චීනය හා බ්‍රසීලය : ගැඹුරුවන ධනේශ්වර බිඳ වැටීමේ ප්‍රකාශන දෙකක්
China and Brazil: Two expressions of the deepening capitalist breakdown
2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් හා 2009 පැමිනි ගෝලීය ආර්ථිකයේ වේගවත් පසුබෑමෙන් ඉක්බිත්තේ, විවිධාකාර ධනපති අර්ථශාස්ත්රඥයින් හා පන්ඩිතයින් කියා සිටියේ, බ්‍රසීලය, රුසියාව, චීනය, ඉන්දියාව හා දකුනු අප්‍රිකාව යන ඊනියා බි්රක්ස් රටවලට, ලෝක ධනවාදයේ ප්රසාරනය සඳහා නව පදනමක් සැපයිය හැකි වන බවයි.
අධි ධාරිතාව හේතුවෙන් චීන ආන්ඩුව රැකියා මිලියන ගනනක් කපා හැරීමට සැලසුම් කරන බවටත්, බ්‍රසීලය තම ඉතිහාසය තුල ගැඹුරුම හැකිලීම විය හැකි අවපාතයකට ඇතුලුවී තිබෙන බවටත්, මේ සතිය තුල පලවූ වාර්තාවන් ද සමග එම මිත්‍යාවේ යමක් ඉතිරිවී තිබූනා නම් එය ද අවසන් විය.
ආර්ථික පසුගාමිත්වය ද අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධන මධ්‍යස්ථානවල ආධිපත්‍යය ද පිලිබඳ ගැටලු වලින් වෙලී ගිය අඩු හා මධ්‍යම ආදායම් ලාභී රටවල් සමූහයක් වන බි්රක්ස් රටවල් කන්ඩායමට, කෙසේ හෝ ගෝලීය ධනවාදය සඳහා නව පනක් සැපයිය හැකිය යන්න හැම විටම ආර්ථික ප්‍රබන්ධයක් විය.
චීන ආන්ඩුවේ ඩොලර් ටි්රලියන භාගයක් තරම් වන වියදම් හා ආර්ථික ඉතිහාසයේ අතිශයින්ම වේගවත් නය ප්රසාරනය ද ඇතුලු දැවැන්ත උත්තේජක පැකේජයක් මගින් කෙටි කාලයකට එය පවත්වාගත හැකි විය.
චීනයේ ඉදිකිරීම් උත්පාතය හා කාර්මික ධාරිතාවේ ප්රසාරනයත් හමුවේ කාර්මික අමුද්‍රව්‍ය අපනයන රටවලට, භාන්ඩ මිල ඉහල නැගීමෙන් වාසි සැලසුනි. එහෙත් ඊනියා භාන්ඩ “සුපිරිචක්රය” කඩා වැටීම, 2014 වසරේ පටන් තෙල් මිලෙහි වැටීම තුල වඩාත් ක්ෂනිකව ප්‍රකාශිත වූ අතර කාර්මික අමුද්‍රව්‍ය පුලුල් පරාසයක් තුලට එය පැතිර යමින්, “නැගී එන වෙලඳපොලවලින්” ප්රාග්ධනය ඉවතට ගලා යෑමත් සමග ආර්ථික ව්‍යසනයක රැල්ලක් මුදා හැරුනි.
චීනයේ හා බ්‍රසීලයේ ආර්ථික තත්වය නරක අතට හැරීම සමග තෙල් මිල වැටීමේ හා අධිරාජ්‍යවාදී ආර්ථික සම්බාධකවල ප්‍රතිපල වශයෙන් රුසියාව, පසුබෑමකට ඇද වැටුනි. ලෝහ මිල පහල බැසීම තුල දකුනු අප්‍රිකාවට පහර වැදුනු අතර පතල් කර්මාන්තයේ දහස් ගනන් රැකියා විනාශ විය. එරට කෙටි කලකින්ම ආර්ථික පසුබෑමකට මුහුන දීමට නියමිතය. ඉන්දියාව තවමත් “දීප්තිමත් ලක්ෂ්‍යයක්” ලෙස හුවා දක්වනු ලැබුව ද එරට ආර්ථිකය, බොල් නය, හැකිලෙන අපනයන වෙලඳපොලවල්, වැටුප් හා පෞද්ගලික ආයෝජන එකතැන පල්වෙන තත්වයකට පත්ව තිබේ.
සමස්තයක් ලෙස 2015දී බ්‍රසීල ආර්ථිකය සියයට 3.8න් හැකිලුනු අතර එය මේ වසර තුල වේගවත් වෙයි. 3දා නිකුත් කල සංඛ්‍යාවන් පෙන්නුම් කරන්නේ, වසරකට පෙර තත්වය සමග සසඳන කල පෙර වසරේ අවසන් කාර්තුවේ ආර්ථික හැකිලීම සියයට 5.9ක් වන බවයි. එරට සංඛ්‍යාලේඛන ආයතනයට අනුව “සියලු උපාංගයන්ගේ අභ්‍යන්තර ඉල්ලුම පහත යෑමක් පෙන්වයි.” මේ වසර තුල අවම වශයෙන් තවත් සියයට 3න් ආර්ථිකය හැකිලීමත් සමග නිල වාර්තා නිකුත් කිරීමට පටන්ගැනීමෙන් පසුව නරකම පසුබෑමට එරට මුහුන දෙනු ඇතැයි සැලකේ.
චීනය හා බ්‍රසීලය හුදෙකලා කොට ගැනීමෙන් ඒ රටවල වාර්තාවන්හි සම්පූර්න වැදගත්කම වටහා ගත නොහැකිය. ඒවා පෙන්නුම් කරන්නේ, සමස්ත ගෝලීය ධනවාදී ආර්ථිකයේම ගැඹුරුවන අර්බුදය හා 2008 ආරම්භවූ කඩාවැටීම නව අදියරකට එලඹී ඇති බවය.
1930 ගනන් වලින් මෙපිට ඇතිවූ නරකම මූල්‍ය අර්බුදයෙන් ගෝලීය ආර්ථිකය මුලුමනින්ම කඩාවැටීම වලක්වා ගත්තේ, චීනයේ ආර්ථික ප්රසාරනයට සමගාමීව බැංකු හා මූල්‍ය ආයතන නගාසිටුවීම පිනිස ලෝකයේ මධ්‍යම බැංකු, මූල්‍ය පද්ධතිය තුලට ඩොලර් ටි්රලියන ගනන් මුදල් පොම්ප කිරීමෙනි.
මෙම ක්‍රියාවලිය ගැස්සෙමින් නතරවී ඇත. බි්රක්ස් රටවල “වර්ධන මොඩලය” කැඩී බිඳී යද්දී, තවත් මූල්‍ය ව්‍යසනයක කොන්දේසි මෝරමින් ඇත. එංගලන්ත මහ බැංකුවේ හිටුපු අධිපති මර්වින් කිං මෑතකදී අනතුරු ඇඟවූයේ, 2008 කඩා වැටීම “පද්ධතියේ අසාර්ථකත්වයක්” බවත් ලෝක ආර්ථිකයේ “අසමතුලිතතාවය”ට විසඳුම් නොමැතිවීම හමුවේ, නව ව්‍යසනයක් “පමාවනවාට වඩා ඉක්මන් වනු ඇත” යනුවෙනි.
ඊනියා “සාමාන්‍ය” තත්වයන් කරා යලි පැමිනෙනවා වෙනුවට මූල්‍ය ක්‍රමය, වෙලඳපොලවලට ලාභ මුදල් දෝරේ ගැලීම හෙවත් “ප්රමානාත්මක ලිහිල්කිරීම්” වැඩසටහන, දැන් රින පොලී අනුපාත හා රින බැඳුම්කර ප්රතිලාභ නිර්මානය කරන තැනට පුලුල් වී ඇත.
ගෝලීය දල දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකකට පමන දායක වන රටවල්, රින පොලී අනුපාත අත්විඳියි. ජනවාරි මාසය අවසානයේ ජපාන මහ බැංකුව, එහි තැන්පත් කරන මුදල් සඳහා ගාස්තු අයකිරීමට තීන්දු කිරීමත් සමග තත්වය තවත් ඔද්දල් වෙයි.
එම තීරනය මූල්‍ය ක්‍රමයට උත්තේජකයක් වනවා වෙනුවට සිදුකර ඇත්තේ, වෙලඳපොල අර්බුදයකට ඇද දැමීමයි. ප්‍රධාන බැංකුවල, විශ්‍රාම අරමුදල්වල හා රක්ෂන සමාගම්වල ව්‍යාපාර ආකෘතීන්, තවත් කොතෙක් කලක් තිරසාරව පවතිනු ඇද් ද යන කනස්සල්ල වැඩෙමින් තිබේ. ඒවා ආයෝජනය කර ඇත්තේ, රජයේ සුරැකුම් වලය. ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ පලවූ ලිපියක එය හඳුන්වා තිබුනේ රින අනුපාතයන්ගේ ”ලා ලා භූමිය” ලෙසය. “අවදානම් සහගත ඔට්ටු තැබීමේ අලාභ මගහරවා ගැනීමට ආයෝජකයින්, සුපිරි සුරක්ෂිත බැඳුම්කර මිලට ගන්නා බව සැලකේ. දැන් ඔවුන් පෙලගැසී සිටින්නේ, එම සුපිරි සුරක්ෂිත කොල කෑල්ල මත පාඩුව සහතික කර ගැනීමටයි.” ලිපිය සඳහන් කරයි.
නැගී එන ආර්ථික හා මූල්‍ය අර්බුදය, ප්රචන්ඩ දේශපාලන කැලඹීම් ඇති කරයි. මේ සතිය තුල, අවධමනය හා අඛන්ඩ පල්වීම ද බි්රතාන්යය යුරෝපීය සංගමයෙන් ඉවත්වීමේ හැකියාව ද පිලිබඳව තව තවත් තොරතුරු හෙලිවෙද්දී, ක්‍රෙඩිට් ස්වීස්හි අර්ථ ශාස්ත්‍රඥයා, “අද්දරට සමීපව” යන හිසින් යුත් පරියේෂන ලිපියක් තුල අනතුරු ඇඟවූයේ, යුරෝපයේ පසුබෑම යුරෝ කලාපය බිඳ දැමිය හැකි බවටය. “යුරෝ කලාපය පසුබෑම තුල ගිලී ගියහොත් එහි පැවැත්ම අඩමානය.”
ලතින් ඇමරිකාව ගතහොත්, බ්‍රසීල ආර්ථිකයේ පහතට නැඹුරු සර්පිලය වනාහි, චීනයට අපනයනය කිරීම මත පදනම්වූ ධනේශ්වර දේශපාලන “වාම හැරීමේ” විනාශයයි. ඇමරිකාවේදී ආර්ථික හා දේශපාලන පද්ධතියේ ගැඹුරු වන අර්බුදය, රිපබ්ලිකන් පක්ෂයේ ප්රමුඛ ජනාධිපති අපේක්ෂකයා ලෙස ෆැසිස්ට් ලක්ෂන සහිත ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මතුවීමට තුඩුදී ඇත.
චීනයේ තරම් වෙන කොහේවත් ධනපති ක්රමයේ බංකොලොත්කම කැපී පෙනෙන අයුරින් පෙන්වන්නේ නැත. චීන ස්ටැලින්වාදී තන්ත්රය පොරොන්දු වූයේ, ධනවාදය පුනස්ථාපනය කිරීම, රටේ “සාමකාමී නැගීමට” මග පාදනු ඇති බවටත්, ආර්ථික පසුගාමිත්වයේ දශක ගනනාවක උරුමය ජයගන්නා බවටත්ය. ඔවුන්ගේ එම ක්‍රියාමාර්ගය ව්‍යසනයක් බවට හැරී ඇත.
එක් අතකින් චීනයේ ආර්ථික වර්ධනය, එරට ඇමරිකානු මිලිටරියේ නිර්දය මැදිහත්වීම් වලට මුහුනට මුහුන පිහිටුවා ඇත. ඇමරිකානු පාලනය සලකන්නේ චීනයේ නැගීම සිය මිලිටරියට හා දේශපාලන ආධිපත්‍යයට තර්ජනයක් ලෙසය. අනෙක් අතින් චීන ධනවාදයට “විශේෂ අංගලක්ෂන” නොමැති අතර සමස්ත පද්ධතියට තර්ජනය කරන එම ප්රතිවිරෝධයන්ටම මුහුනදී සිටියි. එය දැන් මිලියන සිය ගනනකගේ රැකියා හා ජීවන තත්වයන්ට සෘජුවම තර්ජනය කරයි.
පසුගිය සති අන්තයේ පැවති ජී 20රැස්වීමේදී පෙනී ගිය ආකාරයට, ධනේශ්වරය හා එහි සියලු සංවිධාන වලට නැගී එන අර්බුදය සඳහා ආර්ථික විසඳුමක් ඇත්තේ නැත. නැගෙන ගැටලු හමුවේ සමස්ත ලෝක ධනපති ක්රමයම, සහයෝගිතාවයෙන් නොව වෙලා ගෙන ඇත්තේ, කර්කෂ ගැටුම් වලිනි. එහෙත් ඔවුන් සියල්ලෝම එක් දෙයකට එකඟ වෙති. එනම් තමන් අධිකාරය දරන පද්ධතියේ ව්‍යසනය වෙනුවෙන් කම්කරු පන්තිය ගෙවිය යුතුය යන්න පිලිබඳවය.
වත්මන් දේශපාලන පර්යාය තුල ආර්ථික බිඳ වැටීමට විසඳුමක් ඇත්තේ නැත. ගෝලීය ධනවාදය ව්‍යසනයකට ඇදී යමින් ඇතැයි යන කාරනය, පාලක ආර්ථික හා දේශපාලන කවයන් තුල පවා කථාබහට ලක් වෙමින් තිබේ. එහෙත් මාක්ස් පැහැදිලි කල පරිදි, මානව වර්ගයාගේ වර්ධනය තුල මුනගස්වන කිසිදු ගැටුලුවක්, එය විසඳීමට සමත් ද්‍රව්‍යමය කොන්දේසි ද නිර්මානය නොකර මතු කරන්නේ නැත.
ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීයකරනයෙහි ප්‍රතිපලය වශයෙන් පසුගිය දශක තුන තුල ජාත්‍යන්තර කම්කරු පන්තියේ සිදුව ඇති දැවැන්ත වර්ධනයෙහි වැදගත්කම ඇත්තේ මෙහිය. චීනයේ, බ්‍රසීලයේ හා ඉන්දියාවේ පමනක් 2000-2010 අතර කාලයේ අලුතින් කම්කරුවන් මිලියන 265ක් ශ්‍රම බලකායට ඇතුලුවී සිටියි. කෙසේ වෙතත් කම්කරු පන්තියේ දැවැන්ත වෛෂයික ශක්තිය, දේශපාලන අරගලයක් තුලින් සාක්ෂාත් විය හැක්කේ එය ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත එක්සත් වුවහොත් පමනි. එය සිදුවන්නේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම තුලින් පමනි.
නික් බීම්ස්
Follow us on