ඉන්දියාවේ මෝටර් රථ කම්කරුවෝ, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීමට සටන් කරති
Indian auto workers fight to defend wages and conditions
අරුන් කුමාර් විසිනි, 2016 මාර්තු 26
මරුති, සුසුකි, හොන්ඩා, ටාටා යන මෝටර් රථ නිශ්පාදන සමාගම්වල සහ බොෂ්, රිකො සහ පි‍්‍රකොල් යන මෝටර් වාහන අමතර කොටස් නිශ්පාදනය කරන සමාගම්වල කම්කරුවෝ ඉහල වැටුප්, කොන්ත‍්‍රාත් කම්කරුවන් ස්ථිර කිරීම සහ යහපත් සේවා කොන්දේසි සඳහා සමස්ත කර්මාන්තයම අලලා ගත් වැඩවර්ජන මාලාවකට එලඹ සිටිති.
ගෝලීය ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමේ එල්ලය ඇතිව ඉන්දියාවේ මධ්‍යම ආන්ඩුවේ ද පිටු බලය සහිතව ප‍්‍රාන්ත ආන්ඩු සහ සමාගම්, රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදුව සඳහා ගන්නා පියවරයන්ට බලවත් විරෝධය පාමින්, ප‍්‍රධානකොටම දහස් ගනන් තරුන මෝටර් රථ කම්කරුවෝ, කම්හල් වාඩි ලා ගන්නා විරෝධතා සහ පෙලපාලි ද වැඩවර්ජන ද පවත්වති.
ඉන්දියාවේ මෝටර් රථ නිශ්පාදන කර්මාන්තයේ කම්කරුවන් මිලියන 7.6 සේවයේ යෙදී සිටින අතර තවත් මිලියන 12 කම්කරුවන් පිරිසක් මෝටර් රථ බෙදාහැරීමේ, සිල්ලර හා සේවා අංශයේ සේවයේ යෙදී සිටියි. ඉන්දියාවේ මෝටර් රථ කර්මාන්තය කලාප තුනක ස්ථාන ගතව පවතී. තමිල්නාඩුවේ චෙන්නායි නුවර ආසන්නයේ විශාලතම කලාපය ද නවදිල්ලියට ආසන්න සහ හර්යානා හි ගුර්ගා ඕන් - මනෙසාර් උතුරු දිග කාර්මික තීරය ද ගුජරාටයේ අලුතින් මතුවන කාර්මික ප‍්‍රදේශයේ අනෙක් කලාපය ද පිහිටා තිබේ.
ඉන්දියාවේ මෝටර් රථ කම්කරුවන් ගෙන් අති විශාල බහුතරයක් සේවයේ යොදවනු ලබන්නේ කෙටි කාලීන, දරිද්‍රතා මට්ටමේ වැටුප්, කොන්ත‍්‍රාත් ක‍්‍රමයට අධික සූරා කැමේ කොන්දේසි යටතේ, බරපතල අනතුරු වලට ලක් වීමේ ඉහල අවදානම ද සහිතවයි. මරුති සුසුකි කම්කරුවන්ගෙන් සියයට 80 ද ෆෝඞ් ඉන්දියා කම්කරුවන්ගෙන් සියයට 75 ද හුන්ඩායි කම්කරුවන්ගෙන් සියයට 80 ද කෙටි කාලීන වැටුප් කොන්ත‍්‍රාත් මත සේවයේ යොදවා ඇත.
ඉන්දියාවේ ජාතික ආන්ඩුව සහ ප‍්‍රාන්ත ආන්ඩු මෝටර් රථ කම්කරුවන්ගේ කාර්මික කි‍්‍රයාවට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, සංගත වල කලමනාකරනය සමග වඩ වඩාත් සහයෝගිතාව තර කරමිනි. අඩු වැටුප් හා දරුනු සේවා කොන්දේසි වලට එරෙහිව කම්කරුවන් ගේ අධිෂ්ඨානය තලා දැමීමට සහ සටන්කාමී කම්කරුවන් ක‍්‍රමානුකූලව දඩයම් කිරීමට පොලිසිය මෙහෙයවනු ලැබේ.
මෙම සතියේ සඳුදා හර්යානා ප‍්‍රාන්තයේ ගුර්ගා ඕන් හි හීරෝ මෝටර් රථ කම්කරුවන්, අවුරුදු තුනක වැඩ ගිවිසුමක් සහ පසුගිය අගෝස්තු මාසයේ සිට ගෙවියයුතු හිඟ වැටුප් ඉල්ලා කර්මාන්ත ශාලාවේ ආපනශාලාව වාඩි ලා ගත්තේය.
අවුරුදු තුනේ වැඩ ගිවිසුම සියලුම හීරෝ මෝටෝ ක්‍රොප් වාහන කර්මාන්ත ශාලා වල ක‍්‍රියාත්මක කිරීමට එකඟත්වයක් ඇතිව තිබිනි.
හීරෝ මෝටෝ ක්‍රොප් කම්කරුවෝ හොන්ඩා මෝටර් සමාගමේ කම්කරුවන් ගේ වැටුප් වලට සමාන වැටුප් ඉල්ලා සිටිති. මෙම සමාගම් දෙක මීට පෙර හීරෝ හොන්ඩා ලෙස එක සමාගමක් ලෙස පැවතිනි. හොන්ඩා මෝටර් සයිකල් ඉන්දියා සමාගම මීලඟ අවුරුදු තුන සඳහා රුපියල් 23,300 ක (එ.ජ.ඩොලර් 348) වැටුප් වැඩිවීමක් ලබා දීමට මෑතකදී එකඟ විය. හීරෝ මෝටෝ ක්‍රොප් කලමනාකරනය කම්කරුවන් ගේ විරෝධතාවයට ප‍්‍රතිචාර දැක්වුයේ, පොලීසිය කැඳවීමෙන් සහ වාඩිලා ගැනීම බලහත්කාරයෙන් විසුරුවා හැරීමෙනි.
400 අධික ටාටා මොටර් කම්කරුවන් ගුජරාට ප‍්‍රාන්තයේ සනන්ද් කර්මාන්ත ශාලාවේ දඩයමකට ලක් වු කම්කරු වන් 28 දෙනකු නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා මාසයක් පුරා ඇදී ගිය වර්ජනයක නිරතව සිටි අතර මාර්තු මාසයේ 23 දින එය අවසන් කෙරිනි. ටාටා සමාගම සහ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය මෙහෙවන ප‍්‍රාන්ත ආන්ඩුව එක්ව එල්ල කරන ප‍්‍රහාරයන්ට කම්කරුවන් දක්වන විරුද්ධත්වය නොතකා, විශේෂයෙන් ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදි) සීපීඑම් සහ ඉන්දියා කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) නායකත්වය දෙන ප‍්‍රධාන වෘත්තීය සමිති මෙම වර්ජනය හුදකලා කිරීමෙන් පසුව කම්කරුවන් ආපසු වැඩට දක්කා ඇත.
ටාටා මොටර් කම්කරුවෝ පෙබරවාරි 22 දින වර්ජනය කල විට එය “නීති විරෝධී” බව ටාටා සමාගම ප‍්‍රකාශ කලේය. සතියකට පසු ගුජරාට් ප‍්‍රාන්ත ආන්ඩුව ද එයම ප‍්‍රකාශ කරමින්, පොලීසිය කැඳවා වර්ජකයින් බිය ගන්වා සිය ගනනක් අත්අඩංගුවට ගෙන නැවත වැඩට යාමට බල කලේය. වර්ජනය බිඳීමට සහ නිෂ්පාදනය පවත්වාගෙනයාම සඳහා සමාගම එහි පූනේ කම්හලෙන් කම්කරුවන් 250ක් ගෙනාවේය.
ඊට සතියකට පෙර පෙබරවාරි 16 දින වයඹ දිග ප‍්‍රාන්තයක් වු රාජස්ථානයේ ටපුකරා හි හොන්ඩා මෝටර් සයිකල් සහ ස්කූටර් ඉන්දියා සමාගමේ (එච්.එම්.එස්.අයි) කර්මාන්ත ශාලාවක වාඩිලා ගැනීමක් කඩාකප්පල් කිරීම සඳහා සිය ගනනක් පොලීසිය සහ සමාගමේ මැරවරයින් යෙදවීය. මෙම වාඩිලා ගැනීමට කම්කරුවන් 1700 පමන සම්බන්ධ වූ අතර වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමට තිබෙන අයිතියට සහ යහපත් සේවා කොන්දේසි සඳහා ඔවුන් සටන්වැද සිටියේය. කම්කරුවන් ගේ ඉල්ලීම් සඳහා සමාගම ප‍්‍රතිචාර දැක්වූයේ ප‍්‍රකෝපකාරී ලෙසය. එච්.එම්.එස්.අයි හි පින්තාරු වැඩපලේ වෙහෙසට පත්ව සිටි කම්කරුවකු අතිකාල වැඩ ප‍්‍රතික්ෂේප කිරීම නිසා අධීක්ෂකවරයකු ඔහුට බැනවැදී කායිකව පහරදී තිබුනි.
හීරෝ මෝටෝ ක්‍රොප්, ටාටා මෝටර්, එච්.එම්.එස්.අයි සමාගම් තුල පැනනැගුනු කාර්මික සටන්, පසුගිය අවුරුදු හය පුරා ඉන්දීය මධ්‍යම ආන්ඩුවේ පිටුබලය සහිතව ප‍්‍රාන්ත ආන්ඩු හා කම්කරුවන්ට ප‍්‍රහාර එල්ල කල මෝටර් වාහන සමාගම්වලට එරෙහිව කරන ලද කටුක අරගල මාලවේ කොටසක් වේ.
2010 දි තමිල්නාඩුවේ ශ‍්‍රීපෙර්වුම්බුදුර් හි කොරියන් හයිඋන්ඩායි සමාගමේ කාර් එකලස් කිරිමේ කර්මාන්ත ශාලාවේ දවස් දෙකක වාඩි ලා ගැනීම ට පොලීසිය සාහසික ලෙස පහර දී 280 වඩා කම්කරුවන් ප‍්‍රමානයක් අත්අඩංගුවට ගෙන හිරගත කරන ලදි. ඊට පෙර අවුරුද්දේ තම වෘත්තීය සමිතිය වන හයිඋන්ඩායි මෝටර් ඉන්දියා සේවක සමිතියේ මෙහෙයවීම මත කරන ලද වර්ජනයකදී දඩයම් කරන ලද කම්කරුවන් 67 දෙනකු නැවත සේවයේ පිහිටුවීම ඔවුන්ගේ ඉල්ලීම විය.
2012 ජුලි මස මරුති සුසුකි ඉන්දියා සමාගමේ (එම් එස් අයි එල්) කලමනාකරනය විසින් සංවිධානය කරන ලද මැරයින්, හර්යානා ප‍්‍රාන්තයේ එම සමාගමේ මනෙසාර් හවුල් ව්‍යාපාරයට අයත් කර්මාන්ත ශාලාවේ වෘත්තීය සමිතියක් පිහිටුවීමට උත්සාහ කල කම්කරුවන්ට එරෙහිව ප‍්‍රකෝපකරනයක් ආරම්භ කලේය. ඒ අතර කම්කරුවන් සමග හිතවත්ව කටයුතු කල අවනිෂ් දේව් කර්මාන්ත ශාලා කලමනාකාර වරයා ඝාතනය කරනු ලැබ තිබුනි.
මරුති සුසුකි සමාගම ප‍්‍රතිචාර දැක්වුයේ, කොන්ත‍්‍රාත් පදනම මත සේවය කල ආසන්න වශයෙන් 2000 ක් සහ ස්ථිර කම්කරුවන් 540 කට වැඩි ප‍්‍රමානයක් නෙරපා හැරිමෙනි. අවනිෂ් දේව් ඝාතන සිද්ධිය මුල්කරගෙන, සිය ගනන් කම්කරුවන් කුමන්ත‍්‍රනකාරී ලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත. මහා ධනපතින්ගේ ආයෝජන සහ ලාභ සුරක්ෂිත කිරීම වෙනුවෙන් අධිෂ්ඨාන සහගතව සිටින හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුව - දැනට භාරතීය ජනතා පක්ෂය බලය දරන සහ ඒ වන විට කොන්ග‍්‍රස් පක්ෂය බලයේ සිටි - කම්කරුවන් දඩයම් කිරීමට සහ විරෝධය මැඩලීමට කලමනාකරනයට සහය පිනිස ප‍්‍රාන්ත පොලිසිය කැඳවීය.
මරුති සුසුකි මොටර් වාහන කම්කරුවන් 147 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇප නොදී ආසන්න වශයෙන් අවුරුදු තුනක් පුරා රඳවාගෙන සිටියේය. කම්කරුවන් 112 දෙනෙකු කිසියම් අපරාධයකට සම්බන්ධ බවට සාක්ෂි නොවු බැවින් අවසානයේදී ඇප මත ගිය අවුරුද්දේ මුල නිදහස් කරන ලදී. මරුති සුසුකි කම්කරු වෘත්තීය සමිතියේ නායකත්වය ද ඇතුලු කම්කරුවන් 35 දෙනෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසු වෙයි.
2014 ඔක්තෝබර් මස බැංගලෝරයේ පිහිටි බොෂ් සමාගමට අයත් අඩුගෝඩි කර්මාන්ත ශාලාවේ මෝටර් වාහන කොටස් නිශ්පාදනය කරන කම්කරුවෝ 20% කින් වැටුප් ඉහල දැමීම, මීට පෙර කරන ලද වර්ජන හේතුවෙන් කරන ලද වැටුප් කැපීම් නැවත ලබා දීම, දඩයමට ලක් වු කම්කරුවන් නැවත සේවයේ පිහිටුවීම සහ කොන්ත‍්‍රාත් කම්කරුවන් ස්ථිර සේවයේ පිහිටුවීම යන ඉල්ලීම් මත සති පහක වර්ජනයක් කලහ. එහි දී කර්නාටක ප‍්‍රාන්ත ආන්ඩුව, ජර්මානු හිමිකාරිත්වය සහිත මෝටර් වාහන කොටස් නිශ්පාදකයාට එරෙහිව වර්ජන කිරිම නීති විරෝධී බව ප‍්‍රකාශ කරන ලදි.
ලාභ ශ‍්‍රමය සහ සුලභ බදු සහන අන්තර්ජාතික ආයෝජකයන්ට ලබා දිම මගින් ගෝලීය කාර් නිශ්පාදකයින් ගේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට ඉන්දියාව පත්ව ඇත. ඉන්දියාවේ කර්මාන්ත පිලිබඳ ප‍්‍රතිපත්ති සහ ප‍්‍රවර්ධන දෙපාර්තමේන්තුවට අනුව, 2000 අපේ‍්‍රල් මස සිට 2015 දෙසැම්බර් දක්වා ඉන්දියාවේ මෝටර් වාහන කර්මාන්තය ඇමරිකානු ඩොලර් බිලියන 14.32ක සෘජු විදේශීය ආයෝජන ආකර්ෂනය කර ගෙන ඇත. සුසුකි, ටොයොටා හොන්ඩා, ජෙනරල් මෝටර්ස්, ෆෝඩ්, බීඑම්ඩබ්ලිව්, මර්සිඩීස් බෙන්ස් සහ හයිඋන්ඩායි යන සියලු සමාගම් වල නිශ්පාදන පහසුකම් ඉන්දියාව තුල වේ.
මෝටර් රථ කර්මාන්තය දැනට ඉන්දියාවේ දල ජාතික ආදායමෙන් 7.1% වග කියන අතර ආන්ඩුවේ අපේක්ෂා සහගත සැලසුම වන්නේ වඩ වඩාත් විදේශීය ආයෝජන දිරිමත් කිරීමයි. වර්තමාන ජාත්‍යන්තර ආර්ථිකයේ මන්දගාමී බව ඉන්දියාවේ දේශීය මෝටර් වාහන කර්මාන්තයට බලපා ඇති අතර නිශ්පාදන ඉලක්කයන් පසුගිය මාස 12 තුල පහත වැටී තිබේ. ඉන්දීය මෝටර් රථ වාහන නිශ්පාදන සංගමය (එස්අයිඒඑම්) මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව, පසුගිය වර්ෂය තුල වාහන නිශ්පාදනය 1.34% ක් නැතහොත් වාර්ෂික නිශ්පාදනය මිලියන 1.95 දක්වා පහත බැස ඇත. එස්අයිඒඑම් මාධ්‍යයට ප‍්‍රකාශ කර සිටියේ ඉන්දියානු ආන්ඩුවේ අපේක්ෂිත ඉලක්කය වන, 2016 වර්ෂය තුල පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 145 කරා මෝටර් වාහන කර්මාන්තයට ලඟා වීමට නොහැකි වනු ඇති බව, සහ වත්මන් තත්වය යටතේ එම ඉලක්කය ඉෂ්ඨ කර ගැනීමට දශකයක කාලයක් අවශ්‍ය වන බවයි.
ඉන්දීය මෝටර් වාහන කම්කරුවෝ අඩු වැටුප්, කටුක හා අධික සූරාකෑමේ කොන්දේසි, පෘථුල ලෙස කොන්ත‍්‍රාත් ශ‍්‍රමය භාවිතය සහ වැඩ වේගවත් කිරීමට එරෙහිව සටන් කිරීමට ඇති ඔවුන්ගේ අධිෂ්ඨානය පැහැදිලිවම පෙන්නුම් කර තිබේ. මෙම කොන්දේසි වලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් පල කරන අධිෂ්ඨානය හමුවේ, විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමට එකිනෙකා සමග තරගයක යෙදී සිටින ප‍්‍රාන්ත ආන්ඩු, මෝටර් වාහන සමාගම්වල කලමනාකරනය සමග සහයෝගී වෙමින්, අරගල කරන කම්කරුවෝ මැඩීමට පොලිසිය කැඳවා තිබේ.
මෝටර් වාහන කම්කරුවන් සහ සමස්තයක් ලෙස ඉන්දියා කම්කරු පන්තිය මුහුන දෙන ප‍්‍රධාන දේශපාලන ප‍්‍රශ්නය වන්නේ ප‍්‍රධාන වෘත්තීය සමිතිවල කටයුතුය. එහිදි ස්ටැලින්වාදී සීපීඑම් අනුබද්ධිත ඉන්දියානු වෘත්තීය සමිති කේන්ද්‍රය (සීඅයිටීයූ) සහ සීපීඅයි අනුබද්ධිත ඉන්දියානු වෘත්තීය සමිති කොන්ග‍්‍රසය (ඒ අයි ටී යූ සී) විශේෂිත වේ.
මෙම සංවිධාන මෝටර් වාහන කම්කරුවන් ක‍්‍රමානුකූලව හුදකලා කිරීම, ආවෘත අන්තයක් සහිත නෛතික ක‍්‍රියාවලට යොමුකිරීම සහ කම්කරුවන් වෙනුවෙන් පෙනීසිටින ලෙස ප‍්‍රාන්ත ආන්ඩුවට ආයාචනය කිරීම මගින් ඔවුන් මුලා කිරීමට වැඩ කර තිබේ. වෙනත් වචන වලින් පැවසුවහොත් මෙම සංවිධාන, මෝටර් වාහන කම්කරුවන් වෙනුවෙන් සිය කන්නලව්ව යොමු කරනු ලැබ ඇත්තේ, වර්ජන නීති විරෝධි කර, කම්කරුවන් බියගැන් වීමට සහ මැඩීමට පොලිසිය කැඳවූ එම ආයතන වෙතමය.
ඒ අයි ටී යූ සී, සී අයිටී යූ සහ අනෙකුත් වෘත්තිය සමිති වල ජනතාවාදි කථා සහ එක්සත් සහයෝගිතාවය පිලිබඳ හිස් ප‍්‍රකාශයන්හි ඉලක්කය, එම සංවිධාන වල ප‍්‍රතිගාමී දේශපාලන කටයුතු ආවරනය කර ගැනීම යි. රට ලාභ ශ‍්‍රම කේද්‍රයක් බවටත් විදේශීය ප‍්‍රාග්ධනය ඇදගන්නා චුම්බකයක් බවට පත් කරගැනීමේ ඉන්දියාවේ පාලක පන්තියේ මූලෝපාය සමග සහයෝගයෙන් ක‍්‍රියාකරන සී. පී. අයි. සහ සී. පී. එම්. පක්ෂවල ධනපති දේශපාලනය මේ අනුව ඉදිරියට පැමින ඇත.
මීට අමතරව ඔවුන්, 1991 සිට පැවතුනු, ආයොජකයින් උදෙසා වන ප‍්‍රතිසංස්කරන සහ කම්කරු පන්තියට විරුද්ධ ප‍්‍රහාර එල්ල කිරීම් ක‍්‍රියාවට නගන ලද සියලු බීජේපී නොවන මහ ආන්ඩු වෙත පාර්ලිමේන්තුවේ දි සහයෝගය පුදන ලද අතර බටහිර බෙංගාල සහ කේරල ප‍්‍රාන්ත වල සී. පී. අයි. කොටස්කරුවන් කර ගත් සී. පී. එම්. නායකත්වය දෙන ලද සභාග ආන්ඩු උද්යෝගයෙන් යුතුව ධනපති ආර්ථික ප‍්‍රතිපත්ති නොනැවතී ඉදිරියට ගෙන යන ලදි.
Follow us on