ශ්‍රී ලංකාව: යාපනයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් පොලිස් ඝාතන වලට එරෙහි ශිෂ්‍ය විරෝධතා අත්හිටුවයි
இலங்கை: யாழ்ப்பாண பல்கலைக்கழக மாணவர் ஒன்றியம் பொலிஸ் கொலை தொடர்பான மாணவர் போராட்டத்தை முடித்துக்கொண்டது
Sri Lanka: Jaffna university student union calls off student protests over police killing
එස්. ජයන්ත් විසිනි, 2016 නොවැම්බර් 09
දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇමරිකානු ගැති කොලඹ ආන්ඩුවේ මර්දනකාරී නිතීය යටගැසීමට උත්සාහ කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශිෂ්‍ය සංගම්වල සීමා සහිත ඉල්ලීම ඉටුකිරීමට “පොරන්දුවිමෙන්” පසුව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය, නොවැම්බර් 1දා පොලිසිය සිසුන් දෙදෙනෙක් ඝාතනය කිරීමට එරෙහිව පැවති ඔවුන්ගේ පන්ති වර්ජනය අත්හිටවූහ.
පවන්රාජ් සුලක්ෂන් සහ නඩරාසා ගජන් යන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඝාතනයන්ට එරෙහිව ශිෂ්‍යයන් සහ ජනතාව අතර මතුවූ කෝපය ඉවතට හැරවීම සඳහා දෙමල ජාතික සන්ධානය සහ දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්) ඇතුලු දෙමල ධනපති පක්ෂ ගන්නා උත්සාහයේ කොටසකි, ශිෂ්‍ය සංගමයේ මේ පියවර.
ජනාධිපති සිරිසේන සමග සිය ඉල්ලීම් සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් ඉල්ලමින් ශිෂ්‍ය සංගමය පන්ති වර්ජනයක් කැඳවූහ. “යෝග්‍ය නෛතික නියෝජනයක් සහිත පිලිගතහැකි සහ අපක්ෂපාතී පරීක්ෂනයක් [ඝාතනයන් සම්බන්ධව], පරීක්ෂනය අපක්ෂපාතී දැයි අධීක්ෂනය සඳහා යෙදවීමට ජාතික සහ ජාත්‍යන්තර මානව හිම්කම් සංවිධාන සහ ක්රියාකාරිකයන් කැඳවීම ද ඇතුලු, ඝාතනයට ලක්වූවන්ගේ පවුල් වලට වන්දි මුදල් සහ සති දෙකකදී මරන පරීක්ෂන වාර්තාව ඉදිරිපත්කිරීම ඉල්ලීම් වලට ඇතුලත් විය.
රැස්වීමට සහභාගී වූ සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සති දෙකකදී පොලිස් කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කිරීමටත්, මසක් ඇතුලත වන්දි මුදල් ලබාදීමටත්, ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට රජයේ රැකියා ලබාදීමට සහ අපක්ෂපාතී පරීක්ෂනයක් පැවැත්වීමටත් පොරොන්දු වූ බව වාර්තා වේ. කැබිනට් ආමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන්, උපකුලපතිනි වසන්ති අරසරත්නම්, යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයින්, නියෝජිතයින් සහ ගුරුවරු ද කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට සහභාගී වූහ.
සුලක්ෂන් සහ ගජන් ඔක්තෝබර් 20දා රාත්‍රියේ පොලිස් වෙඩිපහරකින් මරුමුවට පත් විය. මුලදී පොලිසිය පැවසුවේ සිසුන්ගේ යතුරුපැදිය අනතුරකට ලක්ව ඇති බවයි. පසුව අධිකරන වෛද්‍ය නිලධාරී විමර්ශනයෙන්, සුලක්ෂන්ගේ පපුවේ සහ හිසේ වෙඩි උන්ඩ වලින් සිදුවූ තුවාල තිබූ බව සොයාගැනින. පොලිසිය ඊට පසුව පැවසුවේ යතුරුපැදිය නැවැත්වීමට දුන් අන නොතකා ඔවුන් පසුකර ඉදිරියට යද්දී වෙඩි තැබූ බවයි. සැකය වඩා ගැඹුරු වූයේ පොලිස් වෙඩි තැබීමෙන් වූ තුවාල සිරුරේ ඉදිරිපසින් දිස්වීම නිසාය. වෙඩි තැබීමෙන් පසුව යතුරුපැදිය තාප්පයේ වැදීම නිසා ඇතිවූ තුවාල හේතුවෙන් අනෙත් සිසුවා මරනයට පත්විය.
ඝාතනයෙන් පසු කලබල වූ කොලඹ සංස්ථාපිතය, ටීඑන්ඒ සහ ටීඑන්පීඑෆ් නායකයෝ මෙම ඝාතන අරබයා අසහනය පුපුරායාම වැලැක්වීමට වහ වහා ක්‍රියාශීලි වූහ. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි දශක තුනක යුද්ධය අවසන්ව ගතවූ වසර හත තුල එවැනි පොලිස් ඝාතනයක් සිදුවූ පලමු වතාව මෙයයි.
ඝාතනය සඳහා වගකිවයුතු පොලිස් නිලධාරීන් සේවයෙන් පහකිරීමට සහ අත්අඩංගුවට ගැනීමට මග පෑදු හදිසි පොලිස් විමර්ශනයක් පැවැත්වීමට සිරිසේන නියෝග කලේය. ශිෂ්‍ය සංගමය ඔක්තෝබර් 24 වනදා විශ්වවිද්‍යාලයේ දහස් ගනනක් සිසුන්, ගුරුවරුන් සහ සේවක පිරිස් සහභාගී වූ විරෝධතාවක් සංවිධානය කලේය. පසුගිය දිනයේ මිනිසුන් දුටුවේ මුලු උතුරු පලාත පුරා ටීඑන්ඒ ඇතුලු දෙමල පක්ෂ විසින් කැඳවනු ලැබූ හර්තාලයකි.
ශිෂ්‍ය නායකයන් හමුවීමට ප්‍රථම යුද්ධයෙන් අවතැන්ව සිය දේපල අහිමි වූවන්ට නිවාස 100ක් ලබාදීමේ උත්සවයකදී සිරිසේන, යාපනයේ රැස්වීමක් ඇමතීය. “මෙවැනි සිදුවීමක් [පොලිස් ඝාතනයක්] දකුනේ සිදුවුවහොත් අසහනය මීට වඩා බොහෝ වැඩි වීමට ඉඩ තිබුනා.” මෙහිදී ඔහු කල්පනා කලේ පොලිස් ඝාතනයන්ට එරෙහිව දකුනේ පැනනැගි විරෝධතා ගැන පමනක් නොව උතුරේ සහ නැගෙනහිර පවතින අතිශය අස්ථායි තත්වයයි.
දස දහස් ගනනින් මරා දමා ජීවත්විය හැකි වටපිටාව විනාශ කර දැමූ යුද්ධයේ විනාශයෙන් පසු මෙම පලාත්වල දෙමල ජනයා සිය ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මැඩලන මිලිටරි වාඩිලාගැනීම් සහ අන්ත දරිද්‍රතාවයට යට වී සිටිති. තවමත් දස දහස් ගනනක් අවතැන් කඳවුරුවලය.
ඔක්තෝබර් 25 හර්තාලයට ජනතාවගේ සහභාගීත්වය, මෙම කොන්දේසිවලට එරෙහි ක්‍රෝධයේ ප්රකාශනයකි. කෙසේවුවත් ඇමරිකන් ගැති ආන්ඩුව සහ එහි අඛන්ඩ මර්දන නීතියට සහාය දෙන ටීඑන්ඒ සහ අනෙකුත් දෙමල පක්ෂ සමග ද කම්කරුවන් සහ තරුනයින් පසුවන්නේ කෝපයෙනි.
ආර්. සම්බන්ධන් සහ එම්. ඒ. සුමන්දිරන් ඇතුලු ටීඑන්ඒ නායකයෝ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, උප ලේකම් නිශා බිස්වාල් ආදී ඔබාමා පරිපාලනයේ ඉහල නිලධාරින් සමග සමීප සම්බන්ධතා පවත්වති. ඇමරිකානු ගැති ආන්ඩුවට සහාය දීමටත් දෙමල ප්රභූවේ වරප්‍රසාද ආරක්ෂා කිරීමටත් ටීඑන්ඒ නායකයින්ට උපදෙස් ලැබී ඇත. ආන්ඩුවට එරෙහි විරෝධතා නවතා දැමීමට ඔවුන් වලිකන්නේ එබැවින්ය.
යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් ටීඑන්ඒ සහ අනෙකුත් පක්ෂ සමග සමීප සම්බන්ධතා පවත්වන අතර ආන්ඩුව සහ දෙමල ධනපති නායකයන් හෙලිදරව් කරනවාට විරුද්ධය.
ඔක්තෝබර් 24 විරෝධතාවයේදී ශිෂ්‍ය නායකයෝ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, (සසජාතශි) ඝාතන හෙලාදකින, උතුරේ මර්දනකාරී තත්වයට ආන්ඩුව දරන වගකීම පැහැදිලි කරන අත්පත්‍රිකා බෙදාහැරීමෙන් වලකාලූහ. ටීඑන්ඒ නායකයින් ප්රතිරාවය කරමින් ශිෂ්‍ය නායකයෝ “ආන්ඩුව හැමදේටම බැනුම් ඇසිය යුතු නැති” අතර මේ සිද්ධියට වගකිව යුත්තේ පොලිසිය බව පැවසූහ.
සසප සහ සසජාතශි ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් හැටියට ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට දෙමල, මුස්ලිම් සහ සිංහල කම්කරුවන් එක්සත් කිරීම සඳහා සටන් වදියි. සසප සහ සසජාතශි කොලඹ ආන්ඩුවල යුද්ධයට විරුද්ධ වුහ. එම අරගලයේ කොටසක් ලෙස උතුරෙන් සහ නැගෙනහිරින් හමුදා ඉවත්කර ගැනීම එක දිගට ඉල්ලා සිටියහ. දෙමල කම්කරුවන්, තරුනයන් සහ දුගීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයට එරෙහි අපගේ මැදිහත්වීම එම අරගලය මත පදනම් වේ.
ශිෂ්‍යයන් ඝාතනයේ සිට යාපනය තුල විවිධ ප්රචන්ඩ ක්‍රියා සිදුවිය. ඔක්තෝබර් 23 සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් යාපනයේ සිට කිලෝමීටර් 10ක දුරින් පිහිටි චුන්නාකම් හිදී අංක තහඩු රහිත යතුරුපැදියකින් පැමිනි කඩු වලින් සන්නද්ධ කන්ඩායමක් විසින් පහර දීමෙන් සිදුවූයේ යයි කියන සුලු තුවාල හේතුවෙන් රෝහල්ගත කෙරින. එම ප්‍රහාරයේ වගකීම භාරගනිමින් එය පොලීසියෙන් පලිගැනීම උදෙසා කල බව කියවෙන අත්පත්‍රිකාවක් පසුදින බෙදාහැර තිබුනි. පොලීසියට අනුව එම අත්පත්‍රිකාව පොලීසියට සහ මිලිටරියට පමනක් ලැබුනු එකක් වන අතර “ආවා” නම් කන්ඩායමක් විසින් අත්සන් යොදනු ලැබ තිබුනි.
ඔක්තෝබර් 25 අංක තහඩු රහිත ජීප් රථයකින් පැමිනි කන්ඩායමක් පුද්ගලයින් පිරිසකට දරුනු ලෙස පහර දී ඔවුන්ගේ යතුරුපැදි කඩුවලින් කපා දමා තිබුනි. පොලිස් වෙඩිතැබීමෙන් ඝාතනය කෙරුනු එක ශිෂ්‍යයෙකුගේ අවමගුල් නිවසක් අසල රැස්ව සිටි පිරිසකට ද පහරදීමට තැත්කර තිබුනි.
මෙම සැකකටයුතු කන්ඩායම් පොලිසියේ සහ මිලිටරියේ රැකවරන යටතේ ක්‍රියාත්මක වන්නේද යන්න පිලිබඳ දෙමල ජනයා අතර සැක පහල වී තිබේ. පොලිසියේ හා හමුදාවේ දස දහස් ගනනකගේ ග්රහනයේ තිබෙන උතුරේ එවන් කන්ඩායම් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේ ද යන ප්රශ්නය ඔවුන් මතු කරයි.
මාධ්‍යද සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු විසින් මෙම කන්ඩායම සමග මිලිටරියට ඇති සම්බන්ධය විමසන ලදුව නීතිය සහ සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක පිලිතුරු දීම ප්‍රතික්ෂේප කරමින් කාමරයෙන් පිටව ගියේය.
කැබිනට් ආමාත්‍ය රාජිත සේනාරත්න බදාදා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ යුද්ධය අතරතුර මිලිටරියේ උදවු ඇතිව හිටපු ආරක්ෂක ලේකම් ආවා කල්ලිය නිර්මානය කල බවයි.
රාජපක්ෂ චෝදනා ප්‍රතික්ෂේප කලේය. කෙසේ වුවත් යුද සමයේදී චෝදනාවෙන් විනිර්මුක්තව පොලීසිය, මිලිටරිය සහ මිලිටරියට සම්බන්ධ පැරාමිලිටරි කන්ඩායම් විසින් දෙමල ජනයා පැහැර ගැනීම් වලට, ඝාතනයන්ට හෝ සුදුවෑන් යොදාගෙන අතුරුදන් කිරීම් වලට ලක්කරනු ලැබූහ. එම කන්ඩායම් වත්මන් ආන්ඩුව යටතේද ක්‍රියාත්මක විය හැකිය. ටීඑන්ඒ නායකයන් විසින් ප්රජාතන්ත්රවාදී සලුපිලි අන්දවන නමුත් ආන්ඩුව මිලිටරි ග්රහනය දිගටම පවත්වාගෙන යයි.
මිලිටරිය සහ පොලීසිය සිය කොන්දේසිවලට අවනත නොවන්නන් බියවැද්දීමට සිද්ධි නිර්මානය කරති. සිරිසේන ආන්ඩුව සහ දෙමල ධනපති නායකයෝ දකුනේ කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ ශිෂ්‍යයන්ගේ අරගල උතුරේ වර්ධනය වන විරුද්ධත්වය සමග සමපාත වනු ඇතැයි බියෙන් පසුවෙති.
Follow us on