නිසි වරාය පහසුකම් නොමැතිකමෙන් තවත් ධීවරයෙකු හලාවත මෝයකටේදී මියයයි
අපේ වාර්තාකරුවන් විසිනි, 2015 සැප්තැම්බර් 30
පසුගිය අගෝස්තු 25 දා හලාවත ජම්බුවත්තේ පදිංචි ඩබ්ලිව්. ඇන්ටනි ලෝව් නැමැති ධීවරයා හලාවත මෝයකටේ ඇති වූ අවහිරතා හේතුවෙන් බෝට්ටුව පෙරලීමෙන් මරනයට පත් විය. කිසිදු ආකාරයක දියුනු වරාය පහසුකමක් නොමැති හලාවත හා ඒ අවට ප්‍රදේශවල 2000 ට අධික ධීවර ජනයා තම ධීවර බෝට්ටු මුහුදට දියත් කිරීමට භාවිතා කරන හලාවත මෝය කට සෑම වසරකම නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වන මැයි සිට සැප්තැම්බර් දක්වා කාලසීමාවේ දී වැලිවලින් වැසී යෑම හේතුවෙන් අඛන්ඩව පීඩාවට ලක්ව සිටී. මෝය කටේ ඇතිවන අවහිරතා හේතුවෙන් පමනක් 2013 වසරේ හලාවත වැල්ලේ බෝට්ටු 48 පෙරලී ගිය අතර ධීවරයන් තිදෙනෙක් මරනයට පත්විය. 2014 වසරේ බෝට්ටු 20 ට වැඩි සංඛ්‍යාවක් පෙරලීමෙන් දේපල හානි රැසක් සිදු විය.
නිරිත දිග මෝසමත් සමග බටහිර හා වයඹදිග වෙරල තීරය රලු වන අතර (වාරකන්) රල පහරට බාධාවන ලෙස මුහුද දෙසට වක්‍රාකාරව ගල් වැටියක් ඉදිකර දෙන්නැයි ධීවරයන් දශක ගනනක් පුරා සිදු කරන ඉල්ලීම බලයට පැමිනි සියලු ආන්ඩු විසින් නොතකා හැර තිබේ. වාරකන් මුහුදේ රැකියාව හේතුවෙන්, සෑම වසරකම තම ජීවිතවලින් හා දේපල හානි මගින් වන්දි ගෙවීමට ධීවරයන්ට සිදු වී තිබේ.
මියගිය ඇන්ටනි සමග රැකියාවේ යෙදුන බෝට්ටුවේ හිමිකරු එම්. රාජන් සුජීව ප්‍රනාන්දු දිවි බේරා ගත් නමුදු තම සහකරුගේ ජීවිතය අහිමිවීමත් බෝට්ටු හා දැල් ආම්පන්න බරපතල ලෙස විනාශවීමත් නිසා ඉමහත් කම්පනයට පත්ව සිටී. සුජීව තමා මුහුනදුන් ව්‍යසනය ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ විස්තර කලේ ය: “අපි වෙනදා වගේම, රාතී‍්‍ර 10.30 ට පමන දියඹේ (ඈත මුහුද) සිට කලපුවට ඇතුලු වෙන විටම විශාල මාරියාවකට (මුහුදු රල පහර) බෝට්ටුව ඉහලට එසවිලා පෙරලුනා. අපි දෙන්නා බෝට්ටුවේ එල්ලිලා පැය භාගයක් විතර උන්නා. උදව් ඉල්ලලා කෑ ගැහුවා. නමුත් බෝටුවක් ඇවිත් මාව බේරගන්නකොට ඇන්ටනී මුහුදට ගහගෙන ගිහින්. ඔහුගේ මල සිරුර පසුදා කිලෝමීටර් 3 ක් පමන දුරින් හමු වුනා.
“මම වසර 25 ක් විතර ධීවර රැකියා කරනවා. මගේ පියත් කලේ මුහුදු රස්සාව. ඒ හම්බ කරපු සල්ලිවලින් තමයි බෝට්ටුව ගත්තේ. බෝට්ටුවෙයි දැල් ආම්පන්නවල වටිනාකම රුපියල් ලක්ෂ 8 ක් පමන වෙනවා. බෝට්ටුව හදන්න එක් ලක්ෂ විසිපන්දාහක් විතර යනවා. අපි අවුරුද්දකට රුපියල් 2,500 ගානේ ගෙවලා රක්ෂනය වෙලා තියෙනවා. දින දෙකක්ම ධීවර කාර්යාලයට ගියා නමුත් නිලධාරින් හිටියේ නෑ. අපිට මේ වගේ ආපදාවකට කිසිම පිලිසරනක් නෑ. මම පාසල් යන දරුවෝ තුන් දෙනෙක්ගේ පියෙක්.
“අපට වාරකන් කාලෙට මුහුදට යන්න වරාය හදලා දෙනවා නම් මේ වගේ අනතුරු වෙන්නෙත් නෑ, නැගෙනහිර මූදේ රස්සාවට යන්න වෙන්නෙත් නෑ. සෑම මැතිවරන කාලයකම හැම රජයක්ම වරාය හදලා දෙනවා කියලා පොරොන්දු වෙනවා. නමුත් කිසිම රජයක් මේ ප්‍රශ්නේ විසඳලා නෑ. දැන් මෝය හදන්න කියලා කලුගල් ටිපර් 3 ක් මෝයට කිලෝ මීටර් භාගයක් දුරින් ගෙනත් දාලා තියනවා. තව වැලි හාරන යන්ත්‍රයක් කලපුවේ නවත්තලා තියෙනවා.
පසුගිය ජනාධිපතිවරන හා මහා මැතිවරනවලදීත් ඊට පෙරත් වරාය ඉදි කර දෙන බවට ප්‍රකාශ කරමින් ප්‍රධාන පක්ෂවල දේශපාලනඥයින් ඡන්දය ගසා කෑමට පැමිනි බව ධීවර ජනයා වෛරයෙන් ප්‍රකාශ කරති. ධීවරයන්ගේ දැවෙන අවශ්‍යතාවක් වන වරාය පහසුකම් පිලිබඳව වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද මුලුමනින්ම නොතකා සිටී. එපමනක් නොව වරාය ඉදි කිරීමට හිලව් ලෙස මෝය කට තුල ස්වභාවිකව තැන්පත්වන වැලි ඉවත් කර ගැනීම සඳහා කලක සිට ප්‍රාදේශීය දේශපාලනඥයින් දැරූ උත්සාහය දැන් කි‍්‍රයාවේ යෙදවෙමින් පවතී.
මෝය කටේ වැලි ගොඩදැමීමට විරුද්ධ වන ධීවර ජනයා පවසන්නේ එය තම ධීවර කටයුතුවලට එල්ල වී ඇති බාධාවන් ඉවත් කිරීමේ අරමුනින් කි‍්‍රයාත්මක වූවක් නොවන බවයි. වැලි සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් එකවරකින් වැලිගොඩ දැමීම නොනවතිනු ඇතැයි ද රටේ අනෙක් තැන්වල සිදුවන ආකාරයේ වැලි ගොඩදැමීමේ ජාවාරමක් සඳහා මුලපිරීමක් වනු ඇතැයි ද එමගින් තම ගෙවල් දොරවල් මුහුදු ඛාදනයට ලක්වීමට හේතුවක් වනු ඇති බව ධීවර ජනයා වැඩි දුරටත් පවසා සිටී.
මෝය කටේ වැලි ගොඩදැමීම කි‍්‍රයාවට නැගීමේ සැලසුම් නිරීක්ෂනය කල ලෝසවෙඅ වාර්තාකරුවන්ට දැක ගත හැකි වූයේ වැලි ඉවත් කරන විශාල යන්ත්‍රය කලපුවේ ස්ථානගත කර තිබෙන ආකාරයයි. කලපුවෙන් එහා ඉවුරේ මේරියන්ස් සංගීත කන්ඩායමේ නායක නලින් පෙරේරාට අයත් යයි පැවසෙන ඉඩමක වැලි පැටවීමට යොදා ගන්නා බැකෝ යන්ත්‍රයක් ද කාර්මිකයන්ට නවාතැන් ගැනීමට අවශ්‍ය දෑ සහ වැලි පොම්ප කිරීමට යොදා ගන්නා පොම්ප ද එහි තැන්පත් කර තිබුනි.
මේ පිලිබඳව තොරතුරු සැපයු පාරම්පරික ධීවර කාර්මික සමිතියේ සභාපතිව සිටි එම්. ජෝසෆ් ලෝසවෙඅ මෙසේ පැවසීය: “අපේ හලාවත වැල්ල ගම්මානයේ පවුල් 2000 ක් පමන ජීවත් වෙනවා. අපේ ගම ආරක්ෂාවීමට මේ වැලි කන්ද බලපානවා. මේ වැලි කෘතිම ආකාරයට ඉවත් කලොත් අපේ ගම මූදට සේදිලා යන්න පුලුවන්. මේ හදන්නේ අපේ පවුල් පිටින් ගෙවල් දොරවල් විනාශ කරන්නයි.
“මේ වැලි ගෙනිහිල්ල නලින් පෙරේරාගේ වත්තේ ඉස්සන් බෝ කරන ටැන්කියක භාගයක් විතර පුරවලා තිබුනා. වැලි පහසුවෙන් ගෙනියන්න මාර්ගයක් සොයලා අලුත් ආන්ඩුවේ ප්‍රාදේශීය මන්තී‍්‍රවරයෙක් ධීවර අමාත්‍යංශයේ නිලධාරින් සමග මේ අවට අවිදලා තියෙනවා. මේ වැලි උන්ට නිධානයක්. මේ කලුගල් ටිකක් දාලා තියෙන්නේ ධීවරයන්ව රවට්ටන්න.”
වරාය ඉදිකිරීම සඳහා කවර හෝ සැලසුමක් හෝ සූදානමක් නොමැතිබව පැහැදිලිව දිස්වන කරුනකි. හලාවත ධීවර කාර්යාලයේ නිලධාරීන් ලෝසවෙඅ ප්‍රකාශ කලේ ධීවර වරාය ඉදිකිරීමට සාකච්ඡා වෙමින් පවතින නමුත් එය ඉදි කිරීම ආරම්භ කිරීමට තවම පියවර ගෙන නොමැති බවයි.
වරාය පහසුකම් නොමැතිකමින් හා අඩු තාක්ෂනික පහසුකම්වලින් තවමත් ධීවර රැකියාවල යෙදෙන ජනයා මුහුන දෙන තවත් ප්‍රශ්නයක් වන්නේ තෙල් හා දැල් ආම්පන්නවල අධික මිල ගනන් ය. පසුගිය මහමැතිවරනයේදී ඡන්ද ගරාගැනීමේ උපායක් ලෙස සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සිදු කරන ලද තෙල් මිල පහල දැමීම පිලිබඳව කතා කල ධීවරයන් පැවසුවේ අනෙකුත් භාන්ඩයන්හි මිල ඉහල යන තතු තුල එය සහනයක් නොවූ බවයි. නැවත කවර මොහොතක හෝ තෙල් මිල ඉහල යෑමේ අවදානම පවතින බව අතීත අත්දැකීම් මතකයට නංවමින් ඔවුහු පැවසූහ.
හලාවත අලුත්වත්තේ තවත් කුඩා බෝට්ටු ධීවරයෙකු වන ජීවක මෙසේ සිය අත්දැකීම් විස්තර කලේ ය: “මම අවුරුදු 13 ට කලින් රැකියාව ආරම්භ කරද්දි බෝට්ටුවක මිල රුපියල් 80,000 ක් වුනා. දැන් තුන් ලක්ෂ විසිපන්දාහයි. බෝට්ටු හදන අමුද්‍රව්‍ය මිල ගනන් ඉහල ගිහින් කියලා කොම්පැනි කියනවා. නමුත් අපි කොහොමද මේ මිල ගනන් දරා ගන්නේ. තෙල් මිල පහල දැමුනත් සාමාන්‍ය බඩු මිල ඉහල යමින් තියෙනවා. අපි දකිනවා ගොවියෝ වී විකුන ගන්න බැරුව පාරට බැහැලා ඉන්න හැටි. අපිට විශ්වාසයක් නෑ තෙල් මිල මේ මිල යටතේ ම තියයි කියලා.
“2012 දී තෙල් මිල ඉහල දැමීම නිසා පැන නැංග විරෝධතාවලට රාජපක්ෂ ආන්ඩුව වෙඩි තිබ්බා. ඇන්ටනි ප්‍රනාන්දු එතනම මැරුනා. මිල අඩු කරනවා වෙනුවට සහනාධාරයක් දෙන්න ගත්තා පස්සේ ඒකත් නැවැත්තුවා. ගිය අවුරුද්දේ යලි ධීවර විරෝධය වැඩෙද්දි අඩු මිලට දැල් ආම්පන්න දෙනවා කියලා කිවුවා. අපෙන් ලියවිලි පුරෝලා අවශ්‍ය දැල්වල ලැයිස්තු ගත්තා. නමුත් ඉල්ලපු ප්‍රමානය ලැබුනෙත් නෑ, ලැබුනෙත් ධීවරයෝ සුලු පිරිසකට විතරයි.”
ලෝක ධනේශ්වර අර්බූදයේ ප්‍රතිඵලයක් ලෙස උග්‍ර වෙමින් පවතින ලංකාවේ ආර්ථික අර්බූදය හමුවේ ආන්ඩුව විසින් තෙල් මිල ගනන් යලි ඉහල දැමීම පිලිබඳ සාකච්ඡා දැනටමත් ආරම්භ කොට පවතී. පසුගිය ජූනි 21 දා සන්ඩේ ටයිම්ස් පත්‍රයේ පල වූ ලිපියක පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් ලීටරයක් සඳහා වැයවන වියදමට වඩා රුපියල් 25 ක් අඩුවෙන් වෙලඳපලට නිකුත් කිරීම හේතුවෙන් 2015 මැයි මාසය වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 6.9 ක පාඩුවක් විඳින බවත් මැතිවරන පොරොන්දු මගින් තෙල් මත සිදු කරන සහනාධාර කපා දමා ලෝක වෙලඳපලේ මිල ගනන් ඉහල යෑම මත තෙල් මිල ගනන් ඉහල යෑමේ ක්‍රමයක් ඉක්මනින් ගෙන ඒම සඳහා කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් සඳහන් වේ.
ඛනිජ තෙල් සංස්ථාවේ පාඩු පියවීමට මහා භාන්ඩාගාරයෙන් සහනාධාර සැපයීමට නියමිත නමුත් භාන්ඩාගාරයේ මුදල් නොමැති බැවින් සංස්ථාව නය මත යැපෙනා බව එහි බලධාරීන්ගෙන් උපුටා දක්වමින් ලිපිය තවදුරටත් සඳහන් කරයි.
දල ජාතික නිශ්පාදනයෙන් සියයට 5.5 ක් වන අය-වැය හිඟය ලබන වසර තුල දී සියයට 4.4 දක්වා කප්පාදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති නියෝග කි‍්‍රයාවේ යෙදවීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පොරොන්දු දී තිබේ. රටේ නය අර්බූදය ද උග්‍ර කෙරී ඇති අතර ආන්ඩුවේ අනිවාර්ය පිලිවෙත වී ඇත්තේ අර්බූදයේ බර කම්කරු පීඩිත ජනයා මත පටවමින් සුභසාධන හා සහනාධාර කප්පාදුව වේගවත් කිරීමයි.
Follow us on