ජල ගැලීමෙන් විපතටපත් හලාවත නගරාසන්න දුගී ජනයා ලෝසවෙඅට කතා කරයි
අපේ වාර්තාකරුවන් විසිනි , 2016 ජූනි 10
පසුගිය දිනවල ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවත් සමග හලාවත නගරයට නැගෙනහිරින් පිහිටි නරියගොඩැල්ල හා දකුනු දෙසින් පිහිටි මයික්කුලම ග්‍රාම සේවා වසම්වල බොහොමයක් කම්කරු නිවහන් ප්‍රදේශ අඛන්ඩ ජලගැලීම් තත්වයකට ලක්ව ඇති බැවින් එම ජනතාව ඉමහත් දුෂ්කරතාවන්ට මුහුන දී සිටිති.
පැල්පත් නිවාස, අබලන් වූ ඇල මාර්ග හා සනීපාරක්ෂක කොන්දේසි මගින් නිර්මානය කොට ඇති කටුක කොන්දේසි රටපුරා ආපදාවට ලක්වී සිටින දිලිඳු ජනයාගේ තත්වය හෙලිදරව් කරන්නක් වන අතරම බලයට පත් සියලු ආන්ඩුවලට එරෙහි බරපතල චෝදනා පත්රයකි.
සති තුනකට පෙර ඇදහැලුනු අධික වර්ෂාවත් සමග නාය යෑම් හා ජල ගැලීම්වලින් රටපුරා මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවු අතර අතුරුදහන් වූ ගනන 134 කි. රට පුරා දිස්ත්‍රික්ක 24 ක ආපදාවට ලක්වූ පිරිස 500,000 ඉක්ම විය. අපාදා කලමනාකරන මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව එම දිනවල හලාවත අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ විපතට පත් වී ඇති මුලු සංඛ්‍යාව 25,084 කි. පුත්තලම එලුවන්කුලම ගමේ ගෙවල් 100 ක් සම්පූර්නයෙන්ම ජලයෙන් යටවු අතර දැදුරු ඔය අවට තවත් සිය ගනනක් ජනයා තවමත් ජලගැලීම් තත්වයට ලක්ව සිටී.
කෙසේ වුවද විපතට පත්ව සිටින පිරිස ආන්ඩුවේ වාර්තා ඉක්මවා යයි.
ආපදාවට ලක්වූවන්ට සොච්චම් සහන දීමනාවක් වෙන් කිරීමෙන් පසු, ආන්ඩුව හා ධනපති මාධ්‍ය තත්වය යථා තත්වයට පත් වී ඇති බවක් මවා පෙන්වීමට යයි. ඊයේ කැබිනට් මන්ඩලය අමතා ජනාධිපති සිරිසේන සියලු අනවසර ඉදිකිරීම් නවතා දමන බව පවසමින් කොලඹ නගරය තුල ඇති එවැනි ඉදිකිරීම් ඉවත් කිරීමටත් නියෝග කලේ ය. එහි මූලික එල්ලය දිලිඳු පැල්පත් නිවාස කඩා දැමීමයි.
තමන් මුහුන දෙන දුෂ්කර තත්වය හමුවේ කම්කරු පීඩිත මහජනයා තුල ආන්ඩුවට එරෙහි අප්‍රසාදය වැඩෙමින් තිබේ. හලාවත නගරාසන්න දිලිඳු ජනයා තුලින් එම තත්වය ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් විය.
රටේ අනෙක් ප්‍රදේශවලදී මෙන්ම හලාවතදී ද ජනයා ද ජලයෙන් යටවීමට බලපෑ ඇති කාරනය වී ඇත්තේ වර්ෂාව පමනක් නොව, අබලන් වූ වැව් සහ ගංගාවන්හි බැමි අලුත් වැඩියා නොකිරීම, සැලසුම් ගත ජලය බැස යෑමේ කානු පද්ධති නොමැති කම හා ඡන්ද ගසාකෑමේ අරමුනින් විවිධ ආන්ඩු හා ප්‍රාදේශීය මැති ඇමතිවරුන් ලබා දුන් ඉඩම් හා අවිධිමත් නිවාස යෝජනා ක්රමයන්ය.
හලාවත නගරයේ සිට කිලෝ මීටරයක් පමන ගොඩබිම දෙසින් පිහිටි නරියගොඩල්ල නම් ගම්මානයේ වගුරු බිමකට සමාන අක්කර තුනක පමන ඉඩමක ජීවත් වන නගරසභා කම්කරු පවුල් 60 ක ජනයා අඛන්ඩ ජල ගැලීම් තත්වයෙන් පීඩාවට ලක්ව සිටී. හලාවත සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ හා ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවෝ පසුගිය දිනවල ජලගැලීමට ලක්ව සිටින එම කම්කරුවන් සමග සාකච්ඡාවක යෙදී ගත්තේ ය.
නගරසභා කම්කරු ස්ත්‍රියක් මෙසේ පැවසීය: “අපි කලින් හලාවත බස් නැවතුම්පොල ගාව ඉඩමක හිටියේ. ඒ ඉඩම ගොඩක් වටින නිසා අපිව කලින් ආන්ඩුවෙන් මේ ඉඩමට එව්වා. මේක සුලු වැස්සකටත් යට වෙනවා. මේ පාර වැස්සට අපි සෑහෙන්න බය වූනා. අපිට දුන්න ගෙවල්වල වහලවල්වලට දාලා තියෙන්නේ පොල් බොඩවලින් ඉරපු ලී. මැදට රීප්ප දාලා නෑ. ඇස්බැස්ටස් ෂීට් හුලඟට ගසා ගෙන යන්න ගියා. වහල හැම තැනින්ම තෙමුනා. වැසි නැති දවස්වලටත් වැසිකිලි උතුරනවා දැන් තත්වය තවත් දරුනුයි.
වැසිකිලි පහසුකම් නොමැති බැවින් ඒ සඳහා ආසන්න කැලයට ගිය ඇගේ සැමියා සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මියගිය බවත් නවය වසරේ ඉගෙනුම ලබන තම දරුවාට එම නිවසේ සිට ඉගෙනුම් කටයුතුවල යෙදිය නොහැකි බවත් ඇය පැවසුවාය.
“අපේ ඡන්ද ගන්න, ප්‍රධාන පක්ෂ දෙකේම මන්ත්‍රීලා ඇවිල්ලා බොරු කියනවා. එක මන්ත්‍රීවරයෙක් ගිය අවුරුද්දේ ඡන්දෙ දවස්වල ඇවිල්ලා බැකෝ යන්ත්‍ර දාලා සැලැස්මක් නැතිව කානු කපන්න ගත්තා. ඇත්තීමේ දී වැඩ සම්පූර්න කෙරුවෙත් නෑ. ඒ කානුවල සාමාන්‍ය දවස්වලත් වතුර පිරිලා, ඉන්න ගෙම්බෝ කන්න සර්පයෝ එනවා. පොඩි ලමයි අවදානමේ ඉන්නේ. දැන් අපේ ගෙවල්වලටයි පර්චස් 5 ඉඩමටයි රුපියල් නවලක්ෂ පාලොස් දාහක් මාසකෙට 2500 ගානේ අවුරුදු තිහකින් අපෙන් කපා ගන්න යනවා. අපි උන්න තැනින් එලවද්දි ඕවා කිව්වේ නෑ. ගෙවල්වල බිත්තිත් පුපුරලා අපි මේ ගෙවල්වලට ගෙවන්න කැමති නෑ. නගර සභාවේ සේවකයෝ භාගයකටත් වැඩියෙන් අනියම් කම්කරුවෝ. අලූතෙන් ස්ථිර කරපු අයට රජයේ සේවකයන්ට ගෙව්ව පඩි වැඩිවීම ගෙව්වෙත් නෑ.
”එජාප හලාවත මන්ත්රීශාන්ත අබේසිංහ ඇවිල්ලා කියනවා නිවාස ඇමති සජිත් පේ‍්‍රමදාස එක්ක කථා කරලා ගෙවන්න ඕනා ගාන ලක්ෂ 5 ට අඩු කරලා දෙන්නං කියලා. වැසිකිලි ටැංකි ගන්න නය අරන් දෙන්නන් කියලා. ඒවා ගැන අපිට විශ්වාසයක් නෑ. අපි දැන් ජීවත් වෙන්නේ අපායක, ගෙවල්වල නෙමේ. මේ ආන්ඩුව බලයට ආවේ අරක දෙන්නං මේක දෙන්නං කියලා. නමුත් දැන් කියනවා අර ආන්ඩුවේ නය බර අපිට ගෙවන්න කියලා. නගර සභා කම්කරු නිවාසවලට යාබද ඊට දකුනු දෙසින් පිහිටි කම්කරු හා නාගරික දිලිඳු ජනයා වෙසෙන මයික්කුලම ග්‍රාම සේවා කොට්ඨාසයේ අසරප්පුවත්ත, මිලාන් පුර, ඉබට් සිල්වා වත්ත යන කුඩා ගම්මානවල පවුල් 500 ක් පමන ජලගැලීමෙන් පීඩාවට පත්ව සිටිති.
වැසිකිලි උතුරා යෑමෙන්, පානීය ජල මූලාශ්‍ර අපවිත්රවීමෙන් හා ජලය බැස නොයා පල්වීමෙන් හා මැසි මදුරු හා පාචනය වැනි රෝගවලට ලක්වීමේ අවදානමකට එම ජනයා මුහුන දී සිටිති. බොහොමයක් ජනයා කියා සිටියේ සෑම අවුරුද්දකම නොවැම්බර් මාසයේ මහා වැසිවලට තම ගෙවල් ජලයෙන් යටවන නමුත් මෑතක සිට දැන් අපේ‍්‍රල් - මැයි මාසවලත් ජලගැලීම්වලින් පීඩාවට පත්වන බවයි.
කානු පද්ධතිය සකස් කර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශයේ ජනයා එක්ව 2012 හා 2014 දී හලාවත මීගමුව මහා මාර්ගය අසල විරෝධතා පැවත්වූ බවත් නගර සභාවට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිනිලි කර ඇතැත් ඉන් කිසිදු විසඳුමක් නොලැබුනු බවත් එම ජනයා වැඩිදුරටත් කියා සිටියහ.
තම ස්වාමි පුරුෂයා ඇතුලු බොහොමයක් පිරිමි කම්කරුවන් කුලී වැඩවල නිරත වන බව ප්‍රකාශ කල කම්කරු ස්ත්‍රියක් මෙසේ ද පැවසුවාය: “අපේ ගෙවල්වලට ඔප්පු නෑ. 2012 දැයට කිරුලෙන් ලියවිල්ලක් දුන්නා ඔප්පු දුන්නේ නෑ. අපිටම කියලා ඉඩමක් තිබුනත් ගෙයක් හදන්න අපිට වත්කමක් නෑ. වැස්ස හින්දා මහත්තයාට සති තුනක් හරියට රස්සා නෑ. එයා ගොඩක් වෙලාවට පෙදරේරු වැඩට තමා යන්නේ. මේ දවස්වල කඩෙන් නයට ගන්නවා. නමුත් අපි දවසක්ම එක හාල් කිලෝවකින් පොල් ගෙඩියකින් පිරිමහගෙන වේලක් ඇර වේලක් කාලා ඉන්නවා නය වෙන්න බැරි නිසා.
දරුවන්ගේ අධ්‍යාපන වියදම දැරිය නොහැකි බවත් නගරයේ පිහිටි හැම රජයේ පාසලකම වාර්ෂික පහසුකම් ගාස්තු රුපියල් දෙදහසකට අධික බවත් ඇය පැවසුවාය.
“හලාවත මුන්නේශ්වරම් වැවේ සොරොව් ඇරියාම ඊට පහලින් තියෙන අනෙක් කුඩා වැව්වල බැමි කැඩිලා නිසා අපේ ගෙවල් යටවෙනවා. පෙරේදා ? දෙකට විතර ගේ ඇතුලටම වතුර දැම්මා. දැන් ගෙවල් වටේ තියෙන වතුර කලු පාට වෙලා පල්වෙලා. ගෙවල් ඇතුලේ සිමෙන්ති කැඩිලා වතුර කාන්දු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට පාරේ ටැප්වලින් එන වතුරත් කලු පාටයි. අපි කොහොමද මේවා ලමයින්ට දෙන්නේ. ආන්ඩුවෙන් කියලා කව්රුත් ආවේ නෑ. අවුරුදු තුනකට විතර කලින් දාපු බෝක්කු කටෙන් එන වතුර සියල්ලම අපේ වත්තටයි එන්නේ. ආන්ඩුවල වැඩ මෙහෙම තමයි.”
තවත් කාන්තාවක් කියා සිටියේ තම ස්වාමියා වැඩ කරන ගරාජය වතුරෙන් යටවීම හේතුවෙන් සති දෙකක් රස්සාව අහිමි වූ බවත් ඉදිරියේ දී පඩියෙන් කපා ගැනීමේ පොරොන්දුවට පිට ගරාජ් හිමිකරුගෙන් නයට මුදල් ලබා ගත් බවයි.
ලෝසවෙඅට අදහස් දැක්වූ තවත් කාන්තාවක්: “ගංවතුරට ඔය බත් පැකට් එකක් දෙකක් දෙනකොට අපි හැමදාම කිව්වේ අපිට කන්න එපා මේ කානු හදලා දෙන්න කියලා. දැන් බත් පැකට් එකක්වත් නෑ කානු හැදිල්ලකුත් නෑ.” යයි දැඩි කෝපයෙන් කියා සිටියාය.
කුඩා පැල්පතක සිටි ඇය දෙදරු මවකි. උලු සෙවිලි කර කාමර දෙකක් පමනක් අර්ධ වශයෙන් නිම කිරීම සඳහා ඇය එල් ඕඑල්සී මූල්‍ය ආයතනයෙන් ලබා ගත් ලක්ෂ දෙකක නය මුදලට මසකට රුපියල් එකොලොස්දාස් හයසියයක් ගෙවන්නේ ඉතා දුෂ්කර ආර්ථික කොන්දේසි යටතේ ය.
ත්‍රිරෝද රථ රියැදුරෙකු වන අශෝක මෙසේ කියා සිටියේ ය. “ මේ ආන්ඩුවලින් මේවා ඉල්ලලා වැඩක් වෙන්නේ නෑ. දැන් ඕනා කරලා තියෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ ආන්ඩු පෙරලා දාන එකයි.”
Follow us on