මියුනිච් වෙඩි තැබීම හා ජර්මන් සමාජයේ ඇමරිකානුකරනය
The Munich shooting spree and the Americanization of German society
ක්‍රිස්ටෝෆ් වැන්ඩි්රයර් හා පීටර් ස්වාර්ස් විසිනි, 2016 ජූලි 25
මියුනිච්හි ජුලි 22 දා සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය පිලිබඳව ජර්මනිය පුරා කනස්සල්ල හා අනුකම්පාව පල කෙරෙන රැල්ලක් නිර්මානය කර ඇත. ජුලි 22දා හවස් යාමයේ, 18 හැවිරිදි තරුනයෙක්, මැක්ඩොනල්ඩ්ස් අවන්හලක හා සාප්පු සංකීර්නයකදී, ප්‍රධාන වශයෙන්ම තරුනයන් ඇතුලු පුද්ගලයින් නම දෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් 27 දෙනකුට තුවාල සිදු කල අතර ඉන් 10 දෙනකුගේ තත්වය බරපතල විය.
ඒ සමග දැවැන්ත පොලිස් මෙහෙයුමක් දියත් කෙරිනි. නගරය තුල ආරක්ෂක අංශයේ 2,300 දෙනෙක් යොදවන ලද අතර අනෙක් ප්‍රාන්ත වල විශේෂ ඒකක, ෆෙඩරල් පොලිසියේ GSG 9 ත්‍රස්ත මර්දන ඒකකය හා ඔස්ටි්රයානු කෝබ්රා විශේෂ කාර්ය බලකාය ද යොදවන ලදී. සන්නද්ධ රථ හා හෙලිකොප්ටර් ද යොදවනු ලැබීය. සෙනසුරාදා වනවිට දැනගන්නට ලැබුනේ, ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන්, ජර්මන් මිලිටරිය (“බුන්ඩ්ස් වෝ”) යොදා ගැනීමේ අටියෙන්, ආරක්ෂක ඇමති උර්සුලා වොන් ඩර් ලියෙන්, මිලිටරි පොලිසිය සීරුවෙන් තබා තිබූ බවයි.
ආරක්ෂක හමුදා විසින්, මිලියන 1.5 වූ ජනගහනයක් සහිත මියුනිච් නගරයේ කටයුතු සම්පූර්නයෙන්ම ඇනහිටුවන ලදී. ප්‍රධාන දුම්රිය පොල සම්පූර්නයෙන්ම වසා දමන ලද අතර, සියලු දුම්රිය හා උමං මාර්ග රථ නවතා දමා, රියදුරන්ට ද තම මගීන් බස්වා සේවා ස්ථාන වලට යලි පැමිනෙන ලෙස උපදෙස් දී තිබිනි. මේ නිසා, ආරක්ෂාව සඳහා තම නිවෙස් වලට යන ලෙස පොලිසිය ජනතාවට උපදෙස් දී තිබියදී ම, දහස් ගනනක් දෙනා නිවෙස් වලට යාමට මගක් නොමැතිව මහ මග අතරමං වූහ. මේ තත්වය සමනය වූයේ මියුනිච් වැසියන් අන්තර් ජාලය හරහා සංවිධානය කල (hashtag #opendoor) වැඩපිලිවෙලක් ඔස්සේ, මහ මග රැඳී සිටි අය නිවෙස් වලට ගෙන යාමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වීමෙන් පසුවය.
පොලිස් ක්‍රියාන්විතයෙන් ඇතිකල කලබගෑනිය හමුවේ නගරය තුල තවත් වෙඩි තැබීම් සිදු වී ඇති බවට කට කතා පැතිරුනත්, පසුව ඒ සියල්ල බොරු බව හෙලි විය. හවස 6ත් මධ්‍යම රාත්‍රියත් අතර පොලිසියට හදිසි දුරකථන ඇමතුම්, 4,310ක් ලැබුනු අතර එය සාමාන්‍යයෙන් දින හතරකදී ලැබෙන හදිසි ඇමතුම් ප්‍රමානයට සමානය.
මෙය දේශපාලන අරමුනක් හෝ ඉස්ලාමීය අයිඑස්අයිඑස් සංවිධානය සම්බන්ධයක් නොමැති, තනි අපරාධ කරුවෙක් විසින් සිදුකල සුලබ ගනයේ වෙඩි තැබීමක් බව පොලිසිය විසින් අවසානයේ හෙලිකල පසු, මහජනතාවට යම්කිසි “ඉස්පාසුවක්” දැනුනු බව සුඩෙට්ශේ සේතුං පුවත් පත සඳහන් කලේය. නිස් හා වුස්බ්ර්ග් වල සිදුවූ ප්රහාරයන්ගෙන් පසු, ප්රන්සයේ සිදුවූවාක් මෙන්, ත්‍රස්ත ප්‍රහාර, රාජ්‍ය මර්දනය, ප්රජාතන්ත්ර අයිතීන් පෑගීම හා අන්ත දක්ෂිනාංශය වර්ධනය යන සියල්ල එකිනෙකට බැඳුනු විෂම චක්‍රයක් වනු ඇතැයි බොහෝ දෙනා බියවී සිටිති.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය ජර්මනිය තුල අති මුලික සමාජ හා දේශපාලන ප්‍රශ්න ගනනාවක් මතු කරයි. නව යොවුන් තරුනයෙකු විසින් සිදුකල මෙවැනි සාහසික ක්‍රියාවක් ඒ වටා ඇති පොදු සමාජ වර්ධනයන්ගෙන් පරිබාහිරව අවබෝධ කරගත නොහැක. මෙම ඛේදනීය සිදුවීම නව “නීතිය හා සාමය” සඳහා වන මෙහෙයුමක් සාධාරනීකරනය කිරීමට යොදා ගනිමින් ඇති බව එයට පලවූ පොලිසියේ ප්‍රතිචාර වලින් ද දේශපාලනඥයින් හා මාධ්‍ය ආයතන වල ප්‍රතිචාර වලින් ද පැහැදිලි වෙයි.
ප්‍රහාරයෙන් පසුව ඔහු ද සියදිවි නසාගත් 18 හැවිරිදි “ඩේවිඩ් එස්. යන ඝාතකයා, ජර්මනියේ හැදුනු වැඩුනු, ජර්මන් හා ඉරාන ගමන් බලපත්‍ර සහිතව සිටි අයෙකි. ඔහු තම දෙමාපියන් සමග ජීවත්වූයේ, පොදු නිවාස සංකීර්න කීපයක් ද ඇති මියුනිච්හි තරමක් පොහොසත් ප්‍රදේශයක් වන මක්ස්වොස්ටඩ් ප්රදේශයේය. ඔහුගේ පියා කුලී රථ රියදුරකි, අසල්වැසියන් ඔවුන් ගැන විස්තර කලේ “පොලොවේ පය ගසා සිටි” පවුලක් ලෙසටය. පැමිනිලි පාර්ශවයට අනුව නිශ්ශබ්ද ලමයෙක් වූ ඩේවිඩ්, පාසලේ ද යම් යම් ප්‍රශ්න තිබුනු විශාදයෙන් පීඩා විඳි අයෙකි.
ඔහුගේ කාමරයේ තිබී පොලිසියට හමු වූ ලියකිවිලි වලින් මෙම තරුනයා ජර්මනියේ සිදුවී ඇති සමූහ ඝාතන වලට දැඩිලෙස ආකර්ශන වී සිටි බවට සාක්ෂි හමු විය. සිද්ධිය වූ සිකුරාදා, ඇන්ඩර්ස් බෙවික් විසින් නොර්වේ හි පුද්ගලයන් 77 දෙනෙක් මරා දැමීමේ සිද්ධියේ පස් වැනි සංවත්සරය වීම, ඒ දෙක අතර යම් සම්බන්ධයක් ඇතැයි සිතීමට පරීක්ෂකයන් පොලඹවා ඇත.
තමා ඝාතනය සඳහා තෝරාගත් මැක් ඩොනල්ඩ්ස් අවන්හලට අනෙකුත් තරුනයන් ගෙන්වා ගැනීමට ඩේවිඩ් එස්. ෆේස් බුක් හරහා “සෙලිනා අකිම්” යන ව්‍යාජ නාමය ඔස්සේ පනිවුඩ යවා තිබුනු බවට සාක්ෂි ඇත. මෙ මගින් පෙනී යන්නේ ඔහු මෙය හිතාමතාම පරිස්සමෙන් සැලසුම් කල බවය. ඔහුට ගොදුරු වූ නවදෙනාගෙන් අටක්ම වයස 14ත් 20ත් අතර අය වූහ.
අපරාධකරුගේ සැබෑ අරමුන පිලිබඳ ප්‍රමානවත් කරුනු තවම හෙලිවී නැත. ඩේවිඩ් එස්. රූ ගත කල ප්‍රදේශ වාසියෙකු හා ඔහු අතර ඇති වූ වචන හුවමාරුවකදී ඔහු “ඔබලා නිසා මට අවුරුදු හතක් නොපනත්කම් වලට යට වෙන්න සිදු වුනා. දැන් මට තුවක්කුවක්ම ගන්න උනා උඹලා ඔක්කොමලම ඉවරයක් කර දමන්න.”
මියුනිච් සිදුවීම ජර්මනියේ සිදුවූ මේ ආකාරයේ පලමු සිදුවීම නොවීය: 2002දි, නව යොවුන් තරුනයෙක් එර්ෆෝර්ට් පාසලකදී පුද්ගලයින් 17 දෙනෙක් ඝාතනය කලේය. ඉන් අවුරුදු හතරකට පසුව එම්ස්ටේඩන් හි ද ඊට සමාන දෙයක් සිදු විය. එම අවුරුද්දේම බර්ලින් උමං දුම්රියේදී තවත් බාලවයස් කාරයෙක් 30 දෙනෙකුට පිහියකින් පහර දුන්නේය. 2009දි 17 හැවිරිදි තරුනයෙක් විනෙන්ඩන් හිදී පුද්ගලයන් 17 දෙනෙක් ඝාතනය කලේය. පසුගිය සතියේ තවත් 17 හැවිරිදි තරුනයෙක් වුස්බ්ර්ග් ප්‍රාදේශීය දුම්රියකදී මගීන්ට පොරොවකින් පහර දුන්නේය. කෙසේවෙතත්, මෙවැනි ප්රචන්ඩ ක්‍රියා ඉහල යාම මෙතෙක් මූලිකව සලකනු ලැබුවේ ඇමරිකානු සංසිද්ධියක් ලෙසය.
“ගිනිඅවි ප්රචන්ඩත්වය පිලිබඳ ලේඛනාගාරය” නම් වෙබ් අඩවියට අනුව මේ ජුනි මස පමනක් ඇමරිකාව තුල සමූහ මිනීමැරුම් 18ක් සිදුවිය. 2014 වසරේදී එෆ්.බී.අයි විසින් ගිනි අවි ආශ්රිත අපරාධ 8,124 ක් වාර්තා කලේය. ඇමරිකාව තුල ගිනි අවි වලින් සිදුවන මරන ප්‍රමානය, රථ වාහන අනතුරු වලින් සිදුවන මරන ප්‍රමානයට දල වශයෙන් සමානය.
මෙවැනි මහා පරිමාන ප්රචන්ඩත්වය “සමාජයේ යම්කිසි ගැඹුරු ව්‍යාධියක ලක්ෂනයක්” බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) දිගින් දිගටම අවධාරනය කර ඇත. මීට මසකට පෙර, 49 දෙනෙකු ඝාතනය වූ ඔර්ලන්ඩෝ ඛේදවාචකයට ඇමරිකානු මිලිටරිවාදය, සමාජයේ මිලිටරි කරනය, සහ රැකියා, වේතන හා ජීවන තත්වයට එරහිව දියත් වී ඇති ප්‍රහාරය යන මේවාට ඇති සම්බන්ධය ලෝසවෙඅ අවධාරනය කලේය.
“මේ දෛනික යථාර්තය නිසා ඇමරිකාවේ දේශසීමාවන් තුල, විශේෂයෙන්ම වඩාත් අස්ථාවර සමාජ කොටස් වලට, ඇති වී තිබෙන බලපෑම් අතිශෝක්තියට නැගිය නොහැකිය” යයි අප ලිව්වෙමු. අධිරාජ්‍යවාදී යුද්ධය හා කම්කරු පන්තිය දරිද්‍රතාවයේ හෙලීම සඳහා “දේශපාලන ප්රතිගාමිත්වය, ජාතිකවාදය, සංක්රමනික විරෝධී වර්ගවාදය වැනි ඉතා පසුගාමී මනෝගතීන් ඉතා සූක්ෂම ලෙස වගා දිගා කර ඇත.”
මීට සමාන වර්ධනයක් ජර්මනියේ ද සිදු වෙමින් ඇත. ඩේවිඩ් එස්. උපදින විට ජර්මන් යුද හමුදාව එහි ප්‍රථම විදේශ ක්‍රියාන්විතය සඳහා යුගොස්ලෝවියාවට යොදවා ගනිමින් තිබිනි. ඔහුට වයස 16 වන විට ජර්මන් රජය තම “මිලිටරි” සීමාවන් ඉවත් කල බව නිවේදනය කලේය. මෙම කාලය තුල රුසියාවට එරෙහි මැදිහත්වීම් සහ සිරියාව හා ඉරාකය ඇතුලු විදේශ මහෙයුම් 16ක ජර්මනිය නිරත වී ඇත. මිලිටරි වාදය වඩ වඩාත් දේශීය පාලනය හා ප්‍රතිපත්තීන්ට බලපෑම් ඇති කරමින් පවතී.
පසුගිය අවුරුද්දේ මැද පෙරදිගින් පැමිනෙන සරනාගතයන් පලමුව මියුනිච් ජනතාව විසින් පිලිගන්නා අයුරුත් පසුව දේශපාලඥයන් විසින් අපහාසයට ලක් කරන අයුරුත් ඩේවිඩ් එස්ට. අත්විඳින්නට සිදුවන්නට ඇත. ක්‍රිස්ටියන් සෝෂල් යුනියන් (සී.එස්.යු) පක්ෂයේ බැවේරියානු ප්‍රාන්ත ආන්ඩුවේ “පිලිගැනීමේ සංස්කෘතියට එරෙහි වැඩපිලිවෙල ඉරාන සම්භවයක් ඇති, හිරිහැරයන්ට භාජනය වෙමින් සිටින, මානසිකව අස්ථාවර තරුනයෙකුට බල නොපෑවා, විය නොහැකිය. මෙවැනි වාතාවරනයන් මගින් කුරිරු සාහසික ක්‍රියාවන් අභිපේ‍්‍රරනය කරන්නේ ඉතාම අත්‍යන්ත අවස්ථාවන්හි දී බව සැබෑය. නමුත් මෙම වතාවරනයෙන් තොරව ඔහුගේ මේ ක්‍රියා පිලිබඳව සිතාගැනීමටවත් නොහැකිය.
දේශපාලනඥයින් හා මාධ්‍ය මියුනිච් සිදුවීමට ප්‍රතිචාර දැක්වූයේ සමාජයේ මිලිටරි කරනය වේගවත් කිරීම ඉල්ලා සිටිමින් හා දේශපාලනිකව තව තවත් දකුනට පදිමිනි. ඔවුහු, මේ දැවැන්ත පොලිස් මෙහෙයුම පැසසීමෙන් හා ආරක්ෂක අංශ පුලුල් කිරීම ඉල්ලා සිටීමෙන්, එකිනෙකා පරයා යාමට උත්සාහ කරති.
චාන්සලර් ඇන්ජෙලා මර්කල් පොලිසිය ගැන පැවසුවේ “ඔවුහු අදත් හෙටත්, පුරවැසියන්ගේ හොඳම සහායකයන් හා ආරක්ෂකයන්ය” යනුවෙනි. සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සිග්මර් ගේබි්රයල්, පොලිසිය සිදුකල කාර්යය “ශ්‍රේෂ්ඨ” බව ට්විටර් සටහනකින් ප්‍රකාශ කර තිබිනි.
අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒ.එෆ්.ඩී) සංවිධානය සරනාගතයන්ට ජර්මනියේ දේශසීමා වසා දමන ලෙස ඉල්ලුවේ, මියුනිච් ප්‍රහාරයේ පසුබිම තවමත් පැහදිලිවී පවා නොතිබියදීය. සක්සොනි-අන්හොල්ට් හි ඒ.එෆ්.ඩී සභාපති අන්දරේ පොදෙන්බර්ග්, මෙයට එකලෙස වගකිවයුතු මර්කල් හා “වාමාංශික මෝඩයන්” ගැන සිය අප්‍රසාදය පල කලේය.
සමහර ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දේශපාලනඥයින්ද මේ තනුවම වයමින් සිටිති. ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සී.එස්.යූ නියෝජ්‍ය නායක ෆ්ලොරියන් හාන් ට්විට්ට්ර් සටහනකින් පවසා තිබුනේ ඉදිරි දින කීපය තුල “පොදු ස්ථාන වල ආරක්ෂාව සඳහා” මිලිටරිය යොදා ගැනීමට අවශ්‍ය වන බවයි. ඩේරස්ඩෙන්හි සී.ඩී.යූ දේශපාලනඥයෙක් වන මක්සිමිලන් ක්‍රා මෙසේ ලිවීය: “මා ජීවත් වන්නේ මියුනිච් වල. මෙය හැරුම් ලක්ෂයක් විය යුතුයි. පිලිගැනීමේ සංස්කෘතිය මාරාන්තිකයි. මේක අපේ රට පිලිබඳ ප්‍රශ්නයක්”.
සුඩෙට්ශේ සේතුං පුවත් පත ප්‍රහාරය දුටුවේ “ලබන වසරේ මැතිවරනය පිලිබඳව තරමක බියගෙනදෙන නිමිත්තක්” ලෙසය. ලෝක තත්වය ක්ෂනිකවම සමනය වූයේ නැත්නම්, “ආරක්ෂාව” යනු මැතිවරනයේ “මහා-මාතෘකාව” වනු ඇත. “එනම්, අභ්‍යන්තර හා ජාත්‍යන්තර ආරක්ෂාව යන දෙකම වේ. මේ දෙක තවදුරටත් එකිනෙකින් වෙන් කල නොහැකි වේ”.
වෙනත් වචන වලින් කිවහොත්, දේපල වෙලඳාමෙන් ධනවත් වූ ෆැසිස්ට්වාදී ධන කුවේරයෙකු, හා වෝල්වීදියටත්, පෙන්ටගනයටත් සමීප සම්බන්ධතා ඇති දේශපාලනඥයෙක් අතර අශෝභන මඩ ගසා ගැනීමක් වී ඇති ඇමරිකානු ජනපතිවරන පොරය මෙන්, ජර්මානු චන්ද ව්‍යාපාරය ද “ඇමරිකානුකරනය” වනු ඇති බව පුවත්පත උපකල්පනය කරයි.
Follow us on