විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා වර්ජනයේ යෙදෙති
දේහින් වසන්ත විසිනි,2016 ජූලි 24
රජයේ විශ්ව විද්‍යාලයන්හි අනධ්‍යන සේවකයන්, ඉල්ලීම් හතක් මුල්කර ගනිමින්, පසුගිය 16 සහ 17 යන දිනයන්හි වැඩ වර්ජනයේ යෙදුනි. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් කැඳවන ලද මෙම වර්ජනයට, රජයේ විශ්ව විද්‍යාල සියල්ලම නියෝජනය කරමින්, අනධ්‍යන සේවකයන් 13,000 ක් සහභාගි වූහ. එය, සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 90 කට වැඩි ප්රමානයකි.
දශක තුනක යුද්ධයක් තුලින් උත්සන්න කෙරුනු වාර්ගික අපසරනයන් නොතකා, උතුරු සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයන්හි අනධ්‍යන සේවකයන් සියලු දෙනාම පාහේ මෙම වර්ජනයට සහභාගිවීම කැපී පෙනුනු ලක්ෂනයක් විය. වර්ජනය හේතුවෙන් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම අකි‍්‍රය වූ අතර, අධ්‍යන කටයුතු සඳහා නිවාඩු දිනයන් ලෙස එම දෙදින ප්‍රකාශයට පත් කිරීමට පරිපාලනයට සිදු විය.
මෑතදී අධ්‍යන සේවකයන්ගේ වැටුපට එකතු කල දීමනාවට සමානුපාතික මාසික හිලව් දීමනාවක්, එනම් මූලික වැටුපෙන් සියයට 75 ක දීමනාවක් ලබා දෙනු යන්න වර්ජකයන්ගේ මූලික ඉල්ලීම වෙයි. ඵලදායී විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ විශ්‍රාම යන වයස අවුරුදු 57 සිට 60 දක්වා දීර්ඝ කිරීමක් ද ඔවුහු ඉල්ලා සිටිති.
13 වන දා, කොලඹට රැස්වූ 4,000 කට ආසන්න අනධ්‍යන සේවකයන් පිරිසක්, තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයක නියැලුනි. එහිදී පෙන්නුම් කල සටන්කාමිත්වයෙන් ද වර්ජනය සඳහා වූ බහුතර සහභාගිත්වයෙන් ද ප්‍රකාශයට පත් කෙරුනේ, බදු බර වැඩි කිරීම ඇතුලු පියවර මගින් තම හිස මතට කඩාපාත් කොට ඇති දැවැන්ත ජීවන වියදමට සහ නව චක්‍රලේඛ සහ විධිවිධාන හරහා ඵලදායිත්වයේ නාමයෙන් ඉහල නංවා ඇති ශ්‍රම සූරා කෑමට ද එරෙහිව සටන් කිරීමට ඔවුනට ඇති දැවෙන අවශ්‍යතාවයි.
කෙසේ නමුදු, වෘත්තීය සමිති නිලධරය විසින් මෙම වර්ජනය කැඳවූයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගේ හවුල් ආන්ඩුවට එරෙහිව මෙම කම්කරුවන් අතර වැඩෙන විරෝධය සහ සටන්කාමිත්වය දියකර දැමීමට බව ඉතා පැහැදිලිය.
ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන සමිති නිලධරයේ සියල්ලම පාහේ වත්මන් ආන්ඩුව බලයට ගෙනඒම සඳහා දරදිය ඇද්දෝ වෙති. තම ජීවන කොන්දේසි වලට සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන
ප්රහාරයන්ට එරෙහිව කම්කරුවන් අතරින් පැන නගින කවර හෝ අරගලයක්, ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් බවට පත්වීම වැලැක්වීම ඔවුනගේ ප්‍රධානතම රාජකාරිය බවට පත්ව ඇත. ඒ බැව් ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව අවසානයේදී නායකත්වය විසින් කරන ලද කතා වලින්මත් සනාථ වෙයි. ඒකාබද්ධ කමිටු සභාපති එඩ්වඩ් මල්වත්තගේ යලි යලිත් ප්‍රකාශ කර සිටියේ මෙම අරගලය “දේශපාලනයෙන් තොර” බවයි.
සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාව මත එල්ල කරන ප්‍රහාර ගලා එන්නේ ජාත්‍යන්තර ප්රාග්ධනයේ, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ), විධානයන්ගෙනි. මෙම ප්‍රහාර ශී‍්‍ර ලංකාවට සුවිශේෂ වූවක් නොවන අතර එය ජාත්‍යන්තර ප්රපංචයකි.
2008 න් ඇරැඹී අවපාතයක් දෙසට වර්ධනය වන ජාත්‍යන්තර ආර්ථික අර්බුුදයේ සියලු බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සෑම රටකම පාලක පන්තීන්ගේ පිලිවෙත බවට පත්ව ඇත. මහ ධනපති රටවල වේවා, ශී‍්‍ර ලංකාව වැනි කුඩා ධනපති රටවල වේවා, කම්කරු පන්තිය අත් විඳින්නේ මෙම පිලිවෙතේ ආනිශංසයි.
පසුගිය රාජපක්ෂ ආන්ඩුවේ ද පිලිවෙත වූයේ මෙයයි. මූල්‍ය අරමුදලෙන් පනවන ලද කප්පාදු කි‍්‍රයාත්මක කිරීමේ දී වැඩුනු මහජන විරෝධය හමුවේ, කලින්ම ජනාධිපතිවරනයක් පවත්වා තවත් වසර හයකට තම පාලනය දීර්ඝ කර ගනිමින්, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව දැවැන්තම ප්‍රහාරයකට යාම ඔහුගේ අරමුන විය.
අනධ්‍යන සේවක සමිති නිලධරය ඇතුලු සමස්ත වෘත්තීය සමිති නිලධරයේ සහ ව්‍යාජ-වාම පක්ෂ වලද, පුරවැසි බලය වැනි ඊනියා සිවිල් සංවිධාන වල ද පූර්න සහයෝගය සහිතව බලයට පැමිනි වත්මන් සිරිසේන-වික්‍රමසිංහ තන්ත්රය වැඩ ආරමිභ කලේ රාජපක්ෂ නැවැත්වූ තැන සිටයි.
මෙම ආන්ඩුව මූල්‍ය අරමුදලෙන් කොටස් වශයෙන් ලබා ගන්නා ඩොලර් බිලියන 1.5 ක නය කන්දරාව වෙනුවෙන් පනවා ඇති විධානයන් අතරින්, 2020 වසර වනවිට අය-වැය පරතරය දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කිරීම ප්රමුඛ වෙයි. අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධනයන්හි සුවිසල් කප්පාදුවක් සමග පුද්ගලීකරනය වේගවත් කිරීම සහ රාජ්‍ය ආයතන ප්රතිව්යූහකරනය ආන්ඩුවේ න්‍යාය පත්‍රයේ ප්‍රධානතම අංගයන් බවට පත්කරගෙන ඇත්තේ ඉහත විධානයන් සපුරාලීමේ අරමුනෙනි.
මෙම න්‍යාය පත්‍රය සුමටව කි‍්‍රයාත්මක කල නොහැකි බව ආන්ඩුව හොඳින් දනී. අරගලයන්ට ඇදෙමින් සිටින කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන් මැඩීම සඳහා තම මර්දන යන්ත්‍රය වඩාත් රුදුරු ලෙස යොදා ගැනීමට ආන්ඩුව තීරනය කොට ඇත. විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව ගෙනයන මර්දනයෙන් සලකුනු කෙරෙන්නේ එයයි.
ආන්ඩුවේ මෙම ප්රහාරයන් පරාජය කල හැක්කේ, ප්‍රහාරයේ මූලය වන ධනේශ්වර පද්ධතිය, ලෝක පරිමානව සැලසුම් කෙරුනු සමාජවාදී නිශ්පාදන ආර්ථිකයනින් විස්ථාපනය කෙරෙන වැඩපිලිවෙලක් මත පාදක වූ ප්රතිප්රහාරයකිනි. සමිති නිලධරය එවන් වැඩපිලිවෙලකට මුලුමනින්ම සතුරුය. ආන්ඩුව සමග කේවල් කිරීම මගින් තම ඉල්ලීම් දිනාගත හැකිය යන මිථ්‍යාව වපුරමින් කම්කරුවන් අලාමුලා කොට ඔවුන්ගේ දිරියබල සිඳීම ඔවුන්ගේ අරමුනයි.
මේ යටතේ, ඒකාබද්ධ කමිටු නායකයන් ඊයේ (22) උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් ඇමති රවි කරුනානායක මුන ගැසී සාකච්ඡා කලහ. වියහැකි පරිදිම, මාසික හිලව් දීමනාව මූලික වැටුපෙන් සියයට 25 ක් ලෙස පිලිගෙන, ලබන 27 වන දා ආරම්භ කිරීමට නියමිතව අඛන්ඩ වැඩ වර්ජනය නවතා දැමීමට නිලධරය විසින් අර අදින බව ආරංචි වෙයි.
සමිති නිලධරයේ මෙම පාවාදීම් වලට එරෙහිව අනධ්‍යන සේවකයන් අතර වැඩෙන විරෝධය 13 දා කොලඹ පැවති විරෝධතාවට සහභාගි වූ කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවනට කල ප්‍රකාශ වලින් පැහැදිලි විය.
රුහුනු සරසවියේ කම්කරුවෙකු: “මේ ආන්ඩුව වගේම මීට පෙර පැවති රාජපක්ෂ ආන්ඩුවද අනධ්‍යන සේවකයන්ට පහර දුන්නා. මේ ආන්ඩුව පඩි වැඩිකිරීමක් සිදුකලේ පසුගිය වසරේ පැවැත්වූ මැතිවරනය දිනීමේ එල්ලය ඇතිවයි. දැන් බදු වැඩිකිරීම හැටියට හා උද්ධමනය ඉහලයාම හැටියට එම වැඩිකිරීම් උදුරා ගනිමින් ඉන්නවා. ආන්ඩුවල ප්රහාරයන්ට එරෙහිව සමිති නායකයො කරන වැඩ ගැන අපිට කිසිම විශ්වාසයක් සහ එකඟතාවක් නෑ. අපි බලාපොරොත්තු වුනේ ඉල්ලීම් ලැබෙන තෙක් අඛන්ඩ වැඩ වර්ජනයක්. ඒත් සමිති නායකයො ඒක දින දෙකකට සීමා කලා.”
මොරටුව විශ්ව විද්‍යාලයේ කම්කරුවකු: “ආන්ඩුව අපේ ඉල්ලීම් දේවි කියල හිතන්න අමාරුයි. දැන් තෙල් මිල බස්ගාස්තු ඔක්කොම ඉහල නගින්න පටන් ගනීවි. වෘත්තීිය සමිති මෙච්චර කාලයක් සාමාජිකයන්ට විරුද්ධව පාලකයන්ට ගතු කිව්වා. ඒවායේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇඟිලි සලකුනු යන්ත්‍රය වැටුනේ. කලින් ස්ට්‍රයික් එක පාවල දීපු ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතිය මෙවර ස්ට්‍රයික් එකේ ඉස්සරහින්ම ඉන්නවා. ගියවරත් විදේශ සංචාර ලබාදීලා නායකයන් බිලි බා ගත්තා.”
Follow us on