මීතොටමුල්ල කසල අර්බුදය වඩාත් ගැඹුරු වෙයි
විජිත් සමරසිංහ විසිනි, 2016 පෙබරවාරි 19
කොලොන්නාව නගර සභාව මගින්, මීතොටමුල්ල තෙත් බිමක, කලක සිට කරගෙන යන අවිධිමත් කසල බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මුහන දී ඇති පාරිසරික ගැටලුව වඩාත් උග්‍ර වෙමින් පවතී.
මෙම ගැටලුවට කිසිදු විසඳුමක් නොලැබෙන තතු හමුවේ, පසුගිය දෙසැම්බර් 27 දා, “මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය” ප්රදේශවාසින්ගේ සහාය ඇතිව කල උද්ඝෝෂනයට කඩා වැදුනු කොලොන්නාව නගර සභාවේ නගරාධිපති රවින්ද්‍ර උදයශාන්ත ඇතුලු කිහිපදෙනෙක්, උද්ඝෝෂනයේ සංවිධායක නුවන් බෝපගේ හා තවත් පිරිසකට බරපතල ලෙස පහර දී තුවාල සිදු කලහ. ගැටුමෙන් පසු නගරාධිපති උදයශාන්තත්, බෝපගේ හා කීර්ති පෙරේරා යන උද්ඝෝෂන සංවිධායකයිනුත් පොලිස් අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරින.
මෙම සිද්ධියෙන් පසුව කුනු කන්ද පිලිබඳ කෙටි කාලීන මාධ්‍ය අවධානයක් යොමු වුවද, ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම අර්බුදය විසඳනු තබා ඒ පිලිබඳ කිසිදු බැරෑරුම් සොයා බැලීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි.
අක්කර 23 ක් වූ මෙම තෙත් බිමට කුනු බැහැර කෙරීම වසර පහලොවක පමන කාලයක් විටින් විට කුඩා පරිමානයෙන් සිදු කර ඇත. නමුත් 2009 දී, කොලඹ ප්‍රධාන කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානයක් වූ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ කසල කඳු ආශි‍්‍රතව ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන්, මීතොටමුල්ල හා කරදියාන වැනි ප්‍රදේශ වල පිහිටි අවශේෂ කසල බැහැර කිරීමේ ස්ථාන වලට අති විශාල වශෙයෙන් කසල ගලා එන්නට විය.
ද නේෂන් පුවත්පත ජනවාරි මාසයේ වාර්තා කල අන්දමට 2009 සිට අද දක්වා මීතොටමුල්ල කසල කන්දේ උස අඩි 300 කින් පමන වර්ධනය වී ඇත. අද වන විට එක දිනක් තුල පමනක් සාමාන්‍යයෙන් කසල ටොන් 1200 කට අධික ප්‍රමානයක් මෙම ස්ථානයේ බැහැර කරයි. මෙම ස්ථානයෙන් නැගෙන අධික දුහුවිල්ලත්, මැසි මදුරු උවදුරත්, අධික දුගඳත් නිසා ඍජුවම පීඩාවට පත් පවුල් ගනන 5000 ඉක්මවයි.
කසල කන්ද මායිමේ ම මීතොටමුල්ල ශී‍්‍ර රාහුල විද්‍යාලය පිහිටා ඇති අතර, තවත් පාසල් හතරක් ඊට ඉතා ආසන්නව ඇත. මේ සියලු පාසැල්වල සිසු සිසුවියන් මෙම කුනු කන්ද හේතුවෙන් විවිධ රෝගයන්ට ගොදුරු වෙමින් සිටී. ප්‍රදේශවාසී කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලොසවෙඅ) වාර්තා කරුවන්ට පැවසූ පරිදි, කසල කන්ද ආසන්න ප්‍රදේශයේ ඇදුම හා ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝගත්, වකුගඩු රෝග හා ඩෙංගු රෝගයත් බහුලව පැතිර ගොස් ඇත.
නාගරික ඝන අපද්‍රව්‍ය වලට අමතරව වැසිකිලි වලින් ඉවතට ගන්න පල්දෝරු ජලයත් මෙම ප්‍රදේශයේම ඉවත ලයි. කොලඹ නගර සභාවට අයත් පල්දෝරු ජලය ඉවත් කරන බවුසර් (ගලි බවුසර්) ගනනාවක් මෙම ස්ථානයේ පිටුපස ප්‍රවේශ දොරටුවෙන් පිටවනු ලොසවෙඅ වාර්තාකරුවන්ට දැක ගන්නට ලැබින.
කසල කන්ද අසලින් ගලන ස්වභාවික ඇල ඉන් කාන්දු වන අපවිත්‍ර ජලයෙන් සම්පූර්නයෙන්ම දුෂනය වී, දුගඳ හමන කුනු කානුවක් තත්වයට පත්වී ඇත. ප්‍රදේශවාසින් පවසන අන්දමට, නගරසභා වලින් ගෙන එන අපද්‍රව්‍යය වලට අමතරව විවිධ කර්මාන්ත ශාලා හා හෝටල් ආදියෙන් ද අපද්‍රව්‍ය විශාල වශයෙන් මෙම ස්ථානයට ගෙනවිත් බැහැර කරයි.
කසල මගින් නිකුත් කෙරෙන අතිශයින් දුෂිත ශ්‍රාවයන් මගින් භූගත ජලයටත්, කැලනි ගඟට ඍජුව ම සම්බන්ධිත තෙත් බිම් පද්ධතියටත් සිදුවන නිශේධනීය බලපෑම පිලිබඳව විධිමත් විද්‍යාත්මක අධ්‍යයනයක් මෙතෙක් සිදු කර නැතත්, එය අතිමහත් බවට කිසිඳු සැකයක් නැත. 2010 වසරේදී ආචාර්ය නිලන්ති බන්ඩාර හා මහාචාර්ය පැටි්රක් ප්‍රනාන්දු අත්තිඩිය කරදියාන ප්‍රදේශයේ පිහිටා ඇති මෙවැනිම නාගරික අපද්‍රව්‍ය බැහැර ලන ස්ථානයක් ගැන පලකල පරීක්ෂන වාර්තාවකින් හෙලි වූයේ, කසල කන්දෙන් පිටවන වන දූශක නිසා ඒ ආසන්නයේ භුගත හා මතුපිට ජල දේහයන් විෂ සහිත තත්වයට පත් වී ඇති බවයි. ප්‍රදේශය අවට ලිං වලින් ලබාගත් සමහර ජල සාම්පල වල, මිනිස් සිරුරට අතිශයින් හානි දායක විය හැකි කැඩ්මියම් හා රසදිය යන බැර ලෝහ, බීමට සුදුසු ජලයේ තිබිය යුතු ප්රමානයන්ට වඩා පිලිවෙලින් සය ගුනයකට හා දස ගුනයකට වැඩි ප්‍රමාන වලින් අඩංගු බව එම වාර්තාවේ සඳහන් වෙයි.
මෙම අනතුරටම මීතොටමුල්ල ප්‍රදේශයේ ලිං හා ජල දේහයන් ද ලක්වී ඇති බවට හොඳින්ම විශ්වාස කලහැක. මේ මගින් වඩාත් පැතිරගිය ප්‍රදේශයක ජනතාවට චිරකාලික සෞඛ්‍ය ගැටලු ඇති කෙරෙන අතර, දැනටමත් උග්‍ර පරිසර ගැටලු වලට මුහුන දී ඇති කැලනි ගඟ ආශි‍්‍රත තෙත්බිම් පද්ධතිය ද තවත් ගිනිය නොහැකි තරම් විනාශයකට ලක්වනු ඇත.
කොලඹ නගරයේ අපද්‍රව්‍ය ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් පුත්තලම දිස්ති‍්‍රක්කයේ පිහිටි අරුවක්කලු නම් ප්‍රදේශයට දුම්රියෙන් ප්‍රවාහනය කර බැහැර කිරීමේ සැලැස්මක් සඳහා, මීතොටමුල්ලේ මෙම ස්ථානය අතරමැදි අපද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනීමට රාජපක්ෂ ආන්ඩුව මගින් යෝජනා කල අතර, ඒ සඳහා ඉඩ ලබා ගැනීමට පවුල් 200ක් පමන ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ද සැලසුම් කෙරිනි. “අරුවක්කලු” සැලසුම කි‍්‍රයාත්මක නොවුවත්, බලහත්කාරයෙන් මෙම පවුල් ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ සලසුම තවමත් කි‍්‍රියාත්මක වන බව ප්‍රදේශ වාසීහු තහවුරු කලහ.
මෙම කසල බැහැර කිරීමේ කි‍්‍රයාවලිය තුල පවතින දුෂන හා අක්‍රමිකතා ගැන මාධ්‍ය මගින් වාර්තා වුනු අතර, එම කරුනුම ලොසවෙඅ වාර්තාකරුවන්ට ප්‍රදේශවාසීහු ඉදිරිපත් කලහ. දූෂන චෝදනා අතරින් ප්‍රධාන වන්නේ නගරාධිපති ඇතුලු බලධාරීන් මෙහි කසල බැහැර කරන ආයතන හා සමාගම් වලින් විවිධ ආකාරයෙන් අල්ලස් හා අනියම් වරප්‍රසාද ලබා ගන්නා බවයි.
මීට අමතරව කලින් බ්ලූමැන්ඩල් කසල කන්ද ආශි‍්‍රතව ජීවත් වුනු දුගී පවුල් වල සාමාජිකයන් ලවාම මෙහිද කසල තෝරා ප්රතිචකි්රකරනය කලහැකි ද්‍රව්‍ය ලබා ගැනීමෙ ජාවාරමක් ද කරගෙන යන බවද ප්‍රදේශ වාසි තරුනයන් දෙදෙනෙක් පැවසූහ.
කෙසේ නමුත්, මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය මෙම දුෂන හා වංචා පිලිබඳ ප්‍රශ්නයට ප්‍රමුඛස්ථානය දෙමින් මෙම අර්බුදයේ සැබෑ හේතු මහජනතාවගෙන් වසන් කිරීමක යෙදී සිටී.
බි්රතාන්ය පාලන සමයේ සිට අද දක්වා කොලඹ නගරයේ හෝ තදාසන්න ප්‍රදේශ වල හෝ නාගරික අපද්‍රව්‍ය නිසි ලෙස කලමනාකරනය කෙරීමට කිසිදු විධිමත් සැලසුමක් කි‍්‍රයාත්මක කර නැත.
ඝන අපද්‍රව්‍ය කලමනාකරනය සම්බන්ධයෙන් හා අන්තරායකර අපද්‍රව්‍ය (hazardous waste) සම්බන්ධයෙන් දැනට පවතින සීමිත රෙගුලාසි කීපය ද පලාත් පාලන ආයතන මගින් අමුඅමුවේම උල්ලංඝනය කෙරයි. පැවති සෑම ආන්ඩුවක් යටතේම පලාත් පාලන ප්‍රතිපාදන කපා දමන තතු යටතේ පලාත් පාලන ආයතන සතු එකම අපද්‍රව්‍ය කලමනාකරන ක්‍රමවේදය වී ඇත්තේ අඩුම ජනතා ප්‍රතිරෝධය එල්ල විය හැකි ප්‍රදේශයක ඇති පරිසර පද්ධතියකට කසල බැහැර කිරීමයි.
චන්ද්‍රිකා බන්ඩාරනායක ආන්ඩුව යටතේ “ප‍්‍රතිචකී‍්‍රකරන මධ්‍යස්ථාන ඇති කිරීම” හා රාජපක්ෂ ආන්ඩුව යටතේ “දුම්රියෙන් කසල ප්‍රවාහනය කිරීම” වැනි විවිධ ඇස්බැන්දුම් ගෙන ආවද මෙම දැවෙන ප්‍රශ්නයට කිසිදු විසඳුමක සේයාවක් හෝ මෙතෙක් පෙනෙන්නට නැත. ප්‍රදේශ වාසි දෙදරු මවක් වාර්තාකරුවන්ට පැවසුවේ වර්තමාන ආන්ඩුව මගින් ද මෙයට විසඳුමක් නොලැබෙන බව දැන් තමන්ට තහවුරු වී ඇති බවයි.
“2015 ජනාධිපතිවරනයට කලින් රනිල් වික්‍රමසිංහ මෙතනට ආව, හිරුනිකා පේ්රමචන්ද්රත් ආව. අපිට කිව්වේ ජනවාරි 8 චන්දෙ දෙන්න, ජනවාරි 9 ඉඳලා මෙතන කුනු දාන එක නතර කරනවා කියල. නමුත් අපි චන්දෙන් අවුරුද්දකට පස්සේ කුනු කන්දට විරුද්ධව උද්ඝෝෂනය කලාම, පොලිසියේ සම්පුර්න අනුදැනුම ඇතිව මැරයෝ අපිට ගහල ගිය එක විතරයි සිද්ධ උනේ.”
මෙම ප්‍රශ්නයට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ අලුත්ම පිලිතුර වී ඇත්තේ මහා නගර සැලසුම හෙවත් “මෙගාපොලිස්” නම් වූ කෝකටත් තෛලයයි. නමුත් පසුගිය ජනවාරි 29දා එලිදැක්වුනු මහා නගර සැලසුමේ, කොලඹ නගරය මුහුන දෙන ඩෙංගු උවදුර, ගංවතුර ප්රශ්නය හා මල අපවහන පද්ධති පිලිබඳ ප්‍රශ්න මෙන්ම නාගරික අපද්‍රව්‍ය කලමනාකරනය පිලිබඳ ප්රශ්නය විසඳීමට වැඩපිලිවෙලක් ඉදිරිපත් කොට නොමැත.
සත්‍යය නම්, අර්බුද ග්රස්ථ ධනපති ක්‍රමය යටතේ දියුනු ධනපති රටවල පාලක පන්තීන් පවා සාමාන්‍ය මහජනතාව භුක්ති විඳිමින් සිටි සමාජ කොන්දේසි වලට දැවැන්ත ලෙස පහර එල්ල කරමින් සිටින බවයි. ලොව ධනවත්ම රට ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ පාලකයන්, ෆ්ලින්ට් ප්‍රදේශයේ ජල සැපයුමට ඊයම් මිශ්‍රවී ඇති බව දැන දැනත් එහි නිවැසියන්ට එම විෂ ජලය දිගටම ලබා දීමට ගත් තීන්දුවෙන්ම ධනපති පාලකයන් සාමාන්‍ය ජනයා කෙරෙහි දක්වන අමානුෂික ආකල්පයත් ධනපති ක්රමයේ ආන්තික විසකුරුභාවයත් අනාවරනය වෙයි.
මෙම තතු යටතේ, “මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය” ත් එය මෙහෙයවන ව්‍යාජ-වාම සංවිධානය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්, ධනපති ආන්ඩුවලට බල කිරීම මගින් මෙම ප්‍රශ්න විසඳිය හැකි බවට, පතුරවන මිථ්‍යාව ඒ තරමටම විසකුරුය.
Follow us on