තමා සමාජ පත්ලටම ඇද වැටී ඇතිබව හම්බන්තොට දුගී ගොවීන් පවසයි
රත්නසිරි මලලගම සහ එල්.පී. උදයප්‍රේම විසිනි, 2017 අප්‍රේල් 5
ජාත්‍යන්තර සහ ජාතික ප්රාග්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා බිලියන සංඛ්‍යාත මුදල් වැය කරමින් නව වරායන්, ගුවන් තොටුපලවල්, සුවිසල් සම්මන්ත්රන ශාලා සහ මහා පරිමාන කර්මාන්තපුරයන් තම ඇස් ඉදිරිපිට වේගයෙන් ඉදිවෙද්දී, තමා සමාජ පත්ලටම ඇද වැටෙමින් සිටින බව හම්බන්තොට දුගී ගොවීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.
ඔවුන් එසේ පැවසුවේ ලෝසවෙඅ වාර්තාකරුවන් පසුගිය දා එම ප්‍රදේශයේ කල සංචාරයකදීය.
වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, හම්බන්තොට මාගම්පුර වරාය ආසන්න ඉඩම් අක්කර 15,000 ක් විදේශ ආයෝජකයන්ට විකුනා දැමීමට ගෙන ඇති කුමන්ත්රනකාරී පියවර හමුවේ තම ජීවනෝපායන් සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත තත්වයකට එම ගොවීහු පත්ව සිටිති.
ප්‍රදේශයේ මහජනතාව තම ඉඩම් පවරා ගැනීමට එරෙහිව, 2017 පෙබරවාරි 07 දා, හම්බන්තොට, මිරිජ්ජවිල සහ අම්බලන්තොට යන ස්ථානයන්හි පැවැත් වූ විරෝධතා උද්ඝෝෂනයන්ට ආන්ඩුවේ ප්‍රතිචාරය වූයේ රාජ්‍ය හමුදා හා පොලිස් බල ඇනි වලට අතිරේකව මැරයන් ද යොදා ඊට පහර දීමයි. විරෝධතා කරුවන් 41 දෙනෙකු අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමටද ආන්ඩුව ක්‍රියා කලේය.
ඉඩම් අහිමිවීමේ අනතුර ගැනත් තමා නිරතව සිටින ගොවිතැන් කටයුතු වලදී මුහුන පාන්නා වූ ගැටලු පිලිබඳවත් ඔව්හු ලෝසවෙඅට කරුනු දැක්වූහ.
අම්බලන්තොට බැල්ලගස් හන්දියේ කුඩා තේ කඩයක් පවත්වාගෙන සුලු ව්‍යාපාරිකයෙක් උද්ඝෝෂනය සම්බන්ධයෙන් මෙසේ පැවසීය. “මම 7 දා උද්ඝෝෂනයට සහභාගි නොවී කඩේ වෙලඳාම් කරමින් සිටියා. කඩයට කඩා වැදුනු මැරයන් මට තර්ජනය කර කඩයේ ජනෙල් වීදුරු බිඳ දැමුවා. ඊට පස්සේ කඩේ ඉදිරි පිට නවතා තිබූ යතුරු පැදි වලට පහර දුන්නා.”
තවදුරටත් කතා කරමින් ඔහු පැවසුවේ කර්මාන්ත ඇති කිරීමට තමා විරුද්ධ නොවන බව සහ ඉඩම් පවරාගනු ලබන්නේ නම් ඊට කලින් ජීවනෝපායක් කර ගෙන යාමට අවශ්‍ය පහසුකම් සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු පරිසරයක් ආන්ඩුව විසින් සකසා දිය යුතු බවයි. “ඒ ආකාරයේ සැලසුමක් ආන්ඩුවට නැති බව දන්න නිසා තමයි මිනිස්සු ඊට විරුද්ධ වෙන්නේ.”
අම්බලන්තොට බැරගම පුංචිමදව්ව ප්‍රදේශයේ ඉඩම් අහිමිවීමේ අනතුරට ලක්ව සිටින ජේ. කේ. එස්. චතුරංග පැවසුවේ ප්‍රධාන මාර්ගයෙන් මීටර් සියයක් දුරින් සිට ඉඩම් පවරා ගැනීම සිදුවන බවට ආරංචි පැතිරී පවතින බවයි.
“ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් හරි එහෙම නැත්නම් ඊට වග කියන නිලධාරියෙක් හරි ආයතනයක් අපට මේ ගැන දන්වන්න ඒවි නේ. මහජනයා විරුද්ධ වන බව දැනගෙන ඒ අය මේක කරන්න යන්නේ රහසින්” යයි ඔහු තව දුරටත් පැවසීය.
පුංචිමදව්වේ හේන් ගොවිතැන් කොට ජීවත්වන 56 හැවිරිදි බී. එච්. සුනිල් වගා කටයුතු සඳහා පොලියට මුදල් ගෙන නය වූවෙකි. ප්‍රදේශයේ බහුතරයක් ගොවීන්ගේ තත්වයද එබඳුය. ඔහුගේ දරුවන් තිදෙනා විවාහ වී සිටියත් ඔවුනට නිශ්චිත රැකියාවක් නොමැත. හේන් ගොවිතැන ඇතුලු වගාවන් ජලය නොමැති කමින් අඩාල වී ඇති බැවින් ඔහු ඇතුලු දරුවන්ට ආදායම් මාර්ග ඇහිරී ගොස් ඇත.
සිය රැකියාවේ නිරතව සිටියදී පලංචියකින් වැටී කකුලක් අහිමි වූ තරුන නිවාස පින්තාරු කරුවෙක් තම අදහස් මෙසේ පල කලේය: “අපේ දෙමව්පියන් මේ ඉඩම් වල පදිංචි වෙලා අවුරුදු 60 ක් 70 ක් වෙනවා. නමුත් ඔවුන් සන්තකව තිබෙන්නේ අක්කර එක හමාරක ඉඩම විතරයි. මම ජීවත් වන්නෙත් එහිමයි. මේ කියන විදියට ඒ ඉඩමත් නැති වෙන තැනට ඇවිත්.”
අතිරේක බෝගයක් වන කෙසෙල් වගාවෙහි නිරත 50 හැවිරිදි කේ.ජී. විජේරත්නට පෑවිල්ල නිසා සිය අස්වැන්න නෙලා ගැනීමට මෙවර නොහැකි වී ඇත. අක්කර දෙකක පැවති කෙසෙල් වගාවට සිදුවූ හානිය නිසා තම දරුමල්ලන් සමග ජීවත් වීමට අමාරු තත්වයකට පත්ව ඇතැයි ඔහු පැවසීය. ඔහුට අනුව එය ස්වභාවික විපතක් නොව මාස 3 ක කාලයක සිට උඩවලවේ ව්‍යාපෘතිය ගොවීන් ගැන නොතකා වතුර සැපයීම නතර කිරීම නිසා සිදු වූවකි.
හම්බන්තොට සහ රත්නපුර දිස්තක්කයන්ට අයත් හෙක්ටෙයාර 12,000 ක භූමි ප්‍රමානයක වගා කටයුතු සඳහා ජලය සම්පාදනය කිරීමේ ඉලක්කය සහිතව වසර 50 කට පෙර 1967 දී ආරම්භ කරන ලද උඩවලවේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපෘතියක් වෙයි. අඩ සියවසක් ගතව ඇති නමුදු අවශ්‍ය ප්රතිසංස්කරනයන් සහ නිසියාකාර නඩත්තු කටයුතු නොකිරීම හේතුවෙන් ද නවීන තාක්ෂනය හඳුන්වා නොදීම හේතුවෙන් ද මෙම ව්‍යාපෘතියේ කාර්යක්ෂමතාව ඉතා හීනව ඇතැයි විවිධ පර්යේෂන කන්ඩායම් පෙන්වා දෙයි.
උදාහරනයක් ලෙස, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිලිබඳ පශ්චාත් උපාධි ආයතනය කල පර්යේෂනයකින් පෙන්වා දෙන්නේ, කලාමනාකරනයෙන් තොර ඉවතට ගලායාම් හේතුවෙන්, ඩී4 බෙදා හැරීමේ ඇලට උඩවලව ජලාශයෙන් මුදා හරින ජලයෙන් සියයට 23 ක් අපතේ යන බව සහ අවසානයේදී කෘෂිකර්ම කටයුතු සඳහා යොදා ගැනෙන්නේ ජලාශයෙන් මුදාහල ජලයෙන් සියයට 35 ක් පමනක් බවයි. නිසි කලමනාකරනයට අත්‍යවශ්‍ය මූලික ඉලෙක්ට්‍රොනික සංවේදක පද්ධති කිසිවක් මෙම ව්‍යාපෘතිය තුල මෙතෙක් සවිකර නොමැතිබව මොරටුව විශ්ව විද්‍යාලය කල සමීක්ෂනයකින් පෙන්වා දෙයි.
අවසාන ප්‍රතිඵලය වන්නේ වගාවන් සඳහා ඉතා සීමිත ජල ප්‍රමානයන් වේල පිරිමසා ගැනීමේ ක්‍රමයට මුදා හැරීමේ අවිද්‍යාත්මක කලමනාකරනයන් සඳහා තල්ලුවී යාමයි. දශක ගනනාවක මෙම නොතැකීම හේතුවෙන් දහස් ගනනක් වන ගොවි පවුල් වඩවඩාත් දුෂ්කර තත්වයන්ට මුහුන දෙමින් සිටිති.
ගොවියන්ගේ මෙම අති මූලික ප්‍රශ්න විසඳීම සඳහා මුදල් වෙන් නොකරන අනුප්‍රාප්තික ධනපති ආන්ඩු බිලියන සංඛ්‍යාත මුදල් වැය කරමින් ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා යටිතල පහසුකම් සම්පාදනය කරන ආකාරය ගොවීන් විසින් විස්තර කලේ දැඩි කෝපයකිනි.
ඉන් නොනවතින මෙම ආන්ඩු ගොවීන් සතු ඉඩම් ද උදුරා ආයෝජකයන්ට ලබා දෙමින් ඔවුන් ගොවිකමෙන් ද ඉවත් කොට මෙම ඊනියා කර්මාන්තපුරයන් හි ඉදි කෙරෙන ශ්‍රම වහල් කඳවුරුවල කම්කරුවන් බවට පත්කිරීමේ වැඩට බැස ඇත.
මේ පිලිබඳව දැඩි විරෝධය පල කරමින් විජේරත්න මෙසේ පැවසීය: “මේ ගෙවල් හැදුවේ වේයන් හුඹසක් බඳිනවා වාගේ ටිකෙන් ටික. දාවල් අලි එලවලා තමයි ජීවත් වන්න පුලුවන් තැනක් බවට මේ ගම හරිගස්සා ගත්තෙ. මං වගේම අනිත් ගොවියොත් මේක දාලා යන්නෙ නැහැ. අනික කොහේ කියලා යන්නද?”
කලින් ගොවියෙකුව සිට දැන් කුඩා තේ කඩයක් පවත්වා ගෙන යන කේ. ජී. ආරියදාස තමා මුහුන දෙන දුෂ්කර තත්වය මෙසේ පැහැදිලි කලේය: “මේ කඩෙන් දවසකට රුපියල් 100 ක් සොයා ගන්න බැහැ. කුලිී වැඩ තිබෙන දාට මේක වහලා ඒකට යනවා. කලාතුරකින් තමයි එහෙම වැඩක් හම්බ වෙන්නේ. අවුරුදු 16 දී තමයි මේ ඉඩමට ආවේ දැන් වයස 59 යි දරුවන් නව දෙනෙක් ඉන්නවා. දෙදෙනෙක් විතරයි බැඳලා නැත්තේ. ඔක්කෝම ජීවත් වන්නේ හේන් ගොවිතැන් කරලා. පෑවිල්ල නිසා වගා කරන්න බැහැ කුලී වැඩ කරලා තමයි හැමෝම ජීවත් වන්නේ.”
අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ ගොවි ජනයා ද මුහුන දෙන්නේ එක සමාන ගැටලු වලටය. 1936 වර්ෂයේ කුඹුරු අක්කර 5 බැගින් මේ ප්‍රදේශයේ ගොවීන්ට ඉඩම් ලැබී ඇතත් පරම්පරා ගනනාවක් වූ දූ දරුවන් අතර එම ඉඩම් බෙදී යාමෙන් එක් අයෙකුට ඉතුරු වී ඇත්තේ අක්කරයක් එක හමාරක් වැනි ප්රමානයකි. බොහෝ පවුල්වල ඉඩම් බෙදී යාමෙන් සිදු වී ඇත්තේ අද ජීවත් වන අයට ඉඩම් අහිමි වීමයි.
ඉඩම් වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය කපා හැරීමත් වී සඳහා හොඳ මිලක් ලබා ගැනීමට නොහැකි වීමත් බරපතල ගැටලුවකි. ගොවීන්ට රුපියල් 350 ට ලැබුන පොහොර මිටිය එක් ගොවියෙකුට රු.25,000 ක් ලබා දීමේ මුවාවෙන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව 2016 දී කපා දැමීය. රු. 25,000 ලැබෙන්නේ ඉඩම් අක්කර 2 ට වැඩියෙන් වගා කරන ගොවියෙකුට පමනකි. ඒ සමගම වෙලඳ පොලේ පොහොර මිටියක මිල රු. 2300 දක්වා ඉහල ගිය බව ගොවීහු පවසති.
“රු.25000 කින් අක්කර දෙකකට ප්‍රමානවත් පොහොර ගන්න බැහැ. අපේ අතින් රු. 7000 ක් විතර වැඩිපුර වියදම් වනවා. වෙලඳ පොලේ පවතින පොහොර හිඟය නිසා වගා කිරීම අත හරින්න වෙලයි තිබෙන්නේ ”එක ගොවියෙක් පැවසීය.
පොහොර සහනාධාරය නැතිව සහ ජල හිඟය මැද වගා කරන ගොවීන්ට අස්වැන්න විකුනා ගැනීම ඊටත් වඩා බරපතල ප්රශ්නයකිි. මේ අර්බුදය පැන නැගී ඇත්තේ පැවති ආන්ඩු වී මිල දී ගැනීම ක්‍රමානුකූලව අත හැරීමට ක්‍රියා කල බැවිනි.
1977 බලයට පැමිනි එක්සත් ජාතික පක්ෂ රජය වී මිලදී ගන්නා ගබඩා විකුනා දමමින් එකී තැන ව්‍යාපාරිකයන්ට පවරා දුනි. වී මිල පහත හෙලමින් ගොවීන්ගේ වී ගසා කෑමට ව්‍යාපාරික මාපියාවක් පැන නැංගේ ඉන් අනතුරුවය. වී විකුනා ගැනීමට නොහැකි වීමේ තතු යටතේ රට පුරා ගොවීහු අරගලයට පැමිනි අතර වී මිල දී ගැනීමේ වංචනික පියවරක් ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇත.
ඉඩම් අක්කර දෙකකට වැඩියෙන් වගා කරන ගොවියකු වූ ටී.ජේ. ජී. හෙන්රි එය මෙසේ පැහැදිලි කලේය. “ආන්ඩුව අක්කර දෙකට වැඩියෙන් වගා කරන ගොවියාගෙන් මිල දී ගන්නේ කිලෝ 2000 ක් විතරයිි. අක්කර දෙකට අඩුවෙන් වගා කරන ගොවියෙකුගෙන් මිල දී ගන්නේ කිලෝ 1500 යිි. අක්කරයක් වගා කරන ගොවියෙකුගෙන් කිලෝ 1000 යිි. ඉතිරි වී විකුනන්න වෙන්නේ මුදලාලිලාට. ඒ අය ගන්නේ කුනු කොල්ලයට. නය වෙලා ඉන්න ගොවියෝ නය ගෙවන්න ඕන නිසා පාඩුව දරා ගෙන වී ටික දීලා දානවා.”
ආන්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතුරලියේ රතන නම් වූ බෞද්ධ භික්ෂුවගේ නායකත්වයෙන් ගෙනයන කාබනික පොහොර ව්‍යාපෘතිය ඉතිරි වී ඇති පොහොර සහනාධාරයත් උදුරා ගැනීමට අටවා ඇති උප්පරවැට්ටියකි. මීට වසර තුනකට පෙර මහින්ද රාජපක්ෂ ආන්ඩු සමයේ දී මෙම වැඩ පිලිවෙලට පිඹුරුපත් සකස් කෙරුනි.
ඩී. ඒ. ගුනසිංහ තමාගේ මතකය මෙසේ අවදි කලේය:
“වසර තුනකට විතර ඉස්සෙල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ මහත්වරු ඇවිල්ලා රැස්වීම් තියලා ඉටි කොල ටිකක් රේක්කයක් උදලු මුල්ලුවක් ගොවීන්ට නොමිලේ ලබා දුන්නා. බොහෝ දෙනා ලියද්දක් දෙකක් ඒ විදියට වගා කලා. නමුත් අද වනතුරු ඒ ගැන හොයා බලන්න කිසිවෙක් ඊට පස්සේ ආවේ නැහැ.
තම ඉඩමෙන් ලැබෙන කොල රොඩු එකතු කර පොහොර සෑදීමට උපදෙස් දී ඇතත් ගොවීන්ට අවශ්‍ය පොහොර හදා ගැනීමට එය ප්‍රමානවත් නොවන බවත් ඒ නිසා එය ප්‍රායෝගික යෝජනාවක් නොවන බවත් ගොවීහු කීප දෙනෙක්ම පැවසූහ.
ආන්ඩුව පොහොර සහනාධාරය පමනක් නොව මහජනයා භුක්ති විඳින සෑම සහනාධාරයක්ම අහෝසි කරමින් සිටී. විශාල නය අර්බුදයක හිර වී ඇති ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කොට ඇත්තේ සුබසාධන ඇතුලු රාජ්‍ය වියදම් දැවැන්තව කපා දමා, දල ජාතික නිශ්පාදනයෙන් සියයට 7 ක් වන වත්මන් අයවැය පරතරය, වසර 2020 වන විට සියයට 3.5 දක්වා අඩුකලයුතු බවයි.
ඉඩම්, ජලය සහ පොහොර පිලිබඳ ප්‍රශ්න විසඳීම මෙන්ම ඔවුනගේ නිශ්පාදනයන් සඳහා යහපත් මිලක් සහතික කිරීම ද ඇතුලු පීඩිත ගොවි ජනතාවගේ දහසකුත් ප්‍රශ්න විසඳීමට දශක හතක් ශ්‍රී ලංකාව පාලනය කල මෙරට ධනපති පන්තිය මුලුමනින්ම අපොහොසත්ව ඇත.
තාර්කික ලෙස සැලසුම් කෙරුනු ප්‍රමානවත් වාරිමාර්ග පද්ධති සඳහා අවශ්‍ය දැවැන්ත මුදල් සම්පත් සොයා ගත හැක්කේ ද පොහොර ඇතුලු අනෙකුත් කෘෂි රසායනික ද්‍රව්‍ය පිලිබඳ ප්රශ්නයන් විසඳාගත හැක්කේ ද මහා පරිමාන බැංකු සහ කම්හල් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට ලාභය සඳහා නිශ්පාදනය කිරීම වෙනුවට මානව අවශ්‍යතාව සඳහා නිශ්පාදනය කිරීමේ පදනම යටතේ නිශ්පාදන ආර්ථිකය ජාත්‍යන්තර පරිමානව ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. වෙනත් අයුරකින් පවසතොත් ගොවීන්ට තම ප්‍රශ්න විසඳා ගත හැක්කේ කම්කරු පන්ති නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමෙන් පමනකි.
Follow us on