ඉන්දු-පකිස්තාන් සාකච්ඡා ආරම්භවීමටත් පෙර කඩා වැටීමේ ලකුනු
India-Pakistan talks may be derailed even before they begin
කේ.රත්නායක විසිනි , 2016 ජනවාරි 13
මෙම සිකුරාදා ඉන්දියානු හා පකිස්තාන විදේශ ලේකම්වරුන් අතර රැස්වීම පැවත්වෙන්නේ අවිනිශ්චිත වාතාවරනයකය. සාකච්ඡාව පැවැත්වීමේ කොන්දේසියක් ලෙස මෝදි ඉල්ලා ඇත්තේ උතුරු ඉන්දියානු පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කෝට් ගුවන් හමුදා කඳවුරට ජනවාරි 2වැනිදා ත්රස්තවාදීන් එල්ල කල ප්‍රහාරයට චෝදනා ලත්, වගකිව යුත්තන්ට එරෙහිව පකිස්තානය පියවර ගත යුතු බව යි.
ඉන්දීය නිලධාරීන් චෝදනා කරන්නේ, පකිස්ථානය පදනම් කරගත් ජේයිෂ්-ඊ-මොහමඩ් (ජෙම්) නැතහොත් අනාගත වක්තෘ මොහමඩ්ගේ හමුදාව ප්‍රහාරය සිදු කල බවට යි. දැඩි ලෙස සන්නද්ධ පුද්ගලයන් හයදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් ගුවන් කඳවුරට ඇතුලු වී සිටි බව විශ්වාස කෙරේ. ඉන්දීය නිලධාරීන්ට අනුව ප්‍රහාරකයන් හඳුනා ගැනීමට හා අවසානයේ දී මරා දැමීමට දින හතරක දුෂ්කර ව්‍යායාමයක යෙදීමට සිදු විය. මේ අතරතුර ඉන්දීය සොල්දාදුවෝ හත්දෙනෙක් මිය ගියඅතර තවත් 20දෙනෙක් තුවාල ලදහ.
ගුවන් හමුදා කඳවුර පිහිටියේ පන්ජාබයේ පකිස්තාන් දේශ සීමාවේ සිට කිලෝ මීටර් 25ක් දුරිනි. 1947 ඉන්දියානු උපමහාද්වීපය වාර්ගික රේඛා ඔස්සේ ප්රතිගාමී ලෙස බෙදා වෙන්කිරීමේ දී පන්ජාබය, රටවල් දෙක අතර බෙදන ලදී. යුද අවස්ථාවක දී පකිස්තානයට එරෙහි ඉන්දියානු මිලිටරි මෙහෙයුම් සඳහා පතන්කෝට් ප්‍රධාන පෙරමුනු කඳවුරක් ලෙස සැලකේ. එය මිග්-21 බයිසන් ප්‍රහාරක යානා, එම්අයි-25 හා එම්අයි-35 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා, මිසයිල, ගොඩබිම සිට ගුවනට විදින මිසයිල් ඇතුලු සෝදිසි රේඩාර් පද්ධතිවලට පහසුකම් සපය යි.
ඉන්දියාවේ මර්දනකාරී පාලනයට එරෙහි මහජන විරුද්ධත්වය හේතුවෙන් නිරන්තර ආරාවුල් පවතින, ඉන්දියාවට අයත් ජම්මු හා කාෂ්මීරයේ ආරක්ෂක මෙහෙයුම් සඳහා ද කඳවුර, සැපයුම් සහාය ලබා දෙයි.
සිකුරාදා රැස්වීමට තමන් සහභාගි වන්නේ දැ යි සහතික කිරීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් , සාකච්ඡා අවලංගු කලේ යැයි තමා පවසන බව උපුටා දැක් වුනු දායිනික් භාස්කර් වර්තාව ප්‍රතික්ෂේප කල නමුත් එන්ඩීටී රූපවාහිනියට මෙසේ පැවසී ය: “අපි සාකච්ඡා කරන්නේ පකිස්තානය අවශ්‍ය පියවර ගන්නවා නම් පමනයි.”
විදේශ ලේකම්වරුන් අතර රැස්වීම නිවේදනය කරන ලද්දේ, දෙසැම්බර් මස මුල, ඇෆ්ගනිස්තානය පිලිබඳ බහුපාර්ශ්වීය රැස්වීම අතරතුර, ඉන්දීය විදේශ ඇමති සුෂ්මා ස්වරාජ් පකිස්තානු අගමැති නවාෂ් ෂරීෆ් මුන ගැසුනු අවස්ථාවේ දී, ඉස්ලමාබාදයේදීය. රටවල් දෙක අතර දීර්ග කාලයක් තිස්සේ ඇන හිට ඇති “විස්තීරන සාම ක්‍රියාදාමය”, එහි අලුත් ම පුනුරුච්චාරනය අනුව විස්තීරන ද්විපාර්ශ්වීය සංවාදය(කැඩ්) යලි ඇරඹීම සඳහා කාල සටහනක් සැකසීමට ඉන්දීය විදේශ ලේකම් සුබ්‍රමනියම් ජයිෂන්කර්, සිය පකිස්තානු සහචරයා වන අයිසාස් අහ්මඩ් චෞද්රි හමුවීමේ බලාපොරොත්තුවෙන් ඉස්ලමාබාදයට ගියේය.
දෙසැම්බර් 25වැනිදා, ෂරීෆ් මුන ගැසීමට ඔහු නිල නොවන ආකාරයට ලාහෝරයට ගිය අවස්ථාවේ දී මෝදි කැඩ් වැඩසටහන හුවා දැක්වූ අතර එය ප්‍රධාන පෙලේ ඉදිරි පියවරක් යැයි ප්‍රකාශ කිරීමට ඉන්දියානු හා බටහිර මාධ්‍ය පොලඹවාලීය.
මෑතක් වන තුරුම මෝදිගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ප්රමුඛ ආන්ඩුව, දිගින් දිගටම පකිස්තානයට දොස් පැවරුවේ, පකිස්තානය ත්‍රස්තවාදී කන්ඬායම් වලට සහාය දීම නවත්වන තුරු “සාම සාකච්ඡා” යලි ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කරමින් හා දේශසීමා ගැටුම් වල දී වඩා ආක්රමනශීලී පියවර ගැනීමට ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට බලය පවරමිනි. ඉස්ලාමාබාදය මෙයට ප්‍රතිචාර දැක්වූයේ, පකිස්තානු තලිබාන් හා බලුකිස්තානු බෙදුම්වාදීන් ඇතුලු නොයෙකුත් පකිස්තාන විරෝධී කන්ඩායම්වලට ඉන්දියානු ඔත්තු සේවා සහාය දෙමින් සිටින බවට චෝදනා කරමිනි.
ඔබාමා පාලනාධිකාරය රටවල් දෙකට ම සාකච්ඡා සඳහා අප්රසිද්ධියේ පීඩනය යොදමින් සිටියි. න්‍යෂ්ටික අවි දරන තරඟකරුවන් අතර මොන යම් හෝ ගැටුමක් ආසියා-ශාන්තිකර කලාපයේ සිය පුලුල් භූ-දේශපාලනික උත්සුකයන් අවුල් කරනු ඇතැ යි ඇමරිකාව විමසිලිමත්ව සිටියි. ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු රූකඩ ආන්ඩුව තහවුරු කිරීමට වොෂින්ටනය උත්සාහ කරමින් සිටින්නේ, තලිබාන් සංවිධානය සමග පකිස්තානු අනුග්‍රහයෙන් කෙරෙන සාකච්ඡාවල උපකාරයෙනි. ඒ අතර ඇමරිකාව, තම චීන විරෝධී මිලිටරි හා මූලෝපායික“ආසියාවට හැරීම” තුලට පෙර නො වූ ආකාරයෙන් ඉන්දියාව ඒකාබද්ධ කර ගනු පිනිස ඉන්දියාවේ කලාපීය බල අවශ්‍යතාවන්ට තල්ලුව දෙමින් සිටියි.
පතන්කෝට් සිදුවීමෙන් පසු මෝදි ආන්ඩුව, ප්‍රහාරකයින්ට එරෙහිව ඉස්ලමාබාදයෙන් දැඩි “පියවර” ඉල්ලා සිටි නමුත්, එසේ කලේ අඩු තරමින් ආරම්භයේ දීවත්, පෙරට වඩා අඩු කර්කශ භාවයකිනි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්රකාශනයකට අනුව, පසු ගිය සතියේ ෂරීෆ් මෝදිට දුරකතනයෙන් කතා කල අවස්ථාවේ දී මෝදි චෝදනා නඟන, ප්‍රහාරය සඳහා වග කිව යුතු “ සංවිධාන හා පුද්ගලයන්ට එරෙහිව පකිස්තානය ස්ථීර හා ක්ෂනික පියවර ගැනීමේ අවශ්‍යතා දැඩිව අවධාරනය කලේ ය.”
“ත්‍රස්තවාදී කන්ඩායම්වලට එරෙහිව ඉස්ලමාබාදය පියවර ගන්නා තෙක් ද්විපාර්ශ්වීය සාකච්ඡා යලි නො ඇරඹෙනු ඇතැ යි” මෝදි ඔහුගේකැබිනට් ඇමතිවරුන්ගේ රැස්වීමේදී පැවසූ බව හින්දුස්තානි ටයිම්ස් පත්‍රය පසුව වාර්තා කලේ ය. “පියවර අත්‍යාවශ්‍යය යි. අපි මේ සම්බන්ධයෙන් දැඩිව සිටින්නෙමු” යි මෝදි පැවසූ බව එය වාර්තා කලේ ය.
බීජේපී ආන්ඩුව ප්‍රහාරය සඳහා කෙලින් ම ඉස්ලමාබාදයට දේෂාරෝපනය නො කරන අතර, නියමිත පරිදි ඇරඹෙන්නටත් පලමු “සංවාදයෙන්” පලා යන බව පෙන්වීමට අවශ්‍ය නැති බැවින්, සාකච්ඡාවලින් ඉවත්වීමට අදිමදි කරන බව පෙනේ යැයි, විශ්ලේෂකයෙක් පෙන්වා දුන්නේ ය. කෙසේ නමුත්, දැඩි පිලිවෙතක් හා මිලිටරියට තල්ලුව දීම ප්‍රදර්ශනය කිරීම ද මෝදි ගේ අභිප්‍රාය යි. මිලිටරියේ ප්‍රතිචාරයට ප්‍රශංසා කිරීමට ඔහු ගෙවී ගිය සෙනසුරාදා පතන්කෝට් වෙත ගියේ ය.
ප්‍රහාරය එල්ල කලේ කවුරු දැ යි අපහැදිලිය. ඉන්දියානු නිලධාරීන් දෝෂාරෝපනය කල ද ජෙම් කන්ඩායම වගකීම භාර ගෙන නොමැත. සමහර නිලධාරීහු හා මාධ්‍යය පකිස්තාන මිලිටරියේ අන්තර් සේවා ඔත්තු ඒජන්සියේ සම්බන්ධය පිලිබඳව ද චෝ දනා කලහ. ප්‍රහාරයෙන් දින තුනකට පසු, කාෂ්මීරයේ ඉන්දීය පාලනයට එරෙහිව සටන් කරන හවුල් කන්ඩාමයක් වන එක්සත් ජිහාඩ් කවුන්සිලය තමන් වග කියන බව පැවසූ නමුදු, දිල්ලිය එම ප්‍රකාශය ඉවත දැමී ය.
පකිස්තානයේ සිටින සිය නියාමක වරුන් සමඟ සම්බන්ධවූ ප්රහාරයකයින්ගේ යයි කිව හැකි, සවන් දී ඇති පනිවුඩ ඇතුලු තොරතුරු ඉස්ලමාබාදයට සපයා ඇති බව ඉන්දියාව පවස යි. ඉන්දියානු ආරක්ෂක ඒජන්සිය, නායක මව්ලානා මසූඩ් අසාර් ද ඇතුලු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ජෙම් සාමාජිකයින් පස්දෙනෙකු, හඳුනා ගත් බව ද ඉන්දියානු මාධ්‍ය වාර්තා කලේ ය.
කෙසේ නමුත් අනෙකුත් වාර්තා, ඉන්දියානු “ආරක්ෂක කටයුතු පිලිබඳ බැරෑරුම් අඩුපාඩු” පෙන්වා දී ඇති අතර මුලින් පකිස්තානයේ සිට “ත්රස්තවාදීන් රහසේ ඇතුලුවීම” පිලිබඳව ඉන්දියානු ඔත්තු සේවා අනතුරු අඟවා තිබුනා පමනක් නො ව, සැබවින් ම ජනවාරි 01දා වන විට, ප්‍රහාරකයින් ගුවන් කඳවුර පේන තෙක් මානයේ වූ බව දැන සිටි බව ද පෙන්වා දී ඇත.
අඩු මට්ටමකින් හෝ සලකන කල, එවැනි වැදගත් හා දැඩි ලෙස ආරක්ෂා කෙරුනු ඉලක්කයකට පුලුල් ප්‍රහාරයක් එල්ල කිරීම අඟවන්නේ, ඉන්දියානු මිලිටරි- ආරක්ෂක සංවිධානවල බැරෑරුම් බිඳවැටීමකි.
“මෙහෙයුමේ දී මියගිය ලුතිනන් කර්නල් නිරන්ජන් කුමාර් නමැති හමුදා කර්නල්වරයෙකු” මෙසේ පැවසී යයි හින්දු පත්‍රය උපුටා දැක් වී ය: “පතන්කෝට් ගුවන් කඳවුරට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීම යමෙකුට බෙහෙවින් අවශ්‍යව තිබූ බව පෙනී ගියේය. එසේ නො වුනි නම්, ඔවුන්ගේ පැමිනීම දැන සිටි, ඔවුන් දඩයම් කිරීමට ප්‍රදේශය තුල ඕනෑ තරම් සම්පත් හා වේලාව තිබියදීත් ඔවුන් ත්රස්තවාදීන් අල්ලා ගැනීමට අසමත් වූයේ කෙසේ ද?”
කවුරු සම්බන්ධ වුනත් ප්‍රහාරයේ ඉතා පැහදිලි ඉලක්කය වූයේ, රටවල් දෙක අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා නැවත ඇරඹීම යටපත් කර දැමීම ය. එවැනි කන්ඩායම් දෙරටෙ හි ම දැකිය හැකි අතර ඔවුන්, ද්වාපාර්ශ්වීය ආතතීන් ඇවිලවීමට අඛන්ඩව කටයුතු කර ඇත. බීජේපීයට ඒකාබද්ධ හින්දු ස්වෝත්තමවාදී කන්ඩායම්, ඉන්දියාව තුල මුස්ලිම් ප්‍රජාවට හා පකිස්තානයට එරෙහිව ද්වේෂය ඇවිස්සීමට ත්‍රස්තවාදී ප්‍රහාර ඇතුලු ප්රකෝපකරනයන් සංවිධානය කර ඇත. ඒ ආකාරයෙන් ම, දීර්ග කාලයක් තිස්සේ මිලිටරි-ආරක්ෂක සංවිධාන විසින් අනුග්‍රහ දක්වන ලද පකිස්තාන් ඉස්ලාමීය කන්ඩායම්, ඉන්දියාව තුල ත්‍රස්ත ප්‍රහාර දියත් කර ඇත.
තම පාර්ශ්වයෙන් ෂරීෆ්ගේ ආන්ඩුව, ප්‍රහාරය හෙලා දුටු අතර වොෂින්ටනය හා එහි දේශීය විවේචකයින් සැනසීම සඳහා සාකච්ඡා යලි ඇරඹීමට උත්සාහ කරමින් සිටී. ෂරීෆ්, හමුදා ප්‍රධානී රහීල් ෂරීෆ්, අයිඑස්අයි ප්‍රධානී රිස්වාන් අක්තාර්, අනෙකුත් ජ්‍යේෂ්ඨ මිලිටරි නිලධාරීන් හා කැබිනට් ඇමතිවරුන් සම්බන්ධ වුනු ඉහල පෙලේ රැස්වීමකට පසු අගමැතිගේ කාර්යාලය, “මෙම සිද්ධිය හෙලාදකිමින්, අපගේ කලාපය පෙලන ත්‍රස්තවාදී භීතිය සම්පූර්නයෙන් ම අතු ගා දැමීමට ඉන්දියාව සමග එකමුතුව ක්‍රියා කිරීම පිනිස තම රටේ කැපවීම ගැන යලි කියා සිටියේ ය.”
පසු ගිය සෙනසුරාදා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, “සංවාදය සඳහා දරන උත්සාහය තුල රැඳී සිටීමේ අවශ්‍යතාව අවධාරනය කිරීමට” ෂරීෆ්ට දුරකතනයෙන් කතා කල බව මාධ්‍ය වාර්තා කලේ ය. “කලාපීය ස්ථාවරත්වය පිලිබඳව සැලකීමේ දී ඉන්දු-පකිස්තාන් සාකච්ඡා අවශ්‍ය ව ඇතැයි” කෙරී පැවසූ බව ෂරීෆ්ගේ කාර්යාලය කියයි. රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු වන ජෝන් කර්බි, ඔවුන් අතර සංවාදය ඉදිරියට ගෙන යාම හා ත්‍රස්තවාදය පිලිබඳ “අනෝන්‍ය උත්සුකයන්” විසඳා ගැනීම පිනිස, මුලින් දෙරටට ම කතා කර තිබුනි.
පකිස්තානයට පිඩනය යෙදීමේ අරමුනෙන් රිපබ්ලිකානු හා ඩෙමොක්රටික නියෝජිතයින් 20දෙනෙකුට වැඩි සංඛ්‍යාවක්, ජනවාරි 2වැනිදා ප්‍රහාරය හෙලා දැක ඉන්දියාවට සහාය පල කල අතර වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස පකිස්තානයෙන් ඉල්ලූහ. කාෂ්මීරය පිලිබඳ ගැටුමේ දී පකිස්තානයට එරෙහිව වාසිය ගැනීම සඳහා සිද්ධිය ගසා කෑමට මෙන් ම ඇෆ්ගනිස්තානය තුල සිය උත්සුකයන් ඉදිරියට ගෙන යාමට බීජේපී ආන්ඩුව ද උත්සාහ දරමින් සිටියි.
කෙසේ නමුත්, ඇෆ්ගනිස්තානය තුල ඇමරිකානු නව-යටත් විජිත ආක්රමනය දියත් කිරීම, ඇෆ්ගනිස්තාන යුද්ධය පකිස්තානය තුලට හා එරට දේශසීමාව ඔස්සේ ව්‍යාප්ත කිරීම, මිලිටරිමය හා දේශාපාලනික වශයෙන් ඉන්දියාවේ කලාපීය අවශ්‍යතා උසිගැන්වීම මගින්, කලාපය අස්ථාවර කිරීමේ ප්‍රධාන සාධකය වී ඇත්තේ එක්සත් ජනපදය යි.
Follow us on