමී උද්ඝෝෂනයේ කොටස්කාරයන් වීම ගැන පෙසප නායකයෝ ආඩම්බර වෙති. එසප හා නසසප ද ඇතුලත් කරගත් “වමේ යලි කාන්ඩ ගැසීමේ” සාකච්ඡාවලට එක් වන ලෙස පෙසප, සසප වෙත ආරාධනා කලවිට සසප එම යෝජනාව එකහෙලා ප්‍රතික්ෂේප කලේ ය. පෙසප වෙත ලියූ ලිපිය තුල සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් මෙසේ සඳහන් කලේ ය: “එවැනි යලි කාන්ඩ ගැසීමක් යථාවත් කර ගත හොත් එහි ප්‍රතිඵලය කම්කරු පන්තියට තවත් දේශපාලන උගුලක් නිර්මානය කිරීම වනු ඇත. වසර 45කට වැඩි කාලයක් පුරා ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කොට කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වෙහෙස නො තකා අරගල කොට ඇති සසපට ඔබ ක්‍රියාවට දැමීමට සූදානම් වන ප්රතිගාමී යලි කාන්ඩ ගැසීමට විශ්වාසවන්ත භාවයක් ලබාදීමේ කිසිදු අදිටනක් නැත.”
41. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයත් එහි යුද ධාවනයත් පිටුපස සිය ගාල් වීම සාධාරනීකරනය කිරීමට ව්‍යාජ-වම්මු චීනය හා රුසියාව අධිරාජ්‍යවාදී බලයන් ලෙස සාවද්‍ය ලේබල් ගසති. ඒවායේ ඓතිහාසික හා ජාත්‍යන්තර සන්දර්භයෙන් එම රටවල් උගුල්ලා දමන මෙම ගුනාංගීකරනය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි සගයන් යුරෝපය, ආසියාව හා මැද පෙරදිග තුල ගෙන යන වඩ වඩා ඉවබවක් නැති ප්රකෝපකරනයන් හා මිලිටරි මැදිහත් වීම් පිලිගැනීමට මහජන මතය සකස් කිරීමේ උත්සාහයකි. ව්‍යාජ-වම්මු, පැවති සෝවියට් සංගමය පිරිහුනු කම්කරු රාජ්‍යයක් හා 1949 විප්ලවයෙන් පසු චීනය විකෘත කම්කරු රාජ්‍යයක් ලෙස ලියොන් ට්‍රොට්ස්කි හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කල විද්‍යාත්මක විශ්ලේෂනය ප්‍රතික්ෂේප කරති. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු, නිෂ්පාදනයේ ගෝලීයකරනයේ බලපෑම යටතේ ධනවාදය පුනස්ථාපනය කිරීම සමග එම තන්ත්රයන්ගේ ආර්ථික හා සමාජ පදනම්වල ඇති වූ යෝධ පරිවර්තනයන් නො තකා හරිති. රුසියාව හා චීනය යන දෙරට තුලම ඉස්මතු වූයේ නව අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන නොව එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් විසින් ආධිපත්‍යය දරන වර්තමාන ගෝලීය පර්යාය මත සැමතින් ම ආර්ථික ව රඳා පවත්නා ධනේශ්වර රටවල් ය. චීනයේ ශීඝ්‍ර ආර්ථික ප්රසාරනය ප්‍රධාන වසයෙන් තද්භව වී ඇත්තේ සුපිරි ලාභ මිරිකා ගැනීම පිනිස එරටෙහි ලාභ ශ්‍රමය සූරාකෑමට පේ වී සිටින යෝධ අන්තර්ජාතික සංගතවලින් එන ආයෝජන හා තාක්ෂනයන්ගෙනි. තුනී සුපිරි ධනවත් කතිපයාධිකාරයන්ගේ අවශ්‍යතා නියෝජනය කරන චීනයේ හා රුසියාවේ ධනේශ්වර තන්ත්රවලට සසප අශමනීය ලෙස විරුද්ධ ය. කෙසේවෙතත් අපගේ විරුද්ධත්වය පදනම් වන්නේ, ගෝලීය පරිමාන ව ධනවාදය අහෝසි කිරීමට අධිරාජ්‍යවාදයට එරෙහි ව ගොඩ නගන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් ලෙස රුසියාවේ හා චීනයේ කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට හජාජාක ගෙන යන අරගලය මත යි.
42. ඒ අතර ම ලෝක යුද්ධයක හැකියාව ප්‍රතික්ෂේප කිරීම මගින් කම්කරු පන්තිය නිද්‍රා ගැන්වීමේ දී නසසප හා එසප සිය ජාත්‍යන්තර සගයින් සමග එක් වී සිටිති. නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න මෙසේ ලිවීය: “මෙය අධිරාජ්‍යවාදී රටවල් එකිනෙකා සමග ගැටෙමින් යුද්ධය කරා යන යුගයක් නො වේ. අප එලැඹ ඇත්තේ ජාමූඅ, ලෝක බැංකුව හා ලෝක වෙලඳ සංවිධානය යන ත්‍රිත්වය මැදිහත් වී වෙලඳ ගැටුම් සමනය කරමින් සාමය ගෙන එන යුගයකට ය... බලයේ සිටින්නෝ ලෝකය වෙනස් කලාපවලට බෙදාගෙන පාලනය කරමින් ඒකාබද්ධ ගෝලීය ධනවාදය තුල තම පැවැත්ම ආරක්ෂා කර ගනිති.” මෙය පලමු වන ලෝක යුද්ධය පුපුරා යාමෙන් ඉක්බිති තම පක්ෂයේ යුද-ගැති අවස්ථාවාදීන්ට යටත් වූ ජර්මානු සමාජ ප්රජාතන්ත්රවාදයේ න්‍යායාචාර්ය කාල් කෞට්ස්කිගේ “ආන්තික-අධිරාජ්‍යවාදයේ” නවීන අනුවර්තනයකි. “ධනවාදය යටතේ ස්ථීර සාමයක හැකියාව පිලිබඳ බලාපොරොත්තු දල්වමින් මහජනයා සමහන් කිරීමේ වඩාත් ම ප්රතිගාමී කෞට්ස්කිගේ විධික්රමයට” විරුද්ධ ව ලියමින් ලෙනින් පැහැදිලි කලේ, එක් කාල පරිච්ඡේදයක තාවකාලික අධිරාජ්‍යවාදී සන්ධානවලට ආර්ථික වර්ධනයේ වෙනස් රේට්ටු හා සාපේක්ෂ ශක්තියේ වෙනස්වීම් මගින් නොවැලැක්විය හැකි ලෙස වල කැපෙනු ඇති බව යි. ”එක් අධිරාජ්‍යවාදී සන්ධානයකට එරෙහි ව තවෙකක් වේවා සියලූ අධිරාජ්‍යවාදී බලයන්ගේ පොදු සන්ධානයක් වේවා . . . අන්තර්-අධිරාජ්‍යවාදී හෝ ආන්තික-අධිරාජ්‍යවාදී සන්ධාන යනු නොවැලැක්විය හැකි ලෙසම හුදෙක් යුද්ධයන් අතරතුර කාලපරිච්ඡේද තුල ඇති කර ගැනෙන තාවකාලික ‘විරාමයකට’ වැඩි යමක් නො වේ” (වී.අයි. ලෙනින්, Collected Works (එකතු කල කෘති), 22 වෙලුම, 294-5 පිටු).
43. ව්‍යාජ-වාම සංවිධාන නියෝජනය කරන්නේ, විශේෂයෙන් ම සිවිල් යුද්ධාවසානයේ පටන්, නිෂ්පාදනයේ ගෝලීයකරනය තුලට ශ්‍රී ලංකාව ඒකාග්ර වීමෙන් බොහෝ සෙයින් ප්රතිලාභ ලබා ඇති ඉහල මධ්‍යම පන්තික වරප්රසාදිත තට්ටුවක අවශ්‍යතා ය. එක් අධ්‍යයනයකට අනුව, දෛනික ව ඩොලර් 10 සිට 100 දක්වා වියදම් කරන ජනගහනයෙන් සියයට 4ක් පමන වන ගෝලීය මධ්‍යම පන්තියක් ශ්‍රී ලංකාවේ සිටී. ඔවුන් අතර සිටින වැඩි අපේක්ෂාවන් සහිත අය සමාජ හිනිමගේ ඉහලට නැගීමේ උත්සාහයක යෙදී සිටිති. ඔවුන් අතරට කොටස් වෙලඳපොල සමපේක්ෂකයින්, ව්‍යවසායකයින්, ධනවත් වෘත්තිකයින්, ශාස්ත්රාලිකයින්, වෘත්තීය සමිති ක්‍රියාධරයන් හා අනුබද්ධිත ජාත්‍යන්තර ආයතන මගින් මුදල් සපයන රාජ්‍ය නො වන සංවිධානවල කාර්ය මන්ඩල අයත් වේ. ඒ හෝ මේ ආකාරයෙන්, ඔවුහු, එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරනු ලබන වත්මන් අධිරාජ්‍යවාදී පර්යාය සමග සිය අවශ්‍යතා බැඳී තිබෙන බව සලකන අතර එහි “ව්‍යාජ මානව හිමිකම්” ප්‍රචාරය වැලඳ ගනිති. දෙවන ලෝක යුද්ධයෙන් හා බි්රතාන්යයෙන් නිල නිදහස ලැබීමෙන් ඉක්බිත්තේ විශේෂයෙන් ම රාජ්‍ය නිලධරය හා රාජ්‍යයට අයත් ව්‍යවසායන් තුල මධ්‍යම පන්තික කොටස්වලට අවස්ථා විවර විය. එම මධ්‍යම පන්තික කොටස් සිය වැඩිදුර දියුනුව රාජ්‍ය යන්ත්රනයේ ප්රසාරනය හා කම්කරු පන්තියේ අරගල සමහන් කිරීමට ලබා දුන් සීමිත සමාජ සහන සමග බද්ධ ව තිබෙන බව දැකගත්හ. ගෝලීයකරනයේ සම්ප්‍රාප්තිය සමගින්, සිය වරප්රසාදිත තත්ත්වය සෘජු ව හෝ වක්‍ර ව කම්කරු පන්තිය සූරාකෑම නිරන්තරයෙන් තීව්ර කිරීම සමග බැඳී ඇති මධ්‍යම පන්තියේ නව ස්ථර ඉස්මතු වූහ. රාජපක්ෂ යටතේ කුඩා කන්ඩායමක් අවස්ථාවන් භුක්ති විඳි අතර බහුතරය ඔහුගේ ආන්ඩුවේ ඥාති සංග්‍රහය තම අවශ්‍යතාවන්ට හා වෘත්තිමය අවස්ථාවන්ට බාධකයක් වීම සම්බන්ධයෙන් බෙහෙවින් අසහනයට පත්ව බහුතරය සිරිසේන වටා රැලි විය.
සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ
44. යුද්ධය කරා ධාවනයට අවුලුවාලන ධනවාදයේ මූලික පරස්පර විරෝධයන් ම සමාජවාදී විප්ලවය සඳහා පදනම ද දමයි. කෙසේවෙතත්, ධනවාදය පෙරලා දැමීම සඳහා දේශපාලනික ගාමක බලය සපයන්නේ යුද්ධය ම නොව යුද්ධයට එරෙහි සවිඥානික අරගලය යි. ඒ සඳහා කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වය අවශ්‍ය කෙරේ. හජාජාක සිය ජූනි පුන්සැසියේ යෝජනාව මගින් කම්කරු පන්තියේ මහජන යුද විරෝධී ව්‍යාපාරයක් තුල ලොව පුරා කම්කරුවන්ට දේශපාලනික පැහැදිලි කම ලබා දී ඔවුන් ව බලමුලු ගැන්වීමේ හා ඒකාබද්ධ කිරීමේ ඍජු වගකීම භාර ගත්තේ ය. “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය දේශපාලන වැඩකටයුතුවල හරිමැද යුද්ධයට එරෙහි අරගලය තබයි” යනුවෙන් යෝජනාව සඳහන් කලේ ය. “එය, අධිරාජ්‍යවාදී ප්රචන්ඩත්වයේ ද මිලිටරිවාදයේ ද යලි නැගී ඒම කෙරෙහි පල කෙරෙන විප්ලවවාදී විරුද්ධත්වයේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය බවට පත්විය යුතුය. මෙම කර්තව්‍ය ඉටුකිරීමේ අරමුනක් පවා ඇති වෙනත් සංවිධානයක් නොමැත.”
45. මෙම වගකීම් ඉටු කිරීමේ දී සසප, ඉන්දියානු බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) දකුනු ආසියාව තුල ට්‍රොට්ස්කිවාදය සඳහා ගෙනගිය අරගලයේ පොහොසත් උරුමයෙන් පාඩම් උකහා ගනී. දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදීන්ගේ ප්‍රතිචාරය වූයේ හුදෙක් ලංකාවේ පමනක් නොව සමස්ත ඉන්දියානු උප මහාද්වීප කලාපය පුරා හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවක් ලෙස බීඑල්පීඅයි ගොඩ නැගීම අවශ්‍ය බව නිගමනය කිරීම යි. බි්රතාන්ය අධිරාජ්‍යවාදය පරාජය කිරීමට අවශ්‍ය විප්ලවවාදී බලවේගය මෙම දිවයිනේ සීමා තුල තබා කිසිදු තනි රටක ජාතික රාමුව තුලින් ජනනය කරගත නො හැක. එලෙසින් ම අද ද අධිරාජ්‍යවාදය වඩා ප්‍රබල පරිමාන ව්‍යසනයක් සූදානම් කරද්දී යුද්ධයට එරෙහි අරගලයට ඉදිරියට යා හැක්කේ කලාපයේත් ජාත්‍යන්තර වත් කම්කරුවන්ගේ ඒකාබද්ධතාව හරහා පමනි. සසප කර්තව්‍යයන්ගේ හරි මැද පවත්නේ දකුනු ආසියාව තුල හජාජාක ශාඛාවන් ගොඩනැගීම යි. අධිරාජ්‍යවාදය ද එහි දේශීය ගැත්තරයන් ද කම්කරු පන්තිය තුල විෂකුරු භේදයන් අවුලුවාලීම පිනිස යලියලිත් ගසා කා ඇති සකලාකාර ජාතිකවාදයන්ට, ප්රජාගනවාදයන්ට, වර්ගවාදයන්ට හා ආගමික නිකායවාදයන්ට සසප එකහෙලා විරුද්ධ වේ.
46. අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහි අරගලය කම්කරු පන්තිය තුල න්‍යායික ව, දේශපාලනික ව හා ප්‍රායෝගික ව මුල් බැස ගත යුතු යයි සසප අවධාරනය කරයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි පසුගාමී රටවල් තුල ගොවි ජනතාව ද ඇතුලු ගම්බද දුගීන්ට නායකත්වය දිය හැකි එක ම විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය යි. මෙම රටවල් තුල කම්කරු පන්තියේ නායක විප්ලවවාදී භූමිකාවට වල කැපීමට දරන උත්සාහයන් නො වලහා හෙලිදරවු කරනු ලැබිය යුතු ය. ලියොන් ට්‍රොට්ස්කි සිය නො නවතින විප්ලව න්‍යාය තුල පැහැදිලි කල පරිදි, ගොවි ජනතාවගේ ද ශ්‍රී ලංකාවේ දෙමල හා මුස්ලිම් සුලුතරයන් වැනි පීඩිතයන්ගේ ද ප්‍රජාතාන්ත්‍රික ගැටලු විසඳාලිය හැක්කේ, දියුනු ධනේශ්වර රටවල සිය පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධතාවෙන් යුතු ව කරන සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙස, කම්කරු පන්තියටම පමනි. 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයේ බලගතු ඓතිහාසික පාඩම වන්නේ මෙය යි.
47. පලමු ලෝක යුද්ධය මධ්‍යයේ, අධිරාජ්‍යවාදී සංහාරයට සහාය දැක්වූ දෙවන ජාත්‍යන්තරයේ නායකත්වයන් ක්රමානුකූල ව හෙලිදරවු කොට ඔවුන්ගෙන් වෙන් වීම අවශ්‍ය යයි ලෙනින් අවධාරනය කලේ ය. “අවස්ථාවාදයෙන් තීරනාත්මක බිඳී වෙන්වීමකින් තොර ව, එහි නො වැලැක්විය හැකි බිඳ වැටීම මහජනතාව ඉදිරියේ පැහැදිලි කිරීමකින් තොරව, වර්තමාන කාලපරිච්ඡේදයේ සමාජවාදයේ අරමුනු ජයගැනීම හා කම්කරුවන්ගේ සැබෑ ජාත්‍යන්තර එකමුතුව සාක්ෂාත් කිරීම කල නො හැක” යයි ලෙනින් ලිවීය. අද දින කම්කරු පන්තිය තුල අව්‍යාජ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම, ආසියාව තුල හා සමස්ත ලෝකය පුරා එක්සත් ජනපද යුද ධාවනය පිටුපස ගාල් වී සිටින විවිධාකාර ව්‍යාජ වාම ප්රවනතා හෙලිදරවු කිරීමේ ක්රමානුකූල දේශපාලන අරගලයක් සමග බැඳී තිබේ.
48. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය, කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහි අරගලය සමග අවියෝජනීය ලෙස බැඳී තිබේ. භූ-දේශපාලනික ගැටුම් අවුලුවාලන ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ එම කොල්ලකාරී මෙහෙයුම් ම, ජීවන තත්ත්වයන් මත වඩා දැඩි ප්‍රහාර සඳහා වන ජාමූඅ හා ලෝක බැංකු නියෝගවලට තල්ලුව දෙයි. සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන ඉල්ලීම වටා යුද්ධයට හා කප්පාදු පියවරවලට එරෙහි ව කම්කරුවන් හා තරුනයන් සංවිධානය කිරීමේ ආරම්භකත්වය සසප සියතට ගනී. මෙම අරගලවලින් ඉස්මත්තට එන ඉල්ලීම් වන නිත්‍ය හමුදාව අහෝසි කිරීම, මර්දන නීති අවලංගු කිරීම, පොලිස් රාජ්‍ය යන්ත්රනය විසුරුවා හැරීම හා අධිරාජ්‍යවාදය සමග වන මිලිටරි ගිවිසුම් අවලංගු කිරීම ආදිය සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය බලය සඳහා ගෙන යන විප්ලවවාදී අරගලය හරහා ම පමනි. දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සසප සටන් වදී.
49. සසප සිය පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) මෙන් ම පදනම් වන්නේ ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය මත වන අතර එහි මූලධර්ම සඳහා සටන් කිරීමේ දීර්ඝ ඉතිහාසයක් එයට තිබේ. 1968 දී විකොස පිහිටුවන ලද්දේ, විශේෂයෙන් ම 1964 ලසසප පාවාදීමට පාර කැපීමෙහිලා පැබ්ලෝවාදීන් ඉටු කල ක්‍රියාකලාපය ඇතුලු, පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි ව හජාජාක ගෙන ගිය අරගලයේ පාඩම් උකහා ගැනීම හරහා ය. සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය ගෙනයාමේ දී, විකොස/සසප දෙමල ජනයාගේ හා සමස්තයක් ලෙස වැඩකරන ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ස්ථිරසාර ව ආරක්ෂා කොට දිවයිනේ වාර්ගික යුද්ධයට විරුද්ධ වී ශ්‍රී ලංකාවේ කම්කරුවන් ඔවුන්ගේ දකුනු ආසියානු හා ජාත්‍යන්තර සිය පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ කිරීමට සටන් වැද තිබේ. 2011 මැයි මාසයේ පැවති සසප ආරම්භක සමුලුවේ දී සම්මත කරගත් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ල තුල පක්ෂයේ දශක පහක සප්රතිපත්තික අරගලයේ දේශපාලන පාඩම් ගැබ් ව තිබේ. මෙම ලියවිල්ල, එලඹෙන දේශපාලන අරගලයන් සඳහා ශ්‍රී ලංකාවේ පමනක් නොව දකුනු ආසියාව තුල හා ලොව වටා විප්ලවවාදීන්ගේ නව පරම්පරාවක් උගන්වා පුහුනු කර ගැනීම පිනිස අත්‍යවශ්‍ය ය.
50. හජාජාක හා සසපයේ දේශපාලන ශක්තිය පිලිබිඹු කරන්නේ එහි ක්‍රියාමාර්ගය ගෝලීය ආර්ථික සංවර්ධනයේ තර්කනයට අනුකූල වන බව හා එය කම්කරු පන්තියේ අවශ්‍යතා ප්‍රකාශයට පත් කරන බව යි. පක්ෂයේ වර්ධනය මෙම වෛෂයික සන්තතියේ ප්රකාශනයක් වන අතර එහෙත් එය ස්වයංසිද්ධ ව සිදු නො වේ. පක්ෂයේ ඉදිරිදර්ශනයට හා ක්‍රියාමාර්ගයට කම්කරුවන් හා තරුනයන් දිනා ගැනීමට සවිඥානික අරගලයක් දියත් කිරීම අවශ්‍ය ය. ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික ව තද්භව කොටගත් මූලධර්ම හා ක්‍රියාමාර්ගය පිලිබඳ ගැඹුරු අවබෝධයක් මත පදනම් ව, ශ්‍රී ලංකාව තුල හා දකුනු ආසියාව පුරා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ වඩාත් දියුනු ස්ථර උගන්වාගෙන නව කේඩර ලෙස ඔවුන් ව වර්ධනය කිරීම සඳහා සසප ගෙනයන ප්රයත්නය -- සියල්ලට මත් වඩා ලෝක සමාජවාදී වෙබ්අඩවිය මගින් කරන සිය දේශපාලන හා න්‍යායික වැඩකටයුතු හරහා -- දෙගුන තෙගුන කරනු ඇත.
Follow us on