න්‍යෂ්ටික ආරක්ෂක සමුලුව ඉස්මත්තේ ගෝලීය අවි තරඟය පිලිබඳ අනතුරු ඇඟවීම් - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

න්‍යෂ්ටික ආරක්ෂක සමුලුව ඉස්මත්තේ ගෝලීය අවි තරඟය පිලිබඳ අනතුරු ඇඟවීම්

Warnings of global arms race ahead of Nuclear Security Summit

2016 මාර්තු 30

එක්සත් ජනපදය , චීනය, බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඉන්දියාව සහ තවත් රටවල් පනහකට අධික රටවල නායකයෝ බ්‍රහස්පතින්දා ද්විවාර්ෂික න්‍යෂ්ටික සමුලුවක් සඳහා වොෂින්ටනයේ දී රැස්වෙති. යුරෝපය තුල මෑත සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර රැල්ල අභියස සමුලුව කැපකරනු ඇත්තේ එකමුතුකම සහ ජාත්‍යන්තර සහයෝගිතාවය ගැන බොහෝ සෙයින් අර්ථශූන්‍ය ප්‍රකාශ කිරීමට ය.

ජාතික ප්‍රවෘත්ති පත්‍ර තුල හෝ සන්ධ්‍යා ප්‍රවෘත්ති වලදී කලාතුරකින් සඳහන් කල තිර පිටුපස සඟ වී ගත් බුද්ධි අංශ සහ චින්තන පර්ෂද විසින් ප්‍රසිද්ධ කල සංක්ෂිප්ත ලියවිලි කියන්නේ වෙන ම කතන්දරයකි. සමුලුවට නියෝජිතයන් සහභාගී නොකිරීමට රුසියාව විසින් තීන්දු කර ඇති බව එක වාර්තාවක් කියයි.

මුලෝපායාත්මක සහ අයවැය ඇස්තමේන්තු පිලිබඳ මධ්‍යස්ථානය (Center for Strategic and Budgetary Assessments) විසින් මෙම වසර මුල දී ප්‍රසිද්ධ කල එක් අධ්‍යයනයක ශීර්ෂ පාඨය වන්නේ “බිහිසුනු සටන ගැන යලි සිතා බැලීම: දෙවන න්‍යෂ්ටික යුගය තුල පරිදර්ශනය සැලසුම් කිරීම” ය.

ඔවුන්ගේ සම්ප්‍රදායික සහ න්‍යෂ්ටික අවි නවීකරනය කිරීමට, වැඩි දියුනුකිරීමට, සහ ප්‍රසාරනය කිරීමට ආක්‍රමනශීලී ලෙස වැඩකරමින් සිටින එක්සත් ජනපදය විසින් මෙහෙයවන ප්‍රධාන ගෝලීය බලයන් සමග “නව අවි තරඟයක්” මැද ලෝකය සිටින බව පුද්ගලික බුද්ධි පර්ෂදයක් වන ස්ට්‍රැට්ෆෝ ප්‍රකාශ කරයි.

එක්සත් ජනපදය “න්‍යෂ්ටික අවි වර්ධනය කිරීම හෝ නව මිලිටරි මෙහෙයුම් හෝ නව ශක්‍යතාවන් සඳහා පෙලඹවීමක් නොකරන” බව ට එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා 2010 දී සපථ කලේ ය. ඔහුගේ වෙනත් බොහෝ පොරොන්දු මෙන් ම මෙම පොරොන්දුව ද බිඳ දැමුවේ ය. එකසත් ජනපදයේ න්‍යෂ්ටික අවි තොග නවීකරනය කිරීමට ඩොලර් ට්‍රිලිනයක වැඩ පිලිවෙලක් ධවල මන්දිරය විසින් ආරම්භ කර ඇත. මෙම වැඩපිලිවෙල මගින් පවතින න්‍යෂ්ටික අවි නිශ්චිත ඉලක්කගත මිසයිල් සමග බද්ධ කර වැඩිදියුනු කරන අතර සටන් බිමේ දී ඒවා සම්ප්‍රදායික අවි සමග පාවිච්චි කිරීම පහසු කරන යාන්ත්‍රනයක් ඒවාට සම්පාදනය කරනු ඇත.

ධවල මන්දිර වැඩපිලිවෙල “වැඩි දියුනුකිරීම හෝ නව න්‍යෂ්ටික අවි ස්ථානගත නො කරන බවට පාලානාධිකාරය දුන් පොරොන්දු කඩකරන බව බොහෝ දෙනෙකු විසින් දකිනු ඇත” යි අනතුරු අඟවමින් හිටපු ඉහල පෙලේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මෑත දී ප්‍රබුද්ධ විද්‍යාඥයන්ගේ සංගමයට වාර්තාවක් සම්පාදනය කලහ.

පුර්න නව සැකස්මකින් එහි ඔහියෝ පන්තියේ බැලස්ටික් මිසයිල් සබ්මැරීන් විස්ථාපනය කිරීම 20 සිට ආරම්භ කරන බව ආරක්ෂක දෙපාර්තමේන්තුව ජනවාරියේ දී නිවේදනය කලේ ය. එක්සත් ජනපද නාවික හමුදාවේ ඔහියෝ පන්තියේ බැලස්ටික් සබ්මැරීන් 14 න් හැම එකක් ම ලෝකයේ වඩාත් ම බලගතු පස්වෙනි මිලිටරි බලකායෙන් සමන්විත වේ. සෑම සබ්මැරීනයක් ම ට්‍රිඩන්ට් II මිසයිල්ස් 24 ක් රැගෙන යයි. හැම මිසයිලයක් ම 1945 හිරෝෂීමාවේ දසදහස් ගනනක් මරනයට පත් කල “ලිට්ල් බෝයි” බෝම්බයට වඩා 36 ගුනයකින් බලවත් මිසයිල හිස් අටක් ගෙන යයි.

එහෙත් නාවික හමුදාව මෙය ප්‍රමානවත් සෙයක් දකියි. එහි තිබෙනු ඇති සබ්මැරීන් 12 න් හැම නව සබ්මැරීනයක් ම ඩොලර් බිලියන 6 සිට 8 දක්වා මිලක් වෙයි. එය ඔහියෝ පන්තියේ එකකට වඩා ඩොලර් බිලියන 2 ක් වැඩිය. මෙම තක්සේරුවට පර්යේෂන සහ වැඩිදියුනු කිරීම ඇතුලත් නො වේ. එක සබ්මැරීනයක මිලට ආසන්න වසයෙන් න්‍යෂ්ටික මිසයිල හිස් 200 ක සහ අදාල මෙහෙයුම් වියදම ඇතුලත් වෙයි.

දහස් ගනනක් මිනිසුන් ට ප්‍රතිකාර කල හැකි දැවැන්ත ශික්ෂන රෝහලක් ඉඳි කිරීමට වැය වන මුදලට වඩා මෙම එක සබ්මැරීනයකට යන වියදම 5-10 ගුනයකින් පමන වැඩි බව තක්සේරු කර ඇත.

එක්සත් ජනපද න්‍යෂ්ටික අවිවල නාටකීය වර්ධනය එෆ්-35 ප්‍රහාරක වැඩ පිලිවෙලත් ඇතුලුව එහි සන්නද්ධ බලකායන් රැඩිකලීව නවීකරනය කිරීමේ කොටසකි. මෑත ම සංඛ්‍යා ලේඛනවලට අනුව තක්සේරුගත වියදම ඩොලර් ට්‍රිලියන 1.12 දක්වා ඉහල ගොස් ඇත.

ඉහල පලදායිත්වයක් සහිත න්‍යෂ්ටික අවි ගෙනයාමට හැකි අනාවරනය වලකන නවීන තාක්ෂනය සහිත ගුවන් යානා එයට නැති බවට එකසත් ජනපද ගුවන් හමුදාව පැමිනිලි කර තිබේ. එහි ප්‍රතිපලය වී ඇත්තේ එකක් බිලියන භාගයක් වන එක්සත් ජනපද නවතම බෝම්බ ප්‍රහාරක නොර්ත්රොප් ගෘමන් බි 21 යානා සියයක් මිලදී ගැනීම නිවේදනය කිරීම ය.

දැනටමත් සටන් බිමේ අත්හදා බලමින් තිබෙන ඩිරෙක්ටඩ්-එනර්ජි බීම්ස්, රේල් ගන්ස් සහ හයිපර්සොනික් මිසයිල්ස් ඇතුලු නව තාක්ෂනික අවි ඉදිරි දසකය තුල නිෂ්පාදනය කිරීම අපේක්ෂා කල හැකිය. නව තාක්ෂනික අවි “පලමුවෙන් ස්ථානගත කිරීම සඳහා රුසියාව,චීනය හා එක්සත් ජනපදය අතර තරඟය උනුසුම් වන විට හැමකෙක් ම අනෙකාගේ පහරදීමට වඩාත් ගොදුරු වනු ඇත. ආතතිය ඉහලයත් ම දිගුකාලීන පසමිතුරන් අතර පුර්ව-භංග ප්‍රහාර එල්ල කිරීමේ අන්තරාය ද ඉහල යනු ඇත.”යි සට්‍රැට්ෆෝර්ට් ලිවීය.

න්‍යෂ්ටික හිස් ක්ෂුද්‍රරූපීකරනය සහ නිශ්චිත ඉලක්කගත න්‍යෂ්ටික අවි ප්‍රවාහන ක්‍රම සමග බද්ධව, නිශ්චිත ඉලක්කගත, හයිපර්සොනික්, සහ අනෙකුත් නව තාක්ෂනික නිර්-න්‍යෂ්ටික අවි වර්ධනය කිරීම මගින් සම්ප්‍රදායික සහ න්‍යෂ්ටික යුද්ධය අතර ඊනියා “ගිනිපවුර” බිඳෙන බවට අසංඛේය වාර්තා අනතුරු අඟවා තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස, න්‍යෂ්ටික යුද්ධයක් “ජයගත හැකි” දැයි විශේෂයෙන් ම, එක්සත් ජනපද මුලෝපායඥයන් සලකාබලමින් සිටී.

භූදේශපාලන තත්වයේ මාරුවීම් සහ තාක්ෂනික ශක්‍යතාවයන්ගේ වෙනස්වීම් සමග එක්සත් ජනපද මිලිටරිය සහ ඒ සමග වැඩකරන චින්තන පර්ෂද ඔවුන්ගේ සිද්ධාන්ත සහ පාරිභාෂිතය වෙනස් කරමින් සිටිති.

පෝල් බ්‍රකෙන්ට අනුව ලෝකය “දෙවන න්‍යෂ්ටික යුගයට” පිවිස ඇත. අද්මිරාල් හැරීස් පැසිපික් නාවික බලකායේ ප්‍රධානියා වූ විට කියූ පරිදි එක්සත් ජනපදය “අද රෑම සටන් කිරීමට සුදානම් විය යුතු” ය. එක්සත් ජනපදය සහ චීනය අතර සිදුවන යුද්ධයක් “නැව් සහ ගුවන් යානා, නාවිකයන් සහ ගුවන් නැවියන්ගේ වේදනාකාර අහිමිවීම් වලට තුඩුදෙන හා දෙපැත්තෙන් ම එය තීව්‍ර වන බව ඇත්ත වසයෙන් ම අපේක්ෂා කල යුතු” යැයි පර්යේෂක මයිකල් කාල් හෑස් ඔහුගේ “දෙවන පැසිපික් යුද්ධය” කෘතියේ ලියා ඇත.

පලමුවන ලෝක යුද්ධය පුපුරායාමට පෙරාතුව, ඔවුන්ගේ සම්ප්‍රදායික මිලිටරි බලයන් ප්‍රසාරනය කිරීම සමග ඩ්රෙඩ්නෝට්ස් නම් වූ නවීන සහ දැවැන්ත යුද නැව් තැනීම සඳහා ජර්මනිය, බ්‍රිතාන්‍ය සහ සෙසු අධිරාජ්‍යවාදී බලයන් අතර තරඟය පැවති බව මැනවින් දන්නා කාරනයකි. යුරෝපීය බලයන් විසින් 1908 සහ 1913 අතර කාලය තුල දී මිලිටරි වියදම් සියයට පනහකින් ඉහල දැමීය.

අද දින අවි තරඟය ඊට වෙනස් ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි කිසිවෙකුත් විශ්වාස නොකල යුතු ය. ලෝක ධනයෙන් සැලකිය යුතු කොටසක් උරා ගන්නා මෙම අවි පාවිච්චි කිරීමට අපේක්ෂා කරනු ලබති. වඩාත් කැමති පරිදි ඒවා පාවිච්චි කිරීමට හැකි ආකාරයට නීති සංශෝධනය කරනු ලබන කොන්දේසි යටතේ න්‍යෂ්ටික අවි දරා සිටින සටන් කරුවන් අතර ලෝක යුද්ධයක් ප්‍රථම වතාවට ක්ෂිතිජයට පැමින ඇත.

තමන් අන්තරායකර තත්වයකට මුහුන දී සිටින බව මනුෂ්‍ය වර්ගයාට දැනෙයි. අධිරාජ්‍යවාදය සමාජය මෙහෙයවමින් සිටින්නේ විප්‍ලවවාදී විධීන්ගෙන් පමනක් පිටුදැකිය හැකි ව්‍යසනයකට ය.

ඇන්ඩ්රි ඩේමෝන්

Share this article: