යුද්ධය අභියස ඉන්දියාව හා පකිස්ථානය දෙගිඩියාවෙන් වැනේ
India and Pakistan teeter on the brink of war
කීත් ජෝන්ස් විසිනි, 2016 ඔක්තෝබර් 3
පකිස්ථානයට අයත් කාෂ්මීරය තුල ඉන්දියාව දියත් කල “හදිසි” (සර්ජිකල්) හමුදා ප්‍රහාරයෙන් දින හතරකට පසුව, දකුනු ආසියාවේ න්‍යෂ්ටික අවි දරන සතුරු රටවල් දෙක යුද්ධය අද්දර දෙගිඩියා සහගතව පසුවෙති.
ඉන්දියාව විසින් පකිස්ථානයට හමුදා බල ඇනි හා හෙලිකොප්ටර් යොදාගෙන එල්ල කල ප්‍රහාරයෙන් “දුසිමක්” පමන දෙනෙකුට හානි පැමිනීමෙන් පසුව, සෑම රාත්‍රියකම කාෂ්මීරයේ ඉන්දියාව හා පකිස්ථානය වෙන් කරන පාලන රේඛාව හරහා පැය ගනන් පැතිරුන කාලතුවක්කු හා වෙඩි හුවමාරු පැවතින.
ඉරිදා හවස් වරුවේ, කාෂ්මීර නිම්නයේ බාර්මුල්ලා හි හමුදා කඳවුරකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ බවත් අඩුම තරමින් එක් සොල්දාදුවකු මියගොස් අයෙක් තුවාල ලැබූ බවත් ඉන්දියාව ප්‍රකාශ කලේය.
තම භූමියේ සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාවලට ඉන්දියාව දිගින් දිගටම පකිස්ථානයට වගකීම පැවරූ අතර මෑතදීම සිදුවූ ප්‍රහාරය නම් ජම්මු-කාෂ්මීරයේ පිහිටි ඌරී හමුදා කඳවුරට ඉන්දියන් විරෝධී ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කල සැප්තැම්බර් 18 ප්‍රහාරයයි.
එල්ල විය හැකි පකිස්ථාන හමුදා ප්‍රති ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් හෝ තමන්ගේම යුද සූදානමේ කොටසක් වශයෙන්, පන්ජාබ්, ජම්මු හා කාෂ්මීර ඉන්දියානු ප්‍රාන්තවල පකිස්ථානු දේශ සීමා ආසන්නයේ ජීවත් වන දස දහස් ගනනක් ඉවත් කිරීමට ඉන්දියානු බලධාරීන් නියෝග කර තිබේ. ඉන්දියානු පුවත් වාර්තාවලට අනුව, දේශ සීමාව ආසන්නයේ බලකොටුවල සිටින සොල්දාදුවන්ට තම පවුල් ගම්බිම් කරා යවන ලෙසට ද උපදෙස් දී ඇත.
සෙනසුරාදා, ඉන්දියානු හමුදා ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං හමුදාවේ “මෙහෙයුම් සූදානම” අධීක්ෂනයට ජම්මු කාෂ්මීරයේ පිහිටි උතුරු අනදෙන මූලස්ථානයට පැමිනි අතර “බලාපොරොත්තු නොවන ඕනෑම සිදුවීමකට සූදානම්” වන ලෙස හමුදාවන්ට නියෝග කලේය.
බදාදා රාත්‍රියේ සිදුකල පලිගැනීමේ ආක්රමන, දශක හතරකට වඩා වැඩි කාලයකට පසුව පකිස්ථානය තුල සිදුකලැයි ඉන්දියාව විසින් ප්‍රසිද්ධියේ පිලිගන්නා ලද ප්‍රථම හමුදා ක්‍රියාවයි.
“මූලෝපායික බාධක” නිසා පැවති බව කියන අවහිර ඉවත ලමින් නව දිල්ලිය, පකිස්ථානු “න්‍යෂ්ටික තර්ජනය” ජයග්‍රාහී ලෙස නිෂ්ක්‍රීය කල බවත්, නැගී එන සුපිරි බලවතෙක් ලෙස ඉන්දියාවේ ශක්තිය විදහා දැක්වූ බවත්, ඉන්දියානු දේශපාලන ප්රභූව හා මාධ්‍ය උදම් අනමින් සිටිති.
තමාගේ බලය සම්බන්ධව මතක් කර දීමෙන් පසු ඉන්දියානු හමුදාව, සාගරය එක් පියවරකින් තරනය කල හින්දු වානර දෙවි හනුමන්ට සසඳමින්, “හදිසි” ප්‍රහාරයෙන් අපගේ හමුදාවන්ට කල හැකි දේ ගැන වැටහීමක් ලැබුනා” යැයි ආරක්ෂක ඇමති මනෝහර් පරික්කාර් පැවසීය. පකිස්ථානය “කෙසේ ප්‍රතිචාර දක්වන්නේදැයි නොදැන” “අන්දමන්ද” වී යැයි ඔහු ප්‍රකාශ කලේය.
දිගටම මිලිටරි මෙහෙයුම් සඳහා තමන්ට හදිසි සැලසුම් නැති බව ඉන්දියාව ප්‍රකාශ කර තිබේ. එහෙත්, ඌරි ප්‍රහාරය මතක් කරමින්, “පකිස්ථානය එවන් කුමන්ත්රනවල දිගටම යෙදේ නම්, අපි නැවතත් ගැලපෙන උත්තර දෙන්නෙමු.”යයි ඔහු පැවසීය.
මූලෝපායිකව චීනය වැටලීමේ හා එරටට එරෙහිව යුද්ධය සඳහා සූදානම් වීමේ තම උත්සාහයේ කොටසක් ලෙස, නව දිල්ලිය සමග සමීප මිලිටරි-ආරක්ෂක සහයෝගීතාවක් රහසේම ඇති කර ගැනීමට සූදානම් වන වොෂින්ටනය, ඉන්දියාවේ යුදවාදී අස්ථානයට අනුබල දෙයි.
සැප්තැම්බර් 28-29 හවස් භාගයේ ඉන්දියාව දියත් කල ප්‍රහාර නීති විරෝධී හා ප්රකෝපකාරී වන අතර, ඉන්දියාවට යැවීමට සැලසුම් කර තිබුනු ඉස්ලාමීය සටන්කාමී බලඇනිවල “ත්‍රස්තවාදී ප්‍රවේශ වේදිකාවන්” වෙත එම ප්‍රහාර එල්ල කල බවට පැහැදිලි බොරු ගෙතීමකින් ඒවා යුක්තිසහගත කෙරේ.
වොෂින්ටනය ඉන්දියානු ප්‍රහාර සඳහා තම සහයෝගය පල කර ඇත. ඔබාමා පරිපාලනය ප්රහාරයන් විවේචනය කිරීම මග හැරි අතර සිරිත් පරිදි දෙරට අතර ආතතීන් ලිහිල් කර ගන්නා ලෙස නව දිල්ලියට හා ඉස්ලාමාබාදයට ආයාචනා කලේය. තම භූමිය ත්රස්තවාදීන්ට “ආරක්ෂක සුරපුරක්” ලෙස පාවිච්චි කිරීමට ඉඩ ලබා නොදීමට ඉක්මන් පියවර ගන්නා ලෙස පකිස්ථානයට දන්වා ඇත.
මාස 28 ක් ගතව ඇති හින්දු අධිපතිවාදී බීජේපී ආන්ඩුව යටතේ පකිස්ථානය සමග “තරඟයේ නීතිරීති වෙනස්කරන්නට” ඉන්දියාව දරන පූර්න ප්රයත්නය සම්බන්ධව කිසිදු සඳහනක් නැත. මෙයට අඩංගු වන්නේ: 2015 දී මාස ගනනාවක් පුරා දේශ සීමා හරහා ෂෙල් වෙඩි එල්ල කර ගන්නට මග පෑ දේශ සීමාවේ සූදානම්ව සිටින්නට හමුදාවට දුන් උපදෙස්; නව දිල්ලිය හිමිකම් කියන, බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති කාෂ්මීර ප්‍රාන්තයේ කොටසක් හරහා වැටී ඇතැයි කියන චීන පකිස්ථාන ආර්ථික කොරිඩෝවට තද බල ලෙස විරුද්ධ වීම; පකිස්ථානයෙන් වෙන් වීමේ තර්ජනය මතු කරන බලූකිස්ථාන වාර්ගික-ජාතිකවාදී කැරැල්ලට පිටුබලය සැපයීම ආදියයි.
ඉන්දීය-ඇමරිකානු හමුදා සම්බන්ධතා “පෙර කවරදාටත් වඩා සමීප” බව ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් සිකුරාදා අවධාරනය කලේය.
දේශ සීමා හරහා එල්ල කෙරුනු ඉන්දීය ෂෙල් වෙඩි ප්‍රහාරවලින් තමන්ගේ සොල්දාදුවන් දෙදෙනෙකු මියගොස් නවයක් තුවාල ලැබූ බව ප්‍රකාශ කරන පකිස්ථානය, ඉන්දීය විශේෂ බලකාය පාලන රේඛාවෙන් ඔබ්බට කඩා වැදුනේය යන්න දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. ඉහල මට්ටමේ හමුදා හා ආන්ඩුවේ හදිසි රැස්වීම් මාලාවත්, පකිස්ථාන හමුදා හා දේශපාලන නායකයන්ගේ ඝෝෂාකාරී නිවේදනත් හමුවේ මෙම අස්ථානයේ වංචාකාරීබව හෙලිදරව් වේ.
අපගේ පසමිතුරාගේ මොනයම් හෝ අත්වැරැද්දකට පකිස්ථානය වෙතින් හොඳාකාර ගැලපෙන ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැ'යි පකිස්ථාන හමුදා ප්‍රධානී ජෙනරාල් ෂරිෆ් තර්ජනය කලේය.
ආරක්ෂක ඇමති ඛවාජා අසිෆ් විසින් ද යුදවාදී නිවේදන නිකුත් කරනු ලැබ තිබේ. මෑත සති කීපයේදී ඉන්දියාව සමග ආතතීන් උත්සන්න වීම නිසා, ඉන්දියාව විශාල ප්‍රමානයේ ප්‍රහාරයක් එල්ල කල හොත්, පකිස්ථානය තමන් මෑතකදී යෙද වූ “රනබිම” හෝ උපායාත්මක න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන බවට අසිෆ් දිගටම අනතුරු ඇඟවීය. පසුගිය බදාදා සිදුවූ ඉන්දියානු ප්‍රහාරයට පැය කීපයකට පෙර, “ඉන්දියාව අප සමග යුද්ධ කරන්නට පැමිනියහොත්, අපි ඔවුන් සුනු විසුනු කර දමන්නෙමු.... අප පරමානු අවි හැදුවේ ප්‍රදර්ශනයට නොවේ. එවැනි වාතාවරනයක් එලඹුනහොත් අපි ඒවා (න්‍යෂ්ටික අවිය) පාවිච්චි කර ඉන්දියාව මුලිනුපුටා දමන්නෙමු.”
එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම වෙනුවෙන් පකිස්ථානය ආයාචනා කර ඇත. ගත යුතු පියවර සඳහා ආයාචනා කිරීමට පකිස්ථාන නියෝජිත මල්ලෙහා ලෝඩි පසු ගිය සතිය අගදී එජා මහ ලේකම් බැං කි මූන් මුනගැසුනි. පකිස්ථානයට ප්‍රහාර එල්ල කලේය යන ඉන්දියානු ප්‍රකාශ “මුසාවක්” බව අවධාරනය කරන අතර ඔවුන්ගේම පිලිගැනීමට අනුව ඉන්දියාව “කැපවුනු ආක්රමනයක්” දියත් කර ඇති බව ලෝඩි ප්‍රකාශ කලේය.
“වාතාවරනය සමතයකට පත්කරන්නට ඉක්මන් පියවරයන්” ගන්නා ලෙස රටවල් දෙකටම ආයාචනා කල ප්රකාශනයක් නිකුත් කල බැං කි මූන්, කාෂ්මීරය ද ඇතුලු සියලු මතභේද පිලිබඳව සාකච්ඡා කරන ලෙස බල කලේය.
තමන් පකිස්ථානය රාජ්‍යතාන්ත්‍රිකව හුදකලා කිරීම සාර්ථකව සිදුකර ඇති බව නව දිල්ලිය විශ්වාස කරන නිසා සහ කාෂ්මීර ප්‍රශ්නයට තුන්වන පාර්ශවයක මැදිහත්වීමට දොරගුලූ දමන්නට ඉන්දියාවට අවශ්‍ය නිසා, එජා මැදිහත්වීම බාර ගැනීමට සුලු ඉඩක් පමනි.
බංගලාදේශය, ඇෆ්ඝනිස්ථානය, භූතානය සහ ශ්‍රී ලංකාව ඉන්දියාව සමග එක්ව සාක් සමුලුව වර්ජනය කරන බවට නිවේදනය කිරීමෙන් පසු, නොවැම්බරයේ ඉස්ලාමාබාද් හිදී පැවැත්වීමට නියමිතව තිබුනු, දකුනු ආසියා කලාපීය සහයෝගිතා සමුලුව අවලංගු කරන්නට සිකුරාදා පකිස්ථානයට බලකෙරින.
ස්වයං-ආරක්ෂකක්රියාවක් ලෙස නම් කරමින්, මෑත මාසවල තමාගේම දේශ සීමාවේදී පකිස්ථානය සමග සුලු සටන් වල යෙදුන ඇෆ්ඝනිස්ථානය, සහ බංගලාදේශය පකිස්ථානය තුල ඉන්දියානු ප්‍රහාරවලට තම සහයෝගය පල කර තිබේ.
පකිස්ථානය තුල සිටින බලුකිස්ථාන බෙදුම්වාදීන් විසින් ද ඉන්දීය ප්‍රහාර වර්නනා කර තිබිනි. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රාජ්‍යයන් දෙකක් අතර පලමු යුද්ධයේ අගාධයට දකුනු ආසියාව සීඝ්රයෙන් ඇදවැටිය හැකික්රියාදාමයකට පාර කැපෙන, ඉන්දියානු ප්‍රහාර දිගටම කර ගෙන යාම සඳහා සමහරුන් කුපිතකාරී ඉල්ලීම් කර තිබිනි.
වැඩෙන ඉන්දු-ඇමරිකානු සහයෝගිතාව චීනයට හා පකිස්ථානට තමන්ගේ දිගුකාලීන සමීප සම්බන්ධතා තර කරන්නට මෙහෙය වීමක් වී තිබේ. නමුත්, ගැටුම්කාරී තත්වයෙන් ඈත් වන්නට ඉන්දියාව හා පකිස්ථානය දිගින් දිගටම උනන්දු කරවමින්, උත්සන්න වන අර්බුදය හමුවේ බීජිනය බොහෝ පරීක්ෂාකාරී වී ඇත.
පකිස්ථාන එක්ස්ප්‍රස් ට්‍රිබියුන් කතුවැකියක, ඉස්ලාමාබාදය හුදකලාවීම ගැන අනතුරු ඇඟවීය. “අඩුම තරමින් ස්වෛරී භාවය උල්ලංඝනය කරමින් ඉන්දියාව කරනු ලැබූ දේ හෙලා දැකීමට ලෝකයේ අනෙක් රටවල් අසමත්වීමේ කාරනය, ඉක්මනින්ම සැලකිල්ලට ගත යුතුයැ”යි එය ලිවීය.
රටවල් දෙකෙහිම, පිලිකුල් ස්වෝත්තමවාදී වාතාවරනය, ප්‍රතිවිරුද්ධ ධනපති කල්ලිවල ප්රතිවිප්ලවවාදී භූ-දේශපාලන අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට පමනක් නොව, විරුද්ධවාදීන් මර්දනයට හා කම්කරු පන්තියට පහරදීම සඳහා ද පෙලඹවීමක් වේ.
පකිස්ථානයට එල්ල කල ඉන්දීය ප්‍රහාරවලට සහයෝගය දක්වන අනෙකුත් දේශපාලන සංස්තාපිතයන් සමග ඉන්දියානු ස්ටැලින්වාදී පාර්ලිමේන්තුව කැඳ වූ “සර්ව-පාක්ෂික රැස්වීමට” අනෙකුත් ප්‍රධාන පක්ෂ සමග ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හා සීපීඑම් හි මහ ලේකම් ටී. සීතාරාම් යෙචූරි ද සහභාගී විය.
“අපේ මිනිසුන් ආරක්ෂිත බවට වගබලා ගැනීම අපේ සහ මධ්‍යම රජයේ වගකීමයැ”යි සෙනසුරාදා වාර්තාකරුවන්ට පවසමින් යෙචුරි, හමුදා ප්රහාරයන්ට ස්ටැලින්වාදීන්ගේ සහයෝගය නැවතත් ප්‍රකාශ කලේය. “තම ශක්තිමත් ස්ථාවරය තුලින්, ආතතීන් සමනය කිරීමට රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන ක්‍රියාමාර්ග දිගටම පවත්වා ගෙන යාමටත් පකිස්ථානය තුලින් මතුවන දේශ සීමා ත්‍රස්තවාදය මුලි නුපුටා දැමීමටත්, අපි ඉන්දීය ආන්ඩුවට බලකරමු” යැයි ඔහු පැවසීය.
හමුදා ප්‍රහාර වර්නනා කරමින් නිවේදනයක් නිකුත් කල ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) දකුනු ආසියාව යුද්ධයේ අද්දරට ගෙන යනු හැර රජයට වෙනත් විකල්පයක් නැති බව පැවසුවේය. “ඌරි ප්‍රහාරය,” හමුවේ ඉන්දීය හමුදාව දේශ සීමා ත්රස්තවාදයට එරෙහිව ගත්ක්රියා මාර්ගය .... අනිවාර්ය වූවකි. ඉන්දියානු හමුදාවේ සැලසුම් සහගත ක්‍රියාමාර්ගය අපි අගය කොට සලකමු” සීපීඅයි පැවසීය.
Follow us on