සෞදි සමූහ හිස් සිඳීම ඉක්බිත්තේ මැද පෙරදිග ආතතීන් උත්සන්න වේ
Middle East tensions escalate in wake of Saudi mass beheadings
බිල් වෑන් ඕකන් විසිනි, 2016 ජනවාරි 5
ෂියා පූජක ෂේයික් නිමිර් අල් නිමිර්ගේ හිස ගසා දැමීමෙන් ඇවිල ගිය විරෝධතා කඩතුරාවක් ලෙස යෙදා ගනිමින් සෞදි අරාබිය, 03දා ඉරානය සමග සියලු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා කපා දැමුවේය. පෙලපාලිකරුවෝ ඉරිදා ටෙහෙරානයේ සෞදි තානාපති කාර්යාලයට කඩා වැදුනු අතර මිෂාඞ් නම් ඉරාන නගරයේ කන්සියුලර් කාර්යාලයට ගිනි බෝම්බ දමා ගැසූහ. අඩු වශයෙන් විරෝධතාකරුවන් 50ක් අත්අඩංගුවට ගැනුනු අතර සෞදි නිලධාරීන් කිසිවෙකුට තුවාල සිදු නොවුනි.
04දා යන එන සියලු ඉරාන ගුවන් ගමන් තහනම් කිරීම ද සියලු වෙලඳ සම්බන්ධකම් කපා දැමීම ද නිවේදනය කිරීමත් සමග සෞදි රාජාන්ඩුව, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් බිඳ දැමුවේය.
එමෙන්ම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා බිඳ දමමින් 04දා බහරේන් හා සුඩානයද සෞදි පියවර අනුගමනය කලහ. ඇමරිකානු පස්වැනි නාවුක බල ඇනියේ සත්කාරක රටක් වන බහරේන්, ඒකාධිපති සුන්නි රාජාන්ඩුවක් විසින් පාලනය කරනු ලබන ෂියා බහුතරයක් වසන රටකි. 2011දී එරට පැතිරුනු මහජන විරෝධතා මර්දනයේදී සෞදි හමුදා තීරනාත්මක ක්රියාකලාපයක් ඉටු කලේය.
ඉරානයේ පැරනි මිතුරෙකු වන සුඩානය, සෞදි හා ගල්ෆ් කෝපරේෂන් කවුන්සිලය ඩොලර් බිලියන 4ක් සුඩාන මහ බැංකුවේ තැන්පත් කිරීම ඇතුලු විශාල සෞදි ආයෝජනවලට පසුව, පසුගිය වසරේදී තමන්ගේ පැත්තෙන් සබඳකම් බිඳ දැමුවේය.
සුන්නි ගල්ෆ් කලාපයට අයත් තෙල් සහිත ෂීක් රාජධානියක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තම ප්‍රධාන වෙලඳ හවුල්කරුවෙකු වන ටෙහෙරානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පහත හෙලු නමුත් ඉරානය සමඟ සියලු සම්බන්ධතා අත්හිටවූයේ නැත.
සම්බන්ධකම් කපාදැමීමට හා ආතතීන් උත්සන්න කිරීමට කඩතුරාවක් ලෙස විරෝධතාවන් ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යාංශය, සෞදි තන්ත්රය හෙලා දුටුවේය. “සෞදි අරාබිය බලන්නේ තම අවශ්‍යතා ගැන පමනක් නොව අර්බුද හා ගැටුම් පිටරට පැටවීම මගින් තම අභ්‍යන්තර ගැටලු ද විසඳාගැනීමට හා එමගින් සිය පැවත්ම රැක ගැනීමටයි.” එහි ප්‍රකාශකයෙක් පැවසීය.
රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව සැපයීමට ඉරානය කැපව සිටින බව ඔහු අවධාරනය කලේය. “ආතතීන් මත්තේ යැපෙන සෞදි ආරබිය, මෙම සිද්ධිය ප්‍රයෝජනයට ගෙන ඇත්තේද ඒවා තවදුරටත් ඇවිලවීම සඳහා නිදහසට කාරනයක් ලෙසය.”
ජන ඝාතනය හා ඊට පසු සම්බන්ධතාවන් බිඳදැමීම, සැබවින්ම සැලැසුම් කෙරුනු සෞදි ප්රකෝපකරනයක කොටසක් බවට 04දා සාක්ෂි ඉස්මතු විය.
පාලක රාජාන්ඩුව “පුද්ගලයන් 47දෙනෙකුගේ සමූහ ඝාතනය, විරෝධතා ඇවිල යාමට නිමිත්තක් විය හැකි බව දැන සිටි අතර ඒවා මතුවීමට පෙර සීරුවෙන් සිටින ලෙස ආරක්ෂක සේවාවන්ට අන දුන්” බව පෙන්වන කාන්දුවුනු සෞදි අරාබියානු සටහනක අඩංගු වූ දෑ ඉන්ඩිපෙන්ඩන්ට් නම් බි්රතාන්ය දිනපතා පත්‍රය ප්‍රසිද්ධියට පත් කලේය.
ආරක්ෂක සේවා ප්‍රධානියා කාන්තාර රාජධානිය පුරා පොලිස් සේවාවන්ට යොමු කරන ලද සටහන, තන්ත්රයේ පුලුල් මර්දනකාරී යාන්ත්‍රනය ඉහල මට්ටමක සීරුවෙන් තැබී ය.
කාන්දුවුනු සටහන පලමුවෙන් ලැබූ රෙප්රිව් නම් බි්රතාන්ය මානව හිමිකම් කන්ඩායම පැවසුවේ, සමූහ හිස් ගසා දැමීමේ “දේශපාලනිකව අභිපේ‍්‍රරිත” ස්වභාවය එමගින් පෙන්නුම් කල බවයි.
“මෙම ලිපිය පෙන්වන්නේ, දේශපාලනිකව අභිපේ‍්‍රරිත විරෝධතාකරුවන්ගේ ඝාතනය පසුපස පැන නැගිය හැකි කෝපය සැලකිල්ලට ගත් සෞදි අධිකාරීන්ගේ පෙර සූදානම 02දාට පසුව දියත්වූ මට්ටම” බව රෙප්රීව්හි මරන දන්ඩනය පිලිබඳ කන්ඩායමේ නායිකා මායා ෆෝ පැවසුවාය.
රාජ්‍ය ඝාතන ඉක්බිත්තේ මහජන විරෝධතා තවදුරටත් ගලා ගියේය. දහස් ගනනක් නැවතත් සඳුදා ටෙහෙරානයේ දී රැස් වූ අතර ඉරාකය තුල පෙලපාලිකරුවෝ, බැග්ඩෑඩයේ හරිත කලාපයේ මෑතදී නැවත විවෘත කෙරුනු සෞදි තානාපති කාර්යාලය වැටලු අතර ප්රමුඛ ෂියා නගර වන බස්රා, කර්බාලා හා නජාෆ් වීදිවලට පැමිනියහ.
බැග්ඩෑඩයට කිලෝ මීටර් 80 දකුනේ හිලා ප්‍රදේශයේ සුන්නි පල්ලි දෙකක් බෝම්බ ප්‍රහාර වලට ලක්වීම, සෞදි ක්‍රියාව නිසා නිකායික ගැටුම් ඇවිලයන බවට පල වන තැතිගන්වන සුලු ඇඟවුමකි. එක් පල්ලියක් තුලදී පූජකවරයෙක් ඝාතනය කෙරුනි. වෙනත් අවස්ථාවක මධ්‍යම ඉරාකයේ ඇලෙක්සැන්ඩි්රයාහි පල්ලියක සුන්නි පූජකවරයෙක් තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
මේ අතර, සඳුදා රාත්‍රියේ නැගෙනහිර සෞදි අරාබියේ ප්රමුඛ ෂියා ප්‍රදේශයක ෂේයික් නිමිර්ගේ උපන්ගම වන අවාමියා හි මාරක වෙඩිතැබීමේ සිද්ධියක් සෞදි තන්ත්රය විසින් ම වාර්තා කරන ලදී. ආරක්ෂක හමුදාවන් ප්‍රහාරයකට ලක්ව තිබූ බව තත්ත්රය ප්‍රකාශ කල අතර සිවිල් වැසියෙකු ඝාතනය කිරීම හා ලමයෙකු තුවාල ලැබීම පමනක් වාර්තා කෙරුනි.
අරාබි ලෝකය තුල මර්දනයේ හා ප්රතිගාමීත්වයේ කඩඇනය වන සෞදි රාජාන්ඩුව, නිකායවාදයේ අග්‍ර පුරෝහිතයා ද වන අතර රටේ මහජන විරුද්ධත්වය බෙදීම හා එහි ප්‍රධාන කලාපීය තරඟකරුවා වන ඉරානය හුදකලා කිරීම අරමුනු කරගෙන හිතාමතාම සුන්නි හා ෂියා නිකායන් අතර ආතතීන් අවුලූවමින් හා ගසාකමින් සිටියි.
මේ වන තුරු පාලක රාජාන්ඩුව ෂියාවරුන්ගේ ප්රමුඛ නායකයින් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ට හිරහැර කරමින්, පෙලපාලි මර්දනය කරමින් සිටින නමුත්, අවසානයේ දී තන්ත්ර විරෝධී මනෝගතීන් සමනය කිරීමේ උත්සාහයක් ලෙස ඔවුන් ඝාතනය කිරිමෙන් වැලකී නිදහස් කිරීමට කටයුතු කලේය.
තවත් 46දෙනෙකු සමඟ නිමිර්ගේ හිස ගසා දැමීම පැහදිලිවම සංවිධානය කෙරුනේ දේශපාලන අරමුනු මුල්කර ගෙනය. ඔහු 2012 සිට සිරභාරයේ සිටි අතර, හිස් ගසා දැමුනු හෝ වෙඩි තබා මරා දැමුනු සෙසු සමූහය රාජධානිය තුල අල්කයිඩා ප්‍රහාරවලට සම්බන්ධ යැයි චෝදනා ලද සුන්නිවරුන් ය. ඔවුහු දශකයකට ආසන්න කාලයක් හිරබත් කා තිබුනි. නිමිර්ගේ ඝාතනය අනෙකුත් අයගේ ඝාතන සමඟ එකට ගැනීමෙන් අදහස් කෙරුනේ, රාජාන්ඩුවේ පරමාධිකාරී පලනයට එරෙහි ෂියා විරුද්ධත්වය ත්රස්තවාදයට සමාන යැයි සංඥා කිරීමයි.
මෙම ලේවැකි ප්රකෝපකාරිත්වයේ විදේශීය මෙන්ම දේශීය දේශපාලන අරමුනු ද ඇත. එය වේදිකාගත කෙරුනේ ජිනීවා හි දී ආරම්භ කිරීමට නියමිත සිරියානු සාම සාකච්ඡුාවලට යන්තම් සති තුනකට පෙර වන අතර යේමනය තුල නව මසක් වන, සෞදි ලේවැකි යුද්ධයට විසඳුමක් සෙවීමට එක්සත් ජාතීන් තැරව්කාරකම් කල සාකච්ඡුාවලට සති දෙකකටත් අඩු කාලයක් තිබියදී ය.
සිරියාව තුල තන්ත්ර වෙනස සඳහා මුදා හැරුනු අල් කයිඩාවට සම්බන්ධ සුන්නි ඉස්ලාමීය මීලීෂියා හමුදාවල ප්‍රධාන අරමුදල් සපයන්නා හා අනුග්‍රහයකයා වී සිටින සෞදි රාජාන්ඩුවට, ඉරානයේ ප්‍රධාන අරාබි මිතුරා වන සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආන්ඩුව පෙරලා දැමීම සඳහා ආසන්න වශයෙන් වසර පහක් තිස්සේ ඇදී යන ගැටුම අවසන් කිරීමේ උනන්දුවක් නොමැත.
වර්තමාන තතු තුල, ෂියා පදනමක් සහිත ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වන පරාජය නොකෙරුනු, හවුතිවරු සමඟ යේමනයේ තමන් ගෙන යන යුද්ධය අවසන් කිරීමටද සෞදියට අවශ්‍ය නොවේ. සමූහ හිස් ගසා දැමීම්, දෙසැම්බර් 15දා නිවේදනය කලේ යයි කියන ලද සටන් විරාමය නිල වශයෙන් අවසන් බවට සෞදිය කල නිවේදනය සමග කෙලින්ම සම්පාත විය.
පසු ගිය මාර්තුවේ දී සෞදි මිලිටරිය නීති විරෝධී ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කිරීමේ සිට යේමන් යුද්ධය, ආසන්න වශයෙන් ජීවිත 6,000ක් බිලි ගෙන ඇත. ආයුධ, ඔත්තුසේවා සහ ඇමරිකාවේ නිෂ්පාදිත පොකුරු බෝම්බ හෙලා අඩු වශයෙන් රෝහල් 100ට පහර දෙමින් සිවිල් ඉලක්කවලට බෝම්බ හෙලන යානාවලට ගුවනේ දී නැවත ඉන්දන ලබා දීම ආදි ආධාර සමගින් ඇමරිකාව සව්දි මැදිහත්වීමට උදව් කර ඇත. සව්දි රාජාන්ඩුවට වියදම් අධික යුද්ධයක් වී ඇති එය, හවුතිවරුන් පරාජය නොකර අවසන් කිරීම නින්දිත පරාජයක් ලෙස පෙනී ගොස් තිබේ.
අවසාන වශයෙන් සෞදි තන්ත්රයේ ඉලක්කය වන්නේ, මෑතකදී ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුම ඉක්බිත්තේ වොෂින්ටනය හා ඉරානය අතර මොන යම් හෝ මිත්‍ර සන්ධානයකට අවහිර කිරීම හා හැකි නම් ඉරානයට ම එරෙහිව පුලුල් යුද්ධයකට ඇමරිකානු අධිරාජ්‍යවාදය ඇද දැමීමත් ය.
නිකායවාදය පදනම් කර ගැනීම හා ඉරානය සමග ගැටුම් දේශීය වශයෙන් උදව් කරන්නේ, පුපුරුන සුලු සමාජ ආතතිය රාජාන්ඩුවෙන් ඉවතට හරවා යැවීමේ මාර්ග ලෙස ය. රාජධානිය මුහුන දෙන්නේ, තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රධාන වගකීමක් දරන තෙල් මිල වැටීම මගින් උග්‍ර කෙරෙන, හික්ම විය නො හැකි ආර්ථික අර්බුදයකට ය. රාජ්‍ය මූල්‍ය අර්බුදයට මුහුන දීමේ උත්සාහයක් ලෙස සව්දිය, මේ වන විටත් ඉන්ධන සහනාධාර කපා ඇති අතර, ජලය හා විදුලිය සඳහා ගාස්තු ඉහල දමා ඇත. සමාජ සහනාධාරවලට එල්ල කෙරෙන වඩා දැඩි කප්පාදු පියවර ඉදිරියේදී බලාපොත්තු විය හැක.
සමූහ හිස් ගසා දැමීම හා ෂේයික් නිමිර්ගේ අධිකරන ඝාතනයට වොෂින්ටනයෙන් පල වන නිල ප්‍රතිචාරය, හැකි තරම් ගොලුවත රැකීම යි. ම්ලේච්ඡ සමූහ ඝාතනය පිලිබඳ ව ඍජු හෙලාදැකීමක් නොමැති අතර, ජ්‍යේෂ්ට නිලධාරියෙකුට ප්රකාශනයක් නිකුත් කිරීමට තරම් දෙයක් නැත.
ඇමරිකාවේ අංක එකේ ආයුධ වෙලඳපොල හා වොෂින්ටනයේ කිට්ටුම සහචරයා වන සෞදි රාජාන්ඩුව කෙරෙහි පාලක දේශපාලන සංස්ථාපිතයේ ප්‍රතිපත්තිය, බොහෝ මූලික විදේශ ප්‍රතිපත්ති වලදී මෙන් ම, ගැටුම හා බෙදීම පිලිබඳ කාරනයකි.
වෝල් ස්ටී්රට් ජර්නල් හා වොෂින්ටන් පෝස්ට් 04දා ප්‍රසිද්ධ කල කතුවැකි තුල මෙය ප්‍රකාශ කෙරුනි.
පාලක කවයන් තුල ඉතා දක්ෂිනාංශික ස්ථරයන්ගේ මෙන් ම, දෙගොල්ලන් ම සෞදි රාජාන්ඩුවෙන් සුපිරි ලාභ රැස් කර ගෙන ඇති මිලිටරි-කර්මාන්ත සංකීර්නයේ හා මූල්‍ය ප්රාග්ධනයේ හිමිකරුවන්ගේ දෘෂ්ටීන් ප්‍රකාශ කරමින් ජර්නලය ප්රශ්නය මතු කලේ, සෞදි අපරාධ හෝ අර්බුදය පිලිබඳ කාරනයක් ලෙස පවා නො ව, ඉරානය හා රුසියාව “සෞදි පෙලපත පෙරලා දැමීම” පිලිබඳ උපකල්පිත අනතුර සහ ඔබාමා පාලනාධිකාරය “ඔවුන් නැවත්වීමට මොනවා හරි කර යි ද” යන ප්රශ්නය යි.
ජර්නල් කතුවැකිය ඔබාමා පාලනාධිකාරයට දොස් කීවේ, මෑත බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් මත ඉරානයට එරෙහි සම්බාධක “හකුලූවා” තීබීම වෙනුවෙනි. වහබිවාදය (දැඩි මතදාරී ඉස්ලාම්වාදය) පතුරුවා හැරීම සහ අල්කයිඩාවේ මුක්කු වන, අයිඑස්අයිඑස් හා ඒ සමාන සංවිධානවලට සෞදිය දෙන සහයෝගය පිලිබඳව ගැටලු ඇති ඇති බව පිලිගන්නා අතර ජර්නලය මෙසේ පැවසීය: “සිවිල් යුද්ධ, දේශපාලන ගැටලු හා ඉරාන අධිරාජ්‍යවාදය විසින් විනාස කෙරුනු මැද පෙරදිග දී , අරාබි අර්ධද්වීපය තුල අපට ඇති හොඳ ම මිතුරන් සෞදිවරුන් ය. ඇමරිකාව ඉරානයට හා රුසියාවට පැහදිලි කල යුත්තේ, එරට අස්ථාවර කිරීමට හෝ ආක්රමනය කිරීමට ඉරානය උත්සාහ දැරුවොත් අප සෞදි රාජධානිය ආරක්ෂා කරන බව යි.”
නිමිර්ගේ හිස ගසා දැමීම මැද පෙරදිග සිසාරා ෂියා හා සුන්නි (නිකායන්) අතර ගැටුම් තව දුරටත් ගිනි ඇවිලවීම බැඳුනු හිතාමතා ම විය හැක ක්‍රියාවක් වූ බව පෙනේ. යැයි පිලිගනිමින් පෝස්ට් පත්‍රය, එක්තරා ආකාරයක වඩා කනස්සලු සහගත ප්‍රවේශයක් ගත්තේ ය. “තමන්ගේ ම වල හාරාගන්නා අතර දැනටමත් පහර කා ඇති කලාපයක අවුල් වැපිරීම” වෙනුවෙන් එය සෞදි පාලක පවුලට එරෙහිව අනතුරු අඟවයි.
කෙසේ නමුත් පුවත්පත රියාද් හි “ඉවබව නැති පියවර” ආරෝපනය කරන්නේ, “සිය ආරක්ෂාව ගැන බලා ගැනීමට සුන්නි තන්ත්රයන්ට බල කෙරෙන පරිදි, මැද පෙරදිග ආධිපත්‍යය සඳහා ඉරානයේ තල්ලුව නතර කිරීමට ඇමරිකාව තව දුරටත් කැමත්තක් හෝ හැකියාවක් නොදක්වන බවට වන සෞදියේ කනස්සල්ලට” ය. එයට යුක්තිකරනයක් ලබා දීමටය.
ඇමරිකානු අධිරාජ්‍යවාදය හා මැද පෙරදිග එහි සෞදි සේවාදායක ආන්ඩු විසින් නිර්මානය කරන ලද විනාසය සඳහා අවසානයේ දී කතුවැකි දෙකම පෙන්වා දෙන්නේ එක ම උපකල්පිත පිලියම යි: එනම්, මිලිටරිවාදය උත්සන්න කිරීම හා ඉරානය හා රුසියාවට එරෙහිව යොමු කෙරුනු නව මෙන් ම වඩා පුලුල් යුද්ධ සූදානම් කිරීම යි.
Follow us on