නේපාලයේ මාඕවාදී අගමැති ඉන්දියාව හා චීනය අතර අතුරේ ඇවිදියි
Nepal’s Maoist prime minister walks a tightrope between India and China
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි , 2016 අගෝස්තු 24
කත්මන්ඩු අගනුවර පිහිටි නේපාල පාර්ලිමේන්තුව විසින් නේපාල කොමියුනිස්ට් පක්ෂය-මාඕවාදී මධ්‍යස්ථානයේ (සීපීඑන් -එම්සී) සභාපති පුෂ්පා කමල් ධාල් හෙවත් ප්රචන්ඩ අලුතෙන් පිහිටුවන ලද ආන්ඩුවේ අගමැති ලෙස අගෝස්තු මාසය මුල දී තෝරා පත්කර ගත්තේය. කේ.පී. ඔලිගේ නායකත්වයෙන් පැවති කලින් ආන්ඩුව චීනය සමග වර්ධනය වන ඔහුගේ සම්බන්ධතා නොරිස්සූ ඉන්දියාවේ පිටුබලය සහිතව කෙරුන පාලන තන්ත්ර මාරුවක් මගින් විස්ථාපනය කෙරුනි.
ඉන්දියාවට හා චීනයට මැදිව ගොඩබිමින් වටවූ කුඩා රටේ ප්රචන්ඩ දේශපාලන කැලඹීම අවුලවනු ලැබ ඇත්තේ චීනය රාජ්‍යතාන්ත්‍රිකව හුදකලා කිරීමට හා මිලිටරිමය වටලෑම පිනිස එක්සත් ජනපදය විසින් රටවල් ගලතා ගැනීම මගින් ආසියාව පුරා ඉහල නැගෙන භූ-දේශපාලන ආතතිය විසිනි. කලාපය පුරා එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කර ගැනීම අරමුනු කරගත් චීනයට එරෙහිව ඇමරිකාවේ “හැරීමට” ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සහයෝගය දෙයි. එමෙන් ම ඔලී ව පෙරේලා දැමීමට සහයෝගය දීම මගින් තන්ගේම මූලෝපායාත්මක උත්සුකතාවයන් ශක්තිමත් කර ගැනීමට ද නව දිල්ලිය උත්සාහ කරයි.
ඔලීගේ ආන්ඩුව යටතේ කත්මන්ඩු සහ නව දිල්ලිය අතර සම්බන්ධකම් බෙහෙවින් පලුදු වූ අතර ඉන්දියාවේ පීඩනය මගහැරීම සඳහා බෙයිජිනය සමග සම්බන්ධතා ප්‍රවර්ධනය කර ගැනීමට ඔලී උත්සාහ කලේ ය. සීපීඑන්-එම්සී ය ඔලී ගේ නේපාල කොමියුනිස්ට් පක්ෂය-එක්සත් මාක්ස් ලෙනින්වාදී (සීපීඑන්-යුඑම්එල් ) නායකත්වය දුන් ආන්ඩුවේ ප්‍රධාන පාර්ශවකරු වූ නමුත් එහි සහයෝගය ඉවත්කර ගනිමින් දක්ෂිනාංශික නේපාල කොන්ග්රසය (එන්සී) සමග බලය බෙදා ගැනීමේ ගිවිසුමක් අත්සන් කලේ ය. ගිවිසුමට අනුව ප්රචන්ඩ මාස නවයක් අගමැති තනතුරේ කටයුතු කරන අතර ඉක්බිතිව එන්සී නායක ශේර් බහදූර් ඩියුබා විසින් ඔහුව විස්ථාපනය කරනු ලබයි.
රටේ වැඩවසම්වාදී රජාට එරෙහි තීව්ර මහජන විරෝධය අවමන්ගැහැට කිරීම පිනිස 2006 දී ඉන්දියාව බ්‍රෝකර්කම් කල ගිවිසුමක යටතේ ගරිල්ලා යුද්ධය අතහරිමින් ඔහුගේ පක්ෂය නේපාල දේශපාලන සංස්ථාපිතය සමග ඒකාබද්ධ වීමෙන් පසු 2008 දී ප්‍රථම වරට ප්රචන්ඩ අගමැති තනතුරට පත් විය. එවක හමුදාපති ගෙනරාල් රුක්මන්ගුද් කට්වාල් නෙරපීම හේතු කොට ගෙන දේශපාලන හා මිලිටරි සංස්ථාපිතය ඇතුලතින් මතු වූ විරුද්ධත්වය නිසා 2009 මැයි මාසයේ ඔහුට ඉල්ලා අස්වීමට බල කෙරුනි.
අගමැති තනතුරට යලි පත්වීමෙන් පසු, කම්කරු පන්තියේ හා ගම්බද දුගීන්ගේ විරුද්ධත්වය මැද ධනපති පාලනය ස්ථාවර කිරීමේ ඔහුගේ අක්තපත්‍රය ගැන ප්රචන්ඩ කයිවාරු ගැසුවේ ය. ඔහු මෙසේ පැවසුවේ ය. “ තුවක්කු උස්සපු කෙනෙක් විදිහට මේ රට වෙනුවෙන් වැඩ කිරීම පිනිස ඉතිහාසාය පෙරට දමා ඇති පුද්ගලයා මා බව මට ද හැඟෙනවා.”
ඉන්දියානු දේශසීමාව අසල පිහිටි දකුනු නේපාලයේ ජනතාව නියෝජනය කරන බව කියන මදෙසි ප්රභූවට සමහර සහන සැලසීමට පොරොන්දු වෙමින් මදෙසි ජනයා මත පදනම් වූ පක්ෂ සමග සීපීඑන්-එම්සී සහ එන්සී ය කරුනු තුනක ගිවිසුමක් ද අත්සන් කලහ. ව්‍යවස්ථා සංශෝධන මගින් මදෙසි ප්‍රදේශවල දේශසීමා යලි සලකුනු කිරීම ගිවිසුමට ඇතුලත් වේ.
ඉන්දියාවේ පිටුබලය සහිතව එහි සිට එන සැපයුම් මාර්ග පස්මාසයක් පුරා අවහිර කර තිබීම ඇතුලුව මදෙසි පක්ෂ විසින් දියත් කල විරෝධතා හේතුකොට ගෙන ඔලී ආන්ඩුව බරපතල දේශපාලන අර්බුදයකට මුහුන දුන්නේ ය. එය, එහි මූලෝපායාත්මක කක්ෂය තුල රඳවා ගැනීම පිනිස කත්මන්ඩු ආන්ඩුව මත පීඩනය යෙදීම සඳහා නව දිල්ලිය මදෙසි උද්ඝෝෂනයට සහයෝගය දුනි. ඉන්දියාව සමග වාර්ගික සම්බන්ධකම් ඇති මදෙසි ප්රභුව නේපාල දේශපාලන සංස්ථාපිතය තුල වඩා ශක්තිමත් නියෝජනයක් ලබා ගැනීම ඉන්දියාවේ බලපෑම වැඩි කිරීමට තුඩු දෙනු ඇතැයි ඉන්දියාව ගනන් බලයි.
සීපීඑන්-එම්සී සාමාජිකයන් අතර ඛාදනය වී ඇති ඔහුගේ දේශපාලන පදනම යලි ශක්තිමත් කර ගැනීම සඳහා 1996 සිට 2006 දක්වා පැවති මාඕවාදී සන්නද්ධ කැරැල්ලේ දී ඔවුන්ගේ භූමිකාව සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ඇති අපරාධ නඩු ඉවත් කර ගැනීමට ද ප්රචන්ඩ ට අවශ්‍යය. කෙසේ නමුත්, මදෙසි පක්ෂ ඉල්ලා සිටින ව්‍යවස්ථා සංශෝධන වල දී මෙන් ම, ඒ සම්බන්ධයෙන් ද ආසන 601 ආසන 175 හිමි කර ගෙන තිබෙන දෙවන විශාලතම පක්ෂය වන සීපීඑන්-යුඑම්එල් පක්ෂය සහිත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් උවමනා කෙරේ. එන්සී ය ට සහ සීපීඑන්-එම්සී ය ට පිලිවෙලින් ආසන 196 ක් සහ 80 තිබෙන අතර මදෙසි පක්ෂ පෙරමුන ඇතුලු සුලු පක්ෂ අතර බෙදී ගොස් ඇත.
මෙම අස්ථාවර දේශපාලන තත්වය තුල, ඉන්දියානු ආන්ඩුව නව සභාගයට එහි සහයෝගය ක්ෂනිකව ප්‍රකාශ කලේ ය. අගමැති මෝදි ගේ ට්විටර් පනිවුඩයට අනුව මෝදි වහාම ප්රචන්ඩ ට කතා කර ඔහුට සුභ පැතූ අතර “අපගේ පුර්න සහයෝගය ප්‍රකාශ කරමින් ඔහුට ඉන්දියාවට පැමිනෙන ලෙස ආරාධනය කලේ ය.”
වොෂින්ටනය ද ආන්ඩු මාරුවට සුභපතා ඇත. කත්මන්ඩු අගනුවර එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් “ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවට දැමීම, යලි ගොඩ නැගීම හා ආර්ථික සංවර්ධනයේ වැදගත් කාර්යභාරයන් ඉටු කිරීමට හැකි වඩාත් ප්රජාතන්ත්රවාදී, සමෘද්ධිමත් සහ ස්ථාවර ආන්ඩුවක් ගොඩ නැගීම සඳහා නේපාල ජනතාවට හා ආන්ඩුව සමග සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාමට එක්සත් ජනපදය ඉමහත් කැමැත්තෙන් සිටින” බව ප්‍රකාශ කලේ ය.
ඉන්දියාවේ සහයෝගය ඇතිව චීනයේ බලපෑමට වල කපමින් ආසියානු-පැසිෆික් කලාපයේ එහි මූලෝපායාත්මක කක්ෂය තුලට කත්මන්ඩු අන්තර්ග්රහනය කර ගැනීමට වොශින්ටනය පැහැදිලිව ම උත්සාහ කරමින් සිටි. ඒ සමග ම, නව දිල්ලිය සමග වඩ වඩා පෙල ගැසෙන අතර ම ඉන්දියාව සහ චීනය අතර තුලනය වීමට ප්රචන්ඩ තවමත් උත්සාහ කරයි. ඔලි චීනයත් සමග අත්සන් කල “අවබෝධතාවන් සහ ගිවිසුම්” වලට ගරු කරන බවට ප්රචන්ඩ සහතික විය.
එහි විශාල අසල්වැසියන් වන ඉන්දියාව හා චීනය යන දෙක ම මත යැපීමට ලෝකයේ දුප්පත් ම රවලින් එකක් වන නේපාලය ට බල කෙරී ඇත. දසකයකට වැඩි සිවිල් යුද්ධයක හා දේශපාලන අස්ථාවරත්වය මැද ලෝක අවපාතයේ නිසා ගැඹුරුවන ආර්ථික අර්බුදයකට රට මුහුන පා ඇත. මෙම අවුරුද්දේ වාර්ෂික වර්ධනය සියයට 1.5 නො ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරයි. දිනකට ඩොලර් දෙකකටත් අඩු දෛනික ආදයමක් මත යැපෙන නේපාල ජනගහනයෙන් හතරෙන් එකක් ආන්තික දරිද්‍රතාවයේ ගිලී සිටිති. මෙම කොන්දේසි යටතේ ආයෝජන සඳහා නේපාල ආන්ඩුව චීනය වෙත යොමු වී ඇත.
බලයට පත්වීමෙන් පසු ප්රචන්ඩ චීනයට සහ ඉන්දියාවට ඔහුගේ නියෝජ්‍ය අගමැතිවරු දෙදෙනා පිටත් කලේ ය.
නේපාලයට එන ලෙස චීන ජනාධිපති ෂි ජින්පින්ට ට ආරාධනයක් අතැතිව නියෝජ්‍ය අගමැති සහ මුදල් ඇමති ක්‍රිෂ්නා බහදුර් මහාරා අගෝස්තු 15 චීනයට පැමිනියේ ය. ඔලීගේ ආන්ඩුව පෙරලා දැමීමට පෙරාතුව සුදානම් කෙරෙමින් තිබුන සංචාරයක සැලසුම් යලි ආරම්භ කරමින් ෂින් ආරාධනව පිලි ගත්තේ ය.
වෙලඳ හා පිවිසුම් මාර්ග ඇතුලු ආර්ථික ගිවිසුම් කිහිපයක් ඔලි ආන්ඩුව චීනය සමග අත්සන් කර තිබුනි. වෙලඳාම, ආයෝජන, මාර්ග සමබන්ධතා සහ යටිතල පහසුකම් වලට අදාලව නේපාලය සමග සහයෝගීතාවය ගැඹුරු කරන බව චීන අගමැති ලි කියැන්ග් මහරාට පැවසුවේ ය. වොශින්ටනයේ ප්‍රහාරයට මුහුන දීම සඳහා ඔලි යටතේ නේපාලය තුල විවෘත වූ මූලෝපායාත්මක වැදගත් ලෙස සලකන තත්වයන් දිගටම පවත්වාගෙන යාමට බෙයිජිනය පැහැදිලිව ම උනන්දු වෙයි.
ඉන්දියානු ජනාධිපති ප්රනාබ් මුඛර්ජි ගේ නේපාල සංචාරය සහ ප්රචන්ඩගේ සහ නේපාල ජනාධිපති බිද්යා බන්ධාරි ගේ ඉන්දියානු සංචාරය සූදානම් කිරීම පිනිස අනෙක් නියෝජ්‍ය අගමැති බිමලේන්ද්‍ර අගෝස්තු 18 ඉන්දියාවට පැමිනියේ ය.
එවැනි උත්සාහයන් තිබියදීම, ප්රචන්ඩ සහ නව සභාග ආන්ඩුව නේපාලයට දේශපාලන ස්ථාවරත්වය නො ගෙනෙනු ඇත. ඒ වෙනුවට, රට චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර භූ-දේශපාලන දියසුලිය තුලට වඩ වඩා තල්ලු කරනු ලබමින් තිබේ.
Follow us on